2022-01-26

ජීවිතය වටා ගැවසෙන තොරතුරු උපංග අහිංසකම නොවිය හැක.

දෛනික ජීවිතයේදී ඔබ යනෙන, කරන කියන දහසක් දේ සමග නිරන්තරයෙන්ම ගැවසෙන තවත් අවධානයක් ඔබගේ අත්ලෙහි හෝ පසුම්බියේ නැතිනම් ඇදුමේ රඳවනයක වේ. එනම් ස්මාර්ට් දුරකථනයයි. නැතිනම් මේ ආකාර ගත් තවත් ස්මාර්ට් උපාංගයි. ඒවා ඔබ සිතනා තරම් නිහඬ අහිංසක සගයන් නොවන්නටද හැක. එනම් ඔබගේ දෛනික ජීවිතයේ බොහෝ පියවරයන් සටහන් කරගන්නට ඒවා කටයුතු කරන බැවිනි. ඔබ යනෙන තැන් එය සටහන් කර ගනියි. ඔබ කරන සෙවුම් බැලුම්, කරන ගනුදෙනු මෙන්ම මිලඳී ගැනීම් වැනි සියල්ලා සටහන් කරගන්නා ඒවා විසින් ඔබ පිලිබඳව සමහර විටක ඔබ නොදැනුවත්ම ගොඩ නැගෙන දෙවන ඔබක් නිර්මාණය කරගන්නට කටයුතු කරයි. එම ආයතන වලට දෙයාකාරයකට මේ අනනයතාවය වැදගත්වේ. පලමු කොටම ඔබේ සිතුම් පැතුම් දන්නා සහයෙකු ලෙසට වඩා විස්වාසනීය මෙන්ම ආශ්‍රිතයා බවට පත්වීමය. අනෙක නම් වෙලඳ ආයතන වෙත වඩාත් ඔබව ඉලක්කවන දැන්වීම්කරුවෙකු ලෙස ඉදිරිපත්වීමය. මේවා අහිංසක සිදුවීම්ද නැතිනම් ඔබව ආක්‍රමයවන සිදුවීම්ද යන්න තීර්නය වන සාධක කිහිපයකි. විටක අත්‍යාවශම සගයා ලෙසට මනාව ඔබට සහය වන්නාගේ චරිතයට මේවාට පැමිනෙන්නට හැකි වනු ඇත. තවත් විටක ඔබට ගැලවිය නොහැකි ලෙසට ඔබේ රුචි අරුචිකම් හබා එන වෙළඳ හෝ වෙනත් ආක්‍රමනිකයන්හට ඔබව විවර කර දෙන්නෙක් ලෙසට විය හැක.
Pubudu Siriwansa

 


 

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...