2012-06-28

ඉක්මනින් දත්ත ගොනුවන් සොයා දෙන්නට මෘදුකාංගයක්......

ඔබ පරිගණකයත් සමග පවත්වන ක්‍රියාකරකම් වැඩි වන විට පරිගණකය තුල ‍රැස්වන ගොනුවල ප්‍රමානයද වේගයෙන් ඉහල යනු ඇත.කාලයත් සමග හදිස්සි අවස්ථාවකදී පරිගණකය තුල තැන්පත්ව ඇති යම් දත්ත ගොනුවක් ඉක්මනින් සොයා ගැනීමට අවශ්‍ය වන විටකදී මෙහෙයුම් පද්ධතිය සමග ලැබී ඇති සෙයුම් මෘදුකාංගය නොසැහෙන අවස්ථාවල් නිතර නිතර මතුවන්නෙක් නම් පහත දැක්වෙන්නේ ඔබ සදහා නිර්මානය කර ඇති මෘදුකාංගයක් විය හැක. අභ්‍යන්තර පරිගණක ජාලයක සිට පරිගණකයේ සියලුම දත්ත රදවන ස්ථානයන් සොයා බලමින්  ඔබ තොරා ගන්නා සෙයුම් ක්‍රම රාශියක් ඔස්සේ එම ගොනු සොයා දීම වේගයෙන් හා පරිගණකය වෙත අවම බරක් දැනෙන ලෙස කරන්නට මෙම මෘදුකාංගය සමත් බවටයි මෙහි නිර්මානය කලසමාගම පවසන්නේ.පහත දැක්වෙන සබදතාවය ඔස්සේ පිවිසීමෙන් එම මෘදුකාංගය ඔබටත් ලබා ගන්නට හැකිවනු ඇත.
http://www.ultrafilesearch.com/download.html

2012-06-27

උපකරන ගත්තට අදාල සංස්කෘතිය නම් සල්ලි වලට ගන්න බැහැ

ලංකාවේදී ඩිජිටල් භාවිතාව ගැන අප දකින අවමත වාද අතර ඉහලින්ම පවතින දෙයක් තමයි තාක්ශන දැනීම වැරදි විදිහට යොදා ගැනීම එම දරුවාගේ හෝ පුද්ගලයාගේ  දක්ශතාවයක් ලෙසින් හදුනා ගන්නට උත්සාහ කිරීම.සමහර විට ලෝකයේ පවතින උපරිම දත්ත තාක්ශන උපකර අතින් ගත් මහත්වරු නෝනල බහුලව අපිට හමුවුනාට ඒ උපකරන සමග ගනුදෙනු කරන ආකාරයට අදාල සංස්කෘතිය ඇවිල්ලා නැද්දෝයි සමහර වෙලව අපට සැක හිතෙන තරමට මෙම ගැටලුව බර පතලයි. ඔබතුමාලට මම මෙහෙම කියන කොට එකපාරටම මගෙන් අහාවි ඇයි ඔය කියන දියුනු රටවල ඔය කියන අවභාවිතාවන් වෙන්නේ නැතිද කියලා.ඇත්ත.. සිදුවෙනවා. හැබැයි හරිම අඩු ප්‍රථිශතයකින්.වරක් අපි සහයෝගයෙන් වැඩකල අධ්‍යාපන සංයුත්ත තැටි නිශ්පාදන සමාගමක නිශ්පාදන බෙදාහරින කටයුතු වලදී අපි වෙළද මහත්වරුන් ගෙන් විතරන් නෙවේ සමහර තාක්ශන ගුරුතුමන්ලත් අයතා විදිහට දරුවන් මේවා කොපිකරමින්  සිටීමෙන් වන්නේ එම ආයතන බිදවැටී නව නිශ්පාදන වෙලද පොලට නොපැමිනීම නෙවේද කියලා අහන කොට ඒ ගොල්ලෝ දූන උත්තරක් තමයි මොනව කරන්නද අපේ ලමයි හරි දක්ශයි කියලා. තාක්ශනික උපකරන අදාල මුදල ගෙවල පිටරටවලින් ගෙන්වා ගත්තට ඒකට අදාල සංස්කෘතිය නම් සල්ලි වලට ගන්න බැහැ.
(නන්නාදුනන දේශකයාගේ සටහන්.....)

අන්තර්ජාල සබදතාවට "මීටරයක්" ??????

ඔබගේ අන්තර්ජාල සබදතාවයේ වේගය කොපමනද?? අන්තර්ජාලය භාවිතාකරන බොහෝ දෙනාගේ ගැටලුවක් ලෙස බහුලව  අසන්නට ලැබෙන ප්‍රශ්නයකි. සියලුම පාහේ මෙහෙයුම් පද්ධති සමග මේම තත්වයන් ගැන යම් අදහසක් ලබා ගන්නට හැකිවන කුඩා මෘදුකාංගයක් ලබා දී තිබුනද එයින් සෑයීමකට පත්වූ භවිතාකරන්නන්ට වඩා මේ සදහා වැඩි තොරතුරු ‍රැගෙන එන අමතර මෘදුකාංගයක් ගැන විමසන්නන් බහුලව.පහත දැක්වෙන්නේ විචාරක ඇගයීමක් ලද නොමිළේ භාවිතාකල හැකි ඉහත කාරනාවන් සදහා නිර්මානය කර ඇති මෘදුකාංගයකි.(ඔබ නොමිළේ ලද පමනින් අනවශ්‍ය මෘදුකාංග පරිගණ්කයේ ස්ථාපනය කරගැනීමට නොපෙල බෙන මට්ටමේ භාවිතාකරන්නෙකු යැයි බලාපොරොත්තු වෙමි.උදා හරනයක් ලෙස ඔබට දැනට අන්තර්ජාල සබද තාවයේ වේගය ගැන හෝ එම සබදතාවය තුල අනවසරව ක්‍රියාත්මක වන මෘදුකාංගයක් ගැන කිසිදු සැකයක් නොවන්නේ නම් මෙම මෘදුකාංගය ස්ථාපනය කරගනිමින් පරිගණකය වෙත අමතර ක්‍රියාවක් පමුනවා එය අපහසුතාවයට පත්කරන්නකු නොවනු ඇති බවට විස්වාස කරමි. )

http://www.floriangilles.com/software/netspeedmonitor

පහසුව සදහා යතුරු සංයෝජන කිහිපයක්......

පරිගණක භාවිතාව මිනිසා වෙත ‍රැගෙන ආවේ වේගය හා පහසුවයි. විචාරකයින්ට අනූව තවමත් පරිගණක උපකරන මතදී භාවිතාකරන්නාගේ වැඩිකාලයක් ගතවනුයේ යාන්ත්‍රික ක්‍රියාකාරකම් සදහා යැයි පැවසෙයි.තවත් දෙසකින් පරිගණකය සතු වේග හැකියාව වැඩි ප්‍රමානයක් එම උපකරනය හා භාවිතාකරන්නා අතර ඇති කාලය වැය වෙන සංනිවේදන ක්‍රමවේද විසින් තවමත් ගිලගනිමින් සිටින බවටයි සටහන් වන්නේ.ස්පර්ශක තිරය , අංග චලන විධාන ක්‍රම වේදය ආදී එලබෙමින් ඇති භාවිතාවන් එම ගැටලුවට තරමක හෝ විසදුමක් ‍රැගෙන එන බවයි බලාපොරොත්තුව වන්නේ.
                     තවමත් බහුලවතම භාවිතාවන යතුරු පුවරුව භාවිතයේදී බහුලව යොදාගන්නා ක්‍රියාකාරකම් සදහා ලබා දෙන පරිගණක අනකිරීම් සදහා සරල යතුරු සංයෝජන කිහිපයක් පහත දැක්වේ.

කොපි කිරීමකට -: Ctrl + C
පේස්ට් කිරීමකට -: Ctrl + V
ක්‍රියාවක් ආපසු හැරවීමකට-: Ctrl + Z
බ්‍රවුසරයේ නව ටැබ් එකක් විවෘත කිරීමට-: Ctrl + T
ටැබ් අතර ගමන් කිරීමට-: Ctrl + Tab
ටැබ් එකක් නැවත විවෘත කිරීමට-: Ctrl + Shift + T

මීට අමතර පහත දැක්වෙන ගොනුව හැදෑරීමෙන් තවත් බොහෝ ක්‍රියාකර කම් සදහා අදාල වන යතුරු සංයෝජන හදුනා ගත හැකි වනු ඇත.

2012-06-26

ප්‍රින්ටරය ඉලක්ක කරගත් හානිකර මෘදුකාංගයක්...

ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් පවසන්නේ මීට වසර දෙකකට පමන පෙර හදුනාගත් ප්‍රින්ටර් උපකරන ඉලක්ක කරගත් හානිකර මෘදුකාංගයක් යලිත් පැතිරෙමින් ඇති බවයි.මෙම මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය නිසා මෙම මුද්‍රන උපකරන වල තේරුමක් නොමැති සටහන් වලින් පිරීයමින් මුද්‍රන කොල අවසන් වන තෙක් ක්‍රියාත්මක වන අතර දැනට ප්‍රංශ භාශාව භාවිතාවන උපකරන උපරන ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගනිමින් පැතිර යමින් පවතින බවත් පවසා සිටිනවා.
                    ආසාධිත පරිගණක මතට විශාල වශයෙන්  වෙළද දැන්වීම් ‍රැගෙන එන්නටද කටයුතු කරන මෙම මෘදුකාංගය තවත් විටක උපකරනයේ මුද්‍රන තීන්ත අහවර වෙන තෙක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් දැකිය හැකි බවයි පැවසෙන්නේ. Gibberish ලෙසින් නම් වන මෙම මෘදුකාංගය මේවන විට ලොවපුරා ආයතන වල මුද්‍රන කටදාසි විදාල වශයෙන් අපතේ හරිමින් සිටින බවටයි වැඩිදුරටත් ඔවුන් පවසන්නේ.

දත්ත සංවේදී කෝපි මේසය........

