තොරතුරු උපාංගය හා භාවිතාකරන්නා අතර නිවැරදි තහවුරුව නොම අවසන් වන ආකාරයේ අරගලයකි. ආයතනයන් නෙක ආකරයේ තාක්ශනයන් ඔස්සේ භාවිතාකරන්නා හා උපාංගය නිවැරදිව එකිනෙකා හඳුනාදෙන්නට කටයුතු කරනවා සේම වෙනකෙකුගේ දත්ත උපංගයක් වෙත අනවසරව පිවිසීමට උත්සාහ කරන්නන්ද දිනෙන් දින එම ආරක්ශක උපංක්‍රම ඉක්මවායන්නට උත්සාහ කරමින් සිටී. තායිවාන ආයතනයක් නිවේදනය කරන්නේ තමන් මෙම අවසර පද ගැටලුව සදහා වෙනස් ආකාරයක විසඳුමක් රැගෙන එන්නට කටයුතු කරන බවයි. එනම් "air signature" අකාරයේ විසදුමක් රැගන් බවටයි පැහැදිලි කෙරෙන්නේ. එනම් උපාංගයේ වන gyroscope හැකියාව ප්‍රයෝජනයට ගනිමින් භාවිතාකරන්නාට උපාංගය විවෘත අවකාශයේ නිශ්චිත රටාවකට චලනය කිරීම ඔස්සේ එකගතාවයක් නිර්මානය කර ගන්නටත් පසුව යලිත් උපාංගය වෙතට පිවිසෙන්නට අවශ්‍ය විටකදී එහත කී air gestures ඔස්සේ එම පිවිසීමට තමන් වෙතට ඇති අවසරය තහවුරු කර ගන්නටත් හැකිවන බවට පැහැදිලි කෙරෙනවා. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ මෙම චලනයන්ගේ නිවරදි බවද අවශ්‍ය පරිදි ආසන්න මට්ටමේ සිට වඩාත් නිශ්චිත මට්ටමක් දක්වා වෙනස් කරගන්නට අවශ්‍ය සැකසුම් ද පැමින ඇති නිසා අදාල කාරනාව අනූව වඩාත් සුරක්ශිත බවේ සිට ආසන්න මට්ටම දක්වා වෙනස් කර ගැනීමටද හැකි වන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...