Showing posts with label software. Show all posts
Showing posts with label software. Show all posts

2014-07-14

මෘදුකාංග සමග කල්පනාකාරීව වගකීමකින් කටයුතු කරමු!!!!

 නව පරිගණකයක් සමග හෝ නව දෘඩ තැටියක් සමග මෙන්ම භාවිතාකරමින් සිටින පරිගණකයට නැවත අලුතින් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමේදී වඩාත් සැලසුම් සහිතව සිදුකිරීම වැදගත්වේ. ඔබගේ පරිගණකය භාවිතාකරන්නට බලාපොරොත්තුවන ප්‍රධාන ඉලක්ක සිහිතබා ගනිමින් එම සැලසුම් සකස් කිරීම වැදගත් වනු ඇත. ඔබ සතුව ඇති තරම් විවිධ මෘදුකාංග අඩංගු තැටි තිබීම හා දෘඩ තැටියේ ඉඩකඩ තිබීම පමනක් මෙහිදී වැදගත් කාරනා නොවන අතර පරිගණකය සමග ඔබ කරන්නට බලාපොරොත්තුවන කාරනා පිලිබදව ප්‍රථමයෙන් සැලකිල්ලට ගත යුතුය. මෙහෙයුම් පද්ධතිය , ආරක්ශක මෘදුකාංග හා පරුගනකයේ යහ පැවත්මට සහය වන අමතර මෘදුකාංග මුලින්ම සැලකිය යුතු ලෙසට පිලි ගැනෙන අතර ප්‍රධාන ආරක්ශක මෘදුකාංගය සමග නොපැමිනෙන  අමතර ආරක්ශක අංග සදහා බාහිර මෘදුකාංග විමසා බලා තොරා ගැනීම වැදගත්වේ. firewall මෘදුකාංගයක් Spam Filter වැනි මෘදුකංගයක් ආදී ලෙසට වර්ථමාන සංකීර්න භාවිතාවෙදී බහුලව අවශ්‍යවන ආරක්ශක අංග පිලිබදව සැලකිලිමත්වීම මෙන්ම ප්‍රධාන ආරක්ශක මෘදුකාංග සමග ඒවා පැමින නැතිනම් අන්තර්ජාලය ඔස්සේ සොයා බලා නොමිලේ හෝ ගෙවීම්  කලයුතු මෘදුකාංග සංස්කරනයක් තොරා ගැනීම වැදගත් වේ. කොතරම් සහතිකකරන ලෙසට මුත් අනිසි ලෙස සංක්‍රීය කරන ලද මෘදුකාංග භාවිතය  හානියක් සදහා විවර වීමක් වන බැවින් විශේෂයෙන් ආරක්ශක මෘදුකාංග භාවිතයේදී නම් මිලදී ගත යුතු සංස්කරනයකට යා නොහැකි නම් නොමිලේ භාවිතාකල හැකි සංස්කරනයකට යාම හිතකර වනු ඇත.
         නිතර මෘදුකාංග ස්තාපනය හා අස්තාපනය එතරම් හිතකර නොවේ. ඒ සදහා හේතු රාශියකි. පලමු කොට ඔබ ස්තාපනය කරන මෘදුකාංගයක සියලුම කොටස් පසුව අස්තාපනයේදී ඉවත්ව නොයෑම සැලකිය යුතුය. ක්‍රමයෙන් පරිගණකය තුල අනවශ්‍ය මෘදු අපද්‍රව්‍ය ‍රැස් වෙන ස්තානයක් බවට පත්වන්නට පටන් ගත්විට බොහෝ ගැටලු ඇති විය හැකි අතර එම ශේශයන් අතර සංක්‍රීය මට්ටමේ කොටස් ඉතිරිවීමවඩාත් හානිකර විය හැක. පෙරදී කරන ලද සැලසුමක් ඔස්සේ තොරා ගත් මෘදුකාංග පමනක් සොයා බලා ඒවා ස්තාපනයට කටයුතු කිරීම මෙන්ම නොවැලැක්විය හැකි ලෙසට නිතරම මෙම ස්තාපන / අස්තාපන කටයුතු සිදු වන්නේ නම් එසේ මෘදුකාංගයක් අස්තාපනයේදී  වඩාත් කල්පනාකාරීව සහය වෙමින් හැකි සියලුම පාහේ අස්තාපනය කරන මෘදුකාංගයට අදාල කොටස් ඉවත්කර ගන්නට සහය වන අමතර මෘදුකාංගයක් සොයා බලා එය ස්තාපනය කර ගැනීම සැදගත් වනු ඇත. විශේෂයෙන් ආරක්ශක මෘදුකාංග අස්තාපනයේදී භාවිතයට ගතයුතු සහය මෘදුකාංග එම ආයතනයන් විසින්ම නිකුත්කරන්නට කටයුතු කරන අතර බොහෝ පිලිගත්මට්ටමේ මෘදුකාංග සමාගම්ද තම මෘදුකාංගයන් සදහා අස්තාපනයේදී භාවිතාකරන්නට සහය මෘදුකාංග නිකුත් කරන්නට කටයුතු කරන අතර එම නිෂ්පාදකයින්ගේ වෙබ් අඩවි පිරික්සීමෙන් මෙම මෘදුකාංග ලබා ගන්නට හැකි වනු ඇත.

