Showing posts with label social network. Show all posts
Showing posts with label social network. Show all posts

2014-05-28

අන්තර්ජාලයම සොයනවා වෙනුවට ලගැති උපාංග සමග ජාලගත වන්නට වැඩි කැමැත්තක් ඇති යුගයක්!!!!

 සැමට අන්තර්ජාලය යනු කලකට ඉහත බොහෝ විද්වතුගේ මෙන්ම තොරතුරු ලෝකය ආශ්‍රිත ආයතනයන්ගේ අවධානය ලබා ගත් මාතෘකාවක්ව තිබිනි. එක් දෙසකින් වඩාත් වේගවත් අන්තර්ජාල සේවාවක් පිලිබදව නිරන්තරයෙන් අත්හදා බැලීම් සිදුවන අතරම තවත් දෙසකින් දුරබැහැර දුශ්කර ප්‍රදේශ සදහා විකල්ප ක්‍රම ඔස්සේ අන්තර්ජාලය ගෙන යන්නට ක්‍රමවේද සොයන්නට කටයුතු කරමින් සිටීනු දක්නට ලැබින.
         මේ අතර පැමිනෙමින් ඇති නව ප්‍රවනතාවයක් යෝජනා කරමින් සිටින්නේ offline ආකාරයට වඩ වඩාත් තම දත්ත උපාංග භාවිතට පෙලබ වන ආකාරයේ app ක්‍රියාකාරීත්වයක් ආයතන කිහිපයකම තම මීලග නිකුතූන් වල නිමිත්තක් බවට පත්වෙමින් ඇති බවයි. Google map වැනි බහුල භාවිතාවක් මෙන්ම දුෂ්කර වටපිටාවකදී පවා ක්ශනික අවශ්‍යතාවයක් වන විටදී මෙසේ offline ලෙසට සහයට පැමිනෙන්නට හැකිවීම අත්‍ය අවශ්‍ය බවටයි යෝජනා වන්නේ.එසේම උපාංග අන්තර්ජලය ඔස්සේම තම ජාල ගතවීම සෙවීම වෙනුවට තමා අවට ඇති හිතවතුන්ගේ උපාංග සමග Wi-Fi වැනි ක්‍රම ඔස්සේ සම්බන්ද වීමට හැකිවීම කෙරෙහි වැඩි අවධානයක් නිපදවන්නන්ගෙන් පල වෙමින් ඇති බවටත් වාර්ථා වනවා. අඩු ශක්ති වැයක් ඔස්සේ තමන් අවට ඇති උපාංග සමග ජාලගතවීම ඔස්සේ වඩාත් ප්‍රාදේශීය හා නිවැරදි තොරතුරු වලට ලගා වීමේ හැකියාව ඔවුන් පෙන්වා දෙමින් සිටිනවා. මෙහිදී සමාජ ජාලා වැනි සබදතා වැඩි වශයෙන් ලැබෙන සේවා සම්බන්දිත app සදහා එවැනි යෝජනා වඩාත් ගැලපෙන බවටයි හදාරන්නන් යෝජනා කරමින් සිටින්නේ.

2014-05-08

Google + කෙරෙහි Google අවධානය අඩුවීමක්!!!!

