2014-09-30

එම අවන්හලද අපූරුම තැනකි. (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... 13)

   එම අවන්හලද අපූරුම තැනකි. සතියේ එක් දිනම් එනම් සිකුරාදාවන්හි සැදෑව එහිදී අසිරිමත් බවක් ගනී. එදිනට එම අවන්හල ආලෝකමත් වනුයේ විදුලි පහන් එලියෙන් නොවන්නේය. විවිධ ආකාර ගත් විසිතුරු ඉටිපන්දම් එලි වලින් එය ඒකාලෝකමත් කෙරේ. බි‍තෝවන් , mozart වැනි පමනක් නොව රවීශන්කර් වැනි විසිතුරු හඬ රටා මැවුම් කරුවන්ගේ නිර්මාන වලින් පැමිනෙන්නන්ගේ දෙසවන් ප්‍රබෝධමත් කරන්නට ඔවුන් කටයුතු කරයි. තවත් දිනකදී නාට්‍ය නිෂ්පාදකයෙකු තවත් විටක චිත්‍රශිල්පියෙකු  එසේත් නැතිනම් මූර්ති කරුවෙකු කැදවා පැමින ඇති අමුත්තන් සමග සංවාදයකට එහි ඉඩ සලසයි. පැමිනෙන්නන් එම දිනය හඳුන්වන්නේ මුදල් ඇත්තන්ට වඩා දැනුම ප්‍රියකරන්නන් සදහා එම ආයතනය වෙන් කරන සෑදෑවක් ලෙසටය.
                                පෙරකී ඇය සමග මා නොවරදවාම එම සැදෑවට සහභාගිවීම පුරුද්දක් කොට ගෙන තිබුනාය. සෑබෑ මිතුරන් පිලිබදව එක්තරා සාහිත්‍ය සටහනකින් මතකයට රිංගා ගෙන තිබූ කියැවුමක් සත්‍ය බව එහිදී මා හොඳින් පසක් කර ගතිමි. " සැබෑ මිතුරන් හට හෝරා ගනන් දොඩමලු වන්නට හැකිවා සේම හෝරා ගනන් එකිනෙකා නොදොඩමින් උවත් එකට කාලය ගත කරන්නට හැකිය" යන්නය. විටක අඩ අඳුරු ගන්නා මේසයන් වටා අප වාඩි වී සිටියෙමු. හෝරා ගනන් අප දොඩමලුව සිටියෙමු. නෙක විද්‍යාවන් පමනක් නොව සංගීතය , වේදිකා නාට්‍ය, වනි නෙක මාතෘකා අතර දෙබසින් ඔබ මොබ ඇවිද්දෙමු. එනමුත් කිසිදු කායික ලංවීමකට උත්සාහ නොකලෙමු. ඉඳ හිටක මතුවන එවන් හැගීමක් පවා ඉක්මවන සංහිඳියාවකට අප මිත්‍රත්වය පිවිස තිබිනි. 
                                                                                                                              Pubudu Siriwansa

අද ප්‍රථම වතාවට නිවේදනය වීමට නියමිත windows මීලග සංස්කරනය...

  ලොව බහුලතම Pcs ප්‍රමානයක් සංක්‍රියකරවන Microsoft මෙහෙයුම් පද්ධති වල මීලග ප්‍රධාන සංස්කරනයක් පිලිබදව වන පලමු නිල නිවේදනයවිම අද දිනට නියමිතව තිබෙනවා. XP වලින් පසුව ගිලිහී ගිය එක මෙහෙයුම් පද්ධතියක් වෙතට දැඩි අවධානයක් ලබා ගැනීමේ විශේෂයෙන් ආයතනික මට්ටමේදී වූ අසාර්ථකත්වය පැමිනෙන මෙම නව මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ලබා ගැනීමේ හැකියාව කෙරෙහි ආයතනයේ වැඩි අවධානයක් ඇති බවටයි තොරතුරු හෙලි කරමින් සිටින්නේ. අද දින නිවේදනය වීමට නියමිතව ඇත්තේ Technical Preview  සංස්කරනයක් වන අතර එය සමග IE 12 හා ඩිජිටල් සහයක (cortana) නොපැමිනෙනු ඇති අතර පැමිනෙන්නට නියමිත සියලු අංග සහිත සාමන්‍ය භාවිතාකරන්නන් වෙතට නිකුත්වන පෙර සංස්කරනයක් නුදුරේදීම පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. windows 8 සමග ගිලිහී ගිය Desktop මූලික බව වෙතට යලි පැමිනෙන Start menu ව Full screen ලෙසට හා Modern Screen වලට සීමාව තිබූ Modern app මෘදුකොටස් Traditional මුහුනත මතද ධාවනයට හැකිවීම ඇතුලු වෙනස් කම් කිහිපයක්ම නව සංස්කරනය සමග පැමිනෙනු ඇතිබවට දැනටමත් හෙලිව ඇති අතර මෙම සංස්කරනය 4GB ප්‍රමානයකින් මෙන්ම windows 8 සමග නොමිලේ ලබා ගත හැකි upgrade හැකියාවකින් පැමිනෙනු ඇති බවටත් බලාපොරොත්තුවක් වනවා. ආයතනය බොහෝ වෙනස් කම් වෙතට යොමුව ඇති අතර මෙහෙයුම් පද්ධති වලින් පැමිනි ලාභය වෙනුවන ඉදිරියේදී app storeව වෙතට යොමුවීම ඒ අතර වනු ඇති බවට වන අනාවැකියන්ද වනවා.

2014-09-29

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(12)

   දැනුම අපූර්ව උපකරනයකි. එහෙත් එයට පාදා දිය හැකිදෑ සීමිතය. ජීවිතයට අවශ්‍ය බොහෝ දෑ ඉන් ඔබ්බටව පවතී. ලොකු ස්වමීන්වහන්සේ දැනුම යන්න පහදා දෙන්නේ වඩාත් අපූර්ව ආකාරයට. විටක ආශ්‍රමය කරා පැමිනෙන තම දැනුම පිලිබද උඩගු වන්නන් හා වාදයට පිවිසෙන්නේ නැත. මද සිනාව උන් වහන්සේගේ වඩාත් සංකීර්න පිලිතුරක වනවාය. විටක ඔවුන් භෞතික විද්‍යාව පිලිබදව වියතුන් වන අතර තවත් විටක වෛද්‍ය විද්‍යාව පිලිබදව වියතුන්ය. ඔවුන් අතොරක් නැතිව පැහැදිලි කරන සංකීර්න කාරනා ලොකුස්වමීන් වහන්සේ බොහෝ විට ඇහුම්කන් දෙන්නේ සුපුරුදු මද සිනාව සමගය. එහි අපහාසාත්මක බවක්, උඩගු බවක් හෝ නොසලකා හැරීමක් නැතිවා වැනිය. වැඩි හිටියෙකු කුඩා දරුවෙකුගේ දගකාර හැසිරීම් දෙස මැදහත් සිතින් බලා සිටිනවා වැනිය.
                                                    ජීවිතයට හමුවූ අපූරු චරිත අතර වරක් ආසියානු අධ්‍යාන ආයතනයක සේවය කරන අතර නැවතී සිටි නේවාසිකාගාරයට ආසන්න නගරයේ පෞද්ගලික වෛද්‍ය ආයතනයකදී හමුවූ කුඩා වෛද්‍යවරිය මතකයට නැගේ. වයසින් මෙන්ම සිරුරෙන්ද සරල තරුනියකවූ ඇය අහබු ලෙසට වරක් දහවල ආහාරය සදහා නගරයේ අවන්හලක ගොඩව සිටියදී පලමුවෙන්ම හමුවිය. ඇය වඩාත් සිත් ගන්නා ලෙසට දෑ පහදා දෙන්නට සමත් එකියක වූවාය. සාමාන්‍ය වෛද්‍යවරියක ලෙසට සේවය කරමින් සිටින අතරම ඇය වැඩිදුර අධ්‍යාපනයේ නිරතව සිටින්නක වූවාය. තම විෂයෙහි වඩාත් නම්‍යව ඔබ මොබ සරමින් මා අසන ගැටලු පහදා දෙන විටක මා මනස ඉබේම ද්විත්ව ස්වරූපයක් කරා මෙහෙයවෙයි. එක් කොටසක් ඇය මාගේ විමසීම පහදන යුරු අවධානයෙන් සිටින අතර අනෙක් කොටසින් ඇය වඩාත් ලගන්නා හඬින් එම පැහැදිලි කෙරුම කරන ආකාරය වෙතට ඉබේම සමීප වේ. ඉතා වෙහෙසෙමින් තම වෘතීය අනාගතයක් ගොඩ නගාගන්නට වෙහෙසෙමින් සිටිය ඇය වෙතට මා සිත බෙහෙවින් ඇදී ගොස් තිබිනි. තම දැනුම අතර සිට නොව දැනුමට මදක් ඉහලින්වන අවකාශයක සිට දෑ දකින්නට පැහැදිලි කර දෙන්නට ඇයටවූ හැකියාව අපූරුය. මිනිස් සිරුර , මනස, ඒවායේ ස්වභාවය, ක්‍රියාත්මක වන ආකාරය විවිධ ආකාර ගත් ආසාධනයන් චතුර ලෙස පැහැලිකරමින් වටහා දෙන්නට ඇය කැමති විය. එම මිතුදම "හැදෑරිම් ප්‍රියයන් දෙදෙනෙකු"  ගේ ලෙසට හැරෙන්නට වෙනත් ආකාරයකට ඒවකට මා භාවිතාකල දින සටහන්වලට අර්ථ ගන්වා ගන්නට මට නොහැකි විය. "මිනිසුන් එකි නෙකා ප්‍රියවීමේ පදනම ඉතා සරල කායික මට්ටමේ සිට අධ්‍යත්මික මට්ටම දක්වන වන වපසරියෙහි බොහෝ නෙක පැහැ ගන්නා අවස්ථා ඇති බව " එවකට මා සටහන් කර තැබුවා මතකය. 

