2013-02-28

ජාවා වෙතින් නැවතත් පෙර සැකසුම් දුර්වලතා දෙකක් හමුවේ!!!!

ගෙවී යමින් තිබෙන කාලය තුලදී ජාවා වෙත මහත් අපහසුතා පැමිනුනේය. විටින් විට හමුවන මෘදුකාංග දුර්වලතා හමුවේ ඇමරිකානු රාජ්‍ය ආයතනයක් පවා භාවිතාකරන්නන් හට ජාවා භාවිතය අත්හරින ලෙසට අවවාද කරන්නට පවා වරක් පියවර ගැනිනි.පලවන නවතම වාර්ථා පවසන්නේ ජාවා 7 වෙතින් නවතම දුර්වලතා දෙකක් හමුව ඇති බවයි. පෙර සැකසුම් මට්ටමේ මෙම දුර්වලතා හරහා පහර දෙන්නන් හට අනාගත ඉලක්ක ලබා ගැනීමේ හැකියාව ගැන මෙම හදාරන්නන් අනතුරු අගවා සිටිනවා. ඔරකල් ආයතන තවමත් මේ පිලිබදව කිසිදු අදහසක් පලකොට නොමැති බවටයි පැවසෙන්නේ.කෙසේ වෙතත් විචාරකයින් නැවත වරක් පවසන්නේ සාමන්‍ය භාවිතාකරන්න හට බ්‍රවුසරවල ජාව plugin අක්‍රිය කොට තැබීම වඩාත් යෝග්‍ය වන බවයි.

ෆේස්බුක්හි භාවිතාකරන්නාගේ දුරකථන අංක නිරවරානය වීමේ දුර්වලතාවය සැකසේ....


ෆේස්බුක් අඩවියේ API දුර්වලතාවයක් ඔස්සේ භාවිතාකරන්නන්ගේ දුරකථන අංකයන් ඇප් සංවර්ධකයන් අතට පත්වීමේ දුර්වලතාවය 2012 ජූනි මාසයේ මුලින්ම හදුනා ගත් බවටයි පැවසුනේ. යම් ඇප් භාවිතාවක් සදහා ලියාපදිංචි වීමකදී භාවිතාකරන්නා තම ඊමේල ලිපිනය පෙර කී ඇප් සංවර්ධකයාට නිරාවරනය කර ගැනීමට ලබා දෙන අවසරය ඔස්සේ ඔහු භාවිතාකරන්නාගේ දුරකථන අංකය ලබා ගන්නට හැකිවීමේ දුර්වලතාවය මෙම පිලිසකර යාවත්කාලීනය සමග ඇහිරෙනු ඇති බවටයි පැවසෙන්නේ.
 

Leap Motion තාක්ශනය අඩංගු උපාංග වෙළඳපොල වෙත නිකුත්වේ....


සිරුරේ වන චලනයන් ඔස්සේ මෙහෙවිය හැකි  පරිගණක තාක්ශනයන් පිලිබදව ප්‍රධාන පෙලේ ආයතන සියල්ලම පහේ අවධානය යොමු කරමින් සිටී.මයික්‍රසොෆ්ට් ආයතනය  සැම්සොන් මෙන්ම ඇපල් ආයතනයද මේ අතරවේ. ලීප් මෝෂන් ආය්තනය පවසන්නේ තමන් සතු "චලන හදුනා ගැනීමේ තාක්ශනය" සමකාලීන තාක්ශනයන් හා සැසදීමේදී 200 වාරයක් ඉදිරියෙන් වන බවයි. අද ආයතනය පවසා සිටින්නේ තම තාක්ශනය අඩංගු  වින්ඩෝස් හා මැක් සදහා වන පරිගණක උපාංගය එලබෙන මැයි 13 වෙනිදා සිට වෙළඳ පොලට නිකුත්කරන්නට තමන් සූදානම් බවයි. ඩොලර් 79.99 ලෙසට මිලකොට ඇති මෙම උපාංගය සදහා වින්ඩෝස් 7,8 හා Mac OS X 10.7 , 10.8  සදහා සහය දක්වනු ඇහි බවටයි පවසන්නේ.

ස්මාර්ට් දුරකථන හා ටැබ් සදහා ෆොටෝෂොප් ඇප් මෘදුකාංගයක් නිකුත්වේ.....



ඡායාරු සංස්කරනය සදහා යොදා ගන්නා  ප්‍රකට මෘදුකාංගයක් වන ෆොටෝෂොප් හි ඇප් මෘදුකාංගයක් ස්මාර්ට් දුරකථන සදහා පසුගියදා නිකුත් කොට තිබෙනවා. iOS  හා Android මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වන උපාංග සදහා මෙම නිකුතුව වලංගු වන බවටයි සටහන් වන්නේ.ස්පර්ශ තිර මිත්‍ර ෆොටෝෂොප් මෘදුකාංගයක් මේ වන විටත් ටැබ්ලට් උපකරන සදහා නිකුත්ව තිබෙනවා. කුඩා ප්‍රමානය තිර සමග කටයුතු කරන්නට හැකි ලෙස නිපදවන ලබුවද මුල් මෘදුකාංගයේ එන බොහෝ අංගයන් මෙම සංස්කරනය සමගද වන බවටයි එම ආයතනය පවසන්නේ. එම ඡායාරූ සංස්කරනයට අමතරව පසසුවෙන් එවා සමාජ ජාලාවෙත නැංවීමේ පහසුවද මෙම සමග වන බවටයි සටහන් වන්නේ. මෙම මෘදුකාංගය සදහා සදා iPhone 4S(including iOS 5 or newer) හෝ ඉහල සංස්කරනයක් Android 4.0  හෝ ඉහල සංස්කරනයක් මෙන්ම හතරවන පරම් පරාවේ iPod touch  උපාංග සදහා මෙම නිකුතුව  සහය වනු ඇති බවටයි සටහන් වන්නේ. මෙම ඇප් මෘදුකාංගයේ ස්මාර්ට් ෆෝන් සදහාවන සංස්කරනයක් ඩොලර් 5 ක් හා ටැබ්ලට් සදහා වනසංස්කරනයක් ඩොලර් 10කටත් මිල කොට ඇති බවටයි පැවසෙන්නේ.

2013-02-27

බ්‍රවුසරය පිරිසිදුකරදෙන මෘදුකාංගයක්......


ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක (avast) නිකුත්කිරීමක් වන මෙම මෘකාංගය ඔස්සේ බ්‍රවුසරයේ සැකසුම් මුල්තත්වයට ‍රැගෙන ඒම සදහා පහසුවෙන් කටයුතු කරන බවටයි සටහන් වන්නේ. බ්‍රවුසරය සමග ක්‍රියාත්මක වන අමතර toolbars , add-on සම්පූර්නයෙන්ම ඉවත්කර දමන්නට හෝ අක්‍රියකර දමන්නට මෙම මෘදුකාංගය සහය වන අතර ඔබ එම අමතර මෘදු කොටස් ගැන පැහැදිලි අවබෝධයකින් නොසිටින්නේනම් ඒවා ඉවත්කර දැමීමට වඩා අක්‍රියකර දැමීම වැදගත්විය හැකි බවට ඔවුන් පවසන්නේ ඉවත්කර දැමීමෙන් අනතුරුව නැවත් ඒවා කැදවන්නට නොහැකි වන බැවිනි.
http://files.avast.com/files/tools/avast-browser-cleanup.exe
 

ප්ලෑෂ්ප්ලේයරය සදහා හදිසි යාවත්කාලීනයන් දෙකක්...

