2014-01-31

හානිවූ Yahoo email ගිනුම් සැකසෙමින් ඇත..

  Yahoo වෙතින් පලවන නිවේදනයක් පවසන්නේ පසුගිය දිනවල තම email භාවිතාකරන්නන්ගේ ගිනුම් ඉලක්ක කරගනිමින් සිදුවූ පහරදීම් ඔස්සේ පැහැර ගන්නා ලද තොරතුරු ඔස්සේ අනතුරක ඇති email accounts වල user name හා pasward නෑවත සැකසීමක් සිදු වෙමින් පවතින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ එම භාවිතාකරන්නන්ගේ තොරතුරු වෙනත් ආයතනයකට සිදුකල පහරදීමක් ඔස්සේ ඔවුන් ලබා ගනට ඇති බවට සැක කරන බවයි.ආයතනය federal law මෙම පහර දෙන්නන්ට එරහිව කටයුතු කරමින් සිටින අතර වැඩි දුරටත් විස්තර කරන්නේ එම පහර දෙන්නන් විසින් malicious software program ඔස්සේ පැහැරගන්නා ලද username , password භාවිතාකරමින් එම ගිනුම් වලට පිවිස ඇති බවයි. ආයතනය second sign-in verification  ක්‍රම වේදය ඔස්සේ භාවිතාකරන්නන් වෙතට එක්වරක් පමනක් භාවිතාකල හැකි  passcode එකක ලබා දෙන අතර ඒය ඔස්සේ නැවත ගිනුමට පිවිසීමේ හැකියාව ලැබෙනු ඇති බවත්ය. එසේම භාවිතකරනන් වෙතට උපදෙස් දෙන එම ආයතනය පවසන්නේ ඔවුනගෙ අවසර පද වෙනස් කර ගන්නා ලෙසත් එකම අවසර පද වෙනත්සේවාවන් සදහා භාවිතකිරීමෙන් වලකින ලෙසත්ය. පසුගිය කාලයේ මෙසේ නොමිළේ තම සේවාව ලබාදෙන ඊමේල් සේවාවන් කිහිපයක් සදහාම  පහරදීම් සිදුවූ බවට වාර්ථ වන ලද අතර Google , Microsoft වැනි ආයතනයන් ගෙන් සැපයෙන ඊමේල් සේවාවන්ද ඒ අතර වූ බවයි.

මයික්‍රසොෆ්ට් පුවත් කිහිපයක්!!!!

  මයික්‍රසොෆ්ට් වෙතින් පලවන නවතම පුවතක් පවසන්නේ වින්ඩෝස් 8 වල Start screen වලට patent බලපත්‍රය සදහා 2011 දී ඉදිරිපත් කල ඉල්ලීම U.S. Patent and Trademark Office වෙතින් මේ වන විට පිලිගෙන ඇති බවයි. අනාගත භාවිතාව destop භාවිතාවෙන් ජංගම ගතියෙන් වැඩි  tablets හා notebooks දෙසට වනු ඇති බවට වන නිගමනය සමග  "Display Screen With Graphical User Interface" මාතෘකාව යටතේ මෙම ඉල්ලීම සිදුව තිබූ බවටයි සදහන් වූවේ. කෙසේ මුත් පලවන නවතම නොනිල වාර්ථා පවසමින් සිටින්නේ වින්ඩෝස් 8 සදාහා පැමිනෙන නවතම යාවත්කාලීනය සමග පැරනි ඩෙස්ටොප් භාවිතාව යලි ප්‍රධාන භාවිතාව බවට පත්වනු ඇති බවය. මයික්‍රසොෆ්ට් ආශ්‍රයෙන් පලවන තවත් පුවතක් පවසන්නේ එහි වර්ථමාන CEO වරයා සමුගැනීම නිවේදයකල පසුව මහත් කථා බහට ලක්ව ඇති නව CEO වරයාගේ පත්වීම ඉදිරි සති කිහිපය තුල සිදුවීමට ඉඩ ඇති බවයි. එම තොරතුරු වැඩිදුරටත් පවසන්නේ එම තනතුර සදහා දැනට Microsoft's cloud services division වල් ප්‍රධනී Satya Nadella ගේ පැමිනීමට වඩි ඉඩක් ඇති බවයි. එසේම මයික්‍රසොෆ්ට් හි මීලග සභාපතිදූරය සදහා Bill Gates මහතා නැවත පැමිනීමේ ඉඩකඩක් ගැනත් මේ වන විට වාර්ථා වෙමින් තිබෙනවා. එතුමා පසුගිය කාලයේ මාධ්‍ය වෙත පවසා සිටියේ තමන් පූර්න කාලීනව මයික්‍රසොෆ්ට් වෙතට පැමිනීමට අදහසක් නැති බවයි

මෙය මෙම අඩවියේ තැබෙන 2001 වන සටහනය.......

  මෙය මෙම අඩවියේ තැබෙන 2001 වන සටහනය. එම සටහන් කෙටි ඒවා වීම සත්‍යකි. පලමු අකුරු කිරීමෙන් පමනක් පලකරන විටකදී යොදුම්වල අපැහැදිලිතා තිබෙන බවත් සත්‍යකි.තවත් විටක තොරතුරු ඔස්සේ වඩාත් සිදුවීමේ ගැබුරට ලුහුබඳින්නට නොහැකි නිසාම මද අසම්පූර්න බවක් ගෙනෙන බවත් සත්‍යකි. එහෙත් සිමිත කාලය හා පහසුකම් මැද තොරතුරු ලෝකයේ අපූරත්වය පිලිදව දැනෙන හැගීම තවකෙකු සමග බෙදාගන්නට ගන්නා උත්සාහයක් ලෙසට එය පවත්වාගෙන යන්නට උත්සාහ කලබව පවසනු කැමැත්තෙමි. වඩාත් සම්පූර්න තොරතුරු වලින් පිරුන Blog අඩවියක් මෙන්ම Web අඩවියක් සමග දෙසතියකට වරක් පැමිනෙන PDF පරිගණක තොරතුරු ගොනුවක් වන ඉලක්කය සදහා කටයුතු කරමින් සිටින්නෙමි.මෙම සටහන් කියවන්නට පැමිනි ඔබටත්  ඒවා වෙතට යොමුකරවන අඩවි පවත්වාගෙන යන මහත්වරුන්ටත් ස්තූතිවන්ත වන අතර එලබෙන මාසයේ සිට වඩාත් ක්‍රමවත්, පුලුල් පරාසයක දිවෙන තොරතුරු ‍රැගෙන පැමිනෙන්නට ඇති කැමැත්ත සඵල කර ගන්නට උත්සාහකරමින් සිටින්නේමි. ස්තුතියි

Anti-Malware 2.0 වල Beta සංස්කරනයක්!!!!

  කාලයත් සමග පරිගණක භාවිතාව වඩාත් සංකීර්න වෙමින් ඇත. දෛනික ජීවිතයේ සහයකයෙකු ලෙසට මෙනම වෘතීය ජීවිතයේ සහයකයෙකු ලෙසට පමනක් නොව විනෝදාත්මක ජීවිතයට එය බොහෝ දේ ගෙනවිත් ඇතුවා සේම නවාංග බොහොමයක්ම ගෙනෙමින් ඇත. අවාසනාවට කාරනාවක් වන්නේ මෙම නවදෑ සියල්ල්ම යහත දේම නොවීමය. පරිගණකයේ පැවැත්මට හානිකරන මෙන්ම එයින් තොරතුරු සොරා ගන්නා ක්‍රමවේදද දිනෙන් දින වඩාත් සංකීර්න මුහුනුවරක් ගනිමින් ඇත. විටක වඩාත් පිලිගත් ආරක්ශක මෘදුකාංගයක් පමනක් ස්ථාපනය කරගෙන සිටීමෙන් පලක් නොවන්නේ එය නිසි පරිදි යාවත්කාලීනව පවත්වාගෙන නොයෑමෙන්ය. ඔබ අන්තර්ජාලයට සම්බන්ද නොවීමේන් පමනක් සුරක්ශිත නොවන්නේ Pen Drives වැනි මාධ්‍ය හරහා පහසුවෙන් පැමිනෙන හානිකරයන් හදුනාගන්නට එම ආරක්ශක මෘදු කාංගය සමත්නොවීම නිසා විය හැක.
                     Anti-Malware මෘදුකාංගය යනු වඩාත් සංකීර්න malware හා spyware හඳුනා ගනිමින් ඒවා ඉවත්කරන්නට සහය වන මෘදුකාංගයකි. වඩාත් කාර්යක්ශමව හානිකරයන් පිරික්සීමේ යාන්ත්‍රනය මෙන්ම ඒවා ඉවත්කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතු බවටයි පිලිගැනීම වන්නේ.එම මෘදුකාංගයේ නොමිළේ භාවිතාකල හැකි සංස්කරනයක් වාගේම මිල්;අදී ගතයුතු සංස්කරනයක්ද ලබා ගන්නට හැකි අතර පහත දැක්වෙන සබදතාවය ඔස්සේ මිලදී ගත යුතු සංස්කරනයේ බීටා නිකුතුවක් නොමිලේ භාවිතාකිරීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. මෙම සම්පූර්න සංස්කරනයේ බීටාව සමග real time ආකාරයට ආරක්ශාවද ලැබෙන අතර පෙර සැකසුම් අනූව විටින් විට ස්වංක්‍රීයව පිරික්සීමත් යාවත්කාලීන වීමත් ලබාගන්නට භාවිතාකරන්නාහට හැකිවනු ඇත. 
id: MBAM2BETA
key: 4XZHE-6ANRN-TKWCV-EV6HZ-G79PH

http://data-cdn.mbamupdates.com/v2/mbam/consumer/data/mbam-setup-consumer-2.00.0.0502.exe

වින්8.1 වල update1 සමග defaults වන්නේ Destop බවට නොනිල තොරතුරු...

  වින්ඩෝස් 8.1 සදහා නිකුත්වන පලමු අප්ඩේට් ගොනුව පිලිබදව ගෙවී ගිය සතිවල සිට විවිධා තොරතුරු පලවෙමින් තිබෙනවා. එම නොනිල සටහන් අතර මයික්‍රසොෆ්ට් ආයතනය තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 8 සමග Destop මූලික බවින් එලියට කල චලනය නැවත ආපස්සට ගනිමින් භාවිතාකරන්නා හට Modern screen හා සමවම සුපුරුදු destop පරිසරයත් භාවිතාකිරීමේ හැකියාවත් Modern app භාවිතාවේදී Destop taskbar වලසිටද එවා ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇතුලු නවාංග බොහොමයක් මේ වන විට හඳුන්වා දි තිබෙනවා. පලවන නවතම තොරතුරු හෙලි කොට සිටින්නේ වින්ඩෝස් 8.1 පලමු යාවත්කාලීන ගොනුව සමග සුපුරුදු destop මුහුනත defaults මට්ටමට ගෙනෙන්නට කටයුතු කරනු ඇති බවයි. මෙම පුවත සත්‍යනම් 2012 ඔක්තෝබරයේ මයික්‍රසොෆ්ට් සමාගම start scree සමග ගත් තීර්නය සම්පූර්නයෙන්ම නැවත හැරවීමක් වනවා. වින්ඩෝස් 8.1 සමග අවශය භාවිතාකරන්නෙකුට destop පරිසරයට boot වීමේ හැකියාව තවදුරටත් වෙනස් වෙමින් කෙලින්ම destop පරිසරයට Boot වීමේ හැකියාවත් අවශ්‍ය නම් පමනක් Modern screen වෙතට Boot වීමේ හැකියාවත් යනු තවමත් බාවිතාකරන්නන්ගෙන් බහුතරයක් Destop පරිසරය ප්‍රිය කරන්නන් බවට මයික්‍රසොෆ්ට් ආයතනය පිලිගැනීමක් වනු ඇති බවටයි විචාරනය වන්නේ. එසේමමෙම නිකුතුව මාර්තු මස11 වන විට නිකුත්වීමේ ඉඩක්  පිලිබදවත් ප්‍රකාශ වෙමින් තිබෙනවා

2014-01-30

Facebook සමග paper නම් app පහසුව සූදානම්....

  ෆේස්බුක් සති කිහිපයකට පෙර ප්‍රකාශකර සිටියේ වඩාත් සිත් ගන්නා සුලු ආකාරයේ පුවත් සේවාවක් ‍රැගත් app පහසුවක් තම අඩවිය තුලින් හදුන්වා දෙන්නට කටයුතු කරමින් සිටින බවයි. Flipboard සේවාවට හොඳ  තරගයක් දෙන්නට සමත්වන බවට පෙර සලකුනු පෙන්වමින් paper නම් app පහසුවක් ලෙසට මේ වන විට එය ෆේස්බුක් වෙතින් නිල ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. පෙබරවාරි තෙවනිදා සිට ක්‍රියාත්මක වන මෙම සේවාව ෆේස්බුක් පි‍ටුවක Facebook feed සමග දක්නට හැකිවනු ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ. Flipboard සමානව ක්‍රියාත්මක වන මෙහි auto-playing video මෙන්ම පුවත් හා ෆේස්බුක් පලකිරීම් වනු ඇති බවත් පැවසෙනවා. iphone සමග මුලින්ම පැමිනෙන මෙම සේවාව ඔස්සේ භාවිතාකරන්නෙකුට තමන්ගේ පුවත් සටහන් පලකිරීම දක්වා ඵසු කම් ලැබෙනු ඇති බවටත් නිවේදනය වනවා.
https://www.facebook.com/paper

LibreOffice 4.2.0 Final නිකුත්වේ!!!!!

