Showing posts with label Hardware. Show all posts
Showing posts with label Hardware. Show all posts

2014-07-05

DDR4 හා ඉන්පසුව non Volatile දෙසට Ram තාක්ශනය චලනය වීමක්?

  DDR3 මුල් සැලසුම්  කරලියට විත් ගතවයන සත්වන වසර ලෙසටයි ගනනය වන්නේ. 4K Video වැනි භාවිතාවන් සමග මතක භාවිතාව පිලිබදව පරිගනකයක ඇති වන අවශ්‍යතාවය සංසිඳවා ගන්නට Overclocking වැනි ක්‍රමවේද ඔස්සේද තව දුරටත් නොහැකි වන වටපිටාව තුල DDR4 මතක සංස්කරනයක් පිලිබදව ප්‍රධාන පෙලේ නිෂ්පදකයින්ගේ දැඩි අවධානය යොමුව ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ."Double date rate(4th generation)" මූලිකව පෙර සංස්කරනය වූ DDR3 සමග සැලකීමේදී ක්‍රියාත්මකවන වේගය දෙගුනයකින් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. පෙර සංස්කරන වලින් එය වෙනස් වන අවස්ථාවල් අතර Different signalling voltage" ප්‍රධානව දැක්වෙන අතර "Different physical interfac" වලින් පෙර සංස්කරන වලින් වෙන්ව හඳුනා ගැනීමේ හැකියාවෙන් යුත්ත වනු ඇති බවටයි දැක්වෙන්නේ. 2014 අගභාගය වන විට හෝ 2015 මුල් භාගය වන විට වෙළඳපොල වෙතට පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම නිකුතුව අධික මිල ගනනින් යුත්ත වනු ඇති බවට අනුමානවෙමින් පවතිනවා. බොහෝ දුරට DDR4 වලින් පසුව DDR තාක්ශනය non volatile දෙසට චලනය වෙමින් වැඩි වේගවත් SSD වනි ස්වරූපයක් ගනු ඇති බවට හදාරන්නන් වැඩි දුරටත් යෝජනා කරමින් සිටින බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ.

2014-06-24

'network-on-a-chip' ආකාරයට ක්‍රියාත්මක වන 36 core ප්‍රොසෙසරයක මූලාකෘතියක්....

  MIT පර්යේක්ශකයන් පවසා සිටින්නේ තමන් 36 core ප්‍රොසෙසරයක මූලාකෘතියක් ඉදිරිපත්කරන බවත් එය දැනට භාවිතාවන චිප් පතක දත්ත හුවමාරුවන ක්‍රමයට වෙනස්ව 'network-on-a-chip' ආකාරයට ක්‍රියාත්මකවන ඒකක් වනු ඇති බවත්ය.ඔවුන් පැහැදිලි කරන්නේ එය දැනට භාවිතාවන චිප් පතක bus layouts  වලට වඩා වෙගය අතින් හා කාර්යක්ශමතාවය අතින් ඉදිරියෙන් සිටිනු ඇති බවත්ය. දැනට පවතින චිප් පතක වන single wire ක්‍රම වේදය ඔස්සේ දත්ත හුවමාරුවේදී වැඩි වන චිප් පත් සදහා දත්ත ලබා ගන්නට ගතවන කාලය එවා processing වලට ගතවන කාලයට වඩා වැඩි වීමේ ගැටලුවට මෙම නව ඉදිරිපත්කිරීම විසදුමක් වන බවයි
         මෙම නව 'network-on-a-chip' ඉදිරිපත් කිරීම තුල වන Core සංවිධානය වන්නේ  tiled grid layout ක්‍රමයට නිසා වඩාත් නිදහසේ දත්ත ගලා යන්නට හැකිවීම මෙන්ම Core වල දත්ත යොදා ගැනීමේදී එකකදී වන දත්ත භාවිතය අවසන් කොට ප්‍රධාන මතකයට යෑමට පෙර තවකෙක යොදා ගැනීම නිසා මතුවිය හැකි ව්‍යාකූල බව මග හරවා ගන්නට shadow network ක්‍රම වේදයක් හදුන්වාදී ඇති අතර සාම්ප්‍රධායික ලෙසට ක්‍රියාත්මක වීමේ මතුවන එම ගැටලුව විසදෙන බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.open-source hardware descriptor code ලෙසට ලොවට නිකුත්කිරීම ඔස්සේ ඔනෑම නිෂ්පාදකයෙකුට වැඩි දියුනු කිරීම් ඔස්සේ භාවිතයට ඉඩ සැලසෙන මෙම නිමැවුම සමග එන පරිගණකයක් පිලිබද බලාපොරොත්තුවට තවත් මද කාලයක් බලාසිටින්නට සිදුවෙනු ඇති බවටයි දැක්වෙන්නේ.