................ඇත්තටම ඒක බැලූ බැල්මට වීදුරු මතුපිටක් ඇති සාමන්‍ය ටේබල් එකෙක් වගේ පෙනේවි.හැන්දෑවට ඔබේ නිවසට ගොඩ වදින පවුලේ හිතවතුන් හිතවතියන් එක්ක උනුසුම් කෝපි කොප්පයක රසවිදින්න හොද මැදිහත් කරුවෙකු වේවි. ඒත ඒක සාමාන්‍ය සාම්ප්‍රදායික ගෘහභාන්ඩයක් නොවන බව දැන ගන්නට නම් ඔබේ ජංගම දුරකථනය මේ මත තැබීමම ප්‍රමානවත් වේවි.එතැන් පටන් ඔබේ දුර කථනයත් සමග ගනුදෙනු කරන්නට පටන් ගන්නා මෙම ටේබලය ඔබ විසින් පෙර අවසරදී ඇති පරිදි ජංගම දුරකථනය ඇති අපූර්ව ගීතයක් වීඩියෝ පටයක් ඔබගේ තේරීම පරිදි මිතුරන් සමග බෙදා හදා ගන්නට පටන් ගනීවි.ඒ විතරක් නොවේ. ඔබගේ ඇගිලි තුඩුවලින් කරන සුලු චලනයක් සමග මෙම තලය මතට යතුරු පුවරුව කැදවන්නට , පරිගණක ක්‍රීඩාවක් කැදවන්නට හරිම පහසුයි.........

2012-06-25

දෘඩ තැටියට සහය මෘදුකාංගයක්.....

හදාරන්නන් පවසන්නේ ඔබ සිතනවාට වඩා බොහෝ වැඩි ප්‍රමනයක් දත්ත උපකරනය මත ඔබේ චලනයන් සටහන් වන බවයි. සාමාන්‍ය භාවිතාවක් සමග  මද කලක් ගතවන විට පවා දෘඩ තැටිය මත අප බලාපොරොත්තු වනවාට වඩා දත්ත ගොනු ඇහිරී යන බව පෙනෙන්නේ මේ බැවිනි.මෙහෙයුම් පද්ධති සමග මෙම තාවකාලික හා අමතර ගොනු ඉවත්කිරීම සදහා සහය මෘදුකාංගයක් පැමිනෙන්නට මේ බව හේතුවක් වන්නට ඇත.පහත දැක්වෙන්නේ මෙම කාරනාව සදහාම වඩාත් කාර්යක්ශමව ක්‍රියාත්මක වන හා නොමිළේ භාවිතාකල හැකි  මෘදුකාංගයකි. ඔවුන් පවසන්නේ එලෙස ඉවත්කල හැකි මට්ටමේ ගොනු නිර්මානය කරන ක්‍රියාකාරකම් 750 කට වැඩි ප්‍රමානයක් සදහා මෙම මෘදුකාංගය සහය වන බවය.ඊට අමතරව රෙජිස්ට්‍රි වල ගැටලු නිරාකරනය කර ගැනීම සදහාද මෙම මෘදුකාංගය සහය වන බවටයි සටහන් වන්නේ. (මෙම බාගත කිරීම "හකුලා ඇති" ආකාරයේ ගොනුවක් වන බැවින් දෙවන ලිපිනය ඔස්සේ ඇති මෘදුකාංගය භාවිතයෙන් එය භාවිතයට සකස් කර ගත හැකි වනු ඇත. එසේම මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කිරීම සදහා Microsoft .NET Framework 2.0 මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනයවී තිබිය යුතු  බවටත් සටහන් වනවා)

http://www.gaijin.at/en/dldrivepurge.php

http://7-zip.org/

2012-06-24

එම ඊමේලය ඔබ යැවූ බවට සහතික පතක් අවශ්‍යනම්.....


මෙම අඩවියට පිවිස ඔබ විසින් තවකෙකුට ඊමේලයක් යැවූවිට ඔබ වෙත අදාල ඊමේලය යැවූ බවට ඩිජිටලි සහතික පතක නිකුත්කරන්නට එම අඩවිය කටයුතු කරයි.නොමිලේ ලබාගත හැකි සේවා සීමාව තුලදී වසරකට ඊමේල 50ක් සදහා මෙම අවස්ථාව ලැබෙන අතර එම ඊමේලය සමග දවටන ලද යමක් වූවනම් ඒ පිලිබදවද සටහන් වන මෙම සහතික පත මත යැවූ දිනය හා වේලාව සටහන් වන අතර යැවූ තැනැත්ත වෙත පී.ඩී.එෆ් ගොනු දෙකක් ලැබෙන අතර පසුව එම ඊ මේලයන් වෙනස් කලහොත් හදුනාගත හැකිවන ලෙස මෙම සේවාව තාක්ශනිකව සකස් කර ඇති බවටයි සටහන් වන්නේ. සාමන්‍යයෙන්  මෙම ලිපිය ලත් තැනැත්තාහට එම ලිපිය යොමුකිරීමේදී මෙම සේවාව ලබා ගත් බවට දැනගත නොහැකි වන බවත් පැවසෙනවා.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස සරල තොරතුරු කිහිපයක් ලබා දීම ඔස්සේ ඔබටත් එම සේවාව ලබා ගත හැකි වනු ඇත.
http://www.eevid.com/

2012-06-23

කාලසීමාවකින් තොරව ෆේස්බුක් කමෙන්‍ටු වෙනස් කිරීමේ අවස්ථාව......

ෆේස්බුක් ආයතනය මෙතෙක් පලකිරීමකට කමෙන්‍ටුවක් දැමූ විට එය නැවත සංස්කරනය කිරීම සදා ඉඩ ලබාදෙනු ලැබුවේ ඉතාම සීමිත කාලයක් තුල පමනී. තප්පර කිහිපයකට පසුව සංශෝදනය කිරීමේ අවස්ථාව භාවිතාකරන්නාහට නොලැබීම යාම සාමන්‍ය ක්‍රමය වුවද අලුත් පුවතකින් පැවසෙන්නේ ඉදිරියේදී කමෙන්‍ටුව දැමූ තැනත්තාහට ඔනෑම අවස්ථාවකදී එය වෙනස් කිරීමේ අවස්ථාව ලැබෙන සේ එයවෙනස් කරන්නට නියමිත බවයි.එසේමුත් ඔබ විසින් එය සංශෝදනය කරනලද අවස්ථාවන් සියල්ලම Edit යටතේ දිග හැරෙන කවුලුව තුලින් පිවිස දැක ගැනීමට අවස්ථාව ලැබෙන හෙයින් පෙර කරන ලද අදහස් දැක්වීම් වල වගකීමෙන් සම්පූර්නයෙන් ගැලවිය නොහැකි වනු ඇති බවටයි වැඩි දුරටත් සටහන් වන්නේ. මෙම පහසුව ඉදිරි දින කිහිපය තුල සියල්ලන් වෙතම මුදා හැරෙනු ඇති බවටයි එහි වැඩිදුරටත් සටහන් වන්නේ.

නිරෝගී පරිගණකයක් සදහා (2)....

මාගේ පරිගණකයේ ස්ථාපනයකොට ඇති ආරක්ශක මෘදුකාංගය නියමිත ලෙස ක්‍රියාත්මක වෙනවා දැයි භාවිතාකරන්නෙකුට ඇතිවිය හැකි සුලබ ප්‍රශ්නයකි.හදාරන්නන් විසින් මේ සදහා සරල විසදුම් කිහිපයක් යෝජනා කරයි. මේ අතර පහසුතම උපංක්‍රමයක් ලෙස පහත දැක්වෙන සටහන නිවැරදිව පරිගණකයේ විවෘත කරගන්නා ලද නෝට්පැඩ් ගොනුවකට පිටපත් කොට ගෙන එය 
TEST.COM ලෙසට "රීනේම්" කොට "සේව්" කරගැනීමට සූදානම් වනවාත් සමගම ක්ශනිකව ආරක්ශක මෘදුකාංගය ප්‍රතික්‍රියා දක්වනු ඇත.මෙම අත්හදා බැලීම කිසිම අයුරකින් පරිගණකයට හානියක් නොවන බව ඔවුන් සහතික කරයි.
                                       සාම්‍යනය භාවිතාවේදී එතරම් නොසැලකුවද ඔබේ පරිගණකය තුලට පිවිසීම සදහා යොදා ගන්නා ගිනුම ආරක්ශාව අතින්ද වැදගත් වේ. සාමාන්‍ය භාවිතාවේදී "ඇඩ්මිනිස්ට්‍රේටර්" නොහොත් පූර්න බලය සහිත ගිනුම තුලින් නොපිවිස සාමාන්‍ය "යුසර්" ගිනුමකින් පරිගණකයතුලට පිවිසීම හොද භාවිතාවක් බවටයි සැලකෙනේ. මෙවැනි අවස්ථාවකදී අනවසර පිවිසෙන්නෙකුට පරිගණකය තුල තීරනාත්මක වෙනස්කම් කිරීමේ අයිතිය ඇහිරීම නිරෝගී පරිගණකයක් පවත්වාගෙන යාමට උපකාරී වනු ඇත.එසේම  ගිනුම් වෙත අවසර පදයක් ලබාදී තිබීමද වැදගත් බවටයි පිලිගැනීම වන්නේ.
                                                          විටක පරිගණකය වෙතට ලැබුනු යම් ගොනුවක් දැනට පරිගණකයේ ස්ථාපනය කර ඇති  ආරක්ශක මෘදුකාංගය විසින් හානිකර නොවන මෘදුකාංගයක් ලෙසට සලකා තිබුනද ඔබ හට යම් සැකසහිත බවක් ඇත්නම් "ඔන්ලයින්" ආකාරයට එය පරික්ශාකර ගැලීමේ අවස්ථාවන් ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගම් විසින් නොමිලේ ලබාදී තිබෙනු දක්නය හැකියි.සාර්ථක ආසාධකයෙකුට ආරක්ශක මෘදුකාංග අතරින් සැගවී පරිගණකයට පිවිසෙන්නට හැකිවීම් කලාතුරකින් හෝ දක්නට නොලැබෙනවාම නොවේ. මෙවැනි අවස්ථාවකදී පහත දක්වා ඇති ලිපින ඔස්සේ පිවිස එම අඩවි වෙත සැකසහිත ගොනුව "අප්ලෝඩ්" කොට විමසා බැලිය හැකි වනු ඇත. 
http://www.f-secure.com/en/web/labs_global/removal/online-scanner
                                                                        "බැකප්" එකක් තබා ගැනීම ඔබේ ගොනුවලට ලබාදිය හැකි උපරිම ආරක්ශවකි.වරක් විද්වතෙකු සටහන් කර තිබුනේ "කවුරුන් කෙසේ කීවද තවමත් පරිගණකය දීර්ගකාලීනව දේවල් තැන්පත්කර තැබීමට නොසුදුසු උපකරනයක් බව අමතක නොකල යුතුය" කියායි. සීඩී තැටියකට හෝ ඩීවීඩී තැටියකට මෙන්ම "ස්කයිඩ්‍රයිව්" වැනි "ඔන්ලයින් " ආකාරයට භාවිතාකල හැකි අවකාශයක මෙම අමතර පිටපතක් තබා ගැනීම වැදගත් තීර්නයක් විය හැකියි.
                                               කලකට වරක් පරිගණකයේ තත්වය විමසා බැලීමට පුරුදුවීමද වැදගත් විය හැක.එහෙත් මේ සදහා ඔන්ලයින් සේවාක් ‍තෝරා ගැනීමේදී කල්පනා කාරී විය යුතුය.සමහර විට අපරික්ශාකාරී තීර්නය අමතර මුදලක් වැය කරන්නට සිදුවන තීර්නය විය හැක.පහත දැක්වෙන ලිපිනය ඔබව යොමුකරනුයේ පිලිගත් හා විදිමත් ආරක්ශක මෘදුකංග ආයතනයක් විසින් පවත්වාගෙන යන නොමිලේ  එවැනි සේවාවක් සදා වන වෙබ් පි‍ටුවක් වෙතයි.
http://www.f-secure.com/en/web/labs_global/removal/health-check

 

නිරෝගී පරිගණකයකට .........