  ප්‍රධාන මට්ටමේ ආයතනය පමනක් නොව රාජ්‍ය මට්ටමේ ආයතනවලට පවා නිදහස් මෘදුකාංග දෙසට වැඩි අවධානයක් යොමු කරමින් සිටිනු දැකිය හැකිය. පසුගිය දා පලවූ වාර්ථාවක් පවසා සිටියේ බ්‍රිතාන්‍ය රාජ්‍ය ආයතනයන්ගේ කාර්යාල භාවිතාවට මයික්‍රසොෆ්ට් ඔෆීස් මෘදුකාංගය වෙනුවට open office හා සමාන්තර නිදහස් මෘදුකාංග දෙසට අවධානය යොමු කරමින් සිටින බවයි. මෙම මෘදුකාංග සංවර්ධනය කරන්නන් හා හදාරන්නන් පවසමින් සිටින්නේ මුල් යුගයේදී මෙන් නොව වෙළඳ සංස්කරන හා සමානවම ක්‍රියාකාරීත්වයක් ඇති මෘදුකාංග මේ වන විට නිදහස් මෘදුකාංග ලෙසටද පැමිනෙමින් ඇති බවයි.
            Libre Office යනු Writer, Calc, Impress, Draw, Math හා Base වැනිආකාරවලට දෛනික ඔෆීස් භාවිතාවන් සපුරා ලන්නට නොමිලේම මැදිහත් විය හැකි මෘදුකාංගයකි. අමතරව auto-completion, auto-formatting හා  automatic spelling checking වැනි සහයන්ද සමග පැමිනෙන මෙම මෘදුකාංගය සමග ගනන කටයුතු , ඉදිරිපත්කිරීම් කටයුතු , 3D දක්වා රූ සටහන් කටයුතු , ඩේටා බේස් කටයුතු මෙන්ම සංකීර්න ගනිතමය කටයුතු වැනි දෛනික ජීවිතයට අදාල බොහෝ දේ සදහා මෙම මෘදුකාංගය සහය වීමට සූදානමින් සිටී.
http://mirror.arlug.ro/pub/tdf/libreoffice/stable/4.2.0/win/x86/LibreOffice_4.2.0_Win_x86.msi

HP වෙතින් mini PC dongle නිකුත්වේ!!!!

  HP ආයතනය මිට වසරකට පමන පෙර  තම  mini PC dongle ව්‍යාපෘතිය "Project Ophelia" නමින් හෙලි කර සිටින ලදි. එය තම TV හෝ monitor වෙතට HDMI හෝ MHL සබදතාවයක් ඔස්සේ සම්බන්ද කල විට භාවිතාකල හැකි ආකාරයේ උපකරනයක් වූ අතර මේ වනවිට Wyse Cloud Connect නමින් ඩොලර් 129කට වෙළඳ පොලට නිකුත්කර ඇති බවටයි වාර්ථාවන්නේ. ආයතනික මට්ටමේ වෙළඳ පොල ඉලක්ක කරගනිමින් නිකුත්ව ඇති මෙම උපාංගය ආයතනයක සේවක මහතෙකුට virtual desktops ලෙසට ලෝකයේ කොතැනක සිට උවත් භාවිතාකිරීමේ හැකියාව පවතින බවටයි වාර්ථා වන්නේ. තවද එය Citrix, Microsoft, මෙන්ම VMware virtual desktop සදහා සහය දක්වන බවටයි නිවේදනය වන්නේ.මෙම උපාංගය වඩාත් ආරක්ශිත Android 4.1 සමග ක්‍රියාත්මක වන අතර multi-core Cortex-A9 ARM processor එකකින් හා 1GB Ram මතකයක් හා 8GB flash storage හැකියාවකින් සමන්විත බවටයි සටහන් වන්නේ. මෙම අංගයට  පැමිනෙන mini-USB  ඔස්සේ කීබොර්ඩ් හා මවුස් සබදතාවයකට හැකිවන අතර microSD සමග ගබඩා හැකියාව වැඩිකර ගැනීමට හැකි බවටයි නිවේදනය වන්නේ. මූලිකව මෙය virtual ආකාරයට වින්ඩෝස් හෝ මැක් OS සමග සබදවීමට හැකිව පැමිනුනද ඇන්ඩ්‍රොයිඩ් සමග google play ඔස්සේ ලබා ගන්නා ඇප් භාවිතාවටද සූදානම් බවට ප්‍රකාශ වනවා.

දත්ත මිනිසා -දෙවන ලිවීමෙන්- උපුටා ගැනීමකි

......දත්ත ලෝකය විසින් අර්ථ දක්වන මිනිසා කෙමෙන් රූපවාහිනිය ප්‍රමුක පෙර මාධ්‍ය විසින් නිර්මානය කරන ලද මිනිසාව අභිබවමින් සිටී. ගෙනවිත් ඇති සුවපහසුව අපමනකි. ගැටලුව වන්නේ එම සුව පහසුව සදහා හුවමාරුකර ගන්නට වන්නේ ඔබගේ සැබෑ ජීවිතය ආශ්‍රිත දත්තයන් වීමය. තවත් වැදගත් සාධයක්ද ඇත. එහි බොහෝ සේවාවන් ‍රැගෙන එන්නේ වෙළඳ ආයතනයන් වීමය. ඒවා විසින්ද තම වෙළඳ අරමුනු වෙනුවෙන් දත්ත ‍රැස්කර තබා ගැනීම ඒවා භාවිතාකිරීම සම්පූනයෙන් කිසි දිනක අවසන් නොකරනු ඇති බවය. තවත් සාධකයක් වන්නේ මේ සුවිසල් අවකාශයේ සාමය බිඳින්නන්ගෙන්ද අඩුවක් නොවීමය. විවිධ අරමුනු වෙනුවෙන් එහි සාමය බිඳින්නට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී. ගෙනවිත් ඇති නව අවකාශ ආකෘතිය සාම්ප්‍රදායික වෙනත් ආකෘති සමගද නිරන්තරයෙන් ගැටමින් ඇත. දේශපාලනික යාන්ත්‍රන එයින් මුල් තැනක් ගනී. දත්ත අවකාශය ගෙනවිත් ඇති නිදහස් ආකෘතිය හුදකලාවක් නොවේ. දේශපාලනික ආකෘතිය නොරුස්සන බොහෝ නිදහස එයට කරදරයක් වන අවස්ථා ඔවුන් සමනය කර ගන්නේ එය පාලනය කිරීමෙනි......
.....ජාති ආගම් බොහෝ වටිනා පෘතුවිය මතට අපූර්ව විසිතුරු බවක් ‍රැගෙන එන කාරනා බව සත්‍යයකි.එහෙත් මේ කාරනා ඉක්මවා සිටින මිනිස් සංකෘතිය තවදුරටත් අවිඥානිකව නොතිබිය හැකි තරමේ ක්ශනික විවර කිරීමක් තොරතුරු ලෝකය මිනිස් භාවිතවට ගෙනවිත් අහවරය. දුර හා කාලය මිනිස් වර්ගයාගේ පාලන සාධකයක් වීම සැහෙන දුරකට එය අවසන් කොට ඇත. තම රට හෝ ජාතිය තවකෙකුට එරෙහි කිරීම අවාසනාවන්ත කුඩා මනෝ භාවයක් බවට සාමන්‍ය දැනුම ඇත්තෙකුට පවා තව දුරටත් විහිලුවක් නොවී තිබිය නොහැකි තරම්ය. දකුනත , වම් අත නැතිනම් දකුනුපය, වම්පය ලෙසට බෙදා ගන්නවාට වඩා සමස්ථ මිනිස් වර්ගයා හමුවේ ඇති අභියෝග බොහොමයකි. අහස් කුස , පොලව අභ්‍යන්තරය පමනක්  නොව සුලි කුනා‍ටුවක් , භූචලනයක්  වැනි දහසකුත් ස්වභාදහමේ අබියෝග ඉදිරියේ ඔවුන් තාම අගු‍ටු මිට්ටන් ලෙසට අසරනව කදුලු සලන්නට වන තරමේ ජීවින් කොටසකි......
හෙට දවසේ මිනිසා පිලිබදව ලියවෙන කල්පිත සටහනේ දෙවන ලිවීම ලගදීම....

Wi-Fi සමග එන SD පතක් (Eye-Fi)!!!

  ඔබ කැමරාවෙන් ලබා ගන්නා ඡායාරුව පහසුවෙන් වෙබ් අවකාශයට නංවන්නට සහයවන SD මෙමරි පතකක් පිලිබදව කියවෙනවා. එනම් මොබගේ ඩිජිටල් කැමරාව PC එකකට සම්බන්ද නොකරම එම ඡායාරුව ලබා ගත සැනින් Wi-Fi සබදතාවය සමග එන Eye-Fi Mobi සමග ‍රැහැන්රහිතව ඔබගේ ස්මාට් පෝන් වල ඇති ඇප් එකක මාර්ගයෙන් ක්ශනිකව වෙබ් අවකාශයට යවන්නට හැකිවන බවටයි පැහැදිලි කර සිටින්නේ. සාමන්‍ය SD  පතක මෙන් ඔබ ලබා ගන්නා ඡායා රුව එහි තැන්පත් කර ගන්නවාට අමතරව එම SD පතටම සම්බන්දව පැමිනෙන Wi-Fi සබදතාවය ඔස්සේ ස්මාර්ට් දුරකථනයේ ඇති Eye-Fi app වෙතටද පිටපතක යැවෙන අතර ස්මාර්ට් දුරකථනයේ ඇති ඡායාරූ විමසමින් අවශ්‍ය ඒවා එම app සහයෙන් සමාජ ජාලාවකට හෝ වෙනත් අඩවියකට පහසුවෙන් යැවිය හැකි වනු ඇති බවටයි සටහන් වන්නේ.

IE 11 touch වැඩිම බල සු‍රැකුම් බ්‍රවුසරය වේ....

 මයික්‍රසොෆ්ට් ආයතනය තම පර්යේක්ෂන අංශයෙන් නිකුත්වන වාර්ථා පසුබිම් කර ගනිමින් පවසන්නේ Laptop හා Tablet භාවිතාවේදී වැඩිම බල සු‍රැකුමක් වාර්ථා කරන්නේ  internet exploraa 11 touch හා  internet exploraa 11 destop බවයි. එම බ්‍රවුසර දෙකසමග Firefox26, Chrome 32 හා opera18 සංස්කරන එම අත්හදා බැලිම සදහා යොදා ගෙන තිබුනු අතර windows laptop හා tablet පරිගණක බවටයි වාර්ථා පවසන්නේ. Toshiba Encore 8" tablet,  Surface Pro 2,  HP Pavilion laptop එම යොදා ගන්ත් උපාංග හැටියට සදහන් කර සිටිනවා. Toshiba Enco පර්ගණකය සමග කල අත්හදා බැලීම් වලදී IE 11  ටච් සංස්කරනය වඩාත් සාර්ථකම බල ඉතිරියක් ගෙනෙන සංස්කරනය ලෙසට වාර්ථාකල අතර එඋඅ පැය 8 කුත් විනාඩි 52ක් ලෙසට සටහන් වන විට IE 11 destop සංස්කරනය පැය 7 විනාඩි 45ක් ලෙසට සටහන් කර ගනු ලැබුවා. කෙසේ වෙතත් Surface pro 2 වලදී තත්වය වෙනස් ස්වරූපයක් ගත් අතර IE 11 DESTOP සංස්කරනය වැඩිම ප්‍රගතියක් පෙන්වන බ්‍රවුසර සංස්කරනය ලෙසට ගනනය වී තිබුනා. එම ප්‍රතිපල පවසන්නේ surface pro 2  වල වැඩි දියුනු කිරීම් අවශ්‍යව ඇති බවට බවයි ඔවුනගේ අදහස වූවේ.
       

2014-01-29

ෆේස්බුක් දත්ත ‍රැදවීමට Blu-Ray අත්හදා බැලීම්!!!!

