Showing posts with label phone. Show all posts
Showing posts with label phone. Show all posts

2013-11-01

Android version 4.4 සමග Nexus 5 නිල ලෙස නිවේදනය වේ!!!!

  මේ වන විට ගූගල් ආයතනය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිවල මීලග සංස්කරනය මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල මීලග සංස්කරනයද නිල ලෙස නිවේදනය කර තිබෙනවා.ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය Android version 4.4 නොහොත් Kitkat ලෙසට නම් වන අතර දුරකථනය Nexus 5 ලෙසට නම්කර සිටින්න ඔවුන් කටයුතු කර තිබෙනවා.දුරකථනය මේ වන විට Google Play online store වෙතින් ලබා ගන්නට හැකියාව පවතිනවා.නව මෙහෙයුම් පද්ධතිය සමග නවාංග කිහිපයක් පැමින ඇති බවට ප්‍රකාශ වන අතර SMS MMS සමග පහසුවෙන් කටයුතු කල හැකි Hangouts app මෙන්ම පහසු ebook කියවීමකට සහය වන Immersive mode සමග තවත් අංග කිහිපයක්ම එම ආයතනය විසින් පෙන්වා දෙමින් සිටිනවා.ඔවුන් අවධාරනය කර සිටින අංග අතර නව මෙහෙයුම් පද්ධතිය මෙගා බයිට 512ක ‍රැම් මතකයක් සමග පවා පහසුවෙන් ක්‍රියාත්මක වන බව දැක්වෙනවා.ආයතනය පවසන්නේ Nexus 4, 7, 10 , Samsung Galaxy S4 , මෙන්ම HTC One  සදහා තම මෙහෙයුම් පද්ධති Android version 4.4 දක්වා ඉහල නංවා ගැනීමට එලබෙන සතිවල සිට හැකි වනු ඇති බවටයි නිවේදනය වන්නේ.
    නව Nexus 5 දුරකථනය ගිගා බයිට 16 හා 32 ලෙසට ඩොලර් 349 හා 399 මිලෙන් යුතුව නිකුත්ව ඇති අතර අඟල් 4.95 තිරයකින් සමන්විතව හා Qualcomm 2.3GHz Snapdragon 800 ප්‍රොසෙසරයක් සමග නිකුත්ව තිබෙනවා.මෙගා පික්සල 8ක පසුපස කැමරාවක් මෙන්ම ගිගා බයිට 2ක ‍රැම් මතකයක්ද එහි වන බවටයි වැඩි දුරටත් දැක්වෙන්නේ.

2013-10-28

LG වෙතින් G Flex curved දුරකථනය නිවේදනය වේ....

  LG ආයතනය මේ වන විට තම G Flex curved  දුරකතනය නිල ලෙසට නිවේදනය කොට තිබෙනවා.මීට සති දෙකකට ප්‍රතම මෙම දුරකථනය පිලිබදව පලමුව නොනිල තොරතුරු පලවන්නට වූ අතර එම ආයතනය පවසන්නේ එලබෙන මාසයේදී South Korea  තුලදී පලමු වරට මෙම දුරකථනය ලබා ගන්නට හැකි වනු ඇති බවටයි.P-OLED  ඩිස්ප්ලේ එකක සමග (අඟල් 6ක හා 720p) ගිගා බයිට 2ක ‍රැම් මතකයක් හා 32 ගිගා බයිට දුරකථනය සමග එන ස්තීර මතකයකින් සමන්විත වන්නට නියමිත අතර පික්සල 13ක ඉදිරි කැමරාවකින් හා  2.1 මෙගා පික්සල පසු කැමරාවකින්ද සමන්විත වනු ඇති බවට එම ආයතනය පවසා සිටිනවා.177 grams සැහැල්ලුවකින් සමග 3,500mAh  බැටරියක් සහිත මෙන්ම 4.2.2 Jelly Bean ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියකින් මෙන්ම LTE-A  සබදතාවයකින්ද සමන්විත වනු ඇති බවටත් පැවසෙනවා.ඔක්තෝබර මුලදී නිකුත්වූ Samsung Galaxy Round දුරකථනය සමග තරගකාරීව පැමිනෙනු ඇති බවට බලපොරොත්තුවන මෙම දුරකථනය උඩ සිට පහලට වන ආකාරයට වක්‍ර හැඩයකින් සම්න්විතව පැමි නෙන්නට නියමිත බවටයි දැක්වෙන්නේ.තවමත් මෙහි මිල ගනන් පිලිබදව තොරතුරු නිකුත්ව නැති බවටයි දක්නට ලැබෙන්නේ.

2013-10-15

LG වෙතිනුත් වක්‍ර දුරකතනයක්!!!!