පරිගණකයේ ආරක්ශාව බෙහෙවින් කථා බහට ලක්වන මාතෘකාවකි. සමහර විටක අයෙක් තම පරිගණකයේ ආරක්ශාව සදහා ස්ථාපනය කරගන්නා මෘදුකාංගයම වෙනත් පාර්ශවයක් විසින් සංස්කරනය කොට හානිකර දෑ ඇතුලු කරන ලද මෘදුකාංග වන අවස්ථා අප දකින්නෙමු. පලමුව පැවසිය යුත්තේ සියලුම මෘදුකාංගවලට අදාල වුවද ආරක්ශක මෘදුකාංගය සදහානම් දෙවරක් වංගුවන කාරනාවක් වන ඔබගේ පරිගණකය සදහා ආරක්ශක මෘදුකාංගයක් ‍තෝරා ගැනීමේදී එය මුදල්ගෙවා ලබා ගන්නක්නම් විධිමත් ආයතනයකින් විධිමත් ලෙස අසුරා ඇති එහි නිල වෙබ් අඩවිය වෙත ගොස් නිවැරදි බව තහවුරු කරගත හැකි අන්දමේ අවසර පදයක් සහිත මෘදුකාංගයක් පරිගණකයට ‍තෝරා ගැනීම හෝ නොමිලේ ලබා ගන්නා මෘදුකාංගයක් වුවත් අදාල නිල වෙබ් අඩවිය වෙත පිවිස නියමිත ලෙස ලබා ගන්නා මෘදුකාංගයක් වීම අනිවාර්ය බවයි.පහත දැක්වෙන්නේ එලෙස නොමිලේ ආරක්ශක මෘදුකාංග ලබා ගත හැකි ප්‍රධාන ආයතන කිහිපයක වෙබ් අඩවීන් වල ලිපිනයන්ය.
http://windows.microsoft.com/en-US/windows/products/security-essentials
http://free.avg.com/us-en/free-antivirus-download
http://www.avast.com/free-antivirus-download
                    ෆයල් වෝල්  (Firewall) යනු පරිගණකයේ ආරක්ශාව තහවුරු කිරීම සදහා සහයවන  මෙහෙයුම් පද්ධතිය සමගම පැමිනෙන මෘදුකාංගයකි. මෘදුකාංගමය ‍ෆිල්ටරයක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් අන්තර්ජාලය තුලින්  අනවසර ලෙස ඔබගේ පරිගණකයවෙතට දත්ත එවන්නට හෝ පරිගණකයෙන් ලබා ගන්නට කරන උත්සාහයන් වලකමින් ක්‍රියාත්මක වන මෙම මෘදුකාංගය  සාමන්‍යයෙන් සංක්‍රීය තත්වයේ පවතින මුත් යම් හේතුවකින් අක්‍රිය වී ඇත්තනම් කන්ට්‍රෝල් පැනලය වෙත ගොස් , සිස්ටම් හරහා , සිකියුරිටි වෙතින් ෆයර්වොල් වෙත පිවිස සක්‍රිය කරගත හැකි වනු ඇත. මෙම අවශ්‍යතාවය සදහා බාහිර පාර්ශව විසින් වඩාත් විදිමත් මෘදුකාංග නිර්මානය කොට වෙළද පොලට නිකුත්කර ඇති අතර ඒවා අතර මිලදී ගත යුතු හා නොමිලේ සංස්කරන ඇති අතර අප විසින් විටින් විට පලකරනු ලබන ලිපි අතර මෙවා හදුනාවදී ඇති අවස්ථා කිහිපයක් ඇත.( control panal> System>Security>Check Firewall Status)

                                          විධිමත් මට්ටමේ සියලුම මෘදුකාංග නිපදවන්නන් කලින් කලට තම මෘදුකාංග සදහා යාවත්කාලීනයයන් නිකුත්කරනු ලබන අතර ඒවා තම පරිගණකය වෙත ලබා ගැනීම භාවිතාකරන්නන්ගේ වගකීමක් වේ. වර්ථමානය වන විට බොහෝ නිෂ්පාදකයින් තම යාවත්කාලීනයන් ස්වංක්‍රීයව අධාල පරිගණකවෙත සැපයෙන්නට කටයුතු කරනුයේ දෛනිකව වේගයෙන් වැඩිවන සයිබර් පහරදීම් සදහා තම මෘදුකාංග ප්‍රතිශක්තීකරනය කීරීම ඉතා වැදගත් වන බැවිනි. සමහරක් මෙම යාවත්කාලීනයන් ලබා නොගන්නේ පෙර කාලයේ සමහර අවස්ථවලදී මෙම යාවකාලීනයන් සමග පරිගණක වේගය අඩුවීම මෙන්ම ගැටලු සහගත අවස්ථා පැනනැගීම්  නිසා පැතිර ඇති මතයන් සමග එකවෙමින් වුවත් මේ වනවිට එම නිපද වන්නන් වඩාත් අවධානයෙන් හා අත්හදා බැලීම් වලින් එම යාවත්කාලීන නිවරදි කරගන්නා නිසා ඒවා පිලිබදව පෙරදී මෙන් සැකමුසු ආකාරයෙන් බැලීම එතරම් තාර්කික කරුනක් නොවනු ඇත. 
                      පෙරකලදී මෙන් බොහෝ විට හුදකලාව භාවිතාවන ඉදහිටක අන්තර්ජාලය සමග සම්බන්දවන පරිගණක වෙනුවට අද වන විට බහුලව පරිගනක අන්තර්ජාලය සමග සම්බන්දවනු  දැකිය හැකියි. මෙම යතාර්තය මත සලකන විට ඊලග අවධානම වන්නේ බාහිර පාර්ශවයකට අනවසර ලෙස ඔබගේ පරිගණකයට අතපෙවීමට අවස්ථාවන් බහුල වීම විය හැකියි.තත්වය වඩාත් බැරෑරුම් වන්නේ නිරෝගී මට්ටමේ ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනය නොකර ඇති විටක හා හොදම මට්ටමේ ආරක්ශක මෘදුකාංගයක් වුවද එය නියමිත පරිදි යාවත්කර නොමැති විටදීය. තත්වය අතිබිහිසුනු වනුයේ පරිගණකයේ ආරක්ශක මෘදුකාංගය අනතුරු ඇගවීමේදී ඒවා නොසලකා හරිමින් වෙබ් අඩවි වෙත පිවිසෙන්නට භාවිතාකරන්නා පෙලබීමය.මෑතකදී ගූගල ආයතනය පවසා සිටියෙ හානිකර බව ‍රැගැත් වෙබ් අඩවි ප්‍රමානය වේගයෙන් ඉහලයමින් පවතින බවකි.පහත දැක්වෙන ආයතන වෙතින් නිකුත්කර ඇති මෘදුකාංග විසින් ඔබගේ වෙබ් බ්‍රවුසරය සමග ක්‍රියාත්මක වෙමින් ඔබ පිවිසෙන්නට උත්සාහ කරන වෙබ් අඩවීන් පිලිබද කිසියම් අදහසක් ඔබ වෙත ලබා දෙන්නට කටයුතු කරනු ඇත.
---------- උපුටා ගත්තේ ඉදිරියේ නිකුත්වීමට නියමිත  "නිරෝගී පරිගණකයකට මග" පොතෙනි...........

ෆයර්ෆොක්ස් ප්ලෑෂ් ප්ලේයර් ගැටලුව විසදේ....


සතිකිහිපයක සිට ඇඩොබි ප්ලෑෂ් ප්ලේයරය හා ෆයර්ෆොක්ස් 13 සංස්කරනය අතරවූ ගැටලුව නිරාකරනය කරමින් ඇඩෝබි ආයතනය  නව යාවත්කාලීනයක් නිකුත්කල බවටයි පවසා සිටින්නේ.අඩෝබි හා ෆයෆොක්ස් අතර එකිනෙකා චෝදනා කරගන්නා තත්වයක් මෙම ගැටලුව සමග ඇතිවූ අතර ෆයර්ෆොක්ස් විසින් මෙම ගැටලුවට හේතුවූ ප්ලෑෂ් ප්ලේයර් ප්ලගීනය හානිකර මෘදුකාංග ලයිස්තුවට එකතුකරනු ලැබීය.ප්ලෑෂ් ප්ලේයර් මෘදුකාංගය මෙම ලිපිනය ඔස්සේ ලබා ගත හැකි බවටයි ඇඩෝබි ආයතනය නිවේදනය කර සිටින්නේ.

වෙනස් මීඩියා ප්ලේයර් අත්දැකීමකට....