  වේගයෙන් වැඩි වෙමින් ඇති data භාවිතාව ‍රැස්කර තැබීම සදහා වන ඩේටා සෙන්ටර්ස් එලබෙන යුගයේ බලශක්ති වැය මෙන්ම තවත් පරිසර  ගැටලු රාශියක ආරම්භය ලෙසට දැනටමත් හදාරන්නන් හදුනා ගනිමින් සිටී. සමාජ ජාලාවක් වෑනි දෛනිකව අධික දත්ත ප්‍රමානයක් ‍රැස්වන අවකාශයක් සදහා සැලකීමේදී තත්වය වඩාත් බරපතල වනු ඇත. Facebook ආයතනය මේ පිලිබදව අවදියෙන් කටයුතු කරමින් සිටින බව ප්‍රකාශවන පුවතකින් කියවෙන්නේ ඔවුන් තම භාවිතාකරන්නන්ගේ දත්ත ‍රැස්කර තැබීම සදහා Hard disk වෙනුවට Blu-Ray තැටි පිලිබදව අවධානය යොමුකරමින් සිටින බවකි. සාමන්‍ය දත්ත රදවන ප්‍රමානය මෙන් පස් ගුනයක දත්ත ‍රැදවිය හැකි දියුනු කල ක්‍රමවේදයක් සමග Blu-Ray තැටි 10000ක පෙටාබයිට්ස් පහක දත්ත ‍රැදවීමේ හැකියාවක් මේ වන විට අත්හදා බලමින් සිටින බවටයි වාර්ථා වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ සාමන්‍ය දත්ත ‍රැදවීමේ "cold storage" ක්‍රම වේදය සැලකීමේදීට වඩා 50%ක වැය ඉතිරියක්ද energy වැය සැලකීමේදී 80%ක වැය ඉතිරියක්ද මෙම නව ක්‍රමවේදය විසින් ෆේස්බුක් ආයතනයට ගෙනෙන බවටයි.  තවමත් පෙර අත්හදා බැලීමේ මට්ටමේ පවතින මෙම ව්‍යාපෘතියේ අවසාන මට්ටමේ අත්හදා බැලීම් වසර අවසානය පමන වන විට සිදු වනු ඇති බවටයි වැඩි දුරටත් තොරතුරු හෙලිවන්නේ.

Galaxy Glass සැප්තැම්බරයේ IFA වලට පැමිනේවි!!!

  smart glass ඉදිරි වසර 5-10 වන තෙක් භාවිතාකරන්නන් අතර ප්‍රධාන දත්ත උපාංගයක් බවට පත් නොවුනු ඇති බවට අනාවැකි පලවෙමින් ඇති මුත් samsung ආයතනයෙන් නොනිලව පලවන තොරතුරු හෙලි කරන්නේ බොහෝ විට ඔවුනගේ Galaxy Glass නිකුතුව එලබෙන සැප්තැම්බරයේ IFA වෙළඳ ප්‍රදර්ශනය වෙතට ඉදිරිපත් කරන්නට බෙහෙයින් ඉඩ ඇති ඇති බවකි. Samsong ආයතනය කොරියානු රජය යටතේ "sports glasses" ලෙසට  පේටන්ට් බල පත්‍රය හිමිකර ගෙන ඇති මෙම නිපැයුම සදහා යැයි සැක කෙරෙන අතර එය smart phone සමග සම්බන්දව දුරකථන ඇමතුම් වලට සම්බන්දවීමේ හැකියාව හා USB සබදතාවයක් සමග පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ඔවුනගේ Galaxy Gear smartwatch නිකුතුවද තවමත් වෙළඳ පොල තුල එතරම් සාර්ථකත්වයක් හිමි නොකරගෙන සිටින මුත් ආයතනයක් ලෙසට නව නිපැයුම් කරුවෙකු ලෙසට වන කීර්තියද මෙම නිකුතුව සමග බලාපොරොත්තුවන වා ඇති බවටයි විචාරක මතය වන්නේ. google glass පිලිබදව පලවන මත අතර එය වඩාත් සංකීර්න හා මිළ අදික උපකරනයක් වීම සැලකීමේදී Samsung ආයතනයට යම් බලපොරොත්තුවක් තබා ගැනීමේ හැකියාව පලකරන හදාරන්නන් වඩාත් භාවිතාකරන්න මිත්‍ර නිකුතුවක් ඔස්සේ එය ජනංප්‍රියතාවයක් හිමි කරගනු ඇති බවටයි විස්වාසය පලවෙමින් ඇත්තේ. එලබෙන අනාගතයේදී හිස ආශ්‍රිත පලදින පරිගණක උපකරන ලෙසට glass මෙන්ම හෙල්මට් වැනි උපාංග පරිගණක ක්‍රිඩා කරන්නන්, කාර්මිකයන්  මෙන්ම හමුදා භාවිතාවන් වලදී වැඩි ජනංප්‍රියතවයක් හිමි කරගනු ඇති බවටයි වැඩි දුරටත් නිගමනය වෙමින් ඇත්තේ.

ඔබේ සුරක්ශිත බවට යහ පුරුදු තුනක්

  හදාරන්නන් පවසන්නේ දත්ත ලෝකයේ භාවිතාකරන්නන් හට තම අනන්‍යතාවය සු‍රැකීම සදහා දෛනික භාවිතාවට එකතු කරගන්නා සරල පුරුදු කිහිපයක් ඉතා වැදගත් විය හැකි බවයි. ඒවා අතර geoloacation  තම උපාංගයෙන් අක්‍රිය කර තැබීම පලමු තැනට සදහන් කර සිටිනවා. ඔවුන් පවසන්නේ GPS ඔස්සේ ලැබෙන පහසූන් වලට වඩා ඒවා අවභාවිතවේ යෙදෙන ඇප් සටහන් කරුවන්ගෙන් සිදුවිය හැකි හානිය බලවත්විය හැකි බවයි.මේ අනූව හැකි හැම විටම මෙවැනි පහසුකම් අක්‍රියව තැබීම වැදගත් බවටයි ඔවුන් යෝජනා කරන්නේ. එසේම අනවශ්‍ය පරිදි Wi-Fi විවෘතව තැබීම අනවශ්‍ය ගැටලු බොහොමයක් භාවිතාඅකරන්න වෙත කැදවන්නක් විය හැකි බවටයි යෝජනා වන්නේ. භාවිතා නොකරන හැම විටකම තම smartphones, tablets හෝ  laptops වල Wi-Fi අක්‍රිය කර තබන්නට භාවිතාකරන්නන් පොලබවන ඔවුන් එම පහසුව ඔස්සේ උපාංගය මීට පෙර එම පහසුව ලැබූ ස්ථාන පිලිබදව ආදී තොරතුරු නිරාවරනය වීමේ අවස්ථාව පෙන්වා පෙන්වා දෙන අතර ඒ ඔස්සේ තව දුරටත් නිරා වරනය විය හැකි MAC ලිපිනය වැනි තොරතුරු ඔස්සේ මෘදු රදවනයක් සමග ඔබපසුපස හබා එන්නට ඇති අවස්ථාවන් පෙන්වා දෙනවා. තෙවන කාරනාව ලෙසට යෝජනා වන්නේ අන්තර්ජාලය ඔස්සේ ඔබ යම් ගිනිමකට logon වූ හැම අවස්ථවක්දීම එම භාවිතාවන් අවසානයේ logout වීම ඉත වැදගත් මුත් බොහෝ විට නොසලකා හරින කාරනාවක් වන බවයි. පොදු පරිගණකයක් භාවිතාකරන අවස්ථාවකදී පමනක් නොව පෞද්ගලික පරිගණකයක් ඔස්සේ උවත් මෙම පුරුද්ද තබා ගනීම වැදගත් වන ඇති බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. එම පුරුද්ද ඔබව Clickjacking attempts මෙන්ම Cross-Site Referral Forgery attacks හා social media tracking beacons පමනක් නොව ලබන අවසරයක් ඔස්සේ ඔබේ කීබෝඩය ඔස්සේ අනවසරරයෙන් තවකෙකුට එම ගිනුමට එබී බලන්නට ලැනෙ අවස්ථාව ඔවුන් පෙනවා දෙනවා.

Data Privacy Day නිහඬවම ගෙවී ගියේය....

  ගෙවී ගිය දිනය තොරතුරු ලෝකයේ භාවිතකරන්නන්හට වැදගත් වන දිනයකි. එනම් Data Privacy Day ලෙසට එය නම්කොට තිබීමය. දත්ත ලෝකය භාවිතාකරන්නන් හට තම දත්තවල සුරක්ශිත බව අවධාරනය කරන්නට යොදාගන්නා දිනයක් ලෙසටයි එය නම් කොට තිබෙන්නේ. 2008 ජනවාරි මාසයේ සිට ඇමරිකානු හා කැනඩා වලදී Data Protection දිනයේ දිගුවක් ලෙසට මෙම දිනය නම්කරන ලද බවටයි වාර්තා වන්නේ. National Cyber Security Alliance නම් ලාබ නොලබන ආයතනයක මූලිකත්වයෙන් සැමරෙන මෙම දිනයේදී පෞද්ගලික මෙන්ම ආයතනිකව දත්ත නිදහසේ ගලායාමට මෙන්ම ඒවාට ගෞරවකිරීම හා ඒවා  සුරක්ශිත කිරීමේ වැදගත්කම වටහා දීම සිදුවන අතර රාජ්‍ය මට්ටම් වලින් පවා තොරතුරු වල අනන්‍යතාවය පැහැර ගැනීමේ චෝදනා එල්ල වෙමින් ඇති වකවානුවක සිටින අප හට එවන් වටිනා දිනයක් නිහඬවම ගෙවී යාම කනගා‍ටුවට කරුනකි. කෙසේ වෙතත් සමහර යුරෝපියානු රටවල නම් මෙම දිනය මෙන්ම තම රට වැසියන්ගේ තොරතුරු වල සුරක්ශිත බව අවධාරනය කරනනටනිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බව අමතක නොකල යුතුය.

2014-01-28

solar panal සහිත dual display ඇපල් Macbook පරිගණකය

  solar panal සහිත dual display ඇපල් Macbook පරිගණකය තවම ඇත්තේ සංකල්ප මට්ටමේ බවටයි වාර්ථා වෙන්නේ. දැනටමත් patent හිමිත්වය ලබා ගෙන ඇති මෙම පරිගනකයේ අභ්‍යන්තර display මුහුනත සාමන්‍ය ආකාරයට ක්‍රියාත්මක වන අතර පිටත මුහුනත සොලර් පැනලය සහිතව නිර්මානය වන අතර අවශ්‍ය නම් එය ටැබ්ලට් මුහුනතක් ලෙසටද භාවිතාකරන්නට හැකි වනු ඇති බවටයි සටහන් වන්නේ. එය ස්පර්ශක මිත්‍ර තිරයක් ලෙසට ක්‍රියා කරනු ඇත. බල කාර්යක්ශමතාවය සැලකීමේදී ඉදිරියෙන් සිටින මෙම සංකල්පය සතුව පවතින තාක්ශනික දියුනුකිරීම් කිහිපයකම අවශ්‍යතාවය ඔස්සේ සැලකීමේදී මෑතකාලීනව බලා පොරොත්තු විය නොහැකි බවට සැලකෙන මුත් බොහෝ පරිගණක නිෂ්පාදන ආයතනයන්ගේ අවධානය ලබා ගන්නා මට්ටමක පවතින නිර්මාණයක් ලෙසටයි විචාරක මතය වන්නේ.

මිනිස් අතැගිලි වලින් මෙහෙවන කර්සර තුඩ ඉදිරි දශකටද වලංගුය.....

 Mouse භාවිතාව අවසන් කරන්නට වින්ඩෝස් 8 වලට අවශ්‍ය වූවේ ටැබ් ආකාරයේ පරිගණක මූලික හෙට ලෝකයට එය අමතර අපහසුවක් වන බැවිනි.එහෙත් තත්වය යලි සිතන්නට සිදුව ඇති බව ඔප්පු කරමින් පලවන නවතම නොනිල ආරංචි මාර්ග පවසන්නේ මවුසය මුලික ඩෙස්ටොප් භාවිතාව දෙසට මයික්‍රසොෆ්ට් ආයතනය යලිත් මද හෝ අවධානයකට සූදානම් වන බවකි. මවුසය සදහා බොහෝ විකල්ප පැමින ඇත. ස්පර්ශක මෙහෙයුම් උපාංග , ඇසේ චලනය මගින් මෙහෙයවීම , කට හඬ ඔස්සේ අනදීම , අංග චලනයන් ඔස්සේ උපාංග මෙහෙයවීමේ හැකියාව ඒ අතර තිබුනද අතැගිලි ඔස්සේ කර්සර තුඩක් සමග කරන සියුම් චලනයන් සදහා මේ කිසිවකට තවමත් විකල්පයක් වීමට නොහැකිව ඇත. මා නිවැරදි නම් "මොලයේ බාහිරට නෙරුම අතැගිලි" යැයි සටහනක් මිනිසුන් අතර වේ. මා වැරදිනම් එවැනි වාක්‍යයක් නිර්මානය කර ගන්නට සිදුව ඇත. හුදු තොරතුරු ලෝකය පරිභෝජනය කරන්නාගේ භාවිතාව ඉක්මවන හැමවිටකම අවශ්‍ය වන හැසිරවීම සදහා ඇගිලි ඔස්සේ මෙහෙයවන කර්සර තුඩ ඉක්මවන කිසිදු භාවිතාවක් තවමත් අප සතුව නැත.අඩුම තරමින් ඉදිරි දශකය තුලදීනම් අතැගිලි වලින් මෙහෙවන කර්සර තුඩක සියුම් චලනය මිනිසාට ලගා කරදෙන විකල්පයක් භාවිතාකරන්නන්හමුවට පැමිනීම බලාපොරොත්තුවිය නොහැක.

NSA මොබයිල් app වලිනුත් තොරතුරු ලබා ගන්නවා !!!

