2013 නිකුතුවක් වූ Grand Theft Auto V ඩොලර් බිලියන ගනන මෘදුකාංග ක්‍රීඩාවක් වු අතර එහි නිකුතුව සිදුවූ කාලයේ එහි සංවර්ධක Rockstar සාමාගම එම ක්‍රීඩාවේ PC සංස්කරනයක් නිකුත්කිරීම පිලිබදව ඒ තරම් අවධානයක් නොදක්වන බවටයි සටහන් වූවේ.මේ වන විට පලවෙමින් ඇති නිල නොවන ආරන්චි මාර්ග පවසන්නේ Grand Theft Auto V හි PC සංස්කරනයක් එලබෙන 2014 වසරේ පලමු කාර්තුව තුල නිකුත්වීමට බොහෙවින් ඉඩ ඇති බවකි. පරිගණක ක්‍රීඩා කරන්නන් අතර බෙහෙවින් ජනංප්‍රිය ක්‍රීඩාවක් වූ මෙහි මෙම නවතම සංස්කරනය PC වෙතටද නිකුත්කරන මෙන් ඉල්ලා එහි නිපැයුම් කරුවන් වෙත on line ආකාරයේ petition එකක පැවැතෙමින් ඇති අතර මේ වන විට මිලියන භාගයක් පමන පරිගණක ක්‍රීඩා ලෝලයන් එයට එකතුව ඇති බවටයි වාර්ථා වන්නේ.මෙම ක්‍රීඩාවේ මීට පෙර සංස්කරනය වූ Grand Theft Auto IV හි console නිකුතුවෙන් මාස අටකට පසුව එහි PC සංස්කරනය නිකුත් කරන්නට යෙදුනු අතර දැනට නිකුත්ව ඇති ක්‍රීඩා මෘදුකාංග අතරින් වැඩිම වැයක් දරමින් කල නිෂ්පාදනය ලෙසට Grand Theft Auto V පිලිගැනෙන අතර වැඩිම වේගයකින් තම ආදායමේ පලමු බිලියනය රැස්කල ක්‍රීඩා මෘදුකාංගය ලෙසටත් මෙම ක්‍රිඩාව පිලිගැනෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...