2016-06-28

Windows 10 anniversary update පැමිනීම අගෝස්තු 2ට....

බොහෝ දෙනා windows 10 වල මීලග ප්‍රධාන යාවත්කාලීය වන Windows 10 anniversary update පිලිබදව බලාපොරොත්තු තබා සිටියේ ජුලි 29දා වෙතටය. ඒ Windows 10 වල පලමු නිකුතුවෙන් වසරක් පිරෙන දා හා එම නිකුතුව windows 7, windows 8.1වල සිට සිට නොමිලේ පිවිසෙන්නට අවස්ථාව ලැබෙන අවසන් දිනයද වනු ඇති බැවිනි. කෙසේ මුත් මේ වන විට microsoft වෙතින් නොනිලව ප්‍රකාශව ඇත්තේ windows 10 වල මෙම වර්ෂ පූර්න ප්‍රධාන යවත්කාලීනය අගෝස්තු දෙවනදා පැමිනෙනට නියමිත බවකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ ඉදිරි සති කිහිපය තුල මෙම නව සංස්කරනය පරිගණක නිෂ්පාදකයින් වෙතට නිකුත් කරන්නට බොහෝ දුරට ඉඩ ඇති බවකි.
                    මීට අමතරව මෙතෙක් Microsoft ආයතනය Windows 10 වෙතට පිවිසෙන්නට ආසන්න නිකුතූන් දෙක භාවිතාකරමින් සිටින්නන් වෙතට කරමින් සිටි දැඩි බලපෑම මදක් ලිහිල් කරන්නට කටයුතු කරමින් සිටින බවට පැවසෙනවා. සමහර භාවිතා කරන්නන් වෙතින් ඒ සදහා පලවෙමින් ඇති විරෝධාත්මක ආකල්ප මෙයට හේතුව ඇති බවටයි කරුනු දැක්වෙන්නේ.
www.digilk.com

2016-06-19

සමාධිය මා මොලොව විදි රසවත්ම අත්දැකීම යැයි ඔබට කියමි

     ප්‍රබෝධමත් සැදැවකි. ආශ්‍රම කදුමුදුනතින් බටහිරට වන්නට පිහිටි විශාල ගල් කුලෙහි තැනිතලා තැනක සැහැල්ලුවෙන් අසුන් ගතිමි. තුරු මිදුනතවල් අතරින් ශාන්තිමත්ව ගලා බසින ගංගාව දිස්වේ. ඔබ මොබ පියාසරන පක්ෂියෙකුගේ නාදය හැරුනු විට පරිසරයම තැන්පත්ය.මනස වේගයෙන් තැන්පත්වේ. සියල්ල හොදින් ගලායන බව ගැන අබ ඇටයක තරම් වත් සැකයක්  සිත මත ඉතිරි නොවේ.සිතේ උපදින අපමන සතුට සැහැල්ලුව පැහැදිලි කල නොහැකිය. අඩවන් වූ දැස් පූර්න පිවිසීම සහතික කරනවා විය යුතුය. මුල් හෝරා දෙක නැතිනම් තුනක් පසුකලා  නම් සමහර විටක දවසක හෝ දෙකක  කාලය ගලා යැම නොදැනෙනු ඇත. සමහර විටක මේවා සටහන් නොකල යුතු කාරනා වන්නට ඉඩ ඇත.ඉතාම සියුම් හුස්ම පොදක චලනය හැරුනු විට මුලු කයම මහත්සේ තැන් පත්ය. සමාධිය මා මොලොව විදි රසවත්ම අත්දැකීම යැයි ඔබට කියමි. කිසිදු රස බොජුනකට, සුරංගනාවක් තරම් රුවැත්තියකගේ ඇසුරවත්, මහත් ගැබුරු බුද්ධිමය කාරනවක් වැටහීමෙදී දැනෙන සතුටවත් මෙම උත්තරීතර සතුටේ පාමුලට තබා ගව් සිය ගනනක් තරම් ආසන්නයේ වත් තැබිය නොහැකි බවට මම ඔබට සහතික වෙමි.
www.tharuminisa.com

2016-06-18

වසර දස දහස් ගනනක් පුරාවට.....

      වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර "තොරතුරු තාක්ෂනයට" හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් "ඇකඩමින්" ආධිපත්‍ය තො...රතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත. සමස්තයක් ලෙසට පවසන්නේ නම් බොහෝ විෂයන් අහිමි කරගත් "එය එය විසින්ම " පාලනය කර ගැනීමේ අයිතිය ‍රැකගන්නට හැකිවීම මෙම විෂය මත වන වඩාත්ම දිලිසෙන සලකුන වේ.
        මෙවන් විසිතුරු මෙන්ම විස්මිත විෂයක් සමග කටයුතු කරන්නට හැකිවීමම අපූර්ව අවස්ථාවක් ලැබීමකි. මෙම විෂය ආරම්භවන හුදු දෘඩතලයේ සිට මිනිස් වර්ගයා වෙතටවන තීරනාත්මක ආගමික දේශපලනික මෙන්ම ආර්ථික තලයන් දක්වාම විහිද යන්නට එය සමත්ව ඇත. හුදු සරල ගනනයක සිට සමස්ථ මිනිස් වර්ගය වෙතටම එක නිමේශයකින් බලපෑම් කරන්නට හැකි ශක්‍යතාවයක් දක්වා එහි අත්පත්කර ගැනීම් ලබන්නට සමත් වෙනත් විෂයක් වේදෑයි සැක සහිතය.
www.siriwansa.com

2016-06-16

යලිත් Flash දුර්වලතා කථා බහට....

      හඳුනා ගෙන ඇති Zero Day දුර්වලතාවයක් තෙවන මාසය වනතෙක් පිලිසකර නිකුත් නොකිරීමේ චදනාවක් Adobe වෙතට එල්ල වෙමින් තිබෙනවා. සියලුම ප්‍රධාන මෙහෙයුම් පද්ධති මත ක්‍රියත්මක විමේ ඉඩ කඩ පවතිනම් මෙම දුර්වලතාවය ඔස්සේ Flash Plugine ය හරහා මෙහෙයිම් පද්ධතිය සමස්ථ පාලනය ලබා ගැනීම දක්වා හානිකර බවකට යන්නට පහර දෙන්නා හැකි වන්නට පුලුවන් බවටයි පලමුව මෙම හානිකරබව පැහැදිලි කරන Kaspersky ආයතනය පවසන්නේ. Flash හි නවතම සංස්කරනය වන 21.0.0.241 හි වන මෙම දුර්වලතාවය වෙතට ගෙවෙමින් ඇති මෙම සතියේ වත් පිලිසකර පැමිනීමේ වැදගත්කම හා බලාපොරොත්තුව හදාරන්නන් පෙන්වා දෙමින් සිටිනවා. Apple, Google මෙන්ම Firefox  වෙතින්ම මුල් ආකාරයෙන් ඔවුන්ගේ ප්‍රසරයන්ගේ Flash ප්ලගීනය අක්‍රියව තබන්නට කටයුතු කරන්නට පෙලබෙමින් ඇති අතර Safari 10 වල දැනටමත් Default අකාරට Flash Disabled මට්ටමින් නිකුත් වෙමින් තිබෙනවා.
www.digilk.com

2016-06-13

LinkedIn ද Microsoft යටතට...