2014-09-26

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(11)

  මේ විසල් නුග රුකට ඔබ්බෙන් වන ශාලාව වේ පසු පසින් වන ගල්තලාව හා ඉන් අද්දරට ඇත්තේ තියුනු ප්‍රපාතයකි. ලොකු ස්වමීන් වහන්සේ බොහෝ විවේක අවස්ථා සදහා තොර ගන්නේ මෙම අවකාශයයි. ඒ ගල් තලාව මතට ගොඩ වූ විට මහත් දුරින් වන කඳු වැටි දක්වාම විහිදෙන්නේ විසල් විවෘත අවකාශයක්ය. විටක පමනක් මහත්සේ කැලෙබෙන සියතුන්ගේ හඬ හැරුනු විට අවට වන ගසකින් ගිලිහෙන තුරුපතක්  පොලොව මත ඇද වැටෙන හඬ පවා ඇසෙන තරමේ නිහඬ බව පෙර කී නිදහස් නෙතුමාන අර්ථයට වඩා බරපතල වටිනා කමක් ගෙනෙනවා වැනිය. ගබඩා බාරකරුගේ පමාව ඔස්සේ එම ගල්තලාව මත හිඳ මොහොතක් ගෙවා දමන්නට අවසර ලදිමි.
                             පෙර කී දේශක තුමාගේ දේශනයේ අවසාන භාගයේ සඳහන්වූ අපූරු සටහන් කිහිපයක් මතකට පිවිසේ. "ජීවිතේ කියන්නෙත් තොරතුරු ගොනුවක්. හරිම සංකීර්න එකක් හැබැයි. සිලිකන් මූලික ද්විත්ව වටිනාකම් ආකාරයට ගොඩනැගෙන යන්ත්‍රනයකට වඩා සංකීර්න ආකාරයට එතැනදී තොරතුරු ගබඩා වීම, යලි යලිත් සැකසීම, නැවත ලබාදීම සිදුවනවා වුවත් සරලව සලකන විට සමානකම් බොහොමයි. මට වැටහෙන ආකාරයට සසර වගෙ සංකල්ප පවා ගොඩ නැගෙන්නේ මේ විෂයට එකග ආකාරයට. දහම අපට යෝජනා කරනවා මේ අපිරිමිත තොරතුරු ‍රැස්වීම පාලනය කරන්නට කියා. දහම අපට යෝජනා කරනවා ‍රැස්ව ඇති තොරතුරු ඔස්සේ අපව නැවත නැවත මෙහෙයවෙමින්  සිදුවන ක්‍රියා වලීන් අවසන් කර දමන්නට නොපමාව කටයුතු කරන්නට කියා. බොහෝ නම්වලින් කෘතීම සීමා පනවාගන්නා දහම් සියල්ල යෝජනා කරන්නේ මෙයයි. පරිගණක විෂය තුලද අද මේ වගෙ යෝජනා "ඩිජිටල් වෙහෙස" වගේ නම් ඔස්සේ පැමිනෙනවා දකින්නට පුලුවන්. මේ දහම පිලිබදව දේශනයක් නොවන බව මම නොදන්නවා නොවේයි. ඒ වාගේම දහම හා තාක්ශනය සසදන්නට වගේ විසුලු කරනාවකට නොවෙයි මම උත්සාහ කලේ.."  නැවත ආශ්‍රමය වෙතට පැමිනෙන්නට එම දේශනය දැඩි සාධකයක් විය.  
                                                                                                        Pubudu Siriwansa

2014-09-24

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(10)

  කෙමෙන් දැඩිවන හිරු කෙඳි කාර්යාල භූමියේම මදක් දුරින් ඇති විශාල නුගරුකෙහි අතු පතරින් රිංගා යමින් මිහිතලය සිපගන්නා විට මැවෙන්නේ සිත්ගන්නා අපූරු රටාවන්ය. ගබඩා භාරකරුගේ මද පමාව ඔස්සේ මදක් එදෙසට ඇවිද යන්නට සිත පෙලබේ. පෙර කී දේශකයා තොරතුරු තාක්ශනය හා පුද්ගල හා සමාජ යාන්ත්‍රන අතර තිබූ නොහැදූරුනු අවකශය පිලිබදව වඩාත් විනිවිද යන මතවාද කිහිපයක්ම පලනුවෙන් ලොවට හෙලි කල විද්වතෙකු වූවාය. මිනිසා භාෂා අත්පත්කර ගැනීමෙන් පසුව මිනිස් වර්ගයා අත්පත්කර ගත් වඩත්ම තීරනාත්මක හැකියාව තොරතුරු තාක්ශනය බව ඔහුගේ මතය විය. විටක භාෂවටත් වඩා තියුනු ලෙස මිනිස් ජීවිත විනිවිද යමින් එය මිනිස් වර්ගයා වෙතට සේවයක් ගෙනෙනු ඇති බවට අදහස් පල කොට සිටියාය. " ඔබ ඔබගේ විෂය සීමාව ඉක්මවා යන්නෙකි"  දේශයනය අවසානයේ විමසුම් යොමුකරන අවස්ථාවේදී අපගේ විශ්වවිද්‍යාලයේම කනිෂ්ඨ ආචාර්ය වරයෙකු උපහාසාත්මකව ප්‍රශ්න කොට සිටියාය. සරල පාවහන් යුගලක් හා මද අවපැහැගැන්වුනු ඇඳුමකින් සැරසී සිටි එම දේශකයා සුපුරුදු සරල මුත් තියුනු වදන් වැලකින් පිලිතුරු දුන්නාය. "මට ඔබගේ උගත්කම් පිලිබදව වන ඔප්පු තිරප්පු වැනි හිමිකම් වලින් එතරම් තේරුමක් නැහැ. මම නිදහසේ ඇවිද යන්නෙක්. හැබැයි ඔබ මා වැරදි බව පැහැදිලි කරන හැම වාරයක් පාසාම මම ඔබට ගරු කරනවා. මන්ද ඒ හැම වාරයකදීම ජීවත් වන්නට අරමුනු ගෙන එනවා. හැබැයි ඔබතුමාට මම පෙර කීවා සේ දැනුම පිලිබදව ඔප්පු තිරප්පු වල මානය මට අදාල නැහැ. තවත් පැහැදිලි කලහොත් දැනුම හා අවබෝදය පිලිබදව මගේ මානය ඔබගේ මානයන් වලට වඩා වෙනස්. කොටින්ම ඒවා එකි නෙන හමුනොවන තරම් වෙනස්". ඔහු අපූරු මිනිසෙකි. 

2014-09-22

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(9)

 
  කාර්යාලයේ පිවිසුම් දොර‍ටුව අද්දර වූ දැව අසුනට බර දීමි. "ඔබතුමාගේ පැමිණීම මහත් සතුටක්. මට විනාඩි කිහිපයක් දෙන්න ලොකු ස්වමීන්වහසේ හමුවෙලා එන්න." කඩිසර ගමනින් යන ගබඩා පාලකතුමාට මා පැමිනි බව ලොකු ස්වමීන්වහසේ වෙතට සැලකරන්න අවශ්‍යව ඇතුවා විය යුතුය. මතක නිවැරදිනම් වසර 10ක් වැනි දිගු කලක් තිස්සේ අප කිහිප විටක්ම හමුව තිබේ. එය අපූරු බැදීමකි. මෙහි වන කිසිවෙකු අතර යැපීම් සිදු නොවේ. එකි නෙකා ප්‍රියකිරීම ඇරබෙන්නේ ඉහල තලකිනි. බර වචනයකින් පවසනවා නම් අධ්‍යාත්මික බැදීම යනු මෙය විය යුතුය.
                             "හැම තැනකම ඇත්තේ තොරතුරුය. සමහර තොරතුරු වලට ස්වභාවික ලෝකයේ මූලයන් ඇත, සමහර ඒවාට කිසි සේත්ම නැත. මිනිස් සංස්කෘති කථාන්දරය තොරතුරු හඳුනා ගැනීම හා ඒවා නිසි කලමනාකරනයට මිනිස් වර්ගයා ලත් හැකියාවේ දිගු ගමන් මගයි." වරක් අප විශ්ව විද්‍යාලයට පැමිනි ආරාධිත දේශකතුමකුගේ නිර්වචනය නැවත නැවතත් සිහියට නැගේ ."DNA අනුවක් ‍රැගෙන යන්නෙත් තොරතුරුයි. මාසිකව ඔබ ගනු දෙනු කරන බැංකුවෙන් වාර්ථාවක් එවන්නේ ඔබගේ ගිනුමෙහි සිදුවූ චලනයන්ගේ තොරතුරුයි." එය අපූරු නිර්වචනයකි. තොරතුරු තාක්ශනය පිලිබඳ විශාරදයෙකු වූ ඔහු අවසානයේ දහම ගැනද සඳහන් කරමින් තම දේශනය අවසන් කරන්නට කටයුතු කලාය. "අන්තිමට දැන් මට අවශ්‍යයි මම නම් තොරතුරු ගොනුව සැහැල්ලු කර ගන්නට. පලමුව වේගයෙන් එහි වන තොරතුරු ‍රැස්වීම අඩපන කරගන්නටත් ගබඩා වී ඇති තොරතුරු හැකි තරම් අඩුකර ගන්නටත්".
                                                                                                                              Pubudu Siriwansa


