2016-04-29

හැට පස්වන කොටස...

 “දහමක් හා සංස්කෘතියක් අතර පරතරය වඩාත් බලාත්මකයි අපි ඒ දෙස බලන තැනට අනූව. හිතන්න හැම ආගමකට පාහේ අවශ්‍ය වන්නේ මීලග ජීවිතය වඩාත් අපූරු තැනකට තැනකට පැමිනෙන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. බොහෝ වෙලාවට එය ජීවිතය අර්ථද ක්වන්නේ ඒ සදහා සූදානම් වන්නට සුදුසුම අවස්ථාව ලැබී ඇති ලෙසටයි. ඒත් මම හිතනවා බිහිවීමට පෙර පැහැදිලි නැති බිඳවැටීමට පසු පැහැදිලි නැති හිස් කඩදාසියක් වගේ ජීවිතය නම් ගොඩ නැගීම සමග පැමිනෙනේ නැති අර්ථ බොහොමයක් ඒ ඔස්සේ නිර්මාණය කරගන්නට මිනිස් වර්ගයාට හැකි වෙලා තිබෙනවා. දහම ඔස්සේ ඔවුන් උත්සාහ කරලා තිබෙනවා මේ හරිම වේදනාකාරී අඩුව පුරවා ගන්නට. හැබැයි ඒ අඩුව පුරවා ගැනීමේ ක්‍රම වේදය ඔස්සේ ඔවුනට පුලුවන් වෙලා තිබෙනවා හැම සංස්කෘතියකම පදනම වන්නට.හැබැයි ඒ සංස්කෘතීන් වෙතින් එහි ඇති කිසියම් හෝ දහමක් මුලුමනින් ගලවා දමන්නට කවදාවත් මිනිස් වර්ගයාට හැකි වෙන එකක් නැහැ. ඒත් මේ බොහොම දහම් වල පදනම දිවෙන්නේ පෙර කී ආකරයේ සංස්කෘතික අවශ්‍යතා සපුරලන ආකාරයට නොවීම පැහැදිලිව දකින්නට පුලුවන්. දහම වැඩෙන්නේ නැති වුනාට සංස්කෘතියට වැඩෙන්නට සිදුවෙනවා. උදාහරනයකට බලන්න බිහිවේලා තිබෙන අනාගතය ගැන වන සිනමා නිර්මාන ගැන. නිර්මාණාත්මක පොත්පත් දිහා. ඒවා තුල මහත් පාලු බවක් ජීවයෙන් තොරබවක් බොහෝ අයට දැනෙන බවට අදහස් පලවනවා. ඔවුන් බොහෝ විට කියනවා හරීම කෘතීම බවක් දැනෙන බවක් ඒ නිර්මාණ තුල. මම හිතනවා දැන් ඔබට ගැටලුව පැහැදිලියි කියලා. එක විදිහකට බුදු දහම වෙනස් මගක් ගන්නේත් මෙතැනදීයි. ලොවපුරා තියෙන බොහෝ දහම් වඩාත් වාර්ථක මිනිස් ගොඩනැගීමකට සහය වනවා වන කොට බුදු දහම එම ගොඩ නැගීම නැවත විමසන්නට ආරාධනා කරනවා. තත්වය වඩාත් සංකීර්න කරමින් එය සමස්ථ ලෝකයේම පදනම වන “මම” නැවත විමසන්නට හා විමසමින් ආපසු ගමනක් යන්නට ආරාධනා කරනවා. සමහර විටක දහමක් කියන්නේ කුමක්ද වැනි මූලික අර්ථ දැක්වීම් වලින් වෙනස්ව බුදු දහම අර්ථ දක්වන්නට සමහරුන් උත්සාහ කර ඇත්තේ මේ නිසා වන්නට ඇති. සංකීර්නව විමසනකොට තේරෙන කාරනයක් තමයි ලෝක ආධිපත්‍ය සංස්කෘතිය වඩාත් විසිරීම බහුලකරවන අන්තර්ජාලය වැනි භාවිතාවන් එක්ක තත්වය වඩාත් ව්‍යාකූල වන බව.” හැකි පමනින් තත්වය විග්‍රහකර දෙන්නට මම උත්සාහ කලෙමි. සිතුවමක, හඬ පැබැදුමක් සමග මෙන්ම බුද්ධිමය කාරනයක් සමගද හොරාවක් දෙකක් උවත් සමවැදී සිටින්නට ඇය සමතියකි.
www.tharuminisa.com

2016-04-28

පෞද්ගලික සටහනක් සදහා ප්‍රසිද්ධ සටහනක නීතිය පැමිනීම...

     පක්ෂ විපක්ෂ ඔනෑම දේශපාලකයෙකුව පමනක් නොව සාමාන්‍ය පුද්ගලයෙකුට පවා පරුෂ වචනයෙන් බැන වැදීම කිසිවෙකු අනු මත නොකරනු ඇත. යමෙකුගේ දේශපාලන ක්‍රියාවක් විවේචනය කිරීම හෝ උපහාසාත්මකව විවේචනය කිරීම මෙයට ඔබ්බෙන් ඇති කාරනාවකි.  එසේම රට ජාතිය වෙනු වෙන් නම් නැතිනම් රණවිරුවන් වෙනුවෙන්නම් රටේ සාමාන්‍ය නීති කැඩීම සාධාරනන් බවට මතයක්ද නිර්මානය වෙන්නට ඉඩ හැරීමද පසුගිය කාලයේ බහුලව FB වල බහුලව දක්නට ලැබිනි. මේ අවසරයෙන් රටේ දූ-පුතුන් තම නිවේස්වල නැතිනම් කන්ඩායම්වල භාවිතා විය හැකි අශිෂ්ඨ බව කිසිදු ගැටලුවකින් තොරව ෆේස්බුක් අවකාශය වෙතට මුදාහැරීම ඇරබිනි. තම තමන්ගේ අශිශ්ඨ බව පෞද්ගලික මට්ටමේ අයිතියක් ලෙසට කෙනෙකුට ‍රැකගන්නට අවශ්‍ය වුවද පොදු අවකාශය තුලට මුදා හැරීම පාලනය නොකිරීම බර පතල ගැටලු නිර්මානය කරනු ඇත.
                                     තත්වය වඩාත් දරුනු වන්නේ මෙම ස්වභාවයේ ක්‍රියාවන් සාමාන්‍ය බවට පත්වීම්ට වැඩි කලක් නොගැනීමය. වේගයෙන් පැතිර යන මෙන්ම තදින් ආකර්ශනීය වන මෙම අවකාශයේ අශිෂ්ඨ බව මීලග පරම්පරාවල් වෙතට සාමාන්‍ය කරවිම කිසිසේත් නොසුදුසු වේ. සමහර විටක ගැටලුව වන්නේ සමාජජාලා අවකාශය යනු තම පෞද්ගලික දින පොතක සටහනක් හා ප්‍රධාන මාධ්‍යක් වෙතට කෙරෙන සටහනක් අතර වන දෙයක් බවට වන තේරුම් නොගැනීම විය හැක. සමහර විටක ඔවුන් යොජනා කරනු ඇත්තේ  "මගේ ගිනුම තුල මට රිසි දේ පවසන්නට වන අයිතියක්" ලෙසට විය හැක. තවත් ආකරයකින් පවසන්නේ නම් "මගේ දින සටහන් පොතේ වන පෞද්ගලික සටහනක් අනුන් දැකීම හා අපහසුතාවයට පත්වීම මගේ වරදක් නොවේ කියා විය හැක". සමාජජාලා භාවිතය ඉහත කී අන්ත දෙකටම වඩා වෙනස් ආකාරයක් ගන්නා බව හඳුනා ගත යුතුය. හදාරන්නන් පෙන්වා දෙන්නේ සමාජජාලා සටහනක් අතිශය පෞද්ගලික නොවනවා සේම ප්‍රසිද්ධ මාධ්‍ය සටහනක් ද නොවන බවකි. නව භාවිතාවක් ලෙසට සංකීර්න බවක් ගන්නා මෙහිදී තම පෞද්ගලික සටහනක් සදහා රටක වන ප්‍රසිද්ධ සටහනක් සදහා ක්‍රියාත්මක වන නීතිය පැමිනීම සිදුවිය හැකි බව පෙන්වා දෙයි.
www.nowlk.com


Anniversary Update පැමිනීම 2016 ජූලි 29 දාට??


   Windows 10 පලමු නිකුතුව සිදුවූවේ 2015 ජූලි 29 දාය. හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 10 සදහා පැමිනෙන්නට නියමිත ප්‍රධාන යාවත්කාලිය වන Anniversary Update නැතිනම් ආයතනයේ අභ්‍යන්තර සංවර්ධන නාමය වන Radstone 1 නිකුතුව මෙම වසරේ එනම් 2016 ජූලි 29 දාට නිකුත්වන්නට බෙහෙවින් ඉඩ ඇති බවකි. දැනටමත් පෙර සංස්කරන මට්ටමින් මෙම නිකුතුවට අදාල පෙර සංස්කරන නිකුත්ව ඇති අතර මෑතකදී වාර්ථා වූවේ හමුව තිබූ බොහෝ දුර්වලතා පිලිසකර වූ නිකුතුවක් පෙර සංස්කරන අත්හදා බලන්නන් සදහා නිකුකරන්නට Microsoft සමාගම කටයුතු කර ඇති බවයි. Windows 10 වල මොබයිල් සංස්කරනය පැමිනීම Pc සංස්කරනයේ නිකුතුවෙන් කලකට පසුව මෑතදී සිදුවූ අතර එය සදහා අදාල යාවත් කාලීන සංස්කරනය පැමිනීම තවත් ප්‍රමාද වනු ඇති බවට අනුමානනය වන අතර Xbox One සදහා වන Anniversary සංස්කරනය නම් මෙම ප්‍රධාන යවත්කාලීන සංස්කරනය නිකුතුවට සමාන්තරව සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
www.digilk.com

2016-04-26

තොරතුරු තාක්ෂණය ඉල්ලා සිටින්නේ

      තොරතුරු තාක්ෂණය  ඉල්ලා සිටින්නේ වඩාත් වෙනස් ආකාරයක ආර්ථික, දේශපාලනික, සමාජීය මෙන්ම අවසාන ලෙස සංස්කෘතික රටාවකි. එය ප්‍රථම වතාවට මෙතෙක් මිනිස් වර්ගයා පාලනය කල ප්‍රධාන සාධකයන් දෙකක් වූ දුර සහ කාලය ඉක්මවා අවසන්ය. එය හුදු තවත් තාක්ෂණයක් ලෙසට පමනක් සීමා නොවන මහා ශක්‍යතාවයකින් යුත්ත බව යුගයක් තම නමින් නම් කරවා ගන්නට සමත් වීමෙන්ම ඔප්පුවේ. එය තවදුරටත් වෙනම උපාංගයක් ලෙසට නොව දෛනික ජීවිතය වටා ඇති බොහෝ උපකරනටන්ට සංයුත්තව පැමිනෙන වෙනම උපකරනයක ස්වභාවයෙන් හැකියාවක් ස්වභාවය දක්වා වෙගයෙන් විස්ථාපනය වෙමින් පවතියී.
www.siriwansa.com

Facebook වෙතින් camera app එකක්!!!

