2012-09-30

අපූරු පරිගණක ක්‍රීඩාවක් බාගත කරගන්නට....



මෘදුකාංග අතර පරිගණක ක්‍රීඩාවලට හිමිවන්නේ ඉහල ඉල්ලුමකි. හොද පරිගණක ක්‍රිඩාවක් යනු භාවිතාකරන්නාහට  මානසික සැහල්ලුවක් , වර්ධනයක් වැනි බොහෝ දෑ කැදවන අපූරු අත්දැකීමක් වනු ඇති බවයි හදාරන්නන් පවසන්නේ.පහත දැක්වෙන පරිගණක ක්‍රිඩාව එවන් ගනයේ සැලකිය හැකි බවටයි සටහන් වන්නේ. එම ක්‍රීඩාව පිලිබද පූර්න සටහනක්ද මෙම බාගත කිරීමට අඩංගු වන බවටයි සටහන් වන්නේ.
http://arcanekids.com/

2012-09-29

නිරෝගී පරිගණකයකට සහය මෘදුකාංගයක්......


ඔබ පරිගණකය වෙතට කෙරෙන සෑම මෘදුකාංග ස්ථාපනයකදීම සාමාන්‍යයෙන් සිතනවාට වඩා වැඩි කාර්යක් පරිගණකය තුල සිදුවේ. එසේම අනවශ්‍ය යෙයි හෝ වෙනත් හේතුවක් සමග පරිගණකයෙන් එම මෘදුකාංග අස්ථාපනය කරන සැම විටකදීම ඔබ බලාපොරොත්තු වන ආකාරයට එම මෘදුකාංගය ස්ථාපනයට පෙර තිබූ පර්ගණකයේ සැකසුම් වලට ආපසු යාමටද නොහැකි වනු ඇත. සමහර විටකදී එමමෘදුකාංග නිෂ්පාදකයින් සිතා මතාම යම් යම්  දත්ත ගොනු පරිගනකය තුල තබායාම බහුලව දැකිය හැකිය.
             පහත දැක්වෙන මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය පෙර කී ආකාරයේ අස්ථපනයකදී, මෙහෙයුම් පද්ධතියෙන් ලබාදී ඇති පහසුකම් වලට අමතර වැඩි දියුනු කරන ලද හැකියාවන් වලින් සමන්විතව ඔබට සහය වීම බවටයි එහි නිර්මානකරුවන් පවසා සිටින්නේ.


http://www.mirekusoft.com/downloads

ඔෆීස් විකල්පය සාර්ථාව ඉදිරියට......

මීට දෑ වසරකට පෙර බහුල භාවිතයක් ඇති  "ඔෆීස්" මෘදුකාංගයට නිදහස් මෘදුකාංගමය විකල්පයක් පැමිනියේය.ගතව ගිය දෑවසර සමරමින් සිටින මෙම මෘදුකාංගය ගැන අදහස් පලකරන එහි නිර්මාතෘ ආයතනය පවසන්නේ තමන් බලාපොරොත්තුවූ  වූවාටත් වඩා සාර්ථක ස්ථවරය තමන් සිටින බවයි.
                               ක්ලවුඩ් හා ටැබ්ලට් වැනිවූ නවීනතම අවශ්‍යතාවයන් සමග ගැලපෙන නව සංස්කරනයන් සමග තම මෘදුකාංගය වඩාත් ප්‍රායෝගික එකක් බවට පත්කිරීමේ  සැලසුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් සිටින බවට පවසන ඔවුන් ලොව තෙවන ස්ථානයේ සිටින විවෘත මෘදුකාංග ව්‍යාපෘතිය තමන් බවටයි පවසා සිටින්නේ. 2011 වසරේ ජනවාරි මාසයේ ප්‍රතමයෙන් තම පලමු සම්පුර්න සංස්කරනය නිකුත්කල මෙම මෘදුකාංගය මේ වන විට මිලියන 20 කට අධික බාගත කිරීම් ලබා ගෙන ඇති බවටයි පවසා සිටින්නේ. එම බාගත කිරීම්  වල  සියයට 90ක් වින්ඩෝස් උඅපකරන වලට වන බවත්  මැක් ආකාරයේ උපාංග වෙත සියයට 10 ලෙසට   වන බවටයි සටහන් වන්නේ.

http://www.libreoffice.org/

2012-09-27

2020 වන විට දත්ත උපකරන භාවිතය බිලියන 25ක්.........


ලොව ජනගහනයෙන් තුනෙන් එකක් පමන මේ වන විට අන්තර්ජාලය භාවිතාකරමින් සිටින බවටයි නවතම වාර්ථා පවසන්නේ.දියුනු වෙමින් පවතින රටවල් වල සියයට 20.5 නිවෙස් වල දැනට මත් අන්තර්ජාලය භාවිතාවෙමින් තිබෙන අතර එය 2015 වන විට සියට 40 දක්වා වර්ධනය වනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.2020 වන විට එක් පුද්ගලයෙකු සමග භාවිතාවන දත්ත උපකරන ප්‍රමානය හයක් දක්වා ඉඅහලයනු ඇති බවට ගනනය වන අතර මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සබදතා භාවිතය ප්‍රමුක වනු ඇති බවටත් බලාපොරොත්තු පලවනවා. 2011 වන විට සම්බන්දව දත්ත උපකරන ප්‍රමානය බිලියන 10ක්ව පැවති අතර එය 2020 වන විට බිලියන 25 දක්වා ඉහල යනු ඇති බවටයි සටහන් වන්නේ.

ඩ්‍රොප්බොක්ස් ගොනු පහසුවෙන් ෆේස්බුක් වෙතට.....

ෆේස්බුක් මතට එක්ව ඇති නවතම  පහසුකම් අතර ඩ්‍රොප්බොක්ස් මත රදවා ඇති දත්ත ගොනු පහසුවෙන් තම ෆේස්බුක් කන්ඩායම් අතර බෙදා හදා ගැනීමේ හැකියාව සදහන් වනවා. මෙම පහසුව අත්වීදීමට නම් පලමුව තම ඩ්‍රොප් බොක්ස් ගිනුම  ෆේස්බුක් ගිනුම සමග සම්බන්ද කල යුතු අතර ඉන් අනතුරුව තම වෝලයන් මත එම ගොනු දැක්වීම ඇරබෙන බවටයි පැවසෙන්නේ. වසර මුලදී ෆේස්බුක් හදුන්වා දුන් පහසුකමක් සමග මෙගා බයිට් 25 දක්වා ගොනු තම ගිනුම තුල භාවිතාකිරීමේ පහසුව සැලසුන අතර මෙම නවතම හදුන්වාදීමත් සමග ඊටවඩා විශාල ප්‍රමානයේ දත්ත ගොනු පහසුවෙන් තම හිත මිතුරන් සමග බෙදා හදා ගැනීමේ හැකියාව භාවිතාකරන්නන්ට ලැබෙනු ඇති බවටයි සටහන් වන්නේ.
                    ඩ්‍රොප්බොක්ස්  වෙතින් පැවසෙන්නේ මෙම සබදතාවය තුල භාවිතාකරන්නා විසින් තීර්නය කරන ගොනු පමනක් බෙදා හදා ගැනීමේ අවස්ථාව ඇති අතර ඊට අමතරව ගිනුමේ කිසිදු විස්තරයක් ෆේස්බුක් සමග තමන් බෙදා හදා නොගන්නා නිසා තම  සේවය ලබන්නන්ගේ ආරක්ශාව ගැන බියයුතු නොවන බවටයි පැවසෙන්නේ.

ජාවා යලි අනතුරක......

මෘදුකාංගයක් සතුවිය හැකි  නම්‍යතාවයේ අපූරුතම උදාහරනයක් ලෙසට ජාවා හැදින්විය හැක.බොහෝ තොරතුරු ‍රැස් කරන්නන් අතර මේ මොහොත වන විටද ලොව වැඩිම භාව්තාවක් හා ඉල්ලුමක් ඇති මෘදුකාංගයක් ලෙසට සටහන් වන්නේද මෙම මෘදුකාංගයයි.
                  පලවන නවතම වාර්ථා පවසන්නේ  යලිත් වතාවක් පෙර සැකසුම් දුර්වලතාවයක් -zero-day vulnerability-  ඉලක්කකරගත් මෘදු ප්‍රහාරයකට යලිත්වතාවක් මෙම මෘදුකාංගය මුහුන දෙමින් සිටින බවයි. ඔවුන් පවසන්නේ වින්ඩෝස් මෙන්ම මැක් ආකාරයේ මෙහෙයුම් පද්ධති සමග භාවිතාවන සියලුම ජාවා සංස්කරන සමග මෙම ඉලක්කගත වීම එකසේ පවතින බවයි. පසුගිය අගෝස්තු මාසයේ දීද සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව හදුනාගෙන තිබූ දුර්වලතාවයක් සදහා යාවත්කාලීනයන් නිකුත්කරන්නට ඔරකල් ආයතනය කටයුතු කල අතර හදාරන්නන් පවසන්නේ එම දුර්වල තාවයට වඩා මෙසේ හදුනා ගෙන ඇති නවතම දුර්වලතාවය හානිකර බවින් වැඩි බවයි. ඔවුන් පවසනවා ආසන්න ලෙස බිලියනයකට වඩා පරිගනකයන් මෙම අනතුර සදහා විවෘතව ඇති බව.

2012-09-26

ඉදිරි වසර 5 තුල ගූගල් කාරය සාමාන්‍ය භාවිතයට......


ගූගල් ආයතනය පවසන්නේ ස්වංක්‍රීය කාරය සාමාන්‍ය භාවිතයට ඉදිරි වසර 5 ඇතුලත පැමිනෙන්නට නියමිත බවයි. එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසා සිටියේ මෙම කාරය සාමන්‍ය රියදුරෙකු මෙහෙවන කාරයකට වඩා සුරක්ශිත බවට දැනටමත් තහවුරුවී ඇති බවයි. සිලිකන් නිම්නයේ පිහිටි ගූගල් මූලස්ථානයේදී පසුගියදා කැලිෆෝනියානු බලධාරීන් විසින් මෙම වාහනයේ අත්හදා බලීම් වැඩිදියුනු කීරිම සදහා වන නීතිමය එකගත්වය පලවන ලේඛන සදහා අත්සන් තැබීමෙන් අනතුරුව තම මූලස්ථානයේ දේශනාගාරයේදී පැවති පුවත් හමුවකදී මේ බව පල කරන ලදී. තවමත් මෙම වාහනය හදිස්සි තත්වයකදී එහි පාලනය සියතට ගැනීමට හැකි රියදුරෙකු යටතේ ධාවනය විය යුතුවා සේම වාහනයේ ආරක්ශිත තත්වය පිලිබද ඉදිරි තහවුරුවන් කිහිපයකට සාර්ථකව මුහුනදීමෙන් අනතුරුව සම්පූර්න ධාවන නිදහස ලැබෙන ඇති බවටයි එහිදී පැවසුනේ.
                          සාමන්‍ය රියදුරෙකු අතින් සිදුවිය හැකි නොසලකා හැරීම් , අවධානය බිඳ වැටීම් , මත් ද්‍රව්‍ය භාවිතව සිටීම , නින්ද යාම වැනි බොහෝ දුර්වලතා සදහා සාර්ථක විසදුමක් වනු ඇතැයි බලා පොරොත්තු පලවන මෙම වාහනය මේ වන විට ප්‍රසිද්ධ ධාවනය තුල සැතපුම් 300,000 සම්පුර්ර්න කර ඇති බවයි සටහන් වන්නේ.

වින්ඩෝස් 8 පරාදවන්නේ වෙනස් විදියකටද?????