  Google ආයතනයේ සමාජ ජාලාව වන Google+ සදහා එම ආයතනයේ ප්‍රධාන අවධානය ක්‍රමයෙන් අවමවීමක් පිලිබදව මේ වන විට පලවෙමින් තිබෙනවා. මෙම ව්‍යාපෘතිය  සදහා වැඩි කැපවීමක් කරමින් සිටි ප්‍රධානියෙකු ආයතනය නික්ම යාම මෙන්ම එම අඩවිඅ සදහා වෙන්ව සිටි සේවක මන්ඩලයෙන් 1200ක ප්‍රමානයක් ඉන් ඉවත් කොට වෙනත් අංශ වෙතට යොමු කිරීම මෑතකදී සිදුවූ සිදුවීම් වලින් මේ බව දැක්වෙන බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. කෙසේ වෙතත් එම හදාරන්නන් බලාපොරොත්තු වන්නේ කිසිසේත් Google+ මෑතකාලීනව අවසක් කිරීමක් නම් සිදුවන්නට ඉඩක් නැති බවකි. you tube වැනි ඔවුන්ගේ ජනංප්‍රිය වෙබ් සේවාවන් Google+ වෙතට  එකට ගොනු කිරීම වැනි පියවරයන් පවා ආපසු ගැනීමක් සිදුවන්නට ඉඩක් නැති බවට පවසන ඔවුන් Feasbook නැතිනම් Twitter වැනි සමාජජාලා සේවාවන් තරම් ජනංප්‍රිය නොවීම කෙසේ වෙතත් cricles වැනි අංගයන් ඔස්සේ භාවිතාකරන්නෙකුට තම හිත මිතුරුකම් පහසුවෙන් වෙන් කර ගනිමින් භාවිතාවට හැකිවීම මෙන්ම සේඅවන් රාශියක් එක පිවිසීමක් ඔස්සේ විඳින්නට හැකිවීම වැනි සුවිශේෂී කාරනාවන් වලදී මෙම සමාජ ජාලාව ඉදිරියෙන් සිටින බවටයි දක්වා සිටින්නේ.


2014-02-12

Twitter සදහා Facebook-like profile redesign එකක්!!!!

  Twitter යනු micro මට්ට්මේ පලකිරීම් සදහා ඉඩ සලසන ලොව බහුල භාවිතාවක් ඇති වෙබ් අවකාශයකි. ප්‍රකට  මට්ටමේ පුදගලයන් මෙන්ම සිදුවීම් සමග මහත් කාර්යභාරයක් ඉ‍ටුකර ඇති මෙම සේවාවේ Twitter profile සදහා නව නිමැවුමක් මේ වන විට හඳුන්වා දෙමින් සිටින බවටයි තොරතුරු පලවෙමින් ඇත්තේ. මේ වන විට සීමිත භාවිතාකරන්නන් පිරිසක් අතර මුදා හැරෙමින් ඇති මෙම නව වෙනස්කම 'vertical timeline' ස්වභාවයක් ඇති Facebook පෙනුමට සමාන ආකාරයක් ගෙන ඇති බවටයි කියවෙන්නේ. වඩාත් සවිස්තර මුල් පි‍ටුව ඔස්සේ භාවිතාකරන්නාහට සිත්ගන්නා සුලු ආකාරයට පලකිරීම් සමග භාවිතාවිය හැකි ආකාරයට redesign ව ඇති මෙම පි‍ටුව ලා පැහැති වර්ණ යන්ගෙන් නිමැවී තිබෙනවා.තම තරගකාර සගයා Facebook වෙතින් නව හදුන්වාදීමක් වන  news reader app වැනි අනවාංග සමග තරග කරන්නට හැකිවන ලෙසට පැමිනිය යුතු වෙනස්කම් ලෙසට දැකිය හැකි මෙම වෙනස් කම සමග පසුගිය කාලයේ හදුන්වා දුන් desktop site නව මුහුනත ආදියට ලෙසට උනුසුම් පිලිගැනීමක් භාවිතාකරන්නන් වෙතින් පැමිනෙනු ඇති බවටයි විචාරක මතය වන්නේ.
https://twitter.com/siriwansa

2013-12-10

so.cl සමාජ ජාලය සදහා iOS හා Android සදහා app නිකුත්වේ!!!!

