Showing posts with label Game. Show all posts
Showing posts with label Game. Show all posts

2013-12-14

Steam OS වල පලමු බීටාව නිකුත්වෙයි!!

  පසුගිය දිනවල පොරොන්දු වූ පරිදි Valve ආයතනය මේ වන විට Steam OS හි පලමු Public Beta සංස්කරනය නිකුත්කොට ඇති බවටයි නිවේදනය වන්නේ. භාවිතාකරන්නාගේ නිවසේ විසිත්ත කාබරය ඉලක්ක කොට ගෙන නිකුත්වන Linux මූලික පරිගණක ක්‍රීඩා සදහා මිත්‍ර මෙම මෙහෙයුම් පද්ධතිය විවෘත ගනයේ එකක් ලෙසටයි ශ්‍රේනිගතව ඇත්තේ. Debian Linux software මූලිකව නිර්මානය කර ඇති මෙම මෘදුකාංගය  Linux-based Steam games ධාවනයට අමතරව  Linux applications සදහාද සහය දක්වනු ඇති බවටයි පැවසෙන්නේ. මෙහි ධාවනය සදහා intel හා AMD වල 64bit ප්‍රොසෙසරයක් සමග 4GB තාවකාලික මතකයක්, 500GB ගබඩා හැකියාවක් USB සබදතාවයක් මූලිකව අවශ්‍ය වනු ඇති බවටයි සටහන් වන්නේ. කෙසේ වෙතත් එම ආයතනය අවධාරනය කරන්නේ මෙම පලමු සංස්කරනය ස්ථාපනය සදහා වඩාත් පලපුරුදු භවිතාකරන්නන් සදහා වඩාත් උචිතවනු ඇති බවයි. මෙහි අවසන් සංස්කරනයක් එලබෙන වසර තුලදී පැමිනීමට ඉඩ ඇති බවටයි මේ වන විට බලාපොරොත්තුව වන්නේ.

2013-11-24

xbox one අලවිය පලමු පැය24 තුල මිලියනය ඉක්මවයි!!!

  මයික්‍රසොෆ්ට් සමාගම තම නව Xbox One console ය මේ වන විට නිකුත්කර ඇති අතර එය මයික්‍රසොෆ්ට් සමගමේ Xbox සංස්කරන සංස්කරන නිකුතූන් අතර වඩාත්ම පුලුල් ප්‍රචාරයක් සහිත නිකුතුව ලෙසටයි සටහන් වන්නේ.ආයතනය මේ වන විට පවසා සිටින්නේ නිල නිකුතුවට පසුව ගතවූ පැය 24 තුලදී Xbox One consoles මිලියන එකක් අලවි වී ඇති බවයි.භාවිතාකරන්නන් අතර මහත් ඉල්ලුමක් දිනා ගනිමින් සිටින මෙම xbox one උපාංග එලබෙන වසර අවසාන උත්සවකාලයට පෙර හිමිකර ගැනීමේ අටියෙන් ඇතිවන ඉල්ලුම සපුරාලීම සදහා මේ වන විට අමතර තොග මුදා හරින්නට ආයතනය කටයුතු කරමින් සිටින බවටයි වැඩි දුරටත් පවසා සිටින්නේ.
      Sony ආයතනයද තම consoleය පසුගිය දා නිකුත් කරන්නට කටයුතු කරන ලද අතර එයද නිකුත්වී පලමු පැය විසිහතර තුලදී North America  තුලදී පමනක් උපකරන පලමු මිලියනය අලවිකරන්නට හැකි වූ බවටයි නිවේදනය කරසිටියේ. වසර අවසාන වෙලඳ පොල ජනාකීර්නවීමට දින කිහිපයක් තබා නිකුත්ව ඇති මෙම උපාංග වසර අවසානය වන විට වාර්ථාගත අලවියක් හිමිකර ගනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

2013-10-30

Grand Theft Auto V පලමු සති 6 තුල මිලියන 29ක් අලවිවේ!!!!