වින්ඩෝස් 8 අවසාන සංස්කරනය නිකුත්වීම එලබෙන මාසයට යෙදී ඇත. ලොව පුරා විවිධ විචාරයන් පලවෙමින්ද ඇත.බොහෝ සටහන් කරුවන්ට අනූව ඇල් මැරුන ප්‍රබෝධයක් වින්8 සදහා දැක්වෙමින් තිබීම එතරම්ම අහේතුක කාරනාවක් නොවන බවයි පෙනෙන්නට ඇත්තේ. "වින් 8 විස්ටා හෝ වින්ඩෝස් මිලේනියම් සංස්කරනය ලෙසට අවය්හක්සේරුකල නොහැකි මුත් උවමනවට පෙර පැමිනි යමක් වීමේ නොසැලකීමට භාජනයවීම නම් අවාසනාව මග හැරිය නොහැකි වනු ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ" ඔවුන් වැඩි දෙනාගේ මතය වෙමින් පවතිනවා.
                                        නෙක හැඩ , පැහැයන් නැතිනම් භවිතාවන්  ගත් උපකරන අවකාශය එකිනෙක පහසුවෙන් යාකරමින් එලබෙමින් ඇති අනාගත දත්ත උපකරනවල වැඩි ප්‍රමුකයා මූලික කර ගැනීම වින්ඩෝස් 8 වෙතින් පලවන වරදක් ලෙසට පිලිගත නොහැකි වුවද , සැබෑ භාවිත ලෝකය තුල තවමත් එම ප්‍රමුකතාවය ඉස්මතුව නොපෙනීම නම් මද අවාසනාවක් වනු ඇත.සමහර විටක දැනට මත් මයික්‍රසොෆ්ට් ආයතනය ප්‍රකාශකර ඇති ලෙස ඉතා පහසු ගාස්තු යටතේ උස්තල ගැන්වීමේ අවස්ථාව වැනි පහසුකම් තම ගනුදෙනුකරුවන්ට සැලසීමට ඉදිරිපත්වීම පසු පසනම්  මෙම චකිතය එම ආතතනය දෙසින්ද දැක්වීමක් විය හැක. "වින්ඩෝස් 7 තවමත් මගේ අවශ්‍යතා හොදින් සපුරමින් සිටිනවා" වින්ඩෝස් 8 වෙත පලවන ලොකුම අභියෝගය වනු ඇති බවයි දැකිය හැක්කේ. ප්‍රධාන පෙලේ ආයතන කිඝිපයකින්ම කල මත විමසුම් වලදී "මම වින්ඩෝස් 8 වලට සංක්‍රමයවීමට සාදාරන හේතුවක් පෙනෙන්නට නැත." යන්න කැපී පෙනෙන තරමේ වැඩි පිලිතුරක් වීම දක්නට හැකියි.

මොසිල්ලා වෙතින් වෙගවත් සයිබර් සැරියකට සහයක්......


මොසිල්ලා පවසන්නේ බ්‍රවුසරයේ ක්‍රියාකාරීත්වය ගැන කනස්සල්ලට පත්වී සිටින්නන්හට යම් සහනයක් ගෙනෙන්නට සමත් අංගයක් නිකුත්කරන්නට තමන් සූදානමින් සිටින බවයි. ලබා ගන්නා බ්‍රවුසරයේ ක්‍රියාකාරීත්වය පිලිබද වාර්ථාවක් සමග මෙතෙක් තම පරිගණකයේ වෙබ් සැරිය පිලිබදව මදක් ගුප්තව තිබූ කාරනා කිහිපයක්ම භාවිතාකරන්නන්හට පහසුවෙන් හදුනා ගැනීමට හැකිවනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.
                                     බ්‍රවුසරය හා සම්බන්දව වූ ගැටලු රාශියකර පිලිතුරු ගෙනෙන්නට සමත් මෙම වාර්ථාවෙන් පෞද්ගලික නොවන දත්ත කිහිපයක් සහිත වාර්ථාවක් ආයතනය විසින් ‍රැස්කිරීමට බලා පොරොත්තුවන මුත් එය කිසිසේත්ම භාවිතාකරන්නාට හානිකර නොවන මට්ටමකින් සිදුවන බවටයි වැඩි දුරටත් ඔවුන් පවසා සිටින්නේ.

DDR4 සූදානම් !!!!!!!


පරිගණකයේ තාවකාලික මතකය යනු එහික්‍රියාකාරීත්වය උපරිමයෙන් පවත්වාගෙන යාම සදහා තීර්නාත්මක සාධකයකි. තවකෙකුට අනූව එහි වේගය පාලනය කරන්නෙකි. පලවන නවතම පුවතකට අනූව තාවකාලික මතකයේ මීලග ස්ංස්කරනය මේ වන විට අර්ථ දැක්වීම අවසන්ව ඇති බවටයි පැවසෙන්නේ. නිෂ්පාදකයන් අතර අත්හදා බැලීමේ අවසාන මටමේ පවතින මෙහි තප්පරයට ගිගා බයිට 3.2ක  දත්ත හුවමරු වේගයක් පවතින බවටයි පැවසෙන්නේ. 1.6ක දත්ත හුවමාරු වේගයක් දරමින් සිටින මීට පෙර තාවකාලික මතක පත් සමග සලකන විට බල භාවිතයද වෝල්ට් 1.5 ක සිට 1.2 දක්වා අඩු මට්ටමකට ගෙන ඒමට හැකිව ඇති බවටයි සටහන් වන්නේ. තවමත් සර්වර මට්ටමේ පරිගණක ඉලක්ක කරගනිමින් සිටින මෙම නව මතක පත් "මෙමරි බස්" වේගය මෙගා හර්ට්ස් 2133 දක්වා දියුනු කර ඇති බවටයි පැවසෙන්නේ.

2012-09-24

පරාධකරුවන් හා සමාජ ජාලා...

පසුගියදා පලවූ වාර්ථාවකින් පැවසුනේ ව්‍යාපාරිකයෙකු පැහැර ගැනීමේ යෙදුනු තරුනයෙකුගේ ෆේස්බුක් ගිනුමේ සදහන්ව තිබූ කාරනා හැදෑරීමෙන් හැගෙනුයේ ඔහුගේ ක්‍රියාකාලාපයන් ගොඩ නැගුමට එම සමාජ ජාලය ඔස්සේ පැමින ඇති මතවාදී පෙලබවීම් සුලුප‍ටු නොවන බවයි. එම හදාරන්නන් පවසන්නේ මෙලෙස සමාජ විරෝධී අදහස් පෙරීමකින් තොරව තවකෙකු අතට පත්වීමත් අනතුරුව එවා වගකීමකින් තොරව අගය කිරීමත් දිරිගැන්වීමත් සමකාලීන බොහෝ අපරාධ කරුවන් පසු පස දැකිය හැකි බවයි.
                        ඔවුන් පවන්නේ ප්‍රධාන පෙලේ දේශපාලන ආගමික මතවාදයන් මෙලෙස සමාජ ජාලා ගිනුම් ඔස්සේ අනවශ්‍ය භාවිතාවන්ට  පැමිනෙනවිට ඒවා පාලනය කිරීම සදහා පියවර ගෙන ඇතැත් මෙලෙස පෞද්ගලික මට්ටමින් ගිනුම් අතර මතුවන  අපරාධමය මතවාද දිරිගැන්වීම්  පාලනය ඉතා අපහසු කාරනාවක් බවයි.
                      තවත් විටක සමාජ ජාලා පලකීරීම් අපරාධ කරුවන් කො‍ටුකර ගැනීමේලාද සහය වන බවට පවසන ඔවුන් පසුගියදාක තම ප්‍රොෆයිලය ඔස්සේ අසත්‍ය ගැබ් ගැනීමක් ගැන සටහනක් පල කොට රෝහලක සේවිකාවක ලෙසින් ව්‍යාජව පෙනී සිට දරුවෙකු පැහැර ගැනීමේ සිදුවීමට අදාල සැක කාරියක කො‍ටුකර ක්ගැනීමේදී ඉහතකී සමාජ ජාලා පල කිරීම වැදගත් සාධකයක් වූ බවයි.

ඔරලෝසු හෝරා එකහමාරක් මානසික මිනිත්තු 45කට ගුලි කිරීම......

මම ටීටාව ඔස්සේ අප අධ්‍යාපන ආයතනයේ පුස්ථකාලයට ගොඩ වූවා. එහි චලන පට අංශයේ ඔබ මොබ ඇවිදිමින් අප වෙත නිර්දේශිත චලන පටයක් සොයන්නට උනා. "ලිමිට්ලස්"  සවිස්තර කර තිබුනේ දශක ගනනාවකට පෙර තිරගතවුනු සාමාන්‍ය ප්‍රබන්ධයකට වඩා යමක් නොවන බවට පිලි ගැනූනු නිර්මානයක් ලෙසටයි. මිනිස් මනස යනු සැබවින්ම මිනිසා විසින් පරිහරනය කරමින් සිටින ඉතා සීමිත අවකාශය මෙන් සිය දහස් ගුනයක විශාල දත්ත ගබඩාවක් බවත් යමෙක් යම් ක්‍රමයකින් සාමාන්‍ය අවදානයට ඔබ්බෙන් සැගවී ඇති මෙම ප්‍රදේශයට පිවිසීමට යතුරක් සොයා ගතහොත් පෘතුවිය මත මිනිස් වර්ගයාගේ ගමන් මග සම්පූර්නයෙන් වෙනස් වනු ඇති බවට නෙක චින්තකයන් විසින් දශක ගනනාවක් තිස්සේ විවිද ස්වරූපයන්ගෙන් කර තිබූ සටහන් ඔස්සේ යමින්  කල නිර්මානයක් ලෙසට වැඩිදුරටත් සටහන්ව තිබුනා.
                                                             ධාවන කාලය සටන්ව තිබුනේ හෝරා එකහමාරක් ලෙසටයි. නිවසකරා ලගා වීමට ඇති ඉතිරි කාලය ලෙස සටහන්ව තිබුනේ හෝරාවක් පමනයි. ටීටාවේ දැක්වෙමින් තිබූ  විකල්ප බටනය ඔස්සේ පිවිසුන විට යෝජනා කර තිබුනේ අධිත්වරන තත්වය ඔස්සේ මෙම සිනමා පටය විනාඩි 45ක කාලයකදී  නැරබිය හැකි බවටයි.ඔරලෝසු හෝරා එකහමාරක් මානසික විනාඩි 45ක් තුල හැකිලීතිබීම අතීත මනසකට නම් අරුම පුදුම කාරනයක් වනු ඇත. ඇත්තෙන්ම ඒසදහා කල යුතුව තිබුනේ විනාඩි පහක පමන සංගීතය මුසුකරන ලද මානසික තරංගයකට සවන්දීම පමනයි.ආරක්ශිත පරිසරයකදී බවට සහතිකකර ගැනීම භාවිතාකරන්නාට පැවරෙන මෙම අත්දැකීම බහුලව යොදා ගැනෙන්නක් උනා.

2012-09-21

ස්ථාපිත මෘදුකාංග ස්වංක්‍රීයව යාවත්කාලීන කර දෙන්නෙකු.....

 
කාර්ය බහුල ඔබට බොහෝ විට පරිගණකයේ ස්ථාපනය කර ඇති මෘදුකාංගවල යාවත්කාලීනයන් ලබා ගැනීම අතපසුවීම ස්වාභාවිකය. එනමුත් මෙම අතපසුවීම්  ඔබට දෙයාකාරයකට අවාසි විය හැකිය.එම මෘදුකාංග වෙත අලුතින් එක්වන නව පහසුකම් මගහැරෙන්නට මෙන්ම හදුනා ගෙන ඇති දුර්වලතා සදහා නිකුත්කරන යාවත්කාලීනයන් නොලැබීම යාමය. පහත දැක්වෙන මෘදුකාංගය එම කාර්යභාරය ඔබ වෙනුවෙන් පරිගණකය වෙත ඉ‍ටුකර දෙන්නට සුදානමින් සිටින බවටයි එහි නිර්මාපකයන් පවසන්නේ.
http://allmyapps.com/

2012-09-20

කාලය බොහෝ දේ වෙනස් කර ඇත.