  මේ වන විට Samsung වෙතින් වක්‍ර හැඩැති දුරකථනයක් Galaxy Round නමින් නිවේදනය වී ඇත. මේ වන විට LG වෙතින්ද නම්‍ය හා වක්‍ර හැඩැති දුරකථනයක් පිලිබදව තොරතුරු හෙලි වෙමින් තිබෙනවා.Samsung වලදී මෙන් දෙපසින් වක්‍ර වනවා වෙනුවට LG වෙතින් පැමිනෙන දුරකථනය ඉහල සිට පහල දක්වා වන ආකාරයට තම වක්‍රබව ගන්නා ආකාරයට පැමිනෙනු ඇති බවටයි දැක්වෙන්නේ.අඟල් 6ක ඩිස්ප්ලේ එකක සමග පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම දුරකථනය සමග පැමිනෙන මෙහෙයුම් පද්ධතිය පිලිබදව තවමත් තොරතුරු හෙලි වන්නේ නැත.නොවැම්බර් මාසයට නියමිත Nexus 5 නිකුතුවෙන් අනතුරුව පැමි නෙන්නට නියමිත මෙම දුරකථනය G Flex ලෙසට නම් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

2013-10-12

මයික්‍රසොෆ්ට් හා Metro බැඳියවට තෙවසරකි!!!

  2010 ඔක්තෝබර 11 මයික්‍රසොෆ්ට් සමාගම වින්ඩෝස් ෆෝන් 7 නිකුත්කරන ලද්දේ නව Metro මුහුනතට තම මෙහෙයුම් පද්ධති පිවිසීමේ ආරම්භයක් ලෙසටය.ඉන්පසුව 2011දී මයික්‍රසොෆ්ට් ආයතනය  Xbox 360 වෙතට  මෙම Metro පෙනුම මූලික මුහුනත හදුන්වා දෙන්නටකටයුතු කරන ලදී.වින්ඩෝස් 8 සමග 2012 මයික්‍රසොෆ්ට් සමාගම තම ඩෙස්ටොප් මෙහෙයුම් පද්ධතියට Metro මුහුනත ගෙනෙන්නට කටයුතු කරන ලද්දේ ස්ථාවරව තිබූ තම මෙහෙයුම් පද්ධතිය සම්ප්‍රධායට පැමිනිය හැකි අභියෝගද නොසල කමිනි. 2012 වසර මැද භාගයේදී මෙම Metro නම් තම නව මුහුනතට වූ වෙළඳ නාමය නෛතික හේතූන් මත වෙනස් කරනලද්දේ Modern නාමය භාවිතයට ගනිමිනි. එලබෙන නොවැම්බරයේ පැමිනෙන්නට නියමිත Xbox One හි dashboard වෙත්ද මෙට්‍රො ආකාරයේ ස්වරූපයක් ගෙනෙන්නට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු පවසන්නේ. භාවිතාකරන්නන්ගේ එතරම් ධනාත්මක නොවන ප්‍රථිචාර සමග වුවත් මයික්‍රසොෆ්ට් සමාගම තම Metro මිත්‍රබව ඉදිරියට ගෙන යන්නට කටයුතු කරමින් සිටින අතර ඔවුනගේ ලෝගෝවන් පවා නව හුරුවට හැලපෙන පරිදි වෙනස්කරනට පසුගිය කාලයේ කටයුතු කරනු ලැබුවා.

iPhone 5s සමගත් 'Blue Screen of Death' පැමින ඇත

   'Blue Screen of Death' යන්න මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති සම්බන්දව කියවෙන කාරනාවක් වුවද පලවන නවතමපුවතක් වන්නේ එය iPhone 5s පිලිබද කථා බහටද සම්බන්දිතව යෙදෙන්නට පටන් ගනිමින් තිබෙන බවය.Apple හි  support forums වල මාතෘකාවක් බවට පත්වෙමින් ඇති මෙම BSOD  තත්වය ඇපල් ආයතනයේ දැඩි අවධානාට ලක්වෙමින් ඇති තත්වයක් ලෙසටයි පලවන වාර්ථා පවසන්නේ. වින්ඩෝස් සමග භාවිතා කරන්නෙකු ලබන BSOD තත්වයට වඩා මෙම තත්වය වෙනස් වන්නේ එය දුරකථනය reboot තත්වයට ගෙනයාම බවටයි භාවිතාකරන්නන් කිහිප දෙනෙකුම පලකොට ඇති අත්දැකීම් පවසාසිටින්නේ.වින්ඩෝස් සමග භාවිතාකරන්නාහට මෙම තත්වය පැමිනෙන්නේ පරිගණකය freeze  වීමක්ද සහිත වන අවස්ථා බහුලව අත්දැකින්නට හැකියි.iPhone 5s  සමග මෙම අත්දැකීම් පැමිනෙන අවස්ථාවක් හැටියට වාර්ථාවන්නේ app ක්‍රෑෂ් වීම් සමග බවට පලවන අතර මෙම ක්‍රෑෂ් වීම් වල පදනම වන්නේ මෙහෙයුම් පද්ධතියේ දුර්වලතවයක් සමග වනවාට වඩා සමහර දුර්වල ඇප්ස් වල හැසිරීම නිසා බවටයි පිලිගැනීම වන්නේ.