2014-09-19

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(8)

  ආශ්‍රමයේ පිවිසුම සුපුරුදු පරිදිමය. නෙතට හුරු පුරුදු එහි වන සටන් පෙලවල් එලෙසමය. ගබඩාකරුගේ කුටිය හා කාර්යාල ගොඩ නැගිල්ල කාලයෙන් වියුත්තව වෙනම කාල රටාවකට  යටත්ව සිටිනවා වැනිය. එහෙත් සුපුරුදු අපූරුවත් බව නම් අඩුවක් නොමැතිවා සේම එලෙසමය. "මිනිසුන් ජීවත් වන්නේ වෙනස තුලය" එනම් වෙනස අහිමිවන විටම මානසික වියවුලක් නැගෙන සුලුය. පුදුමයකි කිහිප විටක්ම පැමින බොහෝ කලක් ගතකල මෙම පරිසරය තවමත් පලමුදා මෙන්ම අපමන නැවුම්ය. තැන තැන වන විශාල රුක්ශයන් පවා දැහැනකට සමවැදී නතරවා සිටිනවා වැනිය. නැවත නැවතත් මනස අවදිකරවා ගෙන විමසා බලන්නට තැත් කලෙමි. සියල්ල එලෙසමය.
                                       "මහත්මයා ඔබතුමා කාලයකින්..." ගබඩාකරුගේ  සුපුරුදු කට හඬ කාර්යාලයේ දොර‍ටුව දෙසට මා අවධානය යොමු කර ගත්තාය. ඉන්දියානු වැසියෙකු මෙන් ඇඳ පැලඳ සිටියද ජර්මන් ජාතිකයෙකු වූ ඔහු ප්‍රකට විශ්වවිද්‍යාලයක පුස්ථකාලාධිපති වරයෙක්ව කාලයක් සේවය කරමින් සිටි අතර නිවාඩුවක් සදහා අහඹුලෙස ඉන්දියාවට ගිය විටකදී දහම ගැන අවදිවූ මනසක ප්‍රථිපලයක් ලෙසට මෙම ආශ්‍රමය තම අවසන් නවාතැන ලෙසට තොරා ගත්තෙකි. "මෙහි ඔබව හසුරවන්නට කිසිවෙකු නොමැත්තේය" ප්‍රධාන දොර‍ටුවේ වන සටහන සැබෑවකි. මෙහි වන ශාන්තිමත් රිද්මයවෙතට සුසර වන්නට බැරිවන පැමිනෙන්නන් අතරින් බොහෝ දෙනෙක් පිටව යන්නේ ස්වකැමැත්තෙන්මය. ගබඩාකරු  පැමින ටික කාලයකින් පූර්න කාලීන දහම වඩන්නෙක් වන්නට තමන්ට නොහැකි බව වටහා ගෙන කැමැත්තෙන්ම ගබඩාව හා කාර්යාලයේ පූර්නකාලීනව සේවයට කැමැත්ත පල කල අයෙකි. "ඔබව දකින්නට ලැබිම සතුටක්.." පවසමින් මම කාර්යලයට ගොඩ උනෙමි. " මම හිතන්නේ ඔබතුමා වඩාත්ම බලාපොරොත්තුවන  පනිවිඬයක් තිබෙනවා. ඔබගේ හිතවත් ටිබෙටියානු මිත්‍රයා ලගදී නැවත පැමිනියා. කීපවරක්ම එතුමා ඔබ ගැනත් විමසා සිටියා" සුපුරුදු කාරුනික හඩින් ඔහු පවසා සිටින්නට විය.
                                                                                                                        Pubudu Siriwansa

30දා windows 9 මෙන්ම Office 16 වලද 'Enterprise Technical Preview' නිකුත්වීමක්!!!!

  Microsoft විසින් මෙම මස 30දාට සැලසුම්කොට ඇති හමුවේදී  windows 9 පිලිබදව ප්‍රතම නිවේදනය සිදුවීමත් එහි පෙර සංස්කරනයක් නිකුත්වීමත් සිදුවන්නට නියමිත බවටයි මේ වන විට බලාපොරොත්තුව වන්නේ. ඔවුන් විසින් කාලයක් තිස්සේ ආයතනයේ අභ්‍යන්තරිකව සංවර්ධනය කරමින් සිටින බවට තොරතුරු හෙලිවෙමින් ඇති මෙම නව windows සංස්කරනය සමග windows 8 සමග ඔවුන් ගෙන් ගිලිහුනු ඩෙස්ක්ටොප් භාවිතාකරන්නන් නව සංස්කරනය වෙතට පැමිනීමේ දුර්වල වේගය යලි යතා තත්වයට පත්වනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ. දැනට මත Microsoft ආයතනය තම සමීපතම සගයන් වෙතට නව නිකුතුවේ යම් සංස්කරනයක් නිකුත් කොට ඇති අතර විටින් විට හෙලිවන තොරතුරු පවසමින් සිටින්නේ ගිලිහුනු Start මෙනුව ඇතුලු බොහෝ නව අංගයන් නව සංස්කරනයට සංයුක්තව(+ Wi-Fi Sense, + Storage Sense +Start menu, notification, virtual desktop) පැමිනෙන්නට නියමිත බවකි.
                     මේ අතර මෙම 30දා හමුව stream ආකාරයට පල නොකිරීමේ තොරතුරක්ද පවතින අතර මෙම හමුවේදී ආයතනික සංස්කරන මට්ටමේ තොරතුරු හෙලි වීම් වලට වැඩි ඉඩක් ලැබෙන බැවින් සාමන්‍ය භාවිතාකරන්නන් වෙතට වැඩි අවධානයක් නොලැබෙන බැවින් මෙම තීර්නය ගෙන ඇති බවටයි පැහැදිලි වෙන්නේ. නව පැමිනීමේදී start මෙනුවද Desktop පරිසරයට ගැලෙපෙන පරිදි වර්නය වෙනස් කර ගැනීමේ හැකියාවෙන් යුත්ත වනු ඇති බවට තොරතුරු හෙලිවන අතර භාවිතාකරන්නාහට සම්ප්‍රධායික app මෙන්ම නවapp ද එම මෙනුව ඔස්සේ අවදිකරවා ගැනීමේ හැකියාව පැමිනෙනු ඇති බවට මෙන්ම එම Modern appද  සුපුරුදු ඩෙස්ක් ටොප් පරිසරයේදී අවදි වෙමින් පෙර පැවති "Full Screen" අනිවාර්ය බව අවසන්ව තිබෙනු ඇති බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙම නිකුතුවට නුදුරුවම තවත් පෙර සංස්කරනයක් සාමන්‍ය භාවිතාකරන් ඉලක්ක කර ගනිමින් පැමිනීමේ බලපොරොත්තුවක්ද මේ වන විට පලවෙමින් ඇති අතර Office 16 වලද පෙර සංස්කරනයක් නිකුත්වීමක් පිලිබදවද මේ වන විට තොරතුරු පලවෙමින් තිබෙනවා.මෙම නිකුතුවද windows 9 මෙන්ම Technical Preview  සංස්කරනයක් ලෙසට පැමිනීමේ අවස්ථාව දැනට එලබෙන 30දාට වන තවත් බලාපොරොත්තුවක් වනවා.

Apple Watch වෙතටද නීතිමය විමසීම් ඇරබේ.....