2013-12-19

ඉදිරියේදී මිනිසුන් බලාපොරොත්තේ වන්නේ මයික්‍රසො‍ෆ්‍රා මෘදු කාංග වනුවට "මයික්‍රසොෆ්ට් පරිගණකයි" -Ballmer-

  මයික්‍රසොෆ්ට් හි CEO Steve Ballmer මහතා පසුගියදා මාධ්‍ය වෙතට ප්‍රකශකර සිටියේ තව දුරටත් තම ආයතනයෙන් භාවිතාකරන්නන් මෘදුකාංග මිලදී ගැනීමක් සිදු නොවුනු ඇති බවයි. එහිදී ඔහු පවසා සිටියේ ඉදිරියේදී භාවිතාකරන්නන්  තම ආයතනයෙන් මිලදී ගන්නේ වින්ඩෝස් පරිගණක වනු ඇති බවයි. මුලින්ම මෙහෙයුම් පද්ධති ප්‍රමුක මෘදුකාංග සමාගමක් ලෙසට තම අනන්‍යතාවය හිමිකරගෙන සිටි මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට භාන්ඬ හා සේවා ආයතනයක් ලෙසට ප්‍රථිව්‍යුහගත වෙමින් ඇති අතර වින්ඩෝස් 8 සමග Surface නමින් tablet උපාංග මොස්තර කිහිපයක්ම වෙළඳ පොලට එවන්නට කටයුතු කර ඇත.ක්‍රමයෙන් පරිගණකයක් ලෙසට වෙළඳ පොල තුල ස්ථාවර වීමේ ක්‍රමවේදය ගතකමින් සිටින එම සමාගම තම අවකාශයේ තවත් ප්‍රධාන අංගයක් වන Xbox සදහාද නව සංස්කරනයක් නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා.පසුගියදා Nokia හි හිමිත්වයක්දාත්පත් කරගන්නට කටයුතු කල මයික්‍රසොෆ්ට් ආයතනය තවදුරටත් පවතින්නට නම් ඇපල් සමාගමෙන් බොහෝ දේ ඉගන ගැනීමට ඇති බවටත් පසුගියදා විචාරනය වෙමින් තිබුනා. වර්ථමාන CEO වරයා විශ්‍රාම ගැනීමට නියමිත බවට පෙරදී කර තිබූ දින වකවානු මෙව වන විට මද වෙනසකට ලක්ව ඇති අතර ඔහු එලබෙන 2014 මුල්භාගය තෙක් ‍රැදී සිටිනු ඇති බවටයි මේ වන විට නිවේදනය වී ඇත්තේ.

2013-10-12

IE 11 සමග දෘශ්‍ය ආබාධිතයන් සදහා වැඩි සහයක්!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම 2012 දී වින්ඩෝස් 8 හදුන්වාදිමේදී ගෙනෙන ලද වැඩි දියුනු කල පහසුකම් අතර Narrator පහසුවද වන ලදී. දෘශ්‍ය අපහසුකම් ඇති භාවිතාකරන්නෙකුට පහසුවෙන් මෙහෙයුම් පදධතිය සමග කටයුතු කරන්නට එහින් සහයක් ලැබෙන ලදී. වින්ඩෝස් 8.1 නිකුතුවට සූදානම් වන මේ මොහොතේ මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ වින් 8.1 සමග එන්නට නියමිත internet explora 11 සංස්කරනය සමග ඉහත කී ආකාරයේ භාවිතාකරන්නෙකුට වඩාත් පහසුකම් ගෙනෙන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. ඒවා අතර online ආකාරයේ ලිපියක් සංස්කරනය කිරීමේදී නැතිනම් e-mailඑකක් සංස්කරනයේදී misspelled වදනක් ස්වක්‍රීයව නිවැරදිවීම ,"backspace" වැනි විධානයකදී  delete වන දෑ පිලිබදව දැනුම් දීම ආදිය වන බවටයි පවසා සිටින්නේ.එසේම 'bold' හා 'end bold' වැනි විධානයක් සදහා සහය දැක්වීම වැනි අංගයන් සමග භාවිතාකරන්නෙකුට පහසුවෙන්  formatting  හැකියාවක් ගෙනෙනු ඇති බවටයි සටහන් වන්නේ.වෙනත් භාෂාවක් English language keyboard ඇසුරින් භාවිතාකිරීමේදි ඇතිවන අපහසුතාවයන්ටද නව සහයක් EI11 සමග පැමිනෙනු ඇති බවටයි වැදි දුරටත් ඔවුන් හෙලිකර සිටින්නේ.

