Showing posts with label intel. Show all posts
Showing posts with label intel. Show all posts

2022-01-20

"Bonanza Mine" නම් crypto-miner chip එක Intel වෙතිනි.


 Crypto mining  ලොව වැඩිම අවධානයක් දිනාගත් කාරනාවකි. නිල නොවන තොරතුරු අනූව Intel  පවසන්නේ "Bonanza Mine" නම් වන මෙම චිප් පත පෙබරවාරි 20-14 ට නියමිත International Solid-State Circuits Conference (ISSCC 2022)  වලදී ඉදිරිපත් කරන්නට සැලසුම්ව ඇති බවයි.  team blue ලෙසට නම් වන කන්ඩායමක් අතින් සිදුවෙමින් ඇති මෙම ව්‍යාපෘතිය ඔස්සේ නිමවෙන මෙම ප්‍රොසෙසරය පිලිබඳව ඇති අර්ථනිරූපනය පැහැදිලි කෙරෙන්නේ "Bonanza Mine: An Ultra-Low-Voltage Energy-Efficient Bitcoin Mining ASIC" ලෙසටයි. දැනට  bitcoin mining application-specific integrated circuits (ASICs)  කාරනාව සදහා වන තරග කරුවන් වන  Bitmain හා MicroBT සමග තරග කරන්නට නියමිත මෙම පැමිනීම අඩු බල ශක්ති වැයක් සදහා සූදානම් බවට ඉගි පල වෙමින් තිබෙනවා. 18A technology මත පදහම්ව නව processing units නිපද වන බවටයි තොරතුරු හෙලි වන්නේ.

Pubudu Siriwansa

Pariganakaya.Com

2015-01-08

Intel ගෙනෙන " PC in a stick " ..


   ඔවුන් එය නම් කරන්නේ Intel Compute Stick ලෙසටය. නමුත් එය Intel Atom Bay Trail ප්‍රොසෙසරයකින්, 32 GB(eMMC) ගබඩා හැකියාවකින් හා  2 GB RAM හැකියාවකින් යුතුව පැමිනෙන්නේ Bluetooth 4.0, 802.11 b/g/n සමග USB port (powering සඳහා)  හා  HDMI (1.4a) ද සමගය. මෙම උපාංගය සරලව අර්ථ දැක්වෙන්නේ සම්පූර්න පරිගණක හැකියාවක් ගෙනෙන කුඩා සැකසුරුවමක් ලෙසටය. මෙම stickය පැමිනෙන්නේම Windows 8.1 සම්පූර්න සංස්කරනයක් සහිතවම වන අතර Bing ද සහිත මෙම නිකුතුව සමග තාක්ශනිකව ඔනෑම Windows සහය applicationයක් ධාවනය කිරීමේ හැකියාව තිබෙන බවට තොරතුරු හෙලි වනවා. විශාල පරිමානයේ Screens සමගද කටයුතු කල හැකි  වන මෙම නිකුතුව Bluetooth keyboard හා mouse ශ සමගම  $149.99 මිලකට වෙළඳ පොලට පැමිනෙන බවටයි හෙලි වන්නේ. මීට අමතරව ඔවුන් පවසනවා ඔබ Windows ලෝලයෙන් නොවන්නේ නම් මෙහි Ubuntu සංස්කරනයක් 1GB ‍රැම් හා 8GB ප්‍රමානයේ storage හැකියාවක් සහිතව $89 මිලකටද ලබා ගන්නට හැකි වනු ඇති බවත්ය. 
                           www.itlk.us

2014-10-20

Windows 8.1 ධාවන හැකියාවෙන් යුත් Intel USB stick Online වෙළඳ පොලට.....