2014-06-17

පරිසර හිතැති ප්‍රතිචක්‍රීය කල හැකි පරිපත පුවරු....

  ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගැටලුව කෙමෙන් තීව්‍ර වෙමින් පවතින්නකි. වේගයෙන් වැඩි වෙමින් ඇති නව මෝස්තරයන්ගේ උපාංග පැමිනීම මෙන්ම එක් පුද්ගලයෙකු උපකරන  එකකට වඩා භාවිතාවට පිවිසීම මෙන්ම පුද්ගල මැදිහත්වීමෙන් තොර අන්‍යඔන්‍යව කටයුතු කරන තොරතුරු සබදතා භාවිතාවන් සමග වෙගයෙන් දෙගුන තෙගුන වීමට නියමිත උපාංග සමග මෙම ගැටලුව තවදුරටත් කිසිසේත්ම පරිසරයට දරා ගත නොහැකිවීමේ අවධානම මේ වන විට හදාරන්නන්ගේ දැඩි කථා බහකට ලක්ව තිබේ.  බ්‍රිත්‍යාන ආයතනයන් කිහිපයක් එකව පවසන්නේ තමන් මෙම ගැටලුවට තරමක විසදුමක් ගෙනෙන්නට  කටයුතු කරමින් සිටින බවකි. එනම් මෙම ඉලෙක්ට්‍රොනික කසල ගැටලුවේ ප්‍රධාන සාධකය වන පරිපත පුවරු සදහා 90%ක්ම ප්‍රථිචක්ක්‍රීය කල හැකි පුවරු විසදුමක් සදහා තමන් සූදානම් බවකි. Re USE ලෙසට නම් වන මෙම තාක්ශනික විසදුම ඔස්සේ නිපද වන පුවරුවක් පහසුවෙන් දැඩි උනුසුම් ජලය ඔස්සේ එහි මතුපිට ගල්වා ඇති ආරක්ශිත ආවරනය ඉවත්වීමත් සමග ප්‍රතිචක්‍රීය හිතැති thermoplastic කොටස නිරාවරනය කර ගත හැකි බවටයි එහි නිපැයුම් කරුවන් පහදා දෙන්නේ. තවමත් ප්‍රධාන පෙලේ නිපැවුම් කරුවන්ගේ අවධානයට යොමු නොවී තිබුනද මෙම තාක්ශනය නුදුරු අනාගතයේදීම භාවිතවට පැමිනීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවටයි වාර්ථා වන්නේ.

2014-02-12

Intel වෙතින් 15-core Xeon server chip පත පිලිබද වැඩි දුර තොරතුරු නිකුත්වේ!!!!!

  intel ආයතනය මේ වන විට පැමිනෙන්නට නියමිත තම 15-core Xeon server chip පිලිබදව වැඩි දුරටත් තොරතුරු හෙලිකර සිටිනවා. ඔවුන් පවසන්නේ එම චිප් පත සමග ට්‍රාන්සිස්ටර්ස් බිලියන 4.31ක් වන අතර මේ වන විට එය Ivytown නම් සංකේත නාමයෙන් හදුන්වන බවයි.එහි වේගය ගැන සදහන් කරන ඔවුන් පවසන්නේ එය 1.4GHz සිට 3.8GHz දක්වා වන බවයි. මෙම චිප් පත  Xeon E7 චිප් පත් පෙලෙහි අවසාන නිකුතුව වන අතර එලබෙන සතියේ එය නිල ලෙසට නිවේදය කරන්නට ඉඩ ඇති බවටයි සැල වෙමින් ඇත්තේ. අඩු බල වැයක් සමග වෙගවත් ක්‍රියා කාරීත්වයක් ‍රැගෙන එනු ඇති බවට අනාවැකි පලවන මෙම නිකුතුව  Ivy Bridge නම් ඉන්ටෙල් microarchitecture මත නිර්මානය වී ඇති බවට හෙලිවනවා. 15-core මට්ටමේ මෙම චිප් පත high-end computing tasks සදහා  සාර්ථක සහයක් ‍රැගෙන එනු ඇති බවට බලාපොරොත්තුවනවා. මෙම නිකුතුව 1.4GHz සිට 3.8GHz අතර ධාවනයක් ‍රැගෙන එන අතර  40 watts සිට 150 watts බල භාවිතාවක් අවශ්‍ය වන අතර සමාන්තරව 30 threads ක්‍රියාකාරකමක් ගෙනෙනු ඇති බවටත් සටහන් වෙනවා.

