2022-01-31

Microsoft වෙතින් "Upgrade" නම් Office 365 හානිකරයක් ගැන පැවසේ.

Microsoft පවසන්නේ PC එකක් මතට ස්ථාපනය වන "Upgrade" නම් app එකක් හරහා සයිබර් අපරාධකරුවන්ට ඔබගේ email accounts, personal calendars පමනක් නොව contacts lists පවා full access අවස්ථාවක් ලබා ගැනීමේ දුර්වලතාවයක් නිර්මාණය කර ගන්නට අවස්ථාව වන බවයි. එසේම Office 365 වල  authentication tokens සොරා ගන්නටද අවස්ථාව වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ installation process වලදී ලබා ගන්නා full permissions හරහා මෙම අවශ්‍ය complete access  ලබා ගන්න බවයි. එසේම ආසාධිත කර ගන්නා පරිගණකය ඔස්සේ යවන පනිවිඩ හරහා පහර දෙන්නන් මෙම bug එක පැතිරවීමටද කටයුතු කල හැකි වනවා. මේ වන විට Microsoft ආයතනය අදාල  app එක deactivate කර ඇති බව පවසන අතර භාවිතාරන්නන් හට උපදෙස් දෙන්නේ "Upgrade" වැනි ස්ථාපනයට උපදෙස් සහිත eMail එකක් වන්නේ නම් සැලකිලිමත් වන ලෙසයි.
Pubudu Siriwansa


 

iPhone වල වන සරල භාවිතාවන් කිහිපයක්.

iPhone සමග පැමින ඇති සමහර අංගයන් එය භාවිත කරන්නා හට මහත් සහයක් දක්වන්නේ වුවද ඒ පිලිබඳව නිසි දැනුවත් වීමකින් තොර බව දැකිය හැක. iOS සමග වන මෙම පහසූන් අතරින් කිහිපයක් පහත දැක්වේ. ඔබගේ iPhoneය අඳුරේම ඔබ අසල වන මොහොතක එය සොයා ගන්නට අපහසු වන්නේ නම් “Hey Siri” විධානය ඔස්සේ අවධිකරවා ගෙන “turn the flashlight” වැනි විධානයකින් පහසුවෙන් එය සොයා ගන්නට හැකි වනු ඇත.
ඔබ iOS වල 14 හෝ පසු සංස්කරනයක් භාවිත කරන්නේ නම් ‘Back Tap,’ පහසුව ඔබ සමග වේ. ඔබගේ iPhoneයේ පසු පස වන Apple logo ව secret button එකක් ලෙසට භාවිතා කරන්නට හැකි වීම එහි වන විශේෂය වේ. ‘Settings’ > ‘Accessibility’ > ‘Touch’ > ‘Back Tap.’ ඔස්සේ පිවිස App Switcher,’ ‘Camera,’ ‘Control Centre,’ ‘Lock Screen,’ ‘Mute,’ ‘Notification Centre,’ ‘Screenshot,’ ‘Siri,’ නැතිනම් ‘Spotlight.’ වැනි බොහෝ තොරා ගැනීම් සදහා ‘Double Tap,’ ‘Triple Tap,’ ආදිය සැකසන්නට ඔබට හැකිය.
iPhone භාවිතාකරන්නන් හට මග හැරෙන තවත් පහසුවක් වන්නේ keyboard සමග වන trackpad හැකියාවය. Notes app, search bar, නැතිනම් text message සමග කල හැකි මෙම භවිතාවේදී spacebar එක මත press and hold කරන විට සියලුම keys gray out වන අතර අනතුරුව cursor එක text area එක තුල චලනය කරන්නට swipe කිරීමකින් හැකි වනු ඇත.
තවත් විටක Safari app එක භාවිතාවේදී accidentally close tab එකක් නැවත අවධිකරගන්නට tabs button එක press කරන විට squares icon එක overlapping වීමෙන් අනතුරුව “+” buttonය මත long press එකකින් recently closed tabs වල list එක හමු වනු ඇත.
Pubudu Siriwansa

 

2022-01-30

Huawei නැවත පැමිනෙන්නට සූදානම්.

Huawei පසුගිය වසරක කාලයක් ප්‍රධාන මාතෘකාවෙන් ඉවත්ව සිටියා වැනිය. Google වෙතින් තම apps හා services සදහා ඔවුන් වෙත පනවා දැමූ තහනම ඔස්සේ ප්‍රධාන ධාරාවෙන් ඉවත්ව සිටි නමුත් මේ වන විට නව ස්මාර්ට් දුරකථන මාදිලි දෙකක් සමග එනම් P50 Pro හා P50 Pocket ලොවපුරා වෙළඳ පොල වෙතට නිවේදනය කරන්නට සැරසෙමින් සිටිනවා. ප්‍රධාන වෙළඳ අනන්‍යතා වූ Oppo, Vivo, Xiaom, Samsung සමග සිටි කරට කර තරගයෙන් මදක් පසු බා සිටියද මෙම ආයතනය නව හඳුන්වාදීම සමග නැවත US, Europe වෙළඳ පොල වෙතට පැමිනෙන්නට කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. මෙම P50 Pro හා foldable P50 Pocket මාදිලීන් පසුගිය වසරේ චීන වෙළඳපොලට නිකුත් කරන්නට එම ආයතනය කටයුතු කර තිබුනා.
මෙම P50 Pro මාදිලිය 6.6-inch curved OLED screen එකකින් වඩාත් වේගවත් භාවිතාවක් සදහා 120Hz refresh rate එකක්ද සමග පැමිනෙන අතර පසු කැමරා හතර 50-megapixel main sensor සමග 40-megapixel mono sensor මෙන්ම Ultra-wide lenses එකක් සමග 200 times zoom range හැකියාවක් ‍රැගෙන එන බවට පවසනවා. එසේම Qualcomm’s Snapdragon 888 processor එකක් සමග fast-charging battery මෙන්ම embedded fingerprint scannerය display එකට සංයුත්තව පමිනෙන්නට නියමිතයි. දුරකථනය පූර්න විවර කිරීමකදී 6.9-inch OLED screen එකක් ගෙනෙන අතර කුඩා circular display එකකින් දුරකතනය විවෘත කිරීමකින් තොරව කෙටි භාවිතාවනට සූදානම්ව සැලසුම් කර තිබෙනවා. Huawei පවසන්නේ ඔවුන්ගේ App Gallery ය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන බව හා නව EMUI 12 software මෙන්ම UI එක අපූරු භාවිතාවක් සූදානම් ව ගෙනැවිත් ඇති බවට පවසනවා.
Pubudu Siriwansa

 

පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය Nokia 1100.

පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය phone එක පිලිබඳව කල හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ එය iPhone එක නොවන බවයි. එය Nokia 1100 වන බවටයි කියවෙන්නේ. 2003 සිට 2009 කාලය තුලදී boasted Snake හා built-in flashlight සමග පැමිනි එය 250million අලවියක් වාර්ථාකර ඇති බවට සටහන් වෙනවා. 2014 දී නිකුත් වූ iPhone 6/6+ අලවි සංක්‍යාව 222.40million ලෙසට වාර්ථා කර ගනිමින් දෙවන තැනටත් Apple ලාගේ වැඩිම අලවියක් වාර්ථාකල දුරකතනය ලෙසටත් කියවෙනවා. තෙවැනි තැනට පත්ව ඇත්තේ Nokia 3310 වන අතර 2014 සිට ගනනය වීමේදී 136million ලෙසට නම් වනවා. 2000 සිට අලවිවූ Motorola Razr V3 නිකුතුව 130million අලවියක් සමග හතර වැනි තැනටත් 2013 කාලයට අයත් iPhone 5C/5S නිකුතුව පස්වන තැනටත් වන බවට සටහන් වනවා. මෙතැන් සිට දසවන ස්ථානය දක්වා වන නිකුතූන් වන්නේ iPhone models සහ Samsung Galaxy devices වන අතර Blackberry එකදු නිකුතුවක් වත් නැති බවට සටහන් වනවා. එසේම iPhone හා Samsung Galaxy වැඩිම ඉල්ලුම ලෙසට තවමත් ස්ථාන ගතව සිටින බවට කියවෙනවා.
Pubudu Siriwansa

 

Safari web browser ගැන අනතුරු ඇගවීමක්.

Safari web browser භාවිතාවට අදාලව iOS, iPadOS සහ macOS සියළු පරිසරයන්ට බලපාන හානිකරයක් පිලිබඳව Apple වෙතින් නිවේදනය වන්නේ සියළුම Apple devices සදහා නිකුතව ඇති නවතම යාවත්කාලීනයන් කරා පැමිනීම ඉතා වැදගත් බවකි. Safari web browser භාවිතාවට අදාලව එහි තැන්පත් වන සියළුම පාහේ දත්ත අනවසර ලබා ගැනීමකට ඉඩ සලසන මෙම දුර්වලතාවය Private Browsing mode වලදී පවා හානිකරන්නන් වෙතට විවර වීමක් සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඔබ භාවිතාකරන උපාංගය අනූව iOS 15.3 , iPadOS , 15.3 හෝ macOS Monetery 12.2 ලෙසට දැනට ඒ උපාංග සදහා වන අවසාන මෙහෙයුම් පද්ධති නිකුතුවට පැමිනීම වැදගත් වනවා. 1GB ට වැඩි වන ගොනුවක් වන බැවින් (macOS Monterey වලදී 2GB) මෙම යාවත් කාලීනය Wi-Fi වලට සම්බන්දිතව බාගත කර ගැනීම පහසුවක් වනු ඇති බවටද උපදෙස් ලැබෙනවා.
Pubudu Siriwansa

 

Net neutrality law වලට නැවතත්…

California නෛතික පසුබිම නැවත net-neutrality laws දෙසට චලනය වන්නට කටයුතු කරමින් සිටිනවා. මුල් ස්වභවයෙන් අන්තර්ජාලයේ පදනම වූ එහි චලනය වන සෑම බිට්‍ටුවක්ම සමාන ආකාරයට සැලකීම් ලැබිය යුතු බව වූ අතර පසුකාලීනව එරට federal administration විසින් මෙම සමාන බව අවසන් කරමින් එහි දැවැන්තයන්ට අන්තර්ජාලයේ වේගය මෙන්ම ප්‍රමුකතාවය පාලනයට අවස්ථාව දෙනු ලැබුවා. නමුත් පසුගිය දා California නෛතික ආයතනයක් පවසා ඇත්තේ අන්තර්ජාල සේවා අයතනයන් ගෙන් වන අගතීන් වලින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමේ අයිතිය භාවිතාකරන්නන් හට වන බවයි. ඒ අනූව Internet Service Providers ලා හට මුදලක් යටතේ premium service ලෙසට slowing down හෝ blocking access වැනි තත්වයන් යටතේ websites හෝ applications සදහා සැලකීම අත්හරින්නට සිදුවනු ඇත.
Pubudu Siriwansa

 

සාර්තක යාවත්කාලීනයක් සදහා පැය 2-6 අතර කාලයක්.