   ඩොලර් 110ක් මිලැතිව වෙලඳ පොලට පැමිනෙන Intel Bay Trail-Based USB stick උපාංගය Windows 8.1 ධාවනයට සමත් මට්ටමේ බවටයි නිවේදනය වන්නේ. එහි නිෂ්පාදකයින් වන Intel වෙතින් මේ පිලිබදව තවමත් නිලනිවේදනය වීමක් සිදුව නැතිමුත් Chinese retailer Alibaba වෙබ් අඩවියේ මේ පිලිබදව OEM කාන්ඩය යටතේ පලව තිබෙනවා. 100mm දිගැති මෙම උපාංගය x86 ප්‍රොසෙසර් හැකියාවකින් සමන්විතව පැමින ඇති බවට මෙන්ම Windows 8.1ට අමතරව  Linux distros (Ubuntu හා Fedora) ධාවනයට සමත් මට්ටමේ වන අතර දත්ත televisions වෙතට ලබා දීමේ හැකියාවෙන්ද සමන්විත බවටයි ප්‍රකාශ වන්නේ.1.7 GHz ප්‍රොසෙසර් හැකියාව , 1 GB DDR3 RAM හැකියාව,  2 MicroUSB ports වලින් සමන්විතව, 16 GB හෝ 32 GB  ප්‍රමානයේ තොරතුරු ගබඩා කරගැනීමේ හැකියාවකින් මෙන්ම memory card slot, WiFi හා  Bluetooth 4.0. හැකියාවකින් සමන්විත බවටයි නිවේදනය වන්නේ.

2014-10-17

වයර්ලස් මෙන්ම අවසර පද රහිත අනාගතය එමින් තිබෙනවා- Intel පැහැදිලි කරයි.

    Intel ආයතනය තම අනාගත සැලසුම් පැහැදිලි කරමින් ප්‍රකාශකර සිටින්නේ එලබෙන යුගයේ පරිගණකයන් සමග ‍රැහැන් භාවිතාව අවම වීමේ ප්‍රවනතාවය ප්‍රධාන වනු ඇති බවකි. එහිදී ‍රැහැන් රහිතව උපාංගයක් බල ගැන්වීම , උපාංග අතර සබදතාවය ඔවුන් පැහැදිලි කරසිටි අතර භාවිතාකරන්නෙකුගේ Laptop පරිගණකයක් මත ධාවනය වන වීඩියෝවක් විශාල මොනිටර් තිරයක් මතට ‍රැහැන් රහිතව මෙන්ම ක්ශනයකින් ගෙන එන්නට හැකි වන ආකාරය දක්වා සිටිනු ලැබුවා. ඔවුන් එහිදී පැහැදිලි කල තාක්ශනික ප්‍රවනතා අතර ටැබ්ලටය වඩාත් Pc හැකියාවට ආසන්න කිරීමේ උත්සාහයත් ඒ සමග අඩු බල වැය, වැඩි ප්‍රොසෙසර් හැකියාව 4K සුපැහැදිලි තිර භාවිතාවද කැපී පෙනුනා.  
                       එලබෙන යුගයේදී අවසර පද භාවිතාව අවමවීම පැහැදිලි අවශ්‍යතාවයක් බවට පැහැදිලි කල ආයතනය වෙගයෙන් දියුනු වෙමින් ඇතිබ් මුහුනුවර හඳුනා ගැනීමේ තාක්ශනය ඔස්සේ භාවිතාකරන්නෙකුගේ අනන්‍යතාවය ස්තීරකර ගැනීමේ හැකියාව වැනි විකල්ප මුත් වඩාත් ස්තීර විසඳුම් කරා තම තාක්ශනය දියුනු කරමින් සිටින ආකාරය පැහැදිලි කරනු ලැබුවා. දැනට පවතින ක්‍රම වේගයෙන් ඉදිරියට යමින් භාවිතාකරන්නෙකුගේ මුහුනුවරම පමනක් නොව මදක් ඉදිරියට යමින් එහි එහි වන චලනයන් හඳුනා ගනිමින් ඒ ඔස්සේ වඩාත් ස්තීරව භාවිතාකරන්නාගේ අනන්‍යතාවය ස්තීර කර ගැනීමේ හැකියාව එහිදී ඔවුන් පැහැදිලි කරන්නට කටයුතු කරනු ලැබුවා.

