2013-10-17

වින්ඩෝස් 8.1 දැන් ලබා ගත හැකියි

  වින්ඩෝස් 8 වෙතට පැමිනෙන්නට නියමිතව තිබු මෙගා මට්ටමේ යාවත්කාලීනය වින්ඩෝස් 8.1 මෙහෙයුම් පද්ධතිය මේ වන විට බාගත කරගැනිමේ හැකියාව පවතින බවටයි වාර්ථා වන්නේ. දැනට වින්ඩෝස් 8 භාවිතාකරන්නන් සදහා නොමිළේ ලබාගත හැකි මෙම සංස්කරනය වින්ඩෝස් 8 හා සැසදීමේදී දියුනු කිරීම් රාශියක් සමග නිකුත්ව ඇති බවටයි සටහන් වන්නේ. වින්ඩෝස් 8 සංස්කරනයෙන් පෙර සංස්කරන භාවිතාකරන්නන් සදහා එනම් Windows XP, Vista, හා 7  භවිතාකරන්නන් සදහා ඩොලර් 119ක ගෙවීමක අනතුරුව මෙම නව සංස්කරනය සදහා පිවිසිය හැකි වනු ඇති බවටයි වැඩි දුරටත් සටහන් වන්නේ. එලබෙන සිකුරාදායින් පසුව DVD ලෙසට නව වින්ඩෝස් 8.1 සංස්කරනය ලබා ගැනීමේ හැකියාව පවතින අතර වින්ඩෝස් 8 සිට වින්ඩෝස් 8 pro සංස්කරන සදහා ඉහල නංවා ගැනීමේ හැකියාවද පවතින බවටයි වාර්ථාවන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...