   Apple Watch වෙතට ක්‍රමයෙන් අභියෝග පැමිනීම මෙම වන විට ඇරබී තිබෙනවා. වෙනත් භාවිතාවක් ‍රැගත් උපාංගයක් පැමින ඇති බවට එක්තරා පිලිගැනීමක් ලෙසට සලකන්නට සහිතක පතක් වැනි මෙම පැමිනීම් ඇමරිකානු කා බ්‍රිතාන්‍ය නීති අංශයන් ගෙන් වනවා. එක් ගැටලුවකදී විමසා තිබුනේ නව Apple Watch සමග පැමිනෙන  Health app වල ‍රැස්වන භාවිතාකරන්නාගේ තොරතුරු සමග කටයුතු කිරීමේ ඔහුගේ තොරතුරු වලට ලැබෙන ආරක්ශාව පිලිබඳව ගැටලුවයි. දෙවනි විමසීමට හේතුපාදකව තිබුනේ Google වල Smart Glas වලදී මෙන්ම Apple Watch පැලඳ මහමග වාහන ධාවනයේදී රියදුරාගේ අවධානය ඒ වෙතට යොමුවීමක දී මතුවිය හැකි අනතුරු දායක බව පිලිබදව වූවා.
           පසුගියදා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් Apple හි CEO වරයා ප්‍රකාශ කර සිටියේ තම ආයතනය පලමු Smart Phoneය නිකුත්කිරීමට වඩා වාඩාත් අපූරු භාවිතාවක් ගෙනෙන Smart Phone එකක ගෙනෙන්නට කටයුතු කල සේම මෙහිදීද පලමුවෙන් Smart Warch එකක ගෙනෙනවාට වඩා වෙනස්ම ආකාරයේ භාවිතාවක් ගෙනෙන හඳුන්වා දීමකට කටයුතු කල බවයි. ඔහු එහිදී පැහැදිලි කර සිටියේ තම ආයතනයේ කවදත් ස්වභාවය වූවේ යමක් පලමුවෙන්ම ගෙනෙනවාට වඩා එය වඩාත් නැවුම් අත්දැකීමක් සමග භාවිතාකරන්නා අතට පැමින වීම බවයි. එහිදී Steve Jobs පිලිබදව සදහන් කරමින් එතුම්,ආ පවසා සිටියේ තම ආයතනයේ අදටත් පදනම් DNA අනුව ඔහු බවයි.

2014-09-18

I share therefore I am....

  ........මම ඔබ සමග එකග වනවා. ඇත්තෙන්ම ගැටලුවක් තමයි අපි Internet එක බාවිතා කරනවාද නැතිනම් Internet එක ඔබව භාවිතා කරනවාද කියන එක. තවත් විදියකට ගැටලුව හඳුනාගත්තොත් Internet වල තියෙන්නේ ඔබට අවශ්‍යදේද නැතිනම් Internet විසින් ඔබව අවශ්‍ය විදිහට නැවත නිර්මානය කර ගන්නවාද කියන එක. ඇත්තෙන්ම මේ නව රටාවක්. මිනිස් සබදතා අතර මැදට පැමිනෙනවා උපකරනයක්.  ඒක විසින් පාලනය කරනවා අපව. අපේ සබදතා. අපේ අවශ්‍යතා. අපේ සිතුම් පැතුම්. සමහර විටක මම හිතනවා මගේ ජීවිතයට තොරතුරු උපාංගය පැමිනෙන කොට පොතපත , නාට්‍ය වෙදිකාව, ස්වභාවික සංගීත උපකරන වගේ දේ පැමින තිබීම වාසනාවක් උනා කියලා. ඒකට බැරිඋනා සියල්ල ඒක වන්නට. හැබැයි මම බය වෙනවා නිර්මානය වෙමින් තිබෙන ඩිජිටල් පරපුර අන්ත විදිහට සීමා වෙනවා කියලා. සියල්ලට ඉලෙක්ට්‍රොනික පිටපතක් වන්නට බැහැයි කියලා මමත් විස්වාස කරනවා. ඒත් ඒක එහෙම වන්නට හැම අතින්ම උත්සාහ කරමින් සිටිනවා. වෙළඳ ඉව ඔස්සේ පමනක් ගොඩ නැගෙන කාරනාවක් බවට තව දුරටත් මේ විෂයට ඉඩක් නොලැබේවි. මම විස්වාස කරනවා තොරතුරු උපාංග ගෙනෙන ලෝකය පැහැදිලි කෙරෙන හඳුන ගන්නා මනෝවිද්‍යා මෙන්ම සමාජවිද්‍යා විෂයන්ගේ සීග්‍ර වර්ධනයක්  නොපමාව පැමිනිය යුතුයි කියලා........
                                                                                                                                   pubudu siriwansa

2014-09-16

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(7)

මා ජීවිත කාලය තුල බොහෝ දුර ඇවිදයන්නට වරම් ලැබුවෙක්මි. කඳු මුදුනත් අතර දිවෙන ප‍ටු පා මාවත් ඔස්සේ  ඇවිදින විට දැනෙන්නේ දිව්‍ය හැගීමකි. පැහැදිලි කඳු මුදුනත් වලින් වටවූ නිම්නයන් මත්තෙන් දිවෙන මාවත් ගෙවන විට සුරක්ෂිත අපූරු සැහැල්ලුවක් ලැබෙයි. මේ හැම තැනකම ඇත්තේ ගස් වැල් හා පොලොව වුවද මේ සියල්ල මතුපිටින් බොහෝ වෙනස්කම් ඇත්තේය. කලකට ඉහතදී ආදරනීය ටිබෙටියානු මිතුරා මේ අත්දැකීම පැහැදිලි කලේ අපූරු උදාහරනයක් සමගය. "ඔබ නොදන්නවා උනාට ඔබට පෙනෙන ඔය ගස් වැල් වැලිකැට පස් ගල් පර්වත අතරින් නිරන්තරයෙන් සරන තවත් ජීවයක් තිබෙනවා. සුලග, ආලෝකය, ජලය ගලා යාම ඒ ශක්තිජීවියාව නිර්මානය කරනවා. සමහර විටක විසුලු බවක් පෙනුනද මද හෝ සංවේදී  පරිසරයේ කරන සමහර වෙනස් කම් ඔස්සේ ඔබට ඒ අත්දැකීම ලබන්නට පුලුවන් වේවි. ෆෙන්ශූයි, තයිචි වැනි බොහෝ නම් වලින් මිනිසුන් මේ රිද්මයට ලංවෙන්නට උත්සාහ කරලා තිබෙනවා..." ආශ්‍රම භුමියද එවැන්නකැයි මම සිතමි.
    කලාතුරකින් සිදුවන අපූර්ව ශක්ති සංයුතියක් මෙහි ගොනුව ඇතැයි මට හැගෙන සුලුය. ලොව නෙක බොහෝ පරිසරයන් කොතැනකදී වත් මෙවන් ශාන්තිමත් තැන්පත් පරිසරයක් මට හමුවී නොමැත්තෙමි. පලමු ආශ්‍රම ගමනේ පලමු දින දෙක තුන ගතවන විටදීම මේ ජීවිත සංචාරයේ නවා තැන වෙතට පැමිනියා වැනි හැගීමක් ඇති විය. දිගු සංසාර ගමනේ මිත්‍රයා හමුවීමක හැගීම ගෙනෙන්නට ටිබෙටියානු මිත්‍රයා සමත්විය. කදුමුනතට වන්නට වූ කුටියෙහි ගෙවූ කාලය දිව්‍ය අත්දැකීමකැයි නොසිතන්නට කිසිසේත්  බැරුවා සේය.  විටක අඟුරු කැටයකින් විටක සුසුදු වැලි තලය මත ඇගිලිතුඩකින්  ඔහු නිමවන සරල රේඛාමය සිතුවම් නෙතද, විටක ආශ්‍රම භූමියේ බටහිර බෑවුමේ පහලින් ගලා යන විශාල ගංගාව අසබට වන්නට විත් වැලි තලය මත වැතිර ඔහුගේ අපූර්ව ඉන්දියානු ශ්‍රාස්ත්‍රීය ගායනා සවනටද ගෙන ආ වින්දනීය බව එම පරිසරය තුලදීම හැරෙන්නට ලොව අන් කිසිම  තැනකදී නැවත සිදුවේවි යැයි මට විශ්වාස කල නොහැකිය. ආත්මීය දිව්‍ය අවකාශයට පිවිසෙන්නට තව ඇත්තේ පියවර කිහිපයකි. නොදැනීම පය ඉක්මන් වන බවක් දැනෙන්නට ගැනේ.
pubudu siriwansa

සැප්.30ට මාධ්‍ය හමුවක් Microsoft වෙතින් නිවේදනය වේ...

   Microsoft සමාගම මේ වන විට මීලග press eventය සැප්තැම්බර් 30 දිනට නිවේදනය කර සිටිනවා.  San Francisco වලදී පැවැත්වෙන මෙම හමුවේදී මයික්‍රසොෆ්ට් ආයතනය තම මීලග මෙහෙයුම් පද්ධතිය පිලිබදව නිල නිවේදනය මෙන්ම එහි පෙර සංස්කරනයක් නිකුත්කරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ආයතනය Windows Threshold නම් සංකේතනාමයෙන් සංවර්ධනය වෙමින් ඇති මෙම නිකුතුවේ පෙර සංස්කරනයක් මෙදිනට පැමිනෙනු ඇති බවට මේ වනවිට බලාපොරොත්තුව වෙමින් ඇති අතර එය Windows 9 ලෙසට නම් ලබමින් පැමිනෙනු ඇති බවටයි සැලවෙන්නෙ. මෙදිනම enterprise සංස්කරනය පිලිබදවත් තොරතුරු බලාපොරොත්තුවන අතර windows 8 සමග අසාර්ථකවූ විශාල ප්‍රමානයේ ආයතනයන් එය වැලද ගැනීමේ ප්‍රවනතාවය මෙම නව සංස්කරනය සමග නිවැරදි කර ගන්නට හැකි වනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ.Microsoft ආයතනය මෙම නව සංස්කරනය සැලසුම් කරද්දි විශාල පරිමානයේ අයතනයන් ගෙන් ලැබුන  feedback පිලිබදව දැඩි අවධානය කින් කටයුතු කර ඇති බවටයි තොරතුරු අනුමානනය කරමින් සිටින්නේ.
                  එල බෙන සංස්කරනය පිලිබදව මෙම වන විට නොනිලව බොහෝ තොරතුරු හෙලි වෙමින් ඇති අතර නවතම තොරතුරක් වන්නේ Wi-Fi Sense හැකියාව මෙහෙයුම් පද්ධතියටම සංයුත්ත්ව පැමිනීමට ඉඩ ඇති බවයි. නීරන්තරයෙන් හමුවන Wi-Fi hotspot  පිලිබදව තොරතුරු මතක තබා ගන්නටත්, ස්වංක්‍රීයව ඒවාට සම්බද වීමටත් පමනක් නොව Outlook.com, Skype හා Facebook  සමග ඒවා පිලිබදව තොරතුරු හිතවතුන් සමග බෙදාගන්නටත් හැකිවන ලෙසට මෙම නව සැකසුම් වනු ඇති බවටයි හෙලි වෙමින් ඇත්තේ.

