2014-06-30

තොරතුරු අවකාශය මුල් ස්වභාවයෙන් ජාතිවාදී , ආගම්වාදී හෝ අශීලාචාර සම්පන්න වන්නේ නැත.

  තොරතුරු අවකාශය මුල් ස්වභාවයෙන් ජාතිවාදී , ආගම්වාදී හෝ අශීලාචාර සම්පන්න වන්නේ නැත. එය තාක්ශනයකි. එහි ඇති වේගවත් බව හා නිවැරදි බව වාගේම දුර නැමති බාදකය පහසුවෙන් ඉක්මවා යාමේ හැකියාව වැනි අපූර්වතා සමග වඩාත් සිත්ගන්නා සුලු දෛනික භාවිතාවන්ට වඩාත් නම්‍ය ස්වරූපයන්ගෙන් සමන්විතව අප වෙත පැමින ඇත්තකි. එහෙත් එයට ස්වයංවිනයක් , නැතිනම් තම ඉදිවුනු තාක්ශනික ක්‍රමෞපාය ඉක්මවා යන සදාචාර හෝ නෛතික දැනුමක් සමග පැමින නැත. එය මත්තේ සැකසෙන ගබඩාවන තොරතුරු ගොනුවක් කොතරම් අශීලාචාරද නීතිවිරෝධීද යන්න විමසන්නට මුල් ස්වභාවයෙන් එය ‍රැගෙන ආ පෙරනයන් නැතිවීම එහි වන වරදක් ලෙසට හඳුනාගැනීම කොතරම් නිවැරදිදැයි අප වටහා ගත යුතුය.ද්විතීක නැතිනම් තෘතීක මට්ටම් වලදී නැතිනම් මෘදුකාංග මට්ටම් වලදී  නිර්මානය වී ඇති සමහර පෙරනයන් කොතරම් දුරට සාර්ථකද නැද්ද යන්නත් එහි වරදක් නොවේ.
                            එය බලාපොරොත්තුවන භාවිතාකරන්නෙකු සිටී. මාධ්‍යයක් ලෙසට සැලකීමේදී රූපවාහිනිය නැතිනම් ගුවන්විදුලිය සමග සිටි භාවිතාකරන්නාට වඩා දියුනු අයෙක් එය බලාපොරොත්තුවන්නේ අන්තර්ජාලය සමග වඩාත් පෞද්ගලික ආකාරයට සකසා ගත හැකි මාධ්‍ය භාවිතාවක් එය ‍රැගෙන විත් ඇති බැවිනි. හිංසනාත්මක නැතිනම් අපචාරශීලි දෑ වැඩි යෙන් නරබන්නට ගැනෙන විට වෙළඳ හෝ වෙනත් අරමුනු සමග වැඩි වැඩියෙන් එවන් දැ අන්තර්ජාලය මතට ගෙන ඒම සිදුවීම දැකිය හැක.ජල හැකියාව භාවිතාකරන්නෙකු ලෙසට වඩාත් දියුනු අයෙක් එය බලාපොරොත්තුවන්නේ තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් වඩා නිවැරදිව හා වෙගවත්ව එය ඔස්සේ ඉ‍ටුකර ගන්නවා මෙන්ම එය අනෙකුකුගේ පෞද්ගලිකත්වයට එබී බලන්නටද පහසු කවුලුවක් වන බැවිනි. සැම උපකරනයක්ම බලාපොරොත්තුවන භාවිතාකරන්නෙකු සිටී. මෙය වැරදුනු අවස්ථා පැහැදිලි කරන්නට අපූරු ජනවහරක් පැමිනෙයි එනම් "වඳුරාට දැලි පිහිය අහුවුනා වාගෙයි" ලෙසටය. 

2014-06-29

අනාරක්ශිත මෘදුකාංග භාවිතය අවමකර ගනිමු. මෘදුකාංග භාවිතය අවමකර ගනිමු.


