Google Glass තොරතුරු ලෝකය සාම්ප්‍රධායික භාවිතාවෙන් ඉවතට චලනය වීම පිලිබදව සංකේතාත්මක පිලිගැනීමකි. එසේම එය තොරතුරු ලෝකයේ හෙට දවස විමසන්නට පෙර ගමන් කරුවෙකි. තවමත් බීටා මට්ටමින් ඇති එම උපාංගයේ අත් දැකීමට කැමති අයවලුන් සදහා ඇමරිකාවේදී මේ වන විටත් අත්හදා බැලීමේ මට්ටමින් නිකුත් කොට ඇති අතර ආරම්භයත් සමග මිශ්‍ර ප්‍රථිචාර එය වෙතට පැමිනෙනු දැකිය හැකි විය. වරක සිනමා හලකට Google Glass පැලඳ පැමිනි අයෙකු ඉන් ඉවත් කරන්නට කටයුතු කල අතර පසුව එම බලධාරීන් තමන් අතින් වූවේ අත් වැරැද්දක් බවට පිලිගනු ලැබින. තවත් වරක රථවාහන පොලිස් නිලධාරියෙකු විසින් එය පැලඳි කාන්තාවකට දඩ කොලයක් ලබා දෙන්නටද කටයුතු කොට තිබිනි. මේ වන විට Google ආයතනය පවසන්නේ තම Google Glass බීටා නිකුතුව සමග එක්වන්නට බ්‍රිතාන්‍යයේ වෙසෙන උනන් දුවක් දක්වන්නටද හැකි බවකි. ඇමරිකාන නිකුතුවේදී එහි මිලගනන් වූවේ ඩොලර් 1500ක් වුවද දල ලෙසට සැලකීමේදී බ්‍රිතාන්‍ය නිකුතුවේදී එම මුදල ආසන්නව ඇමරිකානු ඩොලර් 1700කට මිලව පැමින ඇති අතර එරට පිහිටි Google Play Store වලදී දැන් ලබා ගත හැකි බවටයි නිවේදනය වන්නේ. එසේම එය වෙතට පැමින ඇති නව app කිහිපයක් පිලිබදවද නිවේදනය වන අතර ඉන් එකක් ඔස්සේ breaking news alerts ලබා ගැනීමේ හැකියාව විස්තර කෙරෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...