ෆ්ලෑෂ් ප්ලේයරය වෙත නව පිලිසකර යාවත්කාලීනයන් දෙකක් නිකුත්ව ඇති බවටයි සටහන් වන්නේ. පෙර සැකසුම් දුර්වලතා දෙකක් සදහා නිකුත්ව ඇති මෙම පිලිසකරයන් විසින් භාවිතාකරන්නන්ව වෙබ් අඩවිවල ඇති සබදතාවයක්  අවදිකරවන්නට පෙලබවීමෙන් අනතුරුව හානිකර ප්ලැෂ් අඩංගු ගොනු පරිගණකය මතට ‍රැගෙන එන්නට පහර දෙන්නන් විසින් යොදාගන්නා දුර්වලතාවයක් ආවරනය වන බවටයි පැවසෙන්නේ.CVE-2013-0643 හා CVE-2013-0648 ලෙසට නම් කර තිබූ මෙම දුර්වලතාවයන් දෙක ෆයර්ෆොක්ස් බ්‍රවුසරය මතදී ක්‍රියාත්මක වූ බවටයි සටහන් වන්නේ. මෙම යාවත්කාලීනයන් දෙක මෙම මසතුලදී ප්ලෑෂ් ප්ලේයරය සදහා නිකුත්වූ හදිසි දෙවන  යාවත්කාලීනය වන අතර මෙම වසර තුලදී නිකුත්වූ තෙවන හදිසි යාවත්කාලීනය ලෙසටත් සටහන් වනවා. ලොවපුරා මිලියන 750ක් පරිගණක උපාංග ප්ලෑෂ්ප්ලේයරය භාවිතකරමින් සිටින බවටයි සටහන් වන්නේ.

ෆුගිට්සු වෙතින් ජලරෝධී ටැබ්ලට් පරිගණකයක්!!!!

ෆුජිට්සු ආයතනය පවසන්නේ තමන් ජලය හා දුහුවිලි සදහා ඔරොත්තු දෙන ආකාරයේ ටැබ්ලට් පරිගණකයක් වින්8 සදහා මෙම සතියේ වෙළඳ පොලට නිකුත් කරන්නට සූදානම් බවයි. සාමන්‍ය කාබර මට්ටමේ උෂ්නත්වයේ ජලය සමග මීටර 1.5ක් ගැබුරෙහි විනාඩි 30ක් පමන මෙම ටැබ්ලට් උපකරනය නිරුපද්‍රිතව පැවතීමේ හැකියාවක් මෙම උපාංගය සතුවනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. මිලි මීටර් 9.9ක ගනකමකින් යුත් මෙම උපකරනය Arrows Tab Q582/F ලෙසට හැදින්වෙන අතර ඉන්ටෙල් ඇටොම් ප්‍රොසෙසරයකින් , ගිගා බයිට 2ක ‍රැම් ප්‍රමානයකින් හා ගිගා බයිට 64ක "සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව්"  මතක හැකියාවකින් යුක්ත බවටයි පැවසෙන්නේ. බැටරි ආයු කාලය පැය 10ක් ලෙසට ඔවුන් පවසා සිටිනවා.

2013-02-26

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 නිකුත්වේ!!!!!!


මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට වින්ඩෝස් 7 සදහා වන ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 අවසන් සංස්කරනය නිකුත්කොට තිබෙනවා. 32බිට් හා 64 බිට් සංස්කරනයන් දෙකම මේ වන විට අලුත් භාවිතාකරන්නන් සදහා ලබා ගත හැකිවන අතර  සැකසුම් වලින් වලක්වා නැති පරිගණක සදහා නව සංස්කරනය ස්වංක්‍රියවම යාවත්කාලීන වනු ඇත. 1 gigahertz (GHz) වඩා වැඩි ප්‍රොසෙසර් හැකියාවක් හා 1 gigabyte (GB) (32-bit)  , 2 GB (64-bit)- වැඩි මතක හැකියාවක් ඇති පරිගණක මෙම නව සංස්කරන සදහා වඩාත් සුදුසු බවටයි පැවසෙන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එම සංස්කරනය ඔබටද ලබාගත හැකිවනු ඇත.

http://windows.microsoft.com/en-us/internet-explorer/downloads/ie-10/worldwide-languages


 

ඉන්ටෙල් වෙතින් ස්මාර්ට්ෆෝන් හා ටැබ් සදහා නව ප්‍රොසෙසරයක්...



ඉන්ටෙල් ආයතනය පවසනවා තමන් ඇටොම් මට්ටමේ නව චිප් පතක් ස්මාර්ට් ෆෝන් හා ටැබ්ලට්  උපාංග සදහා නිපදවන්නට කටයුතු කරමින් සිටින බව. වින්ඩෝස් සදහා බොහොමයක් නිෂ්පාදන සිදුකර ඇති ඉන්ටෙල් ආයතනය පවසන්නේ නව චිප් පත ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කොට ගෙන නිපදවන්නට බලාපොරොත්තු වන බවයි.Atom මට්ටමේ මෙම ප්‍රොසෙසරය  මොස්තර තුනකින් සමන්විත වන්නට නියමිත අතර ඒවා Z2580, Z2560, Z2520 ලෙසින් නම් කර සිටිනවා.ඒවයේ clock speeds  ලෙසට 2.0 GHz, 1.6 GHz  1.2GHz සටහන් වනවා. මෙම ප්‍රොසෙසරය ඉන්ටෙල් ග්‍ර‍ෆික් චිප් පතකින්ද සමන් විත වනුඇති බවටයි සටහන් වන්නේ. මෙම නව Clover Trail+(සංකේත නාමය)  ප්‍රොසෙසරය Lenovo, Asus , ZTEආයතනවල නිපදවන ස්මාර්ට් දුරකථන වලහා ටැබ්ලට් උපාංග වලට භාවිතාවන්නට නියමිත බවයි සටහන් වන්නේ.
                                 මේ අතර ඉන්ටෙල් ආයතනය විසින් අඩු බල භාවිතාවක් සහිත ප්‍රොසෙසරයක් ඉදිරියේදී එලි දැක්වීමට කට යුතු කොට ඇති බවටයි තවත් පුවතකින් පැවසෙන්නේ.The 'Bay Trail ලෙසට සංකේතනමයක් දී ඇති මෙම ප්‍රොසෙසරය දිනය පුරා භාවිතාකිරීමට හැකි බැටරි බලයක් අරපිරි මැස්මෙන් භාවිතාවන මිලිමීටර 8.8ක සිහින් නිමවුමක් ඇති වින්ඩෝස් වලට මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් සදහාද  සහය දක්වන ප්‍රොසෙසරයක් වනු ඇති බවටයි පැවසෙන්නේ.

ගූගල් ග්ලස් දෙවන පරම්පරාවේ උපාංගයක් පිලිබද තොරතුරු හෙලිවේ....

ගූගල් ග්ලාස් වර්ථමානයේ බෙහෙවින් කථා බහට ලක්වෙමින් ඇති මාතෘකාවකි. ඩෝලර් 1500කට අඩු වටිනාකමක් යටතේ මෙම වසරේ වෙළඳ පොලට පිවිසෙතැයි බලාපොරොත්තුවන මෙම උපාංගයේ විශේෂත්වය වන්නේ දකුනු ඇස ඉදිරියෙන් වන වීදුරුවෙහි ඉහල කොටස ඔස්සේ පරිගණක තිරයක පහසුව ලැබීමේ හැකියාවෙන් යුක්තවිමය. ඇසෙහි ක්‍රියාකාරීත්වයෙන් විධාන ලබන මෙම උපකරනය පරිගණක භාවිතයේ කඩයිමක් වනු ඇති බවටයි මත පලවෙමින් ඇත්තේ.
                                   මේ වන විට හෙලිවෙමින් ඇති අලුත්ම තොරතුරු පවසන්නේ ගූගල් ග්ලස් හි දෙවන පරම්පරාවේ උපාංගය පිලිබද මේවන විට සැලසුම් වෙමින් පවතින බවකි. google glass 2.0 ලෙසට නම් වන මෙම උපාංගය මත දෙනෙත් දෙක සදහාම පරිගණක තිර දෙකක භාවිතාවක් ලැබෙන බවටයි පැවසෙන්නේ.ගූගල් ග්ලස් පලමු පරම්පරාවේ හමුවන දුර්වලතා කිහිපයක් සදහා විසදුම් ගෙනෙන මෙම දෙවන පරම්පරාවේ උපාංගය වඩාත් පැහැදිලි අත්දැකීමක් ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.

