2016-05-23

Windows 10 සදහා වන අවම දෘඩාංග අවශ්‍යතා වෙනස් වේ...

   Microsoft සමාගම නිවේදනය කරන්නේ තම windows 10 හි Desktop මෙන්ම Mobile සංස්කරන සදහා වන අවම අවශ්‍යතා සදහා නව සංශෝදනයක් ගෙනෙන්නට කටයුතු කර ඇති බවකි. නිෂ්පාදකයින් සදහා වඩාත් නම්‍ය අවකාශයක් ඔස්සේ තම නිෂ්පාදනයන් ගෙනෙන්නට අවකාශ සලසමින් සිදුවන මෙම නව අවමයන් යටතේ Desktop සංස්කරන සදහා 2GB අවමයක් නියමකර සිටිනවා. පෙරදී 32 , 64 Bit සංස්කරන සදහා 1,2 GB ලෙසට මෙම අවමය නියමව තිබිනි. එසේම Desktop සංස්කරන සදහා අවමතිර ප්‍රමාන අවශ්‍යතාවය අඟල් 9 සිට අඟල් හත දක්වා පහත දමන්නටද කටයුතු කොට තිබෙනවා. එසේම මොබයිල් සංස්කරන සදහා වන උපාංග වල උපරිම තිර අවශ්‍යතාවය පැවති අඟල් 7.99 ය අඟල් 9 දක්වා ඉහල දමන්නටද කටයුතු කොට තිබෙනවා. භාවිතාවේදී හමුවන නෙක අවශ්‍යතා වලට සරිලන ලෙසට මෙම නව වෙනස්කම් සහිත උපාංග පැමිනීම වඩාත් ප්‍රායෝගික වනු ඇත.
www.digilk.com

2016-05-16

නොදැනීම ඔබ මාධ්‍යවෙදියෙකු වීම හා පෙර නොකියාම නීතිය පැමිනීම....

            ...... හොඳයි මම තත්වය මේ විදිහට පැහැදිලි කරන්නම්. හිතන්න.. අපි දන්නවා මෑතකදී මේ රටේ ජනධිපතිතුමාට මෙන්ම අගමැතිතුමාට රටේ ප්‍රකට ස්වමීන් වහන්සේ නමක් හා අධිකරනය අතර ඇතිවූ ගැටලුවකට සම්බන්දව අන්තර්ජාලයට මුදා හැරපු පෞද්ගලික මට්ටමේ ප්‍රකශයක් සම්බන්දයෙන් මේ මොහොත වන විට අපේ රටේ අඪ්Eහිකරනමය ක්‍රියා වලියක් සිදු වෙමින් තිබෙනවා. මම හිතන්නේ Online ජීවිතයක් තිබෙන පමනක් නොව නොතිබෙන බොහෝ අය මේ සම්බන්දව යම් තැති ගැන්මකට ලක් වුනා. සරලව තත්වය පැහැදිලි කලොත් අන්තර්ජලය කියන්නේ නිවසේ නැතිනම් පාසැලේ වැඩිම උනත් උසස් අධයාපන ආයතනයේ බිත්ති පුවත්පතක් නොවේයි. අඩුතරමින් පුවත්පත්, ගුවන් විදිලිය විතරක් නෙමෙයි රූපවාහිනියටත් වඩා පුලුල් හා බල සම්පන්න මාධ්‍යයයක්. තවත් සමිපව තත්වය පැහැදිලි කලොත් මාධයයක් යනු කුමක්දැයි නැවත අර්ථ ‍රැගෙන එන සුලු අත්දැකීමක්. පැතිරීමේ වේගය වගේම පැතිරීමේ වපසරිය ඉතා විශාල විය හැකි අවස්ථාවක්. අන්න ඒ නිසා තමයි මම කිව්වේ "සෙට් එකක් ඇතුලේ පට්ට විදිහට ෆෝම් වෙලා දෙන ටෝක්ස් අන්තර්ජාලය තුලට ගෙනෙනට පෙර දහස් වරක් හිතන්න කියලා". ම්ගේ වෝල් එක නැතිනම් මගේ පර්සනල් ප්‍රොෆයිල් එක කියන කොට අපි මීට පෙර විඳිමින් තිබුන "මගේ" සීමාව බොහෝ සෙයින් ඉක්මවා ගිහිල්ලා. ඔබේ නිවසේ කියන පෞද්ගලික සීමාවේ පමන්ක් නොව ඔබේ කාබරය කියන අති පෞද්ගලික සීමාවේ සිට උවත් ‍රැහැනක් මගින් හෝ තරංගයක් මගින් ඔබ සම්බන්ද වන්නේ පුලුල් ලෝකයට. එහිදී ඔබව සංස්කරනය කරන්නට කවුරුත් නැති වීම නිදහසට කාරනයක් වන්නේ නැහැ. ඔබ දැන ගත යුතුයි සමාජජාලා යුගය කියන අතුරු අන්තර්ජාල යුගයේදි ඔබ කෙලින්ම මාධ්‍යවේදියෙක් වෙනවා. එපමනක් නොව ඔබ විවෘතවන අවකාශය ඔබටම සීමාකරන්නට බැරි වෙනවා. අවසනයේ ඔබව නීතියේ මෙන්ම සදාචාරයේ අවධානයට ලක්වන්නට ඇති ඉඩකඩ පිලිබදව ද අවධානයකින් කටයුතු කිරීම වැදගත් වෙනවා.
www.digilk.com