Microsoft පවසන්නේ windows 11 සාධාරන සාර්ථක මට්ටමක මෙහෙයුම් පද්ධතියක් ලෙසට ස්ථාවර වෙමින් ඇති බවකි. එය ඉල්ලා සිටින ඉහල තලයේ දෘඩාංග අවශ්‍යතා සමග වුවත් සාර්ථකව ඉදිරියට යමින් තිබෙන බවකි. එසේම windows මෙහෙයුම් පද්ධති වල යාවත්කාලීනයන් නිසි පරිදි අවසන් නොවීමේ ගැටළුව පැහැදිලි කරන ඒම ආයතනය පවසන්නේ පැය 2-6 අතර කාලයක් ඉල්ලා සිටීම සාමාන්‍ය බවයි. එනම් pre-update මට්ටමට පැය දෙකක කාලයක් හා post-update සදහා internet connectivityය පැය හයක කාලයක් බලාපොරොත්තුවීම සාමාන්‍ය බවට පවසනවා. ඔවුන් පැහැදිලි කරන්නේ පරිගනණකයක් active හා connected මට්ටමේ දී download සහ background installations ක්‍රියාවලිය සම්පූර්න වීම සදහා මෙම කාලය බලාපොරොත්තු විය යුතු බවයි.
Pubudu Siriwansa

 

iPhone වල battery life එකේ යහපත සදහා…

ඔබේ iPhone වල battery life හොඳ මට්ටමක පවත්වාගෙන යාමට වැදගත් වන සරල tricks කිහිපයක් පහත දැක්වේ. කාර්ය බහුල දවස තුල battery life එක හොඳ මට්ටමක පවත්වාගෙන යාමට අවශ්‍යවන මෙම සරල හා පහසු මෙන්ම මෙහෙයුම්පද්ධතිය සමග පැමින ඇති හැකියාවන් කිහිපයක් එහි වේ. Turn on auto-brightness යනු වෙනස් වන පරිසර තත්වයන් යටතේ ස්වංක්‍රීයව සැකසෙමින් වැඩි බැටරි හැකියාවකට සහය වනු ඇත.
Settings > Battery > Last 10 Days ඔස්සේ පිවිස වැඩිම බල වැයක් දරන apps පිලිබඳව වැටහීමකට යන්නට හැකි වනු ඇත. ඒ ඔස්සේ ඔබේ භාවිතාව ගැන වැටහීමකට යන්නට හැකි වන අතර ඔබගේ අනවධානය සමග දුරකථනයේ බලය සොරා ගන්නා apps හා ඒවායේ භාවිතය සීමා කරගන්නට සහය වනු ඇත.
හදාරන්නන් පවසන්නේ නිතරම භාවිතාවන apps සදහා නිතරම quitting වලට යාම වැඩි බල අපතේ යාමකට මග පාදන බවට පැහැදිලි කෙරෙනවා. මේ නිසා standby mode වල තබා ගනිමින් නිතර භාවිතාවන apps සමග කටයුතු කිරීම වැදගත් වනු ඇති බවට උපදෙස් දෙනු ලබනවා.
ඔබේ දුරකථනය charging අතර තුර භාවිතාකිරීම හානිකර බවට පහදන ඔවුන් පවසන්නේ එය බැටරියේ ආයුකාලය අඩුකරන්නන් මෙන්ම charge cycle වලටද බලපාන බව පැහැදිලි කරන්වා. විශේෂයෙන් game හා videos සදහා දුරකථන භාවිතාකරන්නන් වෙතට ඔවුන් අනතුරු අගවන්නට කටයුතු කරමින් සිටිනවා.
Safari tabs සදහා වැදගත් වන Auto-close හකියාව ඔස්සේ ද බලය ඉතිරියක් සදහා කටයුතු කරන්නට ඔබට හැකි වන අතර ඒ සදහා Settings app > Scroll down > tap Safari >Settings app. Scroll down > tap Safari > tap Close Tabs ඔස්සේ දිනයකින් සතියකින් වැනි කාල පරාසයකින් විවෘතව ඇති Safari iOS app එකේ tabs පාලනය කරන්නට ඔබට හැකි වනු ඇත.
Keep your iPhone cool ඔවුන්ගේ තවත් උපදෙසක් වනවා. iPhone එකේ දීර්ග පැවැත්මට මෙන්ම හොඳින් පැවැත්මට එය සිසිල් පරිසරයක තිබීම වැදගත් වන අතර විශේෂයෙන් බල ගැන්වීමේදී case එකෙන් ඉවත්ව තැබීම වඩාත් හොඳ බවට පෙන්වා දෙනවා.
Pubudu Siriwansa

‘Dark Herring’ ලොවපුරා 105 Million අත්පත් කරගෙන.

‘Dark Herring’ පිලිබඳව පැහැදිලි කෙරෙන්නේ subscription scam එකක් ලෙසටය. Google Play Store apps දැනට 470 ක දැවටී එන මෙම subscription scam එක විසින් දැනට ලොව පුරා වන 100 million කගේ පමන ඩොලර් මිලියන සිය ගනනක් අනවසර අත්පත් කර ගැනීම් වලට හසුකරගෙන ඇති බවටයි පවසන්නේ. Direct Carrier Billing නම් භාවිතාකරන්නගේ මිළදී ගැනීම් සදහා තමන් විසින් මාසිකව බිල් ගෙවීමකට යටත්වන් ගෙන ඇති සේවා සදහා වන ගෙවීම් වලට බද්ධව ගෙවීම් කරන ආකාරය හරහා මෙම වංචාසහගත කටයුත්ත සිඳුවන බවටයි තොරතුරු වාර්ථා වෙමින් ඇත්තේ. Google ආයතනය මේ වන විටත් මෙම ආකාරයට සම්බන්ද බවට හදුනා ගෙන ඇති apps 21 පමන ban කර ඇති අතර Smashex, Upgradem, Stream HD, Vidly Vibe, Cast It, My Translator Pro, New Mobile Games, StreamCast Pro, Ultra Stream, Photograph Labs Pro, VideoProj Lab, Drive Simulator, Speedy Cars – Final Lap, Football Legends, Football HERO 2021, Grand Mafia Auto, Offroad Jeep Simulator, Smashex Pro, Racing City, Connectool, City Bus Simulator 2 ලෙසට ඒවා නම්ව ඇති අතර දැනට මත් මේවා ස්ථාපිතව ඇති උපාංග වලින් මේවා අස්ථාපනයට කටයුතු කිරීම හිතකර බවට පැවසෙනවා.
Pubudu Siriwansa

 

GARMIN වෙතින් fnix 7 smartwatch එක සූදානම්.

GARMIN  මේ වන විට තම නව fnix 7 smartwatch එක නිවේදනය කොට තිබේ. වඩාත් කාර්යක්ෂම අංග වලින් සමන්විතව පමනක් නොව හිරු එලියන් පනගැන්වෙන හැකියාවකින්ද මෙවර නිකුතුව හැඩ කරන්නට එම ආයතනය කටයුතු කර ඇත. තම Real-Time Stamina tracking ඔස්සේ භාවිතාකරන්නගේ ශක්ති වැය ගනනය කරමින් ඉතිරි daily exercise routines අවසන් කරන්නට භාවිතාකරන්නා වඩාත් සූදානම් කිරීමට නැතිනම් උපදෙස් දෙන්නට තරම් ඉහල සූදානමකින් පැමින ඇති අතර Recovery Time Advisor ඔස්සේ සාමාන්‍ය තත්වයට පැමිනෙන්නට අවශ්‍ය විවේකය ගැන ද භාවිතාකරන්නා දැනුවත් කරන්නට ද සූදානම්ව සිටී. training intensity මෙන්ම stress, daily activity මෙන්ම sleep වැනි සාධකද හදාරමින් තම භාවිතාකරන්නාට properly recover එකක් සදහා අවශ්‍ය විවේකය ගැනද යෝජනා කරන්නට එය සමත්ය. එක් බල ගැන්වුමකින් 5 weeks භාවිතාවකට සූදානම් මෙම නිකුතුව  OLED screen හා GPS මෙන්ම tough scratch-resistant design හැකියාවකින් සංයුත්තව පැමින ඇත.
Pubudu Siriwansa


 

2022-01-28

Messenger සදහා end-to-end encrypted බව හා Disappearing Messages හැකියාව.


 Facebook පවසන්නේ ජනංප්‍රිය chat app එකක් වන Messenger වලදී සියලුම chats සදහා encrypted බව සංක්‍රිය බවය. එමෙන්ම වැඩි දුරටත් Mark Zuckerberg පවසන්නේ Disappearing Messages භාවිතාවේදී එය ලබන්න නොහොත් recipient විසින් screenshot එකක් ලබා ගන්නට කටයුතු කලහොත් ඒ පිලිබඳව alert එකක් අදාල යවන්නා වෙතට ලැන්නට නියමිත බවයි. ඔහු පැහැදිලි කරන්නේ security පිලිබඳව වැඩි අවධානයක් දක්වන්නන් මේ ගැන අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් බවයි. Messenger සදහා end-to-end encrypted වීම  GIFs, stickers, සහ reactions ආදී සියල්ල සදහා අදාල වන බවත් පවසන අතර මෙම feature එක අත්විඳීම සදහා Facebook වල නවතම සංස්කරනය (latest version) යාම අවශ්‍ය වන බවටත් දන්වා සිටිනවා.

Pubudu Siriwansa

2022-01-26

Twitter වලින් ඉවත්කිරීම් ඉල්ලීම් ඉහලට..


Twitter පවසන්නේ ගෙවීගිය වසරේ ප්‍රථම භගය සැලකීමේදී රජයන් වෙතින් වන ඉල්ලීම් 43,387  ඔස්සේ content 196,878 ක් ඉවත් කරන්නට ඉල්ලීම් සිදුව ඇති බවයි. ඔවුන් පවසන්නේ transparency reports නිකුත්කිරීම ආරම්භ කල 2012 සිට සැලකීමේදී මෙම සංක්‍යාව ඉතා ඉහල අගයක තිබෙන බවයි. මෙම ඉල්ලීම් කල රටවල් අතරින් 95%ක්ම පැමිනෙන්නේ apan, Russia, Turkey, India, South Korea යන රටවලින් බවයි.  එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ මෙම ඉල්ලීම් වලින් 54% ක් සදහා blocked කිරීම් හෝ අදාල ගිනුම් හිමිත්වයෙන් delete කිරීමේ ඉල්ලීම් කරන්නට කටයුතු කල බවකි. ඔවුන් පවසන්නේ මෙම January-June 2021 කාලය තුල පැමිනෙන මෙම ඉල්ලීම් සංක්‍යාව සැලකීමේදී ඊට පෙර සාමන කාලය හා සෑසදීමේදී 50%ක ඉහල යාමක් බවයි. එසේම legal requests සංක්‍යාවද පෙර සමාන කාලය සමග සැසදීමේදී 14%ක ඉහල යාමක් ලෙසට වන බවයි. මේ අතර journalists සහ news outlets වලින් වන takedown requests 14%කින් පහල යාමක් දක්නට ලැබෙන බවටත් ඔවුන් පවසනවා.