     Facebook.com බාවිතාකරන්නන් බිලියන 1.6ක භාවිතාවක් ලබන ලොව ප්‍රධානතම සමාජ ජාලාව ලෙසට පිලිගැනේ. අදහස් උදහස්, ඡායාරූප පමනක් නොව වීඩියෝවන් ආදිය දෛනිකව දහස් ගනනක් බෙදා හදා ගන්නට මෙහි පැමිනෙන භාවිතාකරන්නන් සදහා වඩාත් පහසුකරවන සුලු නව දියුනු කිරීමක මේ දිනවල Facebook නිරතව සිටින බවටයි නව තම තොරතුරක් හෙලිකර සිටින්නේ. Facebook හි ලන්ඩනය මූලිකව ක්‍රියාත්මක වන  "friend-sharing" කන්ඩායම විසින් සංවර්ධනය කරමින් සිටින මෙම app පහසුව ඔස්සේ වීඩියෝවක් පටිගත කරන සැනින්ම  live streaming හැකියාව් පැමිනීම සිදුවන බවටයි පැහැදිලි කරන්නේ. භාවිතාකරන්නන් හට වඩ වඩාත් දෑ බෙද අහදා ගැනීමට පෙලබවීම මූලික කරගත් මෙම app සංවර්ධන කාර්ය තවමත් ආරම්භක අවදියේ වන බවටයි වැඩි දුරටත් කිය වෙන්නේ.
www.digilk.com

තොරතුරු තාක්ශනය වියපත් නොවන විෂයකි.

                  තොරතුරු තාක්ශනය වියපත් නොවන විෂයකි. ආසන්නව සෑම දෑ වසරකට වරක් එය තම ප්‍රධාන අවයවය නොහොත් ප්‍රොසෙසරයේ හැකියා වපසරිය දෙගුන යක් බවට පත්කර ගන්නා අපූරු ගුනයකින් යුත් හැකියාවක් ගෙනවිත් ඇත. එම ප්‍රබෝධය ප්‍රොසෙසරයට පමනක් සීමා නොවී තම මෘදුකාංග පරිසරයට මෙන්ම නෙට්වර්ක් හැකියා පරිසරයටද ගෙනෙන්නේ විසල් සැහැල්ලුවකි. මෙහි ප්‍රථිපලය අපූර්වය. එක දිනයකදී සිහිනයක් ලෙසට හැගෙන හැකියාවක් වසරක් දෙකක් ගෙවෙනවිට වෙළඳ පොලට පැමින ඇති පහසුවක් වන විස්මිත ක්‍රියාකාරකමක් එය නිරන්තරයෙන් ඉ‍ටුකර මින් සිටින්නේ එහෙයිනි.
  එක් අතකින් 3D ප්‍රින්ටින් හැකියාව සාමන්‍ය ජීවිත රටා උඩුයටිකුරු කරන්නක වන්නට තම සුලු කලක් යනු ඇත. ඔබ නිවසේ භාවිතාකරන බොහෝ උපකරන මිළදී ගැනීම යනු online ආකාරයට මුදල් ගෙවීමක් ඔස්සේ ලබා ගන්නා රිසිට් පතක් හා සැලසුමක් පමනක් වන දිනය හදාරන්නන් අවධාරනය කරන්නකි. එම සැලසුම ඔස්සේ විසිත්ත කාබරයට එන විසිතුරු සැරසිල්ලක සිට සංකීර්න උපකරනයක් විය හැක. නිවසේ 3D ප්‍රින්ටරයෙන් හෝ එය පහසුකම් මදි විටක වෙළඳ මට්ටමේ 3D ප්‍රින්ටරයකින් අදාල උපකරනය නිමවා ගැනීමට පමනක් නව හිමිකරුට සිදුවනු ඇත. ඩිජිටල් ඇසිස්ටන්ට්, දත්ත උපාංගය සමග වන share හා search හැකියවන් හකුලවා ශ්‍රව්‍ය දෘශ්‍ය ස්වභාවික ඇනවුම් ඔස්සේ දිවෙන කාලය වඩාත් ඈත බවට සිතිය නොහැකිය.මනසක් ඇති සැබෑ සහයකයෙකුගේ ස්වභාවයට එය වර්ධනය වීම ඉදිරි දශකය තුල සිදුවීම අනිවර්ය බවටයි හදාරන්නන් යෝජනා කරමින් සිටින්නේ.
www.digilk.com

2016-04-25

සංයුත්ත භාවිතාකරන්නාද කැදවීම....

       එලබෙන තොරතුරු ලෝකයේ හෙට දවස නිර්මානය කරවන නව පදනමක් වනු ඇත්තේ සංයුත්ත භාවිතාකරන්නාද කැදවීමය. තව දුරටත් ඔහු පරිගණකයේ ගනනයන්ගේන්(Processing) වලින් වියුත්තව සිට එය මෙහෙයවන්නා වනවා වෙනුවට එහි සමස්තය තුල සිටිමින් එහි කොටස්කරුවෙකු ලෙසටද වෙමින් එය මෙහෙය වන්නා වීමේ ආනාගතය මේ වන විට කෙමෙන් නිර්මානය වෙමින් ඇත.සරලව පැහැදිලි කරන්නේ නම් පරිගණක ක්‍රීඩාවේ මෙහෙයවන්නා වනවා වෙනුවට එහි ප්‍රධාන හෝ නිරීක්ශනාත්මක චරිතයක් වෙමින් තම සිතුම් පැතුම් අනූව ක්‍රීඩාව මෙහෙයවන්නා වීම භාවිතාකරන්නා හට වඩාත් සංයුත්ත අද්දැකීමක් ගෙනෙනු ඇත. බොහෝ විට දැනට භාවිතාකරන්නෙකුට දැනෙන ආගන්තුක බව තොරතුරු ලෝකය සමග කරන ගනුදෙනු තුලදී වඩාත් ඉවත්කරන්නට මෙම නව අත්දැකීම සහය වනු ඇත. සරල පරිගණක ක්‍රීඩා වැනි අත්දැකීමක සිට සංකීර්න නිර්මානශීලි භාවිතාවන් වලදී මෙම නව ප්‍රවනතාවයන් වඩාත් පුර්න අත්දැකීමක් ක්‍රියාකාරකමක් වනු ඇත.   www.digilk.com

2016-04-24

සමජ ජාලා සම්පතකි!!


