2013-11-01

Android version 4.4 සමග Nexus 5 නිල ලෙස නිවේදනය වේ!!!!

  මේ වන විට ගූගල් ආයතනය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිවල මීලග සංස්කරනය මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල මීලග සංස්කරනයද නිල ලෙස නිවේදනය කර තිබෙනවා.ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය Android version 4.4 නොහොත් Kitkat ලෙසට නම් වන අතර දුරකථනය Nexus 5 ලෙසට නම්කර සිටින්න ඔවුන් කටයුතු කර තිබෙනවා.දුරකථනය මේ වන විට Google Play online store වෙතින් ලබා ගන්නට හැකියාව පවතිනවා.නව මෙහෙයුම් පද්ධතිය සමග නවාංග කිහිපයක් පැමින ඇති බවට ප්‍රකාශ වන අතර SMS MMS සමග පහසුවෙන් කටයුතු කල හැකි Hangouts app මෙන්ම පහසු ebook කියවීමකට සහය වන Immersive mode සමග තවත් අංග කිහිපයක්ම එම ආයතනය විසින් පෙන්වා දෙමින් සිටිනවා.ඔවුන් අවධාරනය කර සිටින අංග අතර නව මෙහෙයුම් පද්ධතිය මෙගා බයිට 512ක ‍රැම් මතකයක් සමග පවා පහසුවෙන් ක්‍රියාත්මක වන බව දැක්වෙනවා.ආයතනය පවසන්නේ Nexus 4, 7, 10 , Samsung Galaxy S4 , මෙන්ම HTC One  සදහා තම මෙහෙයුම් පද්ධති Android version 4.4 දක්වා ඉහල නංවා ගැනීමට එලබෙන සතිවල සිට හැකි වනු ඇති බවටයි නිවේදනය වන්නේ.
    නව Nexus 5 දුරකථනය ගිගා බයිට 16 හා 32 ලෙසට ඩොලර් 349 හා 399 මිලෙන් යුතුව නිකුත්ව ඇති අතර අඟල් 4.95 තිරයකින් සමන්විතව හා Qualcomm 2.3GHz Snapdragon 800 ප්‍රොසෙසරයක් සමග නිකුත්ව තිබෙනවා.මෙගා පික්සල 8ක පසුපස කැමරාවක් මෙන්ම ගිගා බයිට 2ක ‍රැම් මතකයක්ද එහි වන බවටයි වැඩි දුරටත් දැක්වෙන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...