"ආශ්‍රමය නිහඬ සත්‍යයකි. වටහා ගතයුතුවා මිසක තේරුම් ගන්නට තැත් දැරීම  අපහසුව කැදවන අරුත් සුන් උත්සාහයකි. සටහන් එතරම් පලක් නැතිවා සේය. එය විඳිය යුත්තකි. භාෂාව බොහෝ සෙයින් ප‍ටුය. බලහත්කාර සීමා කර ගැනීමකි". බොහෝ කලකට පසුව නැවත මෙහි ආ ටිබෙටියානු හිත මිතුරා පවසමින් සිටී. ඔහු මහත් සේ සතුටින් සිටී. ඔහු සේවය කරන අධ්‍යාපන ආයතනය සංචාරක දේශයකුගේ සිට පූර්න කාලීන  හදාරන්නෙකුගේ තත්වයට ඔහුගේ සේවා ස්වභාවය වෙනස් කිරීම ගැනමහත් සතුටින්  සිටී.
           ගැබුරු අඳුර වසා ගත් සක්මන් මලුවේ අන්තයයේ වන කුඩා අස්න මත අසුන් ගත් අප දෙදෙනා දොඩමලු වෙමින් සිටින්නෙමු. ඔහුට පවසන්නට බොහෝ දේ ඇතුවා සේය. දර්ශනය පිලිබද කථිකාචාර්යවරියක වන ජර්මානු ජාතික බිරින්දෑ ගැන, උසස් අධ්‍යාපනයට පිවිසෙමින් සිටින දරුවා ගැන , අතොරක් නැතිව බොහෝ දේ පවසමින් සිටී. භාෂාව අවසන් වන තැන නිහඬ බව පටන් ගනී.අනන්ත අර්ථ ඇති නිහඬතාවය භාෂාවට වඩා බරපතලය.
                                                                පහලින් ඇසෙන කඩා හැලෙන දිය  කඩිත්තේ හඩ භාෂාවේ  නැවතුම වෙනස් අර්ථයකින් පුරවන්නට සුදානම්ව සිටින්නා සේය.ඉද හිටකින් අදුර මැදින් මතුවන කනාමැදිරි ආලෝකය ජීවිතය පිලිබද වෙනස් අරුතක් පවසනවා සේය.අප දෙදෙනා දෙබසකින් තොරව බොහෝ වේලා සිටින්නට ඇත. සමාන රිද්මයන්  ඇති මිනිසුන් දෙදෙනෙකුගේ හමුවීම  අපූර්ව අත්දැකීමකි. කඳුවලලු  කිහිපයකට එහායින් වන සමාජ ජීවිතය මොන තරම් ප‍ටු අත්දැකීමක්දැයි මනස විමසයි.කාලය බොහෝ දේ වෙනස් කර ඇත. (අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට)

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6,7,8,9 සදහා නව හානිකරයක් හදුනා ගැනේ.........

 
හදාරන්නන් පවසන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සදහා ඉලක්කවූ තවත් ට්‍රෝජන් ආකාරයේ හානිකර මෘදුකාංගයක් හදුනාගෙන ඇති බවයි. ඔවුන් පවසන්නේ සාර්ථක පහරදීමකින් අනතුරුව පරිගණකය දුරස්ත පාලනයකට යටත්වීමේ අනතුර මෙම හානිකර මෘදුකාංගයේ ස්වභාවය බවයි. දිනකිහිපයකට පෙර ප්‍රකාශ වූ මැල්වෙයාර් හදුනා ගැනීම මෙන්ම මෙම මෘදුකාංගයද ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6,7,8,9 සංස්කරන සියල්ලටම හදුනා ගෙන ඇති මුත් තවනත් පිලිසකර යාවත්කාලීන නිකුත්කර නොමැති දුර්වලතාවය සමග හානිකර විය හැකි බවයි.ඔවුන් පවසන පරිදි මෙම වසරේ මුල්භාගයේ සිටම මෙම හානිකර මෘදුකාංගය වරින් වර  දක්නට ලැබුනු මුත් අදාල ස්වරයන්ට අනූව පසුගිය 14 දින සිට එහි නව සංස්කරනයක් දියත්කර ඇති බවට පෙනෙන්නට තිබෙන බවයි.
        මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ මෙම හානිකර හදුනා ගෙන ඇති බවත් ඉදිරියේදී යාවත්කාලීනයක් නිකුත්ලිරීමට නියමිත බවත්ය. එහෙත් සාමන්‍ය මාසිය යාවත්කාලීන ගොනුව නිකුත්කරන්නට ඉදිරි සති තුනක කාලයක් ඇති මුත් වෙනම යාවත්කාලීනයක් ලෙසට එය නිකුත්වේද යන්න එම නිවේදනයේ සදහන් නොවේ.

පරිගණකයෙන් ඔබගේ පෞද්ගලිකත්වය සම්පූර්නයෙන් ඉවත්කිරීමට මෘදුකාංගයක්.........

ඔබගේ පරිගණකය යනු  ඔබගේ පෞද්ගලිකත්වයේ කොටසකි.  "ඔන් ලයින්" ආකාරයට හෝ  හුදකලා පරිගණකය ලෙසින් වන මොන ආකාරයට කලක් එය භාවිතාකරන විට ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබගේ පෞද්ගලිකත්වය පිලිබදතොරතුරු එහි ‍රැස්වන්නට පටන්ගනී. සමහර විටක ඔබ යනෙන වෙබ් අඩවි , පෞද්ගලික ඡායාරූ , බලන කියවන ලිපිගොනු ආදිය පමනක් නොව අන්තර්ජාලයේ ඔබවිසින් පවත්වාගෙන ටන ගිනුම් ආදියෙහි රහස් අංක ආදිය වන මෙකී නොකී බොහෝ දේ එහි වන්නට පුලුවන.
                  එසේම සමාන්‍ය ආකාරයට ලැබෙන පහසුකම් සමග මෙම දත්තයන් ඉවත්කරන්නට උත්සාහයන්දී සමහර දත්තයන් ඉතිරිවීම සිදුවේ.පහත දැක්වෙන  මෘදුකාංගය මෙවන් තත්වයකදී ඔබ සදහා සේවයට සූදානම් බටයි එහි නිර්මානකරුවන් පවසා සිටින්නේ. ඔවුන් පවසන්නේ ඔබගේ පරිගනකයෙන් සම්පූර්නයෙන් පාහේ පෞද්ගලිකත්වයන් ඉවත්කිරීමට අවශ්‍ය ක්‍රියාන්විතයන්ගෙන් මෙම මෘදුකාංගය සමන්විත බවයි. එසේම ඒවා අතරින් ඔබගේ සිතැගි පරිදි ක්‍රියාවිතයන් තොරා ගැනීමට අවස්ථාව ඇති නිසා අවශ්‍ය ආකාරයට මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කර ගත හැකි වනු ඇති බවටයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

http://privazer.com/

නිරෝගී දෘඩ තැටියකට සහය මෘදුකාංගයක්.....

දෘඩ තැටිය ඔබගේ පරිගණකයේ වටිනාතම උපාංගයකි. එය මනාව ‍රැකගැනීම අනවශ්‍ය ගැටලු රාශියකට හොදම පිලියමය. දෛනික කටයුතුවලට අදාල මෘදුකාංග මෙන්ම දත්තයන් ‍රැකගන්නටත් එය හොද වේගයකින් පරිහරනය සදහා ලබා ගැනීමටත් මෙලෙස දෘඩ තැටිය ‍රැක බලාගැනීම වැදගත්වේ.වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සලකන විට මෙම කාර්යය සදහා මෘදු උපාංගයක් මෙහෙයුම් පද්ධතිය සමගම ලැබෙන මුත්  මෙම මෘදුකාංගයේ නිපයුම් කරුවන් පවසන්නේ වැඩි සේවාවක් සදහා මෙම මෘදුකාංගය සුදානම් බවයි. ස්ථාපනයේදී බැබිලෝන් ටූල් බාරය මගහැරීම සදහා කල්පනාකාරීවීම වැදගත් වනු ඇත.
http://www.puransoftware.com/

2012-09-18

වින්8 ඔක්තෝබර 25 නිව්යෝක් නගරයේදී නිකුත්වන බව ස්ථිර කරයි......

 
එදින වැඩසහන් සවිස්තරයක් හා එහි කාලවේලාවන් පිලිබදව තොරතුරු අඩංගු නොවුනද ස්ථීරවම එලබෙන ඔක්තෝබර් මස 25 වන දින නිව්යෝක් නගරයේදී වින්ඩෝස්8 නිල නිකුතුව සිදුවන බවට ස්ථීර කර සිටිනවා. වින්ඩෝස් 8 හි අවසාන වෙළඳ සංස්කරනය මෙන්ම ඔවුනගේ දෘඩාංග හදුන්වාදීම වන "සර්ෆර්ස්" ටැබ්ලට් උපකරනයේද හදුන්වා දීම මෙදිනට සිදුවීමට නියමිත බවටයි සටහන් වන්නේ.මයික්‍රසොෆ්ට් ආයතනයේ මීට පෙර මෙහෙයුම් පද්ධති සංස්කරන තුනම එලිදැක්වීම සදහා එම ආයතනය තොරා ගනුලැබුවේද නිව්යෝර්ක් නගරය වන අතර ඉහලින් දැක්වෙන්නේ ආයතනය විසින් එම දිනය වෙන්කරතබා ගන්නා ලෙසට මතක් කරමින් නිකුත්කර ඇති සටහනකි.

ෆයර්වෝලය වැදගත් ආරක්ශක උපාංගයකි....


ඔබට හානිකරන්නෙකුට ඒ සදහා ඔබගේ පෞද්ගලික සීමාවට ඇතිලුවීමට සිදුවේ. ඔබගේ පෞද්ගලික තොරතුරු ලබාගන්නා විට එම ආයතන එම තොරතුරු අන්සතු නොකරන බවට පොරොන්දුවක්දීම සාමාන්‍ය  තත්වයකි.ඔබ විසින් ඉල්ලා නොසිටින ලද හෝ සාධාරන විස්වාශයක් නොතැබිය නොහැකි තත්වයකදී ගෙවත්තට හෝ ආයතනයකට බාහිර අයෙකුට පිවිසීමකට ඉඩ නොදෙන්නේ මේ නිසා බව පිලිගැනීමකි.
                           පරිගණකයද ඔබේ පෞද්ගලිකත්වයේ හෝ ආයතනයේ වැදගත් සාධකයකි.අනවසර ලෙසට එයට ඇතුලු වන්නෙකුට අත්පත්කරගත හැකි දෑ අතර පෞද්ගලික හෝ ආයතනික බැංකු ගිනුම් තොරතුරු , රාජකාරී හෝ පෞද්ගලික හිතවතුන්ගේ තොරතුරු , වෘතීය දත්ත ගොනු හා තවත් ආකාරයේ වන වටිනා දැ විය හැක. ඒ නිසාම ඔබගේ නිවසට  මෙන්ම පරිගණකයටද අනවසර ඇතුලුවීම්  සිදුනොවීමට වගබලා ගැනීම වගකීමකි.
                              ෆයර් වෝලය යනු මෙහෙයුම් පද්ධතිය සමග පරිගණකය වෙත ස්ථාපනය වන එවන් වැදගත් ආරක්ශකයෙකි.සරලව එහි ක්‍රියාකාරීතව මෙසේ පැහැදිලි කල හැක.ඔබ විසින් ඉල්ලීමක් නොකරන ලද අන්තර්ජාල සබදතාවය ඔස්සේ පැමිනෙන  සබදතාවයකට පරිගණකයටෑතුලුවීමට ඉඩ නොතැබීම එහි රාජකාරියයි. වැඩි ආරක්ශාවක් අවශ්‍ය වන විටකදී වෙළඳ පොල වෙතින් මිලදී ගතහැකි වැඩි දියුනු කරන ලද විකල්පද ලෙසද ‍තෝරා ගත හැකි මෙම මෘදුකාංගය  පරිගණකයේ "කන්ට්‍රෝල පැනලය" ඔස්සේ ඇතුලුවූ විට දැක ගත හැකි මෘදු උපාංගයකි.එම මෘදුකාංගයට ඇතුලුව එහි සැකසුම් ඔස්සේ ඔබගේ පරිගණකයට අවශ්‍ය යැයි හැගෙන පරිදි එම මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය සුසර කර ගැනීමෙන් ආරක්ශාව සලසා ගත හැකිවා මෙන්ම සමහර ආකාරයේ සාර්ථක සයිබර් පහරදීම් වලදී අඩපන කර දමා බාහිර පාර්ශවයන්ට පරිගණකයේ දොර විවෘතකීම සිදුවන බැවින් කාලයකට වතාවක් හෝ එහි නිසි ක්‍රියාකාරීත්වය සිදුවන බවට සොයා බැලීමද වැදගත් වනු ඇත.