2014-09-06

PC ආසන්න හැකියාවක් Tablet වෙතට ගෙනෙන Core M chips එලබෙන වසරේ....

  බර්ලින් වල පසුගියදා පැවති IFA trade show වලදී නිවේදනය වූ කාරනා අතරට Core M chips කැපී පෙනෙන සටහනක් වූවාය. tablets, hybrids උපාංග වෙතට PC හැකියාව ආසන්න කරන්නට සමත්වනු ඇති බවට පැවසුනු මෙම අඩු බල වැයක්(4.5 watts) , වැඩි වේගයක් එනම් 800MHz ක් ටැබ්ලට් පරිසරයේදී හා 2.6GHz  ක් PC පරිසරයේදී ගෙනෙන මෙහි නිමැවුම ඉතා සිහින් (paper-thin prototype) නිමැවුමද නිවේදනය වූවා. මෙම අඩු බල වැයට හා සිහින් බවට ප්‍රදාන සාධකය වූවේ 14-nanometer තාක්ශනය යටතේ වන නිමැවුමක් ලෙසට එය පැමිනෙන නිසා බවටයි හෙලි වූයේ. වැඩි දුරටත් පැවසෙන පරිදි full-fledged laptops මට්ටමේ fifth-generation Core processor එලබෙන වසරේදී වෙළඳ පොලට පැමිනීමේ හැකියාව සදහන් වූ අතර Wi-Fi වටට වඩා වේගවත් Intel දියුනු කිරීමක් WiGig ලෙසින් ලැප්ටොප් එකක් සදහා කීබෝර්ඩ්, මවුස් ආදිය සම්බන්ද කල හැකි wirelessly connect තාක්ශනයක පැමිනීමත් නිවේදනය වූවේ එලබෙන වසර ආරම්භයේදී වෙළඳ පොල වෙතට පැමිනීමේ බලාපොරොත්තුවද සමගයි.

2014-08-28

Intel වෙතින් කුඩාම 3G modemය පැමිනෙයි.

  wearables සදහා සීමා පනවමින් සිටි තවත් බාදකයක් සදහා විසඳුමක් ගෙනෙන්නට Intel ආයතනය තම නවතම නිකුතුවක් සමග කටයුතු කර තිබෙනවා. ඒ නම් 300 sq mm ප්‍රමානයේ 3G modem එකක නිර්මානය කිරීමත් සමගයි. එහි විශේෂතා අතරට 3G antennae අවශ්‍ය නොවීම 'low signal network coverage' අවස්ථාවල් සමග පහසුවෙන් කටයුතු කරන්නට සමත්වීම මෙන්ම own power supply  සමග පැමිනීම අවධාරනය කර තිබෙනවා. එලබෙමින් ඇති "Internet of Things" වලදීද wearables වලදී මෙන්ම මහත් සහයක් ගෙනෙනු ඇති බවට බලපොරොත්තු තබා ඇති මෙම නව මොඩමය දැනටමත් පලඳින ආකාරයේ smartwatch වැනි ප්‍රමානයෙන් කුඩා භාවිතාවන් සදහා smartphone වැනි මැදිහත්වීමක් ඔස්සේ දත්ත සබදතා පැවැත්වීමේ අවශ්‍යතාවය අවසන් කර දමනු ඇති බවට බලාපොරොත්තු වනවා.

