Showing posts with label creative. Show all posts
Showing posts with label creative. Show all posts

2014-06-02

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(7)

  ලොකු ස්වාමීන්වහන්සේ ඒ ප්‍රදේශයට පමනක් නොවේ සබදතා ඇති සියල්ලන්ටම ජීවිතයේ වැදගත්ම අවස්ථාවලදී සහයට එන  සර්වරයක් වගේ.. ප්‍රථම ගමනින් පසු වරක් සරසවි මිතුරෙකු සමග සුහද කථා බහකදී මාහට කියවූවේ අහම්බෙනි.  නිදහස් මනසක් ඇත්තෙක්වු ඔහු එයට සිනාසුනේ වත් එකගවුවේවත් නැත. තොරතුරු සකසන්නට හා සංනිවේදනයට තවමත් සිලිකන් මූලික ප්‍රාථමික තාක්ශනයක් භාවිතාකරන අපිට ඒක විහිලුවක් වගේ දැනුනට ද්වාකාර අර්ථ සහිත බිට්‍ටුවක් මත සීමිත සංනිවේදනයක් මත යැපෙන අපිට සිහිනයක් වගේ දැනුනට දියුනු කරන මනසකට තවත් මනසක් සමග පහසුවෙන් සම්බන්ද වන්න වගේම එක් නිමේශයකින් අපමන තොරතුරු සංක්‍යාවක් යවන්න පුලුවන් බව මම ඔහු වෙතට යෝජනා කර සිටියෙමි. සමහර විට... තවමත් තම මධ්‍යස්ත බව ‍රැකෙන ආකාරයට ඔහු පිලිතුරු දුන්නාය. කොහොමටත් ඔබගේ ඉලග නිවාඩුවට යොදාගෙන තියෙන ආශ්‍රම ගමනින් පසුව ලොකයේ කෙහේ හිටියත් මාව අමතන්න අමතක කරන්න එපා.. කියමින් ඔහුකල සමු ගැනීම ආශ්‍රමය වෙතට නැවත ඉක්මනින් පැමිනෙන්නට කවදත් වන සියුම් බැදීම වඩාත් දැඩි කලාය.. 
           ක්‍රමානුකූල ස්වවාභාවික වර්ධනය ඔස්සේ හෝ කිසියම් බාහිර සහයක් ඔස්සේ දියුනුවුනු මිනිස් මනස සතු අපමන ශක්ති හැකියා වෙන් ඉතාම අල්ප ප්‍රමානයක් පමනක් අප දෛනික ජීවිත්යේ භාවිතාකරමින් සිටින බව වසර ගනනාවක් තිස්සේ විද්වතුන් යෝජනා කරමින් සිටින බව හා ඒ මතයන් ඔවුන් ගෙනෙන්නේ හුදු හිතලූන් මතම නොව බොහෝ ආකාරයට ඔප්පු වී ඇති  සාධක මත බවට වරක් ඔහු කල ප්‍රසිද්ධ සටහනක් මගේ මතකයට නැගේ. විද්‍යාත්මකව පමනක් නොව සංස්කෘතිකව මෙන්ම ආගමිකව පලව ඇති කාරනා බොහොමයක් ඔස්සේ එහිදී තම මතය ඔප්පු කරන්නට ඔහු උත්සාහ කර තිබිනි.

2014-05-30

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(6)