මෙම මෘදුකාංගය මීඩියා ප්ලේයරයකි. විවෘත මෘදුකාංග යක් ලෙසට  වසර 10 පුරාවට භාවිතාකරන්නන්ගේ ප්‍රසාදය දිනා ගෙන ඇති මෘදුකාංගයක් ලෙසට හැදින් වෙන මෙම මෘදුකාංගය සියලුම පහේ මෙහෙයුම් පද්ධති සමග මෙන්ම භාෂා 30ක් පමන සමග සහයෝගයෙන් කටයුතු කරන බවටයි පැවසෙන්නේ.මෘදුකාංග නිර්මාන කරුවන් රාශියකගේ දායකත්වය සමග නවාංග රාශියකින් හැඩ ගැන්වී ඇති මෙම මෘදුකාංගය ගැන වැඩි දුර විස්තර මෙන්ම බාගතකර ගැනීමේ හැකීයාව පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසෙන ඔබට ලැබෙනු ඇත.

http://xbmc.org/download/

2012-06-21

ඇන්ඩ්‍රොයිඩ් උපකරන සදහා Swype

ඇන්ඩ්‍රොයිඩ් උපකරන භවිතාකරන්නන් වෙත නිකුත්වන  නවතම මෘදුකාංගයක බීටා සංස්කරනයක් සදහා දැන් අයදුම් කල හැකි බවටයි පැවසෙන්නේ. තිරය මත දිග හැරෙන යතුරු පුවරුව මත ඇගිලි තුඩුව එකදිගට චලනය කරමින් වචනයක් සටහන් කරන අතර වචන වෙන් කරගැනීම සදහා පමනක් ඇගිලි තුඩුව ඉහලට එසවෙන ආකාරයේ භාවිතාවකට සකස්වී ඇති මෙම මෘදුකාංගය දැනට භාෂා 3 කින් ක්‍රියාත්මක වන බවත් ඉදිරියේදී වැඩි භාෂා ප්‍රමානයක් සදහා දියුනු කරන්නටත් බලා පොරොත්තු වන බව පවසන මෙහි නිපයුම්කරුවන් දැනටමත් සමහර දුරකතන සමග කර්මාන්තශාලා මට්ටමේ දීම ස්ථාපනයකර එන බවයි පවසනවා.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මේ පිලිබද වැඩිදුර ලබා ගත හැකි වනු ඇත.

http://www.swype.com/

ආනන්දනීය සැන්දෑවකට ගෞරවනීය ආරාධනාවක්........

සීතාවක මැදි විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය මෙහෙයවීමෙන් පාසැලේ  ක්‍රිකට්   ක්‍රීඩා අරමුදලට ආධාර පිනිස  මෙම 23 දා අවිස්සාවෙල්ල නගර ශාලාවේදී දිගහැරෙන අපූරුතම නාට්‍යමය අත්දැකීම විදගන්නට එන්නට යැයි කෙරෙන  ගෞරවනීය ආරාධනයයි.....

2012-06-19

ඇන්ඩ්‍රොයිඩ් භාවිතාකරන්නන් වෙත යලිත් අනතුරු ඇගවේ....

කැස්පර් ආයතනය පවසනවා පසුගිය ජූනි කාලයේ ගූගල්හි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කොට ගෙන මුදාහැර තිබූ Android Security Suite Premium නම් ව්‍යාජ හානිකර මෘදුකාංගය ට්‍රෝජන් ආකාරයේ පහරදීමකට සූදානම්ව යලිත් පැමින ඇති බව. ඔවුන් පවසන්නේ භාවිතාකරන්නාගේ පෞද්ගලික දත්ත ලබා ගැනීමේ සිට ඔහු වෙත එන කෙටි පනිවිඩ පහර දෙන්නා අතට පත්කිරීම දක්වා වන විවිධ ආකරයේ පහර දීම් මෙම මෘදුකාංගය විසින් සිදුකරන්නට සමත්වනු ඇති බවයි.මෙම මෘදුකාංගය තම කාර්යයෙන් අනතුරුව දුරස්ථව උපකරනයෙන් ඉවත්කරවන්නට මෙන්ම වෙනත් හානිකට මෘදුකාංග උපකරනය වෙත ස්ථාපනය කරවන්නටත් සමත් බවයි කියවෙන්නේ.

2012-06-18

451 Unavailable for Legal Reasons

මේ වන විටත් දේශපාලනික ආගමික හෝ සමාජීය වැනි විවිධ කාරනා නිසා වෙබ් පි‍ටු වාරනය කිරීම ලොවපුරා සිදුවෙමින් පවතින්නකි. එවැනි වෙබ් පි‍ටුවකට පිවිසෙන්නට තැත්කරන විට දැනට යම් හේතුන්න් මත එම පි‍ටුවට පිවිසිය නොහැකි බව පවසන පනිවිඬයක් ලැබෙනු මිස සම්මත කෝඩ් අංකයක් සමග සම්මත පනිවිඬයක් දැනට භාවිතා නොවේයි. එහෙත් පලවන නවතම පුවතකට අනූව වෙබ් අඩවියක යම් ගැටලුවක් මත එම පි‍ටුව ලබාගත නොහැකිවන අවස්ථාවලදී දර්ශනය වන සම්මත අංකයක් සහිත සම්මත පනිවිඬ අතරට 451 Unavailable for Legal Reasons ලෙසින් ඉහතකී ආකාරයේ හේතූන් මත එම අඩවිය පෙරා ඉවත්කිරීමේදී සම්මත පනිවිඬයක් මේ වන විට යෝජනා වී ඇති බවයි පැවසෙන්නේ.

2012-06-17

'Flame' Malware


ෆ්ලේම් හානිකර මෘදුකාංගය ගැන හදාරන්නන් පවසන්නේ බරපතල කතාවකි. ඔවුන් පවසනවා " ඇත්තටම ඒක හුදෙක් ඔබගේ නයවර පතෙහි රහස්‍ය අංකය සොරා ගැනීම වැනි ඩිජිටල් සොරකම් ලෝකයේ සරල සොරකමකට ඉලක්ක කොට තැනී ඇති මෘදුකාංගයක් නොවේ. විශාල මට්ටමේ දේශපාලනික ආයතනික ඉලක්ක සදහා නිමවා ඇත්තක්. ඇත්තෙන්ම ඒක සරල එකක් හෝ දෙකක් වැනි ප්‍රමානයක ඉලක්ක සපුරා ගන්නට පුද්ගලයකු  දෙදෙනෙකු  නැතිනම් කුඩා කන්ඩායමක උත්සාහයක කියා අනුමානකරන්නට අපහසුයි. අපි දන්නවා සාමාන්‍ය මට්ටමේ  හානිකර මෘදුකාංගයක්  ආරක්ශක මෘදුකාංග සමාගමකට හමුවුනාම ඒක විශ්ලේශනය කොට ප්‍රතිනාශකයක් නිර්මානය කරන්නට ගතවන වේලාව විනාඩි හෝ පැය කිහිපයක කාරනාවක් උනාට මෙම හනිකර මෘදුකාංගය සදහා එම ක්‍රියාවලිය සම්පූර්න කරන්නට  මාස හෝ වසර ගනනක කාලයක් අවශ්‍ය වන ස්වභාවයකුයි මේවන විට පවතින්නේ.සාමාන්‍ය හානිකර මෘදුකාංගයක  "කෝඩ් ලයින්"  125 වැනි ප්‍රමානයක් උනාට මෙම මෘදුකාංගයේ එම ප්‍රමානය 750,000 තරම් නැතිනම් මෙගා බයිට 20 තරම් ප්‍රමානයක් දරන විශාල මෘදුකාංගයක්.
ඇත්තටම මෙම මෘදුකාංගය ගැන පැවසිය හැක්කේ ප්‍රහාරකාගාරයක් හැටියටයි.එකකට එකක් වෙනස් ප්‍රහාර විදි කිහිපයකම එකතුවක් ලෙසටයි මේක ක්‍රියා කරන්නේ. සරල මට්ටමේ සිට සංකීර්න මට්ටම දක්වා විවිධ ආකාරයේ ප්‍රහාර හැකියාවම් රාශියක් මෙම මෘදුකාංගයේ සමන්විත වනවා. මෙම මෘදුකාංගය ගැන අවධානය බොහෝ අඩුමට්ටමක පවතින බවත් මීට වඩා අවධානයක් ලැබිය යුතු අනතුරු සහිත බවක් මෙහි සැගවී ඇති බවයි විද්වත් මතය වන්නේ."
නන්නාදුනන දේශකයාගේ සටහන් ඇසුරිනි.....

2012-06-16

LibreOffice 3.6.0

ලිබ්‍රඔෆ්ෆීස් යනු විචාරක මතයට අනූව හොදම තරගකාරී නිදහස් මෘදුකාංග විකල්පයකි.සාමන්‍ය පරිගණක භාවිතාවේදී අත්‍යාවශ්‍ය ක්‍රියාකාරකම් කිහිපයක් සදහාම සාර්ථකමට්ටමේ සහය ‍රැගෙන එන බවට පැසසුම් ලබන මෙම මෘදුකාංගයේ දැනට නිකුත්වී ඇති අවසාන සංස්කරනය 3.5.4 ලෙසට නම්ව වැඩි වේගයක් හා නිවැරදි බවක්ද ‍රැගෙන භාවිතාකරන්නන් වෙත පසුගිය කාලයේ නිකුත්විය.
                                                                පලවන අලුත්ම පුවතකට අනූව කියවෙන්නේ මෙම මෘදුකාංගයේ මීලග සංස්කරනයේ බීටාවක් ලිබ්‍රඔෆීස්3.6.0 ලෙසින්  පසුගිය සතියේ නිකුත්කල බවයි. ඔවුන් පවසන්නේ නවතම උපාංග කිහිපයක් සහිතව නිකුත්වී ඇති මෙම සංස්කරනයේ වැඩි දුරටත් හදුනාගත් දුර්වලතා සකස්කර ඇති බවයි. ඉදිරියේදී නිකුත්වන්නට නියමිත බීටා සංස්කරන දෙකකට හා අවසාන පෙර සංස්කරන 3ක පෙල ගැස්මකට පසුව අවසාන සංස්කරනය නිකුත්වන්නට නියමිත මෙම සංස්කරනය එලබෙන අගොස්තුවේදී පමන වන විට අවසාන සංස්කරනයක් ලෙසට ලබා ගන්නට හැකි වනු ඇති බවටයි එම් ආයතනය පවසා සිටින්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම බීටා සංස්කරනය හා එය පිලිබද අමතර විස්තර ඔබටද ලබා ගත හැකි වනු ඇත.

http://www.libreoffice.org/download/pre-releases/

නොමිලේ මෘදුකාංගය......


ඔබ බහුල ලෙස විශාල දත්ත ගොනු සමග කටයුතු කරන්නෙකු නම්  මුහුන පාන්නට වන ගැටලු අතර ඉහලින්ම සටහන් වනු ඇත්තේ  එක් තැනක සිට තවතැනකට දත්ත ගොනු කොපි කිරීමේදී ගතවන වේලාවයි. මෙම මෘදුකාංගය එම කටයුත්ත සියයට 20 සිට 120 දක්වා වේගයකින් ඉ‍ටුකර දෙන්නට සමත් වනු ඇතිබටයි  පැවසෙන්නේ......
                      මෙම මෘදුකාංගය ඇතුලු  දෛනික අවශ්‍යාතාවයන් වලදී වැදගත් විය හැකි මෘදුකාංග කිහිපයක් පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබා ගත හැකි වනු ඇති.
http://siriwansa.com/Soft.php

උබුන්‍ටු 11.10 භාවිතාකරන්නන් සදහා....