සමහර අවසර පද වෙතට පිවිමට ගතවන්නේ milliseconds ය..

      හදාරන්නන් පවසන්නේ අවසර පද වෙතට අනවසර පිවිසීමක් සිදුවීම සදහා ගතවන කාලය සමහර අවස්ථාවලදී milliseconds තරම් අඩුකාලයක් ගන්නා බවකි. විටක භාවිතාකරන්නන් තම පහසුව සදහා  ‘123456’ නැතිනම් ‘password’ වැනි සරල අවසර පද භාවිතාවේදී මෙම අනතුර පවතින බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. හදාරන්නන් උදාහරන ලෙසට පෙන්වා දෙන්නේ "abcdefg"  ලෙසට වන අවසර පදයක් යාන්ත්‍රනයක් මගින් බිඳ දමන්නට .29 මිලිසෙකන්ඩ් තරම් කාලයක් ගන්න අතර "abcdefghilk" ලෙසට වන අවසර පදයක් සදහා විශාල කාලයක් ගන්නා බවයි. මෙම හැදෑරීම සදහා  length හා character types සාධක මත සිදුව ඇති අතර ‘password’  නැතිනම්  ‘birthday’ වැනි අවසර පදයක් සදහා 0.25 Milliseconds තරම් අඩු කාලයක් ගන්නා බවට ඔවුන් පෙන්වා දෙනවා. එම හැදෑරීම් යාන්ත්‍රනයට අනූව  ‘password69’ වැනි අවසර පදයක් වෙතට අනවසර පිවිසීමක් සදහා අට වසරක් වැනි දිගු කාලයක් ගන්නා බවද පෙන්ව අතර රාජ්‍ය නායකයෙකුගේ වැනි උදාහරනයක් ලෙසට ‘malcolmturnbull’ වැනි අවසර පදයක් වෙතට පිවිසෙන්නට විශාල කාලයක් ගන්නා බවටයීම යන්ත්‍රනයට අනූව පෙන්වා දෙන්නේ.
               කෙසේ නමුත් මෙම යාන්ත්‍රනය නිර්මානය කිරීම සදහා යොද අගෙන ඇති ක්‍රම වෙදයට අමතර තවත් ආකාර එනම් ඉලක්ක වන ගිනුම් ආශ්‍රිත තොරතුරු මෙන්ම පෞද්ගලික තොරතුරු ලබා ගනිමින් භාවිතා කිරීම තුලදී මෙම ආකාරයේ හැදෑරීමකට හසු නොවන මුත් සරල අනවසර පිවිසීමකට අවශ්‍ය අවස්තාව බහුලව වන බව අමතක නොකල යුතු අතර අකුරු ඉලක්කම් හා සංකේථ වල මිශ්‍රනයක් අහඹු ලෙසට ගෙන භාවිතාකිරීම තවමත් මේ සාම්ප්‍රධායික අවසර පදයක් නිර්මානය කර ගැනීමේ දී භාවිතා කිරීම තවමත් සැලකිය යුතු  ආරක්ශාවක් ගෙනෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
www.digilk.com

2016-05-14

Petya ransomware හානිකරය වඩා දරුනු මුහුනුවරකින්...