  රාත්‍රිය පුරාවට ඇද හැලුනු  පිනිපොද තවමත් පාර දෙපස  තන බිස්ස මත දිදුලමින් ඇත. ප්‍රානය ලත් තුරු ගොනු ගෙනෙන්නේ මහත් ප්‍රබෝධයකි. උදෑසන පිබිදුනු සියතුන් පවා මහත් ප්‍රානයකින් හඬ තලන විට දැන්නේ මහත් නැවුම් බවකි. ලෝකය අපූරු තැනකි. තම තම වර්ගයා අනූව මෙන්ම ගෙනැවිත් ඇති කාලය අනූව යන්නට පැමිනි අමුත්තන්ගෙන් එය පිරී ඇත. ඉන් අයෙක් හඬති තවකෙක්  සිනාසෙති. මෙහෙ ඇත්තේ අපූරුතම අත්දැකීමකි.  බලන බලන අත විසිතුරු දෑය.  සිත් ප්‍රබෝද කරවන  දෑය, සිත හඬාවටවන සුලු දෑය.  විමතිය ගෙනෙන , බිය උපදවන දෑද අඩුවක් නොමැත්තේය. විශාල කොටසක් තමන් ‍රැගෙන ආ ජිව විද්‍යාත්මක සීමාවල් වලට කො‍ටුව මෙහි කාලය ගතකර යති.තව කොටසක් දියුනු කරගත් මානස් හැසිරවීමක් ඔස්සේ සංස්කෘතියක් තනා ගෙන ඒ මත ජීවත්ව ආපසු යති. පොලෝ තලයේ විවිධ දිසාවල වසනා කොටස් තම පරිසරයන් ආශ්‍රිතව විවිධ සංකෘතීන් නිර්මානය කොට ගෙන ඒ මත වෙසෙති. සමහර ඒවා විස්මිතය. සාමන්‍ය මනසකට තේරුම් ගත නොහැකි තරමට සංකීර්නය. හදාරන්නන් ඒවා තේරුම් ගන්නටම බැඉවන විට පිට සක්වලට වැනි තම හැකියා සීමාවෙන් ඔබ්බෙන් වන බුද්ධි තලයන්ට ඒවා සම්බද කොට නිදහස් වෙයි. සමහර විටක ඒවා සත්‍යවන්නටද ඉඩ ඇත. 
           මෙහි මා පැමින මිනිස් වයසින් සැලකීමේදී සැහෙන කාලයකි. මෙහි වන විවිධ අවකාශයන් ඔස්සේ මම ඇවිදයන්නට වරම් ලැබුවෙක්මි. විටක සමහර ප්‍රදේශ භෞතිකය. තවතිට බුද්ධිතලයට අයත් ඒවාය. තොරතුරු තක්ශනය ඒවා අතර වඩාත්ම මා සිත්ගත් එකකි. කවදත් මිනිසා වටා තිබූ තොරතුරු හැසිරවීම සදහා ඉලෙක්ට්‍රොනික මැදිහත් වීමක් එහිදී සිදුවෙයි. වේගය මෙන්ම නිවැරදි බව හමුවේ මිනිසුන් ඉන් මහත් ඵල ලබනයුරු අපූරුය. තවකෙක් වීමාවක් නැති විස්මයට පත්වන යුරුද  සිත්ගන්නා සුලුය. 
   අශ්‍රමය මෙන්ම ටිබෙටියානු මිතුරාද සමහර  සංකල්ප අනූව ජීවිතය විග්‍රහ කරන හමුවන සංස්සාරයේ තව බොහෝ කාලයක් යන තුරු අමතකව නොවනු ඇත. ඒ ඒසේ වූවත් කම් නැතැයි සිතෙන්නේ ඒ මතක සටහන් මහත් බරක් ගෙනෙන නැතිනම් තව තවත් බැදීම් වලට යොමුකරවන ඒව නොවන නිසා වෙනි. සමහර සබඳ තාවයන් වඩ වඩාහ් සිත සැහැල්ලු කරනු සුලු වන අතරම තවත් ඒවා මහත් පීඩා කාරී වෙමින් නැවත නැවත නැවතත් බැදීම් ඇතිකරන ඒවා වෙයි. පේර කී විග්‍රහට අනූව ඒවා ගෙවා දමන්නට තවත්කාලයක් අවශ්‍ය වනු ඇත.
          ක්‍රමයෙන් වගාබිම් නිමවෙමින් ආශ්‍රම භූමියට ඇතුලු වන සීමාව ඇස් මනයට හසුවෙන තරම් නුදුරුවෙමින් ඇත. දැඩි දැවයෙන් නිමවා ඇති ප්‍රධාන පිවිසුම ක්‍රමයෙන් පැහැදිලි වෙමින් ඇත. ලොකු ස්වාමීන් වහන්සේ සිත තුල සටහන්ව ඇත්තේ ජීවිතකාලයේ හමුවූ අපූරු හැගීම් රටාවක් පරිද්දෙනි. එය වෙනම අත්දැකීමකි. දෛනික විවහාරය තුල පැහැදිලි කර ගැනීමට අපහසු  භාවයක් වැනි යමකි.