Pubudu Siriwansa

 

Win11 හා win10 සදහා යාවත්කාලීන නිකුත්වේ.

Microsoft සමාගම Windows 11 හා Windows 10 versions 20H2 සහ ඉහලට වන සංස්කරන ඉලක්ක වන  optional නැතිනම් තොරා ගත හැකි cumulative හා non-security updates මට්ටමේ යාවත්කාලීන මේ වන විට නිකුත් කර තිබෙනවා. ආරක්ශිත අවශ්‍යතා මට්ටමේ නොවන මුත් improvements මෙන්ම fixes රාශියකින් සමන් විත යාවත්කාලීන ගොනුවක් ලෙසටයි මේ නිකුතුව පිලිබඳව එම ආයතනය පැහැදිලි කරන්නේ. Windows 11 වල හඳුනාගෙන තිබූ taskbar issues, display bugs, සහ තවත් ගැටළු කිහිපයක්ම මෙම නව යාවත්කාලීනය සමග විසදෙන බවට එම ආයතනය පැහැදිලි කරනවා. ඔබ භාවිතාකරමින් සිටින windows සංස්කරනය මෙම යාවත්කාලීන සදහා සුදුසුනම් Settings > Update & Security > Windows Update ආකාරයට ඒ සදහ පිවිසෙන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa


 

ජීවිතය වටා ගැවසෙන තොරතුරු උපංග අහිංසකම නොවිය හැක.

දෛනික ජීවිතයේදී ඔබ යනෙන, කරන කියන දහසක් දේ සමග නිරන්තරයෙන්ම ගැවසෙන තවත් අවධානයක් ඔබගේ අත්ලෙහි හෝ පසුම්බියේ නැතිනම් ඇදුමේ රඳවනයක වේ. එනම් ස්මාර්ට් දුරකථනයයි. නැතිනම් මේ ආකාර ගත් තවත් ස්මාර්ට් උපාංගයි. ඒවා ඔබ සිතනා තරම් නිහඬ අහිංසක සගයන් නොවන්නටද හැක. එනම් ඔබගේ දෛනික ජීවිතයේ බොහෝ පියවරයන් සටහන් කරගන්නට ඒවා කටයුතු කරන බැවිනි. ඔබ යනෙන තැන් එය සටහන් කර ගනියි. ඔබ කරන සෙවුම් බැලුම්, කරන ගනුදෙනු මෙන්ම මිලඳී ගැනීම් වැනි සියල්ලා සටහන් කරගන්නා ඒවා විසින් ඔබ පිලිබඳව සමහර විටක ඔබ නොදැනුවත්ම ගොඩ නැගෙන දෙවන ඔබක් නිර්මාණය කරගන්නට කටයුතු කරයි. එම ආයතන වලට දෙයාකාරයකට මේ අනනයතාවය වැදගත්වේ. පලමු කොටම ඔබේ සිතුම් පැතුම් දන්නා සහයෙකු ලෙසට වඩා විස්වාසනීය මෙන්ම ආශ්‍රිතයා බවට පත්වීමය. අනෙක නම් වෙලඳ ආයතන වෙත වඩාත් ඔබව ඉලක්කවන දැන්වීම්කරුවෙකු ලෙස ඉදිරිපත්වීමය. මේවා අහිංසක සිදුවීම්ද නැතිනම් ඔබව ආක්‍රමයවන සිදුවීම්ද යන්න තීර්නය වන සාධක කිහිපයකි. විටක අත්‍යාවශම සගයා ලෙසට මනාව ඔබට සහය වන්නාගේ චරිතයට මේවාට පැමිනෙන්නට හැකි වනු ඇත. තවත් විටක ඔබට ගැලවිය නොහැකි ලෙසට ඔබේ රුචි අරුචිකම් හබා එන වෙළඳ හෝ වෙනත් ආක්‍රමනිකයන්හට ඔබව විවර කර දෙන්නෙක් ලෙසට විය හැක.
Pubudu Siriwansa

 


 

2022-01-25

Samsung වෙතින් fingerprint authentication සදහා නව IC එකක්

S3B512C fingerprint security IC (integrated circuit) යනු Samsung ආයතනය විසින් payment cards සදහා හඳුන්වා දෙන අමතර ආරක්ශිත ලේයරයක් ලෙසට පැහැහිලි කර සිටී. කාර්ඩ් පතට සංයුත්තව එන මෙම නව authentication හැකියාව විසින් බාහිර පුද්ගලයෙකුට එය භාවිතාවට බාදා ගෙනෙනවා සේම අවශ්‍ය විටකදී ඔබගේ Pin එකේ භාවිතාවට alternative එකක් වීමටද සූදානම් බවට පැහැදිලි කෙරෙනවා. එසේම වැඩි දුරටත් ඔවුන් පවසන්නේ නව security chip එක සමග fingerprint sensor, a tamper-proof Secure Element,  Secure Processor යන සියල්ල එක චිප් පතකට සංයුත්ත වීම සමග බොහෝ මේ ආශ්‍රිත සේවා සපයන ආයතනයන්ගේ කාර්ඩ්පත් සදහා අවශ්‍ය ප්‍රමිතීන් වලට අනුකූල කාර්යක්ශම ගෙනෙන බවයි. Biometric card payments සදහා මෙම නව හඳුන්වාදීම මනා සහයක් ගෙනෙන නු ඇති බවට ඔවුන් බලාපොරොත්තු පලකරනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

Quantum Computing සදහා “Twist” languageය සූදානම්.

Quantum Computing යනු පරිගණකය භාවිතයේ පදනක් තාක්ෂණය සදහා වන මීලග දිගුව ලෙසට සැලකිය හැකිය. දැනට අප භාවිත කරමින් සිටින traditional computing හා සැසදීමේදී වඩාත් complex බවක් ගන්නා එම භාවිතය පදනම් වන භෞතික තාක්ෂණික ලේයරය මෙන්ම ඒ අවකාශය සංක්‍රිය කරවන programing language දක්වාම මෙම නව යුගයට ආවේනික ලක්ෂණ වලින් නිමවන්නට වීම බලා පොරොත්තු විය යුත්තකි. MIT ආයතනය පවසන්නේ මෙම quantum computing සදහා අවශ්‍ය වන “Twist” නම් නව  languageය  තමන් අතින් අවසන් වෙමින් තිබෙන බවයි. Twist ගැන සඳහන් කරමින් ඔවුන් පවසන්නේ එය data වල bugs, errors හා ඉහල ප්‍රමිතයක්සදහා සහය වන්නට සූදානම් බවයි. Quantum computers වලදී traditional programming languages සාර්ථක සහයක් නොදක්වන අතර qubits ආකාරයේ දී  zeros / ones, / both ආකාරයට සංකීර්න බවක් ගනී. වැඩිදුරටත් Twist ගැන පැහැදිලි කරන්නේ එහි syntax වල ස්වරූපය  classical programmer ලා සදහාද ආගන්තුක බවක් නොගන්නා බවයි.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

Meta සදහා AI supercomputer එකක් සූදානම් වෙමින් ඇත.


 Meta පවසන්නේ තමන් ලොව වේගවත්ම AI Research SuperCluster (RSC) supercomputer එකක් සදහා සූදාම් බවයි. තප්පරයකට operations ප්‍රමානය quintillions මට්ටමේ වන මෙම නව supercomputer එක ඔස්සේ වඩාත් ඉහල AI  හැකියාවකින් යුතුව තම සේවාවන් වල තත්වයක් ලබා දෙන්නට හැකි වන බවටයි පැහැදිලි කරන්නේ. මෙහිදී 6,080 GPUs හැකියාවකින් එනම් NVIDIA Quantum 200 Gb/s InfiniBand two-level Clos fabric,  storage the RSC has 175 petabytes,  cache storage 46 petabytes වැනි පහසුකම් ඔස්සේ නිර්මානය වන අදට පමනක් නොව හෙට දවසටද සූදානම් බලයකින් යුතු මෙම supercomputer ඔස්සේ ඉහල ප්‍රමිතියකින් යුත් සේවාවක් ලබා දෙන්නට සූදානම් වෙමින් සිටින බවට ඔවුන් පවස්නවා.

    2022 මැද වන විට මෙම ව්‍යාපෘතිය අවසන් වීමේදී ලොව වේගවත්ම supercomputer එක වීමේ අවස්ථාව ලැබෙන බවට බලාපොරොත්තු වෙමින් සිටිනවා.

Pubudu Siriwansa

Pariganakaya.Com

Microsoft වෙතින් ‘online scams and attacks’ සදහා උපදෙස් කිහිපයක්.

Microsoft ආයතනය බහුල සයිබර් ප්‍රහාරයන් සම්බන්දයෙන් සරල උපදෙස් කිහියක් දෙමින් සිටිනවා. ඔවුන්ගේ පලමු උපදෙසක් වන්නේ ඔබට ලැබෙන පනිවිඬ වල සංයුත්ත විය හැකි "urgent action" නම් පෙලබවීම ගැනයි. මෙම පහර දෙන්නන් ඔබට වැඩි දුර සිතන්නට කල නොතබාම ඔවුනට අවශ්‍ය ක්‍රියාව සදහා මෙම "කලබල" කිරීම නැතිනම්"බිය" කිරීම භාවිතාකිරීම සිදුවන බැවින් ඒ ගැන සැලකිලිමත් වන ලෙසට පවසනවා. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම suspicious links වෙතට ඔබගේ click  එකක් ලබා ගැනීම උත්සාහය විය හැකි බවයි.
   phishing emails ගැන පවසන ඔවුන් මෙම බහුල උපංක්‍රමය ඔස්සේ ඔබගේ පරිගණකය වෙතට download එකක් ලබා ගෙන ඒ ඔස්සේ Malware එකක් ස්ථාපනයට අවස්ථාව ලබ ගැනීම සිදුවිය හැකි බව පෙන්වා දෙනවා.  Fake attachments පිලිබඳව අවධානයෙන් සිටීම වැදගත් වන්නේ ඒ නිසා වනවා. මෙම "virus" විවිධ අරමුනු සදහා විය හැකි අතර විටක ඒවා ඔස්සේ ඔබගේ අනන්‍යතාවය සොරා ගැනීම, වෙනත් දුරස්ථ පරිගණකයක් වෙත ප්‍රහාරයක් සදහා ඔබගේ පරිගණකය යොදා ගැනීම, mine cryptocurrency වැනි කාරනා සදහා ඔබගේ පරිගනකයේ resources භාවිතාකරන්නට කටයුතු කිරීම ගැනත් පැහැදිලි කෙරෙනවා. 
    Tech support scams පිලිබඳව අවධානය යොමු කරන ඔවුන් පැහැදිලි කරන්නේ ඔබගේ පරිගණකයේ යම් ගැටළුවක් වන බවත් ඒ සදහා සහය ලබා ගන්නට යම් දුරකතන අංකයකට ඇමතුමක් ගන්නා ලෙසට පොලබව ගැනීමයි. මෙසේ ඔබගේ පරිගණකය “fix” කිරීම සදහා අවස්ථාව ලබා ගැනීම ඔවුන්ගේ අරමුන වන හෙයින් පරිගණකයට පැමිනිය හැකි fake error messages මෙන්ම දුරකථනයට පැමිනිය ඝැකි ඇමතුම් වලදී කල්පනාකාරී වීම වැදගත් බව පැහැදිලි කෙරෙනවා. මෙම scary pop-ups වැනි අවස්ථාවලදී පරිගණකය restart නැතිනම් browser එක Close කිරීම වැනි උපදෙස් දෙන ඔවුන් මෙහෙයුම් පද්ධතිය ඇතුලු සියලුමෘදුකාංග සෑම විටම යාවත්කාලීනව තබා ගැනීමත් සැක සහිත සබඳතා අවදි නොකර සිටීම ඉතා වැදගත් බවට උපදෙස් දෙනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

2022-01-23

Online quizzes ගැන සැලකිලිමත් වෙමු.


