2019-11-30

සීතල පිනි කැට විසිරුනු..

සීතල පිනි කැට විසිරුනු උදෑසන පැමිනෙමින් ඇති බවට පෙර දැනුම් දීමක් වැනි, ක්‍රමයෙන් අවදිවන සියත් රාවය ඇරබෙමින් ඇත. කායික වෙහෙස මෙන්ම ප්‍රබෝධමත් සිත ආශ්‍රම රටාවාවේ උදෑසන ඇරබුම මදක් මග හැරෙන මද වැඩි නින්දකට මා කැදවා ගෙන ගොස් තිබුනා විය යුතුය.. සාමන්‍යයෙන් මෙහි නැගෙන හිර කඳු පෙල ඔබ්බෙන් යාන්තමින් අහස පැහැගැන්වෙන විට අවදිවීම සිරිතය. තම කුටියේ ඉදිරිපසදී තනිවම හෝ ශාලාවට පැමින සමූහ ලෙසට හෝ යෝගී අභ්‍යාස කිහිපයක යෙදීම ප්‍රබෝධමත් මෙන්ම පැහැදිලි දවස ඇරබුමට මහත් සහයකි. ආගන්තුක කුටියේ කවුලුවෙන් පෙනෙන සක්මන් මලුවට යාබදව ඇති තන බිස්ස මත වැතිරුනු සිහින් දිය කැට මදක් හෝ තවමත් සිරුර මත ඇති අනවදිමත් මවක් ඇත්නම් එය බඳදමන්නට අපූරු ඔසුවකි. එම නගරය මෑදට වන්නට තිබූ උද්‍යානයේ සමහර උදෑසනවලදී ඇවිදින්නට පැමිනීම ඇයගේ සිරිතක්ව පැවතිනි. උදෑසනම දේශන නියමිතව නැති සමහර දිනවලදී මම එහි යන්නට පුරුදුව සිටියාය. ඉමහත් ප්‍රබෝධයෙන් අවදිවන නගරය , එහි වැසියන් බොහෝ විට සිනා මුසු මුහුනෙන් එකි නෙකාට සුබ පතන්නට නොපැකිල වන්නේය. “හරිම ප්‍රබෝධමත් නගරයක්” පැමිනි මුල්ම කාලයේ නේවාසිකාගාරයට හා අධ්‍යන ආයතනයට සීමා වී තිබූ මගේ දින චර්යාව වෙනස් කරමින් ඇයව හමුවන්නට පටන් ගත් මුල්ම දිනයකදී මට නිතැතින් කියවිනි. ” ජීවවිද්‍යාත්මක මිනිසා තරම්ම සමාජ විද්‍යාත්මක මිනිසාත් ජීවිතයෙන් පිටතට වන සාමජයට පමනක් නොවේ තමන් තුලටත් බලපානවා. සමහර සංස්කෘතීන් ඒ අතීන් හරිම නිරෝගී වෙනවා. ඒවගේ සංස්කෘතියකට අයිතිව ඉපදීම වාසනාවක් කියලා මම හිතනවා” ඇය පැහැදිලිකරමින් පව්සන්නට පටන් ගත්තාය. 
- Tharu Minisa - 
- Pubudu Siriwansa  

2019-11-29

Tharu Minisa

ජීව විද්‍යත්මක සීමාව ඉක්මවන ඇල්ගොරිතමයන් අත්පත් කරගන්නේ ස්වභාව ධර්මයේ අනගිතම දායාදය වූ ස්වංනිරෝගී වීමේ හැකියා අවකාශයයි. 
ඉන් අනතුරුව ඇරබෙන්නේ ආපසු හමු නොවන සමු ගැනීමයි. තව දුරටත් ඔබ විශ්වයේ දරුවෙකු වෙනවා වෙනුවට ඔබගේම සංස්කරනයක් වීම ඇරබේ.
" Tharu Minisa "
- Pubudu Siriwansa

2019-11-28

තොරතුරු තාක්ෂන..