2014-05-17

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(5)

  ලොව නිවැරදිම හා ස්වභාවිකම එලාම් ඔරලෝසුව ඔවුන් සතුය. එනම් පෙර අලුයම අවදිවන සියතුන්ගේ හඬය. යාන්ත්‍රික හෝ ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් මෙන් නොව පරිසර තත්වයන් අනූව එය ස්වංක්‍රීයවම සුසර වේ. වරක් අප අධ්‍යාපන ආයතනය වෙතට පැමිනි  විද්වතෙකු යෝජනා කලේ ඔරලෝසුව ඔස්සේ ඔබ කාලය පාලනය කරනවා වෙනුවට හරිම යාන්ත්‍රික විදිහට කාලයේ වහලෙකු වී ඇති බවයි. "ඔබට ඇත්තටම කාලය පාලනය කරන්නට අවශ්‍ය නම් හිරු පාලනය කල යුතුයි. තවමත් පෘතුවිය මතුපිට වන විනාශකාරී බල වේග ඉදිරියේ පවා අසරන වන අප ශිස්ඨාචාරයට එතරම් දියුනුවක් ලබන්න තව වසර සිය දහස් ගනනක් වත් යාවි. අඩු තරමින් ස්වභාවික පරිසරයෙන්  මහ ඈතක නොවන අපේ මිනිස් සිරුරට වඩාත් ගැලපෙන කාල මිනුම් රටාවක් වත් අපට දියුනු කර ගන්නට බැරි වෙලා තියෙනවා කියන එක අප පිලිගන්නට ඔනේ.සමහර විටක ඒ බව අප ලබා ගන්නට අවශ්‍ය වන තාක්ශනයේ ලදරු තත්වයට වත් අප පිවිස නැතිව ඇති." එය අපූරු දේශනයක් විය.
              ප්‍රබෝධමත් දිනක් ‍රැගෙන නැගෙනහිර කඳු වලලෙන් හිරු එබී බලන්නට පටන් ගෙන ඇත. නෑවත වතාවක් ජීවිතයේ හමුවූ අපූරුතම විවේකය, නැතිනම් ප්‍රබෝධමත්ම අධ්‍යාත්මික අවකාශයේ නෙත්මානයට පැමින සිටින්නෙමි. හැකි ඉක්මනින් ගමන් මල්ල සකසා ගෙන ගේ හිමියා හමුව ස්තූති කොට ආශ්‍රම කඳු පෙල දෙසට දිවෙන මාවතට පිවිසුනෙමි.මාවත දෙපස වන රුක් ගොමු ප්‍රබෝධමත් කුරුලු හඬ සමග නෙතට පමනක් නොව සිතටද ගෙනෙන්නේ මහත් අවදියකි. ටිබෙටියානු මිතුරා සිහියට නැගේ. සකසා ගත් අඟුරු කැබැල්ලකින්  පවා මේවන් දසුන් ගොරහැඬි මතුපිටක පවා ශාන්තිමත් බව නොසැගවන පරිදි සටහන් කරන්නට ඔහු සමතෙකි. ඔහු වරක් පවසා සිටියේ නෙතින් උරා ගන්නා දැක්ම වඩාත් සැහැල්ලු ලෙසට මාධ්‍ය මතට ගෙනෙනවා හැරෙන්නට වෙනත් කිසිවක් කෙරෙහි ඔහු අවධානය නොදක්වන බවකි.
              ගැමියන් එකා දෙන්නා තම ගොවිබිම් වෙතට යන්නට මාවතට පිවිසෙමින් ඇත. ඔවුන් අතරින් ඉද හිටක පෙර දන්නා හඳුනන අයෙකුද වේ. සෞම්‍ය සිනාවක් ඔස්සෙ තම සුහදතාවය පල කිරීම ඔවුන්ගේ සිරිතය. බොහෝ විට දෙබසකට පිවිසෙන්නට ඔවුන් අකමැතිය. මාවතට යොමු කරගත් දෙනෙතින් යුතුව යුහුසුලුව තම දවස අරබන්නට ක්‍රියාකරයි. විශාල ගොවි බිම්  අස්වද්දන්නට ඔවුන් යාන්තික සහය නොලබයි. ඔවුන්විස්වාස කරනුයේ තම ශ්‍රමය ගොවි බිම වෙතට පිදෙන විට නිරෝගීකම මානසික සහනය බිම් ඔස්සේ තමන් වේතට පැමිනෙන බවකි. ඔවුන් අතර පූර්න සුදුසුකම් ලත් වෛද්‍ය වරුන් , ඉන්ජිනේරුවන් පවා සිටිති. මේ අපූරු මිනිසුන් ලොව සම්මත දැනුම තම වඩාන් දියුනු සාම්ප්‍රධායික දැනුම දියුනු කරන්නට භාවිතා කරනා විනා එහි වහලුන් නොවීම ස්වභාවයයි.

