2020-09-30

පරිණත වූ ඝණකයේ කථාව

පරිණත වූ ඝණකයේ කථාව වඩාත් අපුරු  එකකි. එය මොහොතොන් මොහොත මිහිමත මිනිස් කථාන්දරය වෙනස් කරමින් සිටී. ස්වභාවික මිනිස් සීමා අනන්තය තෙක් දිගු කරමින් සිටී. මේ ගැන ඔබේ සබුද්ධික බව වැදගත් වන්නේ එබැවිනි.
Pubudu Siriwansa
#siriwansa
0740044541
mail@siriwansa.com
www.siriwansa.com

2020-09-27

තරු අළු ගොනු...

ඔහු තත්වය පැහැදිලි කරන්නේ වඩාත් අපූරු ආකාරයටය. විශ්වයේ තවත් සිටිය නොහැකිද අපි වගේම ඉහලට එසැවුනු තරු අළු ගොනු. ස්වයංව චලන නිදහස  දිනාගත් තරු අළු ගොනු, මතක තබා ගැනීමේ  හැකියාවක් දිනාගත් තරු අළු ගොනු, එම මතකයන් නැවත සකසමින් වඩාත් දියුනු තීර්න ගතහැකි තරු අළු ගොනු. අවසානයේ තම සාර්ථක අත්පත් කරගැනීම් යාන්ත්‍රික කර දමන්නට සමත්වුනු දියුනු තරු අළු ගොනු.
- Pubudu Siriwansa
#siriwansa
07400-44541

2020-09-25

ප්‍රතිභාවාත්මක

යම් සමාජ ස්තරයක් මතට ප්‍රතිභාවාත්මක පොලාපැනීමක් පැමිනීම දුර්ලභ අවස්ථාවකි. තව අතකින් සාපේක්ෂ කාරනාවකි. සමහර සමාජ ස්වභාවයන් වලදී හා කාල වකවානු වලදී එහි ප්‍රමිතිය ඉහල අගයක් ගනී. සමහර අවස්ථාවලදී එගි ගාමකය මහත් ඛේදවාචනීයය.
- Pubudu Siriwansa
#siriwansa
07400-44541

2020-09-22

සාර්ථක දේශනයක්

සාර්ථක දේශනයක් යනු ආත්මීය විරේකයක් බඳුය. අදහස මනාව සංනිවේදනය වී ඇති බව හැගෙන විට නැගෙන තෘප්තිය තව තවත් අපමන බුද්ධි අවකාශ මනස මත විවර වෙන්නේ ලැබෙන ත්‍යාගයක් මෙනි.
"Tharu Minisa"
– Pubudu Siriwansa
0740044541
www.siriwansa.com
#siriwansa

2020-09-20

Z Genaration

සාපේක්ෂව සැලකීමේදී, දෘඩව ඉදිව ඇති විසල් අවකාශයක් මත ඉතා කුඩා මෘදු අනන්‍යතාවයක සිරවීම එලබෙන පරම්පරාවේ උරුමය වෙමින් ඇත.
www.Avissawella.Com
- Pubudu Siriwansa
#siriwansa

2020-09-17

මිනිසාව..

දත්ත ලෝකය විසින් අර්ථ දක්වන මිනිසා කෙමෙන් රූපවාහිනිය ප්‍රමුක පෙර මාධ්‍ය විසින් නිර්මානය කරන ලද මිනිසාව අභිබවමින් සිටී. ගෙනවිත් ඇති සුවපහසුව අපමනකි. ගැටලුව වන්නේ එම සුව පහසුව සදහා හුවමාරුකර ගන්නට වන්නේ ඔබගේ සැබෑ ජීවිතය ආශ්‍රිත දත්තයන් වීමය.
- Pubudu Siriwansa
#siriwansa

2020-09-16

wwwAvissawella.Com

ඩිජිටල්කරනය තවදුරටත් තාක්ෂණික කාරනාවක් නොවේ. මේ වන විට එය සංස්කෘතික කාරනාවකි.
www.Avissawella.Com
- Pubudu Siriwansa
#siriwansa

2020-09-12

QR කෝඩ්..

ඔබේ පරිගණකයේ සිට ඔබ පරිගණකයකි දක්වා දිගුව ක්‍රමයෙන් නව සංස්කරනයක් දක්වා පැමිනෙමින් ඇතිබව පැහැදිලිය. ඉන් ඔබ්බට ඔබ ගැන නිර්වචනය "ලොවට ඔබ QR කෝඩ් එකක් පමනී" වන්නට නියමිතය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-09-11

මූල්‍ය කලමනාකරනය..

සාර්තක මූල්‍ය කලමනාකරනය පුද්ගල අර්ථ වල සිට රාජ්‍ය අර්ථ දක්වාම තීරනාත්මක සාධකයකි. ඩිජිටල් යුගයේදී බැංකුවකට මේ සදහා කලහැකි මැදිහත්වීම් වඩාත් ඉහලය. වඩාත් විශ්ලේෂණීය හා මගපෙන්වීම් සහිත මැදිහත්වීමකට ඔවුන්ගේ පැමිනීම දෛනිකව දියුනුවන ඔන්ලයින් පහසුකම් ඔස්සේ පැහැදිලිව දැකිය හැක.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-09-10

සාර්තක ව්‍යවසායකත්වයක්..