 

XP හා Firefox වෙතින් පසුගිය කාලයේ වැඩිම දුර්වලතා හදුනා ගැනීම්



ගතව ගිය වසර 25ක් තිස්සේ වඩාත් දුර්වලතා හමුව ඇති මෘදුකාංග භාවිතාවන් ගැන සැලකීමේදී WINDOWS XP- හා Firefox බ්‍රවුසරය ඉදිරියෙන්ම වන බවටයි හදාරන්නන් පවසන්නේ. පහර දීමකින් අනතුරුව සම්පූර්නයෙන්ම පරිගණකය අත්පත්කර ගැනීමේ හැකියාව ඇති තරමේ දුර්වලතා සැලකීමේදී --- වෙතින් 453ක්ද ෆයර්ෆොක්ස් වෙතින් 433ක්ද වාර්ථ වෙමින් ඇති බවටයි ඔවුන් පවසන්නේ.මෙම කාලය තුල සමස්ථයක් ලෙසට හදුනාගෙන ඇති දුර්වලතා ප්‍රමානය 50000කට අදික බවටයි සටහන් වන්නේ. ඔවුන් පවසන්නේ 2006 වසරේදී සමස්ථ දුර්වලතා 6612 හදුනා ගෙන ඇති මුත් 2007 වසරේදී හදුනා ගැනීම් 6518ක් අතරින් අති දරුනු මට්ටමේ දුර්වලතා 3159ක් හදුනා ගැනීම මත වඩාත් දරුනු තම වසර ලෙසට 2007 නම් කරන්නට ඔවුන් පෙලබී තිබෙනවා. 2012 වසර දැනට වාර්ථා වන යහපත්ම වසර ලෙසට නම් කරන ඔවුන් 5281ක් හදුනා ගැනීම් සිදුව ඇති බවට පවසනවා.
              ස්මාර්ට් මට්ටමේ දුරකතන සැලකීමේදී ඇපල් අයි ෆෝනය ඉහලින්ම දුර්වලතා හදුනාගත් උපාංගය ලෙසට නම් වන්නේ හදුනාගැනීම් 210ක් ඔස්සේ වන අතර ගූගල් ඇන්ඩ්‍රොයිඩ් 24 ක්ද වින්ඩෝව්ස් මොබයිල් 14ක්ද බ්ලැක් බෙරි 11 ලෙසටද  සදහන් වනවා.

webOSමෙහෙයුම් මෘදුකාංගය LG ස්මාර්ට් රූපවාහිනී සදහා...



webOS මෘදුකාංගය LG වෙතට ලබා ගැනීමේ පුවතක් පැවසෙනවා. මීට පෙර දී මෙම මෘදුකාංගය Palm වෙතින් HP වෙතට ලබා ගෙන තිබූ අතර භාවිතයේදී දක්නට වූ යම් යම් අඩුපාඩූන් නිසා එය විවෘත මෘදුකාංග වෙතට ලබා දී තිබුනා. LG ආයතනය මෙම මෘදුකාංගය ලබා ගැනීම ඔස්සේ ස්මාර්ට් මට්ටමේ රූපවාහිනි යන්ත්‍ර සදහා අන්තර්ජාලය කැදවා ගැනීම සදහා භාවිතා වනු ඇති බවටයි පැවසෙන්නේ. කෙසේ වෙතත් තවමත්  එම ආයතන දෙකෙන්හිම මෙම ගනුදෙනුව පිලිබද නිල ප්‍රකාශයක් නිකුත්ව නොමැති අතර  බොහෝ විට එය අද සිදුවෙනු ඇති බවටයි බලපොරොත්තු වන්නේ.

2013-02-25

මොසිල්ලා වෙතින් මොබයිල් මෙහෙයුම් පද්ධතියක් මෙම වසරේදී....

මොසිල්ලා ආයතනය මීට වසරකට පමන පෙර පවසා සිටියේ තමන්ද මොබයුල් මට්ටමේ මෙහෙයුම් පද්ධති නිර්මානය සදහා පිවිසෙමින් ඇති බවයි. පෙර දී ඔවුනගේ මොබයිල් මෙහෙයුම් පද්ධතිය වෙන නමකින් හැදින් වුවද පසුව එය  Firefox OS ලෙසට නම් කරනු ලැබුවා. මැතකදී මොසිල්ලා ආයතනය පවසා සිටින්නේ තමන්ගේ මෙහෙයුම් පද්ධතිය මෙම වසර තුලදී නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවකි. මේ වන විට ප්‍රකාශ වී ඇති පරිදී මෙම දුරකථනයන් ‍තෝරා ගත රටවල් කිහිපයක පලමුවෙන් අලවි කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ අනූව Brazil, Colombia, Hungary, Mexico, Montenegro, Serbia, Spain , Venezuela. යන රටවල් මේ සදහා ‍තෝරා ගෙන ඇති බවත්ය.තම භාවිතාකරන්න සදහා HTML මූලිකව නිර්මානය වන ඇප්ස් ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවට පවසන එම ආයතනය ඇමරිකානු වෙළඳ පොලට තම නිශ්පාදනය නිකුත්වීම ලබන වසරේ සිදුවීමට නියමිත බවටත් පවසා සිටිනවා.

යු ටියුබ් වෙතින් මුදල්ගෙවා නැරබිය යුතු වීඩියෝ සේවාවක්!!!!

යු ටියුබ් හි ඇන්ඩ්‍රොයිඩ්  ඇප් මතින් ලැබුනු  සටහනකට අනූව පැවසෙන්නේ යු ටියුබ් නම්  ලොව වැඩියෙන්ම භාවිතාවන වීඩියෝ බෙදා හදා ගැනීම සදහා වන වෙබ් සේවාවේ මීලග පියවරක් ලෙසට මුදල් ගෙවා නැරබිය යුතු චැනලයක් ආරම්භවීමට කටයුතු සිදුවෙමින් පවතින බවකි. ගෙවී ගිය ජනවාරි මාසයේ සිට මේ පිලිබද අදහස් පලවෙමින් තිබුනද ඇන්ඩ්‍රෝයිඩ් සදහා වන  යුටියුබ් ඇප් සදහා මෑතකදී නිකුත්වූ යාවත්කාලීනයක් සමග වූ සදහනකින් වඩාත් එය තහවුරුව ඇති බවටයි සටහන් වන්නේ.
                              ගූගල් ආයතනය යටතේ ක්‍රියාත්මක වන යුටියුබ් හි මෙම නව චැනලය නැරබීම සදහා මාසිකව ඩොලර් 1-5 අතර ගෙවීමක් ඔස්සේ වෙළඳ දැන්වීම් ඇතිව හෝ නැතිව මෙම චැනලය නැරබීමේ හැකියාව ලැබෙනු ඇති බවත් එම චැනලය සදහ වඩාත් ජනංප්‍රිය වීඩියෝ අංග තොරා ගැනෙනු ඇති අතර වඩාත් සුපැහැදිලි නැරබීමක් භාවිතාකරන්නන් හට ලැබෙනු ඇති බවටත් බලපොරොත්තු පලවෙමින් තොබෙනවා.

2013-02-24

Office Web Apps සඳහා නවාංග කිහිපයක් එක්වේ....



මයික්‍රසොෆ්ට් ආයතනය තම ඔෆ්ෆීස් 2013 සංස්කරනයේ ඔෆ්ෆීස් වෙබ් ඇප්ස් වෙතට නව අංග කිහිපයක් එකතු කොට ඇති බවටයි සටහන් වන්නේ. ඔබට වෙබ් අවකාශයේදී හමුවූ ඡායාරුවක් තම Word Web App, PowerPoint Web App,  OneNote Web Ap pතුලට කොපිකර ගැනීමට අවශ්‍ය වූ විටකදී  පහසුවෙන් CTRL+V  යතුරු සංයෝජනය ඔස්සේ එය කලහැකි වනු ඇති බවටයි පැවසෙන්නේ. එසේම Word Web App, PowerPoint Web App , OneNote Web App  වලදී ඔබ යම් වචනයක් හෝ කිහිපයක් ‍තෝර ගත් විටකදී ස්වංක්‍රීයව ෆෝමැට් පහසුව ‍තෝරා ගැනීමට ඉඩ ලබාදෙන කවුලුවක් විවෘත වීම ඔස්සේ කාලය ඉතිරිකර දීමක් සිදුවන බවටයි පැවසෙන්නේ.එසේම පවර් පොයින්ට් වෙබ් ඇප් එක තුලදී පහසුවෙන් ස්ලයිඩ් ලේ අවුට් එක වෙනස් කරගැනීම සදහා ඒ මත රයිට් ක්ලික් කිරීමෙන් මතුවන මෙනුවක් ඔස්සේද එක්සෙල් සදහා වර්ක්බුක් විවෘත කරගැනීම පහසු කිරීම්ද වන බවටයි සටහන් වන්නේ.

