2014-06-02

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(7)

  ලොකු ස්වාමීන්වහන්සේ ඒ ප්‍රදේශයට පමනක් නොවේ සබදතා ඇති සියල්ලන්ටම ජීවිතයේ වැදගත්ම අවස්ථාවලදී සහයට එන  සර්වරයක් වගේ.. ප්‍රථම ගමනින් පසු වරක් සරසවි මිතුරෙකු සමග සුහද කථා බහකදී මාහට කියවූවේ අහම්බෙනි.  නිදහස් මනසක් ඇත්තෙක්වු ඔහු එයට සිනාසුනේ වත් එකගවුවේවත් නැත. තොරතුරු සකසන්නට හා සංනිවේදනයට තවමත් සිලිකන් මූලික ප්‍රාථමික තාක්ශනයක් භාවිතාකරන අපිට ඒක විහිලුවක් වගේ දැනුනට ද්වාකාර අර්ථ සහිත බිට්‍ටුවක් මත සීමිත සංනිවේදනයක් මත යැපෙන අපිට සිහිනයක් වගේ දැනුනට දියුනු කරන මනසකට තවත් මනසක් සමග පහසුවෙන් සම්බන්ද වන්න වගේම එක් නිමේශයකින් අපමන තොරතුරු සංක්‍යාවක් යවන්න පුලුවන් බව මම ඔහු වෙතට යෝජනා කර සිටියෙමි. සමහර විට... තවමත් තම මධ්‍යස්ත බව ‍රැකෙන ආකාරයට ඔහු පිලිතුරු දුන්නාය. කොහොමටත් ඔබගේ ඉලග නිවාඩුවට යොදාගෙන තියෙන ආශ්‍රම ගමනින් පසුව ලොකයේ කෙහේ හිටියත් මාව අමතන්න අමතක කරන්න එපා.. කියමින් ඔහුකල සමු ගැනීම ආශ්‍රමය වෙතට නැවත ඉක්මනින් පැමිනෙන්නට කවදත් වන සියුම් බැදීම වඩාත් දැඩි කලාය.. 
           ක්‍රමානුකූල ස්වවාභාවික වර්ධනය ඔස්සේ හෝ කිසියම් බාහිර සහයක් ඔස්සේ දියුනුවුනු මිනිස් මනස සතු අපමන ශක්ති හැකියා වෙන් ඉතාම අල්ප ප්‍රමානයක් පමනක් අප දෛනික ජීවිත්යේ භාවිතාකරමින් සිටින බව වසර ගනනාවක් තිස්සේ විද්වතුන් යෝජනා කරමින් සිටින බව හා ඒ මතයන් ඔවුන් ගෙනෙන්නේ හුදු හිතලූන් මතම නොව බොහෝ ආකාරයට ඔප්පු වී ඇති  සාධක මත බවට වරක් ඔහු කල ප්‍රසිද්ධ සටහනක් මගේ මතකයට නැගේ. විද්‍යාත්මකව පමනක් නොව සංස්කෘතිකව මෙන්ම ආගමිකව පලව ඇති කාරනා බොහොමයක් ඔස්සේ එහිදී තම මතය ඔප්පු කරන්නට ඔහු උත්සාහ කර තිබිනි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...