Nexus 5 දුරකථනය KitKat සමග ඔක්තෝබර් 15 පැමිනේවි!!!!

  දුරකථන ලෝලයින් අතර මහත් අවධානයක් ලබාගත් පැමිනීමට නියමිත දුරකථන අතර Google's Nexus 5 සටහන් වන්නේ ඉහලම තැනකය.Android වල නවතම වන 4.4 'KitKat'  සංස්කරනය සමග පැමිනෙතැයි බලාපොරොත්තුවන මෙම දුරකථනය ඔක්තෝබර් 15 වන විට නිකුත්වෙනු ඇති බවටයි පලවන නවතම පුවත් අනුමානනය කරන්නේ.Nexus 5 දුරකථනය LG සමාගමේ නිෂ්පාදනයක් වන අතර එය quad-core 2.3GHz Snapdragon 800  ප්‍රොසෙසරයක් ගිගා බයිට 2ක ‍රැම් බලයක් හා ගිගා බයිට 32ක ස්තීර මතකය සමග පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.මීට අමතරව එය 4.95-inch 1080p ඩිප්ලේ එකක් හා ‍රැහැන් රහිත බල ගැන්වීමේ හැකියාවකින්ද සමන් විතව පැමිනෙනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. වඩාත්ම ආකර්ශනීය කාරනාව වන්නේ මෙම දුරකථනය ඩොලර් 299 වැනි මිලකට පැමිනීමට නියමිතවීම බවටයි පැවසෙන්නේ.

2013-10-11

වැඩි දියුනු කරන ලද paint app එක!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම තම paint-ඇප් මෘදුකාංගය සදහා වින්ඩෝස් 8.1 වලදී වඩාත් පහසුකම් ගෙනෙන නවාංග කිහිපයක් එකතුකරන්නට කටයුතු කර තිබිනි. එම වෙනස් කම් අතර ප්‍රධන මුහුනත වෙනස් කරන්නට ,watercolor medium ,pencil-setආදියෙහි වෙනස්කම් ඇතුලු බොහොමයක් විය.ඒවා අතර භාවිතකරන්නෙකුට විශාල මට්ටමේ paint creations සදහාද වන පහසුකම් විය. එම සමගාම මෙම දියුනු කිරීම් සදහා CanvasPop නම් ආයතනයක සහයද ලබා ගත් බවටයි වාර්ථා පැවසුවේ.එම නව දියුනු කිරීම් ඔස්සේ භාවිතාකරන්නෙකුට විශාල මට්ටමේ මුද්‍රනයක් සදහාද අවස්ථාව ලැබිනි.මීට අමතරව Inspire අංගය සමග bing ඔස්සේ සොයා ගන්නා image එකක ඔස්සේ තම නිර්මනය ආරම්භ කරන්නට භාවිතාකරන්නා හට අවස්ථාව ලැබිනි.එසේම Skydrive වෙතින්ද අවශ්‍ය ඡායා සටහනක් ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබිනි.
                 වින්ඩෝස් phone සදහාද මෙම නව ඇප් සංස්කරනය හදුන්වා දෙන්නට වසර මුල් භාගයේ මයික්‍රසොෆ්ට් ආයතනය කටයුතු කටයුතු කරන ලද අතර  ඒ සදහාද යාවත්කාලීනයක් ඔක්තෝබර 14 නිකුත් කෙරිනි.එයත් සමගද graphite pencil සහය මෙන්ම නව photo filters හදුන්වා දෙන්නට කටයුතු කරන ලදී. එසේම phone ඔස්සේ කෙරෙමින් පැවති සංස්කරනයක් අතර තුර එය Skydrive වල තැන්පත් කරන්නට හා පසුව වින්ඩෝස් 8.1 ඔස්සේ එහි කටයුතු අවසන් කරන්නට අවස්ථාවද ලබා දී තිබිනි.