සාර්තක ව්‍යවසායකත්වයක් යනු නිමා නොවන අරගලයක් බදුය. සමාජය මත වඩාත් ආකර්ශනීය මෙන්ම ඵලදායී භාණ්ඩ හෝ සේවා යාන්ත්‍රනයක් ගොඩනැගීම නිම නොවන දිලිසුම් දෙන ජීවිත සටහනක් තැබීමකි.
- Pubudu Siriwansa
#siriwansa

තාක්ෂණික අර්ථවලට

ජීවිතය වඩාත් තාක්ෂණික අර්ථවලට ඌනනය වීම එලබෙමින් ඇති යුගයේ ප්‍රමුක ස්වභාවය යැයි හදාරන්නන් පැහැදිලි කරමින් සිටිනවා. සිරුර මෙන්ම මනස ක්‍රමයෙන් නව අර්ථ වෙතට පිවිසෙමින් තිබෙන බව ඔවුන් පැහැදිලි කරමින් සිටිනවා.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-09-09

නාභිගත වීමක්..

“අපේ මිත්‍රවයේ සංශිප්තයක් මට කියන්න පුලුවන්ද?” වරක් සෑදෑකදී අවන්හලේදී ඇය විමසා සිටියාය. ප්‍රකට බටහිර පියානෝ වාදකයෙකුගේ ඉතා සෙමින් ගලායන ස්වර සංකලනයන් ගෙන් අවන්හල කන්කලුවද තිබිනි. “ඔබ මගේ විසිරීතිබූ මනස එක්තැන්කල කාචයක් කියලා කිව්වොත් හරියි මම හිතන්නේ”. එය සැබෑවකි. ඊට පෙර වසර ගනනාවක් තිස්සේ මාකල කිසිදු දේශනයකදී අත්පත්කර ගත නොහැකි මට්ටමේ විෂය කෙරෙහි නාභිගත වීමක් මටම දැනෙමින් තිබිනි. “
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-09-07

බුද්ධි පුලිගුවක්

විශ්වයේ ඔනෑම පෙදෙසක බිහිවන බුද්ධි පුලිගුවක් වැඩී ප්‍රස්ථ බවකට පැමිනෙන්නට මෙන්ම තම ජීවීතය නම් උභතෝටිකයේ සිට විශ්වය නම් අපමන ගැටළුව දෙසට විහිදෙන්නට සිදුවීම සාමාන්‍ය මාවත වෙනවා විය යුතුය. ඇත්තෙන්ම ඔවුන් වෙන මොනවා නම් කරන්නද?
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-09-06

සිතුවම් පෙල

සිතුවම් පෙල අවසානයේ සමුගැනීමේ සටහනක්ද විය. “මා හැම විටම තාක්ෂණය පින්සල වන්නට මිස පින්සල් පහර වන්නට ඉඩ නොතැබු වේයැයි විස්වාස කරමි. පැමිනීයට ස්තුතියි”(31)
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-09-05

ඩිජිටල්කරනය

ඩිජිටල්කරනය මිනිස් කථාන්දරය අධිකාර්යක්ෂම කරන ලදී. එය මුද්‍රණකරනය සමග සැසදිය නොහැකි තරමේ පොලාපැනීමක් සටහන් කර ඇත. එය එපමන භාවිතාවක් මිනිසා වෙත ගෙනැවිත් ඇත. එලබෙන යුගයකදී මොලය ආශ්‍රිතව පවතින උපකරයක් ඔස්සේ කෙලින්ම මිනිසා එකිනෙකා යාකරන දිනයක් ගැන දැනටමත් බලාපොරොත්තු පලකරමින් සිටී.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-09-03

එලබෙන යුගය..

හදාරන්නන් තවමත් එලබෙන යුගය දෙසට හෙලන්නට කැමති වන්නේ උභතෝකෝඨික මිත්‍ර දැක්මකි. "බාහු හැකියාවේ සිට සියුම් ස්නායු හැකියාව දක්වා දෑ යාන්ත්‍රිකවීමට වඩා තත්වය සංකීර්න වනු ඇත" ඔවුන් පවසයි. මනස යාන්ත්‍රික වීමත්, එයටත් වඩා  ඒවා ජාලගතවීම ඔස්සේ නිර්මාණය වන සාමුහික විඥානය පමනක් නොව එය ස්වායන්තවීමේ අනතුර ඔවුන් විග්‍රහකරන්නට කැමති වන්නේ භීතික ආකාරයටය.
" Tharu Minisa "
- Pubudu Siriwansa
#siriwansa

2020-09-02

තරු අළු සෙලවුමක්

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. 
- Pubudu Siriwansa
#siriwansa

2020-09-01

Phygital

භෞතිකවාදයේ හා විඥානවාදයේ මායිම් ලකුනු අවසන් කරන්නා ක්‍රමයෙන් කරලියට පැමිනෙමින් තිබෙනවා. Phygital නමින් හැදින්වෙන නව ප්‍රවනතාවය සාර්ථකව ඔබගෙන් භෞතිකයක හා වර්චුවල් නිර්මිතයක සීමාව එකිනෙක සංයෝජනය කර දමනවා.
" Pariganakaya.Com "
- Pubudu Siriwansa
#siriwansa

Decentralize

එක ලක්ෂයකින් පාලනයවන තොරතුරු හැසිරවීම වෙනුවට එකගතාවය මූලික ස්වං ඒකක අනාගතයයි. 
Pubudu Siriwansa
#siriwansa

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...