  නෙක ආකාර ගත් සමාජ ජාලා බොහොමයක් ඇත.ඒවා අතරින් Facebook,Google Plus, Twitter, LinkedIn, Pinterest, Instagram  බෙහෙවින්ම සදහන් වන සමාජ ජාලාවන් ලෙසට පිලිගැනේ. මයික්‍රසොෆ්ට් සමාගමද 2011 දී පමන තම සමාජජාලාවක් හදුන්වා දෙන්නට කටයුතු කරන ලදී.එම ප්‍රසිද්ධ නිකුතුවත් සමග එය සො.ච්ල් ලෙසට නම් වූ අතර  එය මයික්‍රසොෆ්ට්  පර්යේක්ෂන අංශය යටතේ එන FUSE Labs  වෙතින් සිදුවූ නිකුතුවක් ලෙසටයි නිවේදනය වූවේ. මෙතෙක් එම සමාජ ජාලය භාවිතාව සදහා බ්‍රවුසරයක් ඔස්සේ පමනක් ඉඩ තිබුනු අතර මයික්‍රසොෆ්ට් වෙතින් වන නිවේදයක් පවසන්නේ මේ වන විට එම සේවාව ios හා Android app ලෙසට භාවිතාකරන්නට හැකිවන බවයි.Bing යාන්ත්‍රනය සතුව ඇති තොරතුරු භාවිතාකරන්නන් අතර විවිධ හැඩ තල යටතේ යලි යලිත් විසුරවාලීම මූලික කරගත් අරමුනකින් ක්‍රියාත්මක වන මෙම සමාජ ජාලය වෙත මේ වන විට සම්බන්දව ඇති භාවිතාකරන්නන් ප්‍රමානය තවමත් මයික්‍රසොෆ්ට් සමාගම හෙලි කොට නැති වුවද නව පියවරත් සමග නව භාවිතාකරන්නන් විශාල පිරිසකගේ අවධානය එම සමාජ ජාලය වෙතට ලැබෙනු ඇති බවටයි ඔවුනගේ බලපොරොත්තුව වන්නේ.

2013-10-30

ගූගල් + මාසික භාවිතාකරන්නන් ප්‍රමනය මිලියන 540 ඉක්මවයි!!!!

  සමාජ ජාලා අවකාශයේ දෙවන නියමුවා ලෙසට පිලිගැනෙමින් තිබූ GOOLE PLUS සාමාජ ජාලාවේ භාවිතය තීර්නනාත්මක ලෙසට ඉහල යමින් ඇති බවටයි ගූගල් ආයතනය නිකුත්කල අලුත්ම නිවේදනයකකින් පැවසෙන්නේ.පසුගිය මැයි මාසයේ වන විට මිලියන 300 ක වූ මාසික සංක්‍රිය භාවිතාකරන්නන් ප්‍රමනය මේ වන විට මිලියන 540 දක්වා ඉහල ගොස් ඇති බවටයි ඔවුන් පවසන්නේ.ඔවුන් වැඩි දුරටත් පවසන්නේ සතියකට ඡායාරූ ගූගල් ප්ලස් වෙත නැංවීම් බිලියන 1.5ක වන අතර එම අඩවියේ ආරම්බයේ සිට සැලකීමේදී වඩාත් භාවිතාකරන්නන්ගේ අවධානය දිනාගත් කාලයම් මේ වන විට පසුකරමින් සිටින බවටයි පවසා සිටින්නේ.ඔවුන් තම අඩවියේ ඡායාරූ සමග කටයුතු කිරීමේදී මෙන්ම Hangouts වලට පසුගිය කාලයේ නව පහසුකම් රාශියක් හදුන්වාදෙන්නට කටයුතු කල අතර video calling වලදී වඩාත් සුවපහසු අත්දැකිමක් භාවිතාකරන්නා හට ලබාදෙන්නට හැකිව ඇති බවටයි පැවසෙන්නේ.එම වැඩි දියුනු කිරීම් අතර ඡයාරුවක යම් අවස්ථා හදුනා ගැනීමේ හැකියාව 1000ක් දක්වා වැඩි දියුනු කරන්නට හැකිව ඇති බව පවසන එම ආයතනය  sunset නැතිනම් snowmen වැනි වදනක් ඔස්සේ භාවිතාකරන්නෙකුට තම ඡායාරූ ගොනු ඔස්සේ අදාල ඡායාරුවක් තොරාගැනීමේ හැකියාව දක්වා පැමින ඇති බවටයි පවස සිටින්නේ.එසේම ඡයාරුවක් ස්වංක්‍රීයව සකසන්නට සහය මෙන්ම අනවශ්‍ය කොටස් පහසුවෙන් ඉවත්කටන්නට සහයවීමේ හැකියාව ආදිය ඔවුන් සඳහන් කර සිටිනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...