      මිනිසා යනු මුල් ස්වභාවයෙන්ම සමාජශීලී සත්වයෙකි. තොරතුරු තක්ශනය ප්‍රමුක අන්තර්ජාලය ඔස්සේ මිනිස් වර්ගයා වෙතට පැමිනෙන සමාජ ජාලා භාවිතය එම මිනිස් වර්ගයාගේ මුල් ස්වභාවය වෙතට තොරතුරු තාක්ශන වෙතින් ලැබෙන තිලිනයක් බඳුය. මිනිස් සබදතා පාලනය කෙරෙන දුර බැහැර සාධකය , කාර්යබහුල සාධකය ආදී වූ බෙහෝ ගැටලුකාරී ස්වභාවයන් ජයගන්නට පහසුවක් ලෙසට සැකසෙමින් පැමිනෙන එය මිනිස් සමාජයේ e සංස්කරනයක් ලෙසට හදාරන්නන් හදුනා ගන්නට තැත් දරනු දැකිය හැකිය.
                             අන්තර්ජාලයේ Social Network ලොසට පොඳුවේ නම් දරමින් පැමිනෙන මෙම පහසුව ගෙනෙන වෙබ්  සේවාවන් කිහිපයකි. ඒවා අතර ප්‍රධාන තම අඩවි ලෙසට Facebook.com , Google+ ආදිය දැකිය හැක.  ලොව පුරා වෙසෙන බිලියන ගනනකගේ භාවිතය ලබන ෆැස්බුක් අඩවිය මේ අතර වඩාත් ප්‍රමුක වේ. මෙම අඩවියේ මෙන්ම අනෙකුත් බොහෝ සමාජ ජාලා අඩවියක Profile එකක් නැතිනම් අනන්‍යතාවයන් නිර්මානය කර ගැනීම සදහා E-mail ලිපිනයක් සහිතව සිටීම පමනක් සෑහෙන අතර යම්වයස සීමාවක්පසුකර ඇති විටක තමන් ලබා දෙන අනෙකුත් සියලු තොරතුරු සත්‍ය බවට පොරොන්දුවෙමින් එහි ගිනුමක් ආරම්භ කර ගැනීමට හැකිවේ. එම ගිනුම අරබන විට මීට අමතරව අසභ්‍ය , අපහාස වැනි සාමාජීයව හානිකර දෑ එම අනන්‍යතා තුලට නොගෙනෙන බවටද පොරොන්දුවකට එකගවීමක් සිදුවේ. මෙම කොන්දේසි පොදුවේ ප්‍රධාන ගනයේ සියලුම සමාජ ජාලා සදහා වන අතර මීට අමතර වන සමාජ ජලාද වේ. මුදල් ගෙවා සාමාජික විය හැකි ඒවා , වෘතීය මට්ටම් වලට පමනක් සීමා වූ ඒවා, කුඩා දරුවන් සදහා පමනක් වූ ඒවා අදී ලෙසට ඒවා විවිධ වේ.
                                                 සරලව හදුනාගන්නෙනම්, මුලින්ම තමන්ගේ Profile එකක් නිර්මානය කර ගැනීමෙන් තම සමාජජාලා අනන්‍යතාවය අරබන්නට හැකිවේ. ඉන් අනතුරුව  තමන් දන්නා කියන දැනටමත් එන සමාජ ජාලාවේ සිටින හිතවතුන් සදහා ආරාධනා කිරීමටත් , එම යාන්ත්‍රන විසින් ඔබ විසින් සපයා ඇති තොරතුරු ඔස්සේ විමසමින් ඔබ දන්නවා යැයි සැක කෙරෙන Profile යෝජනා කිරීමත් සිදු වන අතර මීට අමතරව email ඔස්සේ බාහිරින් වන හිතවතුන්ට එම සමාජජාලාවට පැමිනෙන ලෙසට ආරාධානා කිරීම වැනි ක්‍රම ඔස්සේද  තම සමාජ ජාලා හිතවතුන් ප්‍රමානය වඩාත් අංග සම්පූන කර ගැනීමට අවස්ථාවක් වේ. මෙසේ එකතුවන අනකුත් මිත්‍රයන් සමග පොඳුවේ වන පි‍ටුව නිර්මනය වීමේ ඉන් ඇරබෙන අතර සියල්ලන් විසින් පලකරනදෑ මෙම පොඳු පි‍ටුවටද පැමිනීම ඔස්සේ පහසුවෙන් ඔවුන් අතර තොරතුරු හුවමාරු කර ගැනීම සිදුවේ. එසේම මෙහි පලකරන දෑ එම අවකාශයේ වන ඔනෑම අයෙකුට දකින්නට හෝ මිතුරන් හා ඔවුන්ගේ මිතුරන් අතරට පමනක් සීමා කරන්නට මෙන්ම අවසානයේ තමන්ට පමනක් සීමා වන ලෙසට පලකරන්නටද මෙම අඩවි වල පහසුකම් සැලසේ. මීට අමතරව ප්‍රකට පුද්ගලයින් සදහා , ආයතනය සදහා , සංවිධාන සදහා ආදීවන පදනමින්ද මෙම සමාජ ජලාවල පි‍ටු නිර්මානය කර ගැනීමේ අවස්ථාවක් ලැබේ.  කලින් කලට එම පහසුකම් වෙනස් විය හැකි වන අතර එම අඩවි අතරද මේවා විවිධ විය හැක.
                          වෙළඳ දැන්වීම්කරනය මෙම අඩවි සදහා විශාල ආදායම් ලබා දෙන අතර ඉලක්කගත වෙළඳ දැන්වීම් සදහා මෙම අඩවි වඩාත් ප්‍රචලිත වේ. එහිදී මෙම අඩවි වල ක්‍රියාත්මක වන යාන්ත්‍රන විසින් ඔබගේ සිතුම් පැතුම් පමනක් නොව ඔබගේ හිතමිතුරන්ගේ සිතුම් පැතුම්ද හදාරමින් වඩාත් ඉලක්කගත දැන්වීම් සදහා  ක්‍රියාත්මක වෙයි. මෙම අඩ්වි වල කෙටි පනිවිඬ සේවා වැනි අමතර සේවාවාවන්ද ලබා දෙන අතර සමහර විටක එම ආයතනයන්ගේ අනෙකුත් සේවාවන් සමග සම්බන්දව ක්‍රියාත්මක වන ජාලාවන් ලෙසටද දක්නට ලැබේ.
                  කාලය කා දැමීම සදහා ස්ථාන ලෙසට හා හානිකර සමජ  ගැටලු නිර්මානය කරන ස්ථාන ලෙසටද මෙම අඩවි සදහා අපකීර්තිමත්  පිලිගැනීමක්ද සමාජය තුල නිර්මානය වී ඇති අතර දැඩි ඇබ්බැහි වීමක් ලෙසට වන ව්‍යසනයක චිත්‍රනයක්ද මේවාව වේ. බොහෝ විට භාවිතාකරන්නා සදහා මේවායින් වන සේවය පිලිබදව පැහැදිලි බවක් නොමැති වීම මෙසේ අනවබෝධනීය අදහස් සදහා පහසුවක් වන අතර පෞද්ගලික ව ද , කන්ඩායම් ලෙසටද තමන් අතර සැබෑ ලෝකයේ වන සබදතා වඩාත් විදිමත් කර ගන්නට මෙන්ම සුවපසුව අදහස් උදහස් හුවමාරුකර ගන්නට මෙම අවකාශයන් නිර්මානය කර දී ඇති ඉඩ පසුව බොහෝ විට චෝදනා නගන්නන් අමතක කරනු දැකිය හැකිය, එසේම පසුව ගැටලු කාරී විය හැකි අනවශය පෞද්ගලික තොරතුරු මුදා හැරීම පමනක් නොව අති පෞද්ගලික සීමාකිරීම් සමග උවත් කිසි සේත් අනෙකුන් නොදැනගත යුතු තොරතුරු මේවා තුලට ගෙන නෝ එන්නට භවිතාකරන්නන් වග බලා ගැනීමද වැදගත්වේ.
www.digilk.com

හැට දෙවන කොටස


       තරමක සැහැල්ලු දවසක් ඇයට හවුව තිබෙනවා වියයුතුය. සැහැල්ලුවකින් ඇය සිටින්නේ මහත් ප්‍රබෝධයකිනි. උද්‍යානය කෙරවල වන ඉතා සෙමින් ගලා බස්නා ගං ඉවුරට වන්නට පිහිටවා තිබූ සුපුරුදු අසුන්ක අප වාඩිව සිටියෙමු. ජල රල අතර නිරන්තරයෙන් ඔබ නොබ පිහිනන විසිතුරු පක්ෂීන් මහත් විසිතුරු බවක් ගෙනෙමින් සිටී. උපතින් කිතුනු පරිසරයකට ඇය අයිතිව සිටියද ලොව නෙක සංස්කෘතීන් ඔස්සේ ගලා එන විවිධ දහම් අර්ථයන් පිලිබදව විවෘත විමසිලිමත් බවක් අවදිව තිබිනි. “නොයෙකුත් දහම් කාරනා මෙන්ම ඒවා ආශ්‍රිතව ගොඩ නැගෙන දහම් සංස්කෘතීන් පිලිබදව අපි අතර ඇත්තේ මහත් පටලැවිල්ලක්. බොහෝ වෙලාවට මුල් දහම් ස්වභාවය වෙනු වට අපි ඒ ඇසුරින් ගොඩ නැගෙන සංස්ක්‍රිතීක ආකාරයන් වලට සීමා වෙන ස්වභාවයක් තිබෙනවා. සමහර විටක ඔබ පුදුම වේවි, බුදු දහම ඇසුරින් වන සංස්කෘතීන් සමග ගිලී සිටින ඇතැමෙකුට මුල් දහම පෙනෙන්නේ හතුරෙකු ලෙස කීවොත්. අම හිතන්නේ මේ බව සියලුම ආගම් වලට පොදුයි. හරිම සංකීර්නයි.” වරක් මා හැදෑරුම් ආයතනයකදී මේ බව විවෘතව පලකල මොහොතක අයෙක් දෙදෙනෙක් ගැ‍ටුමකට පවා සැරසුනු යුරු පැහැදිලි කෙරුවෙමි. ඇය විමතියට පත් බවක් පලකරවන්නට විය. ” කොහොම උනත් මිනිස් වර්ගයාගේ සංස්කෘතික කථාන්දරයේ බරපතලම පරිච්ඡේදයක් ලොව පුරා නෙක ප්‍රදේශවලින් බිහිවෙන නෙක ආකාරගත් දහම් කාරනා සමග ලියවෙනවා.”ඔවුන් අද අත්පත්කරගෙන සිටින ශිෂ්ඨ බවින් වැඩි ප්‍රතිශතයක් හිමි වෙන්නේ ඒවා ගෙනෙන ලද හික්වීම් වලට බවයි මම විස්වාස කරන්නේ. මිනිසාට තමන්ව අර්ථ දක්වා ගන්නට අවශ්‍යව තිබූ ජීවිත කාලය ගැන පමනක් නොව මෙහි ආ තැන් මෙන්මපසුව යන තැන ගැන පවා අර්ථ මේ දහම් ඔස්සේ ගෙන ඒම ඔවුනට මහත් සහනයක් වූවා මම හිතන්නේ.” ඇය වඩාත් අවධානයෙන් සවන්දීම මා මහත් සිත්ගත් කරුනක් විය. ඇගේ විමසිලිමත් මනස මා ඇය වෙතට බැදගත් පලමු කාරනව යැයි මට සිතිනි. “හැබැයි අමතක කරන්න එපා තවමත් ලොවපුරා මතුවන බොහොමයක් ගැ‍ටුලු වලටද පදනම ඒකම බව” ඇය පිලිවදන සමස්ථය පිලිබදවම කැටිවීමක් ගෙනවිත් තිබිනි.
www.tharuminisa.com

