වින්ඩෝස් 8.1 වෙතට යාවත්කාලීනයක් පැමිනීම නොනිලව මාර්තු 11ට නියමිතව ඇත. තවමත් හොඳින් ස්ථාවර වන්නට තැත් දරමින් සිටින වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය මෙම නව යාවත්කාලීනය සමග සුපුරුදු ඩෙස් ටොප් භාවිතාව සදහා යලිත් සාදාරනයක් කරන්නට පොරොන්දුවෙමින් සිටී. ස්ටාර්ට් මෙනුව රැගෙන ඒම මෙන්ම නව ඇප් භාවිතාවන් ටාස්ක් බාරයට පින් කිරීමේ හැකියාව ආදී බොහොමයන් මේ වන විට පොරොන්දු වෙමින් සිටී. නව යාවත්කාලීනයන් සමග ස්ටාර්ට් ස්ක්‍රීනය සමග කටයුතු කිරීමේදී අත් හැරදමා තිබූ මවුසය හා කීබෝඩය සමග ක්‍රියාකාරකම් වලටද යම් පිලිගැනීමක් ලබාදෙන්නට කටයුතු කරමින් සිටින බවටයි පලවන නවතම නොනිල තොරතුරු පවසන්නේ. උදාහරනයක් ලෙසට ස්ටාර්ට් ස්ක්‍රීනයේ ටයිලයක් මතට කර්සරය රැගෙන ගොස් Right ක්ලික් කල විට මතුවන මෙනුවක් ඔස්සේ එම ටයිලය සමග යම් ක්‍රියාකාරකම් වලට පිවිසීමට හැකි වීමක් දක්නට ලැබේ. ස්පර්ශක මිත්‍ර බවින් ඉවත්කර දමන්නට තීර්නය කරතිබූ මවුසයේ ක්‍රියා කාරීත්වය ස්ටාර්ට් ස්ක්‍රීනයට නැවත ගෙනෙන්නට මයික්‍රසොෆ්ට් ආයතනය තීර්නය කර ඇතුවා සේය. මීට අමතරව ස්ටාර්ට් ස්ක්‍රීනයේ දකුනු ඉහලින් භාවිතාකරන්නගේ තොරතුරු වලට පිවිසීමට අමතරව සර්ච් බටනයක් හා පෙර සංස්කරන වලදී සගවා තබා සිටි power option බටනයක් නැවත රැගෙන ඒම සාම්ප්‍රධායික ඩෙස්ටොප් භාවිතාවට නැවත වරක් වින්ඩෝස් 8 එකග බවට වන සලකුනක් මෙනි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...