2014-05-14

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(4)

  සමහර විටක වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්නව තිබෙන්නට ඇත. අප පිලිසඳර අවසන් බව හගවමින් නිවැසේ ප්‍රධානියා තම අසුනින් නැගී සිටියාය.ඔවුනටම ආවේනික වූ අපූරු සංස්කෘතික රටාවන් පිලිබදව අපූර්ව තොරතුරු වලින් පිරී තිබූ එම සංවාදය මාතුල ඇති කර තිබුනේ මහත් තෘප්තිකර බවකි. බුද්ධිමය ප්‍රබෝධයකි. තීව්‍ර මට්ටමක චෙස් ක්‍රීඩාවකදී හදිස්සියේ මනස හඳුනා ගන්නා නව රටාවක් ඔස්සේ සිතට දැනෙන ආකාරයේ අපූර්ව රසයකි. තවත් විටක සංකීර්න පරිගණක පද්ධතියක් වෙනුවෙන් සැකසෙන ඇල්ගොරිතමයක් සදහා වඩාත් නම්‍ය නව රටාවක් සිත හඳුනාගත්විට ඇති වන ආකාරයේ සතුටකි. වඩාත්ම සරලව එක කාරනයක් අවධාරනයෙන් පැවසිය යුතුය. ඔවුනගේ සංස්කෘතික රටාවල අමුතුම අස්වාභාවික ලෙසට දැනෙන දෑ වලින් සමන්විතව ඇති බවක් නොදැනුනද අප දන්නා හඳුනන සංස්කෘතීන් වසර සිය දහස් ගනනක් ඔස්සේ වර්ධනය වෙමින් තිබුනද හඳුනා ගෙන නැති වඩාත් පහසු මිනිස් මිත්‍ර ස්වභාවයන් ගෙන් ඒවා සමන්විතව තිබීමය.
                                                     ස්වභාවික දැ වලින් නිමව තිබුනද නිදි යහන සුවපහසු බවක් ගෙනේ. නිඳි යහනේ දකුනු ඇලයටවී ඔබ්බෙන් වන කවුලුව තුලින් බැලූ විට පෙනෙන්නේ කඳු බෑවුමට පහලින් වන විශාල වගා බිම් යායය. ඊටත් දුරින් පෙනෙන්නේ ආශ්‍රම කඳු යායය. කඳු බෑවුමේ තැනින් තැන පෙනෙන නිවෙස් වල ආලෝක සිලු මෙන්ම වගා බිම් වලද තැනින් තැන වන තාවකාලික නිවෙස් වල දැල්වෙන ගිනි මැලයන් මෙන්ම ඇතින් දිලෙන තරු කැට පරිද්දින් පෙනෙන ආශ්‍රම භූමියේ පහන් සිලු සියල්ල එකව මැවෙන්නේ අසිරිමත් දසුනකි. එයට එකවන ඈතින් ඉදහිට ඇසෙන රාත්‍රී මිත්‍ර වන සතෙකුගේ හඬවල් එක්වන විට අත්දැකීම වඩාත් සිත්ගන්නා සුලු වේ. ඔවූහුගේ දු දරුවන් රටේ ප්‍රධාන අධ්‍යාපනයෙන් ඉවත් කර දැමීමක් නොමැත. නමුත් ඔවුන් රටේ අධ්‍යාපනයට පිවිසෙන්නට පෙර තම ප්‍රාදේශීය දැන මුතුකම් වලින් පරිනතවේ. සම්මත අධ්‍යා පනයට අනූව සිතන විටදී "පෙර පාසැල් දරුවන්" හා "පරිනතබව "  එකට නොගැලපෙන වදන් දෙකක් ලෙසට හැගෙනු ඇත. සත්‍යනම් මෙහිතී ඒවා එසේ වෙයි. තමන්ගේ අනන්‍ය බව මේ දරුවන් තමන්ගේ ද්විතීක අධ්‍යාපනයට පෙර හඳුනා ගනි. එය පදනමව ලොකයේ අධ්‍යාපනයට පිවිසෙන ඔවුන් තුලට පැමිනෙන  බාහිර දැනුමට පදනම දෙදරවා නැගී සිටින්නට නොහැකි වේ. සමහර විටක ඔබ වැරදිය. මා මෙ අකියන පෙර අධ්‍යාපනය  බිය ගැන්වීමක් නැතිනම් වෙන යම් ආකාරයක අනිසි මනස් ගත කිරීමක් නොවේ. එය වඩා පුලුල් අවබෝදයකි. අපගේ සුවිශේෂී දැනිම් කාරනාපවා ඔවුනගේ ප්‍රාතමික ආභාශයන් ඉදිරියේ යෝධයන්වී හදාරන්නන්ගේ මනස් අත්පත්කරගන්නට අසමත්වේ. වරක් ප්‍රකට විද්වතෙකු කල ප්‍රකාශයක් සිතට නැගේ. "බොහෝ විට දැනුම ගොඩ නගන්නේත් වෙනස්කරන්නෙත් විද්වතුන්ට අයිති සම්මත් ඇදුම් පැලඳුම් පැලඳ ගත් සහතික කල දැනුම ඇත්තන් විසින්ම නොවේ".
Pubudu Siriwansa