2016-04-22

හැට එක් වන කොටස…

    පසුදා උදය වරුවේම කාලය නොයෙකුත් අධ්‍යාන ආයතනයන් සමග නව සේවා අවස්ථාවක් ගැන කල සාකච්චා සදහාම වෙන්ව ගෙවී ගියාය. සමහර ආයතනයන් සමග වූ අදහස් හුවමාරූන්ගේදී තවමත් ඔවුන් සතුව ඇති සාම්ප්‍රධායික නැබුරුතා පිලිබදව විමතියක් ඇති වූවාය. විටක ඔවුන් නව දැනුම සමග ඉදිරියට යනවා වෙනුවට ඔවුන් සතුව ඇති සාම්ප්‍රධායික අනන්‍යතාවය පිලිබදව මහත් සතු‍ටු වෙනවා වැනිය. තවත් විටක මහා බරපතල විද්වතුන් ලෙසට සැලකෙන මෙන්ම පිලිගැනුම් ලබන අයගේ යල් පැන ගිය අදහස් ඔවුන්ගේ විෂයන් වෙතට මොනතරම් බරක් වී ඇත්දැයි පැහැදිලි වන විට මහත් කනගාවුවක්ද ඇති විය. ඇත්තෙන්ම ඔවුන්ට තම දැනුම පිලිබදව ඇති ගනු දෙනුවට වඩා ඇත්තේ එම දැනුම ඇති බවට ලබා ඇති සහතික පිලිගැනීම් පිලිබද ගනු දෙනුවකි. අවසානයේ ආයතන කිහිපයකම තාවකාලික online ආකාරයේ දේශන අවස්ථා කිහිපයක් ලබා ගන්නට හැකි විය. එයින් ඉපයෙන ආදායම ඉදිරි කෙටි කාලය සදහා සැහෙනු ඇත. අපගේ අවසාන කෘතිය වෙතට ලොවෙන් පිලිගැනීමක් ලැබුනද නොවුනද හෙට හෝ එලබෙන කවදා හෝ මිනිස් වර්ගයා පසුකරන්නට වන කඩයිම් කිහිපයක් ගැනම එහිදී පුලුල්ව කථාකරන්නට හැකිවීම පොලොවෙහි පස් අතර සැගව යන්නට ප්‍රථම මා අතින් මගේ වර්ගයා වෙනු වෙන් යුතු කමකැයි සිත තුල ඇති බලවත් විස්වාශයකි. දහවල උදාවෙත්ම නගරයේ උදයානය වෙතට යන්නට සිත් විය. එහි වන කුඩා අවන්හලකින් ලබා ගන්නා සරල ආහාරයක් දහවල සදහා සැහෙනු ඇත. එතරම් ජනාකීර්න නොවන දහවලේ උද්‍යානය පුරා විවිධ කුරුලු හඬවල් වලින් පිරී යයි. අන්තර්ජාල ඔස්සේ Zen දහම ගැන වන මධ්‍යස්ථානයක් පිලිබදව තොරතුරු ලබා ගත් අතර සැදෑවේ අප හමුවූ පසුව ඒ වෙතට යාමට කාලය යොදා ගැනීම පිලිබදවද කථාබස් කරන්නට අවශ්‍ය තොරතුරු සටහනක්ද සමග නවා තැනින් පිටත් වීමි. පිටත්ව සුලු වෙලාවකින් දුරකථනය වෙතට පැමිනි පනිවිඬයකින් පැවසුනේ පෙරදිනයේ ගිවිසගත්තාට වඩා හොරාවක් පමන ඉක්මනින් ඇයට උද්‍යානය වෙතට පැමිනෙන්නට හැකි වන බවකි. නගරය කෙරවල වන කදුමුදුනත වෙත යන්නට ඇයට අවශ්‍යව ඇත.
www.tharuminisa.com


2016-04-21

දස වස‍රැති Xbox නිෂ්පාදනය අවසන් කෙරේ....

    Microsoft සමාගම නිවේදනය කරන්නේ තමන් Xbox 360 නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් කර දමන්නට කටයුතු කරන බවයි. මුල් නිකුතුවෙන් දස වසරන් සැපිරෙමින් ඇති මොහොතකදී  තම Xbox 360 ගැන නිවේදය කරන Microsoft ආයතනය වැඩි දුරටත් පවසන්නේ Gaming අවකාශය වෙතට තීරනාත්මක වෙනසක් ගෙනෙන්නට  තම නිකුතුව සමත්වූ බවත් මුත් එලබෙන්නේ වඩාත් නව අවකාශයකට ඉඩ කඩ ඉල්ලා සිටින යුගයක් බැවින් ඒ සදහා සූදානම් වීමට කටයුතු කරන බවයි. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ Xbox 360 console වෙළඳ පොලෙන් ඉදිරියටද මිළදී ගැනීමට හැකි වන බවත් මෙන්ම ආයතනය වෙතින් Xbox වෙතට දක්වමින් සිටින සියලු සහය සේවා තව දුරටත් පවතින බවටත් (Xbox Live services) භාවිතාකරන්නන් හට තවදුරටත් Live ආකාරයේ ක්‍රීඩා කිරීම් සදහා අවකාශයන් පවතින බවත්ය. 2005 සිදුවූ මුල් නිකුතුවේ සිට සලකද්දී 2014 නොවැම්බරය වන විට දසවසර සම්පූර්න වූ අතර ඒ විට ලොවපුරා Xbox උපාංග මිලියන 84ක භාවිතාවක් ලබා ගෙන ඇති බවත්ය. Windows 10 සමග එලබෙන මීලග යුගයට වඩාත් මිත්‍ර නව නිකුතුවක් පිලිබදව නුදුරේදීම නිවේදනය වීමට ඉඩ ඇති බවක්ද එම නිවේදනය සමග කිය වෙමින් තිබේ.
www.digilk.com

2016-04-20

2015 Google Play ඔස්සේ ආසාධිත උපාංග ප්‍රමානය මිලියන 2.1ක්....

        Google ආයතනයෙන් එන නවතම ආරක්ශක වාර්ථාවක් පවසන්නේ 2015 තුලදී Google Play වෙතින් Malware මට්ටමේ බාගත  කර ගැනීම් වලට ගොදුරුවූ උපාංග ප්‍රමානය මිලියන 2.1 ක් තරමේ ඉහල අගයක් ගෙන ඇති බවකි. ආයතනය පැහැදිලි කරන්නේ 2014ට සාපේක්ශව සැලකීමේදී ආසාදන මට්ටමේ බාගත කර ගැනීම් සදහා වන අවකාශය 40% කට වඩා අඩුමට්ටමක තබා ගන්නට මේ වන ඔවුන් සමත්ව ඇති බවයි. උපාංග සදහා වෙගවත් ආරක්ශිත පිලිසකර පැමිනීම මෙන්ම නව මෙහෙයුම් පද්ධති සංස්කරන වෙතට ඉක්මනින් පැමිනීම මෙන්ම බාහිරින් app ස්ථාපනයට කටයුතු කිරීමත් වඩාත් ආරක්ශිත භාවිතාවකට සහයක් වනු ඇති බවට පැහැදිලි කරන එම ආයතනය පැහැදිලි කරන්නේ සමස්ථා භාවිතාවට අනූව සැලකීමේදී ආසාදිත බවට පත් උපාංග ප්‍රථිශතය 0.15%ක තරම් අගයක් ගන්නා බවයි. එසේම බාහිරින් app ස්ථාපනයට ගන්නා උත්සාහයන්ද සමග සැලකීමේදී මෙම ආසාධිත උපාංග ප්‍රමානය %0.5ක ඉහල අගයකට පැමිනීම දක්නට හැකි බවයි. ආයතනය පවසන්නේ මෙහෙයුම් පද්ධතියේ ආරක්ශිත බව ඉහල දැමීමේට මෙන්ම ඇප් වල හැසිරීම ඇල්ගොරිතමයන් මට්ටමේන් හැදෑරීම වැනි නෙක ආකාර ඔස්සේ මෙම අනතුරුදායක බව පහල දමන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.
www.digilk.com

Windows 10 PC කී බෝඩයක් ලෙසට....

      China-based PiPO වෙතින් පැවසෙන්නේ තමන් පරිගණක බව සංයුත්තව පැමිනෙන  keyboards දෙකක් නිකුත් කරන්නට කටයුතු කර ඇති බවකි. මින් එකක් foldable keyboard එකක් ලෙසටද පැමිනෙන අතර මේවායේ සංයුත්තව පැමිනෙන හැකියාවන් අතර Intel Atom processor,2GB or 4GB RAM හා 32GB හෝ 64GB තොරතුරු ගබඩා හැකියාඅවක් සතුවන බවට නිවේදනය වනවා. උපාංගයේ පසු පසින් VGA port හා HDMI port වන අතර ඒවා ඔස්සේ  monitor නැතිනම් big-screen TV එකකට මේවා සම්බන්ද කිරීමේ හැකියාවද ‍රැගෙන විත් තිබෙනවා. මීටත් අමතරව 6000 mAh battery හැකියාව ක්ද මෙම උපාංගය සමග පැමින තිබෙන බවට පැහැදිලි කෙරෙනවා. PiPO KB1 හා PiPO KB2 ලෙසට මෙවා නම් වන අතර මේ වන විටත් PiPO KB1 චීන වෙළඳ පොලට නිකුත්ව ඇති අතර PiPO KB2 ජපන් වෙළ්ඳ පොල වෙතට නිකුත්කරන්නට සූදා නම් වෙමින් ඇති බවටයි නිවේදනය වන්නේ. මීට අමතරව වඩාත්ම ආකර්ශනීය අංගය වන්නේ මෙම උපකරන දෙකම Windows 10 PC හැකියාවෙන් යුත්ත වීම වනු ඇත.
www.digilk.com

හැට එක්වන කොටස

               “මිනිස් වර්ගයා තම ගමනේදී පෘතුවිය මත තැබූ පලමු හරවත් සටහන ගුහා චිත්‍ර ලෙසට පිලි ගැනෙනවා….” එම ශිල්පියා තම දෙපැයක පමන වූ වර්ණන කාර්යයෙන් පසුව තම අදහස් කිහිපයක් ශාලාවෙහි වෙසෙන්නන් සදහා පලකරන්නටද අමතක නොකලේය. “අප අවට වන වර්ණ හා හැඩතල සමග තම සිතැගි මුසුකල මේ ව්‍යායාමයන් මිනිසා විසින් නිර්මානය කර ගත් අනෙකුත් බොහෝ සංස්කෘතික කාරනා ඉක්මවමින් විශ්වීය වීම පැහැදිලියි” ඔහු වඩාත් දාර්ශනික ලෙසට තම විෂය සමග ඇති තම ගනු දෙනුව පැහැදිලි කරන්නට වූවාය. “මම ඔබට මතක කරනවා මිනිසාට තම අතීතයට මෙන්ම අනාගතයට ඇවිද යන්නට පහසුතම විශය රටාව නම් චිත්‍ර කරනය බව. දිනක අපහට මේ විශ්වයේක් ඈත දේශයකින් යමෙක් මෙහි පැමිනියද අපව තේරුම් ගන්නට පහසුතම මාධ්‍ය වනවා ඇත්තේ මේ සිතුවම් කරනය වේවි යන්න මගේ විශ්වාසයයි. ස්තුතියි” අපූර්ව හෝරා දෙකහමාරක කාලය නිමාවිය. ඔහු සාමාන්‍ය අමුත්තෙකු ලෙසට මද උස් වේදිකා තලයෙන් බැස විත් තම රාත්‍රී ආහාරය සදහා අසුන් ගැනිනි. මා ඒ දෙස බලා සිටිනු දු‍ටු ඇය “‍රැස් විහිදිය යුත්තේ මිනිසා ගෙන් නොව, ඔහු කරන කියන දෙයිනි” සරල මෙන්ම මහත් බරපතල අදහසක් ඇය සැහැල්ලුවෙන් පවසා දමන්නට කටයුතු කලාය. දවසේ වෙහෙස වෙනුවට මහත් ප්‍රබෝධයක් සිත ගත පුරා විසිරී ඇතුවාක් මෙනි.
                 “ඔබ දන්නවද, බුදු දහම අනෙකුත් බොහෝ දහම් වලින් වෙන් වන්නේ එය තවත් ගොඩ නැගීමක් වනවා වෙනුවට ගොඩ නැගීම් විග්‍රහ කරන දහමක් වනවා. ඒක් දර්ශනයක්ද නොවන්නේ තවත් දැක්මකට ආරාධනා කරනවා වෙනුවට දැක්ම අහවර කරන්නට යෝජනා කරන නිසයි. අර ගම්වාසීන් වැදිම් පිදුම් කරන කිසිදු දෙයක් හෝ ක්‍රියාවක් එහි නැහැ. හැබැයි වඩාත් ශිශ්ඨසම්පන්න විදිහට ඔවුනගේ ජීවන රටාවල් පවතිනවා. ඔවුන්ගේ සංස්කෘතිය බාහිර ලෝකය මත එතරම් සටහන් වූ දෙයක් නොවේ. ඒත් ඔවුන් වඩාත් සංස්කෘතිකයි. මේක හරියට බාහිර අපිට ඇතුලතත් අවුල්, පිටතත් අවුල් කාරනාවක් වගේ පෙනුනට ඔවුනටනම් එහෙම නැති බවයි පෙනෙන්නේ.” සටහන් පෙල වඩාත් හරවත් වන්නට නම් එම සටහන මෙන් දස දහස් ගුනයක් අප පසුකල යුතුය. “අපි හෙට සැදෑවේ නැවත හමුවෙමුද? දිනයට සමුගැනීම වෙනස් ආකාරයකට මම යෝජනා කලෙමි.
www.tharuminisa.com