 Online ආකාරයට ඔබගේ තොරතුරු කිහිපයක් සමහර විට යමක් පිලිබඳව ඔබගේ අදහස් උදහස් කිහිපයක් වැනි නෙක ආකාර වලට තොරතුරු විමසීම් වලට පිවිසීම ඉතාම කලාතුරකින් හෝ සමහර විට පැහැදිලි වැටහීමකින් තොරවම හෝ සිදුවන්නකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙහිවන අනතුරුදායක බව නොසලකා හෑරීම ගැටළුකාරී විය හැකි බවයි. ඔබගේ නම, ලිපිනය, උපන් දිනයේ පටන් නෙක ප්‍රියතාවයන් මතකයන් පිලිබඳව තොරතුරු scammersලා හට මහත් අවස්ථාවක් විය හැකි බවයි. එසේත් නැතිනම් ඔබගේ පෞද්ගලිකත්වයට අනවසර එබී බැලීමකට ආරම්භයක් විය හැකි බවයි. Facebook වැනි අවකාශ වලදී හමුවන Facebook quiz වැනි විනොදශීලී ක්‍රියාකාරකම් ඔස්සේ පවා මේ ආකාරයට ඔබගේ තොරතුරු අත්පත් කරගැනීම සිදුවන බව පවසන හදාරන්නන් පෙන්වා දෙන්නේ සමහර විට මෙම තොරතුරු දැනුවත්ව හෝ නොදැනුවත්වම පවා තවත් තුන්වන පාර්ශවයකට පත්වීම හා ඒ ඔස්සේ අනතුර ඔබවෙත පැමිනීම දුර්ලභම සිදුවීමක් නොවන බවයි. first pet, their mother's maiden name,නැතිනම් town they grew up in වැනි තොරතුරු පිලිබඳව සැලකිලිමත්වීම වැදගත් වන්නේ එබැවිනි.

Pubudu Siriwansa

Pariganakaya

WhatsApp ගිනුමක් සදහා උපාංග සීමා ඉහලට.


 සාමාන්‍යයෙන් ඔබගේ WhatsApp ස්ථාපිතව ඇති මූලික උපාංගයෙන් ඔබ්බට වන ඔබගේ අනෙකුත් උපාංගයක් සමග WhatsApp භාවිතයට අවශ්‍ය වූ විටකදී පෙර කී ප්‍රධාන උපාංගය Onlineව තිබීම අනිවාර්යවිය. මේ වන විට WhatsApp විසින්  testing මට්ටමේ වන අංගයක් සමග devices හතරක් සමග එනම් work phone / personal phone වැනි භාවිතාවකට ඉඩ සලසන්නට කටයුතු කරමින් සිටිනවා. ඔබගේ ප්‍රධාන Phoneය out of charge නැතිනම් without signal වැනි අවස්ථාවකදී වුවත් ඔබගේ laptop එක සමග WhatsApp භාවිතාව ඉදිරියට ගෙනියන්නට මෙ අසමග හැකි වනු ඇත. මෙම නව අංගය WhatsApp වල නවතම beta test මට්ටමින් පැමින ඇති අතර එය WhatsApp beta – (a test version of the app) සමග එක්වීමෙන් ඔබටද අත්හදා බලන්නට හැකි වනවා. ඉදිරි කාලය තුල Meta (formerly Facebook) සමග වන නව වෙනස්කම් කිහිපයක්ම WhatsApp  වලටද බලපොරොත්තු වෙමින් තිබෙනවා.

Pubudu Siriwansa

Pariganakaya.Com

Browserය මත ‍රැදෙන historyය .

ඔබගේ දත්ත උපාංගයේ වන Browser ය එක ආකාරයකට ඔබ පිලිබඳව කැඩපතක්ද වේ. එනම් ඔබ කරන කියන මෙන්ම සිදුම් පැතුම් පිලිබඳව අනගි ඡායාවක් එහි වන්නේ එහි ඇති historyය සමගයි. ඔබ ආගිය වෙබ් අඩවි මෙන්ම සොයන කරුනු ගැන බොහෝ තොරතුරු එහි තැන්පත් වන්නේ ස්වංක්‍රීයව වන අතර බාහිර පර්ශවයකට එය පත්වීම ඔබට හානිකරද විය හැක. ම්,ඒ නිසාම සෑම Browser එකක් සමග එහි තැන්පත් වන Search History ය මකා දමන්නට පහසුකම් සලසන අතර බහුලතම භාවිතාවක් වන  Google Chrome වලද ඒ සදහා ඉඩ සලසා ඇත. බ්‍රවුසරයේ දකුනු දෙස ඉහලින් වන තිත් 3 කින් පිවිසෙන මෙනුව ඔස්සේ History ය වෙතට පිවිස පසුගිය පැයක කාලයේ සිට දින කිහිපයක් දක්වා කාල පරාස වලදී සටහන් වන Historyය මකා දමන්නට ඔබට අවස්ථාව ලැබෙන අතර එහිවන Incognito Mood එක සක්‍රිය කර අදාල බ්‍රවුසරය සමග කටයුතු කිරීමෙන් පෙර කී History ය අදාල උපකරනය මත සටහන් නොතබාම ඔබගේ වෙබ් සැරිය සදහා පහසුකම් සලසාලනු ඇත.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

iPhone වල Apple logo වද secret button එකකි.

ඔබ Apple වල  iOS 14 වල සිට ඉහල සංස්කරනයක් භාවිතාවන iPhone යක් භාවිතා කරන්නෙක් නම් 'Back Tap'පහසුව ඔබ සදහා සූදනමින් ඇත. එහිදී සිදුවන්නේ දුරකථනයේ පසුපස වන Apple logo ව 'Double Tap' හෝ 'Triple Tap' ඔස්සේ දුරකථනය වෙත විධානයක් දීමට හැකියාවක් ලැබීමයි. එම විධානයන් අතර 'App Switcher,' 'Camera,' 'Control Centre,' 'Lock Screen,' 'Mute,' 'Notification Centre,' 'Screenshot,' 'Siri,' නැතිනම් 'Spotlight. වැනි රාශියක් වන අතර ඒවා තොරා ගැනීමේ හැකියාව සදහා 'Settings' > 'Accessibility' > 'Touch' > 'Back Tap.' ලෙසට පිවිසීමෙන් හැකිවනු ඇත. දෛනික කාර්යබහුල භාවිතාවේදී ඔබ විසින් තොරා ගන්නා මෙම shortcuts පහසුවක් වනු නොවනුමානය.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

2022-01-22

Digital advertisements ලාභය 2024 වන විට $460 billion දක්වා ඉහල යාමක්

හදරන්නන් පවසනවා Digital advertisements එලබෙන කාලයේ වඩ වඩාත් භවිතයට පැමිනෙන්නට නියමිත බවයි. 2020 වන විට $356 billion ලාබ මට්ටමක තිබූ එම භාවිතය 2024 වන විට $460 billion දක්වා ඉහල යාමක් උපකල්පනය කරමින් සිටිනවා.  ලොව පුරා වේගයෙන් ඉහල යමින් තිබෙන digital platforms වල ජනංප්‍රියතාවය හා බහුල භාවිතය නිසාම මෙම ඩිජිටල් ආකාරයේ ads වල ඉහල භාවිතාවක් ඔවුන් බලාපොරොත්තු වෙමින් සිටිනවා. එසේම ඔවුන් පෙනවා දෙන්නේ 2020 දී United States වල පමනක් 137 billion ක පමන revenue එකක් වාර්ථාකරමින් සිටින අතර එලබෙන වසර දෙක තුල එය ඉතා පහසුවෙන් $153 billion මට්ටමට පැමිනෙන්නට  හැකි බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ retail industry ය වඩාත් මේ ආකරයේ ප්‍රචාරනය සදහා වැඩිම අවධානයක් දක්වා ඇති බව හා එය සමස්ථයෙන් 22% ලෙසට ගනනය වෙනවා. එසේම වැඩිම revenue සදහා දායකව ඇත්තේ search ads වලින් බවයි. 
Pubudu Siriwansa
Pariganakaya.Com


 

iOS 15 හා watchOS 8 කරායාම වැදගත් බවට අවධාරනය කෙරේ.

iPhone භාවිතා කරන්නන් තම උපාංග නවතම  iOS සංස්කරනය කරා ගෙනයාමේ අවශ්‍යතාවය අවධාරනය වෙමින් තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ නවතම iOS සංස්කරනය ඔස්සේ පිලිසකර වන ප්‍රධානතම දුර්වලතා දෙක අතරින් එකක් වන්නේ malicious application එකක් සමග භාවිතාකරන්නන්ගේ Apple ID information හා recent in-app searches තොරතුරු ලබා ගන්නට හැකිවීමය. අනෙක වන්නේ iPhones and iPads පමනක් නොව  Apple Watch සදහාද බලපාන past privacy preferences තොරතුරු ලබා ගන්නට හැකියාවක් third-party app වලට ලබා දෙන දුර්වලතාවයකි. ඒ අනූව ඔවුන් උපදෙස් දෙන්නේ watchOS 8 කරා යාමද වැදගත් වන බවයි. ලොවපුරා භාවිතාවන iPhone වලින් විශාල ප්‍රමානයක් තවමත් iOS 15 වෙතට නොගොස් සිටීම මෙම හානිකර අවස්ථා සදහා විවෘතව තිබීමක් ලෙසට පැහැදිලි වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

2022-01-21

Facebook ගිණුම Deactivate / Delete කිරීමට.