  හෙලි වෙමින් ඇති NAS තොරතුරු තත්වය වඩාත් සංකීර්න බවකට ගෙන යමින් සිටී. පසුගිය සතියේ පැවසුනේ offline මට්ටමේ පරිගණක වලින් පවා තොරතුරු ලබා ගන්නට National Security Agency කටයුතු කරමින් සිටින බව වන අතර නවතම හෙලිවන තොරතුරු පවසන්නේ ඔවුන් mobile apps වලින්ද භාවිතාකරන්නන්ගේ තොරතුරු ලබා ගන්නට කටයුතු කරමින් සිටින බවකි. The Guardian වෙතින් පලවූ ලිපියකට අනූව භාවිතාකරන්නන්ගේ age, sex, martial status ඇතුලු බොහෝ තොරතුරු ලබා ගන්නට කටයුතු කරමින් සිටින බවකි. ස්මාර්ට් දුරකථන වල භාවිතාවන බොහොමයක් ජනංප්‍රිය ඇප්ස් වලින් පවා මෙම තොරතුරු ලබා ගැනීම සිදුවන බවට හෙලි වෙමින් ඇති අතර ප්‍රකට මොබයිල් ක්‍රිඩවක් වන Angry Birds වලින් පවා තොරතුරු ලබා ගන්න බවට එම ලිපිය තොරතුරු හෙලි කරනවා. ඇමරිකානු ජනාධි පතිවරයා පසුගියදා ප්‍රකාශයක් කරමින් තත්වය පිලිබදව අවධනයෙන් ක්‍රියා කරන බවට පැවසූ අතර මයික්‍රසොෆ්ට් ආයතනය්ද ජාත්‍යන්තරව මෙවැනි තත්වයන් ඇති නොවන ආකාරයේ ප්‍රමිතියකට පැමිනීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.

Samsung වෙතින් Galaxy Glass එනු ඇත....

  පලවන නොනිල ආරන්චි මාර්ග පවසන්නේ Samsung ආයතනයද එලබෙන සැප්තැම්බර මාසයේ බර්ලින් වල පැවැත්වෙන IFA 2014 සදහා Galaxy Glass ලෙසට Google Glass සදහා තරග කරුවෙකු ගෙනෙන්නට සූදානමක් ඇති බවකි. Sony වෙතින්ද මේ වන විටත් පලව ඇති පුවතක් පැවසා සිටියේ තමන්ද smart eyeglass නිපැයුමක් CES 2014 සදහා සුදානම් කරමින් සිටින බවකි. මෙම වසරේ පලඳින ආකාරයේ පරිගණක උපාංග පිලිබදව පවතින මෙම ප්‍රවනතාවය වෙතට සියලුම පාහේ ප්‍රධාන පරිගණක උපාංග නිපදවන්නන් තමාවධානය යොමුවකර ඇති බවට මෙම පුවත් වඩාත් තහවුරු කර සිටී.
                      පැමිනෙන දුරකථන ඇමතුම් ලබා ගැනීම, පනිවිඬ යැවීම , ඡායාරූ ගැනීම මෙන්ම , සංගීතය සවන්දීම වැනි හැකියවන් ‍රැගෙන එනු ඇති බවට සැලකෙන මෙම උපකරනය Galaxy Gear මෙන්ම භාවිතාකරන්නාගේ ස්මාර්ට් දුරකථනය මූලිකව ක්‍රියාත්මක වනු ලබන ආකාරයක් ගනු ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ. තොරතුරු හදාරන්නන් දැනට මත් බලාපොරොත්තු පල කොට ඇත්තේ පලදින ආකාරයේ පරිගණක වෙළඳ පොල ඉදිරියේදී විශාල වර්ධනයක් අත්පත් කරගනු ඇති බවයි.

SkyDrive පහසුව OneDrive ලෙසට වෙනස් වේ.

  SkyDrive මයික්‍රසොෆ්ට් වෙතින් ලබා දෙන ක්ලවුඩ් ආශ්‍රිතව ගොනු රදවා තබාගන්නට ලැබෙන සේවාවකි. භාවිතාකරන්නෙකුට තම භාවිතාකරන උපාංගයේ සීමවෙන් මිදී පහසුවෙන් තම ගිනුම ඔස්සේ තම කටයුතු පවත්වාගෙන යාමට ඉන් ලැබෙන්නේ ඉමහත් සේවයකි. ලියාපදිංචි වන ඔනෑම අයෙකුට නොමිළේ ලැබෙන අවකාශයක් මෙන්ම අවශ්‍ය අයෙකුට මුදල් ගෙවා වැඩි ඉඩකඩක් වෙන් කර ගැනීමේ හැකියාවද එහි ඇත. වින්ඩෝස් 8 භාවිතාකරන්නෙකුට තම තම මයික්‍රසොෆ්ට් ගිනුමක් ඔස්සේ මෙහෙයුම් පද්ධතියට පිවිසුන විට පහසුවෙන් තම පරිගණකයේ සැකසුම් වටපිටාවත් සමග නැවත වෙනත් පරිගණකයකින් තම කටයුතු ඉදිරියට කරගෙම යාමට හැකිවීම බොහෝ භාවිතාකරන්නන්ගේ සිත් ගත් තවත් පහසුවකි. එයද මෙම ක්ලවුඩ් ආශ්‍රිත ගොනු රදවා තැබිමේ හැකියාවේ ප්‍රථිපලයකි.
                  මයික්‍රසොෆ්ට් ආශ්‍රිත පලවන තොරතුරු අඩවි වල SkyDrive වෙනුවට OneDrive ලෙසට පෙර නාමය වෙනස්කර යොදන බවට මේ වන විට තොරතුරු හෙලිවනවා. දැනට පැවසෙන්නේ මෙම වෙනස් කම එය හදුන්වන නාමයට පමනක් බලපාන මුත් පෙර පැවති ආකාරයටම එහි සියලුම සේවා ඉදිරියටත් එලෙසම ලැබෙනු ඇති බවට පැවසෙනවා.සරල architectural  වෙනස්කම් කිහිපයක් හැරුනු විට සුපුරුදු සේවාව එලෙසම ලබා ගන්නට හැකි බවට පැහැදිලි කෙරෙන අතර වෙළඳ නාම පිලිබද නීතිමය ගැටලුවක ප්‍රථිපලයක් ලෙසට මෙම වෙනසසිදුවූ බවටයි පැහැදිලි කර සිටින්නේ.

2014-01-27

ගූගල් තවත් artifical intelligence සමාගමක් මිළදී ගැනීමකට!!!!

  ගූගල් ආයතනය තම වපසරිය සෙයුම් යන්ත්‍ර භාවිතාව ඉක්මවන්නට විවිධ ලෙස කටයුතු කරන ආයතනයකි. ස්මාර්ට් උපැස්යුවල , ස්මාර්ට් කාරය ඉන් දෙකක් පමනී. පලවන නවතම ආරංචි මාර්ග පවසන්නේ ඔවුන් DeepMind නම් artifical intelligence කටයුතු වල යෙදෙන සමාගමක් අත්පත්කර ගන්නට කටයුතු කරමින් සිටින බවකි. ලංඩනයේ පිහිටි මෙම ආයතනය machine learning , system neuroscience වැනි විෂය ක්ෂේත්‍ර පිලිබදව කටයුතු කරන අතර ලොව පිලිගත් භාවිතාවන් කිහිපයක්ම දායාදකරන්නට කටයුතු කල ආයතනයක් ලෙසටයි සටහන් වන්නේ. පසුගිය කාලය තූල ගූගල් ආයතනය artificial intelligence මෙන්ම robotics සම්බන්දයෙන් කටයුතු කරන ආයතනයන් අත්පත්කර ගන්නට කටයුතු කරමින් සිටින අතර එලබෙන ආනාගතයේ නිර්මානය වනු ඇති බවට බලාපොරොත්තුවන සංක්‍රීය පරිගණක සහයකයාගේ යුගය වෙතට නිහඩවම සූදානම් වෙමින් සිටින බවටයි පෙනෙන්නට ඇත්තේ. ඩොලර් මිලියන 400 ක ගනු දෙනුවක් ලෙසට ඉහත ආයතනය පිලිබදව බාහිරින් තොරතුරු පලවෙමින් ඇති මුත් ගූගල් ආයතනය තවමත් ඒ පිලිබදව නිල ප්‍රකාශයක් කර නැති බවටයි වාර්ථා පවසන්නේ.

වින්ඩෝස් 8 තුල ඔබගේ පෞද්ගලිකත්වය සුරකින සැකසුම්.


     ඔබ බාගතකර ගනු ලබන app ක්‍රියාතමක වීමේදී පරිගණකය තුල තැන්පත්ව ඇති ඔබගේ පෞද්ගලිකත්ව තොරතුරු භාවිතා කිරීමේ හැකියාවක් එයට ලැබීම සමහර විටකදී එයට ලැබේ. බොහෝ විට මෙම අවසරය එම app සදහා විවෘතවන්නේ හුදු ඔබගේ තොරතුරු සොරා ගැනීමේ අටියෙන් නොවන අතර එම app වල නිවැරදි ක්‍රියා කාරීත්වයට ඒවා අවශ්‍ය නිසා විය හැක. එනම් වඩාත් නිවැරදිව එම app සමග සේවාවක් ලබන්නට නම් ඔබ සිටින ස්ථානය ඔබගේ භාෂාව ආදිය වැදගත් වනු ඇත. වින්ඩෝස් 8 භාවිතාකරන ඔබට අවශ්‍ය නම් මෙලෙස ඔබගේ තොරතුරු භාවිතාවීම පාලනය කිරීම සදහා පහසුකම් එම මෙහෙයුම් පද්ධතිය සමගම පැමින තිබීම වැදගත් අවස්තාවකි. පහත දැක්වෙන ලෙසට ඔබට අවශය නම් ඒම සැකසුම් වෙනස් කිරීම තුලින් ඔබගේ තොරතුරු එම app සදහා නිරාවරනය වීම සීමා කර ගන්නට හැකි වනු ඇත.
                                                මේ සදහා ඔබගේ වින්ඩෝස් 8 පරිගණකයේ ටයිල් ස්ක්‍රීනය වෙතට පිවිස දකුනු පසින් ඇති චාර්ම් බාරයේ  යටින්ම වන settings ක්ලික් කොට විවෘතවන කවුලුවේ යටින්ම වන change the setting යන්නට පිවිසිය යුතුයි. මෙම තිරයේ වම් පසින් වන privacy යන්න ක්ලිච්ක් කල විට විවෘතවන කවුලුවේ ස්වංක්‍රීයව ඔබගේ තොරතුරු app සදහා විවෘතවීමේ සැකසුම් දැකිය හැකි අතර එහිදී ඔබ සිටින ස්ථානය , ඔබගේ ගිනුම් ඡායාරූපය මෙන්ම ඔබ යනෙන url තොරතුරු වලට ඉදිරියෙන් ඇති on/off ඔස්සේ පාලනය කිරීමේ හැකියාව ලැබෙනු ඇත. භාවිතාකරන වින්ඩෝස් 8 සංස්කරන අනුව මෙහි වන අවස්ථා වෙනස් විය හැකි අතර SmartFilter නම් තේරීම හැරෙන්නට අනෙකුත් තේරීම් අවශ්‍ය පරිදි වෙනස් කිරීම වැදගගත් විය හැක. පෙර කී smartFilter off නොකල යුත්තේ ඔබගේ IE බ්‍රවුසරය ඔස්සේ අනවශ්‍ය හනීකර දෑ බා ගත වන්නට හෝ ස්ථාපනය වන්නට බ්ලොක් කිරීමක් එහිදී සිදුවන බැවිනි.

Samsung හා Google අතර ඉදිරි දසවසරක patent එකගතාවක්

  ඉදිරි දස වසරට බලපාන ලෙසට Samsung හා Google අතර patent භාවිතය පිලිබදව එකගතවයකට එකග ඇති බවට නිවේදනය වන්නේ. Samsung ආයතනය මේ බව නිවේදනය කරමින් පවසා සිටියේ ඉදිරි දස වසර තුලදී දැනට පවතින හා ඉදිරියේදී පැමිනෙන patent ගැටලුවකින් තොරව දෙයාතනවලටම යොදා ගැනීමේ හැකියාව පවතිනු ඇති බවයි. පසුගිය කාලයේ පැතිර ගිය ආරන්චි පවසා සිටියේ Korea අභ්‍යන්තරව සංවර්ධනය වූ මෙහෙයුම් පද්ධතියක් වන Tizen මෙහෙයුම් පද්ධතිය වෙතට ඉදිරි නිෂ්පාදන වලදී ප්‍රමුකථාවයක් ලබෙන්නට ඉඩ ඇති බවකි. ජපන් ආයතනයක්ද පවසා සිටියේ ඉදිරි නිපැයුම් සදහා  Tizen යොදා ගන්නට තම සැලසුමක් ඇති බවකි. මයික්‍රසොෆ්ට් සමාගමද තම වින්ඩෝස් ෆෝන් 9 සදහා නව UI එකක් නිර්මානය කිරීමේ කටයුත්තට මේ වන විට අවධානය යොමුකර ඇති බවටයි පසුගියදා පැවසුනේ.

Taeget ආකාරයේ ඉදිරි ප්‍රහාරයන් ගැන FBI වෙතින් අනතුරු ඇගවේ!!!!