2016-04-19

හැට වන කොටස

    යාන්තමින් අදුර පැමිනෙත්ම අප සුපුරුදු අවන්හල වෙතට පැමිනෙන්නට සමත්විනිමු. අවන්හලේ උද්‍යානයභාර මැදි වියැත්තා අප වාහනය වාහන ගාල තුල නතර කොට පිටතට පැමිනෙත්ම සිනාමුසු මුහුනින් සුහඳ බව පල කරන්නට කටයුතු කලාය. සාමන්‍යයෙන් ඔවුන් වඩාත් කැමති වන්නේ දැඩි අවධානයෙන් තම තමන් වෙතට පැවරී ඇති රාජකාරිය උපරිමයෙන් නිමකරන්නටය. සමහර විටක පසුගිය කාලයේ අප ඔවුනගේ මතකයන් තුල වඩාත් හොඳින් සටහන් වන්නට සමත්වන්නට ඇත. පිලිගැනීමේ කටයුතු කල තරුනිය වඩාත් සතු‍ටුදායක තොරතුරක් ‍රැගෙන ආවාය. “අප ඔබව සාදරයෙන් පිලිගන්නවා.කලකට පසුව ඔබ වඩාත් අපූරු දවසක පැමින ඇති බව් දැනුම් දෙන්නට කැමතියි”. ඉන්දියානු ආභාශයක් ඇති යුරෝපියානු ප්‍රකට චිත්‍ර ශිපියෙකුගේ නම සදහන් කරමින් ඇය පැවසුවේ සෑදෑවේ ප්‍රධාන අමුත්තා ලෙසට පැමිනෙන බවය. ඇය වැඩි දුරටත් විස්තර කලාය. එලිමහන් චිත්‍රනය පිලිබදව මහත් සමත් ඔහු නගරයේ කෙරවල කඳු මුදුනතහි මෙන්ම නගරයේ උද්‍යානයේ මතකයන් දෙකක් පැමිනෙන්නන් ඉදිරියේ නිමකරන්නට බලාපොරොත්තුවන බවකි. “ඒත් ඔබ ඔහු සමග එක්වන්නට අකමැතිනම් දෙවන ශාලාවේදී ආසන පනවා දෙන්නට අපට හැකියි”. මෙවන් විසිතුරු අවස්ථාවක් මගහරින්නට අප දෙදෙනාටම අවශ්‍ය නොවිනි. “අපි ඒ සැදෑවාට් සහභාගී වෙන්නට කැමතියි. ඒත් මදක් දුරින් වන ආසන දෙකක් බලාපොරොත්තු වෙන්නේ දෙදෙනා අතරද සංවාදයකට ඉඩකඩ අවශ්‍ය නිසයි” මම පැහැදිලි කෙරුවෙමි.
      මදක් උසින් පිහිටා ඇති වේදිකාවක එම ශිල්පියා තම පරිනත වර්ණ හැකියාව නිමවන අයුරු දෙපසින් වන නිශ්චල කැමරාවන් දෙකක් ඔස්සේ දෙපසින් ඉහලින් වන විශාල තිර දෙකක ප්‍රද්ර්ශනය වේ. බොහෝ දෙනා ධ්‍යානයකට සමවැදුනාක් සේ මදු විතක් තොලගාමින් හෝ රාත්‍රී ආහාර වේල සමහ ඒ අපූර්ව වර්ණ හරඹය බලා සිටී. තමන් ආහාර ගනිමින් සිටින දීසියකින් වත් අමතර හඬක් නොනැගැන පරිදි ශාලාවේ නිහඬ බව රකින්නට ඔවුන් සහය වන්නේ කිසිදු විධානයකින් හෝ ඉල්ලීමකින් තොරවය. කලාතුරකින් හෝ අයෙක් තම නොසන්සුන් බවක් සමග පිටතට යන්නට අවශ්‍ය වුවහොත් සහය වන්නට කාර්යමන්ඩලය සූදානම්ව සිටින්නේ සාමාන්‍ය රාජකරියට මදක් ඔබ්බෙන් මෙනි. අප දෙදෙනාටද කථා බහ සදහා කොතරම් දේ තිබුනද මේ නිහඬ බව බිඳින්නට මහත් ලෝබකමක් දැනෙන්නා සේය.ඉදහිටක හුවමාරුවූ වදනක් දෙකක් හැරෙන්නට අප දෙදෙනද ඒ අපූර්ව වර්ණ හරබයට සමවැදුනාක් මෙන් විය.
www.tharuminisa.com

2016-04-18

තොරතුරු ලොවට නිදහස් භාවිතාකරන්නාගේ පැමිනීම....


       අපිට Windows 10 සමග පැමිනෙන තවත් ප්‍රධානතම පනිවිඩයක් තමයි Desktop මූලික තොරතුරු තාක්ශන භාවිතාව වේගයෙන් විසිරෙමින් ඇති බව.  හදාරන්නන් පෙන්වා දෙන්නේ දෛනික ජීවිත අවකාශය පුරාවට තොරතුරු බව අකංඩව පැමිනීමේ අවශ්‍යතාවය භාවිතාකරන්නන් විසින් ඉල්ලා සිටීම වඩාත් දැනෙන අවශ්‍යතාවයක් වෙමින් තිබෙනවා සේම විශේෂිතව පැවති භාවිතාව සාමාන්‍ය භාවිතාවක් ලෙසට ඉස්මතුව පැවතීම මේ වන විට වඩාත් වර්ධනීය ආකාරයක් ගෙන ඇති බවයි.  දෛනිකව පුවත්පත් තොරතුරු ගොනුව උදෑසනම ගෙනෙන තැන සිට වෘතීය ජීවිතයේ බොහෝ අවකාශ වෙතටත් පෞද්ගලික ජිවිතයේ සබන්දතා ද ඉක්වමින් විනෝද ජීවිතය දක්වාත්  ජීවිතාංග වෙතට තොරතුරු බව qවේගයෙන් ආක්‍රමනවෙමින් තිබෙන බව මේ වන විට පැහැලි වෙමින් ඇති බවයි.
                      මෙහෙයුම් පද්ධතියක් ඔස්සේ සංක්‍රියකරගන්නා හා ක්‍රමවත් කර ගන්නා පරිගණක බව සමග තිබුනු තවත් සීමිත බවක් වෙතට මේ වන විට සාර්ථකව අභියෝග කරන්නට අවශ්‍යතාවය සාර්ථකව ජයගනට අප සමත්ව තිබෙන බව තවත් පැහැදිලි කරානයකි. "යුනිවර්සල් ඇප්" ඔස්සේ උපාංග වල ඒකාධිකාරය සාර්ථකව මැඬලමින් තිබෙනවා සේම එක්තරා දුරකට මෙහෙයුම් පද්ධති අතර පරතරයද අවසන් කරමින් තිබෙනු දක්නට හැකි වෙනවා. උදාහරනයක් ලෙසට භාවිතාකරන්නෙකු ගේ උදෑසන තම පෞද්ගලික  Pc එක ඔස්සේ ඇරබෙන භාවිතාවක් සාර්ථකව තම දුරකථනය ඔස්සේ ගෙනැවිත් කාර්යාල පරිගණකය වෙතටත් අනතුරුව් ටැබ් භාවිතාව වැනි අමතර පහසුවක් ඔස්සේ කාර්යාලයේ ඔබ මොබ ගෙන යන්නට පමනක් නොව දවස අවසානයේ තම පෞදලික පරිගනය ඔස්සේ නිමා කරන්නට හැකිවීම වඩාත් කාර්යක්ශම හා සමීප තොරතුරු ජීවිතයක් ලබා ගන්නට සහයක් වනු ඇත.අද වන විට ප්‍රධාන පෙලේ සියලුම පාහේ මෙහෙයුම් පද්ධති ගමන් කරමින් සිටින්නේ මේ දිසාවට වන අතර එලබෙන යුගයේදී තොරතුරු උපාංග ආකෘති සීමාව මෙන්ම මෙහෙයුම් පද්ධති පරතරයෙන් තොරව රිසි ලෙසට තම භාවිතාව අකංඩව ‍රැකගන්නට හැකි පරිසරය බිහිවිම ස්ථීර වෙමින් තිබෙනවා.
www.digilk.com

පනස් නමවන කොටස..