  නිකුත්වන නවතම වාර්ථාවක් පවසන්නේ Grand Theft Auto V හි නිකුත්ව පලමු සති හය තුලදී අලවිය ආසන්නව මිලියන 29ක් වන බවයි.crime action series කාන්ඩයෙහි ලා ගැනෙන මෙම ක්‍රීඩාව PS3 හා  Xbox 360 consoles සංස්කරන පමනක් නිකුත්ව ඇති අතර එලබෙන වසරේ පලමු කාර්තුවතුල PC සංස්කරනයක් නිකුත්වනු ඇති බවට භාවිතාකරන්නන් අතර මේ වන විට බලාපොරොත්තුවක් ඇති වෙමින් ඇති ක්‍රීඩාවකි. වාර්ථාගත අලවියක් ලබමින් සිටින මෙම ක්‍රීඩාවට අදාලව එක් දිනයකදී වැඩිම අලවියක් එක් සතියකදී වැඩිම අලවියක් මෙන්ම දැනට සිදුව ඇති වැඩිම අලවියක් ඇති වීඩියෝ ක්‍රීඩාවක් ලෙසටද සදහන් වනවා.ඩොලර් බිලියන 1.27ක වාර්ථා ගත ආදායම් ඉපයීමක් ලබා ගත් මෙම නිකුතුව සදහා එම ආයතනය දැනට එම ක්‍රීඩාව මිලදී ගෙන ඇති භාවිතා කරන්නන් සදහා  ඔක්තෝබරයේ සිට නොමිලේ ක්‍රීඩා කල හැකි Online සංස්කරනයක්ද නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවා. එසේම එම ආයතනය දැනට පවස ඇත්තේ මෙම ක්‍රීඩාව සදහා නවාංග කිහිපයක්ම නොවැම්බර මාසයේ මුල් සතිය තුල නිකුත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.

2013-10-24

"Grand Theft Auto V." හි PC සංස්කරනය වෙනුවට ආසාධිත බව ලබා ගත හැක.

  පරිගණක ක්‍රීඩා කරන්නන් අතර මහත් ප්‍රසාදයට පත් ක්‍රීඩාවක් ලෙසට "Grand Theft Auto " ක්‍රිඩා මාලාවේ මීලග සංස්කරනය එනම් "Grand Theft Auto V."  හි PC සංස්කරනය නිකුත්වීම තවමත් නිල ලෙසට සිදුව නැති අතර පසුගිය කාලයේ පර්තිර ගිය නිවේදනයකින් පැවසුනේ ඉදිරියේ එම සංස්කරනය සිදුවන්නට බෙහෙවින් ඉඩ ඇති බවකි.එහෙත් භාවිතාකරන්නන් අතර මහත් ඉල්ලුමක් ඇති මෙම ක්‍රිඩවේ නොනිල සංස්කරනයක් බාගත කර ගැනීමේ හැකියාවක් පිලිබදව නෛතික නොවන වෙබ් අඩවියක ලිපිනයන් සමග පල වන්නට වූවා. මේ  වන විට පලවන වාර්ථා පවසන්නේ එම GTA V PC  සංස්කරනය නමින් සාර්ථකව මැල්වෙයා බාගතකිරීම් වලට ගොදුරුවූ භාවිතාකරන්නන්ගේ සටහන් අන්තර්ජාලය වෙත ලැබෙමින් ඇති බවකි. ගිගා බයිට 18 ක ගොනුවක ලෙසට torrent sites ඔස්සේ ලබා ගන්නට හැකි බවට පසුගිය සතියේ පැතිරුනු තොරතුරු ඔස්සේ උත්සාහ කල භාවිතාකරන්නන්ගෙන් මෙම  සටහන් වැඩි යෙන්ම යොමු වෙමින් පවතින බවටයි සටහන් වන්නේ. මෙම ගොදුරුවීම් අතර ආසාධිත පරිගණකවලින් භාවිතාකරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ සිට විවිධ ආකාරයේ ගන්නා බවටයි දැක්වෙන්නේ. මෙම ක්‍රිඩාවේ නිල PC සංස්කරනයක් 2014 වසරේ පලමු කාර්තුවතුල නිකුත් වනු ඇති බවටයි දැනට බල පොරොත්තුවන්නේ.

2013-10-12

Grand Theft Auto V හි PC සංස්කරනයක් 2014 පලමු කාර්තුවේ!!!!

