2023-09-27

Google තම 25 වන සමරුවට.

ලොව ප්‍රමුකතම තොරතුරු තාක්ෂණ ආයතනය අද තම 25 වන සංවත්සරය සමරමින් සිටී. මේ බව ප්‍රකට කෑමින් ඔවුන් තම ප්‍රකට logo ව මතටද විශේෂයක් එක්කරන්නට කටයුතු කර තිබේ. මේ සදහා ඔවුන් අනිමේටඩ් කරන ලද GIF එකක් තුලදී 'Google'  යන්නේ සිට  'G25gle' යන්නක් දක්වා දක්වන්නට කටයුතු කර තිබේ. මේ බව සමරමින් නිකුත් කල නිවේදන්යකින් ඔවුන් පවසන්නේ තමන් 25 වසරකට පෙර Google Search ඇරබමින් මිලියන ගනනක් භාවිතකරන්නන් සදහා සේවය දෙන්නට කටයුතු කල බව පවසා සිටිනවා. September 4, 1998 වලදී  Larry Page හ Sergey Brin විසින් Google නම් ප්‍රකට ආයතනයට පදනම දමන ලද අතර September 27, 1998 දින Google Inc ලෙසට නිල ලෙස ප්‍රකාශයට පත්කල බව පවසා සිටිනවා. එතැන් සිට ඔවුන් තම වයාපාරය තුලට Gmail, Docs, සහ Maps ගෙනෙන්නට කටයුතු කල අතර 2006 දී YouTube මිලට ගනු ලද්දේ  $1.65 billion in ලෙසට සටහන් වෙනවා. අද වන විට Google යනු $1.65 trillion වටිනාකමක් දරන බවටයි පිලිගැනෙන්නේ.
Pubudu Siriwansa


 

2023-09-26

Gmail වල Basic HTML view 2024 අවසන්.

Google නිවේදනය කරන්නේ තම Gmil වල  Basic HTML view හැකියාව අවසන් කරන්නට 2024 වන සැලසුම්ව ඇති බවයි. මෙම Basic HTML view බහුලව internet connections වලදී මෙන්ම පැරණි උපංග සදහා වඩාත් මිත්‍ර ආකාරයක් වන අතර සමහර භාවිතා කරන්නන් Basic HTML view මත වඩාත් යැපෙන්නට කැමැත්තක් දක්වන බවටත් පිලිගැනේ. මේ අනූව Google පැහැදිලි කරන්නේ 2024 ජනවාරිවලි පසුව යමෙක් තම Gmail වලදී Basic HTML view ආකාරයෙන් කරන උත්සාහයන් Standed Vive වෙතට ස්වයංක්‍රීයව යොමුවනු ඇති බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ screen readers, slower connections, older devices හෝ browsers කාරවලදී මෙම Basic ආකාරය පහසුවක් වුවද  සමස්ථ දියුනු කිරීම් වලදී එය බාදාවක් වෙමින් ඇති බවයි.
Pubudu Siriwansa


 

සියළුම බ්‍රවුසර යාවත්කාලීන කරන්න.

සියලුම ප්‍රධාන පෙලේ බ්‍රවුසර නිකුතූන් සදහා යාවත්කාලීන පෙලක් නිකුත්ව ඇති බවට ප්‍රකාශ වනවා. මින් ප්‍රධානතම අවධානයක් ලැබෙන්නේ Google විසින් නුකුත් කරන ලද  image format එකක් ලෙසට සැලකෙන  libwebp වල වන දුරවලතාවයන් ඉලක්ක වෙමින් පහර දෙන්නන් විසින් දියත්කරන ප්‍රහාර වන අතර ඉහත කී මෘදුකාංගය ආශ්‍රිතවන බ්‍රවුසර මෙන්ම වෙනත් මෘදුභාවිතාවන සදහා වැඩියෙන්ම මෙම අනතුරු ඇගවීම අදාල වන නිසා මෙම පිලිසකර ලබා ගැනීම වැදගත් බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

2023-09-20

41 වසර සමරන emoticons

මිහිමත මිනිස් සංනිවේදන හැකියාවේ තීරනාත්මක හැරවුමක් තොරතුරු තාක්ෂණය විසින් සටහන් කර හා කරමින් සිටී. එය ඔවුන්ගේ භාෂා හැකියාවේ සිට ඉහලට විහිදෙමින් තිබේ. එපමනකුඳු නොවේ තම හැගීම් සංකේවත් කරන්නටද ඔවුන් එය භාවිතාකරමින් සිටී. අද වන විට විධිමත් එලෙක්ට්‍රොනික සංනිවේදනයන් තුලදී පව emojis භාවිතාව සිදුවෙනු දැකිය හැකිවීමෙන් මේ බව වඩාත් සනාත වේ. මීට පෙර මිනිසුන් ඉලේක්ට්‍රොනික සංවාද තුල තම emotions ප්‍රකාශ කරන්නට භාවිතාකල text characters කාන්ඩ භාවිතයට පැමින 41 වසරක් සම්පූර්ණ වෙමින් පවතී. ඒ September 19, 1982 වලදී Scott E. Fahlman විසින් Carnegie Mellon University වලදී කල ප්‍රථම භාවිතාවත් සමග බවටයි පිලි ගැනෙන්නේ. 
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...