2016-06-02

හැට අටවන කොටස..

දුරස්ථ දේශකයෙකු ලෙසින් ඇරබෙන කෙටි කාලපරිච්ඡේදයේ ආරම්භක දිනය සාර්ථක එකක විය. උදෑසනම ඇයගෙන් සුබපැතීමේ කෙටි පනිවිඩයක්ද ජංගම දුරකථනයට බැරව තිබිනි. එකි නෙකා අතර පරතරය සැතපුම් දහස් ගනනක් වුවද ත්‍රිමනීයව හමුවන්නට අවශ්‍ය තාක්ශනය පහසුවෙන් යොදා ගන්නට හැකිව පැමින තිබීම මහත් පහසුවකි. හුදු ඡායා ලෙසට නොව වඩාත් සවිස්තර ආකාරයට පැමිනෙන එම ප්‍රක්ශේපනයන් එකිනෙකාගේ හැගීම් ආවේගයන් හඳුනා ගත හැකි තරමට පැහැදිලිව තිබිනි. දෙපැයක දේශනයන් දෙකක් එකි නෙකින් සැතපුම් දහස් ගනනක් දුරස්ථ ආයතනයන් දෙකක් සමගම සැලසුම්ව තිබුනු අතර එම ආයතනයන් දෙක වෙතින්ම පත්කර තිබූ භාහිර අධීක්ෂන ආයතනයන් දෙකෙන්ම සාර්ථක බව අගයන සහතික දෙපැයක් ඇතුලත පැමිනීම වඩාත් සැහැල්ලුවක් ඇති කරවන්නට විය. ” කලකට පසුව සුපුරුදු මහත්සේ ප්‍රියකරන ප්‍රදේශයක සැදෑ සක්මනකට අවස්තාව ලැබුනා වැනි සතුටක් දැනෙනවා” අවසානයේ ලද හැහැල්ලුව දුරකථන ඇමතුමක් සමගින් ඇය සමග බෙදා ගන්නට අවශ්‍ය විය.
සැදෑවේ අපගේ හමුව සුපුරුදු අවන්හලේදී යොදාගෙන තිබිනි. “ඔබ හොදටෝම නිහඬ වෙලා, මට වෙලාවකට ඒක මහත් අපහසුවක්!” ඇය සුහද චෝදනාවක් එල්ල කලාය. “අපි කාගෙත් ජීවිත රචනාවල හිස් පි‍ටු කලා තුරකින් හෝ තිබීම සාමාන්‍ය දෙයක්. ඒත් මට දැනෙනවා මම පසුකරමින් ඉන්නේ වඩාත් නිහඬ ජීවන ප්‍රදේශයක් බව. සමහර වෙලාවට ආශ්‍රමය, යාබද ගම්මානයේ හරයන්ගේ වඩාත් ගැබුරු අර්ථ පැහැදෙලි වෙමින් තිබෙනවා වැනි යමක් මට දැනෙනවා.ඇත්තෙන්ම මට මහත් සතුටක් සැහැල්ලුවක් දැනවා. හැබැයි ඒක මහත් පහන් හැගීමක්. මේ අපූරු මානසික අවකාශය ඔබත් සමග බෙදා ගන්නටත්, ඉන් පසුව ඒක වඩාත් කල්පනාවෙන් අකුරු කරන්නටත් අපි පටන් ගමු”. ඇයව වඩාත් ගැබුරු අවධානයන් යුත් පෙදෙසකට කැදවාගෙන යන්නට අවශ්‍යය. “අපට ස්පර්ශකල හැකි උපරිම අර්තය අකුරු කරන්නට මට අවශ්‍ය වෙලා තිබෙනවා. අපේ අවසාන සටහන සදහා තබන උප සවිස්තර මාතෘකව -අප ජීවිත සංචාරයේ උපරි සංෂිප්තය- ලෙසට නම් කරන්නට මම යෝජනා කරනවා”. ඇය සියල්ලට සවන් දෙන්නේ ධ්‍යානයකට සම වැදුනා ලෙසටය. “ඔබ දන්නවද, මට සමහර වෙලාවට මහත් බයකුත් දැනෙනවා. කාලය විසින් මේ අර්ථ වඩාත් පැහැදිලි වෙනකොට කියන්න වෙන්නේ මහත් සරල කෙටි අදහසක් පමනක් වේවි කියලා. මම කියන්නේ – ඒක මහ හිස් කඩදාසියක් විතරයි- වගේ යමක්. ජීවිතය නිර්මාණය කර ගෙන තිබෙන සංස්කෘතික අර්ථ එකින් ව්ක වේගයෙන් බල විරහිත වෙමින් යාම එක අර්ථයකින් මහත් සැහැල්ලුවක් සහනයක් වෙනවා සේම තවත් අර්ථයකින් මහත් හුදකලා වීමක්. මම දන්නවා ඔබ එක පාරටම යෝජනා කරාවි එසේ කීම මානසික බිඳ වැටීමක ලක්ෂනයක් කියලා. මට තේරෙන විදිහට ජීවිතයේ විවිධ අවස්ථාවලදී පැමිනෙන එකම අර්ථ දැක්වීම් පි‍ටුපසින් තියෙන්නේ විවිධ මානසික තලයන්.මට මතක් වෙනවා මෑතකදී මම නැරබූ වේදිකා නාටයයක පැමිනි දෙබසක්.”මේක මහත් දිග සිහිනයක් පමනී.අතර මැදදී අවධි උනොත් ඔබ තරගයෙන් ඉවත්කරනවා ඇත කියලා” බුදු දහම ගැන ඔබට අවබෝධයක් ඇති නිසාම මගේ අදහස හුදු පිස්සුවක් ලෙසට ඔබට නොවැටහෙතැයි මම සිතනවා”. සමහර වෙලාවට ඇය අර්ථ ග්‍රහනය කරගන්නේ විඳුලි වේගයෙනි. ඇය අපූර්ව සහකාරියකි
www.tharuminisa.com


Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...