සමහර පරිගණක බිඳවැටීම් වලට මෘදු පහර දීමක්ම අවශ්‍ය නොවේ.......

ඔබගේ නිවසට පැමින ඇති උපකරන අතර සංකීර්නත්වයෙන් ඉහල උපකරනයක් ලෙසට පරිගණකය සැලකීම සාධාරනය.ඇත්තෙන්ම එය එකිනෙකට වෙනස් තාක්ශනයන්ගෙන් සුසැදි උපකරන එකමුතුවකි.දෘඩාංග ආකාරයෙන් සැලකීමේදී මෙන්ම මෘදුකාංග අතින්ද මෙම පැහැදිලි කිරීම පොදුය.පරිගණකය වෙතට වැඩිම අනතුරු පැමිනෙන්නේ මෘදුකාංග අතින්ය. බොහෝ විට දෘඩාංග ලෙසට නැතිනම් භෞතික උපාංගයක් ලෙසට පරිගණකයට ‍රැකවරනය සලසා ගැනීම සරල කාරනයක් වුවද මෘදුකාංග මය ලෙසට සැලකීමේදී තත්වය සංකීර්නය.
                                                     ඔබ වෙළද සැලෙන් මිලදී ගෙනෙනලද පරිගණකය කිසිදු බාහිර මාධ්‍යකට විවර නොවනතාක් බොහෝ සෙයින් එය සුරක්ශිතය. අන්තර්ජාලය වැනි පුලුල් මාධ්‍යක සිට කිසියම් ආකාරයක දත්ත ගොනුවක් අඩංගු සංයුක්ත තැටියක් දක්වා වන ඔනෑම මාධ්‍යයක් සදහා විවෘත වන පරිගණකයේ ආරක්ෂාව අභියෝගයකට ලක්වීමට පටන් ගනී.සමහර විටක බාහිර පුද්ගලයෙකු විසින්  සැලසුම් සහිතව පරිගණකයේ යහපැවැත්මට හානි කරවන අරමුනින් නිපදවූ මෘදුකාංගයක සිට එවන් කිසිදු ඉලක්කවීමක් නොමැති වුවද මෙහෙයුම් පද්ධතිය නිසිලෙස යාවත් නොකිරීම නිසාම ස්ථාපනය කරන නව මෘදුකාංගය සමග වන පරස්පරයක ප්‍රථිපලය ලෙසට දක්වා විවිධ අයුරින් මෙම ගැටලුව මතුවිය හැක.

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා මත සැලකිය යුතු මට්ටමේ දුර්වලතාවයක් හදුනා ගැනේ......

පලවන නවතම පුවතකට අනූව කියවෙන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි 7,8,9 සංස්කරනයන් තුල ඇති  එක්ස්.පී, විස්ටා හා වින්7  මතදී ක්‍රියාත්මක විය හැකි "සීරෝ ඩේ" ආකාරයේ දුර්වලතාවයක් පහරදෙන්නන්ගේ අවධානයට ලක්වෙමින් ඇති බවයි.ඔවුන් පවසන්නේ ආසාදනයන් පතුරවන ආකාරයේ වෙබ් අඩවියකට මෙම දුර්වලතාවය සාර්ථක ඉලක්කයක් විය හැකි බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ දුර්වලතාවය හදුනාගෙන ඇති බවයි. තවමත් මේසදහා යාවත්කාලීනයන් පිලිබද එම ආයතනය පැහැදිලි දින වකවානු නිකුත්කොට නොමැති බවටයි පැවසෙන්නේ.
                     හදාරන්නන් යෝජනා කරමින් සිටින්නේ මයික්‍රසොෆ්ට් ආයතනය මෙම දුර්වලතවය සදහා නිසි යාවත්කාලීනයන් නිකුත්කරන තෙක් ගූගල් ක්‍රෝම් ,  ෆයර් ෆොක්ස් වැනි විකල්ප බ්‍රවුසරයන් භාවිතය වඩාත් සුදුසු වන බවයි.ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සදහා මෙම දුර්වලතාවය කෙසේ බලපානවාදැයි නිශ්චිත අදහසක් පල නොවන මෙම දුර්වලතාවය , එරට රජය විසින් ප්‍රතික්ෂේප කරසිටියද පසුගිය ජාවා පහරදීම පසුපස සිටියායැයි චෝදනා ලද චීනය ආශ්‍රිත කන්ඩායමක් විසින් භාවිතාකරමින් සිටින බවටයි චෝදනා ලබමින් සිටින්නේ.

2012-09-17

වීඩියෝ බාගතකීරීම පහසුකරවන මෘදුකාංගයක්....

වීඩියෝ බාගත කිරීමකදී අන්තර්ජාල සබදතාවල අඩුවේගය සමග කරන්නට වන තරගය සමග අපහසුතාවයට පත්වීම බහුලව දැකිය හැකි තත්වයකි. බොහෝ විට එම වීඩියෝ වල ෆෝර්මැට් හා වීඩියෝවල තත්වය සමග මෙම ගැටලුව වඩාත් උග්‍රවනු දැකිය හැකියි. මෙම මෘදුකාංගයේ නිපයුම්කරුවන් පවසන්නේ එම වීඩියෝවේ ෆෝමැටය හෝ තත්වය වෙනස්කර වැඩි වේගයක බාගත කිරීමකට කැමති අවස්ථාවලදී පහත දැක්වෙන මෘදුකාංගය ඔබගේ සහයට වීමට සූදානම්  බවයි. වැඩිදුරතොරතුරු මෙන්ම මෘදුකාංගය බාගත කර ගැනීමේ අවස්ථාව පහත දැක්වෙන සබැදියාව ඔස්සේ පිවිසීමෙන් ලබා ගත හැකිවනු ඇත.

http://www.downloadhelper.net/

ඔබේ පරිගණකය පිලිබද තොරතුරු ‍රැස්කරදෙන මෘදුකාංගයක්........

ඔබගේ පරිගණකය යනු මෘදු හා දෘඩ උපාංග රාශියක එකමුතුවකි.උපාංග ලෙස මිලදී ගෙන එකලස් කරන ලද යන්ත්‍රයක් නම් එය තත්වය වඩාත් සංකීර්නය.යම් විටකදී යම් උපාංගයක් පිලිබදව තොරතුරු අවශ්‍ය වන විටකදී භාවිතාකරන්නා අපහසුතාවයට පත්වන අවස්ථා බොහෝය. මේ සදහා මෙහෙයුම් පද්ධතියේම එන පහසුකමක් ඇතත් වඩාත් පැහැදිලිව එම තොරතුරු ලබාදීමේදී පහත දැක්වෙන කුඩා මෘදුකාංගය ඔබට සහය වනු ඇති බවටයි එම ආයතනය පවසන්නේ.

http://arvinsoft.weebly.com/sys-information.html

2012-09-16

ලොව භාවිතාවන ඇන්ඩ්‍රොයිඩ් උපකරනයන් භාගයක් ආසාධිතයි!!!!!

ඇන්ඩ්‍රොයිඩ් උපකරන භාවිතයෙන් අඩක්ම ආසාධිත මට්ටමක පවතින බවටයි මොබයිල් උපකරනයන්ගේ ආරක්ශාව පිලිබද මෘදුකාංග සමාගමක් විසින් තම නොමිළේ ලබාදෙන නිෂ්පාදනයක් ඇසුරින් කල තොරතුරු ‍රැස්කිරීමක් අවසානයේ කල අධ්‍යානයකින් හෙලිවෙමින් ඇත්තේ. ඔවුන් පවසන්නේ ලොවපුරා ඇන්ඩ්‍රොයිඩ් උපකරන 20000 ප්‍රමානයක් තම හැදැරීම සදහා උපයෝගි කර ගත් බවත් ඒ තුලින් ඉහත කී නිගමනයට තමන් පැමිනි බවත්ය. භාවිතාකරන්නන් විසින් තම උපකරන තුල කරගන්නා මෘදුකාංගමය වෙනස්කම් අවස්ථා මෙම ආසාධිත තත්වයන් සදහා සැලකිය යුතු ප්‍රමානයක හේතුවන අයුරු දක්නට ලැබුනු බවටයි පවසන්නේ.නිශ්පාදකයා විසින් ලබාදෙන "ෆර්ම් වෙයාර්" අදිය වෙනස් කිරීමේදී මීට වඩා සැලකිලිමත්වීම ඔවුන් අවදාරනය කර සිටිනවා.
                                              නිෂ්පාදකයින් විසින් යාවත්කාලීනයන් ලබදීම ප්‍රමාදකිරීම , ඉක්මනින්ම තම නිෂ්පාදන සදහා යාවත්කාලීනයන් ලබදීම අත්හැරදැමීම මෙම තත්වයට තවත් හේතුවක් ලෙසටයි එම ආයතනය පවසා සිටින්නේ.

IE 8 හා ගූගල් ඇප්ස් මිතුදම අවසානයට දින නියමවේ..


ගූගල් ආයතනය පවසනවා එලබෙන නොවැම්බර් 15 සිට තම ඇප්ස් හා තවත් සේවාවන් ඉන්ටර්නෙට් එක්ස්ප්ල්රා 8 සදහා සහය අවසන් කරන්නට තීර්නය කර ඇති බව.ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය එලබෙන මස 26 නිකුත්කරන්නට නියමිතව ඇති අතර එතැන් සිට සීමිත කලකදී මෙම මෙම පෙර සංස්කරනය සදහා සහය අවසන් වන අතර ඉන් පසු එක්ස්ප්ලොරා 8 ඔස්සේ එම සහය පතන  භාවිතාකරන්නන් වෙත නිකුත්වන නිවේදනයක් ඔස්සේ පැවසෙනු ඇත්තේ තම බ්‍රවුසරය යාවත්කාලීන කරගන්නා ලෙසට වනු ඇති බවටයි පැවසෙන්නේ.
                     ගූගල් ආයතනය මේ වන විටත් එක්ස්ප්ලොරා 6,7 සංස්කරන සදහා සහය අත්හැර ඇති අතර වින්ඩෝස් එක්ස්.පී සදහා සහය වන අවසාන සංස්කරනය ලෙසට පිලිගැනෙන්නේ එක්ස්ප්ලොරා 8 වන අතර මීට අවස්ථා කිහිපයකදීම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 සහය අවසන් වන්නට  නියමිත බවට ගූගල් වෙතින් ප්‍රකාශවී තිබුනා

ෆයර්ෆොක්ස් 15.0.1 හි "ප්‍රයිවට් බ්‍රවුසිං" ගැටලුව අවසන්.....

මොසිල්ලා ආයතනය පවසා සිටින්නේ තම ෆයර් ෆොක්ස් බ්‍රවුසරයේ නවතම සංස්කරනයේ හදුනාගෙන තිබූ දුර්වලතාවයක් වන "ප්‍රයිවට් බ්‍රවුසිං" වලදී තැන්පත්වන ආගිය වෙබ් අඩවි පිලිබද තොරතුරු බාහිර පක්ශයකට නිරාවරනය කරගැනීමේ හැකියාව අවසන් වන පරිදි යාවත්කාලීනයක් නිකුත්කරන්නට තමන් කටයුතු කොට ඇති බවයි.
                           මෑතකාලීනව බ්‍රවුසරයන් සතු ගුනාංග අතර ජනංප්‍රිය අංගයක් ලෙසට සැලකෙන "ප්‍රයිවට් බ්‍රවුසිං" වලදී සිදුවන්නේ තම බ්‍රවුසර භාවිතය තුලදී සාමාන්‍යයෙන් එක් ‍රැස්වන ආගිය අඩවි පිලිබද තොරතුරු නො‍රැදෙන ලෙසට සයිබර් අවකාශයේ සරන්නට හැකියාව භාවිතාකරන්නාට අවස්ථාව සලසාදීම ලෙසටයි.

https://www.mozilla.org/en-US/firefox/15.0.1/releasenotes/

චීන පරිගණක නිෂ්පාදනාගාර මට්ටමේදීම මැල්වෙයාර් ආසාදනයන්.........