  පරිගණකයකට පැමිනිය හැකි මෘදුහානීන් අතරට පලමු මට්ටමේම සටහන් වන්නේ නොමනා ලෙසට සංක්‍රිය කර ඇති මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය හා එ අකාරයටම සංක්‍රියකර ඇති ආරක්ශම මෘදුකාංගයක් ස්ථාපනය කිරීමය. මෙහෙයුම් පද්ධති සදහා මිල ඉහලව පැවතීම මෙම හැසිරීම් වලට ප්‍රධාන හේතුව ලෙසට පිලිගන්නට සිදුවන අතර  එය සැම විටම එසේම් නොවීම ද විටින් විට හමුවේ. මෙහෙයුම් පද්ධතිය වෙනු වෙන් මිලක් ගෙවිය හැකි මට්ටමේ භාවිතාකරන්නන්ද වෙනත් එතරම් තාර්කීක නොවන හේතු පදනම් කොට ගෙන මෙවැනි පියවරවල් ගැනීම දැකිය හැකිය. මෙහෙයුම් පද්ධතියක් මෙලෙස නොනිසි ලෙසට සංක්‍රියකිරීමට අවශ්‍ය මෘදු කොටස් නිපදවන්නන් එක් අවස්ථාවක්දී අදාල මෘදු කොටසට අමතරව යම් යම් හානිකර මෘදුකොටස්ද ඒතුලට බහා එවීම සිදු විය හැකියි. පරිගනකයක් තුල මෙහෙයුම් පද්ධතියට හිමිවන ප්‍රධන බව තුල ඒ හා මිශ්‍රිත පැමින ඇති සමහර ගොනු විමසා බලන්නට ආරක්ශක මෘදුකාංගවල බලයක් නැතිවීම සමහර අවස්ථාවලදී සිදුවිය හැක. එවන් අවස්ථාවක්දී ආසාධිත මෙහෙයුම් පද්ධතියක් මතට  ලොව ඉස්තරම්ම ආරක්ශක මෘදුකංගය ස්ථාපනය කලද බලා පොරොත්තුවන ආරක්ශාව නොපැමිනීම සිදුවිය හැකිය. එසේම නොමනා ලෙසට සංක්‍රියකරන ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනය කිරීම සොරසතුරෙකුද සමග  දොරගුලු ලා ගැනීමක් වැනිය. මෙවැනි අවස්ථා දෙකෙහිම පැන නැගෙන තවත් අනතුරු දායක තත්වයක් වන්නේ මෙවන් පියවරවලින් පසුව නිසි ලෙස එම මෘදුකාංග සදහා පැමිනෙන යාවත්කාලීන නිසි ලෙසට ලබා ගන්නට නොහැකිවීමය. විශේෂයෙන් අන්තර්ජල භාවිතය බහුල මෙවන් යුගයක එය එසේ වීම වඩාත් අනතුරු දායක විය හැක. "ubuntu" වනි නොමිළේ භාවිතාකල හැකි මෙහෙයුම් පද්ධති පෙර සංස්කරන වලදී මෙන් නොව වඩාත් තියුනු මට්ටමක මිලදී ගත යුතු මෙහෙයුම් පද්ධති සමග තරග කරන මට්ටමක වන බැවින් එවන් විකල්පයක් දෙසට යොමුවීම අනාරක්ශිත මෙහෙයුම් පද්ධහියක් සමග කටයුතු කරමින් අපහසුතාවයට් පත්වනවාට වඩා හිතකර වනු ඇත. ආරක්ශක මෘදුකාංග වලද තත්වය මේ අයුරින්ම වන අතර නොමිළේ ලැබෙන ආරක්ශක මෘදු කාංගයන් ඉතාම දුර්වල ඒවාම නොවන අතර සිදුවන්නේ සංකීර්න හානිකරයන් පැතිරීමක් ඇති මෙම යුගයේදී ආරක්ශිත පරිගණකයක් සදහ අවශ්‍යවන සියලුම ආරක්ශක උපාංග වලින් ඒවා සමන්විතව නොවීමය. සරල මට්ටමේ භාවිතාකරන්නෙකුට එසේ නොමිළේ ලැබෙන ආරක්ශක මෘදුකාංගයක් ගෙනෙන ආරක්ශාව ප්‍රමානවත් වන අතර එය නිසිපරිදි යාවත්වීම් ආදිය සිදුවන බවට වග බලා ගැනීම භවිතාකරන්නාගේ වගකීමකි. ස්වංක්‍රීයව සිදුවන පිරික්සුම් වලට අමතරව කාලයකට වරක් මැනුවල් ආකාරටද තම පරිගණකය පිරික්සා ගැනීම වැදගත් වන අහර  මුල් ආකාරයේ ආරක්ශක මෘදුකාගය ඔස්සේ ආරක්ශාව නොලැබෙන අංග පිලිබදව විමසමින් ඒවා සදහා කලකට වරක් ක්‍රියාත්මක කල හැකි අමතර  standalone ආකාරයේ ආරක්ශක මෘදුකාංගයක ස්ථාපනයකොට තබා ගැනීමට අමතරව  firewall මෘදුකංගයක් ඔස්සේ මුල් අරක්ශක මෘදුකාංගය ආරක්ශාව නොසපයන්නේනම් නොමිළේ ලබා ගතහැකි එවන්නක් හා spam ‍ෆිල්ටර් වැනි මෘදුසහයක් බාහිරින් ලබා ගැනීම වැදගත් වනු ඇත. Firewall මෘදුකාංගය ජාල ගතවීමකදී බාහිරින් අනවශ්‍ය පැමිනීම් වලකන්නට කටයුතු කරන අතර ද්විත්ව ආකරයේ ක්‍රියාකාරිත්වයක් ඇති Firewall ඔස්සේ දෙදිසාවටම සිදුවිය හැකි අනාරක්ශිත සබදතා ගැන අවධානයෙන් සිටීමේ ආරක්ශාව ලබ ගත හැකි වමු ඇත.