Android වල Outlook.com ඇප් එකට යාවත්කාලීනයක්

  මයික්‍රසොෆ්ට් සමාගම තම Outlook.com හි Android සදහා වන app මෘදුකාංගය සදහා අවසාන යාවත්කාලීනයක් නිකුත්කරන ලද්දේ පසුගිය මැයි මාසයේදීය.සමාගම මේවන විට ඒ සදහා නවතම යාවත් කාලීනසංස්කරනයක් Google Play ඔස්සේ ලබා ගත හැකිවන ලෙසට නිකුත්ව ඇති බවටයි නිවේදනයනය වන්නේ.එම  සංස්කරනය සමග පැමින ඇති නවාංග අතර පෙරදී වින්ඩෝස් 8 සදහා නිකුත්වූ මෙන්ම ඩෙස්ටොප් සදහා පැමිනි ඒවාට සමාන පහසුකම් ඇති බවටයි විස්තර කෙරෙන්නේ.ඒවා අතර Outlook.com ගිනුමක ඇති සියලුම ඊ මේල් බාගතකර ගැනීමේ හැකියාව මෙන්ම තම දුරකතනයේ තැන්පත්ව නැති ඊමේල් පුනිවිඩයක් වුවත් සර්වර් පහසුව සමග සොයා ගන්නට සහයවන පහසුවක්ද වන බවටයි ඔවුන් විස්තර කර සිටින්නේ.එසේම Outlook.com භාවිතාකරන්නන් හට තම aliases  මට්ටමේ සබදතාවයක් තුලින් වුවද ඊමේලයන් යැවීමේ පහසුවද වන බවට  පවසා සිටිනවා.

2013-10-10

වඩාත් සුරක්ශිත Android දුරකථනයක්!!!

   QSAlpha ආයතනය අද පවසා සිටියේ තමන් වඩාත් ආරක්ශිත Android මට්ටමේ දුරකථනයක් ‍රැගෙන එන්නට සූදානම් බව වන අතර එහිදී පැහැදිලි වූවේ දෘඩාංග මට්ටමේ encryption සමග එම ආරක්ශිත බව පැමිනෙනු ඇති බවයි.එම ඉදිරිපත් කිරීම සමග ආයතනයේ CEO වරයා පවසා සිටියේ ලොව ප්‍රධාන මට්ටමේ දුරකථන නිෂ්පාදකයෙකු සමග මෙම උපාංගය වෙළඳ පොලට ගෙන එන්නට කටයුතු කරන බවයි. එහිදී හෙලිවූ වේ එම දුරකථනය 3GB ‍රැම් බලයක් සහිතව හා 2.3 GHz quad-core  ප්‍රොසෙසරයක් සමග පැමිනෙන්නට සැලසුම්ව ඇති බවයි.ගිබා බයිට 128 ස්ථීර මතකයක් එම දුරකථය ‍රැගෙන එන්නේ දෘඩාංග මට්ටමේ හා ක්ලවුඩ් මට්ටමේ encrypted සුරක්ශිත බවක්ද ‍රැගෙන බවටයි වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ.බොහෝ විට හුවමාරු වන දත්තයන්ගේ සුරක්ශිතබව තෙවන මට්ටමේ ආයතනයක් හරහා ලබාගන්නා භාවිතාවක් ඇති පරිසරයකට මෙසේ දෘඩාංග මට්ටමේ චිප් පතක් සමග වන සුරක්ශිත බවක් ‍රැගෙන එන තාක්ශනය වඩාත් විස්වාසනීය වනු ඇති බවටයි විචාරකයන්ගේද මතය වන්නේ.

Samsung වෙතින් curved display දුරකථන වෙළඳ පොලට...

  Samsung  වෙතින් පැමිනි වක්‍ර හැඩැති display එකක් සමග එන ස්මාර්ට් දුරකථනය මේ වන විට South Korea තුල අලවියට නිකුත්ව ඇති බවටයි නිවේදනය වන්නේ. අඟල් 5,7 ප්‍රමානයේ මෙම දුරකථනය  Samsung Galaxy Round ලෙසට නම්ව වෙළඳ පොලට පැමින තිබෙනවා.එය Android 4.3 මෙහෙයුම් පද්ධතියෙන් සමන්විතව ඇති බවටයි දැක්වෙන්නේ.7.9 මිලිමීටර් ඝනකමක් ඇති මෙම දුරකථනය බාහිර වෙළඳ පොලට පැමිනෙන දිනයක් තවමත් නිල ලෙසට ප්‍රකාශයට පත්ව නැහැ.එම ආයතනය මෑතකදී සිට නව ආකාරයේ නිපැයුන් පෙලක් වේගයෙන් වෙළඳ පොලට නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින අතර මේ වන විට flexible ඩිස්ප්ලේ එකක් සමග එන දුරකතනය සදහාද ආයතනතුල ලහි ලහියේ කටයුතු සිදුවෙමින් ඇති බවටයි වාර්ථා පවසන්නේ.

Nokia වෙතින් Symbian හා MeeGo OS සදහා අමතර සහය දැක්වීම 2014ට නැත....