2014-09-15

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය…..(3)

     කෙමෙන් දැඩිවන අඳුර පිලිසඳරට පාවඩක් සේය. අප කාගේත් ජීවිතයේ හමුව ඇති බොහෝ පිලිසඳරවල් නිමේශයන් නිමේශයට කැදවාගෙන යන්නේ වෙහෙස වෙතටය. එසේ නොවන අවස්ථාවන් කලාතුරකින් ගමුවේ. මේ එවැන්නකි.විටක ඔවුනගේ මුතුන් මිත්තන් ගැන තොරතුරුය. තව විටක වර්ථමාන සිදුවීමක්ය. අපූර්වතම දේනම් ඒවා සියල්ල සමග හුයක් මෙන් ගලායන නිමිත්තය. භාෂාව සංකේථ පද්ධතියකි. ප්‍රත්‍යක්ශතා , හැගීම් වැනි විවිධ දේ ඒවා ජීවිතයට සම්බන්ද කරයි. විටක ආසන්න ප්‍රදේශ දෙකක වෙසෙන්නන් අතර පවා මේ අතර ඇත්තේ මහත් පරස්පර තාවයකි. විටක එම සංවාදයන් සංස්කෘතික වැනි කාරනා දෙසට යොමුවන විට එම පරතරය වඩ වඩාත් දැනෙන්නට ගනී. පුදුමයකි, මේතැනදී එවන්නක් නොහැගේ. භාෂාව අභිනය ඉක්මවා ගිය සංවාදයක් මේ පෙනෙන දකින අපගේ සංවාදයට යටින් තිබෙන්නාක් වැනිය. මා වැනි ඉතා දුර බැහැර ප්‍රදේශයකින් පැමිනි අයෙකුට මෙසේ දැනීම සිත තුල විමතියක් ඇතිකරවයි.
        මා පෙර කී අසුන් වල තවත් රහසක් වෙයි. එනම් ඒවා සකස් කර ඇත්තේ දෙයාකාරයකට අසුන් ගන්නටය.එක් ආකාරයක් නම් තමා සමග අසුන්ගෙන සිටින සගයන් සමග පහසුවෙන් සංවාදයක යෙදෙන්නට හැකි වන අයුරිනි. අනිත් ආකාරයනම් එම අසුන් වල හාන්සිවන කොටස වෙනස් කිරීමෙන් පහසුවෙන් දිගා වී අහස් කුස දෙස බලන්නට හැකි වන ලෙසටය. බොහෝ දිනයන්හි පැහැදිලි අහස් කුසක් පැමිනෙන මෙම කඳුයායේ සිටින අයෙකුට විශාල කෝනයක් දක්වා දිවෙන අහස් පරාසයක් දැක ගන්නට හැකිය. ක්‍රමයෙන් පිලිසඳර නිහඬ වෙමින් අහස් කුස දෙසට තම අවධානය යොමුවීම සිදුවේ. කුඩා දරුවෙක්යු පවා නිහඬව මවු ඇකයේ සිට පවා ඒ නිහඬ අභ්‍යාසයට එකගවීම සිත් පුදුම කරවන අත් දැකීමකි. එය සමහර විටක භාවනාවක් වැන්නක් විය හැක. තවත් විටක පරම්පරාවෙන් පරම්පරාවට පැමින ඇති අධ්‍යාත්මික බැදියාවක් විය හැක.
      පෙර පැමිනි විටක දී මා මෙන්ම ආසියාතික පරිසරයකින් පැමින සිට ගබඩා භාරකරු ගම්මුන්ගේ මේ අපූරු ස්වභාවයන් පැහැදිලිකර දෙන්නට උත්සාහ කර තිබිනි. ඔවුන් දැඩි පුද්ගලත්වයකින් හෙබි අය නොවූවාය. මට සිලි‍ටු බවක් ඇති ඔවුනගේ අධ්‍යාත්මයට සමීප වීම ඉතා පහසුය. නමුත් කලපනා කාරී විය යුත්තේ අනවශ්‍ය පිවිසීම් වලට උත්සාහ නොකිරීමටය. ඔවුන් කලහාකාරී නොවෙයි. ආක්‍රමනශීලී හැසිරීම් නොපෙන්වනවා සේම ඉතා සංවේදීව ආගන්තුකයාව ගැනීමට කටයුතු කරයි. ගබඩාකරුගේ ආශ්‍රමයේ ගෙවී ගිය විසි වසරකට ආසන්න කාලය තුල මේ සංහිදියාව ආගන්තුකයෙකු විසින් ඉක්මවා ගිය එක් අවස්ථාවක් මට විස්තර කර තිබිනි. යුරෝපීය හැඩි දැඩි පුද්ගලයෙකු වූ ඔහු මෙසේ රාත්‍රියකදී ආගන්තුකයෙකුව සිටින අතර අනවශ්‍ය කලහාකාරී හැසිරීමක් පිලිබදව ඒ සිද්ධිය විය. දෑතේ ඇගිලි තුඩු වල ඉතා සරල හැසිරවීමකින් යෝධයෙකු බඳු ඔහුව අඩපන කොට ආගන්තුක කුටියේ නිදී යහන වෙතට ගෙන ග්ෆොස් දමන්නට නිවැස් හිමියා කටයුතු කොට තිබිනි.
Pubudu Siriwansa

Steve Jobs සිදුවීම නැවත සක්‍රියවීමකි Apple Watch නම් ලබන්නේ....

  තොරතුරු උපාංගයක් වඩාත් පුද්ගල ස්වභාවයට ලංකරවීම 1945 වන විට "memex" නමින් උපාංගයක් පිලිබදව දක්වමින් ලිපියක් සටහන් කරමින් Vannevar Bush විසින් යෝජනා කර සිටියක් බවට පිලිගැනේ. පුදගලයෙකු තම සියලුම communications හා information අඩංගුකරගත හැකි උපාංගයක් ලෙසට එය නම් කරන ලදී. Apple හි වර්ථමාන CEO වරයා වන cook මහතා Apple Watch හදුන්වාදීමේදී මේ බව සදහන් කරන්නට කටයුතු කලහ. පුදගලයකුගේ දෛනික ජීවිතය සමග වඩාත් සමීපව නිරන්තරයෙන් කටයුතු කරන්නට පැමිනිය යුතු උපාංගයක් වේනම් ඒ තොරතුරු උපාංගයක් වියයුතු බව නෙක විද්වතුන් බොහෝ පිරිසකගේ මතය වී තිබූ බවටයි අතීතයේ තැනින් තැනින් වන අදහස් අතර ප්‍රමුකතම අදහසක් වන්නේ.
                     මෙම මතය ප්‍රායෝගික කලවුන් අතරට Steve Jobs සිටින්නේ ඉහලින්මය. iPhone ඒ අතර වඩාත් දිලිසුම් දෙන උදාහරනය බවට අදත් පිලි ගැනේ. Apple watch යනු එම සිදුවීමේ නවතම මුහුනුවර ලෙසට විචාරනය කරන්නට ඔවුන් යලිත් කැමතිව සිටිනු දක්නට හැකිය. "කවදත් Apple උපාංග ගෙන ආ අනන්‍යබව Apple Watch සමගද මනාව පිලිබිගු වන බවටයි" ඔවුන් අවධාරනය කර සිටින්නේ. එය අනෙකුත් Smart Watch සමග සැලකීමේදී  හොඳ ස්වාධීන බවක් ‍රැගෙන විත තිබෙනවා. ඒ බව එහි පෙනුමේ සිට, භාවිතාකරන ආකාරය දක්වා පමනක් නොව එය ක්‍රියාත්මක වන ආකරය තුලද මනාව කැපී පෙනෙමින් තිබෙනවා.. ලෙසට යෝජනා වන්නේ ඒ නිසා විය යුතුය. දවසේ ආරම්භයේ සිට ඊලග දිනයේ ආරම්භය දක්වාම භවිතාකරන්නාගේ සෞක්‍ය තොරතුරු , ඔහුගේ සබදතා තොරතුරු සමග දෘශ්‍ය ලෙසට පමනක් නොව ශ්‍රව්‍ය ලෙසටද ක්‍රියාත්මක කරවා ගන්නට සුදානමින් එය පැමින තිබෙනවා.මිළදී ගැනීමකදී ආරක්ශිතව ඔබගේ නයවර පත නියෝජනය කරන්නට මෙන්ම සංචාරයකදී ඔබ ලැගුම් ගන්නා Hotel Roomයෙහි ආරක්ශිත යතුර වන්නටත් සූදානම්ව පැමින තිබීම අනාගතයේ එය වර්ධනය වියහැකි හැකියා සීමාව බොහෝ විශාල විය හැකි බවට හඟවමින් සිටිනවා.

