2014-06-24

'network-on-a-chip' ආකාරයට ක්‍රියාත්මක වන 36 core ප්‍රොසෙසරයක මූලාකෘතියක්....

  MIT පර්යේක්ශකයන් පවසා සිටින්නේ තමන් 36 core ප්‍රොසෙසරයක මූලාකෘතියක් ඉදිරිපත්කරන බවත් එය දැනට භාවිතාවන චිප් පතක දත්ත හුවමාරුවන ක්‍රමයට වෙනස්ව 'network-on-a-chip' ආකාරයට ක්‍රියාත්මකවන ඒකක් වනු ඇති බවත්ය.ඔවුන් පැහැදිලි කරන්නේ එය දැනට භාවිතාවන චිප් පතක bus layouts  වලට වඩා වෙගය අතින් හා කාර්යක්ශමතාවය අතින් ඉදිරියෙන් සිටිනු ඇති බවත්ය. දැනට පවතින චිප් පතක වන single wire ක්‍රම වේදය ඔස්සේ දත්ත හුවමාරුවේදී වැඩි වන චිප් පත් සදහා දත්ත ලබා ගන්නට ගතවන කාලය එවා processing වලට ගතවන කාලයට වඩා වැඩි වීමේ ගැටලුවට මෙම නව ඉදිරිපත්කිරීම විසදුමක් වන බවයි
         මෙම නව 'network-on-a-chip' ඉදිරිපත් කිරීම තුල වන Core සංවිධානය වන්නේ  tiled grid layout ක්‍රමයට නිසා වඩාත් නිදහසේ දත්ත ගලා යන්නට හැකිවීම මෙන්ම Core වල දත්ත යොදා ගැනීමේදී එකකදී වන දත්ත භාවිතය අවසන් කොට ප්‍රධාන මතකයට යෑමට පෙර තවකෙක යොදා ගැනීම නිසා මතුවිය හැකි ව්‍යාකූල බව මග හරවා ගන්නට shadow network ක්‍රම වේදයක් හදුන්වාදී ඇති අතර සාම්ප්‍රධායික ලෙසට ක්‍රියාත්මක වීමේ මතුවන එම ගැටලුව විසදෙන බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.open-source hardware descriptor code ලෙසට ලොවට නිකුත්කිරීම ඔස්සේ ඔනෑම නිෂ්පාදකයෙකුට වැඩි දියුනු කිරීම් ඔස්සේ භාවිතයට ඉඩ සැලසෙන මෙම නිමැවුම සමග එන පරිගණකයක් පිලිබද බලාපොරොත්තුවට තවත් මද කාලයක් බලාසිටින්නට සිදුවෙනු ඇති බවටයි දැක්වෙන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...