  FBI වෙතින් retailer මට්ටෙමේ ව්‍යාපාරිකයන් වෙතට අනතුරු ඇගවීමක් නිකුත්ව තිබෙනවා. පෞගියදා  Taeget වෙතින් වාර්ථාවූ ඔවුනගේ පාරිභෝගිකයන් මිලියන 110ක ගේ තොරතුරු සොරා ගැනීම වැනි POS යන්ත්‍ර වෙතට සිදුවන මැල්වෙයාර් ප්‍රහාරයන් ඔස්සේ ක්‍රියාත්මක වන සොරා ගැනීම් වල ස්වභාවටේ අනතුරු නෑවතත් ඇතිවීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති බවටයි වාර්ථාවන්නේ. cash registers හා credit card swiping devices ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක විය හැකි මැල්වෙයාර් බොහොමයක්  "underground forums" ඔස්සේ සරනය වෙමින් තිබෙන බවට පවසන ඔවුන් දැඩි අවධානයකින් කටයුතු කිරීම වැදගත් බවට අවධාරනය කර සිටිනවා. "RAM scrapers" ලෙසට කුඩා මෘදුකාංයක් ඔස්සේ එම යන්ත්‍රවල තැන්පත්කර පාරිභෝගිකයන්ගේ ගනුදෙනු පත්වල තොරතුරු ලබා ගැනීම මෙම ප්‍රහාරයන්ගේ බහුල ආකාරය වූ බවටයි ඔවුන් හෙලි කර සිටින්නේ.

Xbox පද්ධතිය බෙරා ගන්නට ගිනිගෙන දැවෙන නිවසට වැදුනු මිනිසාගේ කථාන්දරය.....

  Kansas වලින් වාර්ථාවන පුවතක් පවසන්නේ තම ගිනිගෙන දැවෙන නිවසට වැද තමාගේ ප්‍රියතමයක් වන Xbox උපාංගය බෙරා ගන්නට ක්‍රියා කල මිනිසෙකු පිලිබදවයි. පසුගිය සිකුරාදා අලුයමට වන්නට හට ගත් ගින්නෙන් ඇමරිකානු ඩොලර් 80000ක හානියක් සිදුව ඇති බවටයි ගනනය වී ඇත්තේ. නිවස ගිනිගනිමින් ඇති බවට වැටහුනු ඔහු පලමුව හිස් අතින්ම නිවසෙන් පිටතට පැමිනියද අනතුරුව නිවසතුලට ගිනි දැල් අතරින් ඇතුලුව Xbox ක්‍රීඩා පද්ධතිය ගින්නෙන් බේරා ගන්නට ක්‍රියා කර ඇත. දුම් සහිත වාතය ආස්වාශ වීමෙන් හා සුලු තුවාල කිහිපයක් හැරෙන්නට ඔහු හොඳින් සිටින බවටයි වෛද්‍ය තොරතුරු හෙලිකර සිටින්නේ.

2014-01-26

දකුනු කොරියාව 5G සදහා කඩිනමින් සූදානම් වෙමින් ඇත....

  දකුනු කොරියාවෙන් වාර්ථාවන්නේ මොබයිල් සබදතාවේ මීලය යුගයට පිවිසෙන්නට තමන් සූදානම් බවකි. පස්වන පරම්පරාවේ(5G) ජංගම සබදතා යුගය ගැන කථාකරන ඔවුන් ඩොලර් බිලියන 1.7 ක ඉදිරි සැලසුමක් මේ වන විට සූදානම් කර ඇති බවටයි හෙලි කර සිටින්නේ. සරලව 5G හැකියාව පැහැදිලි කරන්නට නම් පූර්න සිනමාපටයන් තප්පරයකදී බාගතකර ගැනීමේ හැකියාව උදාහරනයක් වනවා. මොබයිල් සබදතා තාක්ශනයේ අතීතය පැහැදිලි කරන ඔවුන් 1990 දී 2G , 2000 දී 3G , 2010 දී 4G ලෙසට දක්වන අතර මේ වන විට 5G යුගය සදහා පිවිසෙමින් සිටින බවටයි පැහැදිලි කර සිටින්නේ. 2017 වන විට 5G භාවිතාව ආරම්භ වීමටත් 2020 වන විට එය වෙළඳ පොලට නිකුත්කරන්නටත් සැලසුම් ව ඇති බවටයි වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ. එරට සැම්සොන් ආයතනය ලොව මොබයිල් උපාංග භාවිතාවෙන් 30%ක භාවිතාවක් හිමිකර ගෙන ඇති අතර  Huawei 26% ලෙසට සටහන් කරන්නට 2012දී සමත්ව තිබෙනවා.
                 Samsung පසුගිය වසරේ  ගිගා බයිට් එකක වේගයකින් දත්ත හුවමාරු වේගයක් කිලෝමීටර 2ක් තුල සම්ප්‍රේක්ශනයක් කරමින් සර්ථක අත්හදා බැලීමක නිරතවූ අතර 4G ඔස්සේ තප්පර 40ක් ගන්නා මෙගී බයිට්800ක ගොනුවක් 5G ඔස්සේ තප්පරයකදී හුවමාරුවට හැකිවීම ඔස්සේ තොරතුරු ලෝකය වෙනත්ම හැඩයක් ගන්නා බවටයි බලාපොරොත්තුව පලවෙමින් ඇත්තේ.

ඇපල් ඇතින් විස්මිත iWatch එකක් පැමිනේවිද????

  සියලුම පාහේ ප්‍රධාන දත්ත උපාංග සමාගම් ස්මාර්ට් මට්ටමේ අත් ඔරලෝසුවක් නිපදවීම පිලිබදව පසුගියකාලයේ සිට දැඩි අවධානයෙන් කථා කරනු දැකිය හැකි විය. ඉන් සමහර ආයතනයන් දැනටමත් තම නිෂ්පදයක් වෙළ්ඳ පොලට ඒවන්නට කටයුතු කර ඇති අතර තවත් ආයතනයන් ඒ සදහා කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. මේ තර ඇපල් ආයතනයද "iWatch" නමින් තම ස්මාර්ට් මට්ටමේ අත් ඔරලෝසුව පිලිබදව සංකල්පයක් ඉදිරිපත්කර තිබූ මුත් තවමත් අවසාන නිෂ්පාදනයක් පිලිබදව හෝඩුවාවක් ලබාදී නැත. ඇපල් ආයතනය්යේ CEO වරයා 2013 වසර අවසාන ලිපිය සේවක මහතුන්ට යවමින්ද 2014 පුදුම කරවන සුලු තම නිකුත්කිරීම් පෙලකට සූදානම් වන ලෙසට දන්වා සිටින ලදී.
        ඇපල් ආයතනයට සම්බන්දිත නිර්මන කරුවෙකු iWatch සදහා නිර්මාන සටහනක් නිර්මානය කරන්නට කටයුතු කර ඇති අතර එය ඇලුමේනියම් හා වීඳුරු සැකසුමක් සහිත බවටයි දක්වා සිටින ලද්දේ. ඔහු තම නිර්මානය සමග Music app , phone call , lock screen , home screen මෙන්ම ෆ්itness app ආදිය නිරූපනය වන සේ තම නිර්මානය කර තිබෙනු පෙනෙන්නට වූ අතර සමහර විටක ඇපල් ආයතනය තුල සංවර්ධනය වෙමින් තිබෙන සැබෑ iWatch නිපැයුමට එය කිට්‍ටු එකක විය හැකි බවටද විචාරකයින් සැක කරනු දැකිය හැකි විය. icone  භාවිතවේදී iphone වලට සමාන ආකාරයට එය නිර්මානය කරන්නට කටයුතු කොට තිබූ අතර Siri ආදී එම ආයතනය ආවේනික පහසුකම් අවදිකරන්නට අවශ්‍ය icon එහි දක්වා තිබිනි. සිදුවිය නොහැක්කක් ලෙසට සමහර විචාරකයින් කරුනු දක්වන මෙම නිමැවුම් පිලිබදව තවත් සමහර විචාරකයින් කියන්නේ ඇපල් සමාගම මුල් ස්වභාවයෙන්ම සුදුවිය නොහැකි යැයි පිලිගෙන තිබූ අපූරු දෑ ලොවට ගෙනෙන්නට නිර්මානය වූ සමාගමක් බවයි.

2014-01-25

වින්ඩෝස් 8 සාම්ප්‍රධායික ඩෙස්ටොප් භාවිතාවට යලි හිස නමන්නට සැරසෙයි????

  වින්ඩෝස් 8.1 වෙතට යාවත්කාලීනයක් පැමිනීම  නොනිලව මාර්තු 11ට නියමිතව ඇත. තවමත් හොඳින් ස්ථාවර වන්නට තැත් දරමින් සිටින වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය මෙම නව යාවත්කාලීනය සමග සුපුරුදු ඩෙස් ටොප් භාවිතාව සදහා යලිත් සාදාරනයක් කරන්නට පොරොන්දුවෙමින් සිටී. ස්ටාර්ට් මෙනුව ‍රැගෙන ඒම මෙන්ම නව ඇප් භාවිතාවන් ටාස්ක් බාරයට පින් කිරීමේ හැකියාව ආදී බොහොමයන් මේ වන විට පොරොන්දු වෙමින් සිටී. නව යාවත්කාලීනයන් සමග ස්ටාර්ට් ස්ක්‍රීනය සමග කටයුතු කිරීමේදී අත් හැරදමා තිබූ මවුසය හා කීබෝඩය සමග ක්‍රියාකාරකම් වලටද යම් පිලිගැනීමක් ලබාදෙන්නට කටයුතු කරමින් සිටින බවටයි පලවන නවතම නොනිල තොරතුරු පවසන්නේ. උදාහරනයක් ලෙසට ස්ටාර්ට් ස්ක්‍රීනයේ ටයිලයක් මතට කර්සරය ‍රැගෙන ගොස් Right ක්ලික් කල විට මතුවන මෙනුවක් ඔස්සේ එම ටයිලය සමග යම් ක්‍රියාකාරකම් වලට පිවිසීමට හැකි වීමක් දක්නට ලැබේ. ස්පර්ශක මිත්‍ර බවින් ඉවත්කර දමන්නට තීර්නය කරතිබූ මවුසයේ ක්‍රියා කාරීත්වය ස්ටාර්ට් ස්ක්‍රීනයට  නැවත ගෙනෙන්නට මයික්‍රසොෆ්ට් ආයතනය තීර්නය කර ඇතුවා සේය. මීට අමතරව ස්ටාර්ට් ස්ක්‍රීනයේ දකුනු ඉහලින් භාවිතාකරන්නගේ තොරතුරු වලට පිවිසීමට අමතරව සර්ච් බටනයක් හා පෙර සංස්කරන වලදී සගවා තබා සිටි power option බටනයක් නැවත ‍රැගෙන ඒම සාම්ප්‍රධායික ඩෙස්ටොප් භාවිතාවට නැවත වරක් වින්ඩෝස් 8 එකග බවට වන සලකුනක් මෙනි.

SEA හානිය වඩාත් බරපතලයි!!! -Microsoft-

 

 Syrian Electronic Army ලෙසට හදුන්වා ගන්නා කන්ඩායමක් විසින් මයික්‍රසොෆ්ට් ආයතනයට එල්ල කරමින් සිටින ප්‍රහාරයන් පෙලක් පිලිබදව පසුගිය කාලයේ වාර්ථා වනු ලැබුවා. ඔවුනගේ නිල බ්ලොග් අඩවි ‍ටුවිටර් ගිනුම් මෙන්ම නිල ෆේස්බුක් පි‍ටු වලට අනවසර පිවිසීම් ඒවා අතර වූවා.පලවන නවතම තොරතුරු හෙලිකොට සිටින්නේ මයික්‍රසොෆ්ට් ආයතනයේ සේවක මහතුන් පිරිසකගේද සමාජ ජාලා හා ඊමේල් ගිනුම් අතරට පිවිස තොරතුරු සොරා ගැනීම් කිහිපයක් මේ වන විට හෙලි වෙමින් ඇති බවයි. social engineering cyberattack  වේදය ඔස්සේ සිදුව ඇති මෙම පිවිසීම් ඔස්සේ සංවෙධී මට්ටමේ නෛතික හා ව්‍යාපාරික තොරතුරු අඩංගු ලිපි ගොනු පැහැරගැනීමක් සිදුව ඇති බවටයි හෙලිකර සිටින්නේ.ආයතනය පවසන්නේ අභ්‍යන්තර ආරක්ශාව ගැන අවධානය යොමුකර ඇති බවත් මෙම පැහැරගැනීම් පිලිබදව අභ්‍යන්තර සොයා බැලීම් සිදුකෙරෙමින් පවතින බවයි.

ස්මාර්ට් දුරකථන සමග එන blotware පාලනයට South Korean රජය තීර්නයකට!!!!