නිදහස් මෘදුකාංගයක් වන උබුන්‍ටු 11.10 සංස්කරනය භාවිතාකරන්නන් වෙත පසුගියදාක නිකුත්වූ පුවතකින් පැවසුනේ එම මෘදුකාංගයේ කර්නල මට්ටමේ හදුනාගත් දුර්වලතා 7 ඉලක්ක කොටගෙන පිලිසකර යාවත්කාලීනය නිකුත්කොට ඇති බවත් එම යාවත්කාලීනය වැදගත් මට්ටමේ එකක් බැවින් පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස වැඩිදුර විස්තර මෙන්ම අදාල බාගත කිරීම් සිදුකර ගන්නා ලෙසත්ය.

2012-06-15

ඔපෙරා 12 නවාංග කිහිපයක් සමග නිකුත්වේ....

සිත්ගන්නා සුලු නව ආරක්ශක උපාංග කිහිපයක් සමග ඔපෙරා 12 නව සංස්කරනය නිකුත්වී ඇති බවයි පැවසෙන්නේ. ඔබගේ පෞද්ගලික හැසිරීම් ‍රැස්කර ගැනීමට යම් වෙබ් අඩවි ක්‍රියා කරන විට භාවිතාකරන්නා වෙත ඒ පිලිබද දැනුවත් කිරීම වැනි ආරක්ශක පියවරයන් මෙන්ම තේමාවක් තොරා ගැනීමේදී සිය ගනනක් ඇසුරින් වඩාත් අපූරු තේමාවක් ‍තෝරා ගැනීම වැනි සැහැල්ලු භාවිතයකට උපකාරවන පියවරයන් දක්වා නවාංග කිහිපයක් නව සංස්කරනය සමගවන බවටයි කිය වෙන්නේ. දෘඩාංග තීවරකරනය වැනි අත්හදා බැලීමේ  නංවාග ද සහිත මෙම මෘදුකාංග පහත දක්වෙන ලිපිනය ඔස්සේ ලබා ගත හැකිවන අතර තේමාවන් ලාබා ගැනීම සදහා දෙවන ලිපිනය ඔබට සහය වනු ඇත.

http://www.opera.com/?ref=home

https://addons.opera.com/en/themes/

ෆේස්බුක් වෙතින් ආරක්ශාව පිලිබද ප්‍රවර්ධන වැඩසටහනක්.....

ෆේස්බුක් අඩවිය තම භාවිතාකරන්නන් වෙත අනුගමනය කලයුතු ආරක්ශා පියවරයන් ගැන නැවත මතක් කරදීමේ ප්‍රවර්ධන වැඩසටහනක් නැවත ආරම්භ කර ඇති බවටයි පැවසෙන්නේ. ඒකම අවසර පදය ගිනුම් කිහිපයක් සදහා භාවිතාකිරීම වැලක්වීම , ෆේස්බුක් ආයතනය වෙත ලබා දෙන මොබයිල් දුරකථන අංකයක් මගින් ලබා ගන්නා අමතර අවසර පදයක්ද භාවිතාකරන්නට පටන් ගැනීමෙන් ගිනුමේ ආරක්ශාව වඩාත් තරකර ගැනීම වැනි සරල මුත් බොහෝ භාවිතාකරන්නන් විසින් අතපසුකර දමන කාරනා වල සිට වඩාත් නවීනතම ආරක්ශක ගැටලු හා ඒ සදහා ගත හැකි පියවරයන් පහදා දීම සිදුවන බවටයි සටහන් වන්නේ. ඉදිරි දින කිහිපය තුල මේ වැඩසටහන සියලු භාවිතාකරන්නන් වෙත මුදා හැරෙනු ඇති බවට ඔවුන් වැඩි දුරටත් පවසා සිටිනවා.

http://www.facebook.com/about/security

2012-06-14

සෑම දිනකම නව මෘදුකාංගයක් නොමිළේ.....

අපගේ ප්‍රධාන අඩවියේ මෘදුකාංග පි‍ටුව ඔස්සේ සෑම දිනකම නොමිළේ මෘදුකාංගයක් ලබා දීමට අප කටයුතු කරන අතර මෙම මෘදුකාංග අදාල නිර්මාන කරුවන්ගෙන්ම ලබා ගන්නා තොරතුරු ඔස්සේ ඔවුබ්ගේම වෙබ් අඩවි  තුලින්  ලබාගැනීමට විස්තර සපයනු ඇත. මෙම මෘදුකාංග භාහිර පිරිස් විසින් සංකරනය නොකරන ලද ඒවා බවට සේම උත්සාහයක්ම අප ගන්නා අතර මෙසේ නොමිළේ ලැබීම අවශ්‍ය අනවශ්‍ය භාවය නොවිමසා ඒවා ස්ථාපනය කර ගැනීමට හේතුවක් නොවන බව මතක් කර දෙන්නටත් කැමැත්තෙමු. පලමු මෘදුකාංගය පිලිබද විස්තරයක් හා ලබා ගැනීමේ සබදතාවය අපගේ ප්‍රධාන අඩවියේ මෘදුකාංග පි‍ටුවෙන් පහතලිපිනය ඔස්සේ පිවිස ලබා ගත හැකි වනු ඇත.
http://siriwansa.com/Soft.php

‍ටුවිටර් සේවාවට තවත් නවාංගයක්....

‍ටුවිටර් ආයතනය පවසනවා මෑතකදී ඔවුන් විසින් තවත් ආයතන කිහිපයක් සමග එලබ ඇති එකගතාවයන් නිසා  ‍ටුවිටර් තුලට ලබා දෙන පහසුකම් අතරට පලකිරීමක යම් සබදතාවයක් දක්වන විට එම සබදතාවයට අදාල වෙබ් අඩවියේ "ප්‍රිවීව්" එකක්ද  ලබාදීම  සිදුවනු ඇති බව. මීට ප්‍රතම ඡායාරූපයක් පලකිරීමකට ආදා ඇති විට එය දැක ගැනීමේ අවස්ථාව මෙන්ම ප්‍රධාන පෙලේ පුවත් ආයතන කිහිපයක් තුලින් පලවන දෑවල සටහන් දැක ගැනීමේ අවස්ථාව ආදී බොහෝ නවාංග හදුන්වාදුන් අතර ඒ තුලින් ‍ටුවිටර් අඩවිය වෙත එන්නෙන් වැඩි කාලයක් තම අඩවිය තුල රශවා ගැනීමේ උත්සාහය කෙමෙන් සාර්ථක වෙමින් පවතින බවයි පැවසෙන්නේ.

2012-06-13

තොරතුරු අවකාශයේ සොඳුරු ඉසවු සොයා යන්නට....

තොරතුරු අවකාශයේ සොඳුරු කඩයිම් ගැන ලියවෙන සටහන් කියවන්නට , පරිගණක ලොව නැවුම් පුවත් සෑම උදැසනකම දැන ගන්නට , අනාගත මිනිසාගේ දත්ත පිටපත කොතරම් සාර්ථකව තම ස්වාමියාව නියෝජනය කරාවිද?? , "අනන්තය තෙක් පෙනෙන විසල් කදුමුදුනතක සිට" සදහම් අවකාශයේ සිවුම් රිද්මය හදුනා ගන්නට  ඇතුලු තවත් බොහෝ දේ සමග දෛනිකව අලුත්වන වෙබ් අඩවියට ගොඩවන්නට........

www.siriwansa.com

ගූගල් ක්‍රෝම්හි මෙට්‍රො පෙර සංස්කරනය...

ගූගල් ආයතනය විසින් වින්ඩෝස්8 සදහා වන ක්‍රෝම්හි මෙට්‍රෝ  සංස්කරනයේ පෙර සංස්කරනයක් නිකුත්කල බවටයි පවසා සිටියේ. 210.1171.0 ලෙසට නම් වන මෙම මෘදුකාංගය වින්ඩෝස් 8 හි සම්ප්‍රදායික ඩෙස්ටොප් මුහුනත මතදී මෙන්ම මෙට්‍රෝ මුහුනත මතදීත් එකසේ ක්‍රියාත්මක වන බවටත් පැවසෙන අතර වින්8 මෙට්‍රො සංස්කරනයේ මූලික නීතියක් වන ඩිෆෝල්ට්  මට්ටමේ බ්‍රවුසරය ලෙසට තොරා ගැනීමට හැකියාව ලැබෙන බවටත් පවසා සිටිනවා. මෙට්‍රො සංස්කරනය ෆ්ලැෂ් ද සහිත බවට වැඩි දුරටත් සටහන් වනවා.වැඩිදුර විස්තර මෙන්ම බාගත කර ගැනීමේ හැකියාව මෙම ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ලබා ගත හැකි වනු ඇත.

http://dev.chromium.org/getting-involved/dev-channel

ෆයර්ෆොක්ස් 14 බීටාව......

ෆයර් ෆොක්ස් 14 බීටා සංස්කරනය නවාංග කිහිපයක් සමග නිකුත්ව ඇති බවටයි තොරතුරු පවසන්නේ. ජූලි මාසයේ පමන අවසන් සංස්කරනය නුකුත්වීමට නියමිත මෙම විවෘත මෘදුකාංග ගනයේ "බ්‍රවුසරය" භාවිතාකරන්නාගේ ආරක්ශව අතින් දියුනු කිරීම් කිහිපයක් සමග වන බවටයි පැවසෙන්නේ. ඒ අතර මූලිකව  HTTPS  සංක්‍රිය මට්ටමක ඇති  අතර බාහිර වෙබ් අඩවි වලට සෙයුම් ප්‍රථිපල පිලිබද තොරතුරු ‍රැස්කිරීමේ හැකියාව බොහෝ සෙයින් දුර්වල කර අති බවත් වෙබ් අඩවි වල නීරෝගී බව ගැන වඩාත් නව ක්‍රම ඔස්සේ විමසමින් භාවිතාකරන්නාව දැනුවත් කිරීමේදී වඩාත් සංවේදී ක්‍රම අනුගමනය කරන බවටත් පවසනවා. ස්වංක්‍රීයව වෙබ් ලිපින සම්පූර්න වීමේ හැකියාව සෙයුම් සැරියක් වඩාත් වේගවත් කරන අතර පීඩීඑෆ් හැකියාවත් සහිත බව  පැවසෙනවා. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් මෙම සංස්කරනය අත්හදාබැලීමේ අවස්ථාව ලබා ගත හැකි වනු ඇත.

http://www.mozilla.org/en-US/firefox/beta/

2012-06-12

වින්8 සමග පහසු පරිගණක භාවිතයක්....