2014-02-06

බහුතර භාවිතාවෙන් Optical Drive ඉවත්වීම ක්‍රමයෙන් සිදුවෙමින් පවතින බවටයි

  එලබෙමින් ඇත්තේ Opticle Drive රහිත PC හා Laptop වෙළඳපොලට එමින් ඇති කාලයයි. වේගවත් අන්තර්ජාලයත් , ප්‍රමානයෙන්  කුඩා ජංගම ගතියෙන් වැඩි උපාංගවල බහුල අවශ්‍යතාවයත් , Cloud මූලික සයිබර් අවකාශ භාවිතය බහුල වීමත් එම අනාගතය පැමිනීම ඉක්මන් කරමින් සිටිනු දැකිය හැකිය. 5.25" Floppy Disk පැමිනියේ කිලෝබයිට 360ක ධාරිතා හැකියවක් සමගය. පහසුකම් අඩු කුඩා මෙහෙයුම් පද්ධතිය එකකද වැඩසටහන් හා දත්ත ගොනු තව එකකද ලෙසට ඒවා සමග පරිගණක භාවිතාකරන්නන් කටයුතු කල කාලයක් විය. අනතුරුව පැමිනියේ Floppy ලෙසට නම්කෙරෙනද නම්‍යතාවයකින් තොර 3.5" ප්‍රමානයේ ප්ලාස්ටික් ආවරනයක් සමග පැමිනි Floppy Disk භාවිතා කරන කාලයයි. මෙගා බයිට 1.44 දත්ත ‍රැදවීමේ හැකියාවක් සමග පැමිනි ඒවා පහසුවෙන් ඉන් පෙර වූ භාවිතාව අත්පත් කර ගත්තාය. දශකයකට ආසන්න කාලයක් ජනංප්‍රිය භාවිතාවේ තිබූ එම Floppy Disk භාවිතාව දෘඩ තැටිය සදහා සුලබව යෙදෙන C: නාමකරනයට මග සැලසුවේ PC වලටම සවිව පැමිනෙන Floppy Drives එක හෝ දෙක සදහා A: , B: වෙන්කිරීම සම්ප්‍රධාය වූ නිසාවෙනි. බාවිතාවන තොරතුරු ගොනුවල ප්‍රමානයෙන් විශාල වන්නට පටන් ගැනීමත් සමග කෙමෙන් එම භාවිතාවද වෙනත් තාක්ශනයක් දෙකක් විසින් අත්පත්කරගන්නට පටන් ගති. එනම් USB flash drive හා CD ROM DRIVE පැමිනීමයි.CD DRIVE වල Writeble හා Rewriteble Drives එම භාවිතාවන් තවත් දුරට පහසු කරන්නට ක්‍රියා කල අතර DVD Writeble Drive සමග දත්ත ‍රැදවීමේ හැකියාවත් ගිගා බයිට අටක් දක්වා ඉහල ගියේය. මේ හා සමාන්තරවම Flash drive වල ‍රැදවීමේ හැකියාව 1TB දක්වා ඉහලට නැංවිනි. Blue Ray ධාවකයන් පිලිබදව මීලග තැටි යුගය ගැන පෙර කාලයේ මෙන් බලපොරොත්තු තැබිය නොහැකි බවටයි හදාරන්නන් විස්වාසය පල කරන්නේ. බහුතර භාවිතාවෙන් Optical Drive ඉවත්වීම ක්‍රමයෙන් සිදුවෙමින් පවතින බවටයි ඔවුනගේ අදහස වන්නේ.     