සමාජ ජාලා එක් දෙසකින් ඔබේගේ ජීවිත අවකාශය පුළුල් කරන්නකි. වඩ වඩාත් ලොව දෙසට පෞද්ගලික හෝ වෘතියමය හෝ විනෝදාංශයන් ලෙසට ඔබව ‍රැගෙන යන්නකි ලෙසට වන මතවාද මෙන්ම තවත් දෙසකින් එන අදහස් වන්නේ ඔබව වඩාත් හුදාකලා කරවන, මානසිකව බිඳ වටවන ස්වභාවයේ විවර කිරීමක් යන්නය. පසුගිය කාලයේ ලොව පුරා විවිධ රටවලින් දරුවන් සදහා සමාජජාලා දරුනු ආකාරයට බලපාමින් ඇති බවට චෝදනා එල්ල විමි. ප්‍රධාන පෙලේ සමාජ ජාලා මේ සදහා පියවර ගන්නටා බවට මෙන්ම තමන් ගත් නෙක පියවර පිලිබඳව තොරතුරුද හෙලි කෙරෙනි. පහත දැක්වෙන්නේ යම් විටකදී අයෙකුට Facebook සමාජජාලාව තුල වන ගිනුමක් අක්‍රියකරවන්නට / වසාදමන්නට අවශ්‍ය විටකදී අනුගමනය කල හැකි එම ආයතනය විසින් ලබා දී ඇති ක්‍රමවේදයයි.

-තාවකාලිකව ගිණුම අත්හිටවීම සදහා වන ආකාරය මෙසේය..
Log in to your Facebook account
Click the small down arrow located in the upper right-hand corner of your Facebook homepage
Find 'Settings' and click on it
Hover over 'Manage Account' and click on 'Edit'
Click on 'Deactivate your account' at the bottom of the opened tab
Complete the form and click 'Deactivate' at bottom of the page.
මේ ආකාරයට කටයුතු කලවිට ඔබේ ගිනුම අක්‍රියව පවතින අතර අවශ්‍ය විටකදී නැවත ගිනුමට පිවිස එය සංක්‍රියකරන්නට හැකි වෙනවා.

යම් විටක ඔබට Facebook ගිණුම අක්‍රියකරන්නට අවශ්‍ය නම් පහත දැක්වෙන පියවරවල් එයට සහය වනු ඇත. 
Click the down arrow at the top right of any Facebook page and select Settings
Click "Download a copy of your Facebook data" at the bottom of the General Account Settings
Click Start My Archive
To delete Facebook once and for all, simply head over to Facebook's 'Delete Account' page and follow the instructions provided.
ඉහත කී archive  එක තුල ඔබගේ  posts, comments, photos, messages ඇතුළු බොහෝ දේ ඇති නිසා එය ආරක්ශිතව තබා ගැනීම වැදගත් වන්නේ ඔබගේ තොරතුරු සොරා ගන්නේකුට එය පහසු ඉලක්කයක් වන්නට හැකි බැවිනි.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

Russia වලත් cryptocurrencies තහනම් වීමේ ඉඩක්.

ලොවපුරා රටවල් කිහිපයකින්ම මේ වන විට cryptocurrencies තහනම් කිරීමක් හෝ එසේ කරන්නට ආසන්නවීමක් දක්නට හැකිවනවා. නවතම තොරතුර පැමිනෙන්නේ Russia’s Central Bank වෙතිනි. ඒම වාර්ථාව පවසන්නේ Russia’s Central Bank වෙතින් එරට රජයට cryptocurrencies තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. එම රජය මෙම තහනම පැනවුව හොත් එරට තුලදී mine, trade, invest හා exchange යන සියළුම ආකාර සදහා cryptocurrencies වෙත තහනම් වන්නට නියමිත වෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ එරට ආර්ථික අස්ථාවර බවක් සදහා මෙම cryptocurrencies හේතුවක් වෙමින් ඇති නිසා  Russia ව තුල මෙම පියවර අවශ්‍යව ඇති බවයි. මීට පෙර China වෙතිනද මේ සදහා පියවර ගෙන තිබුනා. Russia සැලකෙන්නේ crypto-miners සදහා United States හා Kazakhstan වලට පමනක් පසු පසින් සිටින රට හැටියටයි.එසේම එරට mine cryptocurrencies සදහා අවශ්‍ය computing power වලින්  11.2% කින් දායක වන රට ලෙසට සැලකෙනවා.එමෙන්ම මෙම Russians වල annual cryptocurrency transaction volume වටිනාකම $5 billion ලෙසට ගනනය වෙනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

iCloud Keychain

iPhone සමග එන තවත් වැදගත්ම ආරක්ෂක අංගයක් වන්නේ iCloud Keychain ය. වඩාත් සංකීර්න අවසර පද නැතිනම් complicated passwords ඔබගේ Online භාවිතාව ආරක්ෂා කරදෙන්නට වැදගත් වුවද ඒවා කිහිපයක් මතක තබා ගැනීම අපහසු කාරනාවක් වීම සාමාන්‍ය දෙයකි. ඔබ iPhone භාවිතාකරන්නෙකු වන විට මේ සදහා පැමිනෙන තවත් සහයෙකයෙකු වන්නේ iCloud Keychain ය. මෙම හැකියාව සංක්‍රියව පවතින විටදී ඔබට පහසුවෙන් වඩාත් සංකීර්න අවසර පද භාවිතාවට හැකිවන්නේ මෙම පහසුව විසින් ඒවා මතක තබාගෙන අවශ්‍ය විටදී ස්වංක්‍රීයව log in වලට භාවිතාවන නිසාය. ආයතනය පැහැදිලි කරන්නේ මෙම හැකියාව Safari usernames / passwords, credit cards, Wi-Fi networks / social log-ins වලදී පමනක් නොව ඔබ approve කරන ලද any device වලටද සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ iCloud Keychain වල තැන්පත් වන මෙම රහස් පද එම ආයතනයටද සංවෘතව වන නිසා ආරක්ෂාව ඉහලම වන බවකි.
  මීට අමතරව Safari web browser සමග එන Strong Passwords හැකියාව තුලින්ද auto-generated password මෙන්ම ඒවා iCloud Keychain වල තැන්පත් වීම ඔස්සේ ආරක්ෂිත වෙබ් සැරියක් ඔබට සහතික වෙනවා. ඔබ Safari වෙත sign up වීමත් සමග මෙම serviceයට විවෘත වන අතර මීට අමතරව password re-use alert මෙන්ම එකම password සමග multiple accounts භාවිතාවීම වැනි ගැටළු ගැන පවා දැනුවත් කරන්නට සූදානම් බව පවසනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

Critical security patches සදහා නම් iOS 15 මත සිටිය යුතුමය.

Apple පවසන්නේ iOS 15 වෙතට පිවිසීම ඉතා වැදගත් බවයි. ලොව පුරා භාවිතාවන millions ගනනක් වන iPhones භාවිතාකරන්නන් වෙතට නිකුත්වන මෙම නිවේදනයට අනූව ඔවුන් පවසන්නේ තවදුරටත් iOS 14 වෙතට කලින් කලට නිකුත්වන යාවත්කාලීන ලැබුනද critical security patches සදහා නම්  iOS 15 වෙට්නට පිවිස සිටීම වැදගත් වන බවයි. Apple ආයතනය තම iOS 15 සංස්කරනය පසුගිය September යේ නිකුත් කරන ලද අතර iOS 14.8.1 සදහා අවසන් යාවත්කාලීනය පසුගිය October නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. ලොවපුරා බිලියන ගනනක් වන iPhones භාවිතාව අතරින් සියයට 36ක් තවමත් iOS 14 භාවිතාකරමින් සිටින බවයි. පසුගිය December 2021වලදී iOS 15.2 නිකුත් කරන ලද අතර එම සංස්කරනය iPhone 6S සිට හා 7th generation iPod touch උපාග සදහා සූදානම් බවට පැහැදිලි කෙරුනා. ඔබ මෙම නව update එක වෙතට පිවිසෙන්නට නම් "General" > "Software Update" වෙතට පිවිසීමේදී උපකරනය නව සංස්කරනය සදහා සූදානම් නම් "Install Now" දිස්වන අතර ඒ ඔස්සේ ඉදිරියට යන්නට හැකි වනවා ඇත.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

Google Chrome නව සංස්කරනය වෙත පිවිසීම වැදගත්.

Google පවසන්නේ 2BILLION Chrome users ලා තම Google Chrome වල නව යාවත්කාලීනය වෙතට ඉක්මනින්ම පිවිසීම වැදගත් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව updateය සමග හඳුනා ගෙන ඇති දුර්වලතා 26ක් සදහා පිලිසකර මෙම නව යාවත්කාලීනය ‍රැගෙන විත් ඇති බවයි. ඔවුන් පවසන්නේ ඉන් එකක් "critical" මට්ටමේ බවයි. Google පවසන්නේ මෙම Chrome වල නව version එක Chrome 97.0.4692.99 ලෙසට නම්ව තිබෙන බවයි. ස්වංක්‍රීයව යාවත්කාලීන සදහා සූදානම්ව තැබීම භාවිතාකරන්නන් සදහා හොඳම තේරීම ලෙසට මේ වන විට භාවිතාකරන්නන් සදහා වන උපදේශය ලෙසට සැලකෙන අතර එසේ නොවන අවස්ථාවලදී මැනුවල් ආකාරයට ඒ සදහා කටයුතු කිරීම වැදගත් වනවා. ඒ සදහා Settings Menu > Help > About Google Chrome වෙත පිවිස එහි වන current Chrome version පිලිබඳව බලා ගන්නය හැකි වන අතර එය Chrome 97.0.4692.99 හෝ ඊට අලුත් ඒකක් නම් ගැටලුවක් නොවන අතර එසේ නොවන්නේ නම් නව සංස්කරනය download කර install කිරීම වැදගත් වනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

2022-01-20

Semiconductors තරගයේ චීනය සිටින්නේ 3 generations පි‍ටුපසින්.