windows phone 8.1 මතට Adobe Photoshop Express පැමිනේ!!!

  අද වන විට ඔබගේ ස්මාර්ට් දුරකථනය ඔස්සේ ඡායාරුවක් ගන්නා විගස එහි ක්‍රියාත්මක විය හැකි app කිහිපයකි. එම ඡායාරුව සමග ඔබගේ ක්ලවුඩ් ගිනුමේ ඡායාරූ තැන්පතුව Update වීම , එය share කරන්නේ මොන සමාජජාලා සමගද යන්න විමසීම  නැතිනම්  එය සංස්කරනය සදහා විවෘත කරන්නේ මොන app මෘදුකාංගය සමගද යන්නය. සමහර විටක මෙම තොරාගැනීමේ අවස්ථා කිහිපයම එක් app මෘදුකාංගයක් සමග විය හැකි අතර ‍තෝරා ගැනිමේ අවස්ථාව පමනක් ඔබට ලැබෙනවා විය හැකිය.ඡායාරූප සංස්කරනයේ ප්‍රමුක නාමයක් වන Adobe Photoshop වල app පැමිනීමක් Windows 8.1 වලට සිදුවීම එය භාවිතාකරන්නන් අතර අවධානය දිනා ගැනීමක් වනු ඇති බවට බලාපොරොත්තුවිය හැකි අතර වැඩි දුරටත් නිවේදනය වන්නේ Adobe Photoshop Express පැමිනීම නොමිළේ භාවිතාකල හැකි app මෘදුවක් ලෙසට නම්වීම වඩාත් ආකර්ශනීය වනු ඇති බවයි.. 
                 තවදුරටත් ස්මාර්ට් දුරකථනය ඔස්සේ ලබා ගන්න ඡායාරුවක් Pc වෙතට මාරුකරමින් කරදරවීමට අනවශ්‍ය කරවන මෙම පැමිනීම සමග ඔබගේ ඡායාරුව  cropping, straighten, rotate හා flip photos මෙන්ම a red-eye removal option.වන අතර පහසුවෙන් one-touch "Auto-Fix"ටූලය ඔස්සේ brightness, exposure මෙන්ම  shadows සංස්කරනය වන බවටයි නිවේදනය වන්නේ. එසේම පැමිනෙන 20 effects සමග ඡායාරුව වඩාත් ආකරශනීය කර ගන්නට හැකිවන අතර ඡායාරුවේ වන exposure, contrast, clarity, vibrance වැනි දෑ සකසා ගැනීමෙ හැකියාවද වන බවටයි නිවේදනය වන්නේ. අවසානයේ  සැකසූ ඡායාරුව පහසුවෙන්  Facebook නැතිනම් Instagram වැනි අඩවියකට සැංවීමේ හැකියාවද  සමගම මෙම app නිකුතුව පැමින ඇති අතර අමතර ගෙවීම් ඔස්සේ එහි හැකියාවස නවාංග එක් කර ගැනීමේ අවස්ථාවද වන බවට පැහැදිලි කෙරෙනවා.

2014-06-28

ආරක්ශිත පරිගණකය ඉමහත් සහනයකි..