2014-09-14

windows 9 සාර්ථක මෙහෙයුම් පද්ධතියක් වනු ඇති බවට විචාරනය වෙමින් ඇත.....

  මෙම මස අග වන විටදී Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති නිකුතුවන්හි මීලග ප්‍රධාන සංස්කරනයේ පෙර නිකුතුවක් ගෙනෙනු ඇති බවට මේ වන විට දැඩි බලාපොරොත්තුවක් හදාරන්නන් අතර පවතින අතර දැනටමත් එම ආයතනය තම මීලග නිකුතුවේ පෙර සංස්කරනයක් ඔවුන්ගේ සහය ආයතනයන් වෙතට නිකුත්කර ඇති බවට හෙලිවෙමින් තිබෙනවා. එසේම විටින් විට අන්තර්ජාලය වෙතට එම නිකුතුවේ යැයි සැක කල හැකි ආකාරයේ ඡායා හෝ වීඩියෝ සටහන්ද පැමිනෙමින් තිබෙනවා. 
           ඒවා හෙලිකරන තොරතුරු වලට අනූව දැනට windows phones වලට පැමින ඇති ඩිජිටල් සහකරුවා වන Cortana පහසුවද නව IE 12 සංස්කරනයක් ගැනද නව Start menu  ව ගැනද තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. මීට අමතරව පසුගියකාලයේ windows phone 8.1 සදහා පැමිනි  notification center පහසුව පිලිබදවද මේ වන විට තොරතුරු අන්තර්ජාලය වෙතට පැමිනෙමින් තිබෙනවා. භාවිතාකරන්නා හට වැදගත් වන app හා මෙහෙයුම් පද්ධතියේ තොරතුරු විටින් විට මෙම කවුලුව ඔස්සේ පැමිනෙන්න නියමිත අතර එය ටාස්ක් බාරයේ notification area වල සිට අවශ්‍ය අවස්ථාවලදී අවදියට සූදානමින් සිටිනු ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. පලවන නවතම තොරතුරු හෙලි කරන්නේ  Windows Phone 8.1 සදහ මෑතකදී පැමිනි Storage Sense හැකියාවද මෙම නිකුතුවට සංයුක්තව පැමිනෙනු ඇති බවයි. පහසුවෙන් භාවිතාකරන්නෙකුට තම Disk Spaceය කලමනා කරනය කරගන්නට එය සහය වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ. මීට ඉහතදී හෙලිව ඇති  virtual desktops සමග භාවිතාකරන්නෙකුට පහසු desktop හැසිරවීමක් ද මෙම නිකුතුව සමග බලාපොරොත්තුවන බවටයි හෙලි වන්නේ.බොහෝ විචාරකයන් වින්ඩෝස් 9 පිලිබදව වැඩි බලාපොරොත්තුවක් තබා ඇති බවට හෙලි වන අතර දැනට වඩාත් ප්‍රචලිත windows 7 සදහා සාර්ථක විකල්පයක් වනු ඇති බවට බලාපොරොත්තු පලකරමින් සිටිනවා.

2014-09-11

windows 7 සදහා Mainstream සහය 2015 ජනවාරි අවසන් වනවා!!!!!

  "...... හොඳයි ඔය කාරනාව අපි මේ විදිහට පැහැදිලි කර ගනිමු.  මෙහෙයුම් පද්ධතියක් කියන්නේ නතරවුනු නැතිනම් අවසන් වුනු කාරනාවක් වන්නේ නැහැ. අදාල ආයතනයට නිරන්තරයෙන්ම එය අලුතින් පැමිනෙන හානිකරයන් ගෙන් ආරක්ශා කරගන්නට මෙන්ම පැමිනෙන නව තාක්ශනික ප්‍රවනතාත් සමග දියුනු කරන්නට සිදු වෙනවා. මොකද මෙහෙයුම් පද්ධතියක් ඔස්සේ පනගැන්වෙන පරිගණකයක් කියන්නේ සාමාන්‍ය මිනිස් භාවිතාකරන්නන් අතර තීරනාත්මක්ව තිබෙන්නක්. ඒක එයාගේ පෞද්ගලික, වෘතීය, සෞක්‍ය වැනි බොහෝ කාරනාවලදී වැදගත් කාර්යභාරයක් ඉ‍ටුකර දෙනවා.අපි දන්නවා ලොකයේ සිටින්නේ යහපත් අරමුනුම නිරන්තරයෙන් දරනා අයම නොවේ කියලා. ඉතින් ඔවුන් නිතරම උත්සාහ කරනවා මෙම පෞද්ගලික හෝ වෘතීය භාවිතාවන්ට අනවසරව පිවිසිලා තොරතුරු සොරා ගන්නට , තොරතුරු වෙනස් කරන්නට වගේ දෙවල් කරන්නට. ඔවුන් ඒ සදහා යොදාගන්නේ මෙම මෙහෙයුම් පද්ධතිවල තිබෙනා දුර්වලතාවීම සාමාන්‍ය අත්දැකීමක්. ඒනිසා තමයි මෙම මෙහෙයුම් පද්ධති නිකුත්කරන සමාගම් වලට නිරන්තරයෙන්ම අවධානයෙන් සිට නව පිලිසකරයන් නිකුත්කරන්නට වන්නේ. 
           මෙතැනදී Microsoft සමාගම නිවේදනය කරලා තිබෙන්නේ 2015 ජනවාරී මාසය වන විට windows 7 සදහා තම ආයතනය ලබා දෙන Mainstream මට්ටමේ සහය අවසන් කරන්නට නියමිත බවයි. ඒ කියන්නේ මේ දිනෙන් පසුව මෙම ආයතනය windows 7 සදහා නව අංගයන් නිකුත්කිරීම මෙන්ම තිබෙන ඒවා වැඩි දියුනු කිරීම සදහා කටයුතු නොකරන බවයි. ඊට පසුව එලබෙන්නේ Extended සහය කාලය වන අතර එය 2020 ජනවාරි මාසය දක්වා පවතිනව. එම කාලය තුලදී අරක්ශක යාවත්කාලීනයන් එනම් මෙහෙයුම් පද්ධතියේ හදුනා ගන්නා දුර්වලතා සදහා පමනක් යාවත්කාලීන නිකුත් කරන්නට පටන් ගන්නවා. සරලව තත්වය පැහැදිලි කලොත් නව පරිගණකයක් මිළ දී ගැනීමකදී එහි භාවිතාව ඉදිරි වසර පහට වඩා සැලසුම්ව තිබෙනවා නම් දෙවරක් සිතිය යුතු වනවා. එසේම කියන්නට ඔනේ 2023 වන විට windows 8 සදහාද Extended සහය අවසන් කරන්නට දැනට සැලසුම්ව ඇති බව...

2014-09-10

Appple වෙතින් නව නිකුතූන් පැමිනීම ඊයේ සිදුවූවා......