  Nokia ආයතනය මයික්‍රසොෆ්ට් ආයතනය සමග එලබි එකගතාවය සමග ඉදිරි මාස කිහිපය තුල මයික්‍රසොෆ්ට් අනන්‍යතාවය සහිත වෙළඳ පොල වෙත තම නිෂ්පාදන යාන්ත්‍රනය යොමුකරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.පලවන නවතම පුවතක් පවසන්නේ එලබෙන ජනවරි පලමුදා සිට Nokia ආයතනය තම Symbian හා MeeGo OS වෙත අමතර සහය දැක්වීම අවසන් කරන්නට තීර්නය කර ඇති බවකි. ඒ අනූව මෙව සදහා නවා ඇප්ස් හා භාවිතාවෙමින් ඇති ඇප්ස් සදහා නව යවත්කාලීන ලබාදීමේද මෙදිනින් පසු අවසන්වනු ඇති බවටයි සටහන් වන්නේ.එම ආයතනය තම අප්ස් මෘදුකාංග සංවර්ධකයින් වෙතට යොමුකරමින් ඇති ඉමේල් පනිවිඩයක් ඔස්සේද පවසා සිටින්නේ Nokia Storeව තවදුරටත් ක්‍රියාත්මක බවත් බාගත කරගැනීම් මෙන්ම සංවර්ධකයන් සදහාවන ගෙවීම් සියල්ල ඉදිරියටත් සිදුවනු ඇති නමුත් නව ඇප්ස් ලබා ගැනීම හා ඒවා සදහා යාවත්කාලීන ලබා ගැනීම් එලබෙන ජනවාරි පලමු වැනිදායින් පසුව අවසන් වන්නට නියමිත බවකි.ආයතනය නිල වශයෙන් පසුගියදා පවසා සිටියේ තමන් Symbian වෙත සහය දැක්වීම 2016 දක්වා සිදුවනු ඇති බවකි.

2013-10-09

Mozilla's Firefox OS සදහා පලමු යාවත්කාලීනය පැමිනෙයි.

  Mozilla හි ෆයර්ෆොක්ස් මෙහෙයුම් පද්ධතිය සමග පැමිනෙන ස්මාර්ට් දුරකථනය භාවිතය සදහා මුලින්ම නිකුත්කරනු ලැබුවේ මෙම වසරේ පලමු භාගයේදීය.අද Mozilla ආයතනය පවසා සිටියේ තම මෙහෙයුම් පද්ධතිය සදහා නිකුත්වන පලමු යාවත්කාලීනය නවාංග කිහිපයක්ද සමගින් නිකුත්කරන්නට තමන් කටයුතු කර ඇති බවකි. HTML 5  මුලික මෙම මෙහෙයුම් පද්ධතිය  Firefox OS 1.1 ලෙසට ඉහල නංවන මෙම යාවත්කාලීනයත් සමග දියුනු කිරීම් සිය ගනනක් වන බවට පවසන එම ආයතනය ඒවා අතර  MMS support, auto correction for typing on the keyboard, saving email drafts offline වැනි සමාන්තර ස්මාර්ට් දුරකථන සමග එන පහසුකම්ද වන බවටයි පවසන්නේ.ආයතනය වැඩි දුරටත් සඳහන් කොට සිටින්නේ මෙම වසර අග වන විට තම මෙහෙයුම් පද්ධතිය ‍රැගැත් තවත් උපකරන වෙළඳ පොලට පැමිනෙන්නට සැලසුම් කොට ඇති බවත්ය.

2013-10-08

Samsung හදුන්වාදෙන RegionLock ජයගන්නට app එකක් පැමිනේ

  Samsung ආයතනය මේ වන්විට පවසා ඇත්තේ තම RegionLock  නව භාවිතාව  Gzlzxy 3 පමනක් නොව අනෙකුත් දුරකථන සදහාදි ඉදිරියේදී පැමිනීමට නියමිත Android 4.4 KitKat update සමග ක්‍රියාත්මක වන්නට නියමිත බවකි.මේ අතර ඊයේ දිනයේදී භාවිතාකරන්නෙකු පවසා සිටියේ තමන් විසින් ඉදිරිපත්කරන app එකක ඔස්සේ  එම blacklist ගොනුව මකා දමමින් දුරකථනය වෙත පැමිනෙන්නට නියමිත එම බාදකය ඉක්මවා යන්නට හැකි වනු ඇති බවකි.ඔහු පවසා සිටියේ Google Play Store ඔස්සේ ඩොලර් 2.99 කට ලබාගත හැකි එම app මෘදුකාංගය ඔස්සේ තම දුරකථනය roote කිරීමකට කැමතිවන භාවිතකරන්නෙකුට එම පහසුව සලසා ගන්නට හැකිවනු ඇති බවකි.ඔහු පවසන්නේ Samsung ආයතනය නැවත වරක් firmware updateඔස්සේ මෙම  RegionLock ක්‍රියාත්මක කරවන්නට උත්සාහ කර හැකි වුවද මෙම app එක නැවත ක්‍රියාත්මක කිරීම ඔස්සේ එය ඉක්මවා යන්නට භාවිතාකරන්නෙකුට හැකි වනු ඇති බවකි.
https://play.google.com/store/apps/details?id=eu.chainfire.regionlockaway

2013-10-05

Android සමග dual boot දුරකතනයකට මයික්‍රසොෆ්ට් යෝජනාවක්!!!!