වින්ඩෝස් 8 මයික්‍රසොෆ්ට් සමාගමෙන් එලිදක්වන්නට නියමිත මීලග මෙහෙයුම් පද්ධතියයි. විචාරකයින්ට අනූව වින් 95 වලදී මෙහෙයුම් පද්ධතියක සිදුවිය හැකි වෙනස්කම් අතර උඩුයටිකුරු වන තරමේ අපූරුදේවල්ද සිදුවිය හැකි බවට  ආයතනය දුන් පෙර ආදර්ශය යලිත් සිදුවෙමින් පවතින බවට පවසමින් සිටිනවා.නව මෙහෙයුම් පද්ධතිය භාවිතාකල හැකි උපකරන වපසරිය වෙනස් කරන්නට නව මෙහෙයුම් පද්ධතිය තීර්නය කර කර ඇති අතර සමාන්තර අනෙකුත් මෘදු හා දෘඩාංග සමග හදුන්වා දෙමින් ඇති වෙන්සස්කම් සමග සලකන විට "දත්ත ජීවිතය" දෘඩාංග මූලික බවින් සම්පූර්නයෙන්ම නිදහස් කර දමන්නට හැකිවනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් පවතිනවා.
                                                      මෙහෙයුම් පද්ධතිය තුලට සකන විට වින් 8 සමග තවත් තීර්නාත්මක වෙනස්කම් රාශියක් හදුන්වාදී ඇති අතර ඒ අතරින් රීෆ්‍රෙෂ් හා රී සෙට් පහසුකම් කැපී පෙනෙන අංගයක් බවට විචාරනය වනවා.ආයතනය දෙසින් මෙම වෙනස්කම් හැදින් වෙන්නේ "උපකරනයේ වඩාත්
නිවැරදි භාවිතාවක් කරා ආපසු යාම හා නිෂ්පාදනාගාරයේ තත්වය වෙත  මෙහෙයුම් පද්ධතිය ආපසු යාම " ලෙසටයි. එසේම (රීසෙට් සමග) භාවිතාකරන්නෙකුට යම් මොහොතක තම පරිගණකයේ තැන්පත්ව ඇති අධිසංවේදී මට්ටමේ දත්ත ගොනු ඉවත්කිරීමේ අවශ්‍යතාවයකදී "ෆෝමැට්" කිරීමකට නොගොස් මුත් සෑම "සෙක්ටර්" මට්ටමේ සිට එසේ කලහැකි වනු ආකාරයේ "පිරිසිදු" කිරීමකට මේ තුලදී අවස්ථාව ලැබෙනු ඇති බවටයි පැවසෙන්නේ. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ යම් අයෙක් පරිගණකයේ දෘඩ තැටිය අයුතු ලෙස ලබා ගත්තද ඉතා ඉහල මට්ටමේ තාක්ශනයකින් තොරව එහි දත්ත ආපසු ලබා ගත නොහැකි වනු ඇති බවයි. රීප්‍රෙෂ් සමග භාවිතාකරන්නාගේ පෞද්ගලික සියලු දත්ත හා සැකසුම් සුරකෙන අතරම  භාහිරව ස්ථාපනය
කල සියලුම මෘදුකාංග ඉවත්ව පහසු නව භාවිතාවකට පරිගණකය ගෙන ඒමේ පහසුව ලැබෙනු ඇති බවයි. පහත දැවෙන ගොනුව හැදෑරීමෙන් වින් 8 සමග දත්ත උපකරනයක් කොතරම් පහසුවෙන් නව භාවිතාවකට කැදවා ගත හැකි වේදැයි වටහා ගත හැකි වනු ඇත.



2012-06-10

ෆේස්බුක් සමග නව "චැට්" සේවාවක්.....

ෆේස්බුක් මත ක්‍රියාත්මක වන නව "වීඩියෝ චැට්" සේවාවක් ගැන තොරතුරු පලවනවා. එයාර් ටයිම් ලෙසට නම් වන මෙම නව සේවාව සමග බ්‍රවුසර් මූලික ලෙසට සේවාවසපයන අතර එය මූලිකව  ස්කයිප් හා සමානව ක්‍රියාත්මක වන අතර ඊට අමතරව ෆේස්බුක් ගිනුම් තොරතුරු අනූව ප්‍රදේශ හෝ ප්‍රියතාවයන් අනූවද කථා බහ සදහා නන්නාදුනන අයෙකුද කැදවා ගැනීමේ හැකියාවද ඇති බවයි කියවෙන්නේ. මේ අනූව ෆේස්බුක් මත සිට මෙම සේවා ක්‍රියාත්මක කරද්දී තොරා ගැනීමේ අවස්ථා ලෙසට මිතුරන්ගේ ලැයිස්තුවක් පමනක් නොව ඔබ ෆේස්බුක් තුල "ලයික්" කර ඇති දෑ අනූවද සම ප්‍රියකරන්නන් අතරින් අයෙකු ‍තෝරා ගැනීමේ අවස්ථාවද ලැබෙනු ඇත. ඔවුන් පවසන්නේ ඔබගේ "සමාජ සබදතා ගොනුව" පමනක් නොව ඔබගේ "ප්‍රියතාවයන් ගොනුවද" මෙම සේවා ඔස්සේ කථා බහකට යමෙකු තොරා ගැනීමේදී  භාවිතාකරන්නට හැකි වන බවයි.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ එම අඩවියට පිවිස ෆේස්බුක් ගිනුම හරහා එම සේවාව ක්‍රියාත්මක කරගැනීමේ හැකියාව ඔබටත් ලැබෙනු ඇත.

https://www.airtime.com/

දත්ත ජිවිතය මල්වර වීම..........


"හොදයි අපිට පුලුවන් මෙහෙම හිතන්න. එක්කෝ අපිට අවශ්‍ය වෙනවා ඒ ඒ අවස්ථාවලට ගැලපෙන සේ ප්‍රමානය හැඩය වෙනස් කරගත හැකි දත්ත උපකරන නිර්මානය කර ගන්න. එහෙම නැතිනම් අපිට අවශ්‍ය වෙනවා මේ දෛනික ජීවිතයේ විවිධ අවශ්‍යතාවයන් අනූව නිර්මානය වී ඇති විවිධ හැඩ ප්‍රමාන අනුව ඇති උපකරන අතරින් බාදාවකින් තොරව අපගේ දත්ත උවමනාවන් ගලායාහැකි ආකාරයේ විකල්ප සොයා ගන්නට.වින්ඩෝස් 8 ඔබගේ දත්ත උවමනාව උපකරන වල සීමාවෙන් ඉක්මවා යවන්නට ගත් මෘදුමය උත්සාහයක්.දැනට ඔවුන් පවසා සිටින පරිදි වින්ඩෝස් 8 යනු උපකරන අනන්‍යතාවයෙන් පුද්ගල අනන්‍යතාවය කරා දත්ත ජීවිතය ‍රැගෙන යාමේ ආරම්භය සනිහන් කිරීමක් ලෙස සලකන්නට පුලුවන්.ඔවුන් පවසනවා "වින්ඩෝස් ලයිව්" වල ඔබ සකසා ගන්නා ගිනුමක් සමග දත්ත ජීවිතයට අදාල සියල්ල එනම් දත්ත ,වැඩසටහන් පමනක් නොව මූලික සැකසුම් පවා බාදාවකින් තොරව තවත් උපකරනය හරහා ඔබට ලබා ගන්නට හැකිවන බව.කරුනාකර අමතක කරන්න එපා මේ ස්වභාවය එක ආයතනයක වෙලද උපංක්‍රමයකට වඩා සියලු ආයතන වල  අනාගත සැලසුම් සමග අඩුවැඩි වශයෙන් ප්‍රකට වෙමින් පවතින තත්වයක් බව.
                                               මෙම ප්‍රවනතාවය තවත් දිසාවකින් ප්‍රකට කිරීමක් ලෙස  "ස්මාර්ට් ග්ලාස්" දැක්විය හැකියි. Xbox වල විසිත්ත කාබරයේ සීමාවීම ටැබ් උපකරනය ජංගම දුරකථනය  පමනක් නොව බොහෝ දත්ත උපකරන හරහා අසීමිත පැතිරවීම "ඇප්" එකක් ලෙසට හැදින් වෙන මෙම මෘදුකාංගයේ ඉලක්කය ලෙසටයි පැවසෙන්නේ. තවත් අතකින්  මෙම "ස්මාර්ට් ග්ලාස්" ඇප් එක ඇපල් මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් වැනිමෙහෙයුම් පද්ධති අතරද පහසුවෙන් ධාවනය වෙමින් මෙහෙයුම් පද්ධති ලෙසට පැනවෙමින් ඇති සීමාවන් ඉක්මවා යන බවටත් පවසනවා.හුදු දත්ත ගොනු වලට පොදුවීම  පමනක්ම නොව එකි නෙක උපකරන වලට සහය වන්නෙකු වන්නටත් මෙම මෘදුකාංගය  පොරොන්දු වෙමින් සිටිනවා. Xbox සමග සිටින රූපවාහිනිය සදහා දුරස්ථ පාලකයක් වන්නට ජංගම දුරකතනයට හැකිවනවා සේම එම චලන පටය ගැන වැඩිදුර තොරතුරු හෝ එම පරිගනක ක්‍රීඩාව ගැන වැඩිදුර තොරතුරු ඔබගේ ටැබ් එක හරහා ලබා දෙන්නටත් පොරොන්දුවෙමින් සිටිනවා. මයික්‍රසොෆ්ට් ආයතනය මේ අතරට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාද කැදවමින්  සැහැල්ලු විසිත්ත කාබරය තව තවත් වර්නවත් කරමින් සිටිනවා.කොටින්ම ද්විත්ව පහරදීමක ස්වභාවයක් මෙම නව ප්‍රවනතා සමග පෙන් වනවා. එනම් එක් දෙසකින් ඔබගේ දත්ත ජීවිතයේ අනන්‍යතාවය උපකරන වල සීමාවන්ගෙන් ඉක්මවා යනවා සේම තවත් අතකින් උකරන වල සීමවද ඉක්මවා යමින් උපකරන අතර අපූරු සහජීවනයක් නිර්මානය කර දෙමින් පවතිනවා.
(නන්නාදුනන දේශකයාගේ සටහනක් ඇසුරිනි)

2012-06-07

IPv6 ඊයේ සිට ක්‍රියාත්මකයි..