2014-02-02

තොරතුරු දිවිය සුරක්ශිත කරන්නට පැමින ඇති නව උපාංග

   පසුගිය දා පැවති ප්‍රදර්ශනයකදී පරිගණක උපාංග භාවිතාකරන්නන් වෙතට තම උපාගවල ආරක්ශාව තහවුරු කර ගැනීම සදහා භාවිතයට ගත හැකි නව උපාංග කිහිපයක්ම ඉදිරිපත් කොට තිබුනා. යම යම් ආයතනයන් විසින් තමන්ගේ වෙළඳ නාම යටතේ නිකුත්වන දත්ත උපාංග සදහා සම්බන්ද කිරීම් සහිතව ඉදිරිපත්ව තිබූ මෙම උපාංග සමග පැමින තිබූ තාක්ශන උපංක්‍රම හා යොදාගැනීම් විදි හදාරන්නන්  අතර මහත් අවධානයට ලක්වනු ලැබුවා. එවා අතර වූ biometric technology ක්‍රියාකාරීත්වයක් පැමින තිබූ fingerprint scanner ය ඇපල් ආයතනය විසින් ඉදිරිපත් කොට තිබුනා.එය iPhone සමග එනු ඇති බවටයි දක්වා තිබුනේ. එහෙත් Fujitsu ආයතනයෙන් ඉදිරිපත් කොට තිබූ  vein-recognition PulseWallet ඉදිරිපත්කිරීම අවධානය දින ගත් එකක්ව තිබුනා.
                               
  තවත් අවධානය දිනාගත් උපාංගයක් වූවේ EyeLock වෙතින් පැමින තිබූ නිශ්චිත දුරක සිට ස්කෑන් කොට ඔබගේ ඇස පිරික්සීම ඔස්සේ අනන්‍යතාවය තහවුරු කර දේ උපාංගයක් වූවා. ට්‍රිලියන 2.25කට එකක් සමාන වන ආකරයේ irises සැසදීම ඔස්සේ එම උපාංගය භාවිතාකරන්නාගේ අනනයතාවය තහවුරු කරන්නට සමත්වන බවටයි පැවසුනේ.
  තවත් ආයතනයක් ඉදිරිපත් කර තිබුනේ bracelet ආකාරයේ පකශනාවක් ඔස්සේ භාවිතාකරන්නාගේ හද ගැස්ම ඇසුරින් ඔහුගේ අනන්‍යතාවය ලබා දෙන උපකරනයකුයි.Bluetooth ආකාරයට උපකරන හා සම්බන්දව ක්‍රියාත්මක වෙමින්  නිරන්තරයෙන් භාවිතකරන්නාගේ අනන්‍යතාවය ලබාදෙන අයුරින් එම උපකරනය නිමවා තිබුනා. තවත් ඉදිරිපත් කිරීමක වූවේ veins අනන්‍යතාවය තහවුරු කරගැනීම සදහ එය near-infrared light ආකාරයට පිරික්සීම වූවා.

    මීට අමතරව Motorola වෙතින් පැමින තිබූ  "password pill" සමන්විතව තිබුනේ microchip එකක් හා battery එකක් සමගයි.භාවිතාකරන්නාගේ කුසතුලදී stomach acid ඔස්සේ එය සංක්‍රිය වන අතර radio signal ඔස්සේ උපාංගය වෙතට භාවිතාකරන්නාගේ අනන්‍යතාවය ‍රැගෙන එන්නට සමත්වනු ඇති බවටයි දක්වා සිටියේ.




2014-01-09

DDR4 වසරේ තෙවන කාර්තුවේ පැමිනේවි!!!!

  වැඩි වේගවත් බවක් සමග අඩු බලය භාවිතාවක් ‍රැගත් DDR4 ‍රැම් මතකපත් භාවිතය මෙම වසරේ තෙවන කාර්තුවේ නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවටයි Intel ආයතනය පවසා සිටින්නේ. පස්වසරක දියුනු කිරීම් වලින් අනතුරුව නිකුත්වන මෙම මතක පත සදහා සහය දක්වන අමතර තාක්ශනය සහිත මවුපුවරු ද මීට සමාන්තරව වෙළඳ පොල වෙතට පැමිනෙන්නට නියමිත බවටයි පැවසෙන්නේ. මෙම තාක්ශනය සහිත ලැප්ටොප්, PC වෙළඳ පොලට පැමිනීම ඉදිරි මාස 12-18 අතර සිදුවනු ඇති බවටයි මේ වන විට බලාපොරොත්තුව වන්නේ.DDR3 හා සැසදීමේදී 50% වැඩි ධාරිතාවකින් ක්‍රියාත්මක වීමක් බලාපොරොත්තුවන මෙම නව තාක්ශනය බල පිරිමැසුම සැලකීමේදී 35% ක  දියුනුවක් ‍රැගෙන එනු ඇති බවටයි විස්තර කොට සිටින්නේ. හදාරන්නන් බලපොරොත්තුවන්නේ DDR3 හා සැසදීමේදී 30% ක මිල වැඩිවීමක් සමග පැමිනෙන්නට සිදුවනු ඇති බව වන අතර 2015 වන විට DDR3 හි මිළ 10%ක අඩුවක් දක්නට ලැනෙන බවටත් පවසා සිටිනවා.මීට අමතරව DDR4 මතක පතෙහි bus clock speed අගය   3200MHz ලෙසට බලා පොරොත්‍ටුවන අතර 1.2 volts  බල භාවිතාවක් සිදු වනු ඇති බවටයි නිවේදනය වන්නේ.