        හදාරන්නන් පවසන්නේ Petya Ransomware හානිකරය වඩාත් දරුනු ආකාරයක් ගනිමින් නැවත සංස්කරනයක් ලෙසට භාවිතයට පැමිනෙමින් ඇති බවකි. ඔවුන් පෙන්වා දෙන්නේ වැඩි දියුනු කිරීම් කිහිපයකින් අනතුරුව master boot record මට්ටමින්ද තම හානිකර බව පතුරන්නට සූදානම්ව මේ වන විට එම නව සංස්කරනයන් පැමිනෙමින් ඇති බවකි. මින් පෙරදී සාමාන්‍ය යෙන් සිදුවූවේ එම හානිකරය පරිගනකයක් වෙතට සාර්ථකව ආක්‍රමනය වු විට එහි වන දත්ත ගොනු encrypt කරමින් යලිත් යතා තත්වයට පැමිනෙන්නට ගෙවීමකට යාමට සිදු විමය. නමුත් අලුත්ම තත්වය යටතේ පරිගනකයේ ක්‍රියාකාරීත්වයටද බදා කරන්නට සමත්වීමක් දක්නට ලැබෙන බවකි. නවතම තත්වය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ පරිගණකයේ bootloader මට්ටමින් malicious code එකක් පැමින පරිගණකය ආරම්භවිම බදා කරන්නට හෝ සම්පූර්නයෙන් නවතා දමන්නට පවා කටයුතු කරනු දැකිය හැකි බවකි. හදාරන්නන් පවසන්නේ මේ ආකාරයට සාර්ථක ආසාධනයක් සදහා User Account Control (UAC) මට්ටමේ අවසරයක් ලබා ගන්නට සිදුවන බවකි. කෙසේ වෙතත් මෙම හානිකර දියුනු කරන්නන් විසින් dubbed Mischa වැනි අමතර හානිකර ඔස්සේ භාවිතාකරන්නා වෙතට වඩාත් බාදා කරන්නට කටයුතු කරනු දැකිය හැකි බවයි. හානිකරන්නන් විසින් සාර්ථක ආසාධනයකින් අනතුරුව 1.93 bitcoins නැතිනම් US$875  ක මුදලක් ඉල්ලා සිටිනු බහුලව දැකිය හැකි අතර විටක ඊටවඩා වැඩි මිලක් ද ඉල්ලා සිටිනු දැකිය හැකි බවටයි පැහැදිලි කරන්නේ. වැඩි දුරටත් හෙලි කරන්නේ Mischa ඔස්සේ .exe ගොනුද encrypts කරන්නට කටයුතු කරනු දැකිය හැකි බවත්ය. ඊමේල් යක් ඔස්සේ පැමිනෙන දිගුවක් සංක්‍රිය කිරීමෙන් මෙම හානිකරය පරිගණකය වෙතට පැමිනීම සිදුවන අතර අනතුරුව PDF ගොනුවක්ද බාගත කරන්නට භාවිතා පොලබවනු දැකිය හැකි බවටයි පැහැදිලි කරන්නේ. මෙම ව්‍යජ PDF ගොනුව Petya  ස්ථාපනයට කායුතු කරන බවටයි පැහැදිලි කරන්නේ.
www.digilk.com

හැට හත් වන කොටස....