අන්තර්ජාල අවකාශයේ තවත් ඓතිහාසික දිනයක් ලෙස ගතවගිය දිනය සනි‍ටුහන්වූවේ නිහඩවමය.එනම් IPv6 ප්‍රොටකෝලය ස්ථාවරව ක්‍රියාත්මක කරනු ලැබුවේ ඊයේ සිට වීමය. 1983 දී පමන  අන්තර්ජාලය මුලින්ම හදුන්වා දෙන විට  ඒ හා සම්බන්දවිය හැකි ලිපින අවකාශය(අයි.පී. ඇඩ්‍රස්) බිලියන 4.3 පිලිබදව සිතන ලද්දේ කිසිදිනක අවසන් නොවන සංඛ්‍යාවක් වනු ඇති බවය. එහෙත් පලවන වාර්ථා පවසන්නේ ආසන්න ලෙස මේ වන විට බිලියන 2.5 වන භාවිතාකරන්නන් සමග දත්ත උපකරන බිලියන 11 පමන සම්බන්ද වෙමින් පවතින බවයි.වේගයෙන් තදබදයෙන් පිරී යන අන්තර්ජාල අවකාශයට  IPv6  ප්‍රොටකෝලය හදුන්වාදෙමින්  නැවත එම අවකාශය ට්‍රිලියන 360 කට වඩා විසල් අවකාශයක්බවට පත්කිරීමේ ව්‍යාපෘතිය ඊයේ නිල වශයෙන් ආරම්භ කලේ එල බෙන බොහෝ කාලයකට එම ගැටලුව නැවත හමු නොවනු ඇති බවට මහත් බලා පොරොත්තුවෙනි.

වින්ඩෝස් 7 භාවිතය මිලියන 600 ඉක්මවයි.....


මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා මේ වන විට වින්ඩෝස් 7 සදහා බලපත්‍ර මිලියන 600 කට වඩා නිකුත්කර ඇති බව. ඔවුනගේ දත්ත වාර්ථාවලට අනූව තවමත් වින්ඩෝස් 7 සදහා වන අලවිය ඉහල මට්ටමක පවතින බවටයි පැවසෙන්නේ. මයික්‍රසොෆ්ට් ඉතිහාසයේ විශාලතම  හදුන්වා දෙමින් පෙල ගැස්මක්  ඉදිරි කාලය සදහා සූදානමින් වෙමින් පවතින බවත් ඒ අතර වින්ඩෝස් 8 , වින්ඩෝස් ෆෝන් , ඔෆ්ෆීස් 15 , බින් හා ස්කයිප් සදහා නව වෙනස්කම් ආදීලෙසට වන බවයි පවසා සිටින්නේ. සේම මෙම කාලයේ සිට එලබෙන වසරේ ජනවාරිදක්වා වන කාලය තුල වින්ඩෝස් 7 සමග පරිගණකයක් මිලදී ගන්නා අයෙකුට ආකාර්ශනීය මිල අඩු කිරීමක් සමග එල බෙන ජනවාරියේ සිට වින්8 වෙත තම මෙහෙයුම් පද්ධතිය වෙත මාරුවීමේ හැකියාව ලැබෙන බවටත් පැවසෙනවා.
                                    හදුන්වාදී වසර 11ක කාලයක් ගතව ගියද වින්ඩෝස් එක්ස්.පී  තවමත් ලොව පුරා පරිගණක වලින්  45% භාවිතාවෙමින් පවතින බවට වාර්ථා පවසනවා.ඒඅනූව වින්ඩෝස් 7 භාවිතය 40.5% බවටයි සටහන් වන්නේ.

2012-06-06

එලබෙන 9 වෙනිදා ගැන භීතිය ව්‍යාජයක්ද???



එලබෙන 9වෙනිදා පිලිබදව පවතින අවධානය එක් පිරිසකට අනූව නම් "බොරු භීතියකි". තවත් පිරිසකට අනුව නම් කල්පනා කාරීව මුහුනදිය යුතු අවස්ථාවකි. ෆේස්බුක් ආයතනය වෙතින් පලවන නිවේදනයකට අනූව මේ වන විටත් ඔවුනගේ වෙබ් අඩවිය වෙත එන පරිගණක අතරින් "ඩී.එන් එස් චේන්ජර්" නම් ට්‍රෝජන ආකාරයේ පහරදීමෙන් ආසාධිත තත්වයේ පරිගණක හදුනා ගෙන එවා ඉවත්කිරීමට අදාල උපදෙස් දීමේ සේවාවක් අරබා  තිබේ.
                        දැනට ගූගල් වෙතින්ද මෙම සේවාව ලබා දෙමින් සිටින අතර සරලව මෙම අනතුර ගැන පවසන්නේ පරිගණකයේ සැකසුම් තුලින් කරන අනවසර වෙනසක් තුලින් භාවිතාකරන්නා  බලාපොරොත්තුවන වෙබ් අඩවිය  වෙනුවට හානිකර ව්‍යාජ අඩවි වෙත යොකිරීමේ අවස්ථාව පහර දෙන්නන් විසින් ලබා ගැනීම සදහා ඔවුනගේ සර්වරයන් වෙත යොමුකරවා ගෙන ඇති පරිගණක මෙම දිනයේ දී අන්තර්ජාල භාවිතයෙන් ගිලිහීමට ඉඩ ඇත්තේ දැනටමත් බලධාරීන් විසින් මෙම ව්‍යාජ සර්වරයන් අත්පත්කරගෙන ඇති මුත් එලබෙන දිනයේදී ඒඅවා අඩපන කිරීමට නියමිත බැවිනි. බලධාරියන් විසින් මෙම ව්‍යාජ සර්වරයන් වෙත එන්නන් අදාල සැබෑ වෙබ් අඩවි වෙත යොමුකරලීමේ  වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර එල බෙන 8 වෙනිදා දක්වා කාලය ලබා ගත්තේ ආසාධිත පරිගණක හදුනා ගනිමින් ඒවා නිවැරදිකරගැනීම සදහාය.
                                                   හදාරන්නන්ට අනූව මෙම පහරදීම හදුනාගන්නා අවස්ථාවන වන විට ආසාධිත පරිගණක  මිලියන 4 හදුනා ගෙන තිබූ මුත් මේ වනවිට එම ප්‍රමානය 350000 පමන වෙනු ඇති බවට අනුමාන කරමින් සිටිනවා.

2012-06-05

ෆොටෝෂොප් සදහා සරල විකල්පයක්.....

ඡායාරූපයක් සංස්කරනය කරගන්නට වීම සාමාන්‍ය පරිගණක භාවිතාවක් තුල නිරන්තරයෙන් හමුවන අවශ්‍යතාවයකි. මේ සදහා ප්‍රධාන පෙලේ මෘදුකාංග භාවිතය අපහසු වන්නේ අධික මිලගනන් විය හැක. නිදහසේ භාවිතකල හැකි උසස් මට්ටමේ හැකියාවක් ඇති මෘදුකාංගයක් මේ සදහා යොදා ගැනීම සමහරුන් යොදා ගන්නා විකල්ප හානිකර ක්‍රම වලට වඩා හැම අතින්ම යහපත්ය. නිදහස් මෘදුකාංගයක් හා ෆොටෝෂොප් සදහා සරල විකල්පයක් ලෙසට පැසසුම් ලබා ඇති මෙම මෘදුකාංගය පිලිබද වැඩි දුර විස්තර මෙන්ම බාගත කරගැනීමේ සබදතාවයන් පහත දැක්වෙන ලිපිනය ඔස්සේ ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ඔබටත් ලබා ගත හැකි වනු ඇත.

http://www.gimp.org/

වයස 13 අඩු දරුවන් සදහා ෆේස්බුක් ගිනුමක්??????

ෆේස්බුක් ආයතනය පවසනවා වයස වසර 13 ට අඩු දරුවන් සදහා තම දෙමාපියන්ගේ අධීක්ෂනය  යටතේ ෆේස්බුක් ගිනුමක් අරබා පවත්වාගෙන යා හැකි ආකාරයේ තාක්ශනික මෘදු මෙවලමක් මේ වන විට නිර්මානය වෙමින් පවතින බව. දැනට ලොව වඩාත්ම භාවිතාවක් ඇති ෆේස්බුක් සමාජ ජාලයේ  ප්‍රකාශකයෙකු පවසන්නේ මෙම නව හදුන්වාදීම තුල වයස 13ට අඩු දරුවෙකුට තම තම පියාගේ හෝ මවගේ ෆේස්බුක් ගිනුමට සම්බන්දව ඔහුගේ හෝ ඇයගේ පාලනය යටතේ මෙම ගිනුම පවත්වා ගෙන  යාහැකි වනු ඇති බවයි.තවමත් අවසාන තීර්නයක් ගෙන නොමැති මෙම හදුන්වාදීම පිලිබදව තම අදහස් පලකරන එම ප්‍රකාශකයා පවසන්නේ  අන්තර්ජාලය තුල වයස වැනි සාධකයක් මත පාලනය පවත්වා ගෙන යාම එතරම් සාර්ථක නොවන යතාර්තයක්තුල මෙම විසදුම ගැන සලකා බලන්නට නියමිත බවයි. 2011 වසරේදී පැවති අන්තර්ජාල බලවතුන්ගේ හමුවකදී ෆේස්බුක් නිර්මාතෘ පවසා සිටියේ තමන් වයස 13 ට අඩු දරුවන් තම ජාලය වෙත කැදවන්නට අදහසක් නොමැති බවයි.

නිරෝගී පරිගණකයට සහය මෘදුකාංගයක් (2).....


ඔබ පරිගණකය වෙත මෘදුකාංගයක් ස්ථාපනය කිරීම ඉතා සරල කාරනයක් ලෙසට සලකනවා විය යුතුයි. එහෙත් විද්වත් මතය වන්නේ මෙලෙස ස්ථාපනය කරන මෘදුකාංගයෙන් මෘදුකාංගයට ඔබ සිතනවාට වඩා බරපතල බවක් දත්ත උපකරනය තුල සිදුවනු ඇති බවයි. ඔවුන් පවසනවා මෘදුකාංගයක් පරිගණකය වෙත ස්ථාපනයට පෙර සිතා බැලිය යුතු කාරනා අතර එම මෘදුකාංගයේ සැබෑ අවශ්‍යතාවය , පරිගණකය වෙත ගැලපීම මෙන්ම එහින් නිෂ්පාදකයාගේ විස්වාසනීය බව සැලකිය යුතු බවයි. එසේම පසු තීර්නයක් මත යම් මෘදුකාංගයක් පරිගණකයෙන් ඉවත් කිරීමට තීර්නය කල විට ඉතා ක්‍රමානුකූලව එම කාර්ය ඉ‍ටුකිරීම පරිගණකයේ යහ පැවැත්මට ඉතා වැදගත් වන බවටත් ඔවුන් පවසනවා.
                                                        පහත දැක්වෙන පරිගණකයෙන් මෘදුකාංගයක් ඉවත්කීරීමේදී භාවිතාකල හැකි මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග එන "අන්ස්ටෝලර්" මෘදුකාංගයට වඩා වැඩි තේරීම් අවස්ථා ලබා දෙන එකක් ලෙසට මෙන්ම විවෘත මෘදුකාංග ගනයේ හා "පෝටර්බල්" (ස්ථාපනය නොකොට භාවිතාකල හැකි ) මෘදුකාංගයක් ලෙසටයි ඔවුන් පවසන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එම මෘදුකාංගය ගැන වැඩි දුර විස්තර හා බාගත කරගැනීමේ අවස්ථාව ඔබටද ලබා ගත හැකියි.

http://www.geekuninstaller.com/

ඩිජිටල් බව කියන්නේ නම්‍ය ඇදුමක් වගේ.....