2014-03-22

Intel වෙතින් ප්‍රොසෙසර් පෙලක නිකුතූන්ට සූදානමක්

  Intel ආයතනය නිකුත්කරන නවතම නිවේදනයකට අනූව කියවෙන්නේ තම ආයතනය  desktop PC වෙතින් සම්පූර්නයෙන් අවධානය ඉවත්කර නොමැති බවකි. එනම් තම ආයතනය ඉදිරියේදී  Core i7 ප්‍රොසෙසරයක් eight cores හා  16 threads හැකියාවන් ගෙන් යුතුව නිකුත්කරන්නට සැලසුම් කර ඇති බවකි. 2014 දේවන භාගයේ නිකුතුවට සැලසුම්ව ඇති මෙම ප්‍රොසෙසරය ආයතනයේ ශ්‍රේනි ගත කිරීම් වලට අනූව  Extreme Edition කාන්ඩයට අදාලව නිකුත්වන්නට නියමිත බවටයි  පැවසෙන්නේ. වැඩි දුරටත් තොරතුරු හෙලි නොවුනද මෙම නිකුතුව DDR4 මතක පත් සදහා සහය දක්වන මට්ටමේ ව්නු ඇති බවටයි නිවේදනය වන්නේ. මීට අමතරව Intel ආයතනයේ ඉදිරි සැලසුම් අතර unlocked ආකාරයේ  fourth generation Core processor නිකුතුවක් සදහාද 2014 මැද භාගයේ සැලසුම්ව ඇති බවට පවසන අතර "Devil's Canyon" එය නම්කරන අතර එය performance හා  overclocking හැකියාවන් ගෙන් සමන්විත වනු ඇති බවට පවසා සිටිනවා. මීට අමතරව 21 වසරකට පෙර සිදුවූ Pentium processor නිකුතුවේ සංවත්සර නිකුතුවක් පිල්;ඉබදව නිවේදනය කරන එම ආයතනය පවසන්නේ Anniversary Edition නිකුතුවක නිවේදනයක්ද කරමින් සිටිනවා. එහි core වල ක්‍රියාකාරීත්වය ස්වාධීනව ඉහල නැංවිමේ හැකියාව ඇතුලු දියුනු කිරීම් කිහිපයකින් සමන්විතව පැමිනෙන්නට සැලසුම් ඇති බවටයි පවසන්නේ.  මීටත් අමතරව එම ආයතනය පවසන්නේ හතරවන පරම්පරාවේ "Broadwell" ප්‍රොසෙසර නිකුතුවක් ගැනද නිවේදනය කරන එම ආයතනය එය  Iris Pro Graphics මට්ටමේ නිකුතුවක් ලෙසට නිවේදනය කරනවා.

2014-02-12

Intel වෙතින් 15-core Xeon server chip පත පිලිබද වැඩි දුර තොරතුරු නිකුත්වේ!!!!!

  intel ආයතනය මේ වන විට පැමිනෙන්නට නියමිත තම 15-core Xeon server chip පිලිබදව වැඩි දුරටත් තොරතුරු හෙලිකර සිටිනවා. ඔවුන් පවසන්නේ එම චිප් පත සමග ට්‍රාන්සිස්ටර්ස් බිලියන 4.31ක් වන අතර මේ වන විට එය Ivytown නම් සංකේත නාමයෙන් හදුන්වන බවයි.එහි වේගය ගැන සදහන් කරන ඔවුන් පවසන්නේ එය 1.4GHz සිට 3.8GHz දක්වා වන බවයි. මෙම චිප් පත  Xeon E7 චිප් පත් පෙලෙහි අවසාන නිකුතුව වන අතර එලබෙන සතියේ එය නිල ලෙසට නිවේදය කරන්නට ඉඩ ඇති බවටයි සැල වෙමින් ඇත්තේ. අඩු බල වැයක් සමග වෙගවත් ක්‍රියා කාරීත්වයක් ‍රැගෙන එනු ඇති බවට අනාවැකි පලවන මෙම නිකුතුව  Ivy Bridge නම් ඉන්ටෙල් microarchitecture මත නිර්මානය වී ඇති බවට හෙලිවනවා. 15-core මට්ටමේ මෙම චිප් පත high-end computing tasks සදහා  සාර්ථක සහයක් ‍රැගෙන එනු ඇති බවට බලාපොරොත්තුවනවා. මෙම නිකුතුව 1.4GHz සිට 3.8GHz අතර ධාවනයක් ‍රැගෙන එන අතර  40 watts සිට 150 watts බල භාවිතාවක් අවශ්‍ය වන අතර සමාන්තරව 30 threads ක්‍රියාකාරකමක් ගෙනෙනු ඇති බවටත් සටහන් වෙනවා.