2014-05-12

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(3)

  කෙමෙන් දැඩිවන අඳුර පිලිසඳරට පාවඩක් සේය. අප කාගේත් ජීවිතයේ හමුව ඇති බොහෝ පිලිසඳරවල් නිමේශයන් නිමේශයට කැදවාගෙන යන්නේ වෙහෙස වෙතටය. එසේ නොවන අවස්ථාවන් කලාතුරකින් ගමුවේ. මේ එවැන්නකි.විටක ඔවුනගේ මුතුන් මිත්තන් ගැන තොරතුරුය. තව විටක වර්ථමාන සිදුවීමක්ය. අපූර්වතම දේනම් ඒවා සියල්ල සමග හුයක් මෙන් ගලායන නිමිත්තය. භාෂාව සංකේථ පද්ධතියකි. ප්‍රත්‍යක්ශතා , හැගීම් වැනි විවිධ දේ ඒවා ජීවිතයට සම්බන්ද කරයි. විටක ආසන්න ප්‍රදේශ දෙකක වෙසෙන්නන් අතර පවා මේ අතර ඇත්තේ මහත් පරස්පර තාවයකි. විටක එම සංවාදයන් සංස්කෘතික වැනි කාරනා දෙසට යොමුවන විට එම පරතරය වඩ වඩාත් දැනෙන්නට ගනී. පුදුමයකි, මේතැනදී එවන්නක් නොහැගේ. භාෂාව අභිනය ඉක්මවා ගිය සංවාදයක් මේ පෙනෙන දකින අපගේ සංවාදයට යටින් තිබෙන්නාක් වැනිය. මා වැනි ඉතා දුර බැහැර ප්‍රදේශයකින් පැමිනි අයෙකුට මෙසේ දැනීම සිත තුල විමතියක් ඇතිකරවයි.
               මා පෙර කී අසුන් වල තවත් රහසක් වෙයි. එනම් ඒවා සකස් කර ඇත්තේ දෙයාකාරයකට අසුන් ගන්නටය.එක් ආකාරයක් නම් තමා සමග අසුන්ගෙන සිටින සගයන් සමග පහසුවෙන් සංවාදයක යෙදෙන්නට හැකි වන අයුරිනි. අනිත් ආකාරයනම් එම අසුන් වල හාන්සිවන කොටස වෙනස් කිරීමෙන් පහසුවෙන් දිගා වී අහස් කුස දෙස බලන්නට හැකි වන ලෙසටය. බොහෝ දිනයන්හි පැහැදිලි අහස් කුසක් පැමිනෙන මෙම කඳුයායේ සිටින අයෙකුට විශාල කෝනයක් දක්වා