  මයික්‍රසොෆ්ට් ආයතනයට ස්මාර්ට් දුරකථන වෙළඳ පොල තුල වන අඩු භාවිතාව ජය ගැනීම සදහා ඉමහත් උත්සාහයකින් කටයුතු කරන බවටයි නවතම තොරතුරු හෙලි කරන්නේ. මෑතකදී ඔවුන් HTC වෙත ගෙනෙන ලද නවතම යෝජනාවක ලෙසට දැක්වෙන්නේ Android සමග dual මෙහෙයුම් පද්ධති උපාංගයක් ලෙසට භාවිතාකරන්න වෙත ගෙනයන්නට කටයුතු කරන ලෙසයි.වින්ඩෝස් හි phone 8 මෙහෙයුම් පද්ධතිය සදහාවන බලපත්‍ර ගාස්තුවලින්ද තොරව එම නව එකගතාවය වෙත පිවිසෙන්නට මයික්‍රසොෆ්ට් ආයතනය සූදානම් බවටයි  වැඩි දුරටත් හෙලි වන්නේ.මයික්‍රසොෆ්ට් සමාගමේ මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලොව භාවිතාව තුල සියයට 3.7ක භාවිතවක් ලබමින්  Android හා iOS මෙහෙයුම් භාවිතාවන්ට පි‍ටුපසින් සිටින අතර BlackBerry ඉක්මවමින් ඉදිරියයට පැමින තෙවන ස්ථානයට පත්ව ඇති බවටයි වාර්ථා පවසන්නේ.

2013-10-04

Samsung වෙතින් එන region lock බාදකය අනෙකුත් Galaxy උපාංග වෙතටත්!!!!

  ස්මාර්ට් දුරකථන භාවිතාකරන්නන් අතර ප්‍රසාදයක් දිනා ගත් සමාගමක් වන Samsung වෙතින් පසුගිය කාලයේ නිකුත්වූ පුවත නම් ඔවුන් තුල එතරම් ප්‍රසාදාත්මක වූවේ නැත. region lock සමග පැමිනෙන Galaxy Note 3 පිලිබදව පුවතයි ඒ.එම තත්වය යටතේ එම උපකරනය  European වල දී භාවිතාවන සිම් පතක් ඔස්සේ activate කරගත් පසු පසුව යලිත් එම උපකරනය Africa හෝ  Asia ප්‍රදේශ වලදී භාවිතාවන සිම් පතක් ඔස්සේ භාවිතාකරන්නට නොහැකි වීමයි. පලවන නවතම පුවතක් පවසන්නේ මෙම සීමාකාරී කිරීම එම උපකරනයට පමනක් සීමා නොවන බවත් අනෙකුත් Galaxy උපාංග වෙතටත් පැමිනෙනු ඇති බවත්ය. පැමිනෙන්නට නියමිත Android 4.4 KitKat ඔස්සේ මෙම නව භාවිතාව Note 2 හා Galaxy S3 වෙතත් පැමිනෙනු ඇති බවටයි  එයින් පැවසෙන්නේ. ආයතනය දෙසින් පැවසෙන්නේ මෙම භාවිතාව ගෙනෙන්නට හේතුව වන්නේ නීති විරෝධී ලෙස මෙම උපකරන ආනයනය වීම වැලක්වීම බවයි. භාවිතාකරන්නන් අතර අප්‍රසාදයක් නිර්මානය කර ඇති මෙම පියවර ඔස්සේ ඔවුනට වඩාත් මිලැති roaming පහසුව වැනි විකල්පයකට යාමට සිදුවනවා ඇත

2013-10-03

Nexus 5 මෙමස අවසානයේ වෙළඳ පොලට.....