 

International Data Corporation (IDC) හි ප්‍රකාශකයෙකු පවසන්නේ චීනය semiconductor technology අවකාශය තුල සිටින්නේ three නැතිනම් four generations වලට පසුපසින් බවයි. CNBC වෙත අදහස් පලකරමින් ඔහු පවසා සිටින්නේ චීනය බිලියන ගනනාවක් ආයෝජනය කලද මෙම කර්මාන්තය තුල ඉදිරියට පැමිනෙන්නට lithography වැනි හැකියාවන් තුල මනා නිපුනත්වයක් ඇති සේවක හැකියාව අවශ්‍යවන බවයි. ඔහුට අනූව semiconductor industry වල ප්‍රමුකයන්ට අනූව චීනය සිටින්නේ 16-nanometre - 14-nanometre මට්ටමේ chips නිෂ්පාදනය මට්ටමේ බවට අනුමාන කෙරෙනවා. එම ප්‍රාකශකයාට අනූව Taiwan හා Korea වැනි රටවල් දැනට මෙම ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින අතර Intel, Samsung හා Taiwan Semiconductor Manufacturing Company (TSMC) වැනි ආයතනයන් 7-nanometre chips නිෂ්පාදන මට්ටමේ සිටින බවයි.
Pubudu Siriwansa
Pariganakaya.Com


Opera වෙතින් Crypto Browser එකක්

Opera web browser වෙතින් පැමිනෙන්නට නියමිත නවතම සංස්කරනය වඩාත් Web 3.0 මිත්‍ර එකක් වන අතර එය blockchain technology මිත්‍ර එකක්ද වනවා පමනක් නොව built-in ආකාරයට එන cryptocurrency wallet එකකින්ද සමන්විත වන්නට නියමිතය. තවමත් beta version එකක් ලෙසට වන මෙම ව්‍යාපෘතිය සීමිත operating systems සමග පමනක් සූදනම්ව ඇති මුත් එලබෙන යුගය දෙසට වෙනස්ම ආකාරයට සූදානම් වෙමින් සිටින බ්‍රවුසරයක් වනවා ඇත. ඔවුන් පවසන්නේ native ආකාරයට එන  non-custodial crypto wallet එක හෝ Metamask, Coinbase නැතිනම් Binance වැනි wallet පාසුවෙන් බ්‍රවුසරයට සම්බන්ද කර ගැනීමේ හැකියාවද වන බවයි. මීට අමතරව මේ සමග swap cryptocurrencies හැකියාව, send හෝ receive crypto හැකියාව, check wallet balance වැනි සහයන් ද සමන්විතව පැමිනෙන බවට පවසනවා. ඒ වාගේම "Crypto Corner” ඔස්සේ crypto prices, news pieces, මෙන්ම NFT gallery සේම tutorials ද ‍රැගෙන එනන්නට නියමිය.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

Battery sharing tool එක පහසුවකි.

බැටරියේ හැකියා සීමාව මොබයිල් භාවිතාකරන්නන් අතර හිසරදයක් වන තරමට සීමාවක් ගෙනෙන්නෙකි. වඩාත් බැටරි හැකියාවක් සහිත Smart Phone එකක් මේ සදහා වන එක් විසඳුමක් වන අතර තවත් විසඳුමක් වන්නේ battery sharing toolය ලෙසටද හඳුන්වන්නට හැක. එනම් wireless charging technology ය සහිත දුරකථන අතර ද Wireless power sharing බටනයක් සක්‍රිය කිරීම ඔස්සේ කර ගත හැකි බල හුවමාරුවකි. Samsung phone වල 2019 සිට S10 series වල සිට මෙම හැකියාව හඳුන්වා දුන් අතර Huawei වලදී reverse wireless charging ලෙසට මෙම හැකියාව 2018 දී Mate 20 Pro වලට හඳුන්වා දෙන්නට කටයුතු කරන ලදී. මෙම හැකියාවන් සහිත දුරකථ්යන දෙකක් අවශ්‍ය සංක්‍රිය කිරීමකින් අනතුරුව පසු පස දෙපස එකිනෙක මත තැබීමෙන් වැඩි  charging ඇති දුරකථනයේ සිට අනෙක් දුරකථනය වෙත wireless charging ඔස්සේ මෙම බල හුවමාරුව සිදුකරගන්නට හැකි අතර එය  wired charging තරම් කාර්යක්ෂම එකක් නොවුනද emergencies වලදී සාර්ථක විඅඳුමක් ලෙසට සැලකිය හැකියි.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

"Bonanza Mine" නම් crypto-miner chip එක Intel වෙතිනි.


 Crypto mining  ලොව වැඩිම අවධානයක් දිනාගත් කාරනාවකි. නිල නොවන තොරතුරු අනූව Intel  පවසන්නේ "Bonanza Mine" නම් වන මෙම චිප් පත පෙබරවාරි 20-14 ට නියමිත International Solid-State Circuits Conference (ISSCC 2022)  වලදී ඉදිරිපත් කරන්නට සැලසුම්ව ඇති බවයි.  team blue ලෙසට නම් වන කන්ඩායමක් අතින් සිදුවෙමින් ඇති මෙම ව්‍යාපෘතිය ඔස්සේ නිමවෙන මෙම ප්‍රොසෙසරය පිලිබඳව ඇති අර්ථනිරූපනය පැහැදිලි කෙරෙන්නේ "Bonanza Mine: An Ultra-Low-Voltage Energy-Efficient Bitcoin Mining ASIC" ලෙසටයි. දැනට  bitcoin mining application-specific integrated circuits (ASICs)  කාරනාව සදහා වන තරග කරුවන් වන  Bitmain හා MicroBT සමග තරග කරන්නට නියමිත මෙම පැමිනීම අඩු බල ශක්ති වැයක් සදහා සූදානම් බවට ඉගි පල වෙමින් තිබෙනවා. 18A technology මත පදහම්ව නව processing units නිපද වන බවටයි තොරතුරු හෙලි වන්නේ.

Pubudu Siriwansa

Pariganakaya.Com

2022-01-19

iSIM technologyය සූදානම්.

Qualcomm පවසන්නේ තමන් Vodafone, Inc., හා Thales එකව ලොව පලමු iSIM තාක්ෂණය සහිත ස්මාර්ට් දුරකථනය හන්දුන්වා දෙන්නට සූදානම් බවයි. ඒ අනූව mobile services වලට තම සේවාවන් පහසුවෙන් දුරකථනය සමග සම්බඳ කරන්නට හැකි වන අතර සමහර හදාරන්නන් තත්වය පැහැදිලි කරන්නේ technologyය commercialization ලෙසටද වනවා. 1996 පමන වන විට Sim Cardය හඳුන්වා දුන් අතර 2016 වන විට eSIM පත හඳුන්වා දෙන්නට කටයුතු කෙරුනා. ඒ අනූව 2022 වන විට iSIM භාවිතාව හඳුන්ව අදුන් වසර ලෙසට සටහන් වනවා ඇති. මෙහිදී දුරකථනය සමග එන සිම් හැකියාව processor මතට පැමිනීම සිදුවන අතර ඒ ඔස්සේ වඩාත් වේගවත්, නම්‍ය, අඩු බලය වැයක් වැනි වාසි රාශියක් ගෙනෙනු ඇති.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

Singaporeතුල cryptocurrency ads තහනම් වේ.

 

Singapore විසින් තම රට තුල cryptocurrency පිලිබඳ promotions තහනම් කරන්නට කටයුතු කර තිබෙනවා. The Monetary Authority of Singapore (MAS) වෙතින් නිකුත් වන නිවේදනයක් සමග මෙම බල පැවත්ම පනවා ඇති අතර ඔවුන් පැහැදිලි කරන්නේ මෙම  virtual monies මත කරන ගනු දෙනු හෝ ආයෝජනයන් very high-risk මට්ටමක වන බවට පවසනවා. මෙම Cryptocurrencies සමග කටයුතු කරන service provider, company, agency වැනි අය තම සේවාවන් පිලිබඳව Singapore තුල advertise කිරීම තහනම් වීම සිතුවන අතර ඒවා public transport, websites, social media, broadcast, හා print media ආදිය තුල Promotional banners නැතිනම්pop-up ads, third-party websites පමනක් නොව social media platforms වලටද අදාලව මෙම තත්වය බල පවත්වනවා. 

Pubudu Siriwansa

Pariganakaya.com

2022-01-17

පරිගණකයේ වන ගොනු antivirus වලින් exceptions නොකලයුතු බව..


 තම පරිගණකයේ ස්ථාපිතව ඇති සමහර ගොනු antivirus මෘදුකාංගය සදහා අදාල නොවන ලෙසට එම මෘදුකාංග වෙත දන්වා තැබීමේ හැකියාවක් සමහර ආරක්ෂක මෘදුකාංග විසින් ලබා දී තිබෙන අවස්ථා ඇත. හදාරන්නන් පවසන්නේ මේ ඔස්සේ හානිකර සංක්‍රියවීමේ අවස්ථා දෙකක් බවයි. එනම් අදාල මෘදුකාංග කොටසේ පවතින හානිකරයක් සංක්‍රිය වීම මෙන්ම දුරස්ථ ප්‍රහාරකයෙකුට එම ස්ථාන හඳුනා ගැනීම ඔස්සේ ඒ මත තම අවශ්‍ය හානිකරය සගවා තැබීමේ අවස්ථාවයි. හදාරන්නන්  Microsoft Defender සමග කල හැදෑරීමේකිදී පෙන්වා දෙන්නේ registry ඔස්සේ මෙම ස්ථාන හඳුනා ගන්නටත් ඉන් අනතුරුව යම් හානිකර ගොනුවක් මේ තුල සගවන්නටත් අවස්ථාව ඇති බවයි.

Pubudu Siriwansa

Pariganakaya.Com

iPhoneය අවශ්‍යම විටකදී පමනක් force reboot කරමු.

ස්මාර්ට් දුරකතනයකට පැමිනෙන ගැටළු සහගත අවස්ථාවන් සදහා බහුලවම යොදාගන්නා විසඳුමක් වන්නේ එය reboot කිරීමයි. මේ සදහා සෑම දුරකථනයකම සරල සැකසුමක් පැමිනෙන අතර ඒ ඔස්සේ භාවිතාකරන්නා හට මෙම පියවරට යා හැකි වනවා. නමුත් කලාතුරකින් පැමිනෙන ගැටළු වලදී මෙම විසඳුම අපහසුවාන් බව බොහෝ භාවිතාකරන්නන්ගේ අත්දැකීමකි. මෙවන් අවස්ථාවලදී විසඳුමක් වන්නේ force reboot පියවර බව හදාරන්නන්ගේ මතයයි. දුරකථනය සාමාන්‍ය සැකසුම් ඔස්සේ reboot කල නොහැකි විටකදී පමනක් ගත යුතු පියවරක් ලෙසට වන මේ සදහා volume up buttonය pressing හා releasing කර ඉන්පසු volume down button ය ටද එසේ ක්‍රියාත්මක කර අවසනයේ side button එක pressing හා holding කර Apple logo එක දර්ශනය වන තෙක් සිටීමෙන් මෙම් ක්‍රියාවලිය සම්පූර්න කරගන්නට හැකි වන අතර මෙය සියලුම iPhone සදහා පොදු සැකසුමක් බවටයි පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

2022-01-16

‘FaceBit' නම් face mask sensorය සූදානම්.