  දත්ත උපාංග සමග එන bloatware භාවිතාකරන්නා හට කැදවන්නේ මහත් අපහසුතාවක් වීම බහුල අත්දැකීමකි. විශේෂයෙන් ස්මාර්ට් දුරකථනයක් වැනි අවස්ථාවලදී තත්වය වඩාත් බැරෑරුම් වනු දැකිය හැකිය. ෆෝනයේ ප්‍රොසෙසර් බලය ‍රැම් බලය මෙන්ම ස්ටෝර් බලය යන අත්‍යාවශ්‍ය සියලුම හැකියාවන්ට අනවශ්‍ය තදබදයක් ගෙනෙන බොහොමයක් මෙම bloatware වැඩ දායක වන්නේ බාහිර වෙළඳ ඉලක්ක සදහා පමනය. පසුගියදා South Korean රජය පවසා සිටියේ ස්මාර්ට් දුරකථන සමග පැමිනෙන සියලු blotware භාවිතාකරන්නා හට අවශ්‍ය විටකදී මැකිය හැකිව තිබිය යුතු බවයි. රජය වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ Wi-Fi connectivity, near-field communication (NFC), the customer service හා app store වැනි අවශ්‍යතාවයන් සදහා පමනක් වන අනෙකුත් සියලු botware සදහා මෙම තීර්නය බලපාන බවටයි නිවේදනය කර සිටින්නේ. එරට Samsung ආයත්නයද පසුගිය කාලයේ සිදුකල නිකුතූන් වලද මෙම අමතර මෘදුකාංග නිසා storage අවමකම වැනි අපහසූන්ට මුහුන පාන්නට සිදුවුනු අතර භාවිතාකරන්නන් හට මෙම නව පියවර සමග මහත් පහසුවක් ගෙනෙනු ඇත.

තප්පරයකට ටෙරාබිට් 1.4ක බ්‍රෝඩ්බෑන්ඩ් වේගය අත්හදා බැලේ....

  දැනට අත්හදාබලා ඇති වේගවත්ම බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවය බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ආයතන දෙකක් එක්ව ලන්ඩන්වලදී සිදුව ඇති බවටයි වාර්ථාවන්නේ. තප්පරයකට ටෙරාබිට් 1.4ක් වූ එම වේගය ඔස්සේ අඪ්ජි සුපැහැදිලි මට්ටමේ චිත්‍රපට 44ක් තප්පරයක් තුලදී යැවිය හැකිව තිබෙනවා. British Telecom (BT)  හා Alcatel-Lucent ආයතනයන් එක්ව කරන ලද මෙම අත්හදා බැලීමට දැනට පවතින ෆයිබර් සබදතාවයන්ම යොදාගත්බවටයි වාර්ථා වන්නේ. වේගයෙන් වැඩි වෙමින් ඇති දත්ත සබදතාවල වැඩි වේගවත් බවේ අවශ්‍යතාවය සලකමින් සිදුකල මෙම අත්හදා බැලීම් ඉදිරි දියුනු කිරීම් වලදී වැදගත් වනු ඇති බවටයි පවසා සිටින්නේ. කොලෝමීටර 410ක් දු‍රැති මෙම සබදතාවය London හා  Ipswich අතර වූ බවටයි සටහන් වන්නේ. මෙම අත්හදා බැලීම් නෙට්වර්ක් මට්ටමේ ඒවා වන අතර පාරිභෝගිකයන් සදහා මට්ටමේ නොවන බවට පවසන ඔවුන් දැනට අනාගත ඉලක්ක ලෙසට පවතින තප්පරයකට මෙගා බිට් 250ක වර්ෂ 2025 ඉලක්කය මෙන්ම තප්පරයකට ගිගා බිට් 1ක වන වර්ෂ 2030 පමන වන විට ඉලක්ක සපුරාලන්නට හැකිවනු ඇති බවටයි බලාපොරොත්තු පලකරන්නේ..

වින් 8.1 පලමු අප්ඩේට් ගොනුව මාර්තු 11

  පලවන නවතම වාර්ථා නොනිලව පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් 8.1 සදහා නිකුත්කරන පලමු අප්ඩේට් නිකුතුව මාර්තු මස 11 දාට නියමිතව ඇති බවයි. පසුගිය සතියේ එම අප්ඩේට් ගොනුව සම්බන්දයෙන් ස්ක්‍රීන් සටහන් කිහිපයක් නොනිලව අන්තර්ජාලයට මුදා හැර තිබුනු අතර ඒවායින් කියවුනේ මෙට්‍රෝ ආකාරයේ ඇප් වල සබදතා ටාස්ක් බාරය මතට පින් කිරීමේ හැකියාවෑය ‍රැගෙන එනු ඇති බවකි. එසේම මවුසය හා කීබෝඩය ඇසුරෙන් පරිගණකය මෙහෙය වන්නන් සදහා මෙට්‍රෝ  ඇප් මතට ක්ලෝස් බටනයද පැමිනීමේ ඉඩ කඩ පිලිබදව තොරතුරු හෙලිකරනු ලැබුවා. කෙසේ මුත් ස්ටාර්ට් බටනය පැමිනීමේ ඉඩ කඩ පිලිබදව පැහැදිලි සටහනක් නොවන අතර එය මීලග වින්ඩෝස් ප්‍රධාන සංස්කරනයක් සමග පැමිනෙනු ඇති බවටයි දැනට විස්වාස කරන්නේ. මෙම අප්ඩේට් 1 නිකුතුව ඇප් ස්ටෝර්ව ඔස්සේ නොව මයික්‍රසොෆ්ට් වල සුපුරුදු යාවත්කාලීන අඟහරුවාදාට සම්බන්දව නිකුත්වනු ඇති බවටයි වැඩි දුරටත් බලාපොරොත්තුව වන්නේ.

2014-01-24

"Mac" පැමින තිස් වසරකි!!!!

  වසර 30කට පෙර Mac පරිගණකය භාවිතයට පැමිනෙද්දී තිබූ භාවිතාව වූවේ command ටයිප් කිරීමේ ක්‍රම වේදයයි. පැමිනි නව භාවිතාව මවුසය සමග ග්‍රැ‍ෆිකල් ආකාරයේ මුහුනත මතින් පහසුවෙන් පරිගණකය මෙහෙය වීමේ හැකියාව භාවිතාකරන්නාට ලබා දිනි. icons මත click කිරීම පමනක් නොව dragged and dropped වැනි තවත් පහසුකම් එය ‍රැගෙන විත් තිබිනි.එය real-world භාවිතාව හදුන්වාදෙන්නටද කටයුතු කරන ලදී උදාහරනයක් ලෙසට ගොනුවක් මකා දැමීම වැනි ක්‍රියා දැක්විය හැකිය. එපමනකුදු නොව නෙක ආකාරයේ fonts හා තවත් පහසුකම්  ‍රැගෙන එමින් වෘතිය මට්ටමේ  publishing හැකියාව සාමාන්‍ය භාවිතාකරන්නාට ලබා දෙන්නටද සමත්විනි. අද දවසේ මෙවන් අත්දැකීම් සරල කාරන වූවද එම කාලය සලකද්දී විශාල මට්ටමේ පර්යේක්ශන මට්ටමේ වූ භාවිතාවන් සරලව ‍රැගෙන එන්නට ස්ටීව් ඇතුලු කන්ඩායමට PARC උත්තේජකයක් විය. සැබවින්ම මැක් සමග පැමිනි බොහොමයක් තාක්ශනයන් සැබවින්ම ඇපල් සොයාගැනීම් නොවන බව සත්‍යක් නමුත් ඔවුන් වඩාත් නම්‍ය ලෙස එම තාක්ශනයන් එකි නෙක මුසුකරමින් සාමන්‍ය භාවිතාවට ගෙනෙන්නට සමත්විය.පරිගණක ඉතිහාසයේ පමනක නොව මිනිස් ඉතිහාසයේද සටහනක් තබමින් 1984 ජනවාරි 24 ඇමරිකානු ඩොලර් 2495කට මැක් පරිගණකය නිකුත්කරන්නට ඇපල් ආයතනය කටයුතු කරන ලදී.

Bitcoin ගූගල් ගනුදෙනු සදහා යොදා ගැනීමේ සූදානමක්!!

  Bitcoin නම් ඩිජිටල් ආකාරයේ මුදල් භාවිතාව වෙතට විවිධ පිරිස් විවිධ ආකාරයේ ප්‍රථිචාර දක්වමින් සිටිනු දැකිය හැකිය. ඒවා අතරින් අලුතින්ම සටහන් වන පුවතක් පවසන්නේ ගූගල් ආයතනය තම online ගනු දෙනු සදහා Bitcoin යොදා ගැනීම පිලිබදව අවධානය යොමු කර ඇති බවටයි. මෙ වන විට ඔවුන් තම Google Wallet හා අනෙකුත් මුදල් හුවමාරු සදහා මෙම මුදල් ක්‍රමයේ ස්වභාවය කොතරම් දුරට ගැල පෙන්නේද යන්න විමසා බලමින් සිටින බවටයි එම වාර්ථා පවසා සිටින්නේ. තවමත් නිල ලෙසට නිවේදනය වී නොමැති මෙම පියවර ලොව භාවිතාවට Bitcoin පැමිනීමට සදහා වල ප්‍රධානතම පිලිගැනීමක් බවට පත්වීම අනිවාර්ය බවටයි විචාරක මතය වන්නේ.

ඔබගේ rooted අන්ඩ්‍රොයිඩ් තාවකාලිකව un-root කිරීමට....

  ඔබ Android මෙහෙයුම් පද්ධතිය rooting කරනු ලබන්නේ එය සහය නොදක්වන යම් මෘදු ක්‍රියාකාරකමක් සදහා වනු ඇත. එහෙත් මෙලෙස root කිරීමෙන් අනතුරුව හැමුවන ගැටලුවක් වන්නේ පෙර ක්‍රියාත්මක වූ සමහර apps ක්‍රියාත්මක වීම් අඩාල වීමය. මේ සදහා විසදුම් ලබා දෙන ඇප් කිහිපයක්ම ඇන්ඩ්‍රොයිඩ්  ඇප් ස්ටෝර්ව ඔස්සේ ලබා ගන්නට හැකිවනු ඇති අතර මේ සදහා google play store තුල unroot යන්න සර්ච් කිරීමෙන් සොයා ගත හැකි වනු ඇත.OTA Rootkeeper එවැනි එක් ඇප් විසදුමක් වන අතර එය ඇන්ඩ්‍රොයිඩ් 4.3 හා ඉහල මෙහෙයුම් පද්ධති සංස්කරන සදහා සහය දක්වනු ඇත. එය ස්ථාපනය කොට ගෙන තාවකාලිකව ඇන්ඩ්‍රොයිඩ් මත ඔබ ක්‍රියාත්මක කර ඇති Root ක්‍රියා වලිය ආපසු හරවා ගත හැකි අතර පෙර ක්‍රියාත්මක නොවී තිබී ඇප්ස්  ක්‍රියාකාර කමින් පසුව නැවතත් ඔබට අවශ්‍ය තත්වයට දුරකථනය පත්කර ගන්නට ඔබට සහය දෙනු ඇත.
https://play.google.com/store/apps/details?id=org.projectvoodoo.otarootkeeper&hl=en

BlackBerry සදහා නව සංස්කරනය BB10.2.1 මෙම මාසයේදී.....

  ලොව ප්‍රකට භාවිතාවක් ලබා ගත් BlackBerry  වෙතින් නිකුත්වන නවතම නිවේදනයකට අනූව  පැවසෙන්නේ  ඔවුනගේ මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරනය එනම්  BB10.2.1 නිකුතුව මෙම ජනවාරි මාසයේ 28 වන විට සිදුවීමට නියමිත බවකි. එසේම පැවසෙන්නේ බ්ලැක්බෙරි භාවිතාකරන් සදහා තම BlackBerry World Store වෙතින් හා සමානවම Android Store වෙතින්ද ඇප් ලබා ගන්නට හ ඒවා භාවිතාකරන්නට හැකිවීමද නව වෙනස්කම් සමග හැකි වනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව ස්මෙහෙයුම් පද්ධති සංස්කරනය මතට Android APK app ගොනු ස්ථාපනය කර ගැනීමෙන් අනතුරුව තම ඇප් ස්ටෝර්ව සමගින් ලෙසටම Android අප්ස් ධාවනය කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවය. කෙසේ වෙතත් බ්ලැක් බෙරි වෙතින් පසුව නිකුත්කල නිවේදනයක් පවසන්නේ තමන් Android ඇප්ස් ස්ටෝර්ව වෙතට එලෙස විවර වීමේ අදහසක් නැති බවත් තම භාවිතාකරන්නන් අනතුරුදායක බව වැඩි aps භාවිතාවක් වෙතට නිරාවරනය කිරීමෙන් සිදුවිය හැකි හානිය මහත් බවත්ය.

ඔබගේ මොබයිල් උපාංගයේ දත්ත භාවිතය.....

