2020-10-30

පරිගණකය..

මිනිස් කථාන්දරයේ වන අපූරුතම අත්පත් කර ගැනීම පරිගණකය විය යුතුය. "මතක තබා ගැනීම" මෙන්ම "එම මතකයන් යලි යලි සැකසීමේ" හැකියාව මිනිස් කථාන්දරයේ කේද්‍රය වන "මනසේ" යාන්ත්‍රික කරන ලද අනුරුවයි. කෘතීම බුද්ධිය සමග උත්කෘෂ්ඨ වන එම වෙගවත් හා බහුල ජාලගතවීම සමග විශ්ව මනස සංකල්පයද ඉදිරියේදී සාර්ථකව අත්පත් කර ගනු ඇත.
- Pubudu Siriwansa
#siriwansa

2020-10-29

පැලෑෂ් ප්ලේයරය..

කලකට ඉහතදී පැලෑෂ් ප්ලේයරය යනු අන්තර්ජාල භාවිතාවේ වර්ණවත්ම අත්දැකීමක්ව පැවතුනි. ක්‍රමයෙන් වැඩි අවධානයට වෙතට වන ඉරණම මේ භාවිතාව වෙතටද පැමිනුනි. එනම් අනවසර පිවිසෙන්නන්ගේ අවධානය වැඩිපුර ලබා ගන්නට මෙම භවිතාවට සිදුවිනි. ක්‍රමයෙන් අන්තර්ජාල තුල බහුල හානිකර අත්දැකීම් කැඳවනක් බවට පැලෑෂ් පත්වුනු අතර ක්‍රමයෙන් මෙහි භාවිතාව අවමවන්නට පටන් ගති. බ්‍රවුසරවල සිට මෙහෙයුම් පද්ධති දක්වාම මෙම අහිතකර බව පි‍ටුදකින්නට විටින් විට තාවකාලික පියවර ගත් අතර මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතන නිවේදනය කරන්නේ තම සමස්ථ මෙහෙයුම් පද්ධති වපසරියෙන්ම Adobe Flash Playerය ඉවත් කිරීම සදහා මේ වන විට තොරාගත හැකි යවත්කාලීනයක් (optional update) නිකුත් කර ඇති බවකි.
- Pubudu Siriwansa
#siriwansa

2020-10-28

මාධ්‍ය..

සත්‍යය නම් අද වන විට මාධ්‍ය ඔබව පාලනය කරමින් සිටින්නේ "ඔබ සිතනවාට වඩා" නොව "ඔබට සිතන්නට කිසිවක් ඉතිරි නොකරන" තරමටය. කාරනය වඩාත් භ්‍යානක වන්නේ පෞද්ගලිකව ඔබ මාධ්‍ය මග හැර සිටීමෙන් මෙම සත්‍යයෙන් මිදින්නට නොහැකි නිසාය.
Pubudu Siriwansa
siriwansa

2020-10-27

බුද්ධි පුලිගුවක්..

විශ්වයේ ඔනෑම පෙදෙසක බිහිවන බුද්ධි පුලිගුවක් වැඩී ප්‍රස්ථ බවකට පැමිනෙන්නට මෙන්ම තම ජීවීතය නම් උභතෝටිකයේ සිට විශ්වය නම් අපමන ගැටළුව දෙසට විහිදෙන්නට සිදුවීම සාමාන්‍ය මාවත වෙනවා විය යුතුය. ඇත්තෙන්ම ඔවුන් වෙන මොනවා නම් කරන්නද?
Pubudu Siriwansa
siriwansa

2020-10-24

ඔබව හැක්වී ඇත..

එදා මෙදා තුර මිහිමත ඉදිවූ විසල්තම අවකාශය මැද මේ තරම් කුඩා අනන්‍යතා තුල ඔවුන් සිරවනු ඇතැයි කිසිදා නොසිතන්නට ඇත. සරලව පවසමි. " ඔබව හැක්වී ඇත".
- Pubudu Siriwansa
#siriwansa

2020-10-22

යාන්ත්‍රික කිරීම..