“ධනය හා බලය මත පදනම් වන අපේ දෛනික ලෝකය වෙතින් ගිලිහුනු බොහෝ දේ වෙතැයි මම සිතනවා. මෙවර මගේ මූලික හැදෑරීම් වලට අමතරව අදදවසේ වෛද්‍ය විද්‍යාවේ ගමන් මග ගැන කෙටි හැදෑරිමක් කරන්නට මම උත්සාහ කලා. එම ආයතනයේ මහචාර්ය වරුන් කිහිප දෙනෙක් සමග කථබස් කරමින් තොරතුරු ‍රැස්කරන්නට මම උත්සාහ කලා.විටක ඔවුන් අපැහැදිලිව වුවත් මාත්සමග එකග වන්නට සිදූවුනා මේ විෂයේ උනත් ප්‍රධාන දිශානතිය යොමුවෙලා තියෙනේ ලාබය හා බලය දෙසට මිස සමස්ත මිනිස් වර්ගයාගේ උන්නතියටම නෙමෙයි කියලා”. මෙම හැදෑරීම් මුදල් විසින් මෙහෙයවන්නක් නොවනවා සේම යෙදවන උත්සාහයට කෙසේ වෙතත් කිසිදු ආර්ථික ලාභයක් නොගෙනෙනු ඇති වුවත් සාමාන්‍ය මිනිස් ධාවන පතයෙන් ඔබ්බෙන් වන මෙම උත්සාහය මිනිස් වර්ගයාගේ හෙට දවස වෙනුවෙන් අල්පමාත්‍ර වූ හෝ සේවයක් ගෙනෙනු ඇති බව අප දෙදෙනාගේම බලාපොරොත්තුව වීම සිතට ගෙනෙන්නේ මහත් සහනයකි. කලාතුරකින් හමුවන ආකාරයේ අපූරු හැදෑරුම් සහකාරියකව ඇගෙන් ලැබෙන මෙම සහය වඩ වඩාත් මා දිරි ගන්වන සුලුය.
අප නගරයේ කෙලවර වන සුපුරුදු කඳු මුදුනතට බලා පොරොත්තුවූ ගමන කල්දමන්නට තීර්නය කලෙමු. “මම හිතන්නේ කෙලින්ම අපගේ අවන්හල වෙතට ගොස් රාත්‍රී ආහාරය ගෙන ටිකක් ඉක්මනින් අදට සමු ගැනීම වඩාත් හොඳ වෙවි නොවේද?” මම යෝජනා කලෙමි. හැකිනම් දවස ඉක්මනින් පටන්ගේ සැදෑවේ ඉතිරිකර ගන්නා කාලය අපගේ හැදෑරීම සදහා යෙදවීම වඩාත් වාර්ථක උත්සාහයක් වේවි. මමත බලා පොරොත්තු වෙනවා හැදෑරුම් ආයතනයක් සමග එකගතාවයකට එන්න Online ආකාරයටෞදෑ වරුවේ සහය දේශන මාලාවක් සැලසුම් කරගන්නට. අවශ්‍ය සැහැල්ලුව මෙන්ම සම්පත් සදහා වැය ඒකාරයට උපයාගැනීම වඩාත් කාලෝචිත පියවරක් වේවි. මගේ මෙන්ම අපේ සැලසුම වෙතට ඇය එකගවිය. දැනටමත් ඇය අදාල විෂයන් පිලිබදව හසල දැනු මැත්තන් කිහිප පලකටම අපගේ වැයම පැහැදිලි කර අවශ්‍ය විටකදී සහය ලබා ගන්නට පොරොන්දු පලකරවා ගෙන තිබිනි
www.tharuminisa.com

2016-04-16

Win 10 වල “Anniversary Update” සමග "Messaging Everywhere" අංගය..

     Windows 10 වල  “Anniversary Update” පිලිබදව කෙමෙන් වැඩි අවධානයක් යොමුවෙමින් තිබේ. එහි පැමිනෙතැයි බලාපොරොත්තුවන නවාංග පිලිබදව බලාපොරොත්තු අතරට එක්වන නවතම අංගය වන්නේ "Messaging  Everywhere" ය. මෙම අංගය පැහැදිලි කෙරෙන්නේ ඔබගේ Pc වල සිට පහසුවෙන් Text Messaging යැවීමේ හැකියාවයි. මෙසේ Phone මූලික හැකියාවක් Pc වෙතටද බෙදා හදා ගැනීමේ හැකියාව පැමිනීම උපාංහ අතර වඩා සංහිඳියාවක් කැඳවන්නක් වන අතර මෙසේ Messaging හැකියාව උපාංග අතර Synced කිරීමට හැකිවීමත් අතර භාවිතාකරන්නෙකුට වන පහසුව වඩාත් සිත්ගන්නා සුලු වනු ඇති බවට විචාරනය වෙමින් තිබෙනවා. Windows 10 සදහා පැමිනෙන්නට නියමිත මෙම යාවත්කාලීනය එලබෙන Summer වලට මේ වන විට නියමිත අතර වෙගයෙන් භාවිතාව වැඩිවෙමින් ඇති Windows 10 වෙතට තවත් වැඩි අවධානයක් ලබා ගන්නට එය සහය වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
www.digilk.com

පනස් අට වන කොටස


             සෑදෑව කෙමෙන් දැඩිවෙත්ම ගිම්හාන සැදෑවල් වලදී නගර උද්‍යානය ජනාකීර්න වන්නට පටන් ගනී. නගර වැසියන් ලමා ලපටීන් සමග උද්‍යානය වෙතට පැමිනීම මෙහි සිරිතය. විටක මධ්‍යම රාත්‍රිය වෙත්ම මෙහි කාලය ගත කරති. හොඳින් ආලෝකමත්වන උද්‍යානය අවශ්‍ය ආරක්ශාව සපයන අතර ජංගම අවන්හල් වෙතින් රාත්‍රී ආහාර වේල දක්වා මෙහි ‍රැදෙන්නට පොලබවන සුලුය. තම ජංගම උපාංග ‍රැගෙන එන ඔවුන් තම අධ්‍යාපන , වෘතීය හෝ විනෝදත්මක සුපුරුදු ජීවිතය අකංඩව පවත්වාගෙන යාමට කටයුතු කරයි. සමස්ථ උද්‍යාන කලාපයම නිදහස් දත්ත සබඳතාව සපයන අවකාශයක් වන අතර ඒවා ආරක්ශිතව ලබා දීමට මෙන්ම ඉතාම කලාතුරකින් හැරෙන්නට හානිකර ලෙසට හැසිරෙන පුද්ගලයන් මෙහි බොහෝ සෙයින් විරලය.
          “අපිට නතරවුනු තැන සිට ඉදිරියට යන්නට නම් මට මතක විදිහට ඔවුනගේ පාලන රටාවල් පිලිබදව තොරතුරු සටහන් කරන්නට වේවි. මට දැනෙන විදිහට දියුනු මිනිස් සමාජවල වලටත් එහාට යන සමාජ රටාවන් ඔවුන් සතුයි. සාමන්‍යයෙන් සිදුවන අධ්‍යාපනය ඔස්සේ ශිෂ්ථසම්පන්න කිරීමේ ක්‍රියාවලිය එතරම්ම සැහැල්ලුව පවතිද්දී ඔවුන් කොහොමද ඒ තරම් ක්‍රමවත් ජීවන රටාවකට ඇතුල් වන්නේ කියන එක අපිට පැහැදිලි කර ගන්නට වේවි. මම හිතනවා ජීවවිද්‍යාත්මකවම ඔවුන් අපට වඩා දෑ අත්පත්කරගෙන සිටිනවා. එතකොට පැමිනෙන ගැටලුව තමයි අප හා සමාන මෙන්ම මේ තරන්ම් හුදකලා වනු ජන කොටසක් කොහොමද මේ තරම් ඉදිරියෙන් ඉන්නේ කියන එක. අපහා සමාන සම්ඝවයක්, ජාන ඉතිහාසයක් දරන ඔවුන් ඒ පොලා පැනීම අත්පත්කරගනේ කොහොමද කියලා අපට පැහැදිලි කරගන්නට වෙයි.” ඇය නිහඬව සියල්ලටම ඇහුම්කන් දෙමින් සිටී. “ඒක පිටසක්වලින් පැමිනි යම් ප්‍රබෝධයකින් ඔවුන් අත්පත්කර ගත්තාද? නැතිනම් අප පෘතුවියේ වන බවට සමහර හදාරන්නන් යෝජනා කරන කුන්ඩලනී ශක්තිය වැනි යමක් ඔස්සේ අපට වඩා වැඩි වේගයකින් ඔවුනගේ ජාන පරම්පරාවල් ගෙන යන විනය අවබෝධය ප්‍රබෝධමත් වුනාද? වගේ බොහෝ උපකල්පන ඔස්සේ අපට ඉදිරියට යන්නට වේවි. අවශ්‍ය තොරතුරු ‍රැස්කරගන්නට හැදෑරුම් ආයතන බොහොමයක උදවු පතන්නටත් වේවි. ඔබ මොහද හිතන්නේ මේ ගැන? ඇයගේ පිලිතුර සරලය. “මම සූදානම්”.
www.tharuminisa.com

2016-04-15

Windows පරිසරයේ QuickTime video player භාවිතයට අනතුරු ඇගවේ...

   ආරක්ශාව සම්බන්දිත ඇමරිකානු  ආයතනයක් නිවේදනය කරන්නේ "Apple Inc's QuickTime video player ය Windows මෙහෙයුම් පද්ධති පරිසරයකදී භාවිතාවන්නේ නම් වහාම අස්ථාපනයට කටයුතු කරන ලෙසයි. එහිදී පැහැදිලි කෙරෙන්නේ තව දුරටත් Apple ආයතනය මෙම ප්ලේයරයේ windows සදහා වන සංස්කරනය තව දුරටත් නඩත්තු නොකරන බැවින් හා දැනටමත් හඳුනා ගෙන ඇති දුරවලතා කිසිපයක් වාර්ථා වෙමින් ඇති නිසා තව දුරටත් එම මෙහෙයුම් පද්ධති වාතවරනය තුල භාවිතාව අනතුරු දායක යිය හැකි බවයි.  Quick Time 7 ප්ලෙයරය windows අවකාශය සදහා වන සංස්කරනය වන අතර පසුගිය ජනවාරියේ සිට මෙම මෘදුකාංගය සදහා යාවත්කාලීන නිකුත්කිරීම Apple ආයතනය අත්හැර දමා තිබෙනවා. මෙම අනතුරු ඇගවීම Mac computers අවකාශය සදහා වලංගු නොවන අතර Trend Micro වෙතින් පලවන නිවේදනයක් පවසන්නේ තවමත් මෙම දුර්වලතා ඔස්සේ හානිකරයන් ක්‍රියාත්මක වීම් හඳුන අගෙන නැති වුවද ආසන්න තත්වයක පවතින බවකි.
www.digilk.com

2016-04-14

Google Crome 50 පැමිනේ....