        මනසේ තීව්‍රතම අවකාශය අපුර්වතම මිනිස් අත්දැකීමකි. සමහර විට එය මිනිස් අවකාශයේ නිර්මානය වන අපූර්වතම අත්දැකීම විය හැක. “සහෞර්දයන් දෙදෙනෙකුගේ දෙබ...ස් අතර හඬ නොනැගෙන, වර නොනැගෙන වචන අදහස් මෙන්ම මේ කිසිවකට අයත් නැතිදෑ බොහෝය. එහෙත් ඒවා අපතේ නොයයි. දෙදෙනාම ඒවා මනාව තේරුම් ගැනීම සහෞර්ද බව යැයි කියනු ලැබේ”. අවසන් වර ආශ්‍රම සංස්චාරය ස්ථීර බවට පැවසූ දා සැදෑවේ ඇය යොමු කර තිබූ ඉලෙක්ට්‍රොනික කෙටි පනිවිඬයක් එලෙස විය. “එතකොට ඔබ යෝජනා කරන්නේ විෂය පථයකින් තොරව සටහන් ඉදිරියට යායුතු බවද? එතකොට අපි ඉදිරියට පැමිනෙන්නේ අනන්ත අවකාශයක්. අපට හැකිවේවිද මේ බුද්ධිතලය හොදින් කලමනාකරනය කරමින් අලුත් මතවාදයක් නිර්මාණය කරන්නට. මම කියන්නේ.. මිනිස්සුන්ට වඩාත් ශක්‍යතාවයක් තියෙන නව අර්ථ යෝජනා කරන්නට”. මනාව සුසරවූ මනස දෑ ග්‍රහනය කර ගන්නේ මෙන්ම විග්‍රහ කෙරෙන්නේ විදුලි වේගයනි. වසර සිය ගනනක් මිනිස් වර්ගයාගේ කායික මානසික ශක්තිය අපමනක් ඔස්සේ පිවිසෙන්නට බැරිවූ බුද්ධි අවකාශ ක්ශනයෙන් විවර වන්නේ මෙතක් කල් නිසි අවධානයකින් තොරව මුත් සිතුවිල්ලක දුරින් තිබු බව පසක් කරමිනි. ” මම හිතනවා.. කොහොමත් අපිට ඒ ඔස්සේ ආර්ථික අරමුනු නොමැති වීම විශාල ශක්ති ප්‍රමානයක් ඉතිරිකර දෙන නිසාම…”
                දිගු පා-මාවත සම්පූර්න වටයක්ම අප අවසන් කරමින් සිටී. කෙමෙන් මැකෙමින් ඇති හිරු මඬල අවසන් කෙදි දහර තුරු ගොමු මුදුනතෙහි දැවටෙන්නේ සිත් ප්‍රබෝධමත් කරන රු රටා මවමිනි. පසක වූ අසුනකට ආරාධනා කල මම ඔබ්බෙන් වූ කුඩා අවන්හලෙන් බීමට මද උනුසුම් යමක් ගෙනෙන්නට ඒ වෙතට ගොඩ උනෙමි. එහි වන සේවක මහතුන්ගේ ප්‍රබෝධමත් බව දවසේ වෙහෙසින් අඩපනකර දමන්නට නොහැකී ඇතුවා සේය. ප්‍රබෝධමත් සිනාවේ සිට ක්‍රියාකාරීත්වය දක්වා එය තවමත් සංක්‍රීයව ‍රැදී තිබීම පැමිනෙන්නන් වෙතටද මහත් සහනයකි. වරක් ඇයද මේ බව පැවසුවා මතකය.”ඔබ දන්නවාද මම මේ නගරයට වඩාත් කැමති මෙහි මිනිසුන් බොහෝ ප්‍රදේශවලට වලට වඩා ප්‍රබෝධයෙන් හැසිරෙන නිසා. සමහර වෙලාවට ඔවුන් ඉවර නොවන ශක්ති ගබඩා වාගෙයි කටයුතු කරන්නේ. මේ වාගේ මිනිසුන් හට සේවය කරන්නට ලැබීමත් මහත් ප්‍රබෝධයක්”
www.tharuminisa.com

2016-05-13

Windows 10 Mobile සදහාද Fingerprint Readers..