ස්වාභාවික ජීව කථාන්දරයේ හැරවුමට අප පිවිසෙමින් සිටින්නෙමු. වසර දස දහසක් පුරා මිනිස් වර්ගයා අත්පත් කරගත් කරුනු කාරනා මෙන්ම ඒවා සැකසුම් හැකියාවන් යාන්ත්‍රික කිරීම හා එහි පාලනය අපගෙන් ගිලිගීම එම තීරනාත්මක විශ්ව මොහොතයි. නැතිනම් යලි හමුනොවන සමුගැනීමයි.
- Pubudu Siriwansa
#siriwansa

2020-10-19

තරු මිනිසා..

තරු මිනිසා නම් ඔබය. මා සපත කොට ඔබට කියමි. එ අපමන ශක්‍යතාවය දැනාටමත් ඔබ මත සංයුත්තය. වැදගත් වන්නේ ඒ අපූරු චාරිකාව ඔබතුලින් ඇරබීමය. බිඳ වැ‍ටුනු මොහොත ඒ සදහා හොදම ඇරබුමක් කර ගැනීම මිනිස් කථාන්දරයේ තැනින් තැන දක්නට ලැබෙන අපූරු ලක්ෂනයකි. දැන් නැවත වරක් ඒ අපූරු බව මිනිස් කථාන්දරය වෙත කැඳවන්නට ඔබට සිදුවන මොහොත පැමින ඇත.
Pubudu Siriwansa
#siriwansa

2020-10-17

ඩිජිටල්කරනයේ..

ඩිජිටල්කරනයේ සැබෑ අනන්‍යතාවය හුදු සාම්ප්‍රධායික තොරතුරු ඉලෙක්ට්‍රොනික ස්වභාවයකට ගෙන දැමීමම නොවෙයි. එය ඉන් ඔබ්බට වන තීරනාත්මක සංස්කෘතික වෙනසක් බවට දැන් දැන් හැගෙන්නට පෙනෙන්නය පෙනෙන්නට පටන්ගෙන ඇත.
- Pubudu Siriwansa
#siriwansa

2020-10-16

ඩිජිටල්කරනය..

තව දුරටත් ඩිජිටල්කරනය ඔබට තෝරාගැනීමක් ලෙස නොවනු ඇත. එය එලබෙන යුගයේ සංස්කෘතික ස්වභාවයයි.
- Pubudu Siriwansa
#siriwansa

2020-10-14

විෂය පථය..

ඇත්තෙන්ම තවදුරටත් තොරතුරු තාක්ෂණයේ විෂය පථය හුඳු තාක්ෂණික කාරනාවක්ම නොවේ. එය ක්‍රමයෙන් සංස්කෘතියක් බවට පත්වෙමි තිබේ. විනය වැදගත් වෙන්නේ එබැවිනි.
- Pubudu Stiwansa
#siriwansa

2020-10-12

කථාන්දරයේ

ප්‍රසස්ථ මට්ටමක ආවේග ගොනුව ජීවවිද්‍යාත්මක  .කථාන්දරයේ සංධිස්ථානයයි. ප්‍රසස්ථ මට්ටමක භාව ගොනුව සාමූහික නොහොත් සංස්කෘතික කථාන්දරයේ හරවුම් ලක්ෂයයි. ප්‍රස්ථ මට්ටමක AI හැකියාව ජීවවිද්‍යාත්මක කථාන්දරයේ සමුගැනීමයි.
- Pubudu Siriwansa
#siriwansa

2020-10-11

සංස්කෘතියක්..

ඇත්තෙන්ම තවදුරටත් තොරතුරු තාක්ෂණයේ විෂය පතය හුඳු තාක්ෂණික කාරනාවක්ම නොවේ. එය ක්‍රමයෙන් සංස්කෘතියක් බවට පත්වෙමි තිබේ. විනය වැදගත් වෙන්නේ එබැවිනි.
- Pubudu Stiwansa
#siriwansa

2020-10-08

“කෘතීම බුද්ධි”

එලබෙන දිනයකදී ඔබගේ හොඳම මිතුරා ඔබගේ භාවමය තේරීමක් නොවන්නට කටයුතු සිදුවෙන් ඇත. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ වටා ඉදිවෙමින් ඇති “කෘතීම බුද්ධි” අවකාශය එය ඉටුකරනු ඇත.
මේ ගැන ඔබට විස්සෝප වන්නට ඔබට අවස්ථාවක් නොලැබෙන්නේ එම තේරීම වඩාත් සාර්ථක එකක් වීමට වඩාත් ඉඩ අති නිසාය.
-Pubudu Siriwansa
#siriwansa

2020-10-07

මිනිස් විංඥානය..

