අසල වූ උද්‍යාන අවන්හලකින් සරල ආහාරයට හා බීමට යමක් මිලදී ගත් අප හොඳින් සෙවනැති ගඟා ඉවුරට වඩාත් අද්දරින් වන අසුනක් මතට වීමු. "මතකද... අපි මුලින්ම උද්‍යානයට පැමිනි දවස." දිගු විරාමයකට පෙර හමුවන මේ කෙටි වේලාව අපහසුවන් පිරිව ගත වන්නට හැරීම නොකල යුත්තකි. "මට මතකයි ඒත් මේ වගේම ගිම්හානයක අවසන් භාගය.." මම ඇයගේ අවධානය වෙනතකට ගෙන යන්නට වන වන උත්සාහය මත තව දුරටත් රැදෙමින් උත්සාහ කරන්නට වීමි. "මට මතකයි , ඔබ උද්‍යානයේ ප්‍රධාන දොරටුව දිසාව පිලිබදව මගෙන් විමසා සිටියා. මම් හිතන්නේ එතකොට ඔබ උද්‍යානයට පමනක් නොවේ නගරයටම අමුත්තෙක්" ඇය පිලිතුරු දුන්නාය. "ඇත්තෙන්ම ඔහොතේ මම හිටියේ නගරයේ උද්‍යානයේ අතරමංවී විතරක් නොවේ ජීවිතය තුලත් හුදකලාවී අතරමංවයි. ඒත් ඔබ පිලිතුරු දෙමින් සුහඳව කල කථා බහ මට ශක්තියක් වගේ දැනුනා. ඇත්තෙන්ම ඔබේ සුහඳ බව උද්‍යානයේ දොරටුව සොයා ගන්නට පමනක් නොව ඒ දවස් වල මා අසරනව සිටි දවසේ දොරටුවක් වන්නටත් ප්‍රබෝදාත්මක සහයක් උනා. ආගන්තුක නගරයක ඒකාකාරී කරුනු අතර ගතවන දේශන වලට කොටුව අසරන බවක් ගෙන තිබූ ජීවිතයට ඇත්තෙන්ම ප්‍රබෝධයක් උනා. දන්නවද , මට පසුව තේරුනා අප මුලින්ම දා කල සුලු කථා බහේදී ඔබගෙන් ලැබුනු ශක්තියට වඩා වැඩි ආභාශයක් ඔබටත් නොදැනීම මම ඔබෙන් ලබා ගත්තා කියලා. මම හිතන්වා ඔබ මගේ උදාහරනය විසුලුවකට ගෙන සිනා නොවේවි කියලා. මම එතකොට හිටියේ හොදටෝම බැටරි බලය ගෙවී ගිය පරිගණකයක් වාගේ. ඔබත් නොදෑනීම මම ඔබගෙන් විශාල මිනිස් ශක්තියක් ලබා ගත්තා වගේ මට හැගුනා. අදත් මම කියනවා ඔබට ගොඩක් ස්තූතියි කියලා" මම ස්තූතිපූර්ව බවක් පලවෙන ලෙසට පවසා සිටියෙමි. "මම අදටත් ඔබට කැමතිවන ප්‍රධාන හේතුවක් තමයි ඔබගේ ඒ වන අපූර්ව ගුනාංගය. මම හිතනවා යලිත් මා මේ නගරයට කැදවන ප්‍රධානතම ආකර්ෂනය ඔබගේ ඒ ගුනාංගය කියලා."
Pubudu Siriwansa