  පසුගිය කාලයේ Nexus 5 පිලිබදව පැතිර තිබුනේ එත් නරම් සුබදායී පුවත් නොවීය. විටක පැවසුනේ LG ආයතනය Nexus 5 නිෂ්පාදනයෙන් බැහැර වනු ඇති බවටත්ය. අවසානයේ මේ වන විට ගූගල් ආයතනය නිවේදනය කර සිටින්නේ Nexus 5 මෙම මාසය තුලදී නිලලෙස නිවේදනය වන්නට නියමිත බවත් හා මෙම මාසයේ අවසාන සතිය වන විට එය වෙළඳ පොලට නිකුත් කරන්නට සූදානම් වෙමින් ඇති බවකි. තවමත් නිශ්චිතව දිනයක් නියම නොවුනද පලමු නිකුතුව  UK වෙතට නිකුත්වන්නට නියමිත බවත් එය £275  ලෙසට මිල වනු ඇති බවටත් නිවේදනය වනවා. ඉන් පසුව ක්‍රමයෙන් අන් රටවල් වල වෙළඳ පොලවෙත නිකුත් කිරීම ඇරබෙන බවටත් බලාපොරොත්තු වනවා
               නිල නොවන වාර්ථා වැඩි දුරටත් පවසන්නේ මෙම දුරකථනය  iPhone 5s වෙතට තරගකාරී පිවිසුමක් ලෙසට පැමිනෙනු ඇති බවට වන අතර එය 64GB ගබඩා හැකියාවක්ද සමග බලසම්පන්න ප්‍රොසෙසර් හැකියාවක්ද සහිතව පැමිනෙන්නට නියමිත බවයීසේම 4GB ‍රැම් බලයක්ද සහිතව පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම දුරකථනය "ඩෙස්ටොප්" ආකරයේ අත්දැකීමක් භාවිතාකරන්නා වෙත ගෙනෙන්නට හැකිවන බවටයි පැවසෙන්නේ.එසේම ඇන්ඩ්‍රොයිඩ් නව සංස්කරනය "KitKat" ස්ථාපිතව එය පැමිනීමේ හැකියාවක් ගැනද හදාරන්නන් අදහස් පලකරමින් සිටිනවා.

2013-09-29

සියලු උපාංග සදහා universal cable charger එකක්!!!!

  දත්ත උපාංග භාවිතාකරන්නන්ගේ ප්‍රමානය වේගයෙන් වැඩි වෙමින් ඇත. එක පුද්ගලයෙකු භවිතාකරන දත්ත උපාංග  ප්‍රමානයද වෙගයෙන් ඉහල යමින් ඇත. ඒ වන විට මතුවන ගැටලු අතර සහය උපාංග වල (accessories) විවිධත්වයයි.  ජංගම උපාංග සැලකීමේදී නිෂ්පාදකයා අනූව පමනක් නොව එකම නිෂ්පාදකයාගේම පවා විවිධ මෝස්තර අනූවද chargers වල විවිධත්වය භාවිතාකරන්නන්හට ගෙනෙන්නේ මහත් අපහසුතාවයකි. කලක්තිස්සේ European Union (EU) වල මෙම අපහසුතාවය තාවය පිලිබදව අවදානය යොමුකර සිටිය අතර පලවන නවතම පුවතක් පවසන්නේ සියලු නිෂ්පාදකයින් සදහා universal cable charger එකක් සදහා පැමිනීම අනිවාර්ය කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි. මෙම නව නීතිය mobile phones හා  tablet computer සඳහා වලංගුවනු ඇති බවටයි පැවසෙන්නේ. දැනටමත් microUSB ports භාවිතාකරමින් සිටින  Samsung, HTC හා Nokia සදහා  මේ බව ගැටලුවක් නොමැති වුවද apple ආයතනය එකග නොවන තත්වෞඅක් දක්නට ලැබෙන බවටයි පැවසෙන්නේ. කෙසේ වෙතත් තවමත් මෙම තීර්නය European Union (EU) Parliament තුල සම්මත වෙමින් නීතියක් බවට පත්ව නැති බවටයි දැක්වෙන්නේ.

2013-09-26

නම්‍ය තිර සහිත ස්මාර්ට් දුරකථනය එලබෙන ඔක්තෝබරයේ... Samsung පවසයි.

   Samsung ආයතනය පවසා සිටින්නේ නම්‍ය තිරයක සහිත ස්මාර්ට් දුරකථනය එල බෙන ඔක්තෝබරයේ වෙළඳ පොලට පැමිනෙන්නට නියමිත බවයි. ආයතනයේ නවතම නිෂ්පාදන කිහිපයක නිල නිකුතුව වෙනුවෙන් පැවති හමුවකදී මේ බව ඔවුන් ප්‍රකාශකර සිටී. නිශ්චිත දිනයක හෝ මිල ගනනක් පිලිබදව සඳහනක් නොමැතිව කරනලද මෙම සඳහන තොරතුරු ලෝකය බොහෝ කලක් බලසිටි සිහිනයක යතාර්තයක් වීමක් බවටයි තොරතුරු තාක්ශන ලෝලයන් පවසන්නේ.ස්ක්‍රීනය ප්ලාස්ටික් ආකාරයට තනා ඇති මෙම දුරකතන ස්ක්‍රීනය සමග එය නවමින් දිග හරිමින් භාවිතාකිරීමේ හැකියාව ඇති බවට පෙන්වා දෙන ලදී.youm ලෙසට නම් කරසිටින මෙම තාක්ශනය සහිත උපාංගය සමග දත්ත උපාංග ලෝකයේ භාවිතාවට නව මානයක් එකතුවනු ඇති බවටයි විචාරකයින් පවසන්නේ.