දිවෙන අහස් පරාසයක් දැක ගන්නට හැකිය. ක්‍රමයෙන් පිලිසඳර නිහඬ වෙමින් අහස් කුස දෙසට තම අවධානය යොමුවීම සිදුවේ. කුඩා දරුවෙක්යු පවා නිහඬව මවු ඇකයේ සිට පවා ඒ නිහඬ අභ්‍යාසයට එකගවීම සිත් පුදුම කරවන අත් දැකීමකි. එය සමහර විටක භාවනාවක් වැන්නක් විය හැක. තවත් විටක පරම්පරාවෙන් පරම්පරාවට පැමින  ඇති අධ්‍යාත්මික බැදියාවක් විය හැක.
           පෙර පැමිනි විටක දී මා මෙන්ම ආසියාතික පරිසරයකින් පැමින සිට ගබඩා භාරකරු ගම්මුන්ගේ මේ අපූරු ස්වභාවයන් පැහැදිලිකර දෙන්නට උත්සාහ කර තිබිනි. ඔවුන් දැඩි පුද්ගලත්වයකින් හෙබි අය නොවූවාය. මට සිලි‍ටු බවක් ඇති ඔවුනගේ අධ්‍යාත්මයට සමීප වීම ඉතා පහසුය. නමුත් කලපනා කාරී විය යුත්තේ අනවශ්‍ය පිවිසීම් වලට උත්සාහ නොකිරීමටය. ඔවුන් කලහාකාරී නොවෙයි. ආක්‍රමනශීලී හැසිරීම් නොපෙන්වනවා සේම ඉතා සංවේදීව ආගන්තුකයාව ගැනීමට කටයුතු කරයි. ගබඩාකරුගේ ආශ්‍රමයේ ගෙවී ගිය විසි වසරකට ආසන්න කාලය තුල මේ සංහිදියාව ආගන්තුකයෙකු විසින් ඉක්මවා ගිය එක් අවස්ථාවක් මට විස්තර කර තිබිනි. යුරෝපීය හැඩි දැඩි පුද්ගලයෙකු වූ ඔහු මෙසේ රාත්‍රියකදී ආගන්තුකයෙකුව සිටින අතර අනවශ්‍ය කලහාකාරී හැසිරීමක් පිලිබදව ඒ සිද්ධිය විය. දෑතේ ඇගිලි තුඩු වල ඉතා සරල හැසිරවීමකින් යෝධයෙකු බඳු ඔහුව අඩපන කොට ආගන්තුක කුටියේ නිදී යහන වෙතට ගෙන ග්ෆොස් දමන්නට නිවැස් හිමියා කටයුතු කොට තිබිනි.

2014-05-09

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(2)