    Google Crome යනු බ්‍රවුසර අවකශයේ හමුවන ප්‍රධානතම භාවිතාවකි.  පලවන නවතම පුවතක් පවසන්නේ Google Crome Browser වල පනස්වන (50) වන සංස්කරනය මේ වන විට නිකුත්ව් ඈති බවයි. පෙර අත්හදා බැලීමේ සංස්කරන කිහිපයකට පසුව පැමිනෙන මෙම අවසන් සංස්කරනය පැහැදිලි කරන හදාරන්නන් පෙන්වා දෙන්නේ සංවර්ධකයින් සදහා අදාල වන ආකර්ශනීය අංගයන් කිහිපයකින්ම මෙම සංස්කරනය සමන්විත බවටයි. මෙම නිකුතුව XP,VISTA වැනි වින්ඩෝස් සංස්කරන සමග මෙන්ම පැරනි මැක් සංස්කරන සදහාද සහය නොදක්වන බවට දැක්වෙන අතර ආරක්ශිත බව මූලිකව හේතූන් මත මේ ස්වභාවය ගෙනා එති බවටයි පැහැදිලි කරන්නේ."high" මට්ටමේ ආරක්ශිත පිලිසකර දෙකක් හා "medium" ආකාරයේ ආරක්ශිත යාවත්කාලීන පහකින් මෙම නව සංස්කරනය සමන්විත බවටයි වැඩි දුරටත් පැහැදිලි කරන්නේ. වැඩි දියුනු කරන ලද notifications පහසුව ඔස්සේ භාවිතාකරන්නා හට වඩාත් පැහැදිලි අවබෝධයක් මෙන්ම හැසිරවීමක්  ද පැමිනෙන බවට පැහැදිලි කෙරෙනවා.
www.digilk.com

Windows තව තවත් වෙනස් වනු ඇත..

      Microsoft ආයතනය තම Windows 10 හා Windows 10 Mobile වෙතට යවත්කාලීන මෙන්ම පෙර සංස්කරන නිකුත්කිරීමේ වෙගවත් කාලසටහන තවමත් එසේම පවත්වා ගෙනයමින් සිටී. මේ වන Windows 10 Moble වල සංස්කරනය තොරාගත් දුරකථන කාංග සදහා නිකුත්ව අවසාන අතර Windows 10 සදහා වන ප්‍රධාන සංස්කරන යාවත්කාලීනයක් සදහා ලහි ලහියේ සූදානම් වෙමින් සිටින බවට නිවේදයද වී හමාරය. මීට අමතරව Windows 10 ප්‍රධාන මෙන්ම මොබයිල් සංස්කරන සදහා වන cumulative updates ද පසුගියදා නිකුත්කරන ලද අතර නව අංග පැමිනීමක් ඒවා සමග සිදු නොවුනද වැදගත් මට්ටමේ පිලිසකර කිහිපයකින් එම නිකුතුව් සංයුත්ත වන බවටයි නිවේදනය කරන ලද්දේ.
     මේ අතර Build 2016 අමතමින් HoloLens පිලිබදව කල පැහැදිලි කිරීම සංවර්ධකයින්ගේ වඩාත් ආකර්ශනය දිනාගත් අංගයක් වූ අතර පැමිනෙන්නට නියමිත Windows 10 Anniversary Update සමග මේහි යම් ප්‍රමානයක පැමිනීම් බලාපොරොත්තු විය හැකි බවට අනාවැකි පල වෙමින් තිබේ. එසේම Universal Windows Platform වෙතට Desktop apps කැදවන Project Centennial පිලිබදව සිදුවි පැහැදිලි කිරීම් අවධානය දින අගත් කාරනාවක් වූවා.  විශේෂයෙන් Project Centennial සමග windows භාවිතාවේ තිබූ බොහෝ ගැටලුකාරී ලක්ෂන නිමවෙනු ඇති බව්ට අනාවැකි පලවෙමින් ඇති අතර පහසු ස්ථාපනය, පරිගණකයේ වෙගවත් බව අඩුවීමේ ගැටලුව අවසන්වීම හා වඩාත් ආරක්ශිත භාවිතාවක් ‍රැගෙන ඒම මේ වන විටත් තහවුරු කරමින් තිබෙනවා.
www.digilk.com


Desktop PC හැකියාව අත්පත් කරගනිමින් සිටින Mobile දුරකථනය…..

            මොබයිල් තොරතුරු උපාංග සදහා ප්‍රධානතම ඉලක්ක අවකාශය වන්නේ වඩ වඩාත් පුලුල් ගනන හැකියාවක් ඔස්සේ PC පරිගණක අවකාශය වෙතට පිවිසීමය. Microsoft සමාගම ගෙවී ගිය දිනයේදී පැවති හමුවේදී තම උපාංග වල ඉදිරි ගමන් මග පැහැදිලි කරමින් තම mobile phones ඔස්සේ Continuum වැනි ඩෙස්ටොප් හැකියාවන් සංයුත්තවන බවට පැහැදිලි කරන්නට කටයුතු කරන ලදී. ඔවුන්ට අවශ්‍යවූ එක් පැහැදිලි කිරීමක් වූවේ වඩාත් බලවත් වෙමින් ඇති මොබයිල් උපාංගයේ තිරයේ සීමිත බව පහසුව...ෙන් පසුකරමින් larger screen වෙතට පහසුවෙන් සම්බන්ඳ වෙමින් එය ගෙනෙන Pc හැකියාවන් පහසුවෙන් භුක්ති විඳින්නට භාවිතාකරන්නා හට හැකි වනු ඇති බවයි. වැඩි දුරටත් පැහැදිලි කර සිටියේ Phoneය USB connector ඔස්සේ සම්බන්ද වෙමින් Universal Apps සමග පහසුවෙන් desktop layout වෙතට පැමිනෙන්න හැකි වනු ඇති බවය. උදාහරන දක්වමින් Lumia 950 ගොනුවේ දුරකථනයක් සමග PowerPoint හා Word ගොනු large screen වෙතට ගෙන Start Menu වැනි භාවිතාවන්ද සමග desktop මට්ටමේ අත්විඳීමක් ගෙනෙන්නට කටයුතු කරන ලදී. තවදුරටත් පැහැදිලි කරමින් connectorයේ වන HDMI output හැකියාවත් external USB storage සම්බන්ද වීමේ හැකියාවත් පෙන්වා දෙමින් පවසා සිටියේ ජමංගම දුරකථන හැකියාව වේගයෙන් desktop PC මට්ටම අත්පත්කර ගනිමින් සිටින බවකි.
www.digilk.com

පනස් හත්වන කොටස..

                         නගරයට මදක් වන්නට යාබදව පිහිටි තාවකාලික නවාතැන්පලක් වෙන් කර ගන්නට නගරයේ පිහිටි තොරතුරු කාර්යාලයේ සහයෝගය නිසා වඩත් පහසු විය.මීට ඉහත වාරයේදී සේවය කල හැදෑරුම් ආයතනයට ආසන්නව පිහිටි එම ස්ථානය වඩාත් හුරු පුරුදු බවක් ගෙන ඒම වඩාත් සහනශීලී බවක් දනවන්නන්ක් විය. කෙටි විවේකයකින් අනතුරුව නගරය වෙතට යන්නට සූදානම් වීමි. පෙර සැදෑකාලය නිසාමදෝ උද්‍යානයේ වැඩි කලබල බවක් දක්නට නොවිනි. උද්‍යානයේ වූ සුපුරුදු සැකසුම එලෙසම නිසාදෝ මහත් සුපුරුදු බවක් ගෙනෙන සුලු විය. අප කවදත් ප්‍රියකල උද්‍යනයේ කෙරවලටට වන්නට පසකින් ගලායන ගංගා ඉවුරට වන්නට පිහිටි අසුන නිදහස්ව පැමිනීම බලාපොරොත්තුවෙන් සිටින්නාක් සේ දැනිනි.
           “ඒ කියන්නේ අපි නැවත හමුවේලා..” පරිසරය සමග දැහැන්ගත වූවාක් මෙන් සිටි මා හට ඇයගේ පැමිනීම නොහැගිනි. අසුනෙන් නැගි සිටි මම ඇයට අසුන් ගන්නට ආරාධනා කලෙමි. මහත් ලෙන්ගතු ආචාරකිරීමකින් අනතුරුව ඇය ආ ගිය තොරතුරු බොහෝ දෑ අසන්නට පටන් ගත්තාය. අතොරක් නැතිව ගලා යන දෙබස් අතර මා ‍රැගෙන විත් තිබූ පොත් පත් කිහිපයක් හා CD කිහිපය ඇය වෙතට පිරිනැමු වෙමි. ඇය මහත් සතුටින් පිරී ඇත්තා සේය. මෙතෙක් හමුව තිබූ බොහෝ බටහිර තරුනියන්ට වඩා ඇය වඩාත් සංවේධී බවක් ඇත්තියක් වීම මා වඩාත් සිත්ගත් කාරනාවක්ව තිබිනි. ඇය මෑතදී අවසන් කල හැදෑරූම් වැඩසටහනේදී ලත්, අප පෙර සිටි සමහර ස්ථාවරයන් වෙනස්කරවන නව දැනුම් තොරතුරු පැහැදිලි කරන්නට ඇයට මහත් සේ අවශ්‍යව තිබිනි. අප අවසන් නොකල සටහන් පෙල වෙතට ඇය ගෙන විත් තිබූ නව වෙනස්කම් පැහැදිලි කරන්නට අවශ්‍යව තිබිනි.ආශ්‍රමය හා ඔබ්බෙන් පිහිටි ගම්මානය, ඔවුන්ගේ ජීවන තොරතුරු පිලිබදව පැහැදිලි කරගන්නට මහත් උනන්දුවකින් ඇය උත්සාහ කරන්නට විය. ඇයගේ දැඩි උනන්දුව අතරමදී තාවකාලිකව නතරවූ සටහන් පෙල වඩාත් අපූර්ව ලෙසට ඉදිරියට ගෙන යන්නට මාතුලවූ උනන්දුව වඩ වඩාත් අවදිකරවන්නන් සේ දැනිනි.
www.tharuminisa.com

2016-04-12

Win 10 Pc වෙතට ආරක්ශිත පිවිසීමක් ගෙනෙන companion device....