"වින්ඩෝස් බ්ලූ" ගැන තවත් නොනිල තොරතුරු හෙලිවේ.....

වින්ඩෝස් 8 වෙත නිකුත්වීමට නියමිත මෙගා මට්ටමේ "වින්ඩෝස් බ්ලූ" යාවත්කාලීනය  පිලිබදව ක්‍රමයෙන් නොනිල තොරතුරු නිකුත්වෙමින් පවතිනවා. අලුත්ම පුවතකට අනූව පැවසෙන්නේ දැනට වින්8 භාවිතාකරන්නන් හට නොමිළේ නිකුත්වීමට නියමිත මෙම යාවත්කාලීනය සමග මෙහෙයුම් පද්ධතියේ මූලික මට්ටමේ සිට වෙනස්කම් ‍රැසැක් ‍රැගෙන එනු ඇති  බවයි. පරිගණකය ආරම්භක වේගය වඩාත් දියුනු කිරීම , ලබා ගන්නා ‍රැම් මතක ප්‍රමානය අඩුවීම , බල භාවිතය අවම කිරීම ඒවා අතර වෙනු ඇති බවටයි සටහන් වන්නේ. කෙසේ වෙතත් වින්ඩෝස් 8 හි "යුසර් ඉන්ටර්ෆේසය" මහත් වෙනසකට ලක් නොවනු ඇති බවටත් පැවසෙනවා.
                                           අඟල් 6-7 මට්ටමේ ටැබ්ලට් පරිගණක සදහා වඩාත් පැහැදිලි මොඩර්න් ඇප් භාවිතාවක් සදහා අධි සුපැහැදිලි බව වැඩි කිරීම මෙන්ම සෙවීම් යාන්ත්‍රනය  වැඩි දියුනු කිරීමද ඒ අතර වන බවටයි සටහන් වන්නේ."චාර්ම්" බාරයද වැඩි දියුනු කිරීම් වලින් සමන් විත වනු ඇති බවටයි සටහන් වන්නේ. අගෝස්තු මාසය වන විට මෙම නිකුතුව සිදුවෙනු ඇති බවටත් බලාපොරොත්තු පලවනවා.

පරිගණකය පිලිබද වැඩි තොරතුරු ප්‍රමානයක් ගෙන එන මෘදුකාංගයක්

ඔබගේ පරිගණක පිලිබදව තොරතුරු අවශ්‍යවීම විවිධ අවස්ථාවලදී සිදුවිය හැක පරිගණකයට නව උපාංගයක් එක්කරන්නට තීර්නය කර ඇති මොහොතකදී මෙන්ම මතුව ඇති ගැටලුවක් නිරාකරනය කරගන්නට උත්සාහ කිරීමකදී මෙම තත්වය මතුවිය හැක. මෙහෙයුම් පද්ධතිය සමගද මේ සදහා ක්‍රියාත්මකවීමට සුදානම් මෘදුකාංගයක් පැමින තිබුනද මෙම මෘදුකාංගය ඔස්සේ වැඩි තොරතුරු ප්‍රමානයක් ඔබට ලබාගත හැකි වනු ඇත.
මෘදුකාංගය
වෙබ් අඩවිය

2013-02-23

පැන්ඩා ක්ලවුඩ් නව සංස්කරනයක් නිකුත්වේ

පැන්ඩා ක්ලවුඩ් මෘදුකාංගය ඔබ වෙත ආරක්ශාව ‍රැගෙන එන්නේ ක්ලවුඩ් මූලික ආකරයකටය. වඩාත් වේගවත් සැහැල්ලු ක්‍රියාකාරීත්වයකින් යුතුව හානිකරයන් පිලිබද අලුත්ම දත්ත සමග පරිගණකවෙත ආරක්ශාව ‍රැගෙන එන මෙම මෘදුකාංගය පිලිබදව එම ආයතනය් පවසන්නේ "එය ස්ථාපනය කරන්න. ඉන් පසුව අමතක කර දමන්න" ලෙසටය. වින්ඩෝස්8 මිත්‍ර නව සංස්කරනය සමග වැඩි දියුනු කිරීම් කිහිපයක්ම වන බවටයි ඔවුන් පවසන්නේ. නිරන්තරයෙන්ම අන්තර්ජාල භාවිතයක් ඇති පරිගණක සදහා මෙම මෘදුකාංගය සමග වඩාත් ප්‍රථිපලදායී වන බවයි පිලිගැනීම වන්නේ.......
www.siriwansa.com

වින්ඩෝස් බ්ලූ සමග ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 එනු ඇත!!!!!



පලවන නිල නොවන නවතම පුවතකට අනූව පැවසෙන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 සංස්කරනයක් "වින්ඩෝස් බ්ලූ" නොහොත් වින්ඩෝස් 8 සදහා ලගදීම නිකුත්වනු ඇතැයි  බලාපොරොත්තුවන පුලුල් යාවත්කාලීනයත් සමග එනු ඇති බවයි. මීට පැවසී තිබූ පරිදි මෙම නව සංස්කරනය build 9319  ලෙසට නම් වනු ඇති බවට හා මෙහෙයුම් පද්ධතියේ පදනම ලෙසට සැලකෙන කර්නලය  6.2 ලෙසට ඉහල නැංවෙනු ඇති බවයි බලපොරොත්තු වන්නේ. එසේම නව ප්‍රධාන යවත්කාලීනය සමග වින්ඩෝස්8 සර්විස් පැක්1 ලෙසට නොව වින්ඩෝස්9 හෝ සමාන නාමයකින් හැදින්වෙනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.

අමතර යාවත්කාලීන ගොනුවක් මයික්‍රසොෆ්ට් වෙතින් එලබෙන 26 නිකුත්වේ.....

සාමාන්‍ය පිලිවෙතින් බැහැරව මයික්‍රසොෆ්ට් වෙතින්  වින්ඩෝස් 7 හා වින්ඩෝස්8 වෙතට යාවත්කාලීන ගොනුවක් මෙමස 26 මිකුත්වීමට නියමිත බවටයි ආයතනය පවසන්නේ. "ෆ්ලැට් ෆොර්ම් අප්ඩේට්" ගොනුවක් ලෙසට වර්ග කෙරෙන මෙම යවත්කාලීනය ඔස්සේ මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාත්මක බවට හා සමහර අංග කිහිපයක් සදහා වැඩි දියුනු කිහිපක් ‍රැගෙන එනු ඇති බවටයි සටහන් වන්නේ.බොහෝ විට තවමත් අත්හදා බැලීමේ මට්ටමේ පවතින ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හි වින්ඩෝස්7 සදහා වන අවසන් සංස්කරනය සදහා අවශ්‍ය පද්ධති පරිසරය සැකසීම මෙම නිකුතුවේ අරමුන විය හැකි බවටයි හදාරන්නන් පවසන්නේ.

ගූගල් ග්ලස් 2013 අවසානයේ වෙළඳ පොලට!!!!

ගූගල් ආයතනයෙන් ක්‍රෝම්බුක් ස්පර්ශක තිර සහිත නෝට්බුක් පරිගණකය මේ වන විට වෙළඳ පොලට නිකුත්ව තිබෙනවා. එය ඇමරිකානු ඩොලර් 1229කට මිල කොටතිබුනු අතර ගූගල් ග්ලස් නම් ඇන්ඩ්‍රොයිඩ් ඇස් පලදනාව පිලිබදවද වීඩියෝවක් නිකුත්කොට තිබෙනවා.දැනටමත් එහි වටිනාකම ඩොලර් 1500කට වඩා අඩුවෙනු ඇති බවට ආයතනය පවසා සිටින අතර මේ වන විටත් එහි පෙර සංස්කරනයන් තොරාගත් සංවර්ධකයන් වෙතට හා භාවිතාකරන්නන් පිරිසක් වෙත නිකුත්ව ඇති බවයි සටහන් වන්නේ. මෙහි අවසන් සංස්කරනය බොහෝ විට 2013 වසරේ අවසාන භාගයවන විට නිකුත්වනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.
http://youtu.be/44BywDu6GC8
http://youtu.be/v1uyQZNg2vE

මයික්‍රසොෆ්ට් වෙත මැල්වෙයාර් ප්‍රහාරයක්!!!