"පරිගණකය නමින් වන සම්මත උපකරනය තවදුරටත් හුදකලාව පැවතීම වේගයෙන් අතාර්කික වෙමින්  තිබෙනු දක්නට පුලුවන්. දෛනික ජීවිතය වටා ඇති උපකර අතර මුසුවෙමින්  සැගවෙමින් වඩ වඩාත් ප්‍රායෝගික ජීවිතය තුලට පැමිනීමට ගන්නා උත්සාහය ඩිජිටල් අවකාශයේ වඩ වඩාත් ප්‍රකට වෙමින් පවතින ප්‍රවනතාවයක්. නවීනතම රූපවාහිනී යන්ත්‍රයක් යනු පරිගණකයක් හා රූපවාහිනී යන්ත්‍රයක් අතර සලකුනු වන උපකරනයක් වීම මෙයට හොදම උදාහරනයක්. මෑතසිට වේගයෙන් වර්ධනය වන Xbox භාවිතාව සමග එන "කර්නෙක්ට්" තාක්ශනය සාම්ප්‍රදායික දත්ත උපකරන මෙහෙයුම් උපංක්‍රමවෙත හොද විකල්පයක් වෙමින් තිබෙනු දක්නට පුලුවන්.
                                       ඩිජිටල් බව කියන්නේ නම්‍ය ඇදුමක් වගේ, සාම්ප්‍රදායික ඩෙස්ටොප් පරිගණකය එම ඇදුමේ ආකෘතියයි. මෙම තාක්ශනය මතවූ අපූරුබවින් විස්මිතව මෙම ආකෘතිය තවදුරටත් ප්‍රදර්ශන භාන්ඩයක්ව තබා ගැනීමට වඩා නිවසේ මුලුතැන් ගෙයි භාවිතාවන පිහිතලය මතට පවා පැමිනෙමින් වඩ වඩාත් ප්‍රායෝගික ජීවිත  විනිවිද යමින් පැතිරීයාම නුදුරු අනාගතයේම දක්නට හැකි වනු ඇති බවටයි හදාරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ....."
(නන්නාදුනන දේශකයාගේ සටහන්......)

මයික්‍රසොෆ්ට් වෙතින් "ස්මාර්ට් ග්ලාස්" මෘදුකාංගය....


මයික්‍රසොෆ්ට් ආයතනය මෙම සතිය ආරම්භයේදී පැවති හමුවකදී පවසාඅ සිටියේ තම නව "ස්මාර්ට් ග්ලාස්" මෘදුකාංගය විවිධ දත්ත උපකරන අතර තොරතුරු බෙදා හදා ගැනීමේදී හොද සහයක් පලකරනු ඇති බවයි. මෙම පුවත් හමුවේදී ආයතනය වැඩි දුරටත් පැවසුවේ තම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා බ්‍රවුසරය ඉදිරියේදී Xbox හා එක්වීම සිදුවනු ඇති බවයි. මෙම හමුවේ තේමාවක් ලෙසට කැපී පෙනෙමින් තිබු අදහස වූයේ එලබෙන යුගයේ ඩිජිටල් ජීවිතයේ විනෝදාස්වාදනය සදහා නිවසේ මුල් තැන  Xbox  වෙතට හිමි වන්නට නියමිත බවයි.
                                              ස්මාර්ට් ග්ලාස් මෘදුකාංගය සමග  ඔබගේ ටැබ් උපකරනයෙන් නරබමින් සිටින වීඩියෝවක ඉතිරිය කිසිදු වෙනසකින් තොරව  Xbox  වෙත හෝ වෙනත් උපකරනයක් වෙත පහසුවෙන් හු8වමාරුකරගත හැකිවන අතරම  Xbox  වෙතින් එම වීඩෝව නරබන අතරතුර එම වීඩියෝව පිලිබද සියලු තොරතුරු ටැබ් උපකරනයෙන් ලබා ගත හැකි වනු ඇති බවටයි පැවසුනේ. මීට අමතරව මෙම හමුවේදී මයික්‍රසොෆ්ට් ආයතනයේ ඉදිරි පරිගණක ක්‍රීඩා සැලසුම පිලි බදවද තොරතුරු ඉදිරිපත් වූවා.

2012-06-03

නිරෝගී පරිගණකයකට සහය මෘදුකාංගයක්.......



පරිගණකයේ වේගය හොදින් පවත්වාගෙන යාම අනවශ්‍ය දත්ත ගොනු ඉවත්කිරීම වැනි කාරනා වලදී නොමිලේම භාවිතාකල හැකි මෘදුකාංගයක සහය ලබ ගැනීම ඉතා වැදගත් විය හැක.  ඒ අතරින්ද මෙම මෘදුකාංගය නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් වඩාත් උපරිම සේවයක් ලබා දීමට කටයුතුකිරීම සැලකිය යුතුකාරනාවකි.
                   මෙම වැඩසටහනේ නිර්මාතෲන් පවසන්නේ  සාමාන්‍ය පෞද්ගලික භාවිතයට පමනක් නොව වෘතීය මට්ටමේ භාවිතකරන්නන් සදහද මෙම මෘදුකාංගය සෑහෙන මට්ටමක පවතින බවයි. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම මෘදුකාංගය ඔබටද නොමිලේ ලබා ගත හැකි වනු ඇත.

http://www.anvisoft.com/product/cloudsystembooster.html

2012-06-02

ඊයේ ෆේස්බුක් අඩවියේ දක්නට ලැබූ අපහසුතා සයිබර් පහරදීමක්ද????



නන්නාදුනන පහර දෙන්නන්ගේ කන්ඩායමක් පවසන්නේ ඊයේ දිනයේදී ෆේස්බුක් භාවිතාකරන්නන් හට අත්විදින්නට වූ අපහාසුතාවයන් තමන්ගේ පහරදීමක ප්‍රතිපලයක් බවයි. මෙම අපහසුතාවයන් අතර බහුලවම සටහන් වන්නේ තම ගිනුමට ඇතුලුවීමට සිදුවූ අපහසුතාවයන්  බවටයි වැඩිදෙනුකු පවස සිටින්නේ. එම වාර්ථාවට අනූව ගතවගිය මාර්තුමසයේ කිහිප විටකම යුරෝපීය භාවිතාකරන්නන් වෙත ෆේස්බුක් අඩවිය සමග කටයුතුකිරීමේ දී ඇතිවූ අපහසුතාවයන්ද පහරදීම් වල ප්‍රතිපල ලෙසටයි  එම කන්ඩායම් පවසමින් සිටින්නේ.
                       මෙම නන්නාදුනන කන්ඩායම් වෙතින් පසුගිය වසරේ අගෝස්තු මාසයේ මෙන්ම නොවැම්බර් මාසයේ ෆේස්බුක් ආයතනය වෙත පහරදීම් පිලිබද අනතුරු අගවා සිටිය මුත් සැලකිය යුතු මට්ටමේ අතපෙවීමක්  ෆේස්බුක් වෙත කරන්නට ඔවුන් අසමත්වූ බවටයි වැඩි දුරටත් සටහන් වන්නේ.

2012-06-01

වින්8 අවසන් පෙර සංස්කරනය නිකුත්වේ.....


මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා වින්ඩෝස්8 සදහා නිකුත්වන අවසාන පෙර සංස්කරනය මේ වන විට තම වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව. 32 බිට් හා 64 බිට් ලෙසට ලබා ගත හැකි මෙම සංස්කරනය දැනට නිකුත්ව තිබූ පාරිභෝගිකයන් සදහා වූ සංස්කරනයේ සිට දියුනු කිරීම් රාශියකින් යුක්ත බවටයි ඔවුන් පවසන්නේ. මෙම නව සංස්කරනය අත්හදා බැලීමට කැමති අයවලුන් වෙත ආයතනය පවසන්නේ තම ප්‍රධානය පරිගණකය වෙත නව සංස්කරනය ස්ථාපනය කිරීමේන් වැලකෙන ලෙසටයි.නව සංස්කරනය සමග ආපසු පැරනි මෙහෙයුම් පද්දතිය වෙත පසු තල ගැන්වීමේ ක්‍රමවේදයකින් තොර නිසා ගැටලු සහගත විය හැකි බවටයි උපදෙස් දෙමින් සිටින්නේ. දැනට වින් 8 පාරිභෝගික සංස්කරනය භාවිතාකරන් නන් සදහා නව සංස්කරනයට උස්තල ගැන්වීමක් කල හැකි මුත් ඒ සමග පෙර භාවිතාකරමින් තිබූ දත්ත ගොනු මැකී යා හැකි බවේ අනතුරු ඇගවීම ආයතනය පලකර සිටිනවා.
                                                   තවමත් අවසන් සංස්කරනයක් නිකුත්කිරිමේ නිශ්චිත වකවානුවක් පලනොකරන මුත් විචාරකයන් බලපොරොත්තු පලකරන්නේ මෙම වසර අවසනයට පෙර එය සිදුවනු ඇති බවටයි. ටැබ්ලට් ආකාරයේ පරිගණක උපකරන මූලිකව ඉලක්ක කොටගෙන නිමවා ඇති නව මෙහෙයුම් පද්ධතියේ මීට පෙර සංස්කරනය නිකුත්කර පලමු පැය 24 තුලදී බාගත කිරීම් මිලියන 1කට වඩා බාගත කිරීම් වාර්ථා වූ බවට සටහන් වන අතර  ආයතනය පවසන්නේ මෙතෙක් මෙහෙයුම් පද්ධතියක් ලත් වැඩිම අත්හදා බැලීමේ සංස්කරනයක බාගතකිරීමේ සංස්ක්‍යාව එය වන බවයි. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම නව සංස්කරන ඔබටද ලබා ගත හැකි වනු ඇත.

http://windows.microsoft.com/en-US/windows-8/iso

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...