         ආරක්ශිත පිවිසීමක් දත්ත උපංග වෙතට බලාපොරොත්තු වීම සෑම භාවිතාකරන්නෙකුගෙම පහේ අවශ්‍යතාවයක් වෙමින් ඇත. අවසර පදයක සහය ලබ ගැනීම තව දුරටත් වඩාත් සාර්තක ක්‍රමයක් නොවන බව නැවත නෑවතත් තහවුරු වෙමින් තිබෙන පරිසරයකදී ජීව විද්‍යාත්මක තහවුරු කිරීම් ද එතරම් සාර්ඨ්තක නොවීම අත්දැකීමක් වෙමින් ඇති අතර වඩාත් සාර්ථක විකල්පයක් සොයා යාම නිරන්තරයෙන් සිදු වෙමින් ඇත. Microsoft සමාගම මේ වන විට නිවෙදනය කර සිටින්නේ තම Windows 10 සමග Companion Device වඩාත් විස්වාසනීය ආරක්ශිත පිවිසුමක් භාවිතාකරන්නා වෙතට ලැබෙනු ඇති බවය. එම ආයතනය තම Companion Device Framework  තුලදී ක්‍රම කිහිපයකට මෙම තහවුරුව ලැබෙනු ඇති බවට පෙන්වා දෙන අතර තම Pc එක වෙතට මෙම companion device එක USB , Bluetooth නැතිනම් NFC හරහා සම්බන්ද කරන්නට හැකි අතර buttonයක් සංක්‍රිය කිරීමෙන්, NFC reader යක් සමීපයට අදාල උපාංගය ගෙන ඒමෙන් හෝ special gesture (like clapping ආධාරයෙන් මෙම සංක්‍රිය කරවා ගැනීම  ලබා ගත හැකි බවායි පැහැදිලි කරන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows Hello නොහොත් මුහුනුවර හදුනා ගැනීමේ තාක්ශනය නැතිනම් ඇගිලි සටහන් හඳුනා ගැනීමේ තාක්ශනයට වඩා මෙම නව පැමිනීම වඩාත් සාර්ථක වනු ඇති බවකි.
www.digilk.com

2016-04-09

Edge සමග Flash භාවිතය පාලනයට හැකියාවක්....


       මේ වන විටත් Microsoft ආයතනය තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සදහා එනම් Windows 10 වෙතට පැමිනෙන්නට නියමිත Redstone update(අභ්‍යන්තර නාමය) වල පෙර නිකුතුවක්   build 14316 ලෙසට නම් කොට Windows Insiders  එනම් පැමිනෙන්නට නියමිත සංස්කරන පෙර අත්හදා බැලීම සදහා ඉදිරිපත්ව ඇති භාවිතාකරන්නන් සදහා නිකුත් කොට තිබෙනවා. මේ සමග පැමින ඇති තවත් අංගයක් ලෙසට Edge browser update  එකක් ලෙසට විත් ඇති භාවිතයේදී බැටරි බලය වෙතට සැලකිය යුතු බල පෑමක් කරන Flash වලින් ක්‍රියාත්මක වන වෙබ් අඩවි තුල වන අංගයන් පාලනයට වන පහසුව හදාරන්නන්ගේ අවධානය දිනාගෙන තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ වෙබ් පි‍ටුවක වන Flash අංගයන් සම්පූර්නයෙන් වලකාලීමේ සිට පාලනය කිරීමේ හැකියාවක් තිබීම භාවිතාකරන් හට පහසුවක් වනු ඇති බවයි. මේ වන විට බොහෝ  Flash based ads ලෙසට වන භාවිතාවන් HTML5 වෙතට පරිවර්ථනය කරන්නට එම දැන්වීම් කරුවන් බහුලව කටයුතු කරමින් ඇති අතර 2017 වන විට Google ආයතනයද Flash භාවිතාව වෙතින් ඉවත්වන්නට සූදානම් වන බව්ටයි පැහැදිලි කරන්නේ.
www.digilk.com

2016-04-01

පනස් පස්වන කොටස…


                        සංසුන් පරිසරය හොඳින් මානසික ඒකග්‍රතාවය ‍රැගෙන විත් තිබිනි. පලමු දින හතර නොකඩවා සටහන්කරනය සදහා පුර්නකාලීනව යෙදෙන්නට හැකිවිය. පි‍ටු හතලිහක් පමනවූ ආරම්භක සටහන මනාව නිමකරගන්නට හැකිවිය. එය මහත් ජනාකීර්න නගරයන් නොවුනද අංග සම්පූර්න එකක් විය. පුස්ථකාලය, නාට්‍ය ශාලාව මෙන්ම සිනමා ශාලාව වැඩි අර්ථයක් සහිතව ඉතිරි කාලය ගෙවා ගන්නට සහයට ඉදිරිපත් විය. එම සතිය පුරාවට අපූර්ව නාට්‍යකරුවෙකුගේ වේදිකා ගෙත්තමක් රග දැක්වෙමින් තිබිනි. ස්විඩන් තරුන නාට්‍ය කරුවෙකු වූ ඔහු දේශපාලනය නම් ක්‍රියාවලිය හා මිනිසා නම් ක්‍රියාවලිය විටක ගැටෙමින් විටක ඇලෙමින් ගලායන ආකාරය එහිදී අපූරුවට විග්‍රහ කරන්නට අවශ්‍ය තිබිනි.පෞද්ගලිකව මිනිසාගේ ස්වභාවය මෙන්ම ඔවුන් එක්වූ විට නිර්මානයකර ගන්නට සිදුවන දේශපාලනයේ ස්වභාවය හොඳින් වේදිකාවේ ගලායන සිදුවීම් පෙලක් මත විග්‍රහකරන්නට සමත්ව තිබිනි. “මේක දිග සිහිනයක්. අවදි වුව හොත් ඔබ තරගයෙන් ඉවත්කරනවා ඇත.” ඔහුගේ වේදීකා අත්දැකීමේ තේමාව කිහිපවිටක්ම එහි වන සියලු ම පාහේ චරිත ඔස්සේ කියවා ලන්නට අවශ්‍යව තිබිනි. අත්දැකීම වඩාත් ගැබුරු දාර්ශනික අර්ථයෙන් මෙන්ම සමකාලීන ප්‍රායෝගික අර්ථයෙන්ද පිලිබිගු කරන්නට සමත්ව තිබිනි.
               දැල්වෙන බලාපොරොත්තු ජීවිතය මෙහෙයවයි. බලාපොරොත්තු නොපැමිනීම තරම් අවාසනාවක් තවත් ජීවිතය තුල නැත. කාලය කෙසේ ගෙවී ගියද ආපසු ඇය වෙසෙන නගරය වෙතට යන්නට වන බලපොරොත්තුව වඩාත් වර්ණවත්ව දැල්වෙමින් තිබිනි. පෙරකී නාට්‍ය කරුවාගේ පොත්කිහිපයක් හා CD තැටි කිහිපයක් සමග ඇය ප්‍රියකරන ජීව විද්‍යාව පිලිබදව නවතම මතවාද ගෙනෙන පොත්පත් කිහිපයක් ඇය වෙනු වෙන් මිලදී ගතිමි. “ඔබේ දැල්වෙන විමසිලිමත් මනැසට මම මහත්සේ ප්‍රිය කරමි” එම පොත් කිහිපයක පලමු පි‍ටුවෙහි සමරු සටහනක් තබන්නට කටයුතු කලෙමි. නගරයේ ගතවන පස්වන දින සැදෑවේ එහි වන ප්‍රාදේශීය ගුවන් තොටෙන් ප්‍රධාන ගුවන් තො‍ටුපොල වෙතටත් විවේකී හෝරාවන් කිහිපයකින් අනතුරුව දැනටමත් එලබෙමින් ඇති ගිම්හානය සමග ප්‍රබෝධමත් නගරය වෙතටටත් පිටත් වීමි.
www.tharuminisa.com

අද World Backup දිනයයි....

         අද දිනය නම් කෙරෙන්නේ World Backup දිනය ලෙසටය. හදාරනන් පෙන්වා දෙන්නේ ඉලෙක්ට්‍රොනික වෙමින් වේගවත් වන තොරතුරු ලෝකය තුල දත්ත ගොනුවක් අහිමි වීමටද විටක ගත්වන්නේද නිමේශයක් විය හැකි බවයි. මෙවැනි තත්වයකට හේතුව විවිධ විය හැකි අතර විටක ස්වභාවික හේතූන්ද විටක අත්පසු වීම්ද විය හැකි බවයි. මෙසේ අතුරු දහන් වන තොරතුරු ගොනු ඔස්සේ ආයතනික හෝ පෞදගලික පැමිනිය හැකි අපහසුතාවයන් සදහා හොඳම විසදුම වන්නේ එකි නෙකින් දුරස්ත වු ස්ථාන දෙකකදී පවතිවා ගෙන යන බැකප් දෙකක් බවටයි යොජනා වන්නේ. අද වන විට බහුලව භාවිතාවන Cloud සේවාවක පහසුවෙන් මෙසේ දත්ත ගොනු ‍රැඳවීමට පහසුකම් ඇති අතර තවත්  පිටපතක් අදාල ස්ථානයේම වෙනත් මාධයයක් ඇසුරෙන් පහසුවෙන් පවත්වාගෙන යා හැකි බවටයි පෙන්වා දෙන්නේ. විටක පෞද්ගලිකව වටිනා මතක සැමරුම් ගෙනෙන ඡයාරූප පෙලක් මේවා අතර විය හැකිවා සේම විටක අයතනිකව වටිනා දත්ත ගොනුවක් විය හැකිය. වැඩි දුරටත් භාවිතාකරන්නන් අතරින් සියයට 30 පමන තවමත් මෙසේ දත්ත පිටපතක් රදවා තබා ගන්නට කටයුතු නොකරන බවට ගනනය වනා තර සැම විනාඩියකදීම සාමානයයෙන් මොබයිල් දුරකථන 113ක් සොරා ගැනීමට ලක්වන බවට වන සංක්‍යාලේඛන ඔවුන් පෙන්වා දෙනවා.
www.digilk.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...