  ජංගම දුරකථනය ස්මාර්ට් ලේයරය ඔස්සේ මුලු මනින්ම වසා ගනිමින් සිටී. අපමනක් වන මොබයිල් ඇප් ඔස්සේ ඔබගේ සෞක්‍ය , ආර්ථිකය, සබදතා  මෙන්ම විනෝද ජීවිතය වසා ගනිමින් සිටී. ඔබ වඩාත් අවධානයෙන් නොසිටිය හොත් මෙම භාවිතාව සමග පැමිනෙන තවත් වැයක් වනුයේ එහි ඩේටා භාවිතාවේ බිල් පතයි. හදාරන්නන්ට අනූව තවමත් බහුතරයක් භාවිතාකරන්නන් හට තම දත්ත භාවිතාව පිලිබද පැහැදිලි දැක්මක් නැති බවටයි පැවසෙන්නේ. ඔබගේ ස්මර්ට් උපාංගය සමග දෙවන තෙවන මාසය පසුකරන විටම එයත් සමග ඔබ යෙදෙන ඩේටා භාවිතාවේ ප්‍රමානය පිලිබදව කිසියම් තක්සේරුවක් ඇරබීම වැදගත් වනු ඇති බවටයි පිලි ගැනෙන්නේ."විටක ඔබ කිසිදු තේරුමකින් තොරව ඔබට කිසි සේත් අවශ්‍ය නොවන දත්ත භාවිතවන් වලට පිවිසෙනවා විය හැකියි. තවත් විටක ඔබ නොදැනුවත්වම සිදුව ඇති මොබයිල් මැල්වෙයාර් ඔස්සේ ඔබගේ දත්ත භාවිතාව අවභාවිතාවකට ලක්වෙමින් නිකරුනේ අනවශය මුදලක් ගෙවන්නෙකු බවට පත්ව සිටිනවා විය හැකියි"" ඔවුන් යෝජනා කරන්නේ එබැවින් විය හැකියි. බොහෝ විට ඔබ ස්මාර්ට් දුරකථනය මිළඳී ගන්නා විටම ඔවුනගෙන් එහිවන මෙහෙයුම් පද්ධතියට අදාලව දත්ත වැය පිලිබදව තොරතුරු ලබා ගත හැකි ඇප්ස් පිලිබදව විමසිය හැකිය. එසේත් නැතිනම් එම උපාංගයත් සමග එන අත් පොත හැදෑරිමෙන්ද ඒපිලිබදව යම් අදහසක් ලබා ගන්න හැකිවන වා පමනක් නොව ඔන් ලයින් ආකාරයද තොරතුරු විම්සන්නට හැකි වනු ඇත. මීටත් අමතරව ඔබගේ උපාංගය සදහා දත්ත සබදතාවය ලබා ගන්නා සේවා සැපයුම් කරුවන් වෙතින් විමසීමේන්ද මේ සදහා ඔවුන් ලබා දෙන විසදුම් පිලිබදව දැනුවත්වීම වැදගත් වනු ඇත. මෙවැනි භාවිතාවල් ඇතුලු මොබයිල් ලොකයේ නෙක භාවිතාවන් පිලිබදව දෛනික තොරතුරු මෙම අඩවිය ඔස්සේ අද සිට ඔබ වෙතට ලබා දෙන්නට කටයුතු  කරනු ඇති බව දැනුම් දෙනු කැමත්තෙමු.

OS X හා iOS එකට යානොවුනු ඇත. -ඇපල් විධායකයෙකු පවසයි-

 ඇපල් ආයතනයේ විධායක මට්ටමේ නිලධාරියෙකු මාධ්‍ය සාකච්චාවකට සහභාගී වෙමින් පවසා සිටියේ තම ආයතනය දැනට හෝ ඉදිරියේදී තම ඩෙස්ටොප් මට්ටමේ මෙහෙයුම් පද්ධතිය වන OS X හා  iOS  මොබයිල් ආකාරයේ මෙහෙයුම් පද්ධති එකට යාකිරීමේ අදහසක් නැති බවයි. මයික්‍රසොෆ්ට් සමාගම පවසමින් සිටින තම ඩෙස්ටිප් මෙහෙයුම් පද්ධතිය හා ටැබ්ලට් භාවිතාවන් එකට එක් කිරීමේ වැයම පිලිබදව කෙලින්ම නොවන මුත් විවේචනය වන ආකාරයේ එම පිලිතුර සමග පවසා සිටියේ එය "waste of energy" ආකාරයේ වැයමක් වනු ඇති බවයි.
       ඇපල් OS X මවුසය හා කීබෝර්ඩය ඉලක්කකර ගනිමින් නිර්මානය වූ මෙහෙයුම් පද්ධති වන අතර සමහර ඇප්ස් පමනක් iOS සමග සහයෝගයෙන් භාවිතාවනු දැකිය හැකි අතර ආයතනයේ සමනිර්මාතෘ ජොබස් පවා Mac භාවිතය අවසාන වීමක් පිලිබදව දුර ඈත කාලීනව පවා අදහසක් නොදැරූ මුත් අනාගතයෙ බහුල භාවිතාව වනු ඇත්තේ iPad නැතිනම් ටැබ්ලට් ආකාරයේ භාවිතාවන් වනු ඇති බවටයි පවසා සිටියේ.

RAM මතක භාවිතය

  Ram පත් භාවිතය පරිගණකයක තවත් තීර්නාත්මක සාධකයකි. පරිගණකයේ ප්‍රොසෙසර බලය මෙන්ම මෙම ‍රැම් පත් බලයද එහි වේගය , නම්‍යතාවය සදහා තීරනාත්මකව බලපානු ඇත.වින්ඩෝස් XP නැතිනම් ඊට පෙර මෙහෙයුම් පද්ධති සංස්කරන භාවිතයේදී 256MBහෝ 512MBරැම් පතක් සැහෙනද මේ වන විට සාමන්‍ය මට්ටමේ පරිගණකයක් සදහ 4BG ‍රැම් බලයක් මෙන්ම High-endමට්ටමේ පරිගණකයක් සදහා 16MBදක්වා ‍රැම් බලයක් සමග පැමිනෙනු දැකිය හැකිය.මෙහෙයුම් පද්ධති මෙන්ම ධාවනය කරවන මෘදුකාංග සංස්කරන සංකීර්න වන්නට වන්නට අවශ්‍ය වන ‍රැම් බලය වැඩි වන අතර එසේ අවශ්‍ය වන ‍රැබ් බලය නොලැබෙන විටද පරිගණකයේ වේගය අඩාල වනු හෝ සිරවන ස්වභාවයක් ගන්නා බව දැකිය හැකිය.
               පරිගණකයේ ධාවනය වන මෘදුකාංග සදහා අවශ්‍ය වන ‍රැම් බලය නැතිවන විටදී ‍රැම්පත් හ සැසදීමේදි වේගය ඉතා අඩු දෘඩ තැටිය දෙසට යොමුව එයින් කිසියම් අවකාශයක් ලබා ගන්නට පරිගණකයන් ක්‍රියා කරන අතර එසේ දෘඩ(Hard Disk)මත නිර්මානය වන තාවකාලික අවකාශය Vitural Memory ලෙසට නම් කෙරේ. වේගය සැලකීමේදී විශාල පරතරයක් ඇති මෙම භාවිතාව සමග පරිගණකය බෙහෙවින් අඩු වේගයක් ගන්නා අතර මෙසේ තැන්පත් වන ගොනු වලට swap file කියාද භාවිතාවනු දැකිය හැකිය. එනම් ram ඉඩකඩ අවශ්‍ය විටකදී දෘඩ තැටියටද නැවත එම ගොනු භාවිතාවට අවශ්‍ය විටකදී Ram මතකයටද එම ගොනු හුවමාරු වීම නිසාවේ. දෘඩතැටිය හා සැසදීමේදී ‍රැම් මතකය ඉහල මිලක් ගන්නා නිසා  මෙන්ම එය තාවකාලික මතකයක් එනම් පරිගණකය වෙතට බල සැපයුම අවසන් වන වහාම මැකීයන මතකයක් ලෙසටද මෙම ‍රැම් මතකයන් සැලකේ. දැනට බහුලව භාවිතාවන  mechanical දෘඩ තැටි වෙනුවට පැමිනෙමින් ඇති SSD ස්තීරමතක භාවිතාවත් සමග තරමක් දුරට මෙම වේගයන් අතර අරතරය අවම වූවද(600 MB/sec) දැනට භාවිතාවන DDR3 ‍රැම් මාතකය සමග සැසදීමේදී (10GB/sec) ලෙසට තවමත් සැලකිය යුතු වෙනසක් දක්නට ලැබේ. මෙසේ වැඩි ‍රැම් ප්‍රමානයක් පරිගණකයේ භාවිතාවීම සමග vista හා ඉන් පසුව මෙහෙයුම් පද්ධති සමග පැමිනි තවත් පහසුකරවන භාවිතාවක් වන මීලගට භාවිතා වෙනු ඇතැයි බලාපොරොත්තුවන වැඩසටහන්  ‍රැම් පත වෙතට පෙර නංවාලීමේ හැකියාව ආදී මෙන්ම නිරන්තරයෙන් අවශ්‍ය වන ආරක්ශක වැඩ සටහන් ආදිය පැකිලීමකින් තොරව පවත්වා ගෙන යාමට පරිගණකයට සහයක් වනු ඇත.

Internet of Things ක්‍රීඩා ලොවටද නොමසුරු බලපෑමක් ගෙනේවි!!!

  Internet of Things යනු තොරතුරු ලෝකයේ මීලග විනිවිදයාම ලෙසට දැනටමත් සටහන් වෙමින් ඇත. ක්‍රමයෙන් භාවිතාකරන්නා මූලික ලෝකයක සිට දත්ත හැකියාව ඇති උපාංග ස්වාධිනව එකිනෙකා සම්බන්ද වෙමින් තොරතුරු හුවමාරු කරගන්නා අතර භාවිතාකරන්නා වෙතට අවසාන විශ්ලේශනයන් සමග වඩාත් වැදගත් තොරතුරු පමනක් ලැබීම එහි අවසාන තලය වනු ඇති බවටයි පැහැදිලි වෙමින් ඇත්තේ. උදාහරනයක ලෙසට ක්‍රීඩා අවකාශයට මෙම Internet of Things පිවිසීම සමග ක්‍රීඩා පිති , පන්ඳු මෙන්ම ක්‍රීඩකයින්ගේ අව්ඳුම් පැලදිම් වලට සවිවන sensors  ඔස්සේ වඩාත් නිවැරදි හා පැහැදිලි තොරතුරු ලබා ගන්නට හැකි වන අතර 3-D visualizations වැනි හැකියාවන් ඔස්සේ තමන්ට තම හැකියාවන් මෙන්ම දුර්වලතාවයන් නැවත් ප්‍රථිරූපනය කර ගනිමින් ඒවා සකස් කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
                      හදාරන්නන් පැහවෙදිලි කරන්නේ ග්‍රැම් 6ක අමතර උපාංග ලෙසට එම උපකරනයට එකවන accelerometers දෙකක් සමග පැය 6ක් පුරාවට බ්ලූටූත් සබදතාවයක් ඔස්සේ බාහිරට තොරතුරු ලබාදීමේ සබදතාවයක් පවත්වාගෙන යන්නට හැකිවන අතර ඒ ඔස්සේ එම පිත්තේ වේගය මෙන්ම කෝනයන් ඇතුලු තොරතුරු ලබා දෙන්නට හැකිවනු ඇති බවටයි පැවසෙන්නේ. ක්‍රීඩකයෙකුගේ පාවහන් යුවලක් , අත් පැලදුමක් වැනි බොහෝ උපංග ඔස්සේ වඩාත් සියුම්ව දත්ත ලබා ගන්නට මෙන්ම ඒවා විස්ලේෂනය කොට වඩාත් සුපිරි තත්වයකට ලංවීමේ හැකියාවක් මෙම නව ප්‍රවනතා ගෙනෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.

Office 365 Home Premium වෙත භවිතාකරන්නන් මිලියන 3.5ක්

  මයික්‍රසොෆ්ට් සමාගම තම  වසරක්  සපිරෙන Office 365 Home Premium සේවාව පිලිබදව නිවේදනයය කරමින් පවසන්නේ තම සේවාව වෙතට භාවිතාකරන්නන් මිලියන 3.5ක් පැමින ඇති බවයි. 2013 වසර වෙනුවෙන් පලවන වාර්ථාව නිකුත්කරමින් ඔවුන් පවසා සිටියේ පලමු මිලියනය 2013 මැයි මාසය වනවිට සැපිරුනු අතර දෙවන මිලියනය 2013 සැප්තැම්බර් පමන වන විට සපුරා ලන්නට හැකිවූ බවයි.  Office 365 Home Premium සදහා වසරක දායකත්වය ඩොලර් 99.9ක් ලෙසට වන අතර මාසයක් සදහා එය ඩොලර් 9.9ක් ලෙසට මිල නියමව පවතිනවා. ප්‍රකට Office මයික්‍රසොෆ්ට් මෘදුකාංගයේ online සංස්කරනයක් ලෙසට නිකුත්ව ඇති මෙම සේවාව සමග භාවිතාකරන්නෙකුට Word, Excel, PowerPoint, Outlook. OneNote, Access හා Publisher මෘදුකාංග භාවිතාකිරීමේ හැකියාව ලැබෙන අතර එය windows හෝ Mac pc එකක සමග ස්මාර්ට් දුරකථන පහක් සමග දක්වා භාවිතාකරන්නට ඉඩ සැලසෙනවා. ආයතනය වැඩි දුරටත් පවසා සිටින්නේ ඔෆීස් හි stand-alone software වල සිට භාවිතාකරන්නන් නව ආකාරය වෙතට ක්‍රමයෙන් හුරුවෙමින් සිටින බවත් අවසාන කාර්තුව වන විට 16% ක ලාභය අවම වීමක් සටහන් වුවත් ඉදිරිකාලය තුලදී තත්වය යහපත් වනු ඇති බවත්ය.