 පසුකරමින් සිටින pandemic කාලයට අනුරූපව face masks අනිවාර්ය පැලඳුමකි. හදාරන්නන් පිරිසක්  N95 mask එකට සවිවන sensors පෙලක් ඔස්සේ භාවිතාකරන්නගේ සෞක්‍ය පිලිබඳව හෑදෑරීම් අවස්ථා ‍රැසක් යෝජනාකරමින් සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ පලදින්නාගේ නිරෝගී බව පමනක් නොව ඔවුන් සතු health risks පිලිබඳවද කරුනු කාරනා රාශියක් මේ ඔස්සේ හදාරන්නට අවස්ථාව ඇති බවයි. Northwestern University වල නිර්මාණය වන මේ magnetically සවිවන මෙම  chipset සදහා දැනට භාවිතාවන නාමය වන්නේ "FaceBit" වන අතර එමගින් heart rate  වල තත්වය මෙන්ම stress වැනි තත්වයන් දක්වා කරුනු හදාරමින් භාවිතාකරන්නා වෙතට සහය දක්වන්නට සූදානම් බවටයි පැහැදිලි කෙරෙන්නේ.

Pubudu Siriwansa

Pariganakaya.Com

iPhone සමග වන ආරක්ශිත පියවර කිහිපයක්...

තොරතුරු තාක්ෂණය අපමන සුව පහසුවකි. පෙර ලෝකය සමග සැසදීමේදී එහි වන වේගවත් බව, සරලබව මෙන්ම සම්බන්ඳිත බව ගෙනෙන්නේ අපමන පහසුකම් වුවද ක්ෂණයක අතපසුවීමක් ගැටළු සහගතද විය හැකි බව අමතක නොකල යුතුමය. Apple ආයතනය තම පලමු නිකුතුව වූ 2007 සිටම මේ පිලිබඳව අවධනය ඉහලින්ම තබා ගන්නට කටයුතු කර තිබිනි. පහත දැක්වෙන්නේ එම ආයතනය පවසන සරලතම free privacy features පහක් පිලිබඳවය.
     Apple දුරකථනයක් සමග කටයුතු අරබන ඔබට හමුවන පලමු පියවර විය යුත්තේ මෙම ආරක්ශිත බව තහවුරු කර ගැනීමය. එම ආයතනය ඒ සදහා පලමු කොටම ආකාර 3ක් ගෙනැවිත් තිබේ. එනම් passcodes 3කි. එනම් numerical code, Tap Touch ID, හාr Face ID. ලෙසට නම් කෙරේ. ඒවා සදහා පිවිසෙන්නට Face ID: Tap Settings > Face ID & Passcode ලෙසටද, Home button: Tap Settings > Touch ID & Passcode > Turn Passcode On, or Change Passcode ලෙසටද පැහැදිලි කර සිටී. 
   ඔවුන් පවසන මීලග වැදගත්ම අංගයක් වන්නේ Find My iPhone වේ. එම අංගය සංක්‍රිය කිරීමත් සමග locate your iPhone හැකියාවද activating බව වැලක්වීමටද සහය වන බව සඳහන් වේ. මේ සදහා go to Settings > Find My [device] අංගයද, Turn on Find My network සමග  දුරකථනය offline විටදී පවා ස්ථානගත කර ගැනීමේ හැකියාව මෙන්ම පහසුවෙන් හිතවතුන් සමග ඔබගේ Share My Location හැකියාවද ලැබේ. 
    එසේම Suggested Password මගින් වඩාත් ශක්තිමත් අවසර පදයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව භාවිතයට ගැනීම වැදගත් වනු ඇත. Control app tracking හැකියාවද වැදගත් වන්නේ ඔබගේ පෞද්ගලික තොරතුරු නිරාවරනය සදහා වැදගත් වන බැවිනි. Settings > Privacy > Tracking ඔස්සෙ පිවිස ඒ ඒ app සදහා දුරකථනය තුලදී ලබා දෙන අවසරයන් පිලිබඳව අවබෝදයක් මෙන්ම පාලනයකට අවස්ථාව ලැබෙන බව අමතක නොකලයුතුය.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

2022-01-15

ANDROID සදහා සරල ආරක්ශක පියවර 3ක්.

ANDROID යනු බහුලතම මොබයිල් මෙහෙයුම් පද්ධති භාවිතාවයි. ඒ නිසාම එම මෙහෙයුම් පද්ධතිය සමග වන සරල සැකසුම් කිහිපයක් ඔස්සේ ඔබගේ සුරක්ෂිත බව තහවුරු කරගැනීම වැදගත් වනු ඇත. auto-sleep තේරීම සංක්‍රීයකර දුරකථනය මත ඔබගේ මෙහෙයුමක් නොලැබෙන විට ඉතා කෙටිකාලයකින් ඒ සදහා පිවිසෙන්නට සූදානම් කොට තැබීම වැදගත් වන්නේ ඔබගේ ඒ ප්‍රමාදය ඔස්සේ තවකෙකුට ඔබගේ දුරකථනය වෙතට පිවිසෙන්නට නොහැකි වන්නට එය හේතුවන බැවිනි.
  අනෙක් වැදගත් අංගයක් නම් "Notification Settings" ඔස්සේ පිවිස Silence your notifications ආකාරයට සැකසුම් තැබීමයි.ඒ ඔස්සේ අනෙකෙකුට ඔබගේ දුරකථනයෙන් එන notifications වෙතට අනවසරව පිවිසෙන්නට වන අවස්ථාව අහිමි වනු ඇති. එසේම fingerprint නැතිනම් face හැකියාවල් ඔස්සේ දුරකථනය ආරශිතව තැබීම වැදගත් වන්නේ තවකෙකුට දුරකථනය වෙතට අනවසර පිවිසීමක් වීමට අවස්ථාව නොතැබීමයි. අවසර පදයක් භාවිතාකරන්නේ නම් එය සංකීර්න මෙන්ම තවකෙකුට උපකල්පනයට අපහසු එකක් ව තැබීම වැදගත් වනු ඇති.
Pubudu Siriwansa
Parigankaya.Com


 

REvil නම් ransomware gang එක වටලයි.

 

Russia බලධාරීන් පවසන්නේ තමන් REvil නම් ransomware crime groupඑකට එරෙහිව පියවර ගෙන එහි බහුතරයක් සාමාජිකයින්ට නීතිමය කටයුතු කරමින් සිටින බවයි. මීට පෙර  United States  වලින් පවසා තිබුනේ මෙම කන්ඩායම පිලිබඳව තොරතුරු ලබා ද්ව්න අයෙකුට $10m ක මුදලක් පිරිනමන්නට කටයුතු කරන බවකි. මෙම REvil වල කටයුතු පැහැදිලි කරන්නේ "developed malicious software" හරහා bank accounts වලින් මුදල් සොරකම් කරන නීති විරෝධී කන්ඩායමක් බවයි. FSB පවසන්නේ තමන් 426 million rubles (£4m) මුදලක් නැවත අත්පත් කරගන්නට සමත්වූ බව හා මෙම නීති විරෝධී මුදල් ඔස්සේ අත්පත්කරගෙන තිබූ 20 "premium cars" අත්පත් කරගන්නට කටයුතු කල බවයි. එසේම FSB පැහැදිලි කරන්නේ තමන් මෙම කන්ඩායම සතුව තිබූ information infrastructure එක අක්‍රිය කර දම්න්නට සමත්වූ බවයි.
Pubudu Siriwansa


QR code ගැනත් අනතුරු ඇගවේ.

පසුකරමින් සිටින pandemic කාල වකවානුවේදී QR codes භාවිතය වඩාත් අවධානය දිනා ගත්තේ භෞතික ස්පර්ශයන් අවම කරන්නට එය මහත් පහසුවක්ද වූ බැවිනි. ජීවිතය අවට වන නෙක අවස්ථා සදහා මේ භාවිතය පැමින තිබිනි. බලාපොරොත්තු විය යුතු පරිදිම මේ වන විට මෙම QR code වල සැගව එන හානිකර අවස්ථා පිලිබඳව තොරතූරු හෙලි වෙමින් තිබෙනවා. සමහර විට එම QR codeය phishing email එකකට මග කියන අවස්ථා මෙන්ම dodgy websites එකකට මග කියන ඒවා වන අවස්ථා පිලිබඳව මේ වන විට හෙලි වෙමින් තිබෙනවා. විටක ඔබගේ බැංකු ගිනුමක තොරතුරු සොරා ගන්නා මෙන්ම පෞද්ගලික තොරතුරු සොරා ගන්නාවාද විය හැකි බවටයි වාර්ථා වෙමින් ඇත්තේ. විටක ආයතනයක වන QR code එකක් වාගේම ඊමේලයක් ඔස්සේ එන QR code  එකකින්ද මේ අනතුරු වී ඇති බවටයි හෙලි වන්නේ.
Pubudu Siriwansa
Pariganakaya.Com
.


 

2022-01-13

iPhone Private Relay

 

iPhone Private Relay වැදගත් වන්නේ එම අංගය ඔස්සේ ඔබගේ online අනන්‍යතාවය සුරකින්නට කටයුතු කරන නිසාවෙනි. එය ඔබගේ  IP address අනන්‍යතාවය hidden කරන අතර Safari activity කටයුතු masked කරනු ඇත. ඔබ airport, coffee shop නැතිනම් hotel වලදී WiFi භාවිතා කරන්නෙක් නම් ද මේ අංගය වැදගත් වන්නේ ඔබගේ භාවිතාවේ පෞද්ගලික තොරතුරු අනවශ්‍ය පාර්ශවයකට නිරාවරනය වීම වලකා ලන්නට එය සහය වන නිසාය.  මෙම අංගය සංක්‍රීය කරන්නට ප්‍රථම  Settings > General > Software Update ඔස්සේ ඔබගේ iPhoneය යාවත්කාලීනව තැබීම වැදගත් වන අතර ඉන් පසුව
Go to Settings  > [your name] > iCloud > Private Relay. ඔස්සේ සමස්ථ දුරකථන භාවිතාව සදහාම මෙම අංගය සංක්‍රිය කරන්නටත්
Go to Settings  > Wi-Fi.
Tap the Actions Available button, then turn iCloud Private Relay on or off. ඔස්සේ wifi සදහා මෙම අංගය සංක්‍රිය කරන්නටත් හැකිවනු ඇත.
Pubudu Siriwansa


2022-01-12

"Sign In with Apple" ඔස්සේ ආරක්ෂා වෙමු. - Apple

"Sign In with Apple" අංගය සමහර විට දැනටමත් ඔබ පාවිච්චි කරනවා විය හැක. එම ආයතනය පැහැදිලි කරන්නේ මෙම අංගය ඔස්සේ ඔබගේ emailය අනවශ්‍ය ලෙස නිරාවරනය වීම වලක්වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ අන්තර්ජාලය මතදී third-party apps හා websites වෙතට sign in වීමට අවශ්‍ය වන විටදී pop-up එකක් ලෙසට පැමිනෙන මෙම තේරීම නිසා ඔබගේ සැබෑ ඊමේලය නිරාවරනය නොවී මෙම පහසුව ඔස්සේ sign in වීමට හැකිවන අතර ඒ ඔස්සේ අනවශ්‍ය ලෙසට ඔබගේ තොරතුරු බාහිර පාර්ශව වලට නිරාවරනය වීමේ අනතුර වැලකෙන බවයි. එසේම Apple අයතනය මේ ඔස්සේ ඔබගේ වෙබ් හැසිරීම track නොකරන බවටත් පවසනවා. මෙහිදී Face ID හෝ Touch ID ඔස්සේ two-factor authenticated ආකාරයට අදාල sign in වීමට ඉඩ සැලසෙන අතර දැනට දෑවසරක සිට මෙම භාවිතාව ක්‍රියාත්මක වන අතර මේ වන විට බහුල භාවිතාවක් එය ලබමින් ඇති බවයි. එසේම මෙම පහසුවට සහය දක්වන app හෝ website වලදී pop up එකක් ලෙසට පැමිනෙන අතර අවශ්‍ය ඔනෑම විටකදී මෙම පහසුව නවතාදමන්නටද පහසුවෙන් හැකිවන බවට ඔවුන් පවසනවා. මේ අංගය වෙතට පිවිසෙන්නට Settings > your name > Password & Security > Apps Using Your Apple ID හැකිවනු ඇති.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

2022-01-11

Galaxy Unpacked 2022 සදහා දින නියමවේ.