ගතව ගිය ආසන්නම කාලයතුල පරිගණක තොරතුරු ලෝකයේ සටහන්වූ ප්‍රධාන පුවත් අතර ආන්දෝලාත්මක පුවතක් වූවේ මයික්‍රසොෆ්ට් ආයතනයෙන්  පලවූ නිවේදනයකි. ඔවුන් පවසා සිටියේ චීනයෙන් ආනයනයවන පරිගණක වල සැලකිය යුතු ප්‍රතිශතයක නිෂ්පාදනාගාර මට්ටමේදීම හානිකර මෘදුකාංග තැන්පත්ව ඇති බවට තමන්ට තහවුරුව ඇති බවයි. ඔවුන් පැවසුවේ තමන් විසින් සොයාබැලීමට භාජනය කරනලද පරිගණක අතරින් සියයට 20ක පමන  හානිකර මෘදුකාංග නිෂ්පාදනාගාරයේදීම අඩංගුව පැමිනෙන බවට ස්ථීරව ඇති බවයි.
                          මෙසේ හදුනාගෙන ඇති හානිකර මෘදුකාංග වලින් බහුතරයකම ලක්ෂනය වන්නේ පරිගණක යන්ත්‍රය ක්‍රියාත්මක කල සැනින් අන්තර්ජාලය හා සම්බන්දවීමට තැත්කිරීමත් එසේ අන්තර්ජාලය හා සම්බන්දවූ සැනින්  මෘදුකාංගමය හානිකරදෑ යන්ත්‍රය වෙත ලැබීම අරම්භ වන බවත්ය. ඔවුන් පවසන්නේ මෙසේ පැමිනෙන්නට ඉඩ ඇති හානිකරයන්ගෙන් වර්ග 500 පමන හදුනා ගෙන ඇති බවය.මේවා අතර පරිගණකයේ යතුරු පුවරුව හැසිරෙන අයුරු සටහන් කරගන්නා මෘදුකාංග පරිගණකයය සම්බන්ද කර ඇති කැමරාවන් මයික්‍රෆෝනයන් ස්වංක්‍රීයව ක්‍රියාත්මක කරවීම  හා තවත්  ආකාරවල හානීන් තම යන්ත්‍රය වෙත ‍රැගෙන ඒමට සමත්වීමට ඉඩ ඇති බවයි.පසුගිය කාලයතුල  ---- ඩොමේන 3322 හා සබ්ඩොමේන 70,000 පමන තම කන්ඩායම් විසින් චීන මූලාශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් හානීන්  හදුනාගෙන ඇති බවයි.

2012-09-12

"සැබවින්ම මිනිසත් බවත් යාන්ත්‍රික බවයි".


අධ්‍යාපන ආයතනයේ බටහිර දිසාවට වන්නට ඈතින් දිස්වෙන විසාල කදුපන්තියේ මුදුනත් දෙසට වන්නට හිරු මුවා වෙන්නට සැරසෙමින් සිටින බවක් දක්නට ලැබෙන අපූරු සෑදෑවක්  නොදැනීම උදා වෙමින් තිබුනා. අප කන්ඩායම හා සමාන්තරව ඉගුනුම ලබන්නට පැමින සිටින සහෝදර සිසුන් අතර ඇවිදිමින් එකිනෙකා හදුනා ගන්නට කවුරුත් උනන්දුවෙමින් සිටියා.සහෝදර සිසුවෙකු සිසුවියක අසලට යත්ම ටීටාව ඔහු හෝ ඇය හා මා අතර සමානකම් අසමානකම් මනිමින් කිසියම් ප්‍රථිශතයක් දක්වමින් දක්වමින් සහය දක්වන්නට ටීටාව කාරුනික වූවා. අතීතයේ හදුනා ගෙන සිටි යාන්ත්‍රික බවවින් වර්ථමාන යාන්ත්‍රික බව බෙහෙවින් වෙනස් බව උදැසන පිවිසුම් පැහැදිලිකිරීමේදී කරුනු දැක්වීම් ප්‍රයෝගික බව අපට වැටහෙමින් තිබුනා.එහි එක් සටහනකින් පැවසී තිබුනේ ටීටාවට පෙර යුගයේ සරල යාන්ත්‍රික බව මිනිසාට බොහෝ සෙයින් දුර බවටයි වටහා ගෙන සිටියේ. පසුකාලීනව තේරුම් ගනු ලැබුවේ "සැබවින්ම මිනිසත් බවත් යාන්ත්‍රික බවයි". වෙනසක් වූවේ සරල යාන්ත්‍රික බවහා සාපේක්ශව ඉතා සංකීර්න යාන්ත්‍රික බව පමනයි. හරියට පරිගණකය වාගෙයි. ඉතා සරල ක්‍රියාවක් වුවත්  මිනිසාට සාපේක්ශව ඉතා වේගයෙන් විශාල ප්‍රමානයකින් සිදුවීම මිනිස් සිත තුල මැවුවේ මහත් අපූරත්වයක්.2012 වැනි කාලයක් සැලකීමේදී එවකට පරිගණකයක හැකියාව මෙන් දස දහස් ගුනයක හැකියාවක් දරන ටීටාව යාන්ත්‍රික බවට වඩා කිට්‍ටු වූවේ මිනිස් බවටයි.අවසානයේ ටීටාව ප්‍රවාහන  පහසුකම් ලබා ගැනීම සදහා වන අවසන් නිවේදනය නිකුත් කරන්නට පටන් ගත්තා.ඉතා සහෝදර සුහදකමක් සමග අප එකිනෙකා ගෙන් සමු ගන්නට පටන් ගත්තා. මා උසස් අධ්‍යපනය සදහා සුදුසුකම් ලබා ඇති බව සීයාට මුලින්ම දැනුම් දුන් විට දුරකථනය ඔස්සේ සීයා සිනා සෙමින් පැවසූ දේ යලිත් මා මතකයට පැමිනුනා. දශක කිහිපයකට පෙර  සමහර නොදියුනු රටවලනම් තම උසස් අධ්‍යාපන ආයතනයට පිවිසුනු පලමු දිනයේ බොහෝ නවකයන් ආපසු යන්නේ වධකාගාරයකින් යාන්තමින් ගැලවූවන් පරිද්දෙන් බවයි ඔහු පැවසුවේ.දියුනු සමාජීය බවකට වඩා ගෝත්‍රික බවට වඩාත් කිට්‍ටු හැසිරීම් සමග නවකයන් පෙලමින් තම ආධිපත්‍ය ‍රැකගන්නට එවකට සමස්ත සමාජයේම බලවතුන්ගේ ක්‍රමවේදය උසස් අධ්‍යාපන ආයතනවලද මනාව ශක්නට ලැබුනු බවයි.

2012-09-11

මෙම භ්‍යානක සිතුවිලි වයිරසය පෘතුවිය මත මිනිස් වර්ගයාගේ නිර්මානශීලී බවේ ශක්තිය උරා


පලමු දිනය කෙමෙන් අවසන් වෙමින් තිබුනා. එකිනෙකා හදුනා ගැනීම් තොරතුරු හුවමාරු කරගැනීම් මැද ඉතිරි කාලය ගතව යමින් තිබුනා.ආයතනය මගින් ආපසු අප වෙසෙන පලාත්වලට සපයන ප්‍රවාහන පහසුකම් ලබ ගැනීමට කැමතිනම් ඒසදහා කාලවේලාවන් පිලිබද නිවේදනයන් එකි නෙකා වෙත අදාල පරිදි ටීටාව තුලින් දැනුම් දෙමින් සිටියා.වරක් පියාත් සමග ඔහුගේ පියා බැහැදකින්නට ගියවිටකදී සියා විසින් ලබා දුන් ඇල්බමයක තිබී මහත් උජාරුවෙන් කථා කල ඔවුනගේ පවුලේ වාහන පිලිබද පින්තූර පෙල වෙත මගේ  මගේ මතකය දිවගියා. තම පවුලේ ආඩම්බරය මිල අධික වාහනයකට කැටිකර පෙන්වන්නට එකල මිනිසුන් පුරුදුව සිටිබව සියාගේ හැසිරීමෙන් පැහැදිලිව පෙන් එන්නට තිබුනා.මෑතකදී පවුලේ සංවාදයකදී පියා පවසා සිටියේ එපමනක් නොව අධ්‍යාපනය පවා බොහෝ රටවල භාවිතාවූවේ තමන්ගේ ආර්ථික සායම්මාජ තත්ව ආදීවූ සීමා ඉක්මවා යාමට විනා පෝෂනය වන කරුනෙන් කරුනට උත්තේජනය වන මනසේ සෛල ක්‍රියා වලියෙන් තෘප්තිමත් වන්නට හා වඩාත් නිර්මානශීලී වෙමින් එම කරුනු නව රටාවකට පෙලගැස්සීමේදී දැනෙන සතුට විඳගන්නට මිනිසුන් පුරුදුව නොසිටි බවයි.
                                                                          පාසැල් වියේදී කියවූ ප්‍රබන්ධයක් නම්කර තිබුනේ චින්තන  වෛරස නමින්. නව රටාවකට සිතුවිලි පෙලගැසෙනු දු‍ටුවහාම සිත් මතම ක්‍රියාත්මකවන මෙම සතුරු සිතුවිලි ගොනු ජීවියා තම ගොදුරු මනස තුල මහත් අතෘප්තියක් මවමින් අසහනයක් හා අපහසුවක් සමග එම සිතුවිල්ල බිඳදමන්නට කටයුතු කරමින් සිටියා.එම කතුවරයා තම නිර්මානය තුල පවසමින් සිටියේ වසර සිය දහසක් ඔස්සේ මෙම භ්‍යානක සිතුවිලි වයිරසය පෘතුවිය මත මිනිස් වර්ගයාගේ නිර්මානශීලී බවේ ශක්තිය උරා ගනිමින් සිටි බවයි. නිර්මානශීලී නොවිය යුතුබවට බලකරමින් සිටි දේශපාලනික හා ආගමික මතවාද මෙම දරුනු සත්වයාගේ සාර්ථක ගොදුරු බවටයි ඔහු තම නිර්මානය ඔස්සේ යෝජනා කරමින් සිටියේ.බොහෝ කලක්  මෙවැනි නිර්මාන එතරම් තේරුමක් නැති විකාරයන් ලෙසට අත්හැර දමා තිබුනද ටීටාවේ ප්‍රාථමික යුගයේදීම මෙවැනි සමහර ග්‍රන්ථ උසස් අධ්‍යාපන ආයතනවල පවා පෙල පොත් තරමට භාවිතයට පැමිනීම අපූරු සිදුවීමක් උනා.

දත්ත මිනිසා  www.siriwansa.com

"Go Daddy" වෙත සයිබර් ප්‍රහාරයක්!!!!!