මයික්‍රසොෆ්ට් පවසනවා තමන් වෙත හානිකර මෘදුකාංග ප්‍රහාරයක් සිදුව ඇති බව. ඇපල් මෙන්ම ෆේස්බුක් වෙත මෑතදී එල්ල වූ ප්‍රහාරයන්ට සමාන මෙම සිදුවීමේදී තම ආයතනයේ පරිගණක කිහිපයක් පමනක් ආසාධිතව පවතින බවටත් ජාවාහි පෙර සැකසුම් දුර්වලතාවයක් ඔස්සේ ප්‍රහාරය සිදුව ඇති බවටත් පවසා සිටිනවා. නිරන්තරයෙන් මෙවැනි ප්‍රහාරයන් පිලිබදව අවධානයෙන් සිටිනා ආයතනයට මෙම සිදුවීම එතරම් ගැටලුවක් නොවන බවත් කිසිදු දත්ත සොරා ගැනීමක් සිදුව නැති බවත් වැඩි දුරටත් පවසා සිටිනවා.

2013-02-22

ගූගල් ක්‍රෝම් 25 නිකුත්වේ.....

ප්‍රකට ගූගල් ක්‍රෝම් වෙබ් පිරික්සුම් යාන්ත්‍රනයේ නවතම සංස්කරනය මේවන විට නිකුත්ව ඇති බවටයි එම ආයතනය පවසන්නේ. ක්‍රෝම් 25 සමග පැමිනෙන්නට නියමිත නවාංග අතරින් භාවිතාකරන්නාගේ වාචික උපදෙස් හදුනා ගත හැකි ආකාරයේ ඇප් මෘදුකාංගයක සහය කැපී පෙනෙන අංගයක් ලෙසටයි වාර්ථා පවසන්නේ. ක්‍රෝම් දැනට භාවිතාකරන්නන් සදහා මෙම නව සංස්කරනය වෙත අප්ග්‍රේඩ් වීම ස්වංක්‍රීයව සිදුවන්නට නියමිත බවත් ඔවුන් පවසනවා.
                                                 ඔබ සතුව මයික්‍රෆෝනයක් ඇති විටකදී ඊමේලයක් නිර්මානය කර ගැනීම පහසුවෙන් වාචිකව කරගත හැකි වනු ඇත. එසේම පෙර සංස්කරන සමග භාවිතවූ නිහඬව භාහිර  මෘදු අංග යාවත්කාලීන වීම සමග හදුනා ගෙන තිබූ ආරක්ශක දුර්වලතා කිහිපයක් නව සංස්කරනය සමග නිවැරදි කොට ඇති බවයි සටහන් වන්නේ.
 

වැඩි වේගයක් හා තාක්ශන සංකලනයක් ගෙනෙන බ්‍රවුසරයක්!!!!

රටවල් 196ක මිලියන 20කට වඩා බාගත කරගැනීම් සටහන් වන  මෙම විවෘත මෘදුකාංග බ්‍රවුසරය ප්‍රධාන පෙලේ සියලුම බ්‍රවුසර තාක්ශනයක් එකම තැනකදී අත්විදින්නට හැකියාව ඔබට ගෙනෙන බවටයි පොරොන්දු පල කරන්නේ. වැඩි වේගයක් වඩාත් ආරක්ශිතව ඔබ වෙත ගෙනෙන්නට හැකිවන මෙම බ්‍රවුසරයෙයි නවතම සංස්කරනය පහත දැක්වෙන සැබැදියාව ඔස්සේ ඔබටත් ලබා ගත හැකිවනු ඇත.

http://www.lunascape.tv/

MSN(වින්8 සංස්:) වෙබ් අඩවිය වින්ඩෝස්8 වලදී වැඩි වේගයක් පෙන්වයි....


බාහිර ආයතනයක හැදෑරීම් වාර්ථා අනූව පවා මයික්‍රසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 සදහාම නිම කරන ලද MSN වෙබ් අඩවි සංස්කරනය AOL හෝ යාහු වැනි තරගකාරී වෙබ් අඩවි සමග සැසදීමේදී  දස ගුනයක වේගවත් බවක් පෙන් වන බවයි සටහන් වන්නේ. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය ඇසුරෙන් මෙම  ගනනයන් කර ඇති බවයි සටහන් වන්නේ.MSN අඩවියේම පෙර සංස්කරන හ සැසදීමේදී 6 ගුනයක වේගවත් බවක් පෙන්වන්නට වින්ඩෝස් 8 සදහා වන MSN අඩවියට හැකි වන බවත් සටහන් වන අතර නව  අඩවිය වින්ඩෝස් 8 හි ගෙඩ නැගීමට වඩාත් සමීප ආකාරයට ගොඩ නංවා ඇති නිසා වැඩි වේගයකින්  අධි පැහැදිලි මට්ටමේ ඡායාරුවක් වැඩි වේගයකින් මෙන්ම  නම්‍යතාවයකින් භාවිතාකරන්නා වෙත ‍රැගෙන යාමට හැකිව ඇති බවයි පැවසෙන්නේ.

යාහූ හා ජී මේල් වලට වඩා අප ඉදිරියෙන්. මයික්‍රසොෆ්ට් පවසයි.


ඊමේල් භාවිතාකරන්නන් දිනා ගැනීමේ සටන දිනෙන් දින තියුනු වෙමින් පවතී. ජී මේල් හා යාහු ඉක්මවා යන්නට මයික්‍රසොෆ්ට් සමාගම තම නවතම ඉමේල් පහසුවෙහි අවසාන සංස්කරනය මේවන විට හදුන්වාදී ඇත.ඔවුන් පවසන්නේ තම නව නිකුතුව සමග ෆේස්බුක් හෝ ඔෆ්ෆීස් සමග වැඩි පහසුවෙන් ගොනු බෙදහාදා ගැනීමේ හැකියාව මෙන්ම විටක ඒවා සංස්කරනය කිරීමේ හැකියාව පවා පවතින බවයි.වැඩි දුරටත් ඔවුන් පවසන්නේ ඉතා කුඩා ගාස්තුවක් යටතේ වෙළඳ දැන්වීම් වලින් තොරව මෙන්ම අවම ලොග්වීමේ අවස්ථා ප්‍රමානයක අවශ්‍යතාවය අවසන් කල දැමිය හැකි වන බවය. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ දැන් පහසුවෙන් යමෙකුට තම ජී මේල් ගිනුමේ සිට අවුට්ලුක් ගිනුම වෙත හුවමාරුවීමේ හැකියාව පවතින බවයි.
http://youtu.be/5153drOk9tI
 

2013-02-20

උබුන්‍ටු ටැබ්ලට් මෙහෙයුම් පද්ධතියක්....

සති කිහිපයකට පෙර පැවසුනු ආකාරයට උබුන්‍ටු මෙහෙයුම් පද්ධතියේ "ස්මාර්ට් ෆෝන්" සංස්කරනයක් පිලිබද පුවතට අමතරව පලවන නවතම පුවතකට අනූව පැවසෙන්නේ විශාල මට්ටමේ ස්පර්ශක තිර මිත්‍ර යුසර් ඉන්ටර්ෆේසයක්  සමග එන ටැබ්ලට්  මෙහෙයුම් පද්ධති සංස්කරනයක් සූදානම් වෙමින් පවතින බවයි. ඔවුන් පවසන්නේ එම නව නිකුතුව සමග භාවිතාකරන්නෙකුට එකවර ආරක්ශිතව ගිනුම් කිහිපයක් සමග කටයුතු කිරීමේ හැකියාව මෙන්ම දුරකථන ඇප් මෘදුකාංගයක් ටැබ් සංස්කරනය මතද ක්‍රියාත්මක කිරීමේ හැකියාව වැනි නවාංග කිහිපයකින් සමන්විත වීමට නියමිත බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ ඉදිරියේදී තම ඇප් මෘදුකාංග ඩෙස්ටොප්, දුරකථන  මෙන්ම ටැබ්ලට් මතදී කිසිදු ගැටලුවකින් හා අමතර මෘදුකාංග සහයකින් තොරව හැකිවනු ඇති බවයි. එසේම ඔවුන් පවසා සිටින්නේ ස්මාර්ට් ෆෝන් හා ටැබ්ලට් සදහාවන UI ‍රැගෙන එන early developer source code  නිකුතුවක්  එලබෙන 21 වෙනිදා වන විට නිකුත්වන්නට නියමිත බවයි.
http://youtu.be/h384z7Ph0gU

"වින්ඩෝස් බ්ලු" එලබෙන අගෝස්තුවේ පැමිනේවි!!!!!