     ප්‍රධානතම වෘතිකයන්ගේ මට්ටමේ ජාලාවක් ලෙසට ගැනෙන LinkedIn සමාජ ජාලය මිලියන 433ක භාවිතාකරන්නන්ගෙන් සමන්විත වනවා. Microaoft ආයතනය මෙම සමාජ ජාලය ඩොලර් බිලියන 26.2 ක වටිනාකමකට මිළඳී ගැනීමකට සැරසෙමින් සිටිනවා. Microsoft හි CEO වරයා වන  Satya Nadella පවසන්නේ තමන්ගේ අවධානයක් දිනා ගත් ආයතනයක් ලෙසට මෙම සමාජජාලාව දීර්ග කාලින හැදෑරීමක් සිදුවූ බවයි. දැනට සිදුවන එකගතා වලට අනූව එහි ප්‍රධාන විධායක Jeff Weiner  ඉදිරියටද එම තනතුරෙහි සිටින්නට නියමිත අතර  නව සැලසුම් වලදී පුද්ගල මට්ටමේ මෙන්ම ආයතන මට්ටමේ තව තවත් භාවිතාකරන්නන් මෙම සමාජ ජාලයට කැදවා ගැනීමට බලාපොරොත්තු වන අතර ඉලක්කගත දැන්වීම් කරනය ලාභ ලැබීමේ ප්‍රධාන අංගය ලෙසට යොද අගන්නට නියමිතව තිබෙනවා. දැනට ඩොලර් 196ක කොටස් මිළක් මෙම ආයතනය සදහා වන අතර 2011දි ඩොලර් 45 ගනනේ වන කොටස් මිළකට කොටස් වෙළඳ පොලට පිවිසෙනට කටයුතු කර තිබෙනවා. රාජ්‍ය මට්ටමේ අනුමැතියෙන් අනතුරුව LinkedIn ආයතනය Microsoft හි වෙළඳ ධාරාවට එක්වනු ඇත.
www.digilk.com

Orlando ආශ්‍රිතව Facebook වල Safty Chack සංක්‍රීයවේ....

     පසුගිය ගංවතුර සමයෙහි facebook භාවිතකරන්නන් අතරින් අදාල පෙදෙස්වල වෙසෙන්නන්ගේ ගිනුම් භාවිතාවෙදී හමුඩූ භාවිතාවක් ලෙසට Safety Chack අංගය ආම්තක විය නොහැක. 2011 කාලයෙහි ජපානය මුහුන දුන් දරුනු ගනයේ භූමිකපාවේදී මහත් භාවිතාවක් ගෙනෙන අංගයක් ලෙසට හඳුන අගන්නා ලද  මෙම අංගය ඊයේ දිනයේදී ඇමරිකාවේ Orlando වලදී සිදුවූ සමූහ වෙඩි තැබීමට අනතුරුව අදාල ප්‍රදේශය සදහා සංක්‍රීය වූ බවටයි දැක්වෙන්නේ. වාර්ථා පෙන්වා දෙන්නේ 2016 මැයි මාසය දක්ව කාලය සැලකීමේදී මෙම අංගය 28 වතාවක් සංක්‍රියව ඇති අතර ඉන් 17 වතාවක්ම මෙම වසරට අදාලව සංක්‍රියව ඇති බවට කිය වෙනවා. 2015 නොවැම්බරයේ පැරීසියේදි සිදුවූ ත්‍රස්ථවාදී බෝම්බ පුපුරවා ගැනීමේදී පලමුව ත්‍රස්ථ ක්‍රියාවක් ආශ්‍රිතව පලමු සංක්‍රිය වීම සිදුවුනු අතර පසුව ස්වභාවික විපත් ආශ්‍රිතවද සංක්‍රිය වන්නට කටයුතු කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.  සමාජජාලා භාවිතයේදී බොහෝ පිරිස් තම වෙසෙන පෙදෙස දක්වන්නට අකමැත්තක්ද දක්වන මුත් මෙවැනි අංග ඇසුරෙන් පහසුවෙන් තම හිතවතුන් සමග ගැටලුකාරි අවස්ථාවකදී තමන්ගේ නිරුපද්‍රිත බව හෝ ගැටලුකාරී බව පහසුවෙන් දන්වා සිටින්නට හැකිවිම පහසුවක් වනු ඇති බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ.
www.digilk.com

Google Street View වෙතට ඉන්දියන් විරෝධයක්....