Samsung ආයතනය පවසන්නේ තම Galaxy Unpacked 2022 හමුව පෙබරවාරි මාසයට නියමිත බවයි.  Galaxy S22 නිකුතුපෙලකට අදාල වන මෙම හමුව තුලදී  S22, S22 Plus හා S22 Ultra සංස්කරන වලට අදාලව සිදුවන මෙම හමුවෙන්(February 8) අනතුරුව February 24 සිට සාමාන්‍ය වෙළඳ පොල වෙතට නිකුතුව සිදුවන බවට බලාපොරොත්තු වෙනවා. මෙම Samsung Galaxy S22 දුරකථන පෙල Snapdragon 8 Gen 1 හෝ Exynos 2200 chip වලින් සමන්විත වන්නට නියමිත අතර AMD's RDNA 2 මත වන  GPU එකකින් සමන්විත වන්නට නියමිතයි. එසේම Super Clear Lens වලින් සමන්විතව පැමිනෙන්නට නියමිත වීම මෙම නිකුතුව පිලිබඳව තවත් අවධානයක් දිනාගත් කාරනයක්ව පවතිනවා. මීට අමතරව 5,000 mAh battery, S-Pen සදහා සහය දැක්වීම, faster 45W charging (Ultra model) වැනි හැකියාවන්ගෙන් සමන්විතව පැමිනෙන්නට නියමිත වනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

Magic V නම් foldable flagship දුරකථනය සූදානම් -Honor

Smart Phones ලෝකයේ එකි නෙකට ප්‍රතිවිරුද්ද සාධක දෙකක නිරන්තර තරගයක් වේ. එනම් screen වල ප්‍රමානය හා දුරකථනයේ ප්‍රමානයයි. මේ සදහා නිෂ්පාදන ආයතන වල එක් විසඳුමක් වූවේ  foldable smartphones වේ. Honor වෙතින් එන Magic V නම් flagship දුරකථනය කුඩා external folding display එකකින් මෙන්ම විශාල internal folding display (7.9 inches , aspect ratio - 10:9.  resolution - 2272 x 1984 , refresh rate of 90Hz.) එකකින් සමන්විත වේ.
   Snapdragon 8 Gen 1 ප්‍රොසෙසර් එකකින් බල ගැන්වෙන මෙහි 12GB - RAM, 512GB - storage සහ 4,750mAh battery වලින් සමන්විත වන අතර 66W charge හැකියාවකින් සමන්විත වේ. 5G සදහා සහය දක්වන මෙම දුරකථනය Android 12 මත දිවෙන Magic UI 6.0 වලින් හැඩ ගැන්වේ. පසු කැමරා සැලකීමේදී 50-megapixel sensors තුනකින් සමන්විත මෙහි "spectrum-enhanced camera," එනම් ultra-wide camera හැකියාවකින් සමන්විත වන අතරම 42-megapixel බලැති front-facing cameras දෙකකින් සමන්විතවේ.  January 18 වන විට China වෙළඳපොල වෙතට පැමිනෙන්නට නියමිතව තිබෙනවා.
Pubudu Siriwansa


 

2022-01-10

Meta වෙතින් නව Privacy Center එකක්...

 

ගෙවී ගිය මෑත කාලයේ වඩාත් අන්තර්ජාලය වෙත අවධානය ලැබිනි. එසේම වඩාත් පෞද්ගලිකත්වය සදහා අන්තර්ජාලයේ මැදිහත්වීම විමසීමට ලක්වීමද දක්නට ලැබිනි.  එහි පරථිපලයක් ලෙසට ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ෂණ ආයතන තම සේවාවන් තුලදී භාවිතය ලබන්නන්ගේ පෞද්ගලිකත්වය සුරක්ෂිත කරන්නට පෙලෙබීම බහුලව දක්නට ලැබිනි. Meta ආයතනය පවසන්නේ තම නව Privacy Center එක හරහා භාවිතාකරන්නන්ගේ රුචි අරුචි කම් අනූව වඩාත් පාලනයකට ඉඩ සලසන්නට සූදානම් බවයි. ඒ අනූව Security, Sharing, Collection, Use, මෙන්ම Ads යන ආකාර පහකින් ඒ සදහා අවස්ථාව දී ඇති අතර ඒ නූව පලමු first module එක හරහා security options වෙතටත් දෙවන අංගය යටතේ posts වල ගලායාම පිලිබඳව තොරතුරුත් තෙවැන්න යටතේ Meta ආකාරයට තොරතුරු පරිහරනය වන ආකාරය මෙන්ම අවසානය ඔස්සේ  Ad Preferences tool එකක් ලෙසට පහසුවක් ගෙනෙන බවටයි පවසන්නේ. Facebook  වල desktop version තුලින් ගොස් Settings and Privacy ඔස්සේ මෙම Privacy Center  වෙතට පිවිසෙන්නට හැකිවේ.
Pubudu Siriwansa


Samsung වඩාත් පරිසර හිතකාමී බවකට…

 

Samsung ආයතනය පවසන්නේ 2022 තුල වැඩි අවධානයක් පරිසර හිතකාමී බව වාගේම බලශක්ති මිත්‍ර බව තම නිපැයුම් වලදී දැඩි අවධානයකට ලක් කරන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ microplastics ඔස්සේ සිදුවන දැඩි පරිසර දූෂණය වැනි කාරනා ඔස්සේ අවධානය යොමු කරමින් ආයතනික යුතුකමක් ලෙසට වඩා පරිසර මිත්‍ර උපාංග හා භාවිතාවන් දෙසට තම අවධානය යොමුකරන බවයි. එම ක්‍රම වේද අතර recycled plastic වැනි භාවිතාවන් මෙන්ම වඩාත් පරිසරය සුවපත් කරවන නිපැයුම් කෙරෙහි දක්වා තම අවධානය යොමු කර ඇති බවයි. Patagonia වැනි ආයතනයන්ද සමග තම ව්‍යාපෘති සකසන ඔවුන් solar panels මත යැපෙන storage data වැනි අවධානයන් ඔස්සේ මෙන්ම වඩාත් Zero Energy Home Integration සදහා කටයුතු කරන්නට සූදානම් බවයි.
Pubudu Siriwan
sa

Canon වෙතින් chip-less toner cartridges

Canon ink cartridges සම්බන්දයෙන් පසුගිය ඔක්තෝබරයේ අවධානයට ලක්වූ කරුනක් වූවේ ඔවුනගේ printers වල out of ink තත්වයේදී එවායේ අමතර පහසුකම් වන scanning පවා නවතාලන්නට කටයුතු කොට තිබීම නිසාය. පැමිනෙන නවතම පුවත වන්නේ global chip shortage හේතුකොට ගෙන තාවකාලීකව chip-less toner cartridges වෙළඳ පොල වෙතට නිකුත් කරන්නට එම සමාගම කටයුතු කරමින් සිටින බවයි. මෙම February වන විට මෙම නිකුතූන් වෙළඳ පොල වෙතට එන්නට නියමිත අතර එම chip රහිත toner නිසා genuine Canon products පිලිබඳව අනතුරු හැගවීමේ හැකියාවේ සිට usage levels වැනි හැකියාව දක්වා සමහර හැකියාවන් මෙම උපකරන වලට අහිමි වන්නට නියමිත බවට බලාපොරොත්තු වෙනවා.
Pubudu Siriwansa

 

 

2022-01-03

Windows වල Update එකක් Uninstall කරමු.

සෑම ප්‍රධාන මෙහෙයුම් පද්ධතියකටම වාගේ විටින් විට යාවත්කාලීන පැමිනීම සාමාන්‍ය කාරනාවකි. බොහෝ විට මේවා ඒ වන විටත් හඳුනා ගෙන ඇති දුර්වලතා සදහා නිකුත් කරන පිලිසකරයන් වන අතර විටින් විට අදාල මෙහෙයුම් පද්ධතියේ තත්වය ඉහල නංවන යාවත්කාලීනයන්ද පැමිනේ. බොහෝ විට එම ආයතනයන් මෙම යාවත්කාලීනයන් නිකුත් කරන්නේ ප්‍රමානාත්මක අත්හදා බැලීම් වලින් අනතුරුව වන අතර ඉඳ හිටක ගැටළු ඇති වීමද සිදු නොවනවාම නොවේ. Windows වැනි පරිසරයකදී තත්වය සංකීර්න වන්නේ බහුල භාවිතාව සමග විශාල වපසරියක ස්වභාවයන් ඇති පරිගණක සදහා මෙම යාවත්කාලීන ඉලක්ක වන විට හමුවිය හැකි නෙක ආකාරයේ ගැටළු වලද වපසරියද විශාල බැවිනි. පහත දැක්වෙන්නේ යම් මොහොතක ඔබ ස්ථාපනය කරන ලද යාවත්කාලීනයක් ගැටළු සහගත වෙමින් ඇති බවට හැගෙන විට ඒවා අස්ථාපනය කිරීම සදහා ගත යුතු windows 10 මෙන්ම windows 11 වලදී ගත හැකි සරල ක්‍රියාදාමයයි.
Windows Update > Update History > Related settings > Uninstall updates > මෙම පියවරින් පසුව හමුවන්නේ යාවත්කාලීන සදහා වන Control Panelය වන අතර අවශ්‍ය යාවත්කාලීනය ‍තෝරා එය අස්ථාපනය සදහා ඔබට පියවර ගන්නට හැකි වනු ඇත. සාර්ථක උත්සාහයකින් පසුව අස්ථාපන ක්‍රියාවලියේ ප්‍රගතිය progress bar එකක් ඔස්සේ ඕබට දක්නට ලැබෙනු ඇත.
අත්වැරදීමකින් යම් යාවත්කාලීනයක් අස්ථාපනය වූ විටකදී Check for updates > Windows Update ඔස්සේ ඒවා නැවත ස්ථාපනය කරගන්නට මෙහෙයුම් පද්ධතිය සහය වනු ඇත.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...