2012-09-16

ලොව භාවිතාවන ඇන්ඩ්‍රොයිඩ් උපකරනයන් භාගයක් ආසාධිතයි!!!!!

ඇන්ඩ්‍රොයිඩ් උපකරන භාවිතයෙන් අඩක්ම ආසාධිත මට්ටමක පවතින බවටයි මොබයිල් උපකරනයන්ගේ ආරක්ශාව පිලිබද මෘදුකාංග සමාගමක් විසින් තම නොමිළේ ලබාදෙන නිෂ්පාදනයක් ඇසුරින් කල තොරතුරු ‍රැස්කිරීමක් අවසානයේ කල අධ්‍යානයකින් හෙලිවෙමින් ඇත්තේ. ඔවුන් පවසන්නේ ලොවපුරා ඇන්ඩ්‍රොයිඩ් උපකරන 20000 ප්‍රමානයක් තම හැදැරීම සදහා උපයෝගි කර ගත් බවත් ඒ තුලින් ඉහත කී නිගමනයට තමන් පැමිනි බවත්ය. භාවිතාකරන්නන් විසින් තම උපකරන තුල කරගන්නා මෘදුකාංගමය වෙනස්කම් අවස්ථා මෙම ආසාධිත තත්වයන් සදහා සැලකිය යුතු ප්‍රමානයක හේතුවන අයුරු දක්නට ලැබුනු බවටයි පවසන්නේ.නිශ්පාදකයා විසින් ලබාදෙන "ෆර්ම් වෙයාර්" අදිය වෙනස් කිරීමේදී මීට වඩා සැලකිලිමත්වීම ඔවුන් අවදාරනය කර සිටිනවා.
                                              නිෂ්පාදකයින් විසින් යාවත්කාලීනයන් ලබදීම ප්‍රමාදකිරීම , ඉක්මනින්ම තම නිෂ්පාදන සදහා යාවත්කාලීනයන් ලබදීම අත්හැරදැමීම මෙම තත්වයට තවත් හේතුවක් ලෙසටයි එම ආයතනය පවසා සිටින්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...