2014-01-23

වින්ඩෝස් 8.1 සදහා මීලග යාවත්කාලීනය පිලිබදව තොරතුරු...

  වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා පැමිනෙන මීලග යාවත්කාලීනය පිලිබදව මේ වනවිට නිල නොවන තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. එසේ පැමිනෙන නවතම තොරතුරු සටහන් හෙලි කර සිටින්නේ මීලග යාවත්කාලීනය සමග modern apps ටාස්ක් බාරය වෙතට pinning හැකියාව පැමිනෙනු ඇති බවයි. මේ බව තහවුරු කෙරෙන තොරතුරු කිහිපයක්ම මීට පෙරම නිකුත්වූ අතර මයික්‍රසොෆ්ට් ආයතනය තම මීලග යාවත්කාලීනය සමග modern හා classic ආකාරයේ desktop එකි නෙක මුසු කිරීම සිදුවෙනු ඇති බවටයි පැවසෙමින් තිබුනේ. ඒ අනූව මොඩර්න් ඇප්ස් වින්ඩෝස් ඩෙස්ටොප් එක මත ධාවනය වෙමින් ස්පර්ශක තිරමය නොවන භාවිතාවන් සදහාද සමබර සහයක් දක්වන මෙහෙයුම් පද්ධතියක් බවට  පත්වීමේ ස්වරූපයක් ගනු ඇති බවටයි බලාපොරොත්තුව වූවේ. දැනට  වාන් බලාපොරොත්තුව වන්නේ වින්ඩෝස් මීලග යාවත්කාලීනය පිලිබදව තොරතුරු BUILD 2014 සමග ප්‍රකාශයට පත්වෙනු ඇති බව වන අතර වින්ඩෝස් 9 සංස්කරනය 2015 මැද භාගයේ නිකුත්වනු ඇති බවත්ය.
 




 

Bootable USB උපාංගයක් නිර්මානය කර ගන්නට සහය මෘදුකාංගයක්!!!!


  වේගයෙන් CD  මෙන්ම  DVD භාවිතය USB උපාංග විසින් හිමිකරගන්නා කාලය උදාවෙමින් ඇත. සිහිරීම් පලුදුවීම් වැනි අපහසුතාවයන් එම තැටි අකාරයේ භාවිතාවන් අවම කරන්නට කටයුතු කරමින් සිටින අතර පහසු හැසිරවීම වේගවත් බව මෙන්ම වඩාත් නම්‍ය හැසිරීම USB ආකාරයේ ගබඩා උපාංග වෙතට භාවිතාකරන්නන් කැදවා ගැනීමට හේතුවක් වෙමින් ඇත. Bootable ආකාරයේ CD හෝ dvd භාවිතාවන් වලටද මෙසේ පැමිනෙන USB ආකාරයේ උපාංග යොදා ගැනීම බහුලව සිදු වෙමින් ඇති අතර එම usb උපාංග බූටබල් ආකාරයට නිර්මානය කර ගැනීමට සහය වන මැනුවල් ක්‍රම වේදයන් විටක සංකීර්න වෙමින් භාවිතාකරන්නන් අපහසුතාවයට් පත්කරවන ඒවා ලෙසට පවතී. පහත දැක්වෙන මෘදුකාංගය ඔබට පහසුවෙන් Bootable USB උපාංගයක් නිර්මානය කර ගන්නට සහය වනු ඇති අතර Windows, Linux, UEFI... ආදී බොහෝ මෙහෙයුම් පද්ධති සදහා  ISOs ඇසුරින් මෙම Bootable  USB උපාංගය නිර්මානය කර ගන්නට හැකි වනවා ඇත.
http://rufus.akeo.ie/downloads/rufus_v1.4.3.exe

2017 පමන වන විට භාවිතාකරන්නන්හේ ආකල්ප වෙනස් වේවි.. -හදාරන්නන් පවසයි-

  හදාරන්නන් විසින් 2017 පමන වන විට භාවිතාකරන්නේකු සාමන්‍ය දවසකදී තම මොබයිල් සබදතාවය ඔස්සේ ඇප්ලිකේෂන 100ක් සමගවත් පෞද්ගලික තොරතුරු හුවමාරු කරන්නට පෙලබෙනු ඇති බවට අනාවැකි පල කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ සෞක්‍ය වැනි තොරතුරු ලබා ගන්නට පලදින ආකාරයේ පරිගණක  උපාංග හා ස්මාර්ට් මට්ටමේ නිවසේ අනිකුත් උපාංග වැඩි වැඩියෙන් කටයුතු කරමින් ඒවා විශ්ලේශනය කරමින් වඩාත් මිනිසා සමග සමීපව කටයුතු කරන යුගයක් එල බෙමින් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සමාජ ජාල සමග දැනට පවතින විස්වාසනීය බව වැඩි වෙමින් අනාගතයේදී භාවිතාකරන්නන් වැඩි වැඩි යෙන් තම තොරතුරු ඒවා ඔස්සේ බෙද හදා ගන්නට කටයුතු කරනු ඇති බවකි. ඔවුන් වැඩි දුරටත් යෝජනා කරමින් සිටින්නේ apps භාවිතාව ස්මාර්ට් දුරකථන හා ටැබ්ලට් මූලික භාවිතාවේ සිට පලදින ආකාරයේ උපාංග හා ස්මාර්ට් කාර් වැනි දිසාවට වඩ වඩාත් සමීප වනු ඇති බවයි. එසේම තිර මූලික නොවන refrigerators, thermostats වැනි ස්මාර්ට් උපකරන තම දත්තයන් ආයතන හා දත්ත උපාංග සමග හුවමාරුකර ගැනීමට පෙලබෙනු ඇති බවකි.
                         ඔවුනට අවශ්‍ය වනවා එලබෙන කාලයේ මෙම තොරතුරු භාවිතාවන් වඩාත් බුද්ධිමත් හැසිරීම් දිසාවට චලනය වනු ඇති බවට අනාවැකි පල කරන්නට. එනම් වඩ වඩාත් තොරතුරු ‍රැස් කරමින් ඒවා විශ්ලේෂනය කරමින් තම භාවිතාකරන්නා වැඩි වැඩියෙන් තේරුම් ගත් උපකරන බවට පත් වන්නට ක්‍රියාත්මක වන උපකරන බව පවසන්නට. භාවිතාකරන්නන් තමන්ගේ තොරතුරු තමා අවට වන උපාංග වෙතට නිරාවරනය වීම පිලිබදව දැනට පවතින දැක්ම වෙනස් කරගනිමින් ඉන් තමාට ලැබෙන වඩාත් පහසුව ගැන සලකමින් වැඩි වැඩියෙන්  ඒවායේ භාවිතාවන් වෙතට එකග වනු ඇති බවටයි මෙම හදාරන්නන්ගේ බල පොරොත්තුව වෙමින් ඇත්තේ.

2014-01-22

ජාවා භාවිතයට සහය මෘදුකාංගයක්!!!!

  ජාවා යනු බහුල භාවිතාවක් ඇති ප්‍රයොජනවත් මෘදු සහයකයෙකි. එසේම ජාවා යනු මහත්සේ ගැටලු ඇතිකරන වරක් රාජ්‍ය මට්ටමින් පවා සයිබර් ගැටලු සදහා විසදුමක් ලෙසට භාවිතයෙන් ඉවත්ව සිටින ලෙස්ට උපදෙස් ලැබුනු මෘදු භාවිතාවකි.ඔන් ලයින් ආකාරයේ පරිගණක ක්‍රිඩා කිරීමේදී ,  මිතුරෙකු සමග ඔන්ලයින් ආකාරයේ කථා බහකදී පමනක් නොව ත්‍රිමානීය ආකාරයේ සටහනක් නැරබීමේදී වැනි එකිනෙනට වෙනස් භාවිතවන් බොහොමයකදී මෙම මෘදුසහය ලබා ගනීම සුලබව සිදු වේ. එහෙත් ජාවා සමග පැමිනෙන ගැටලු සහිත බව හමුවේ මද සහනයක් හෝ ලබ ගන්නට නම් එම මෘදුකාංග සමග කටයුතු කිරීමේදි අවධානයෙන් සිටීම වැදගත්වේ. නිසි පරිදි යාවත්කාලීනව එය පවතවගෙන යාම, ගැටලු සහිත අවස්ථාවලදී එය ඉවත්කිරීම ආදිය එම පියවරයන් අතර වේ.පහත දැක්වෙන මෘදුකාංගය ඔබගේ සහයට එන්නේ එවැනි අවස්ථාවලදීය. එය ඔබගේ පරිගණකයේ ජාවා භාවිතාව නිතරම යාවත්කාලීනව තබා ගන්නට අවශ්‍ය අවස්ථාවලදී අස්තාපනය කර දෙන්නට මෙන්ම ජාවා භාවිතාවේදී ඉතිරිවන අනවශ්‍ය මෘදුකොටස් ඉවත්කර දෙන්නට සහය වනු ඇත.
http://singularlabs.com/software/javara/javara-download/

වින්ඩෝස් 8 බලහත්කාරකමක් !!!!

 ....හොඳයි  මෙතැන ගැටලු දෙකක් ඉදිරිපත් උනා. එකෙක් තමයි වින්ඩෝස් 8 වල ස්ටර්ට් මෙනුව නැති වීම හා නැවත පැමිනෙන්නට ලැබී ඇති පොරොන්දුව පිලිබදව විමසීම. ඇත්තටම වින්ඩෝස් 8 ගෙනෙන භාවිතාව අර්බුදකාරී එකක්. එක අතකින් ටිකක් ඉක්මට ආපු භාවිතාවක් වගේ. හරියට විස්ටා වගේ. විස්ටා කියන්නේ වැදගත් හැරවුමක් උනාට ලොකු කැපවීමක් ඉල්ල සිටිය සිද්ධියක්. මොකද ඒක ඉල්ලා සිටිය දෘඩාංග වෙනස ලොකු අර්බුදයක් උනා.ගෙනාවේ වැදගත් වෙනසක් උනාට ගෙනාපු හැටි හරි නැහැ වගේ අවාසනාවන්ත දේ කුත් එතැන තිබුනා. මෙහයුම් පද්ධතියක් හැටියට වින්ඩෝස් 7 සමග ඒකේ තිබුනු ගැටලු නිවැරදි උනාට ගතව කිය කලය සමග බලද්දී වෙළඳ ආයතනයක් හැටියට අපහසුතාවයට පත් උනා. වින්ඩෝස් 8 අන්තිමේ දී බලහත්කාරකමක් වගේ වෙලා තියෙනවා. භාවිතාවෙන දෘඩාංග මට්ටම් හා සසදද්දී ටයිමිං වල අප්සට් එකක් පෙනෙන්නට තියෙනවා. බරපතල භාවිතාවක් තියෙන ආයතනයකට වින්ඩෝස් 8 වලට යන්න ලොකු වැයක් දරන්න වෙලා. නිර්මානශීලීව මෘදුලෙසට කරන්න තිබුනු වෙනසක් හරියට බලහත්කාරෙන් කරන්න හදනවා වගේ ස්වභාවයක් තමයි පෙනෙන්නට තියෙන්නේ.
               අනිත් අතින්මේ වනවිට ගෙස්චර් කන්ට්‍රොලිං පිලිබදව කටයුතු කරන ආයතනය පවසනවා කී බෝඩ් එකයි මවුස් එකයි රීප්ලේස් කරන්න එම තාක්ශනයන් සමත් වෙන්නේ නැහැ කියලා. ඔවුන් පිලිගන්නවා කීබෝර්ඩ් මවුස් භාවිතාවට විකල්පයක් ලෙසට පැමිනිලා තිබෙන තම තක්ශනය , ස්පර්ශක තාක්ශනය ගැලපෙන්නේ නැහැ කියලා. පෙර භාවිතාවේ තිබුනු සියුම් හැසිරවීම් වලට විකල්පය වෙන්න වෙනත් තාක්ශනයක් අවශ්‍ය බව. අනිත් පැත්තෙන් සලකද්දී අවශ්‍යතාවයක් තියෙනවා. උපාංගයෙන් වෙන්වුනු අමතර උපකරන අයින්කරන්න කාලය හරි. හැබැයි හරි විකල්ප පැමිනිලා නැහැ තාම. මේවා සලකල බලනකොට කියන්න තියෙන්නේ ස්ටාර්ට් මෙනුව අහිමි උන එක නෙමේ ගැටලුව. ඒ සමස්ත හැරවුමම හරිම අසංවේධී විදිහට සිදු වුන එකයි ගැටලුව අන්තිමට හිතන්න ලෝකයේ දෙවන විශාල Pc සමාගමක් වන HP පසුගියදා කියනවා තමන් වින්ඩෝස් 7 සහිත පරිගණක වෙළඳ පොල දෙසට යලිත් අවධානය යොමු කරන්න තීර්නය කලා කියලා......

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...