  ආරක්ශිත පරිගණකය ඉමහත් සහනයකි. එය ඔබගේ තොරතුරු දිවියට ප්‍රබෝදයක් ගෙනෙනු ඇත. පලමු කොට නිරෝගී මට්ටමක ඇති ඔබගේ පරිගණකය එහි වන උපරිම ප්‍රොසෙසර් හැකියාව , මතක හැකියාව සමග ඔබගේ කටයුත්ත සදහා ලබ දෙන්නට කටයුතු කරනු ඇත. බොහෝ විට හානිකරයක් එම දත්ත උපාංගයේ ක්‍රියාත්මක වන විට එම උපකරනයේ උපරිම ක්‍රියාත්මක වීමට ඉඩ නොලැබෙන්නේ දෘශ්‍යව හෝ අදෘශ්‍යව එම හානිකරයේ ක්‍රියාත්මක බව සදහා ඉඩකඩක් ලබා ගන්න නිසාවෙනි. තවත් විටක එය පරිගණකය සම්පූර්නයෙන් අඩපන කොට දමන්නට තරම් සැහැසිවන් අවස්ථා ද නැතුවාම නොවේ. තවත් විටක කිසියම් ආකාරයක ගොනු වර්ග සදහා පමනක් ක්‍රියාත්මක වෙමින් ඒවා විවෘතවීම වැලකීමේ සිට මකා දැමීම දක්වා වූ විවිධ ආකාරයේ අපහසුතා ගෙනෙන්නට කටයුතු කරන අවස්ථාද දැකිය හැක.
                                 තවත් විටක ආසාධිත පරිගණකය භෞතිකව ඔබගේ උවද එහි ක්‍රියාකාරීත්වයේ හැකියාවෙන් වැඩි ප්‍රථිශතයක් ජාලගත වීම ඔස්සේ බොහෝ දුරක වෙසෙන සයිබර් අපරාධකරුවෙකුගේ පාලනයට යටත්ව තිබෙන්නට පුලුවන. එම අපරාධකරු විසින් කිසියම් ආකාරයකට ඔබගේ පරිගණකය මත තැන්පත්කරන හානිකරයක් ඔස්සේ මෙම මෙහෙයවීමේ හැකියාව අත්පත්කර ගනිනු දැකිය හැක. ආසාධ්ත වෙබ් අඩවි ඔස්සේ , ආසධිත දත්ත ගොනු ඔස්සේ,ආසාධිත පෙන් ඩ්‍රටිව් වැනි උපාංග ඔස්සේද මෙම හානිකර බව ඔබගේ උපාංගයට පිවිසෙන්නට අවස්ථාව ඇත. මෑතකදී පලවූ වාර්ථාවක් පැවසුනේ චීන කිසියම් කර්මාන්තශාලවාක් ඔස්සේ පැමිනෙන උපාංග වර්ගයක් නිෂ්පාදනාගාර මට්ටමේ සිටම ආසාධන සමග පැමිනෙන බව තහවුරුව ඇති බවකි. කල්පනා කාරීවිය යුත්තේ එබැවිනි. පෙරකී ආකාරයේ ආසාධනය කිරීමක් ඔස්සේ එම අපරාධකරු තමන්ගේ අවශ්‍යතාවයක් සදහා ඔබගේ පරිගණක හැකියාව යොදා ගන්නා අවස්ථා තිබේ. මෑතකදී වාර්ථාවූවේ "Bit Coines" නිර්මානය කරගැනීමට අවශ්‍ය පරිගණක හැකියාව මෙසේ ආසාධිතකරන ලද පරිගණක ඔස්සේ ලබා ගනිමින් සිටින අපරාධ අවස්ථා හමුවූ බවකි. තවත් විටක වෙනත් සර්වරයක් නැතිනම් පරිගණකයන් සදහා ප්‍රහාරත්මකව ක්‍රියාත්මක වන්නටද මෙම හැකියාවන් යොදා ගැනීම් බහුලය.
                                   තවත් විටකදී පෙරකී ආකරයේ එකක වත් නොව ඔබගේ දත්ත උපකරනය ඔස්සේ සිදුකරන වැදගත් තොරතුරු භාවිතාවන් පිලිබදව රහස් තොරතුරු ලබා ගන්නට හා ඒවා අපරාධකරුවන් අතට පත්කරන්නට ක්‍රියාකරන ආසාධිතභාවයන් බහුලය. ඔබගේ නයවර පතේ තොරතුරු , වැදගත් ගිනුම් වල තොරතුරු , පරිගණක්යේ තැන්පත්ව ඇති පෞද්ගලික හෝ රාජකාරී මට්ටමේ තොරතුරු ඔබට රහසින් මෙම මෘදුකාංග ඔස්සේ බාහිර සිටින අපරාධකරුවෙකුට අත්පත් වන අවස්ථා මේ අතර වේ. එපමනකුදු නොව ඔබගේ පරිගණකයට සම්බන්දව ඇති කැමරා , මයික්‍රෆෝනයන් වැනි උපකරන අනවසරව ක්‍රියාත්මක කරවා ඒවා  ඔස්සේ ලබා ගන්නා තොරතුරු පසුව ඔබට එරෙහිව භාවිතාකරන ලද අවස්ථාද බහුලය. සමහර විටක ඔබට දැනෙන නොදැනෙන මට්ටමකින් මෙම හානිකරයන් ක්‍රියාත්මක වෙමින් සාමන්‍යයෙන් නොහැගෙන ලෙසට එම නීතිවිරෝධී අවශ්‍යතා ඉ‍ටුකරගන්නට හැකිවන ලෙසට මෙම හානිකර මෘදුකාංග නිමවී තිබෙනුද හැකි බැවින් වඩාත්සංවෙදී නොවන පරිගණක භාවිතාවක ඔබ යෙදෙන්නේනම් කල්පනාකාරී වීම වැදගත්වේ. තවත් සංකීර්න අවස්ථාවලදී ඉහතකී අවස්ථවලින් කිහිපයක් ම ගෙනෙන ආකාරයට ආසාධිතවීමේ හැකියාවටද ඔබ විවෘතව ඇත. උදාහරනයක ලෙසට වැදගත් මට්ටමේ තොරතුරු ඔබගේ පරිගණකයේ නොමැතිනම් පරිගණකය අක්‍රියකර එය යතා තත්වයට පත්කරන්නට නම් මුදලක් ඉල්ලා සිටින අවස්ථා පසුගිය කාලයේ වාර්ථාවිය.