NOKIYA වෙතින් නව උපාංග 6ක්!! Dell යලිත් ARM tablet වෙළඳ පොලට!!

  මයික්‍රසොෆ්ට් හා අත්වැල් බඳගත් NOKIYA ආයතනය  එලබෙන ඔක්තෝබර 22දා තම  Nokia World press event සමග නව උපකරන 6ක් පිලිබදව ප්‍රකාශයට පත්කරනු ඇති බවටයි වාර්ථාවන්නේ. එලබෙන 2014 ප්‍රතම කාර්තුවේ වෙළඳ පොලට නිකුත්වෙතැයි බලාපොරොත්තුවන මෙම ඉදිරිපත් කිරීම් වෙනුවෙන් එම ආයතන ය තම උපරිම ධාරිතාවයෙන් කටයුතු කරමින් සිටින බවටයි පැවසෙන්නේ. දැනටමත් නිඅල් නොවන ලෙසට පලවී ඇති තොරතුරු වලට අනුව ඔවුනගේ  6-inch Lumia 1520 සමග උපාංග ලොකයේ එකි නෙකට වෙනස් පුලුල් අවකාශයක පැතිරුනු උපකරන පෙලකින් මෙම ඉදිරිපත්කිරීම සමන්විත වන්නට ඉඩ ඇති බවටයි පිලිගැනෙන්නේ.
  මේ අතර Dell  ආයතනය එලබෙන සතියේදී තම හමුවකදී ARM-based Windows table උපකරනයක් නිකුත්කරන්නට බොහෝ දුරට ඉඩ ඇති බවටයි අලුත්ම වාර්ථාවක් පවසන්නේ. ඊයේ වන විට මයික්‍රසොෆ්ට් ARM tablet වෙළඳ පොලතුල එකම නිෂ්පාදකයා වනු ඇති බවට වූ අනාවැකිය යලිත් වෙනස් වනු ඇති බවටයි විචාරනය වන්නේ.අඟල් 10.8 මට්ටමේ මෙම උපකරනය Qualcomm ප්‍රොසෙසරයකින් හා 2GB ‍රැම් මතකයකින් සමන් විත වනු ඇති බවටත් හා 64 මෙගා බයිට ස්තීර මතකයකින් මෙන්ම 4G LTE ස්තීරව සවිවූ රිසීවරයකින්ද සම්න්විත වනු ඇති බවටයි හෙලිව ඇති තොරතුරු පවසන්නේ.

2013-09-25

ව්‍යාජ වෙළඳ දැන්වීමක් ඔස්සේ iOS7 හිමියන් කිහිපදෙනුකු ආනතුරට.........

  පැතිර යමින් පවතින ව්‍යාජ වෙළඳ දැන්වීමක් පවසන්නේ ඔබගේ ඔබගේ ඇපල් ස්මාර්ට් දුරකථනය වෙත iOS7 මෙහෙයුම් පද්ධතිය වෙත පැමිනෙන විට පැමිනෙන්නට නියමිත නවාංගයක ගැනය. එනම් යම් අවස්ථාවකදී ඔබගේ ඇපල් දුරකතනයට ජලය කාන්දුවීමෙන් වියහැකි හානිය එම නවාංගය විසින් වලකාලනු ඇති බවය. එනම් එහි තිරය හා ස්ටාර්ට් බටනය ඔස්සේ ඒබව හඳුනා ගනිමින් දුරකථනය තුල බල සැපයුම වහා අක්‍රියකරමින් ජලය කාන්දුව විසින් ගෙනෙන්නට හැකි  හානිය වලකන නිසා වෙන් යනුවෙනි. පලවන වාර්ථා පවසන්නේ ලොවපුරා භාවිතාකරන්නන් කිහිපදෙනෙකු විසින් මෙම බව අත්හදා බලන්නට ගොස් තමන්ගේ ඇපල් ස්මාර්ට් දුරකථනය අවසාවන්ත ලෙස හානිකරගන්නට පොලබවමින් තිබූ බවකි.හදාරන්නන් පවසන්නේ මෙවැනි නව අංගයක් පිලිබදව මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු විස්වාසයට පෙලබෙනවා වෙනු වට භාවිතාකරන්නන් එම උපාංග නිෂ්පාදකයින්ගේ නිල වෙබ් අඩවි ආදිය විමසමින් කටයුතු කිරීම වඩාත් යහපත් වනු ඇති බවකි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...