      උපාංගය හා භාවිතා කරන්නා අතර වඩාත් ආරක්ශිත බවක් සදහා අනන්‍යතා තහවුරුව වැදගත් ලක්ෂනයකි. පාර්ස්වර්ඩ් නැතිනම් අවසර පද තව දුරටත් වඩාත් ආරක්ශිත බව නොසැලකෙන අතර ක්‍රමයෙන් විකල්ප ක්‍රම දෙසටාවධානය යොමුවීම ඇරබිනි. ද්විත්ව ආරක්ශන ක්‍රමය (2-Step Verification) දැනට භාවිතාවන අනන්‍යතා තහවුරුවේ බහුල භාවිතාවකි. Online ආකාරයට ගිනුමකට ඇතුලු වීම සදහා මෙම ක්‍රමය මේ වන විට බහුලව භාවිතාවන අතර භාවිතාකරන්නාගේ උපාංග ජාලය අතර මෙම ක්‍රම වේදය භාවිතාවීමද දක්නට හැක.
               මේ අතර Microsoft ආයතනය පවසන්නේ තම Windows 10 Mobile සදහා පැමිනෙන Anniversary Update සමග Fingerprint සහයද වන බවයි. දැනටමත් Wndows සමග පැමිනෙන  Windows Hello වල දිගුවක් ලෙසට මෙම හැකියාව මොබයිල් සංස්කරනය සදහා එක්වන අතර මේ සදහා අවශ්‍ය වන දෘඩාංග අවශ්‍යතාවයන් වන fingerprint sensor හැකියාව දැනටමත් සමහර WINDOWS PHONE සමග සංයුත්තව පැමිනෙන අතර අනාගතයේ සුලබ අංගයක් වනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව windows 10 Mobile සමග Skype Universal app එකද,  Windows 10 උපංග අතර Text  පනිවිඬ හැකියාවද මෙන්ම 84 බිට් මොබයිල් සංස්කරනය පිලිබදවද තොරතුරු හෙලිව පවතිනවා.
www.digilk.com

2016-05-11

Windows 10 v1511 යාවත්කාලීනය පැමිනේ...


     Microasoft සමාගම තම Windows 10 සදහා වන නවතම යාවත්කාලීනයන් මේ වනවිට නිකුත් කොට තිබෙනවා.  තම cumulative update පෙලෙහි 12 වන නිකුතුව වන මෙය සමග මෙහෙයුම් පද්ධතියේ සංස්කරන අංකය Windows 10 version 1511 ලෙසට ඉහල නංවන්නට කටයුතු කරනු ලබනවා. Pc මෙන්ම Mobile සංස්කරන දෙකක් ලෙසට පැමිනෙන මෙම නිකුතුවට අනූව දෘශ්‍ය මට්ට්මේ දියුනු කිරීම හෝ නංවාග පැමිනීමක් සිදුවන නොවන අතර හඳුනා ගෙන ඇති ආසාධිත මට්ටමේ ගැටලු කිහිපයකටම පිලිසකර ගෙනෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මොබයිල් මට්ටමේ යාවත්කාලීනය සමග මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ වූ මන්ද ක්‍රියාකාරීත්වය සැකසෙන්නට නියමිත බවටයි.
               Windows 7 හා Windows 8.1 වල සිට Winsdows 10 කරා නොමිලේ පැමිනෙන්නට වන අවස්ථාව ජූලි වලදී අවසන් වන්නට නියමිත මුත් එම අයතනය පවසන්නේ දැනටමත් ඒ සදහා සුදුසුකම් ලබ ඈති මෙහෙයුම් පද්ධති සදහා මේ කල් ඉකුත්වීම බල නොපාන බවයි.  එසේම ඉදිරියේදී windows 10 සදහා වන ප්‍රධාන යාවත්කාලීනයක්ද පැමිනෙන්නට සූදානම් බවට මේ වන විට නිල ලෙසට නිවේදනය වී තිබෙනවා.
www.digilk.com