"Go Daddy" ආයතනය යනු ලොව වැඩිම ඩොමේන හා වෙබ් හොස්ටින් පවත්වා ගෙන යනු ලබන ආයතනයකි.වෙබ් අඩවි පමනක් මිලියන 5ක් පමන ඔවුනගේ ආයතනයේ "හොස්ටින්" සේවාව ලබා ගන්නා බවටයි සටහන් වන්නේ. ගෙවී ගිය දිනයේ සැදෑ භාගයේදී සිදුවූ සයිබර් පහරදීමක ප්‍රථිපලයක් ලෙස තම ආයතනයේ ඩොමේන හා වෙබ් හොස්ටින් සේවාව ලබාගන්නා බොහෝ සේවා දායකයින්ගේ සේවා අඩපනවීමක් සිදුවූ බවට ආයතනය පවසා සිටිනවා.
                                 මේ පිලිබදව එම ආයතනයෙන් නිකුත්වන නවතම නිවේදනයකට අනූව පැවසෙන්නේ තත්වය පාලනය වී ඇති බවත් ක්‍රමයෙන් අක්‍රිය වූ සේවා වන් යථා තත්වයට පත්කරමින් සිටින බවත් හා මෙම ප්‍රහාරයේ ප්‍රථිපලයක් ලෙසට තම පාරිභෝගිකයන්ගේ දත්තයන් අන්සතුවීමක් පිලිබදව තවමත් නිවැරදිව පැවසිය නොහැකි බවත්ය.ඔවුන් පවසනවා ඉදිරි පැය 24 තුල සියලු සේවාවන් සම්පූර්නයෙන් යථාතත්වයට පත්වනු ඇති බවත් ඉවසීමෙන් තමන්හට සහය දැක්වූ පාරිභෝගිකයන් වෙත තම ප්‍රසාදය පලකරන බවත්ය.

2012-09-09

වින්8 මෙට්‍රෝ මුහුනත මග හරින්නට.........


වින්ඩෝස් 8 සමග වන භාවිතය ගැන ඇති අපහසුතා ලෙසට නම්වන කාරන අතර වින්8 ප්‍රධාන මුහුනතෙහි  මෙට්‍රෝ ආකාරයේ ස්වභාවය බොහෝ අයවලුන් විසින් දක්වා තිබෙනවා. මයික්‍රසොෆොට් ආයතනය දෙසින් නිකුත්වූ කිහිදු නිවේදනයක මෙම මෙට්‍රො මූලික ප්‍රධාන මුහුනත මගහැර සාම්ප්‍රධායික ඩෙස්ටොප් මුහුනත වෙත යාමේ ක්‍රමවේදයක් තම අවසන් සංස්කරනය සමග නිකුත්කිරීමේ අදහසක් මෙතෙක් දක්වා නැත. විචාරක මතය වෙමින් ඇත්තේ මෙම තත්වය සදහා ඇති එකම විසදුම වන්නේ තෙවන පාර්ශවයක මෘදුකාංග සහයක් මේ සදහා අවශ්‍ය වනු ඇති බවයි.
                      දැනට මේ සදහා ඉදිරිපත්ව ඇති විසදුම් අතර පහත දැක්වෙන මෘදුකාංගය පිලිබදව සටහන් කල හැකියී. දින 7 ක අත්හදා බැලීමේ කාලයක් සදහා නොමිළේ ලබා ගත හැකි මෙම  මෘදුකාංගය ඉන් පසුව කුඩා මිලකට ලබා ගන්නට  හැකි බවටයි සටහන් වන්නේ.

http://retroui.com/

වින්ඩෝස්8 පෙර සංස්කරනය භාවිතය අනතුරුදායක විය හැකියි.......

 
 
අඩොබේ ආයතනය පවසන්නේ වින්ඩෝස් 8 දැනට නිකුත්ව ඇති සංස්කරනය අනාරක්ශිත බවයි.දැනට හදුනා ගැන ඇති වින්8 ප්ලෑෂ් ප්ලේයර දුරවලතාවය සදහා යාවත්කාලීනය නිකුත්කිරීම මයික්‍රසොෆ්ට් ආයතනය එලබෙන ඔක්තෝබර 26ට නියමිත වෙළඳ සංස්කරනය නිකුත්කිරීම දක්වා පමා කරන්නට තීර්නය කර තිබීම හේතුව ලෙසට දක්වා සිටිනවා. මේ පිලිබදව මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන්නේ වින්ඩෝස් 8 පෙර සංස්කරන  සමග ක්‍රියාත්මක ප්ලෑෂ් ප්ලේයර් දුර්වලතාවය සදහා යාවකාලීනය නිකුතුව එලබෙන සාමන්‍ය වින්ඩෝස්8 සංස්කරනයට නිකුත්වන යාවත්කාලීන ගොනු සමග නිකුත්වන්නට නියමිත බවයි.
                   ප්ලෑෂ් ප්ලේයරය භාහිර ප්ලගීනයක් ලෙසට ක්‍රියාත්මක නොවන අනෙකුත් බ්‍රවුසරය වන ගූගල් ක්‍රෝම් සදහාද යාවත්කාලීනයන්  ලබාදෙනුයේ ගූගල් ආයතනය හරහා වුවද එම යාවත්කාලීනයන් අඩොබේ ආයතනයෙන් නිකුත්වූ දිනයේදීම තම ගූගල්ක්‍රෝම් බ්‍රවුසරය වෙත ලබා දෙන්නට වග බලා ගන්නා බවටයි පිලිගැනෙන්නේ.අඩොබේ ආයතනය පවසන්නේ පසුගිය මාසයතුල හදුනා ගත් දුර්වලතාවයන් 8 සදහා යාවත්කාලීන ගොනු දෙකක් නිකුත්කරන්නට කටයුතු කලබවත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සදහා මෙම යවත්කාලීනයන් දෙකම මගහැරී ඇති බවයි.

2012-09-05

ජාවා වෙතට රතු එලිය දැල්වේ.......



ජාවා යනු වෙබ් අවකාශය සංක්‍රීය තැනක් කරන්නට භාවිතාකරන්නා අන්තර්ක්‍රියාකාරකම් වලට පොලබවන්නට මුල්වූ මෘදුකාංගය ලෙසටයි පිලිගැනෙන්නේ. මතුවෙමින් පවතින නවතම තත්වය තුලදීනම් ජාවා වෙතට පෙරකී ධනාත්මක දැක්ම වේගයෙන් වෙනස් වෙමින් පවතින බවටයි දක්නට ඇත්තේ.හදාරන්නන් පවසන ආකාරයටනම්  ඕබගේ පරිගණකය තුල තව දුරටත් ජාවා මෘදුකාංගය පැවතීම "ඔබ ඉතා සබුද්ධිකවම මෘදු හානීන් ඔබගේ පරිගණකය වෙත කැන්දා ගැනීමක්" ලෙසටයි සටහන් වන්නේ. හදුනා ගෙන තිබූ දුර්වලතා සදහා ජාවා වෙත  නිකුත්කර ඇති පිලිසකර යාවත්කාලීනයන් සමග නව ආකාරයක දුර්වලතා ජාවා මත නිර්මානය කරදෙන්නට සමත්ව ඇති බවටයි නවතම චෝදනාව වන්නේ.
                                  හදාරන්නන්ට අනූව පැවසෙන්නේ භාවිතාකරන්නන්ගෙන් සියයට අනූවකම පරිගණක මතට ජාවා ස්ථාපනය එතරම් තේරුමක් නොමැති බවයි.පසුගිය කාලය සලකන විටදී මයික්‍රසොෆ්ට් මෙන්ම ඇපල් උපකරන වෙතට තීරනාත්මක ලෙස අනවශ්‍ය හානීන් කැදවන්නට ජාවා මුල්ව ඇති බවටයි ඔවුන් චෝදනා කරමින් සිටින්නේ.දැනටමත් මැක් උපකරන සමග ජාවා ස්ථාපනය කොට නිකුත්කිරීම එම ආයතනය විසින් නවතා ඇති බවටයි පැවසෙන්නේ. 2011 වසර තුලදී සිදුවූ මැල්වෙයාර් පහදීම් වලින් සියයට 78ක් සදහාම ඉලක්කවී තිබුනේ ජාවා  , ඇඩොබේ හි ප්ලෑෂ් ඇඩොබේ රීඩරය බවටයි වාර්ථවන්නේ.

දත්ත උපකරනය සුරක්ෂිත භාවිතයකට....



ඔබගේ දත්ත උපකරන ආරක්ශා කරගැනීමේ ක්‍රියාවලියේදී ඉහලින්ම සදහන් වන්නේ ඔබ නොකලයුතු කාරනා කිහිපයකි. ආකර්ශනීය තරුන තරුනියක වෙසින් සිටිමින් ඔබලවා අවදිකරවන්නට තැත් දරන වෙබ් සබදතා මග හැරීම ඉන් ප්‍රධානය. තවත් විටක දේශපාලනික හෝ ආගමික ලෙස ඔබගේ අවදානය කම්පනය කරමින් වැඩි දුර තොරතුරු වලට පොලබවන්නට තැත්කරන අවස්ථාවල අවසාන ප්‍රථිපල වන්නේද  ආසාදිත දත්ත  උපකරනයක හිමිකරුවෙක් වීමට සිදුවීම පමනක් විය හැක.අද වන විට සයිබර් අවකාශය තුලදී සිදුවන බොහොමයක් හානිකර මෘදුකාංග පහරදීම් වලින් ගැලවී සිටීමට මෙවන් යහපත් පුරුදු කිහිපයක් හා ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනයකොට එය නිසිලෙස යාවත්කාලීන කරමින් පවත්වා ගේන යාම ප්‍රමානවත් බවටයි පිලිගැනෙන්නේ.
                                       ටැබ් යන්ත්‍ර හා නවීන ජංගම උපකරන සදහාද මෙම තත්වය පොදුය. සීග්‍ර ලෙස භාවිතාකිරීම්  ඉහල යමින් පවතින මෙම උපකරන කෙරෙහි පහරදෙන්නන්ගේ අවදානය වේගයෙන් ලැබෙන් පවතින බවට පැවසෙන අතර සාමාන්‍ය ලෙසට ඒවා සමගද ඊමෙල් ගනුදෙනු කරමින් වෙබ් අවකශය සමග ගනු දෙනු කරන්නට හැකිවීමත් සමග මෙම අනතුරු තත්වය වැඩි වෙමින් පවතින බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. ඔබගේ කාර්යාලයේ පරිගණක පද්ධතිය තුලට අනවසර ඇතුලුවීමකට ඇරබුම මෙලෙස කාර්යාල පරිගණක පද්දතිය හා සම්බන්ද වන ජංගම උපකරන ඔස්සේ කෙරෙන ආසාධනයන් මුල්වනු බහුලව දැකිය හැකි වීම සුලබ කාරනයක් ලෙසට දක්නට හැකිවෙනවා.
                                                                        මෙලෙස සිදුවිය හැකි ආසාදනයන්ද ඒවා සිදුවන ක්‍රම අනූව වර්ගීකරනය කොට තිබෙනවා.පොදුවේ මැල්වෙයාර් ලෙසින් නම් වන මෙම හානීන් අතර වෝම් නොහොත් අන්තර්ජාලය ඔස්සේ පරිගණකයෙන් පරිගණකයකට ස්වංක්‍රීය පැතිරෙමින් එම යන්ත්‍ර අනවශ්‍ය ක්‍රියාකාරකම් වලට පොලබවන හානිකර මෘදුකාංගද , බොට්නෙට් ලෙසට නම් වන ඔබ කිසිසේත්ම නොදන්නා මුත් හානිකරබව පතුරවන විශාල පරිගණක ජාලයක සාමාජිකයෙකු බවට ඔබගේ පරිගණකය පත්කරන හානිකර මෘදුකාංගද , වෙනත් මෘදු වැඩසටහනක් මත සැගව පරිගණකය වෙත පැමින පරිගණකයට හනිකරන වෛරස ලෙසට නම් වන මෘදු කොටස්ද , ස්පයිවෙයාර් ලෙසට නම් වන භාවිතාකරන්නාට නොහැගෙන ලෙසට උපකරනයේ භාවිතාවන තොරතුරු තවකෙකු අතට පත්කරන්නට ක්‍රියාත්මක වන මෘදුකාංගද, පිෂිං ලෙසට නම් වන ඔබව නොමග යවා ඔබගේ ගිනුම් වල තොරතුරු ලබා දෙන්නට පොලබවන මෘදුකාංගද වනවා.
                       ඔබගේ දත්ත උපකරනය භාහිරට විවෘතවන හැම විටකම මෙම හානිකරයන් ඔබගේ පරිගණකයට ඇතුලුවීමේ අනතුර පවතිනවා. සංයුක්ත තැටියක් ඔස්සේ , පෙන් ඩ්‍රයිව් එකක් ඔස්සේ , අන්තර්ජාල භාවිතයේදී ඊමේලයක් ඔස්සේ, සමාජ ජාලා ක්‍රයා කාරකම් ඔස්සේ , තවත් විටක ඔබ වෙතට එවන කුඩා ටෙක්ස්ට් මැසේජයක් ඔස්සේ පවා මෙම හානිකරයන් සිදුවිය හැකියි. මෙවන් ආසාදනයක් හදුනා ගැනීමේදී උපකරනයේ වේගය අස්වාභාවික ලෙස අඩුවීම  , ඔබ පරිගණකය ක්‍රියාත්මක කරවන විධානයන්ට අමතර වෙනත් ක්‍රියාකාරකම් වලට පරිගණකය පෙලබෙන බව පෙන්වීම  වැනි සරල වෙනස් කම් වල සිට පරිගණකය සම්පූර්නයෙන් ක්‍රියාත්මක කරවා ගත නොහැකි තත්වයට පත්වීම දක්වා විවිධ විය හැකියි.
                                                                                     ආරක්ශක මෘදුකාංගයක් පරිගණකයේ ස්ථාපනය කර එය හොදින් පවත්වාගෙන යාම පලමු ආරක්ශක පියවර වෙනවා. අනවශ්‍ය පෙලබවීම් ඔස්සේ නන්නාදුනන සබදතා සමග ගනුදෙනු නොකිරීම , සැක සහිත ඊමේලයන් මගහැරීම , අවිධිමත් මෘදුකාංග උපකරනයට ස්ථාපනය නොකිරීම, ස්ථාපනය කර ඇති මෘදුකාංග නිසිලෙස යාවත්කාලීන කරමින් පවත්වාගෙන යාම වැදගත් තොරතුරු අඩංගු ගොනුවල අමතර පිටපතක්  බාහිර මාධ්‍යක් මත නිරන්තරයෙන් පවත්වා ගෙන යාම වැදගත් කාරනා ලෙසටයි සැලකෙන්නේ.