2013-12-19

ඉදිරියේදී මිනිසුන් බලාපොරොත්තේ වන්නේ මයික්‍රසො‍ෆ්‍රා මෘදු කාංග වනුවට "මයික්‍රසොෆ්ට් පරිගණකයි" -Ballmer-

  මයික්‍රසොෆ්ට් හි CEO Steve Ballmer මහතා පසුගියදා මාධ්‍ය වෙතට ප්‍රකශකර සිටියේ තව දුරටත් තම ආයතනයෙන් භාවිතාකරන්නන් මෘදුකාංග මිලදී ගැනීමක් සිදු නොවුනු ඇති බවයි. එහිදී ඔහු පවසා සිටියේ ඉදිරියේදී භාවිතාකරන්නන්  තම ආයතනයෙන් මිලදී ගන්නේ වින්ඩෝස් පරිගණක වනු ඇති බවයි. මුලින්ම මෙහෙයුම් පද්ධති ප්‍රමුක මෘදුකාංග සමාගමක් ලෙසට තම අනන්‍යතාවය හිමිකරගෙන සිටි මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට භාන්ඬ හා සේවා ආයතනයක් ලෙසට ප්‍රථිව්‍යුහගත වෙමින් ඇති අතර වින්ඩෝස් 8 සමග Surface නමින් tablet උපාංග මොස්තර කිහිපයක්ම වෙළඳ පොලට එවන්නට කටයුතු කර ඇත.ක්‍රමයෙන් පරිගණකයක් ලෙසට වෙළඳ පොල තුල ස්ථාවර වීමේ ක්‍රමවේදය ගතකමින් සිටින එම සමාගම තම අවකාශයේ තවත් ප්‍රධාන අංගයක් වන Xbox සදහාද නව සංස්කරනයක් නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා.පසුගියදා Nokia හි හිමිත්වයක්දාත්පත් කරගන්නට කටයුතු කල මයික්‍රසොෆ්ට් ආයතනය තවදුරටත් පවතින්නට නම් ඇපල් සමාගමෙන් බොහෝ දේ ඉගන ගැනීමට ඇති බවටත් පසුගියදා විචාරනය වෙමින් තිබුනා. වර්ථමාන CEO වරයා විශ්‍රාම ගැනීමට නියමිත බවට පෙරදී කර තිබූ දින වකවානු මෙව වන විට මද වෙනසකට ලක්ව ඇති අතර ඔහු එලබෙන 2014 මුල්භාගය තෙක් ‍රැදී සිටිනු ඇති බවටයි මේ වන විට නිවේදනය වී ඇත්තේ.

2013-11-10

tattoo වක් ඔස්සේ සිරුරට සවිවන වයර්ලස් මයික්‍රෆෝනයක්!!!

  එක් අතකින් පරිගණකය උපකරනයක් ලෙසට වඩ වඩාත් සංකීර්න වෙමින් වැඩි දත්ත සැකසුම් හැකියාවක්  අඩුතම අවකාශයක රදවන්නට තරගකාරී උත්සාහයක යෙදෙමින් සිටී.තවත් දෙසකින් වඩාත් නම්‍ය හා පහසු හැසිරවීමකට භාවිතාකරන්නා සදහා ඉඩ සැලසීමට ඔවුනට අවශ්‍යව තිබේ.එලිවන නවතම පුවතක් පවසන්නේ Motorola ආයතනය ඇමරිකානු බලධාරීන් වෙත ඉදිරිපත්කොට ඇති Patent බලපත්‍ර ඉල්ලුමකට අනූව tattoo වක් සමග බෙල්ලට සවිවන වයර්ලස් ආකාරයේ මයික්‍රෆෝනයක් පිලිබදව වෙළඳ අයිතිය පිලිබදව කිය වෙනවා. personal area network  ඔස්සේ භාවිතාකරන්නගේ ස්මාර්ට් දුරකථනය වැනි උපාංගයකට සම්බන්දවීමට සූදානම්ව මෙම පැමිනෙනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.