2016-05-06

Windows 10 භාවිතාවන උපාංග ප්‍රමානය මිලියන 300 ඉක්මවයි

     Microsoft ආයතනය Windows 10 නිකුතුව පැවති මෙහෙයුම් පද්ධති සම්ප්‍රධායෙන් බෙහෙවින් ඔබ්බෙන් වූ කටයුත්තක් ලෙසට සිදු කෙරිනි.  මෙහෙයුම් පද්ධතියේ හැකියා වපසරිය මෙන්ම අදාලවන උපාංග පරිසරයද වඩාත් පූර්නව හා සංක්‍රීයව තබා ගන්නට කටයුතු කර තිබිනි. වඩාත් වේගවත්, ආරක්ශිත මෙන්ම සමීප භාවිතාවක් ගෙනෙන්නට සූදානම් බවද ඔවුන්ගේ දියුනු කිරීම් අතර කැපී පෙනිනි. මේ වන විට ලොවපුරා උපාංග මිලියන 300ක පමන මෙම මෙහෙයුම් පද්ධතිය ධාවනය වෙමින් ඇති බව Microsoft ආයතනය නිවේදනය කරමින් සිටී. Pcs, tablets, phones, Xbox Ones, IoT මෙන්ම HoloLens ආදීවන සමස්ථ පරිසරයම සැලකීමේදී මෙම ගනනය පැමිනෙන බවටයි වාර්ථා වන්නේ. ආයතනය පවසන්නේ Microsoft Edge බ්‍රවුසරය සැලකීමේ භාවිතාකරන්නන් එය සමග ගතකර ඇති සමශ කාලය මිනිත්තු බිලියන 63 ඉක්මවන අතර personal digital assistant  නැතිනම් Cortana විසින් පිලිතුරු බිලියන හයකට වඩා සපයා ඇති බවටත් windows 10 සමග ක්‍රීඩා කිරීම් කාල ප්‍රමානය පැය බිලියන 9 ඉක්මවන බවත්, windows 10 සමග පැමින ඇති app පහසුකම් සමග (Photos, Groove Music, Movies & TV ) මාසුඉකව භාවිතාකරන්නන් මිලියන 144ක් ඉක්මවන බවටත් පැහැදිලි කර සිටී. මීටත් අමතරව ඔවුන් නිවේදනය කරන්නේ Windows 10 සමග සාර්ථව ඉදිරියට යමින් සිටින Universal Windows Platform apps සදහා Facebook, Instagram, Facebook Messenger; updated UWP apps from Vine, Hulu, Netflix , Twitter ඇතුලු බොහෝ පහසුකම් වෙගයෙන් Windows Store වෙතට එකතුවෙමින් තිබෙන බවයි. මෙම මෙහෙයුම් පද්ධතිය සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලිනය Windows 10 Anniversary Update නිකුතුව මෙම වසරේ සිදුවීමට නියමිතය.
www.digilk.com

Windows 10 සදහා නොමිලේ පහසුව ජූලි 29 අවසන්...

        Microsoft ආයතනය නිවේදනය කරන්නේ ජූලි 29 දිනට Windows 10 වලට Windows 7 හා windows 8.1 වල සිට නොමිලේ පැමිනෙන්නට ලැබෙන පහසුව අවසන් වනු ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ මෙදිනට පසුව windows 10 වෙතට පැමිනීමේදී ඩොලර් 110 සිට ඉහලට වන ගෙවීමකට භාවිතාකරන්නාට සිදුවනු ඇති බවයි. 2015 ජනවාරියේදී Microsoft ආයතනය windows 10 සදහා  Free Upgrade හැකියාව ලැබෙන බවට නිවේදනය කල අතර එම වසරේ ජූලි 29ය සිට එම අවස්ථාව අදාල භාවිතාකරන්නන් සදහා ලබා දෙන ලදී. එතෙත් තම මෙහෙයුම් පද්ධහ්ටි සමග පැවති සම්ප්‍රධායන් බොහොමයක් වෙනස් කරන්නට Microsoft ආයතනය කටයුතු කල අතර වේගවත් පෙර අත්හදා බැලීම් රටවක් සමග මෙහෙයුම් පද්ධතිය ඉදිරියට ගෙනෙන්නට කටයුතු කරන ලදී. නව බ්‍රවුසරයක් මෙන්ම ඩිජිටල් ඇසිස්ටන්ට් හැකියාව ඇතුලු බොහෝ දියුනු කිරීම windows 10 සමග සංයුත්ත කර එවන්නට කටයුතු කර තිබිනි.
www.digilk.com

