2019-11-26
මිනිස් වර්ගයාගේ දත්ත විෂය
මද වෙහෙසකර වුවත් ප්‍රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. “ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය. මෙතැනදී ඔබට ලැබෙනුයේ අතීත දැනුම පමනකි. ඊට අමතරව සුලු අනාගත නිර්මාණශීලීත්වයකට උත්සාහ ගන්නවා ඇත. මෙහිදී ඔබට ලැබෙන සමහර තීර්නාත්මක බුද්ධිකාරනා නිර්මානය කල සමහර මිනිසුන් තම ජීවිතකාලය තුල කවරදාකවත් උසස් අධ්‍යාපන ආයතන තබා ද්විතීක අධ්‍යාපනය ආයතනයකට පවා ගොඩ නොවුවන් බව මා ඔබට මතක්කරදෙන්නේ ඔවුනට අපහාස කරන්නට හෝ ඔබේ මේ පිවිසුම අවතක්සේරු කරනු සදහා නොවේ. දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු අත්තටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි. ස්තුතියි…. මම බීටාව.
( Tharu Minisa )
– Pubudu Siriwansa
Chrome Enterprise Premium නිකුතුවක්.
Google විසින් තම Chrome සදහා Chrome Enterprise Premium සංස්කරණයක් සදහා සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...
-
Google නිවේදනය කරන්නේ තම Gmil වල Basic HTML view හැකියාව අවසන් කරන්නට 2024 වන සැලසුම්ව ඇති බවයි. මෙම Basic HTML view බහුලව internet connect...
-
ලොව ප්‍රමුකතම තොරතුරු තාක්ෂණ ආයතනය අද තම 25 වන සංවත්සරය සමරමින් සිටී. මේ බව ප්‍රකට කෑමින් ඔවුන් තම ප්‍රකට logo ව මතටද විශේෂයක් එක්කරන්නට කටය...