2013-11-05

HDD වෙත නව ජීවයක් ‍රැගෙන එන helium-infused දෘඩ තැටිය

  SSD භාවිතට පැමිනීම බොහෝ භාවිතාකරන්නන් අතරට ගෙන ආ අමතර මතයක් වූවේ HDD තැටි භාවිතය අවසානවීම ඇරබීමක් ලෙසටය. සාම්ප්‍රධායික HDD භාවිතයේදී හමුවන ගැටලු මෙම මතය වඩාත් තහවුරු කරන්නට සාධකයක් විය.Western Digital ආයතනය පවසන්නේ තමන් ගෙනෙන්නට බලාපොරොත්තුවන නව නිකුතුව සමග නව ආරක HDD භාවිතයකට ඉඩ සැලසෙන බවයි.විනාඩියකට වට දස දහස් ගනනක වේගයක් ගන්නා මෙම තැටි බාවිතාවේ හමුව තිබූ නොයෙකුත් අපහසුතා කිහිපයකටම පිලියමක් ලෙසට සාමාන්‍ය පරිසරයේ වාතය මත ක්‍රියාත්මක වනවා වෙනු වට Helium සමග සීල් කරනලද නව දෘඩ තැටියක් ගෙන ඒමට තමන් කටයුතු කරන බවටයි ඔවුන් පවසා සිටියේ. අඩු resistance තත්වය යටතේ අභ්‍යන්තරව වැඩි තැටි සංකය්‍යාවක් , අඩු උෂ්නත්වයක් යටතේ වැඩි ජීවකාලයක් ‍රැගෙන මෙම නව නිකුතුව භාවිතාකරන්නන් හට වැඩි සේවයක් ගෙනෙන්නට කටයුතු කරනු ඇති බවටයි එම ආයතනයේ බලාපොරොත්තුව වන්නේ.දැනට මත් ප්‍රධ්ජාන මට්ටමේ ආයතන කිහිපයකම අත්හදා බැලෙමින් ඇති බවට පැවසෙන මෙම නව නිකුතුව සාම්ප්‍රධායික 4TB සීමාව ඉක්මවමින් දැනට 6TB මට්ටමින් නිකුත්කර ඇති අතර enterprise consumers  මම්මටමේ භාවිතාකරන්නන් ඉලක්ක කර ගනිමින් පැමිනෙනු ඇති බවටයි නිවේදනය වන්නේ.ඉදිරි කාලයේදී මෙම helium-infused  දෘඩ තැටිය සාමන්‍ය භාවිතාකරන්නන් ඉලක්ක කරගමින් පැමිනෙන ඇති බවටත් ඔවුන් බලාපොරොත්තුව ලකර සිටිනවා.

2013-10-14

2014 ඇපල් වෙතින් නිකුතූන් ‍රැසකට සැලසුම්!!!

  ඇපල් ආයතනය වෙතින් 2014 වසර සදහා භාවිතා කරන්නන්ගේ ප්‍රධාන බාලපොරොත්තුවක් වන්නේ "Mavericks" ලෙසට දැක්වෙන මීලග OS X සංස්කරනය පිලිබදවය. එහෙත් හෙලිවන නවතම පුවත් පවසන්නේ ඇපල් ආයතන 2014 සදහා තවත් තීරනාත්මක Hardware සැලසුමකද වන බවකි. එය Retina ආකාරයේ ඩිස්ප්ලේ එකක් සහිත අඟල් 12 ආකාරයේ MacBook එකක් පිලිබදවය.එය බරින් මෙන්ම ඝනකමින්ද MacBook Air වලටත් වඩ සැහැල්ලු උපකරනයක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. Intel processor ප්‍රොසෙසරයක සමග පැමිනෙතැයි කියවෙන මෙම උපකරනය කලකට ඉහතදී  MacBook Air වෙතින් සිදු වුනු ආකාරයේ Laptop භාවිතාවටට  නව යුගයක් පැමින එනු ඇති බවටයි සටහන් වන්නේ. එසේම  iMac සදහාද දැනට භාවිතාවන සංස්කරනයට වඩා මිලෙන් අඩු නිකුතුවක් 2014 සිදුවනු ඇති බවට මෙන්ම හයවන පරම් පරාවේ iPad එකක් ගැනද 2014 තුල බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...