     Google Street වෙතට ඉන්දියානු විරෝධය පලවෙමින් ඇති බවටයි තොරතුරු හෙලිවන්නේ. Google ආයතනය තම Google Map හි කොටසක් ලෙසට ගෙනෙන මෙම අංගය වෙතට පලවෙන ඉන්දියන් විරෝධය සදහා මෑත කාලීනව සිදුවූ ත්‍රස්ථ පහරදිමක්ද ප්‍රධානව පදනම් ව ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම ප්‍රහාරයේදී ත්‍රස්ථවාදී Google Map වෙතින් සහය ලබා ගන්නට ඇති බවටයි සැක පලවෙමින් ඇත්තේ. හදාරන්නන් පෙන්වාදෙන්නේ මෑත කාලීනව ඉන්දියන් නීති පද්ධතීන් වෙතට පැමිනෙමින් ඇති නව ප්‍රවනතා සමග තම රටෙහි තොරතුරු දත්ත ගතවීම සීමාකරන්නට පෙලබවීමක් දක්නට ඇති බවට පෙන්වා දෙමින් ඇති අතර Gogle වෙතට මෙන්ම Microsoft මෙන්ම Apple ආයතනයන් වෙතටද මෙම තත්වය බලපාමින් ඇති බවට කිය වෙනවා.
               බහුලව නොවුවද බටහිර සමහර රටවලින්ද මෙම Google Street වෙතට නොසතුට පලවෙමින් ඇති බවට තොරතුරු පලවන අතර, මේ ඔස්සේ පෞද්ගලිකත්වය වෙතට මින් එල්ල වෙමින් ඇති තර්ජනයන් හෙතු ලෙසට දැක්වෙමින් තිබෙනවා. පලවන වාර්ථා පවසන්නේ තවමත් Google ආයතනය මේ පිලිබදව අවසන් නිවේදයක් කර නොමැති අතර ඉන්දියන් රජය වෙතින් නැවත අනුමැතිය ඉල්ලීමක් සදහා කටයුතු කරමින් සිටින බවටයි දැක්වෙන්නේ.
www.digilk.com

2016-06-08

හැට හත්වන කොටස..

        “මිනිස් වර්ගයාගේ අකුරු හැකියාව තිරයක් මත චලනය වන දෑතේ මහපට ඇගිලි වල චලනයන් බවට පමනක් ඌනනය වෙමින් ඇත” දිනක් විෂය තුලට වන දේශනයක් ද ඊලග දිනයේදී විෂයෙන් ප්‍රායෝගිල ලෝකය දෙසට වන ආකාරයට දේශන පෙල සැකසී තිබුනි. දෙවන දිනයේ මාතෘකාව එලෙසට යෙදී තිබිනි. වේගයෙන් භාවිතයට පැමිනෙමින් ඇති ජංගම උපාංග සමග වන වර්චුවල් යතුරු පුවරුව මෙහෙය වන වඩාත් පහසුම අකාරය නිසාම එම භාවිතය බහුල වෙමින් ඇති බවට වන නිරීක්ශනය මතම මා එම මාතෘකාව ‍තෝරා ගන්නට තීර්නය කලෙමි. වර්චුල් ඇසිස්ටන්ට් වල පැමිනිම වඩාත් සංකීර්නව හා දෛනික ජීවිතයේ සියලුම පාහේ භාවිතාවන්ට වඩාත් නම්‍යව සිදුව තිබුනද මිනිස්වර්ගයාගේ අකුරු කිරීමේ හැකියාව තවමත් ප්‍රධානව තිබීම සමහර විද්වතුන්ගේ පුදුමයත් තවත් සමහරක්ගේ සතුටටත් කාරනයක්ව තිබිනි. තම ගල්ගුහාවක බිත්තිය මත රලු ගල් කැටයකින් ඇදෙන රලු ඉරි කැබලි කිහිපයකින් ඇරබෙන දිගු කථාන්දර අනාගතයේදී යලිත් ඔහුගේ පැරනිතම හා සමීපතම සංනිවේදන හැකියා වෙතට ඌනනය වීම අනිවර්ය බව පැහැදිලි කරමින් එම දේශන දෙකම අවසන් කරන්නට කටයුතු කලෙමි. පසු දේශන ගැටලු විමසීම් ඔස්සේ සිදුවෙමින් ඇති මෙම පරිවර්ථනය පිලිබදව ගැටලු කිහිපයක් නැගුනද වසර කිහිපයකට පෙරදී මෙන් දැඩි විරෝධී ස්වභාවයේ ඒවා නොවීම පැහැදිලිව දැකිය හැකි විය. අවසානයේ පරිනාම අවශ්‍යතාවය සමග එකග වන්නට මිනිස් වර්ගයාට සිදුවීම අතීතයේ සිටම අදටද වලංගුව පවතින බව පැහැදිලිය. තවමත් පැහැදිලි නොවුනද ඉදිරි දශක කිහිපය පසුකරමින් ඉදිරියට යන මිනිසාට තම සිතුවිලි නැතිනම් මිනිස් මනසින් නිකුත්වන තරංග ඔස්සේ එකිනෙකා සමග සංනිවේදනය සාමාන්‍ය වනු ඇති බව ඉතා පැහැදිලිය. වේගයෙන් කුඩා වෙමින් යන දත්ත උපාංග තව තවත් කුඩා වන්නට වන එක් බාදාවක් වෙමින් ඇති INPUT-OUTPUT හැකියාවන් ගේ ගැටලුව ඉන් විසදෙනු ඇත. “එක් දෙසකින් වේගයෙන් වැඩෙමින් ඇති ශිස්ථාචාර අසහනය මිනිස් වර්ගයා පෘතුවිය මතින් අතුගා දමන්නට තරම් දරුනු නොවීමේ කොන්දේසිය මත මෙම ඉලක්ක වෙතට ඔවුන් පැමිනීම කිසිවෙකුට වැලක්විය නොහැක”. දවසේ දේශන අවසානයේ සාමන්‍යයෙන් සිදුවන ‍ටුවිටර් සටහන එලෙස තබන්නට කටයුතු කලේ බොහෝ සිසු සිසුවියන් කියවන එම පනිවිඬය ඔස්සේ යම් අවදිකීරීමකට වන අවස්තාව වඩා ඵලදායීව කිරීම යුතුකමක්ම වන බැවිනි.
www.tharuminisa.com