2014-01-18

Intel පියවරක් පසුපසට ගනී!!!!

  ලොව ප්‍රධානත චිප් නිපදවන්නෙකු වන ඉන්ටෙල් සමාගම ප්‍රකාශ කරන්නේ  මෙම වසර අවසානය වන විට තම සේවක පිරිසෙන් සියයට පහක් පමන ආයතනයෙන් ඉවත් කරන්නට තමන් සූදානම් වන බවයි. දැනට 108000 පමන වන සේවක පිරිසෙන් 5000 පමන පිරිසක් ඒ අනූව ඉවත් කරන්නට සැලසුම්ව ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ. PC වෙළඳ පොල තුල මතුව ඇති අඩුවීම සමනය කර ගැනීම සදහා තම ආයතනයට මෙම පියවර ගන්නට සිදුව ඇති බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. මෙම ඉවත්වීමෙන් වැඩි පිරිසක් ඉක්මන් විශ්‍රාම යාම් වලින් හා කැමැත්තෙන් ඉවත්ව යාම් වලින් සමන්විත බවටයි එම නිවේදනය පැහැදිලි කර සිටින්නේ. පසුගිය වසරේ ආයතනයේ ලාබ ලැබීම් බලාපොරොත්තුවූවාට වඩා අඩු ප්‍රථිශතයක පෙන්වූ බවට පවසන එම ආයතනය යෝජිතව තිබූ Arizona වෙහි නව නිෂ්පාදනාගාරය ආරම්භ කිරීම නවතා දමන්නට මෙන්ම පවතින නිෂ්පාදනාගාර තුනක් යාවත්කාලීන කිරීම මෙ වන විට නවතා දමන්නට තම තිර්ර්නය කර ඇති බවටත් පවසා සිටිනවා.

2013-10-17

වින්ඩෝස් 8.1 දැන් ලබා ගත හැකියි

  වින්ඩෝස් 8 වෙතට පැමිනෙන්නට නියමිතව තිබු මෙගා මට්ටමේ යාවත්කාලීනය වින්ඩෝස් 8.1 මෙහෙයුම් පද්ධතිය මේ වන විට බාගත කරගැනිමේ හැකියාව පවතින බවටයි වාර්ථා වන්නේ. දැනට වින්ඩෝස් 8 භාවිතාකරන්නන් සදහා නොමිළේ ලබාගත හැකි මෙම සංස්කරනය වින්ඩෝස් 8 හා සැසදීමේදී දියුනු කිරීම් රාශියක් සමග නිකුත්ව ඇති බවටයි සටහන් වන්නේ. වින්ඩෝස් 8 සංස්කරනයෙන් පෙර සංස්කරන භාවිතාකරන්නන් සදහා එනම් Windows XP, Vista, හා 7  භවිතාකරන්නන් සදහා ඩොලර් 119ක ගෙවීමක අනතුරුව මෙම නව සංස්කරනය සදහා පිවිසිය හැකි වනු ඇති බවටයි වැඩි දුරටත් සටහන් වන්නේ. එලබෙන සිකුරාදායින් පසුව DVD ලෙසට නව වින්ඩෝස් 8.1 සංස්කරනය ලබා ගැනීමේ හැකියාව පවතින අතර වින්ඩෝස් 8 සිට වින්ඩෝස් 8 pro සංස්කරන සදහා ඉහල නංවා ගැනීමේ හැකියාවද පවතින බවටයි වාර්ථාවන්නේ.

Intel වෙතින් එන "Broadwell" ප්‍රොසෙසර් නිකුතුව 2014ට කල්යයි.