  ගෙවී ගිය දිනයේදී ඇපල් ආයතනය තම නිෂ්පාදන දෙකක් නිවේදනය කරන්නට කටයුතු කරනු ලැබුවා. ඉන් එකක් තොරතුරු භාවිතාවට නව මුහුනුවරක් ගෙනෙනු ලැබූ  iPhone නිකුතු පෙලෙහි නව නිකුතුවක් වූ  iPhone 6 වන අතර අනෙක වන්නේ මහත් කාලයක් තිස්සේ කථා බහට ලක්වෙමින් තිබූ Apple වෙතින් පැමිනෙතැයි බලාපොරොත්තුවූ wearable device එක වූ  Apple Watch පැමිනීමයි. iPhone නිකුතුව දෙයාකරව පැමින තිබූ අතර iPhone 6 හා iPhone6 Plus ලෙසට ඒවා දැක්වූවා. LTE සහය සමග පැමිනෙන මෙම නිකුතූන් 64-bit Apple A8 chip වලින් සමන්විතව තිබෙන අතර 20nm තාක්ශනයේ සහයෙන් නිපදවී ඇති මෙවා සමග 25% CPU power දියුනු කිරීමක් හා 50%ක GPU power දියුනුවක් වන බවටයි නිවේදනය වූවේ.  NFC payments හැකියාව, onboard barometer හැකියාව වැනි බොහෝ අංගයන් ගෙන් සමන්විතව පැමිනෙනමෙම නිකුතූන් ඩොලර් 199ක සිට ඉහලට මිලැතිව මෙම වසර අවසානයේ සිට වෙළඳ පොලට පැමිනෙනු ඇති බවටයි පැවසුනේ.
           මෙම දිනයේ වඩාත් සිත් ගන්නා සුලු සිදුවීම වූවේ බොහෝ කලක් තිස්සේ විවිධ නොනිල තොරතුරු පලවෙමින් තිබූ Apple Watch නිකුතුවද නිවේදනය වීමයි. සාමන්‍ය ආකාරයට smart phoneයේ සහයක යෙක් වෙමින් පමනක් පැමිනෙන smart watch නිකුතූන් ගෙන් වෙනස් මගක් ගනිමින් පැමින ඇති මෙම නිකුතුව සමග පහසු charger හැකියාවේ සිට උපාංගය මෙහෙයවන ආකාරය දක්වා බොහෝ වෙනස් කම් ‍රැගෙන විත් ඇති බවටයි නිවේදනය වූවේ.මෙහි පසුපස වන sensors සමග භාවිතාකරන්නාගේ  heart rate කියවීමේ හැකියාව සමග හැකියාවන් කිහිපයක් ඇති අතර Accelerometers මෙන්ම GPS   සමග පැමිනෙන දත්ත වඩාත් කාර්යක්ශමව යොදා ගන්නට සහය වන app වලින්ද සමන්විතව එය පැමින ඇති බවටයි සටහන් වූවේ. Siri සහය Maps සහය සංයුත්තව පැමින ඇති මෙම නිකුතුව සමග new messaging service එකක් වන අතර එය සමග පහසුවෙන් අනෙකුත් watch භාවිතාකරන්නන් සමග පහසුවෙන් තොරතුරු හුවමාරු කර ගත හැකි බවටයි නිවේදනය වූවේ. $349 සිට ඉහලට වන මිල සමග 2015 මුල් භාගයේ සිට වෙළඳ පොලට පැමිනෙන මෙම නිකුතුව භාවිතාකරන්නා වෙතට නව අත්දැකීම් රාශියකින් සමන්විත බවට නිවේදනය වනවා.

2014-09-08

තොරතුරු තාක්ශනයේ මහිමය නව ලෝක රටාවකට ඇරයුම් කරමින් සිටිනවා...

  ....එලබෙන අනාගතය ගමන් කරන්නේ නව දිසාවකට බවටයි හදාරන්නන් නැවත නැවතත් පැහැදිලි කරන්නේ. තොරතුරු තාක්ශනයට හැකි වෙනවා නව ලෝක රටවක් ගොඩ නගන්නට. පෙර තොරතුරු යුගයේදී මුහුද, කඳු සිකර හඳුනාගනු ලැබුවේ තරනය කල නොහැකි නැතිනම් සාමන්‍ය ජීවිතය පාලනය කරවන විශේෂ අවස්ථාවන් හා උපංක්‍රම ඔස්සේ පමනක් ජය ගතහැකි බාදක ලෙසටයි. තොරතුරු තාක්ශනයට හැකි වනවා මේ සීමාවන් දෛනික ජීවිතයේදී තව දුරටත් වලංගු නොවන බවට සාදධනය කර සිටින්න. අපි දන්නවා ද්විමානීයව එන සුපැහැදිලි දසුන්ද සමග දුරබැහැරක වෙසේන් හිතවතෙකු සමග සජීවීව සංවාදයක යෙදීම අදවන විට සරල අත්දැකීමක් බව. Bitcoin වැනි පූර්න ඩිජිටල් මුදල් ක්‍රම රජයන් හා දේශපාලනික සීමාවන් වලින් තොරව ණාබ්ඩ හා සේවා හුවමාරුව විශ්ව සම්මතයයකට ගෙනෙමින් තිබෙනවා.
  තොරතුරු යුගයේ යොවුන් වියේදී ක්‍රමයෙන් තොරතුරු උපාංගයට වන බැදීම ලිහිල්කර දමන්නට අවශ්‍යව ඇති බවටයි දක්නට ලැබෙන්නේ. windows 8 සමග Microsoft ආයතනය පැවසුවේ "ඔබගේ මෙහෙයුම් පද්ධති අනන්‍යතාවය " ඔවුන්නගේ ක්ලවුඩ් හැකියාව ඔස්සේ හබා එන බවටයි. පැමිනෙන්නට නියමිත ඩිජිටල් සහයකයා තත්වය තවත් සරල කරමින් පලඳින මට්ටමේ සරල උපකරනයක් සමග ශ්‍රව්‍ය බව ප්‍රමුක සබඳතාවයක් ඔස්සේ ඔබ සමග එනු ඇති බවට මේ වන විටත් පැහැදිලි කරමින් සිටිනවා.  Apple ආයතනය තම ස්මාර්ට් පලඳින ඔරලෝසුව ගෙනෙන්නේ වඩාත් නව අත්දැකීමක් වන බවට පවසමින් සූදානම් වන ලෙසට මේ වන විටත් ඉගිකොට තිබෙනවා. 
                             ලෝක මට්ටමේ බුද්ධිමතෙකු දක්වා සිටින්නේ ඇසේ පලඳින සියුම් කාචයක් අන්තර්ජාලය පමනක් නොව බොහෝ සංකීර්න පරිගණක භාවිතාවන් සරල ලෙසට ජීවිතය මතට ගෙනෙනට සූදානම් වෙමින් ඇති බවයි. ඔහු යෝජනාකර සිටින්නේ පුද්ගලයකුගේ තොරතුරු ජීවිතය ඇසක පලඳින සියුම් කාචයක් බවට පත්වීම තොරතුරු යුගයේ තවත් එක් පරිච්චේදයක් වනු ඇති බවටයි. පරිගණකයේ තීරනාත්මක සිලිකන් සීමාව ඉක්මවා යාම සමග මිනිස් කථාන්දරය නැවත ලිවීමක් වනු ඇති බවට ඔහු නවැකි පවසා සිටිනවා(තොරතුරු තාක්ශනයේ නව ප්‍රවනතා ශ්‍රව්‍ය දෘශ්‍ය සටහනේන් උපුටා ගැනීමකි)....

2014-09-06

PC ආසන්න හැකියාවක් Tablet වෙතට ගෙනෙන Core M chips එලබෙන වසරේ....

  බර්ලින් වල පසුගියදා පැවති IFA trade show වලදී නිවේදනය වූ කාරනා අතරට Core M chips කැපී පෙනෙන සටහනක් වූවාය. tablets, hybrids උපාංග වෙතට PC හැකියාව ආසන්න කරන්නට සමත්වනු ඇති බවට පැවසුනු මෙම අඩු බල වැයක්(4.5 watts) , වැඩි වේගයක් එනම් 800MHz ක් ටැබ්ලට් පරිසරයේදී හා 2.6GHz  ක් PC පරිසරයේදී ගෙනෙන මෙහි නිමැවුම ඉතා සිහින් (paper-thin prototype) නිමැවුමද නිවේදනය වූවා. මෙම අඩු බල වැයට හා සිහින් බවට ප්‍රදාන සාධකය වූවේ 14-nanometer තාක්ශනය යටතේ වන නිමැවුමක් ලෙසට එය පැමිනෙන නිසා බවටයි හෙලි වූයේ. වැඩි දුරටත් පැවසෙන පරිදි full-fledged laptops මට්ටමේ fifth-generation Core processor එලබෙන වසරේදී වෙළඳ පොලට පැමිනීමේ හැකියාව සදහන් වූ අතර Wi-Fi වටට වඩා වේගවත් Intel දියුනු කිරීමක් WiGig ලෙසින් ලැප්ටොප් එකක් සදහා කීබෝර්ඩ්, මවුස් ආදිය සම්බන්ද කල හැකි wirelessly connect තාක්ශනයක පැමිනීමත් නිවේදනය වූවේ එලබෙන වසර ආරම්භයේදී වෙළඳ පොල වෙතට පැමිනීමේ බලාපොරොත්තුවද සමගයි.

2014-09-03

"....නැහැ, මම හිතන්නේ මම අදහස් කරපුදේ ඔබ වැරදියට තේරුම් අරන් වගේ.....

  "....නැහැ, මම හිතන්නේ මම අදහස් කරපුදේ ඔබ වැරදියට තේරුම් අරන් වගේ ස්වභාවයක් මට දැනෙනවා. මම අදහස් කරන්නේ අපිට සිදුවුනා කෘෂියුගයට වඩා සංවේදී වෙච්ච මිනිසෙක් කාර්මික යුගයේදී. අවශ්‍ය වුනා වැඩි විනයක් හා සීරුවට වැඩකරන අයෙක් පෙර යුගයට වඩා. මොකද පෙර යුයට සාපේක්ශව සලකන විට සාමාන්‍ය මිනිසා වඩාත් බල සම්පන්නයි. සරලව කිව්වොත් ඔහුගේ කුඩා චලනයකට සිදුකලහැකි බලපෑම වැඩි උනා පෙර යුගයට වඩා. මම කියන්නේ සමාජයට වගෙම පරිසරයට පවා.  තොරතුරු යුගයේදී තත්වය යලිත් වඩාත් සංකීර්න වනවා. සංකේතාත්මකව කිව්වොත් මේ යුගයේදී හැකිවෙනවා ස්පර්ශක තිරයකට කරන එක් ස්පර්ශයකින් දියුනු මට්ටමේ නගරයකටම විදුලි සැපයුම අඩපන කරන්නට සමහර විට සනිපාඅරක්ශක පද්ධති අක්‍රිය කර දමන්නට. මම විස්වාස කරනවා මේ නිසාම මිනිසුන් තේරුම් ගත යුතුයි තමන් වඩාත් බලසම්පන්නය ඒ නිසාම තමන්ගේ කුඩා හැසිරීමකට පවා සැහෙන බලපෑමක් සිදුවිය හැකිය යන නිසා  වඩාත් කල්පනකාරීවීම වැදගත්ය යන්න පිලිගන්නට. එහෙම නැතිව අධි සුචරිතවාදී මනෝකල්පිත සමාජයක් ගැන නොවේ මම අදහස් කලේ...." 

vista Vs win7 සිදුවීම නැවත වන්නේ Win8 Vs Win9 ලෙසටද???