  බොහෝ රාත්‍රීන්හි මෙම ගම්මානයන්ගේ නිවැස්වල ගිනිමැලයක් ගැසීම සාමාන්‍ය සිරිතකි. බොහෝ විට අදුරත් සමග පැමිනෙන අධික ශීතල බව දරාගන්නට ඒවැන්නක අවශ්‍යතාවය ඇතිවේ.එම ගිනිමැලය වටා පවුලේ සියලු සාමාජිකයන් අසුන් ගැනීම සදහා දැවයෙන්ම සකස් කල මිටි අසුන් පෙලක් නිරන්තරයෙන්ම සූදානමින් ඇති අතර පැමිනෙන අසල් වැසියෙකු මෙන්ම අමුත්තෙකු සදහාද නිරන්තරයෙන් අසුන් පනවා තිබීම මෙහි සාමාන්‍ය සිරිතකි. දෛනික ජීවිතයේ විවිධ දෑ කථාබස් කරන්නට පමනක් නොව ගැබුරු හඬින් වැයෙන ඔවුනටම ආවේනික වු ගීත විශේෂයක් ගයන්නට මෙන්ම තවත් විටක අතීත මුතුන් මිත්තන් පිලිබදව වන අපූරු කථාබහටද එය අවස්ථාවක් වේ. පරපුරෙන් පරපුරට ඔවුනගේ අනන්‍යතාවය සම්ප්‍රක්ශනය වන්නට දවසේ හොඳ හෝරාව ලෙසට එම කාලය වෙන්වී තිබේ. සාමන්‍ය සමාජ විද්‍යාත්මක කාරනා මෙම සමාජයන් අතර අතර්කික වන්නේ  අපූර්ව ලෙසටය. දෛනික ජිවිතයේ ඔවුන් යොදා ගන්නා උපාංග වල සිට සමාජ ස්වභාවයන් ගලා යන ආකාරය දක්වාම මෙම වෙනස් බව දැකිය හැක. ඉමහත් සාමකාමී ජීවන රටාවකට උරුම කම් කියන ඔවුන් සත්ව මාංශ ප්‍රිය නොකරයි. ඉතා බිහිසුනු සතුන් සමග පවා ක්‍රියාත්මක වන්නේ වෙනස්ම ආකාරයකටය. කීහිප විටක්ම මා දැක ඇති පරිදී විශකුරු සතුන් පවා ගම්වාසීන් වෙතින් ඉවත්ව යන්නේ පෙර වන ගිවිසුමක් පරිදි මෙනි.
                              පිටි වර්ගයක් හා තවත් ශාකමය කොටස් එක් කොට තැනූ ආහාරයක් අප සියල්ලන් වෙතටම බෙදා දුන්නේ නිවසේ ප්‍රධානියා විසිනි. නිහඬ සන්සුන් ඔවුනගේ ගමන් රටා පවා ආශ්‍රම වෙතට ලංව ඇති බවට ඉගි කරන සුලුය. සමාජ වියතුන් විස්තර කරන සමබර සාමාජයක් සදහා පීඩකත්වය සදහා මෙහි අවකාශයක් නැතිවීම අපූර්ව අත්දැකීමකි. "සමහර විටක ජීවවිද්‍යාත්මක බව හා සාමජවිද්‍යාත්මක බව අතර පරතය සමනය වූ සංස්කෘතීන් අපේ මේ පෘතුවි තලය මතම තිබෙනවා විය හැකියි. එවගේම එම ජීවවිද්‍යාත්මක මූල බීජ පෘතුවි සීමාව ඉක්මවාගිය ප්‍රභවයක් ඔස්සේ සංස්කරනය වූ ඒවා වන්නටත් පුලුවන්. මම මේ ඔබට යෝජනා කරන්නේ විද්‍යාත්මක ප්‍රබන්ධවල එන පිට සක්වල යානා වැනි සිදුවීමට ඇති සංභාවිතාව ඉතාම අඩු කාරනාවන් ගැනම නොවේ. මානසික තරංග වගේ දෙයක් ගැන. සමාන සුසරයන් ඔස්සේ ඒවා එක්වීමක් ගැන. හරියට අන්තර්ජාලය වගේ. එහිදී සිදුවන TCP/IP එකගතාවය ඔස්සේ පෘතුවිය පුරා පැතිරුනු පරිගණක වලට එකම යායක් වන්නට පුලුවන් වුනා වගේ දෙයක් මානසික තලයේදී වෙන්නට බැරිද???" කලකට ඉහතදී අප විශ්වවිද්‍යාලය වෙතට පැමිනි සමාජ විද්‍යාව පිලිබදව විද්වතෙකුගේ විග්‍රහය නැවත නැවතත් මෙනෙහි වන සුලුය.
Pubudu Siriwansa

2014-05-01

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....