2016-05-05

Awards & Recognition

      වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර "තොරතුරු තාක්ෂනයට" හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් "ඇකඩමින්" ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත. සමස්තයක් ලෙසට පවසන්නේ නම් බොහෝ විෂයන් අහිමි කරගත් "එය එය විසින්ම " පාලනය කර ගැනීමේ අයිතිය ‍රැකගන්නට හැකිවීම මෙම විෂය මත වන වඩාත්ම දිලිසෙන සලකුන වේ.
                  මෙවන් විසිතුරු මෙන්ම විස්මිත විෂයක් සමග කටයුතු කරන්නට හැකිවීමම අපූර්ව අවස්ථාවක් ලැබීමකි. මෙම විෂය ආරම්භවන හුදු දෘඩතලයේ සිට මිනිස් වර්ගයා වෙතටවන තීරනාත්මක ආගමික දේශපලනික මෙන්ම ආර්ථික තලයන් දක්වාම විහිද යන්නට එය සමත්ව ඇත. හුදු සරල ගනනයක සිට සමස්ථ මිනිස් වර්ගය වෙතටම එක නිමේශයකින් බලපෑම් කරන්නට හැකි ශක්‍යතාවයක් දක්වා එහි අත්පත්කර ගැනීම් ලබන්නට සමත් වෙනත් විෂයක් වේදෑයි  සැක සහිතය.
www.siriwansa.com

2016-05-04

චීන Baidu සෙයුම් යන්ත්‍රය ගැටලුවක...

    Baidu යනු චීනය මූලිකව ක්‍රියාත්මක වන භාවිතකරන්නන් මිලියන 660ක පමන අවධානය දිනා ගත් සෙවුම් යන්ත්‍රයකි. විටක Google සෙයුම් යන්ත්‍රය සමග සසඳමින් හදාරන්නන් කථා බහ කරනු ලබන මෙම search giant වෙතට පසුගියදා එල්ලවුනු චෝදනාවක් වූවේ Wei Zexi  නම් දුර්ලභ ගනයේ අපහසුතාවයකින් පෙලෙන භාවිතාකරන්නෙකු යම් සෙවීමක් ඔස්සේ තම රෝගය වෙතට පිලියම් ලබා ගැනීමේදී ඉහලින්ම වන සෙවුම් ප්‍රථිපල වෙතට වැඩි විස්වාසය තැබීම ඔස්සේ අත්හදා බැලීමේ මට්ටමේ වන ප්‍රතිකාර යක් ලබා ගැනිම ඔස්සේ මරනයට පත්වීමය. නෙක ආකාරයේ බලධරයන් විසින් මෙම සිදුවීම පිලිබදව තොරතුරු ‍රැස්කිරිම අරබා ඇති අතර ගෙවීම් ඔස්සේ වන ප්‍රථිපලයක් ලෙසට එම ආයතනය මෙම ප්‍රථිපලය තම සෙයුම් යන්ත්‍රයට එක්කලද එය ගෙවීම් ලත් දැන්වීමක් ලෙසට කියවෙන කුඩා එකතු කිරීම ඉතා කුඩාවට අදාල ප්‍රථිපලයට යටින් දැක්වීම තුලින් භාවිතාකරන්නෙකු හට නියම අවබෝධයක් නොලැබීමේ අනතුර පිලිබදව අවධානය යොමුව තිබෙනවා. සිද්ධිය ප්‍රසිද්ධියට පැමිනීමත් සමග  Nasdaq-listed shares වල 7.92% ක පහත වැටීමක් සිදුව ඇති බවට වාර්ථා වන අතර ඩොලර් බිලියන 5ක පහත වැටිමක් එක දිනක් තුල සිදුව තිබෙන බවටයි තොරතුරු හෙලි වන්නේ.
www.digilk.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...