තව දුරටත් තොරතුරු තාක්ෂනය මේසය මත දිදුලන උපකරනයක් වනවාට වඩා දෛනික ජීවිතයේ භාවිතාවන උපකරන තුල සැගවෙන හැකියාවක් වීමේ කාලය පැමිනෙමින් ඇත. නැතිනම් පැමිනෙන්නට ආරම්භවෙමින් ඇත. වඩාත් මිතුරු විය හැකි උපකරන ලෙසට වන උපැස්යුවල, අත් ඔරලෝසුවේ සිට වාහනය, ශීතකරනය, රූපවාහිනියේ සිට නිවසේ ප්‍රධාන මෙසය, ප්‍රධාන දොර‍ටුව වැනි නෙක ආකාර දක්වා එය පැතිරෙන බවට ඉගි පලකරමින් ඇත. ඒ ඒ උපාංගයේ කාර්යභාරය සමග මිත්‍රවීම මෙන්ම සංයුත්ත විය හැකි ප්‍රායෝගික අනෙකුත් පහසුකම් සදහා මෙම සූදානම ඉදිරියට යනු ඇත. සමහර විටක ඔබ වෘතීය මට්ටමකින් තොරතුරු අවකාශ භාවිතා කරන්නෙකු නොවන්නෙ නම් කලකදී ඔබ මිලඳී ගත් සර්වර පහහුකම් සමග සම්බඳ වන නෙක උපාංග ජාලය ඔබෙන් තොරතුරු තාක්ෂනික බව හොඳින්ම වසා තබා ගනු ඇත.
- Pubudu Siriwansa

2019-11-27

සමාජ ජාලා භාවිතය

මිනිසා යනු මුල් ස්වභාවයෙන්ම සමාජශීලී සත්වයෙකි. තොරතුරු තක්ශනය ප්‍රමුක අන්තර්ජාලය ඔස්සේ මිනිස් වර්ගයා වෙතට පැමිනෙන සමාජ ජාලා භාවිතය එම මිනිස් වර්ගයාගේ මුල් ස්වභාවය වෙතට තොරතුරු තාක්ශන වෙතින් ලැබෙන තිලිනයක් බඳුය. මිනිස් සබදතා පාලනය කෙරෙන දුර බැහැර සාධකය , කාර්යබහුල සාධකය ආදී වූ බෙහෝ ගැටලුකාරී ස්වභාවයන් ජයගන්නට පහසුවක් ලෙසට සැකසෙමින් පැමිනෙන එය මිනිස් සමාජයේ e සංස්කරනයක් ලෙසට හදාරන්නන් හදුනා ගන්නට තැත් දරනු දැකිය හැකිය. - Pubudu Siriwansa

2019-11-26

AI

විටක "AI" වල එක් ඉමක් වනු ඇත්තේ ඔබටත් වඩා වන "සර්වර් ගතවන ඔබෙකුගෙන්" ඔබව පාලනය වන දිනයකින් විය හැක. වඩාත් භ්‍යනක කාරනය වන්නේ මේ බව කිසි විටක ඔබට සවිංඥානික කාරනයක් නොවනු ඇති නිසාය. " Tharu Minisa" - Pubudu Siriwans

මිනිස් වර්ගයාගේ දත්ත විෂය

මද වෙහෙසකර වුවත් ප්‍රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. “ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය. මෙතැනදී ඔබට ලැබෙනුයේ අතීත දැනුම පමනකි. ඊට අමතරව සුලු අනාගත නිර්මාණශීලීත්වයකට උත්සාහ ගන්නවා ඇත. මෙහිදී ඔබට ලැබෙන සමහර තීර්නාත්මක බුද්ධිකාරනා නිර්මානය කල සමහර මිනිසුන් තම ජීවිතකාලය තුල කවරදාකවත් උසස් අධ්‍යාපන ආයතන තබා ද්විතීක අධ්‍යාපනය ආයතනයකට පවා ගොඩ නොවුවන් බව මා ඔබට මතක්කරදෙන්නේ ඔවුනට අපහාස කරන්නට හෝ ඔබේ මේ පිවිසුම අවතක්සේරු කරනු සදහා නොවේ. දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු අත්ත‍ටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි. ස්තුතියි…. මම බීටාව. ( Tharu Minisa ) – Pubudu Siriwansa

2019-11-25

ඩිජිටල් බව ...

ඇත්තෙන්ම ඩිජිටල් බව අසංස්කෘතිකද? නැතිනම් අපගේ අසංස්කෘතිකකම ඩ්ජිටල් බව විසින් මනාව ප්‍රකට කරමින් සිටිනවාද? "Tharu Minisa" - pubudu siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...