  Intel ආයතනය මීට පෙර පවසා තිබුනේ තම නව ප්‍රොසෙසරය වින්ඩෝස් 8.1 සමග 2013 වසර අවසානයේ නිකුත් කරන්නට සූදානම් බවකි.14nm තාක්ශනය සමග පැමිනෙන්නට නියමිත මෙම ප්‍රොසෙසරය "Broadwell" ලෙසට නම් කොට ඇති අතර ඉන්ටෙල් ආයතනය නිවේදනය කරමින් සිටින්නේ තම නව ප්‍රොසෙසරය එලබෙන වසරේ පලමු කාර්තුව තුල නිකුත් කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. යම් ගැටලු කාරී තත්වයක් කරනකොට ගෙන මෙම කුඩා වෙනස තම සැලසුම් සදහා ගෙනෙන්නට සිදුව ඇති මුත් ඉදිරි සැලසුම් ඒ ආකාරයෙන්ම සිදුවනු ඇටි බවටයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසා සිටියේ.  notebook, tablets හා hybrid PCs ඉලක්ක ගතව නිපදෙන මෙම Broadwelll ප්‍රොසෙසරය සහිත HP වෙතින් නිකුත්වන වින්ඩෝස් 8.1 සමග එන notebook පරිගණකයක් පිලිබදව පසුගිය මසයේදී නිවේදනය වූ අතර දියුනු කල ක්‍රියා කාරීත්වයක් හා අඩු බැටරි බල භාවිතාවක් සමග ක්‍රියාත්මක වන මෙම ප්‍රොසෙසරය ඩෙස්ටොප් පරිසරය වෙතට ගෙනෙන්නට බලාපොරොත්තුවක් නොමැති බවටයි Intel අයතනය දෙසින් වැඩි දුරටත් පැවසෙනේ.

2013-09-10

ඉන්ටෙල් වෙතින් "Haswell" නව ප්‍රොසෙසර් පෙලක්......

  INTEL ආයතනය තම Core processor පෙලෙහි හතරවන පරම්පරාවේ ප්‍රොසෙසර් චිප් පත Haswell නමින් මේ වන විට නිකුත් කොට තිබෙනවා. වඩාත් දියුනුකල ක්‍රියාකාරීත්වයකට අමතර බලය භාවිතවේ අවමවී කිරීම  සහිතව නව නිකුතුව සිදුව ඇති බවටයි එම ආයතනය පවසන්නේ. post PC යුගයේ ප්‍රවනතාවයන් වන වඩාත් ජංගම ගතියෙන් වැඩි , සැහැල්ලු , අඩු බැටරි භාවිතාවක්  සමග PC හා ස්මාර්ට් දුරකථනය එකි නෙන හමුවන දෘඩාංග හා මෘදුකාංග තලයක් කෙරෙහි අවධානයකින් මෙම නිමැවුම සිදුව ඇති බවටයි සටහන් වන්නේ. 25mm ඝනකමකින් යුත් touchscreen හා voice control මිත්‍ර Ultrabook වැනි උපාංග මෙම නව ප්‍රොසෙසරයේ ඉලක්කය බවටයි පවසන්නේ. පැමිනෙමින් ඇති all-in-one පරිගණක සදහා වඩාත් යෝග්‍ය integrated graphics සහිත මෙමනව නිපැයුමෙහි thermal design power(TDP) 7W අගයක පවතින බවටයි වාර්ථාවන්නේ.මෙම ප්‍රවනතාවයන් හොඳින් භාවිතාකරමින් පරිගණක සදහා වැඩි ආයුකාලයක් සහිත අඩු මිලැති battery නිර්මානය වීමේ හැකියාවද ඔවුන් සදහන් කර සිටිනවා.INTEL ආයතනය මෙම Haswell ප්‍රොසෙසර් පෙලෙහි මොබයිල් සංස්කරන හතරකුත් ඩෙස්ටොප් සංස්කරන තුනකුත් වන බවටයි සදහන් කර සිටින්නේ.නැනෝමීටර් 22 තක්ශනය මත නිර්මානය වන මෙම ප්‍රොසෙසර් Tri-Date 3D ට්‍රාන්සිස්ටර් වලින් සමන්විත බවටත් හා ප්‍රොසෙසර් ආකෘතියෙහි නව ප්‍රවනතවයක් ‍රැගෙන විත් ඇති බවටයි පෙන්නුම් කෙරෙන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...