මිනිස් විංඥානය සංකීර්නයකි. මේ සංකීර්නය අවිංඥානික භාවමය සංකේථයකට ඌනනය කරනවාද, නැතිනම් සවිංඥානික විශ්ලේෂනයකට ලක් කරනවාද යන්න අපගේ තීරනයකි.
- Pubudu Siriwansa
#siriwansa
0740044541

2020-10-06

නිහඬතම නිමේශය..

මිහිමත මට හමුවූ නිහඬතම නිමේශය කොයිබක වී දැයි කෙනෙක් මගෙන් විමසුවොත් මාකියන්නේ  ආශ්‍රම භූමියදී බවයි. නෙක ජීවයෙන් පිරි එහි එසේ වන්නේ කෙසේදැයි ඔබ විමසනු ඇත. ශ්‍රව්‍ය දෘශ්‍ය සංස්කෘතික කලබලය එහි නැත. ජීවිතය නෑවත සොයා ගැනීම් රැසකට අවශ්‍ය මුල් තොරතුරු රැසක් එහි තවමත් වෙතැයි මම සිතමි.
- Pubudu Siriwansa
#siriwansa
0740044541

2020-10-05

"තොරතුරු යුගය"

ජීවිතය අවට වන තොරතුරු බව වඩා සංක්‍රීය කර ඉහලට එසවුනු යුගය "තොරතුරු යුගය" ලෙසට අප නම් කර ඇත්තෙමු. ඔනෑම යුගයක පරිනාමීය දෙවන භගය වන "එහි සංස්කෘතික" පරිච්ඡේදයට මේවන විට අප ඇතුලු වෙමින් සිටින්නෙමු. විෂය සැගව භාවිතාව කැපී පෙනීම එම යුගයේ ප්‍රධාන ලක්ෂනය වේ.
- Pubudu Siriwansa
#siriwansa
0740044541

2020-10-04

තොරතුරු උපාංග..

අප පසුකරමින් සිටින්නේ තොරතුරු උපාංග ජීවිතය අවට පරිසරයේ සැගව යන යුගය වන අතර එලබෙමින් ඇත්තේ තොරතුරු තාක්ෂණ භාවිතාවන් ජීවිතය අවට සැගව යන යුගය ලෙසට මේ පැමිනෙන ප්‍රවනතාවය අපට වටහා ගන්නට හැකි වනු ඇත. 
- Pubudu Siriwansa
#siriwansa
0740044541

2020-10-03

ඩිජිටල් නම්‍යතා

එක් දෙසකින් අපමන මිනිස් අවශ්‍යතාවයන්ය. තවත් දෙසකින් සමාජය මත මෙවා ඔබ මොබ චලනය සුමට කරගැනීම සදහා භාවිතාවන මුදල් නම් සම්මත වටිනාකම් ඒකකයන්ය. බැංකුවක් යනු මේ අතර සිටගන්නා අපූරු ආයතනික ගොඩනැගීමකි. ඔවුන් මේ මුදල් නම් සුමටකාරකය කලමනාකරනට නෙක ආකාරයෙන් මැදිහත් වෙයි. ඩිජිටල් නම්‍යතා මේ සදහා මැදිහත්වීම අපූරු හැදෑරීමකට අවස්ථාවකි.
- Pubudu Siriwansa
#siriwansa
0740044541

2020-10-01

මිනිස් විංඥානය..

මිනිස් විංඥානය සංකීර්නයකි. මේ සංකීර්නය අවිංඥානික භාවමය සංකේථයකට ඌනනය කරනවාද, නැතිනම් සවිංඥානික විශ්ලේෂනයකට ලක් කරනවාද යන්න අපගේ තීරනයකි.
- Pubudu Siriwansa
#siriwansa
0740044541
www.siriwansa.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...