2012-09-16

IE 8 හා ගූගල් ඇප්ස් මිතුදම අවසානයට දින නියමවේ..


ගූගල් ආයතනය පවසනවා එලබෙන නොවැම්බර් 15 සිට තම ඇප්ස් හා තවත් සේවාවන් ඉන්ටර්නෙට් එක්ස්ප්ල්රා 8 සදහා සහය අවසන් කරන්නට තීර්නය කර ඇති බව.ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය එලබෙන මස 26 නිකුත්කරන්නට නියමිතව ඇති අතර එතැන් සිට සීමිත කලකදී මෙම මෙම පෙර සංස්කරනය සදහා සහය අවසන් වන අතර ඉන් පසු එක්ස්ප්ලොරා 8 ඔස්සේ එම සහය පතන  භාවිතාකරන්නන් වෙත නිකුත්වන නිවේදනයක් ඔස්සේ පැවසෙනු ඇත්තේ තම බ්‍රවුසරය යාවත්කාලීන කරගන්නා ලෙසට වනු ඇති බවටයි පැවසෙන්නේ.
                     ගූගල් ආයතනය මේ වන විටත් එක්ස්ප්ලොරා 6,7 සංස්කරන සදහා සහය අත්හැර ඇති අතර වින්ඩෝස් එක්ස්.පී සදහා සහය වන අවසාන සංස්කරනය ලෙසට පිලිගැනෙන්නේ එක්ස්ප්ලොරා 8 වන අතර මීට අවස්ථා කිහිපයකදීම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 සහය අවසන් වන්නට  නියමිත බවට ගූගල් වෙතින් ප්‍රකාශවී තිබුනා

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...