නිල නොවන තොරතුරු වල අනූව පැවසෙන්නේ වින්ඩෝස් 8 වෙත පැමිනෙන්නට නියමිත වින්ඩෝස් බ්ලූ යාවත්කාලීනය එලබෙන අගෝස්තුවේ නිකුත්වන්නට නියමිත බවයි. මයික්‍රසොෆ්ට් හුරු පුරුදු යාවත්කාලීන රටාවට වඩා ඇපල් ආයතනයේ යාවත්කාලීන සම්ප්‍රධායට වඩාත් සමීප බවක් පෙන්වන මෙම යාවත්කාලීනය වින්ඩෝස් 8 හි කර්නලය දක්වා ගැබුරට විහිදුනු වෙනස්කම ‍රැගෙන ඒමට නියමිත බවටයි පැවසෙන්නේ. වෙළඳ වටිනා කමක් සහිත නිකුතුවක් වන්නට නියමිත බව පැවසෙන මෙම යාවත්කාලීනය වින්ඩෝස් බ්ලු හෝ වින්ඩෝස්9 වැනි  නාමයක් සමග පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.

outlook.com සේවාව බීටා කාලසීමාව අවසන් කරයි



මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ තම ඊමේල් සේවාව වන outlook.com හි බීටා මට්ටමේ සිට පූර්න සේවා මට්ටමට ගෙවී ගිය දිනයේදී පත්කර ඇති බවයි. ඒ අනූව එම ඔන් ලයින් සේවාව සදහා එම අඩවිය වෙත ගොඩ වදින්නෙකුට මෙතෙක් දක්නට ලැබූ බීටා ලේබලය ඉවත්කර තිබෙනවා. ආයතනය පවසන්නේ තම සේවාව බීටා මට්ටමේ කාලය තුලදී මිලියන 60ක් ඉක්මවන භාවිතාකරන්නන් කැදව ගන්නට සමත්වූ බවයි. ආයතනය වැඩි දුරටත් පවසන්නේ ඊයේ දිනයේ තම සේවාව පූර්න සේවාවක් බවට පත්ව ගෙවි ගිය සුලුකාලය තුලදී පමනක් නව භාවිතාකරන්නන් මිලියන 1.5ක පැමිනීමක් වාර්ථාව ඇති බවයි. ඔවුන් පවසන්නේ "කැලැන්ඩර්" උපාංගය තවමත් නිමවෙමින් පවතින බවත් නුදුරේදීම ඒම උපාංගය නිකුත්කිරීමට බලාපොරොත්තුවන බවත්ය. තවමත් හොට්මේල් භාවිතාකරන්නන් හට තම සුපුරුදු මුහුනත මතදී කටයුතු කරන්නට හැකි වුනද මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ ඉදිරි මාස කිහිපයතුලදී ඔවුන්වද ස්වංක්‍රීයව මෙම නව සේවාව වෙතට යොමු කරන්නට නියමිත බවයි.

2013-02-19

අනාගත ලැගුම්හලක ආකෘතියක් එලිදක්වේ....



ස්පේනියානු නිර්මානකරුවන් පිරිසක් කල අනාගත අනාගත හෝටල් කාබරයක ආකෘතියක් මේ වන විට වීඩියෝවක් ලෙසින් නිකුත්ව තිබෙනවා. මයික්‍රසොෆ්ට් විසින් වින්8 සමග හදුන්වාදුන් "මොඩර්න්" යුසර් ඉන්ටර් ෆේසය මුල් කරගෙන ක්‍රියාත්මක වන මෙම ස්පර්ශකතිර මූලික ගොඩ නැංවීම  තුලදී නිදි යහන වටා ඇති සියලුම තලයන් ඔස්සේ ඡායරූ වීඩියෝ සමග පහසුකම් බොහොමයක් ලබාදීමට සූදානම්ව ඇති පාරදෘශ්‍ය නිමවුමක් දක්නට ලැබෙනවා.නිදියහන අසල රදවා ඇති සර්ෆේස් ටැබ්ලටයට සමාන උපකරනයක් ඔස්සේ පහවුවෙන් මෙම තලයන් හැසිරවීමේ පහසුවද එහි දක්නට ලැබෙනවා.


http://vimeo.com/58328032

බින් සෙයුම් යන්තර ඔස්සේ මිතුරන්ගේ ඡායාරූ සොයා ගැනීම වඩාත් පහසුවේ....

මයික්‍රසොෆ්ට් ආයතනය සති කිහිපයකට පෙර පවසා සිටියේ තම බින් සෙයුම් යන්තරය සමග ක්‍රියාත්මකවූ වීඩියෝ සෙයුම් අංගය නවීකරනය කල බවකි. අද නිකුත්වන නිවේදනයකින් පැවසෙන්නේ තම මිතුරන්ගේ ඡායාරූ සෙවීම වඩාත් පහසු කිරිම සදහා 2012දී හදුන්වාදීතිබූ අංගය වින්ඩෝස්8 මුහුනත සදහා වඩාත් ගැලපෙන සේ හා වඩාත් වේගවත් මෙන්ම සෙවීමේ සීමාවන් වඩාත් පුලුල් වන සේ දියුනු කිරීමට තමන්ට හැකිවූ බවයි.ඔවුන් පවසනවා එම ඡායාරූ ස්ලයිඩ් ෂෝ එකක ආකාරයෙන් නැරබීමේ හැකියාවක් ලබා දෙන නව උපාංගයකුත් බින් වෙත එකතුකරන්නට තමන් කටයුතු කර ඇති බවයි.
                                       ඡායරුවක් මත ක්ලික් කිරීමකින් පමනක් දැන් එය පෙරකී ස්ලියිඩ් ෂෝ ව මතට එක් කර ගත හැකිවා පමනක් නොව ෆේස්බුක් මතට ගොස් ඒහා සමාන ඡායාරූ සොයාබැලීමේ හැකියාවද මෙම නව හදුන්වාදීම් සමග භාවිතාකරන්නාට ලැබෙන බවටයි ආයතනය පවසන්නේ.

2013-02-18

ගොනුවක් ෆෝල්ඩරයක් පමනක් ඩීෆ්‍රග් කිරීමට පවා සහය වන මෘදුකාංගයක්



භාවිතය වැඩි වන්නට වන්නට පරිගණකයේ දෘඩතැටිය මත දත්ත තැන්පත්වීම අපිලිවෙල වීම වැඩිවිමක් දැකිය හැක. මේ සදහා අප යොදා ගන්නා මෘදුකාංගයක් මගින් එම අපිලිවල යලිත් පිලිවලක් කිරීම සිදුවේ. මෙම ක්‍රියාවලියට ඩිෆ්‍රග් කිරිම ලෙසට නම් වේ. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග මෙන්ම බාහිරවද මේසදහා මෘදුකාංග ටූලයන් ලබා ගත හැක. එවන් බොහෝ මෘදුකාංගවල තවත් ලක්ෂනයක් වන්නේ එම ඩීෆ්‍රග් ක්‍රියාවලිය ක්‍රියාත්මක කල හැකි වන්නේ සම්පූර්න ඩ්‍රයිව් එකක් මතට පමනක් වීමය. පහත දැක්වෙන මෘදුකාංගයේ ප්‍රධාන ලක්ෂනයක් වන්නේ එවන් ඩීෆ්‍රග්  කිරීමක් තොරා ගත් ගොනුවකට නැතිනම් ෆෝල්ඩරයකට පවා ක්‍රියාත්මක කරවා ගන්නට හැකිවීමය.එසේම අනෙක් වැදගත් කාරනාව වන්නේ මෙම මෘදුකාංගය ඩීෆ්‍රග් ක්‍රියාවලිය සදහා යොදාගන්නා තාක්ශනය වින්ඩෝස් වල භාවිතාවන තාක්ශනය හා සමාන නිසා ගැටලු ඇතිවීමේ හැකියාව ඉතා අවම වීමය.

http://download.piriform.com/dfsetup213.exe



 

අනන්තය තෙක් පෙනෙන විසල්කදු මුදුනතක සිට......