   "සැබෑ මිතුරන් හට කාලය එතරම් බාදකයක් නොවේ". ආදරනීය ටිබෙටියානු මිත්‍රයාගේ සටහන කිසි දිනක නොමැකෙන්නකි. වසර ගනනාවකට පසු ආශ්‍රමය සොයා නැවත එන ගමනේදී ඈත කඳු හෙල් අතරින් ආශ්‍රම කදුමුදුනත දකිත්ම ජීවිතයේ විඳි අපූර්වතම සටහන පෙල නවත අවඳිවන්නේ නිතැතිනි. කෙමෙන් නාගරික බවින් මිදෙමින් ගම්මානයට පිවිසෙන විටම සිතේ ඇතිවන සහනසීලී බව අපූර්ව ශාන්තියක්ව අතීතයේ විඳි නිශ්චල බවේ රස මුසු මොහොතවල් මනසේ අතීත ගබඩාවේන් අවදි වන්නේ නිරාසයෙනි. ඉද හිටක හමුවන ගැමියන්  අතර සුපුරුදු සිනහවල් අතරින් පතර හමුවේ. දියුනුව වනාහි කෘතීම දෑ වලින් ජීවිතය වසා ගැනීම යැයි විස්වාස කරන නාගරික අර්ථයන්ට අනූව නම් මා මේ පසු කරමින් සිටින්නේ අලස මිනිස් පරිසරයකැයි උපකල්පනයක් කැදවනු සුලුය. දියුනු කල මනස ඔස්සේ තම පරිසරයේ දෑ අතරින් තොරා ගත් දේ සමග කල දියුනුව අනෙකුත් බොහොමයක් වූ සාමාන්‍ය මිනිසුන් සමග බෙද හදා ගන්නා ක්‍රම වේදය මෙහෙට අදාල නැතුවා සේය. මිනිස් පරිනාමයේ වැරදුනු ක්‍රියාවලියට අප අයත්දැයි සැක සිතෙන තරමේ අධ්‍යාත්මක දියුනුවක් ඔවුන් සිටින බවටනම් හේතු කාරනා මෙහි බොහෝය. සාමාන්‍ය අපගේ ජීවිත වරනගා ගන්නට භාවිතාවන ව්‍යාකරනයන් මෙ මිනිස් සාමාජයට අදාල නැතුවා සේය. ඔවුනගේ දියුනුව එකි නෙකාට එරෙහිව නොවීම අපූරු ශාන්තිමත් බවක් කාතුලටත් ගෙනෙන්නට දොර‍ටුවක් මෙනි. මා විශ්වවිද්‍යාල සමයේදී සවන් දෙන්නට හැකිවූ ආරාධිත දේශනයක්  මතකයට නැගේ. ආසියාතික විද්වතෙකු වූ ඔහු සංස්කෘතික ආගමින දේශපාලනික කාරනා සියල්ල තොරතුරු හා තොරතුරු සකසන වැඩසහන් වලට වඩා යමක් නොවේ යැයි පැහැදිලි කලාය. සමස්ථ ලොකයම තොරතුරු ගොනුවක් පමනැයි ඔහු යෝජනා කල සිටියාය. සිලිකන් නිම්නය මේ තොරතුරු බව වඩාත් ප්‍රායෝගිකව පැහැදිලි කල සිදුවීමක් බව ඔහුගේ අදහස විය.
         දෙපා වාරුවට හිරුගේ දවස පරදවා ලන්නට නොහැකිය. දෙවන කඳු පෙල මුදුනතට යාන්තමින් ලගා වන්නට හැකි වුවා පමනී. සොබා දහමේ තවත් කාර්ය බහුල දවසක් නිමා වන්නට සූදානම් බව පවසන තද රතු පැහැති හිරු කිරන මඩල විසල් වසර ගනනක් වියැති රුක් ගොමු අතරින් ගලා එන්නට විය. කදු මුදුනත විශාල තැනි තලවේ බට හිර අන්තයට වන නිවසක ආගන්තුක කුටියකට අවසර ලබා ගන්නට තීර්නය කලෙමි. 

2013-09-26

හෙට දවසේ මිනිසා ගැන කෙරෙන කාල්පනීය සටහනකි......

   මද වෙහෙසකර වුවත් ප්‍රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. "ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය. මෙතැනදී ඔබට ලැබෙනුයේ අතීත දැනුම පමනකි. ඊට අමතරව සුලු අනාගත නිර්මාණශීලීත්වයකට උත්සාහ ගන්නවා ඇත. මෙහිදී ඔබට ලැබෙන සමහර තීර්නාත්මක බුද්ධිකාරනා නිර්මානය කල සමහර මිනිසුන් තම ජීවිතකාලය තුල කවරදාකවත් උසස් අධ්‍යාපන ආයතන තබා ද්විතීක අධ්‍යාපනය ආයතනයකට පවා ගොඩ නොවුවන් බව මා ඔබට මතක්කරදෙන්නේ ඔවුනට අපහාස කරන්නට හෝ ඔබේ මේ පිවිසුම අවතක්සේරු කරනු සදහා නොවේ. දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට  පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු  අත්ත‍ටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ  පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි.   ස්තුතියි....  මම බීටාව. 
              (දත්ත මිනිසා)
  

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...