2013-10-04

Skype නව සංස්කරනයක් නිකුත්වේ.......

  බහුල භාවිතාවක් ඇති මෘදුකංග පහර දෙන්නන්ගේ වැඩිම ආකර්ශනයකට ලක්වන  මෘදුකාංග වේ. බොහෝ විට ඔවුන් උත්සාහ කරනුයේ අඩු වෙහෙසකින් වැඩි හානිකරයක් ලබගැනීම  වීම මීට හේතුවකි.Skype යනුද මෙවැනි ආකාරයේ ලොව පුරා බහුල භාවිතාවක් ඇති මෘදුකාංගයකි. ලොව පුරා මිලියන ගනනක් භාවිතාකරන්නන් මුදල් ගෙවන හෝ නොමිලේ ලැබෙන සේවාවක් ලෙසට ස්කයිප් දෛනිකව භාවිතා කෙරේ.එසේම පරිගණකය ඔස්සේ පමනක් නොව මොබයිල් උපකර ඔස්සේ මෙන්ම ස්මාර්ට් මට්ටමේ රූපවාහිනී යන්ත්‍ර ඔස්සේද මෙම භාවිතාව සිදුවේ.කුඩා මුදලක් ගෙවීම ඔස්සේ දුරකථන වලට ඇමතුම් ලබා ගැනීම SMS යැවීම කන්ඩායන් සාකච්චා වීඩියෝ පහසුව ද සමග පැවැත්වීම ආදී වඩාත් පහසුකම් ලබා ගත හැක. මේ වන විට skype  මෘදුකාංගයේ නව සංස්කරනයක් නිකුත්ව තිබෙනවා.භාවිතාකරනන් තමන් භාවිතාකරන මෘදුකාංග වඩාත් අලුත්ම සංස්කරන ඔස්සේ යාවත්කාලීනව තබා ගැනීම ඔවුන්ගේ ආරක්ශා සදහා වැද ගත් වනු ඇති බවටයි හදාරන්නන් නිතරම උපදෙස් දෙනු ලබන්නේ.
http://www.skype.com/go/getskype-full
http://portableapps.com/apps/internet/skype_portable
http://www.skype.com/go/getskype-macosx.dmg

2013-09-23

මයික්‍රසොෆ්ට් වෙතින් එන Cortana ලෙසට නම්වන digital assistant !!!

  ඇපල් ආයතනය මෙන්ම ගූගල් ආයතනයද භාවිතාකරන්නගේ "කටහඬ" මෙහෙයුමට ප්‍රථිචාර දක්වන තාක්ශන යාන්ත්‍රනයන් මේ වන විටත් තම සේවාවන් හෝ නිෂ්පාදනයන් සමග ඉදිරිපත් කොට තිබේ. Aple වෙතින් එන Siri මෙන්ම ගූගල් සමග එන Google Now ඒවාවේ. මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තමන්ද මෙවැනි digital assistant තාක්ශනයක් තමන්ගේ ප්‍රධාන සේවා හා භාන්ඩ සමග මුසුකරන්නට කටයුතුකරමින් සිටින බවකි. "Cortana" ලෙසට නම් වන මෙම අංගය ඉදිරියේදී තම Windows OS හා new Xbox One සමග ප්‍රමුකව පැමිනෙන්නට සැලසුම්ව වෙති බවකි.ආයතනය පවසන්නේ මෙම වසර අවසාන වන්නට පෙර මෙම පහසුව  Windows Phone 8  සමග අත්හදා බැලිමේ මට්ටමින් පැමිනෙන්නට නියමිත බවකි. භාෂා 44ක් සදහා සහය දක්වන මට්ටමින් දැනට සැලසුම් ව ඇති මෙම සේවාව ඇමරිකාව තුලදී මුලදී අත්හදා බැලෙන්නට නියමිත අතර 2014 වසර අවසානය වන විට අනෙකුත් රටවලටද එය මුදා හැරෙනු ඇති බවටයි පවසා සිටින්නේ. 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...