  ලොව පුරා බිලියන ගනනකගේ දත්ත භාවිතාවට බලපෑමක් කල හැකි  නව මෙහෙයුම් පද්ධතියක පෙර සංස්කරනයක් පැමිනීම බොහෝ දෙනාගේ අවධානය ලබා සිටින කාරනාවකි. එය ගෙනෙනු ඇත්තේ මොවැනි වෙනස්කම්ද යන්න ඔවුන් විවිධ ආකාරයේ පෙර නිගමන පලකරමින් සිටිනුද දැකිය හැක. මෙම මාසයේ අවසන් භාගයේදී සිදුවෙතැයි බලපොරොත්තුවන එම නිකුතුව සමග Cortana නම් ඩිජිටල් සහයක් පැමිනීම මෙන්ම virtual desktops භාවිතාවක් පැමිනීමක් ගැනද තොරතුරු නිරාවරනය වෙමින් ඇත. තවත් දෙසකින් වින්ඩෝස් 8 සමග ගත් තීරනාත්මක හැරවුමක් වූ Charms bar නම් ස්පර්ශක මිත්‍ර භාවිතාවට ඇලයුම් කරන අංගය අනවශ්‍ය අවකාශයක සිටීම තවදුරටත් අදාල නොවන බවට එකග වෙමින් නව නිකුතුවත් සමග ඉවත්කරන්නට ගත් තීර්නයක් පිලිබදවද තොරතුරු හෙලි වනවා. ඒ අනූව Desktop භාවිතාවෙන් ඉවත්වන එය Tablet සංස්කරන සමග තව දුරටත් පවතිනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. hybrid ආකාරයේ භාවිතාවකදී (Surface Tablet) එහි අවශ්‍ය හා අනවශ්‍ය වන අවස්ථාවල් අනූව තත්වය කෙසේ වෙනු ඇද්ද යන්න හදාරන්නන්ගේ අවධානය යෙමුව ඇති තවත් අංගයකි.

2014-09-01

එලබෙන යුගයේදී ඔබව සොරකම් කිරීමද වඩාත් පහසු වෙනු ඇති බවට.......

  එය යුගයක්ම තම නමින් නම් කරවා ගන්නට තරමේ අපූරත්වයක් ගෙන ආ විෂයක් වූවාය. විද්වතුන්ට අනූව එය මිනිස් මනසේ දිගුවක ලෙසට හැදින්වේ. එනම් මිනිස් මනසේ යම් හැකියාවන් වල දිගුවක ලෙසට භාවිතයක් ‍රැගෙන ආ විෂයක් ලෙසට පිලි ගැනින. 3D Printing නැතිනම්  Digital Assistant ඔස්සේ එහි පදනම වූ තොරතුරු කලමානාකාර හැකියාවට නව මුහුනු වරක් මේ වන විට එක්කරමින් සිටී. තොරතුරු තාක්ශනය සාමාන්‍ය මිනිස් භාවිතාවන්ට පැමිනි කාලයේ වූ Desktop Publishing වැනි හැකියාවන් හා සැසදෙද්දී එවා ‍රැගෙන එන්නේ තවත් තීරනාත්මක හැරවුමකි.
                              නිෂ්පාදනාගාරය  වඩාත් තීර්නාත්මක වන යුගය ක්‍රමයෙන් පසුකර දමන්නට 3D Printing හැකියාව පෙර සටහන් ගෙනෙමින් ඇත. සරලව තත්වය පහදා දෙන්නේ නිර්මාන කරුවාගේ අයිතියට යටත්ව අන්තර්ජාලය ඔස්සේ විසිදුරු බඳුනක සිට සංකීර්න උපකරනයක් දක්වා මිළ දි ගත හැකි යුගය හෙට පැමිනෙනු ඇත. දුරබැහැර දේශයක වන අයෙකුගේ හෝ ආයතනයක නිමැවුමක මිළදී ගත් සැලසුම ඔස්සේ එය මුද්‍රනය කරවාගන්නට ඔබට අසලතම වන නගරයක වන සංකීර්න 3D මුද්‍රනාලයකට යන්නට වන්නේ ඔබගේ ගෘහ මුද්‍රන යන්ත්‍රයේ එය මුද්‍රනය කරගන්නට පහසුකම් මදිනම් පමනක් වනවා ඇත. එසේම වඩාත් පෞද්ගලික තොරතුරු සෙවුමකට(Search) මෙන්ම බෙදාහදා ගැනීමකට(Share) Digital Assistant සහය වන්නේ බර පතල තොරතුරු භාවිතාවක් සදහා වු බරපතල උපාංග භාවිතාවට නැවතීමේ තිත තබමිනි. පසුගියදා Intel ආයතනය නිවේදනය කර සිටිහ්යේ තව දුරටත් Wi-Fi හැකියාවකට සීමා වෙමින් භාවිතාකරන්නාගේ ජංගම දුරකථනයේ සහය පතන Smart Watch වැනි පලඳින ආකාරයේ උපකරන වලට නිදහස ගෙනෙමින් ශක්තිමත් මට්ටමක සබදතාවක් ගෙනෙන 3G සබඳතාවක් සදහා කිඩා කාසියක ඉඩකඩක් පමනක් අවශ්‍ය වනු ඇති බවය.බොහෝ උදාහරන සටහන් වෙමින් ඇත.හෙට දිනයේදී ඩිජිටල් පුරවැසියා තොරතුරු අවකාශය භුක්තිවිඳින අකාරය වඩාත් පුලුල් සැහැල්ලු මුහුනුවරක් ගන්නා බවට නෙක පොරොන්දු පැමිනෙමින් ඇත. 
                                 තවත් පසකින් පැවසෙන්නේ Mega Breach වසර ලෙසට පසුගිය වසර තමන් නම්කරන බවට පවසමින් වාර්ෂික තොරතුරු ලෝකයේ තත්වය විග්‍රහ කරන ආරක්ශක වාර්ථාව නිකුත් කරමින් Symantec වාර්ථාව වැනි සමාලොචනයන් පැමිනීමය. එලබෙන යුගයේදී ඔබව සොරකම් කිරීමද වඩාත් පහසු වෙනු ඇති බවට හදාරන්නන් සරලව මෙම තත්වය පහදයි. තොරතුරු ගොනු බවට පත්වන ආර්තිකය , වෙළඳ  උපකරන මෙන්ම සේවා වඩා පහසුවෙන් නිරාවරනය වන සුලු බව ඔවුනගේ යෝජනාවයි.

Apple6 සමග NFC ආකාරයේ new payment service එකක්!!!

  දින කිහිපයකට පෙර Apple ආයතනය මාධ්‍ය හමුවක් කැදවමින් පවසා සිටියේ iPhone6 මෙන්ම iWatch නිවේදනය කිරීම නුදුරේදීම සිදුවන්නට නියමිත බවකි. නව උපාංග සංස්කරන සමග පැමිනෙන්නට නියමිත නව අංගයන් පිලිබඳව විවිධ අදහස් පලවෙමින් පවතින අතර iPhone6 සමග NFC සහයය ඔස්සේ new payment service එකක පිලිබදව තොරතුරු හෙලි වෙමින් තිබේ. American Express මෙන්ම Cupertino company වැනි ආයතනයන් වෙතින් දැනට මත් එකගතාවය පලවෙමින් ඇති මෙම නව සේවාව ඔස්සේ භාවිතාකරන්නෙකුට තම නයවර පත වෙනුවට පහසුවෙන් භාවිතාවක් ගෙනෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ. Phoneය වෙතටම සම්බන්දව පැමිනෙනමෙම NFC හැකියාව ඔස්සේ  POS terminalයක් වෙතට ලංකිරීමෙන් පමනක් තම ගෙවීම් සිදුකරන්නට හැකිවනු ඇති බවට විස්තර කෙරෙනවා. මෙම payment platform ය භාවිතාකරන්නන් අතර වඩාත් ප්‍රචලිතවනු ඇති බවට අනාවැකි පලවෙමින් තිබෙනුද දක්නට ලැබෙනවා. එලබෙන Tuesday වටල සැලසුම්ව ඇති ඇපල් මාධ්‍ය හමුවේදී මේ පිලිබදව වැඩි දුර තොරතුරු නිවේදනය වනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...