2016-06-02

හැට අටවන කොටස..

දුරස්ථ දේශකයෙකු ලෙසින් ඇරබෙන කෙටි කාලපරිච්ඡේදයේ ආරම්භක දිනය සාර්ථක එකක විය. උදෑසනම ඇයගෙන් සුබපැතීමේ කෙටි පනිවිඩයක්ද ජංගම දුරකථනයට බැරව තිබිනි. එකි නෙකා අතර පරතරය සැතපුම් දහස් ගනනක් වුවද ත්‍රිමනීයව හමුවන්නට අවශ්‍ය තාක්ශනය පහසුවෙන් යොදා ගන්නට හැකිව පැමින තිබීම මහත් පහසුවකි. හුදු ඡායා ලෙසට නොව වඩාත් සවිස්තර ආකාරයට පැමිනෙන එම ප්‍රක්ශේපනයන් එකිනෙකාගේ හැගීම් ආවේගයන් හඳුනා ගත හැකි තරමට පැහැදිලිව තිබිනි. දෙපැයක දේශනයන් දෙකක් එකි නෙකින් සැතපුම් දහස් ගනනක් දුරස්ථ ආයතනයන් දෙකක් සමගම සැලසුම්ව තිබුනු අතර එම ආයතනයන් දෙක වෙතින්ම පත්කර තිබූ භාහිර අධීක්ෂන ආයතනයන් දෙකෙන්ම සාර්ථක බව අගයන සහතික දෙපැයක් ඇතුලත පැමිනීම වඩාත් සැහැල්ලුවක් ඇති කරවන්නට විය. ” කලකට පසුව සුපුරුදු මහත්සේ ප්‍රියකරන ප්‍රදේශයක සැදෑ සක්මනකට අවස්තාව ලැබුනා වැනි සතුටක් දැනෙනවා” අවසානයේ ලද හැහැල්ලුව දුරකථන ඇමතුමක් සමගින් ඇය සමග බෙදා ගන්නට අවශ්‍ය විය.
සැදෑවේ අපගේ හමුව සුපුරුදු අවන්හලේදී යොදාගෙන තිබිනි. “ඔබ හොදටෝම නිහඬ වෙලා, මට වෙලාවකට ඒක මහත් අපහසුවක්!” ඇය සුහද චෝදනාවක් එල්ල කලාය. “අපි කාගෙත් ජීවිත රචනාවල හිස් පි‍ටු කලා තුරකින් හෝ තිබීම සාමාන්‍ය දෙයක්. ඒත් මට දැනෙනවා මම පසුකරමින් ඉන්නේ වඩාත් නිහඬ ජීවන ප්‍රදේශයක් බව. සමහර වෙලාවට ආශ්‍රමය, යාබද ගම්මානයේ හරයන්ගේ වඩාත් ගැබුරු අර්ථ පැහැදෙලි වෙමින් තිබෙනවා වැනි යමක් මට දැනෙනවා.ඇත්තෙන්ම මට මහත් සතුටක් සැහැල්ලුවක් දැනවා. හැබැයි ඒක මහත් පහන් හැගීමක්. මේ අපූරු මානසික අවකාශය ඔබත් සමග බෙදා ගන්නටත්, ඉන් පසුව ඒක වඩාත් කල්පනාවෙන් අකුරු කරන්නටත් අපි පටන් ගමු”. ඇයව වඩාත් ගැබුරු අවධානයන් යුත් පෙදෙසකට කැදවාගෙන යන්නට අවශ්‍යය. “අපට ස්පර්ශකල හැකි උපරිම අර්තය අකුරු කරන්නට මට අවශ්‍ය වෙලා තිබෙනවා. අපේ අවසාන සටහන සදහා තබන උප සවිස්තර මාතෘකව -අප ජීවිත සංචාරයේ උපරි සංෂිප්තය- ලෙසට නම් කරන්නට මම යෝජනා කරනවා”. ඇය සියල්ලට සවන් දෙන්නේ ධ්‍යානයකට සම වැදුනා ලෙසටය. “ඔබ දන්නවද, මට සමහර වෙලාවට මහත් බයකුත් දැනෙනවා. කාලය විසින් මේ අර්ථ වඩාත් පැහැදිලි වෙනකොට කියන්න වෙන්නේ මහත් සරල කෙටි අදහසක් පමනක් වේවි කියලා. මම කියන්නේ – ඒක මහ හිස් කඩදාසියක් විතරයි- වගේ යමක්. ජීවිතය නිර්මාණය කර ගෙන තිබෙන සංස්කෘතික අර්ථ එකින් ව්ක වේගයෙන් බල විරහිත වෙමින් යාම එක අර්ථයකින් මහත් සැහැල්ලුවක් සහනයක් වෙනවා සේම තවත් අර්ථයකින් මහත් හුදකලා වීමක්. මම දන්නවා ඔබ එක පාරටම යෝජනා කරාවි එසේ කීම මානසික බිඳ වැටීමක ලක්ෂනයක් කියලා. මට තේරෙන විදිහට ජීවිතයේ විවිධ අවස්ථාවලදී පැමිනෙන එකම අර්ථ දැක්වීම් පි‍ටුපසින් තියෙන්නේ විවිධ මානසික තලයන්.මට මතක් වෙනවා මෑතකදී මම නැරබූ වේදිකා නාටයයක පැමිනි දෙබසක්.”මේක මහත් දිග සිහිනයක් පමනී.අතර මැදදී අවධි උනොත් ඔබ තරගයෙන් ඉවත්කරනවා ඇත කියලා” බුදු දහම ගැන ඔබට අවබෝධයක් ඇති නිසාම මගේ අදහස හුදු පිස්සුවක් ලෙසට ඔබට නොවැටහෙතැයි මම සිතනවා”. සමහර වෙලාවට ඇය අර්ථ ග්‍රහනය කරගන්නේ විඳුලි වේගයෙනි. ඇය අපූර්ව සහකාරියකි
www.tharuminisa.com


Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...