  2013 නිකුතුවක් වූ Grand Theft Auto V ඩොලර් බිලියන ගනන මෘදුකාංග ක්‍රීඩාවක් වු අතර එහි නිකුතුව සිදුවූ කාලයේ එහි සංවර්ධක  Rockstar  සාමාගම එම ක්‍රීඩාවේ PC සංස්කරනයක් නිකුත්කිරීම පිලිබදව ඒ තරම් අවධානයක් නොදක්වන බවටයි සටහන් වූවේ.මේ වන විට පලවෙමින් ඇති නිල නොවන ආරන්චි මාර්ග පවසන්නේ Grand Theft Auto V හි PC සංස්කරනයක් එලබෙන 2014 වසරේ පලමු කාර්තුව තුල නිකුත්වීමට බොහෙවින් ඉඩ ඇති බවකි. පරිගණක ක්‍රීඩා කරන්නන් අතර බෙහෙවින් ජනංප්‍රිය ක්‍රීඩාවක් වූ මෙහි මෙම නවතම සංස්කරනය PC වෙතටද නිකුත්කරන මෙන් ඉල්ලා එහි නිපැයුම් කරුවන් වෙත on line ආකාරයේ petition එකක පැවැතෙමින් ඇති අතර මේ වන විට මිලියන භාගයක් පමන පරිගණක ක්‍රීඩා ලෝලයන් එයට එකතුව ඇති බවටයි වාර්ථා වන්නේ.මෙම ක්‍රීඩාවේ මීට පෙර සංස්කරනය වූ Grand Theft Auto IV හි console  නිකුතුවෙන් මාස අටකට පසුව එහි PC සංස්කරනය නිකුත් කරන්නට යෙදුනු අතර දැනට නිකුත්ව ඇති ක්‍රීඩා මෘදුකාංග අතරින් වැඩිම වැයක් දරමින් කල නිෂ්පාදනය ලෙසට Grand Theft Auto V පිලිගැනෙන අතර වැඩිම වේගයකින් තම ආදායමේ පලමු බිලියනය ‍රැස්කල ක්‍රීඩා මෘදුකාංගය ලෙසටත් මෙම ක්‍රිඩාව පිලිගැනෙනවා.

2013-10-02

වින්95 සමග පැමිනි "Hover" ක්‍රීඩාව නව බ්‍රවුසර සදහා නැවත පැමිනීම!!!!!

  ඒ වර්ෂ 1995 යි. වින්ඩොස් සමාගම වින්ඩෝස් 95 නමින් තීර්නාත්මක වෙනසක් සමග නව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියන් හදුනවා දෙන්නට කටයුතු කල වර්ෂයයි.මෙම හදුන්වාදීමත් සමග එම ආයතනය "Hover" නමින් පරිගණක ක්‍රීඩාවක්ද ඔවුන් නිකුත් කල CD-ROM සමග ලබා දෙන්නට කටයුතු කරනු ලදී. විදයාතම පදනමක් මත ගොඩ නගන ලද පරිගණක ක්‍රීඩාවක් වූ එය තමන් ගේ නවතම බ්‍රවුසරය වූ  ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 බ්‍රවුසරය සමග ක්‍රියාකල හැකි ආකාරයේ දියුනු කිරීම් සමග නැවත ගෙනෙන්නට මේ වන විට මයික්‍රසොෆ්ට් සමාගම ක්‍රියා කරමින් සිටින බවට නවතම පුවතක් පවසන්නේ. එම දියුනු කිරීම් අතර ත්‍රිමානීය බව, එකවර කිහිපදෙනෙකුට ක්‍රිඩා කරන්නට හැකිබව  මෙන්ම ස්පර්ශක තිර මිත්‍ර නවීනතම ටැබ්ලට් උපකරන සමග ක්‍රියාත්මක කරන්නට හැකිවීම ඇතුලු ලත්ව පැමිනෙන මෙම නව සංස්කරනය සමග පැරනි ක්‍රිඩාව එලසම අත්විදින්නට භාවිතාකරන්නා හට හැකි වනු ඇති බවටයි එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ.
http://hover.ie/

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...