බොහෝ කලකට පසුව නැවත ආශ්‍රමය පැමිනෙන්නට ලබීම මහත් සතුටකි. ලොව නෙක දිශා ඔස්සේ සැරි සරමින් වෙහෙසට පත්වන ජීවිතයට ඇති එකම කෙම් බිම වේත නැවත පැමිනීම වැනි හැගීමක් සිතට නංවයි.ආශ්‍රමය බිදකුදු වෙනස්වි නොමැතිය. විශාල තුරුවැල් ,දිය කඩිති නෙක සියල්ල පෙර සේම පවතී.ලොකු ස්වමීන් වහන්සේ ගබඩා භාරකරු පමනක් නොව ආශ්‍රම භූමියේදී හමුවූ සංසාර ගත මිතුරා වැනි හැගීමක් සිතට ගෙනෙන්නට සමත්වූ ටිබෙටියානු මිතුරාද නැවත හමුවීම සංසාර ගත දිගු ගමනේ කිසිදිනය මැකී නොයෙතැයි සිතන තරමේ පහන් සතුටක් සිතට ‍රැගෙන එයි. ආශ්‍රම කදු වලල්ල පාමුල ගම්මානයේ නිවසක ආගන්තුක කුටියේ පෙරදින රාත්‍රිය පහන්කල බැවින් උදාහිරු කිරන මාවත දෙපසවූ තුරුගොමු වල ‍රැදුනු පිනි බිඳු මිනි කැට සේ එලි ගන්වන සිතල උදයේම ආශ්‍රම  භූමියේ ප්‍රධාන දොර‍ටුවෙන් ඇතුලු වන්නට හැකි විය. ගබඩා භාරකරු වහ වහා ආගන්තුක කුටියක් පිලියල කරදී උදෑසන ආහාරය ලබා දෙන්නට තරම් කාරුනික විය. හෝරා දෙක තුනකින් ලොකු ස්වාමීන් වහන්සේ බැහැදකින්නට අවස්ථව ලැබිනි. මද කලක් ආශ්‍රමය ආශ්‍රිතව දහම් සුවය විදිමින් සිටි විදේශික මහතුන් කිහිපදෙනෙක් ආශ්‍රමයෙන් සමුගෙන යන්නට පෙර ලොකු ස්වාමීන් වහන්සේ බැහැ දකින්නට පැමින සිටි නිසා මදක් ඉවසන මෙන් ගබඩා භාරකරු ඉල්ලා සිටින ලදී. ලොකු ස්වාමීන්වහන්සේ හුරු පුරුදු මද සිනාව සමගින් අසලට පැමිනෙන්නට අවසර දෙන ලදී. මද තොරතුරු විමසීමකින් අනතුරුව මා පෙර සිටි ආශ්‍රම භූමියේ මුදුනතට වන්නට වූ කුටිය වෙත මා ‍රැගෙන යන්නට යැයි ගබඩා භාරකරුට පවසන ලදී.......
http://nirogi.tk/

කාරුනික අනුග්‍රහය වෙනුවෙන් ගෞරවනීය ස්තූතිය පලකිරීමයි.....



මෙම වෙබ් අඩවිය ප්‍රමුක සියලු සයිබර් සටහන් සටහන් තුලින් යමෙක් අබමල් රේණුවක හෝ ප්‍රථිපලයක් ලබන්නේ නම් එහි ප්‍රධාන ගෞරවය තවමත් මෙවන් සත්කාර්යයක් පවත්වාගෙනයාම සදහා ප්‍රධාන අනුග්‍රහහය සපයන මෙම දෙපොලට ගෞරවයෙන් පුදකරමි. සියලු සමාජ වටිනාකම්  රුපියල් ශත මතට දරුනු ලෙස ඌනනය වෙමින් පවතින වටපිටාවක විටෙක අපහසුවෙන්  උවද පරිත්‍යාගශීලීව පහන් සිත්දරාගෙන සිටින්නට කියාදෙමින්  සමුගෙන ගොස් වසර ගනනාවක් ගතව ඇති මුත් තවමත් මෙවන් අනුග්‍රහයකට හිමිත්වය දරන "ඔබ දෙපොලට නිවන් සුව අත්වේවා".
 


ෆේස්බුක් වෙත සයිබර් පහරදීමක් හදුනා ගැනේ!!!!!

මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය 15 දා ප්‍රකාශකර සිටියේ තම අඩවිය ජාවාහි වන පෙර සැකසුම් දුර්වලතාවයක් ඔස්සේ  සයිබර් ප්‍රහරයකට ලක්වූ මුත් භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරාගැනීමක් සිදුව නැති බවයි. මෙම සිදුවීම ‍ටුවිටර් වෙත සති දෙකකට පමන පෙර සිදුවූ පහරදීම හා එහි භාවිතාකරන්නන් 250000ක ගේ අවසර පද නැවත සකස්කර ගැනීමකට පෙලබවීමට සිදුවීම මෙන්ම ඇමරිකානු පුවත්පත් දෙකක් වූ නිව්යෝර්ක් ටයිම්ස් හා වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙත සිදුවූ අනවසර පිවිසීම් වලට පසුව වාර්ථාවන පහරදීමක් වනවා.
                                ෆේස්බුක් ආයතනය වැඩි දුරටත් පවසා සිටියේ පහරදීම පිලිබදව හදුනා ගත් මොහොතේදීම ආසාධිත වන්නට ඇතැයි සැක කෙරෙන පරිගණකයන් ක්‍රියා විරහිත කරන්නට කටයුතු කල අතර ඓදුවීම පිලිබද සොයා බැලීම ආරම්භ කල බවයි.ගෙවී ගිය මාසයේදී තම ආයතනයේ සේවක මහතුන් විසින්  මොබයිල් ඩිවෙලොපර් අඩවිය වෙත පිවිසි අවස්ථාවකදී ඔවුනගේ පරිගණකයන් ආසාධිත තත්වයකට ලක්වීම නිරීක්ශනය කල බවත් මෙහෙයුම්පද්ධ්තිය හොදින් යාවත්කාලීනව හා ආරක්ශක මෘදුකාංග හොදින් ක්‍රියාත්මකතිබෙන අතර මෙම හානිවීම සිදුවීම තම අවදානයට ලක්ව ඇති බවටත් පවසා සිටිනවා.

Ad-Aware Free Antivirus + 10.5.0.4339 නිකුත්වේ...



බාගත කරගැනීම්ම් මිලියන 450කින් සටහන් කරගෙන ඇති Ad-Aware Free Antivirus ආරක්ශක මෘදුකාංගයේ නවතම සංස්කරනයක් මෙම වන විට නිකුත්ව ඇති බවටයි සටහන් වන්නේ. ඔවුන් පවසන්නේ හානිකරනයන් දෘඩ තැටිය මතට පැමිනෙන්නට පෙර හදුනා ගෙන වැලකිමේ තාක්ශනය සහිත හා සැක සහිත අවස්ථාවලදී සෑන්ඩ්බොක්ස්  නොහොත් එම මෘදුකාංග ව්‍යාජ පරිගණක පරිසරයක් මත ක්‍රියාත්මක කර පරිගණකය වෙත හානිවීමේ අවස්ථාව අවම කරන්නට අවශ්‍ය තාක්ශනයන් සහිතව හා වෙබ් සැරියකදී වඩාත් දියුනු කල ආරක්ශාවක් සපයන්නට වැඩි දියුනු කල තම ආරක්ශක මෘදුකාංගයේ නවතම සංස්කරනය මේ වන විට මිලදී ගැනීම් හා නොමිලේ භාවිතාකල හැකි සංස්කරනයන් ලෙසින් මේ වන විට ලබා ගත හැකි  බවයි.

http://www.lavasoft.com/products/ad_aware_free.php#

මයික්‍රසොෆ්ට් තම සර්ෆේස් උපකරනයන්ගේ නිල නාමයන් සරල කරයි.....



මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය කාලයේ හදුන්වා දුන්ටැබ්ලට් ආකාරයේ පරිගණකයන් හැදින්වීම සදහා ලබා දී තිබූ නාමයක් මදවෙනසකට ලක් කර ඇති බවටයි සටහන් වන්නේ. ඔවුනගේ නිල අඩවියේ මෙතෙක් windows RT ධවනය වන පරිගණකය හැදින් වූවේ  "Surface with Windows RT" ලෙසට වන අතර windows Pro ධාවනය වන පරිගණකය හැදින්වූවේ "Surface with Windows 8 Pro" ලෙසටය. කිසිදු නිල දැනිම්දීමකින් තොර වුවද මේ වන විට ඔවුන්ගේ නිල අඩවියේ මෙම එම උපකරනයන් හැදින්වීමේදී වඩාත් සරල වෙමින්  "Surface RT ලෙසට හා "Surface Pro"  ලෙසට එම උප්කරනයක් නම් කර තිබෙනු මේ වන විට දැකිය හැකියි.

2013-02-14

මව නොහොත් භව සයුර මත සිරවීමේ ඛේදවාචකය......

"මව" ඉක්මවායාම අසීරු කරනාවකි.සිදුහත් ගෞතුමයෝ වැනි අතිශය ස්වල්ප අතිවාසනාවන්තයො පමනම් ඒ භව සයුර ඉක්මවා යන්නට වාසනා වාන්තයන් විය.


http://www.youtube.com/watch?v=Rb_sEvdDV8c

නිහඬ බවට ඔබ්බෙන් වන අපූරු හඬ සංයුතිය........


ඔවුහු සාමාන්‍ය ජීවිතයට ඔබ්බෙන් වන සංහිදියාව විඳින්නට වාසනාවන්ත විය.වඩාත් වාසනාවන්ත කරනාවනම් ඒ සංහිදියාව තවත් ඔබ්බට ගෙන යමින් හඬවන තත් සමග නිහඬතාවයට වඩාත් ඔබ්බෙන් වන වඩාත් රසවත් හඬ සංයුති අපට ගෙන දෙන්නට තරම් කාරුනික විය.

2013-02-13

ආරක්ශිත වෙබ් සැරියකට සහය මෘදුකාංගයක්.....

 
 
මෙම මෘදුකාංගය ඔබේ සයිබර් සැරියේදී ‍රැකවලෙකු මෙන් ක්‍රියාකරන්නට සුදානම් මෘදුකාංගයකි. ඔබගේ අනන්‍යතාවය නිරාවරනය නොකරන්නටත් කුකීස් වලකන්නටත් දැන්වීම් ගලෑඅම වලකමින් හානිකර වෙබ් අඩවි වෙත යොමුවීම වලකන්නටටත් මෙන්ම සහර අවස්ථවලදී පැවසෙන පනිවිඬයක් වන "මෙම ගොනු ඔබගේ රටට හෝ කලාපය සදහා වලංගු නොවේ" වැනි තත්වයන් මග හැර යන්නටත් නොමිළේම ඉදිරිපත්වන මෘදුකාංගයකි. වදගත්ම තවත් කාරනාවක් වන්නේ කිහිදු  දැන්වීම් හෝ අමතර අපහසුතාවයකින් තොරව මෙම මෘදුකාංගය ඔබවෙත සේවයකිරීමට ඉදිරිපත්ව සිටීමය.
Download     SafeIP 2.0.0.308
                                                                           

2013-02-12

ඇඩොබෙ ප්ලෑෂ් ප්ලේයර් 11.6.602.168 නව සංස්කරනයක්...


 
අන්තර්ජාලය හා සම්බන්ද මිලියන 750ක් පමන ඩෙස්ටොප් පරිගණක හා බොබයිල් උපාංග මත භාවිතවන අපූර්ව  ඩිජිටල් අත්දැකීම් ‍රැගෙන  එන අඩොබෙ ප්ලෑෂ් ප්ලේයරයෙහි නවතම සංස්කරනයක් නිකුත්ව ඇති බවටයි සටහන් වන්නේ.දියුනු කිරීම් කිහිපයක්ද සමහ පැමින ඇති නව සංස්කරනය තුලදී ආරක්ශාව පිලිබදව වැඩි අවධනයක් ඇතිව දියුනු කිරිම් සහිත බවටයි සටහන් වන්නේ.පහත දැක්වෙන සබදතා ඔස්සේ ඒ ඒ බ්‍රවුසරයන් සදහා වන සංස්කරන ඔබටද ලබා ගත හැකි වනු ඇත.
 
 
 
 

ඇන්ද්‍රොයිඩ් දුරකථනයට පහසුවෙන් වයි-ෆයි සබදතව සොයා දෙන ඇප් එකක්...


ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය සදහා වේගවත් හා පහසු  වයි-ෆයි සබදතාවයක් ‍රැගෙන එන බවට පොරොන්දුවෙමින් ස්ථාපනය  සදහා අවසර ඉල්ලන බොහෝ ඇප් මෘදුකාංග ඇත. එහෙත් ක්‍රියාත්මකවීමේදී ඒවා බොහෝ විට ඔබවෙත ගෙනෙන්නේ අනවශ්‍ය දැන්වීම් හා සමහර විට දුරකථනයේ සැකසුම් වෙනස් කිරීම පමනී. ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් ලබා ගත හැකි මෙම ඇප් මෘදුකංගය වඩාත් සාර්ථකව හා වෙගයකින් එම කාර්ය ඔබවෙත ඉ‍ටුකර දෙන්නට සමත්වනු ඇති බවටයි පැවසෙන්නේ. දෘශ්‍ය ආකාරයෙන් ඔබවෙත සහය දක්වමින් මෙම මෘදුකාංගය ඔබවෙත සහය වනු ඇත.
https://play.google.com/store/apps/details?id=com.staircase3.opensignal

ෆේස්බුක් "ලයික්" බටනයට එරෙහිව නීතිමය පියවර????

 
ෆේස්බුක් හි "ලයික්" බටනය ප්‍රකට භාවිතාවක් ඇති උපාංගයකි. එය මුල් වරට ෆේස්බුක් අඩවිය මතට පැමිනියේ 2010 වසරේදීය. එය දැන් ෆෙස්බුක් මොබයිල් ඇතුලු භාවිතාකරන්නන් සියල්ලන්ගේම  කැමත්ත දිනා ගත් අංගයක් බවට පත්ව ඇත. පලවන නවතම පුවතක් පවසන්නේ "ලයික්" බටනය සැබවින්ම ලන්දේසියානු මෘදුකාංග කරුවෙකුගේ නිර්මානයක් බවයි. 2004 වසරේ ඔහු මිය යන විට ෆේටන්ට් බලපත්‍ර දෙකක හිමිකරුවෙකු වූබවත් ඉන් එකක් සමාජ ජාලාවක් තුල භාවිතාකරන්නෙකුගේ කැමැත්තක් පහසුවෙන් තම හිත මිතුරන් අතර බෙදා හදා ගැනීම සදහා නිර්මානය කරන ලද "ලයික්" බටනය බවටත් පැවසෙනවා. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ ෆේස්බුක් නිර්මානය වන්නට වසර කිහිපයකට පෙර මෙම එනම් 1998 දී පමන එම හිමිත්වය ලැබුනු බවයි.එම හිමිත්වය සහිත Rembrandt Social Media   ආයතනය පවසන්නේ ෆේස්බුක් ආයතනයට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බවයි.
 

වින්ඩෝස් එක්ස්ප්ලොරා වෙනුවට වැඩි පහසුකම් සහිත විකල්ප මෘදුකාංගයක්....



මෙම කුඩා මෘදුකාංගය වින්ඩෝස් එක්ස්ප්ලොරා වෙතින් ඔබට ලැබෙන සහය වඩාත් විධිමත්ව ලබා දෙන්නට සකස් කරන ලද්දකි. ස්ථාන දෙකක් අතර ගොනු හුවමාරුවේදී පහසුවක් ලබාදෙනවා සේම -- ආකාරයේ ගොනු අභ්‍යන්තරය සොයා බලන්නට මෙන්ම එවැනි ගොනු සකසන්නට මෙම මෘදුකාංග ඔබට සහය වනවා ඇත.විවෘත මෘදුකාංගයක් ලෙසට සැලකෙන මෙම මෘදුකාංගය 32 හා 64 බිට් පද්ධති සමග මෙන්ම සියලුම වින්ඩෝස් සංස්කරන සමග ක්‍රියාත්මක වන බවටයි පැවසෙන්නේ.
http://siriwansa.com/SOFTWARE.php
                                                                             

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...