2023-09-26

සියළුම බ්‍රවුසර යාවත්කාලීන කරන්න.

සියලුම ප්‍රධාන පෙලේ බ්‍රවුසර නිකුතූන් සදහා යාවත්කාලීන පෙලක් නිකුත්ව ඇති බවට ප්‍රකාශ වනවා. මින් ප්‍රධානතම අවධානයක් ලැබෙන්නේ Google විසින් නුකුත් කරන ලද  image format එකක් ලෙසට සැලකෙන  libwebp වල වන දුරවලතාවයන් ඉලක්ක වෙමින් පහර දෙන්නන් විසින් දියත්කරන ප්‍රහාර වන අතර ඉහත කී මෘදුකාංගය ආශ්‍රිතවන බ්‍රවුසර මෙන්ම වෙනත් මෘදුභාවිතාවන සදහා වැඩියෙන්ම මෙම අනතුරු ඇගවීම අදාල වන නිසා මෙම පිලිසකර ලබා ගැනීම වැදගත් බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...