2012-09-04

ද්විත්ව පියවර ආරක්ශන තහවුරුව

ද්විත්ව පියවර අනන්‍යතා තහවුරුව ඔස්සේ ඔබගේ ගිනුමේ ආරක්ශාව සදහා අමතර ලේයරයක් ගෙනෙනු ලබයි. සාමන්‍යයෙන් සාම්ප්‍රදායිකව සිදුවූ ක්‍රමය වන "යුසර් නේම්" හා "පාස්වර්ඩ්" ඔස්සේ සිදුවූවේ එම පද්ධතිය තුලදීම ඔබගේ අනන්‍යතාවය තහවුරුකරගැනීම වේ. උදා හරනයක් ලෙසට ඔබගේ යාහු ඊමේල ගිනුමට ඇතුලු වන්නට අවශ්‍ය අවසර පද ආදිය ලබා ගෙන එම ගිනුමේ සැබෑ අයිතිකරු ඔබම බව තහවුරු කරගැනීමේ සම්පූර්න ක්‍රියාවලියම සිදුවූවේ ඔබගේ පරිගණකයත් යාහු සේවරයත් අතර පමනක් සිදුවන ක්‍රියාවලියකින් පමනකි. නමුත් මෙම නව පියවර ඔස්සේ සිදුවනවේ ඉහත කී පියවරට අමතරව එම ගිනුමට ඔබ ඇතුලු වන්නට උත්සාහ කරනුලබන්නේ නව පරිගණකයක් ඔස්සේ නම් අදාල සර්වරය විසින් ඔබගේ දුරකථනයට එවනු ........      www.siriwansa.com

2012-09-03

 
ෆේස්බුක් සමාජ ජාලාව ලොව වැඩිම පිරිසක් යනෙන සයිබර් සමාජ ජාලාව ලෙසට පිලිගන්නා සමාජ ජාලාවයි.ලොව දසතින් දෛනිකව විශාල භාවිතාවක් ලබන මෙම අවකාශය තුලට මුදා හැරෙන තොරතුරු ප්‍රමානයද මහත්ය.
                            ෆේස්බුක් මතට ඔබ මුදා හැර ඇති තොරතුරු ප්‍රමානය ප්‍රස්ථාර ආකාරයකට හකුලා  මැන බලන්නට අවස්ථාවක් සලසමින් දියත්කර ඇති නව සේවාව ඔබටත් ඔබගේ සමාජ ජාලා ජීවිතය පිලිබද කිසියම් තක්සේරුවකට පැමිනෙන්නට අවස්ථාව ලබාදෙනු ඇති බවටයි එහි නිර්මාතෘවරුන් පවසා සිටින්නේ. ෆේස්බුක් මත ක්‍රියාත්මකවන ඇප්ලිකේශනයක් ලෙසට ක්‍රියාත්මකවන මෙම පහසුව ඔබටත් ලබ ගැනීම සදහා පහත දැක්වෙන සැබැදියාව ඔස්සේ පිවිසීමෙන් ලබා ගත හැකි වනු ඇත.

http://www.wolframalpha.com/input/?i=facebook

2012-09-02

පරිගණකයේ ආරක්ෂාව තහවුරු කර ගනිමු

දුර බැහැර වෙසෙන ඔබගේ හිත මිතුරන් සමග සබදතාවලදී වඩාත්ම පහසුවෙන් ඔබට සහයවන්නට ඉදිරිපත්වන සේවා අතර ස්කයිප් මුලුන්ම සදහන් වනු දැකිය හැකියි. ලොව පුරා සයිබර් වැසියන් බහුතරයක් භාවිතාකරන මෙම සේවාව හා බැදුනු මීලග ප්‍රධානතම ගැටලුව වන්නේ තිතරම තම ගිනුම අනවසර පහර දෙන්නන්හට ගොදුරුවීමේ ස්වභාවයයි.......
www.siriwansa.com

සෙයුම් යන්ත්‍රන දූෂනය යනු.......

සර්ච් එන්ජින් ප්‍රථිපල දූෂනය යනු සයිබර් අවකාශය තුල සිදුවෙමින් පවතින තවත් ප්‍රධාන පෙලේ ගැටලුවක් ලෙසට හදුනා ගනුමින් තිබෙනවා. මෙම තත්වය පැහැදිලි කරන්නේ නම් , සෙයුම් ප්‍රථිපල පි‍ටුවක ඉහලම සටහන වන්නට පලකරන්නන්ගේ ඇති ප්‍රියතාවයට හේතුවන්නේ බොහෝ විට සොයා බලන්නෙක් තමන් වෙත ලැබුනු ප්‍රථිපල සටහනේ ඉහලින්ම ඇති ප්‍රථිපලය [ක්ලික් කිරීම] අවදිකරන්නට ඇතිම වැඩි ප්‍රථිශතය නිසා වෙනි. මෙම ස්වභාවය හදුනා ගන්නා ව්‍යාජ පලකරන්නන් විසින් උපංක්‍රමශීලීව තම හානිකරයන් සහිත වෙබ් අඩවි වෙත වැඩි පිරිසක් ‍රැගෙන ඒම සදහා උපංක්‍රමශීලීව පෙරකී ප්‍රථිපල සටහන් වල ඉහලින්ම සටහන් වන්නට ක්‍රියත්මක වීමයි.
                                                                          හදාරන්නන් පවසන්නේ සියලුම පාහේ සෙයුම්යන්ත්‍ර පහසුව ලබා දෙන්නන්  මෙම තත්වය මග හැරීම සදහා උපරිම උත්සාහයෙන් ක්‍රියා කරන නිසා හුදු එක සෙයුම් යන්ත්‍රයක් වඩාත් නිවැරදියයි පෙර නිගමනයකට පැමිනීමට වඩා ලැබෙන ප්‍රථිපල අතර හොද අවදානයකින් සොයා බැලිම වැදගත් වනු ඇති බවයි.ඔවුන් පවසන්නේ  ප්‍රධාන පෙලේ පුවත් හා පලකිරීම් වලට වඩා සාමාන්‍ය කරුනක් සදහා කරන සෙවුම් අතරට රිංගා ගන්නට මෙම ව්‍යාජ වෙබ් අඩවි මෙහෙය වන්නන් වැඩි කැමැත්තක් දක්වන බවට තමන් හදුනා ගන්නා බවත් එයට වැඩිම හේතුව වන්නට ඉඩ ඇත්තේ එවන් සෙයුම් ප්‍රථිපලයක ඉහල තැනක් අත්පත් කර ගන්නට අවශ්‍යවන උත්සාහය පෙරකී ප්‍රධාන පෙලේ උනුසුම් මාතෘකාවක් ඔස්සේ ලබා ගන්නවාට වඩා පහසු වීම විය හැකි බවයි.

වඩාත් නිවැරදි සෙයුම් ප්‍රථිපල ලබාදීම හෙවත් නොනවතින අරගලය.....

වෙබ් අවකාශය යනු අපමන තොරතුරු වලින් සුසැදි ස්ථානයකි. සැබවින්ම මෙම වෙබ් අවකාශය අපහට මෙතරම් අදාල වනුයේ එය සමන්විතවන අපමනක් වන තොරතුරු නිසාම නොවේ. ක්ශනිකව එම තොරතුරු අපට අදාලවන විටකදී නැවත ලබා ගැනීමේ ඇති පහසුව නිසා වෙනි. දුර හා කාලය යන බොහෝදේ සදහා අදාල වන සාධක ඉක්මවා යමින් ක්ශනිකව එම තොරතුරු අපට අවශ්‍ය ආකාරයට ලබාදීමේ කාර්යය සදහා අතර මැදියා වනුයේ "සර්ච් ඇන්ජින්" ලෙසින් නම් වන සෙයුම් යාන්ත්‍රනයයි.
               ගූගල් ආයතනය යනු මෙම කාර්යය වඩාත් සාර්තකව ඉ‍ටුකර දෙන්නට උත්සාහකරන ආයතන අතර ඉදිරියෙන්ම සිටින්නෙකි. එම ආයතනයේ ශක්තියෙන් වැඩි ප්‍රමානයක් වැය කරමින් ඔවුන් නිරන්තරයෙන් සොයා බලමින් සිටින කාරනය නම් සැබවින්ම ඔබ සොයන්නේ කුමක්ද යන්නය. සරලව පවසන්නේ නම් එක් වචනයක් සදහා අර්ථ කිහිපයක් ඇති විටකදී බහුතරයක් වැඩි වශයෙන් එම වචනයෙන් අදහස් කරන්නේ කුමද යන්න සෙයුම් යන්ත්‍රයට අවබෝධයක් ඇති විටකදී අඩුම කාලයදී වැඩිම අදාල සෙයුම් ප්‍රථිපල ඔබගේ ප්‍රථිපල පි‍ටුවේ ඉහලින්ම සටහන් කිරීම ඔවුන්ගේ ඉලක්කයවේ.
               ගූගල් ආයතනය මේ වන විට පවසමින් සිටින්නේ වඩාත්ම සාර්ථකව ඔබ සොයනදැ පිලිබදව සහය ලබා දෙන්නට නම් ඔබගේ වඩාත් පෞද්ගලික බවට එබී බලන්නට සිදුවනු ඇති බවය. ඔවුන් පවසන්නේ අනාගතයේ ඔබගේ සෙයුම් ප්‍රථිපල වඩාත් ඔබේ අවශ්‍යතාවයන් හා වැඩියෙන්ම සැසදෙන්නට නම් ඔවුනට ඔබගේ ඊමේල සමාජ ජාලා ගිනුම් වෙත වඩාත් සමීපව කටයුතු කරන්නට සිදුවනු ඇති බවකි.

වින්ඩෝස් 8 සමග සුපුරුදු පරිගණක ක්‍රිඩාද.......

මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන්නේ එලබෙන වින්ඩොස් 8 සමගද සුපුරුදු පරිගණක ක්‍රිඩා පැමිනෙන්නට නියමිත බවයි. ඒවා අතර Angry Birds හා Angry Birds Space ද වන බව පවසන ආයතනය ඔක්තෝබර් මස  26 නිකුත්වන වින්8 අවසන් සංස්කරනය සමග මේවා නිකුත්වන බවටයි පැවසෙන්නේ. මේවා ගේම් ඇප්ස් ලෙසටත් වින්ඩෝස් ස්ටෝර් වලත් දක්නට ලැබෙනෞ ඇති බවට ආයතනය පවසනවා.මීට අමතරව වින්ඩෝස් හි  Xbox console සමගද සමහර ක්‍රිඩා කිහිපයක් නිකුත්වනු ඇති බවටයි සටහන් වන්නේ. මෙම ක්‍රීඩා 40ක් අතරින් 29ක්ම මයික්‍රසොෆ්ට් ආයතනයේ නිර්මාණ වනු ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.
                        කෙසේ වෙතත් තවමත් එම ආයතනය ටැබ් මූලික උපකරන වෙනුවෙන් වන Windows RT සංස්කරනය සදහා මෙම ක්‍රිඩා අතරින් කිනම් ඒවා අදාල වනු ඇත්දැයි තවමත් පවසා නැති බවටයි සටහන් වන්නේ.

2012-09-01

Pen Drive එකකින් වින්ඩොස් 7 හෝ වින්ඩෝස් 8 ස්ථාපනය කරමු...


තවමත් මෘදුකාංග ස්ථාපනය සදහා යොදා ගන්නා සරලතම මාර්ගය වන්නේ සංයුක්ත තැටියක් හෝ යු.එස්.බී හරහා පරිගණකයට සම්බන්ද කල හැකි මාධ්‍යයක් හරහා එම
මෘදුකාංගය පරිගණකයට ලබා දීමයි. මෙහිදී යු.එස්.බී හරහා සම්බන්ද වන පෙන් ඩ්‍රයිව් එකක් වඩාත් වැඩි දෙනෙකුගේ තේරීම වනු ඇත්තේ එම උපකරනයේ බහුල භාවිතයත්
පහසු ජංගම ගතියත් විය හැක.පහත දැක්වෙන ක්‍රමවේදය ඔස්සේ පහසුවෙන් Pen Drive එකක් හරහා වින්ඩෝස් 7 හෝ වින්ඩෝස් 8 ඔබගේ පරිගනකයට ස්ථාපනය කර ගත හැකි වනු ඇත.විනාඩි 15 වැනි කෙටි කාලයක් තුල ඉහත කී මෙහෙයුම් .............         www.siriwansa.com


------ Pen Drive එකක ආධාරයෙන් වින්ඩොස් 7 හෝ වින්ඩෝස් 8 ස්ථාපනය කරගැනීම පැහැදිලි කෙරෙන ලිපියක් සමග ප්‍රධාන වෙබ් අඩවිය ඔස්සේ ඉදිරියේදී පලකිරීමට නියමිත ලිපි මාලාවක් ඇරබෙන අතර මෙම ලිපිවල ගුනදොස් 0773491916 ඔස්සේ ලබාදෙමින් සහය වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. --------
 

 

කාලය පරිගණක ලෝකය තුලද තීරනාත්මකය....


එලබෙන කාලය පරිගණක භාවිත ලෝකය මත තීරනාත්මක වෙනස්කම් කිහිපයකින් සලකුනු වන්නට නියමිතය. ඒ අතර ඉහලින්ම සටහන් වන වින්ඩෝස් 8 නිල ලෙස හදුන්වා දීමට නියමිත වීම දැක්වේ. හදාරන්නන්ට අනූව ලොව වැඩිම භාවිතාවක් ලබන පරිගණක මෙහෙයුම් පද්ධතියේ පෙර සංස්කරන සියල්ලම ඔස්සේ ගලා ආ ප්‍රධාන ආකෘතිය වෙනස් වීමට නියමිතව ඇත. තවත් අයුරකින් පවසනවා නම් එම භාවිතය වඩාත් සරල පහසු ආකෘතියකට වෙනස් වීමට මුල් තැන ලැබි ඇත. කොටින්ම තම මෙහෙයුම් පද්ධතිය භාවිතය සරල ජංගම උපකරනයක් භාවිතය තරමට පහසු කොට ඇත. මේ බව මෙට්‍රො මුහුනත , ටයිල් භාවිතය , ඇප්ලිකේශනයක් අවසන් කිරීමේ සරල ක්‍රමය , ක්ලවුඩ් මතට වැඩි බරක් ලබා දෙමින් උපකරනය මෘදුකාංගමය ලෙසද අඩු බරක්  හා  එම මෘදුක්‍රියා කාරකම් වල ආරක්ශාව පිලිබදව වැඩි වගකීමක් ආයතනය මත තබා ගැනීම ආදී ඇතුලු බොහෝ වෙනස්කම් හැදෑරීමෙන් වටහා ගත හැක.
                                                තවත් දෙසකින් ආයතනය තම නව මෙහෙයුම් පද්ධතිය සදහාම උපකරනයක් හදුන්වා දෙමින් ඉහත කී වෙනස්කමේ ඉදිරිය පිලිබදව පනිවිඬයක් දෙමින් සිටී.සමහර විටක තුන්වන පාර්ශවයක උපකරන වලට වඩා තම මෙහෙයුම් පද්ධතියේ උපරිම කාර්යක්ශමතාවය සදහා තම් දෘඩාංග වෙතට භාවිතාකරුවන් සදහා අනාගතයේ පැමිනෙන්නට වීමේ අනා ගත යෝජනාවක් ඒ තුල සැගවී නැතිමයැයි පැවසීමට අපහසු වෙමින් තිබේ.
                                                          බොහෝ විට එලබෙන වසර වන විට පරිගණක භාවිතාවන් දැනට පවතින ස්වභාවයේ සිට තීරනාත්මක ලෙසට වෙනස් වීමේ අනිවාර්ය අත්දැකීම මගහැරීමට නොහැකි වන බවනම්  ස්ථිරව පැවසිය හැක. එය පරිගණකය හැසිර වීමේ පමනක් නොව සයිබර් පහර දෙන්නන් , භාවිත කරුවන්ගේ අනන්‍යතා පැහැර ගන්නන් දක්වාම වෙනසක් ‍රැගෙන එන බවටනම් ස්ථිරය.

ගූගල්+ වෙත නවාංගයක් එක්වේ........

ඔබට මිතුරන් 1000 සිටිය හැකිද? නැතිනම් ඔබගේ සමාජජාලා ගිනුම හා සම්බන්දවී ඇති 1000ක පිරිසම ඔබගේ මිතුරන්ද? විවිධ විෂයන් ඔස්සේ මේ පිලිබදව විවිද අයවලුන් අදහස් දක්වමින් සිටී.විසදුම් දෙකක් ගැන අනුමාන කල හැක. මිතුරා යන්නෙහි නිර්වචනය වෙනස් කරගන්නට හෝ සමාජ ජාලා මිතුරන් සදහා වඩා ප්‍රායෝගික නව නිර්වචනයක් සොයා ගැනීම ඒ අතර වේ.
                                          ගූගල් ආයතනය පවසන්නේ තම සමාජ ජාලා අඩවිය වන ගූගල්+ සදහා හදුන්වා දෙන නව අංගයක් සමග සියලුම සර්කලයන් තුල සිටින මිතුරන් අතරින් තම උපන්දිනය සමරන අයවලුන් මතක් කර දෙමින් ඔවුන් සදහා සුබපැතුම් සමහ විවිධ ආකාරයේ පනිවිඬ ඔස්සේ සුබ පැතීමේ අවස්ථාව මෙම නව උපාංගය සමග ලැබෙන බවයි.

ජාවා 7 වෙත අනතුරු ඇගවේ......

පසුගියදා ජාවා 7 සදහා නිකුත්කරනු ලැබූ ආරක්ශක යාවත්කාලීනයන් සමග නව දුර්වල තාවයක් නිර්මාණය වී ඇති බවට පුවතක් පලවෙනවා.හදාරන්නන් පවසන්නේ මෙම දුර්වල තාවය සමග ජාවාහි ආරක්ශක ක්‍රියාකාරකම් වන "සෑන්ඩ් බොක්ස්" හා තවත් අවස්ථාවක් සදහා මෙම අනතුරුදායක විවරවීම  දක්නට ලැබෙන බවයි.
                                              ඔරකල් වෙතින් සුපුරුදු ලෙස සතර මාසයකට වරක් නිකුත් කරන ආරක්ශක යාවත්කාලීන ගොනුව ලබා ගැනීමත් සමග මෙම අනතුරු දායක බව නිර්මානය වී ඇති බවට පැවසෙන අතර ඒ සමගම පහර දෙන්නෙකුට පහසුවෙන් මැල්වෙයාර් ආකාරයේ ආසාධනයක් කරා පරිගණකයක් පහසුවෙන් ‍රැගෙන යන්නට අවස්ථාව ලැබෙනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.
                       විද්වතුන් පවසන්නේ ජාවා හි 6 වන සංස්කරනයට වඩා එහි 7 වන සංස්කරනය අනාරක්ශිත බවවින් වැඩි බවක් දක්නට ලැබෙන බවටත් ජාවා 7 මතට පෙර සංස්කරන වලට වඩා පහසුවෙන් ඇතුලුවීමේ අවස්ථාව තිබෙන බවයි.

තෙවන පාර්ශවයේ ෆේස්බුක් ඇප්ස් 500,000 අනතුරුදායකයි........


500,000 අධික තෙවන පාර්ශවයට අයත් ෆේස්බුක් ඇප්ලිකේෂනයන් විසින් භාවිතාකරුවන්ගේ ගිනුම් වල තොරතුරු ‍රැස්කිරීමේ යෙදී සිටින බවටයි හදාරන්නන් පවසන්නේ. බොහොමයක් වෙබ් බ්‍රවුසරයන් සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන්නට නියමිත නව ප්ලගීනයක් සමග යම් භාවිතාකරුවෙකු මෙම  අනාරක්ශිත ෆේස්බුක් තෙවන පාර්ශවයට අයත් ක්‍රියා කාරකමක් අවදිකරන්නට උත්සාහ කරනවාත් සමගම ඔවුන් වෙත අනතුරු ඇගවීමේ පහසුව සහිත මෘදු උපාංගය මෙම සතිය තුල නිකුත්කිරීමට නියමිත බවටයි ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ.

වින් 8 ප්‍රෝ වල සිට ආපසුද යා හැක.......



මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන්නේ වින්8 සමග මිළදී ගන්නා උපකරනයක් සදහා එහි භාවිතාකරුට අවශ්‍ය නම් වින් 8 සිට වින් 7 හෝ විස්ටා වැනි මෙහෙයුම් පද්ධතියක් දක්වා තම මෙහෙයුම් පද්ධතිය වෙනස්කර ගැනීමේ අයිතියද වින්8 සදහා ආයතනය සමග ඇතිකරගන්නා එකගතා ගිවිසුම අනූවම අවස්ථාව ලැබෙන බවයි. මෘදුකාංග පිටපත් දෙකකට මුදල් ගෙවන්නේ නැතිව මෙලෙස පෙර සංස්කරනයක් සදහා ගමන් කිරීමේ අවස්ථාව  ලැබෙන ප්‍රථම අවස්ථාව ලෙසට නම් වන මෙම අවස්ථාවේදී වින්ඩෝස් 8 ප්‍රෝ සංස්කරනයේ සිට වින්ඩෝස් ප්‍රොෆෙෂනල් දක්වා වෙනස් වීමේ අවස්ථාව තමගනුදෙනු කරුවන් වෙත ලැබෙනු ඇති බවටයි ආයතනය පවසන්නේ. එලෙසම අවශ්‍ය නම් විස්ටා මෙහෙයුම් පද්ධතිය ‍තෝරා ගැනීමේ අවස්ථාවද ඇති බවට ආයතනය පවසා සිටිනවා. ආයතනයෙන් පැවසෙන ආකාරයට ඔක්තෝබර් 26 සිට වින්ඩෝස්8 ප්‍රො සංස්කරනය සහිත දත්ත උපකරනයක් වෙළද පොලට නිකුත්වීමට නියමිත බවටයි තොරතුරු පැවසෙන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...