දත්ත උපාංගය සමග මෘදුලෙසට පැමිනෙන දත්ත සහයකාවිය!!!!

  ඔබගේ ජංගම දත්ත උපාංගයට ගත හැකි ස්වරූප බොහොමයකි. මේවා අතරින් වඩාත් ප්‍රායෝගික ඵලදායීම සේවයක් ගෙනෙන ස්වරූපයක් ලෙසට personal digital assistant පිලිගැනේ. ඔබ දෛනික ජීවිතයේ යනෙන, කියන කරන , සොයන බලන, මිලදී ගන්නා මෙකී නොකී වූ දහසක් දේ ගැන හොඳින්ම දන්නා උපකරනයක් ලෙසට එම ජංගම දත්ත උපාංගයට මෙම සේවයට පහසුවෙන් පිවිසිය හැකිවීම විමතියට කරුනකද නොවේ. මේ සිසාම ප්‍රධාන පෙලේ දත්ත සමාගම් තුනම තම සේවාවන් සමග personal digital assistantමෘදු සහයක්  ගෙනෙන්නට ක්‍රියා කර තිබෙනවා. උපකරනය තුලවන දත්ත මෙන්ම සම්බන්දවන ජාලයන් තුලවන තොරතුරු ඇසුරෙන් වාචිකව එය ඔබට ගෙනන සහය මහත් බවටයි ප්‍රායෝගිකව පිලිගැනෙන්නේ. මහ මග වාහනයක් පදවමින් සිටින ඔබට අවශ්‍ය මහමග තොරතුරු මැප් සේවාවක් ඇසුරින් වාචිකව ගෙන ඒම කාලය ඉතිරිකරවන පහසුවක් වන විට සබදතාවක් ඔස්සේ පැමිනෙන  Text පනිවිඬයක් කියවා දෙන්නට පමනක් නොව ආපසු එයට යැවිය යුතු පිලිතුර වාචිකව ලබා දෙන විට එය සටහන් කොට ගෙන යවන්නට තරම් එය බුද්ධිමත්ය. එසේම පෙර ලබා දී තිබූ සිහි කැදවුමක් පමනක් නොව ආයතනයේ සැන්දෑවේ පැවැත්වන සමාලෝචන හමුව ගැන ආයතනයේ පොඳුකාල සටහනෙන් උපුටා ගෙන මතක් කර දෙන්නට එය සමත්ය. විටක ඔබගේ සොහොයුරගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතන්නට මතක් කර දෙන්නට පමනක් නොව යැවිය යුතු පනිවිඬය තොරගන්නට පවා එය සහයට පැමිනෙන අතරම වාහනය පසුකරමින් සිටින නගරයේ දී දිවා ආහාරය සදහා ඔබගේ සිතැගි වලට අනූව සුදුසු ස්ථානයක් තොරා දෙන්නටද එය සමත්වනු ඇත. හදිස්සි අවස්ථවකදී ස්වංක්‍රීයව අදාල සහය සේවාවලට මෙන්ම සමීප සබදතාවයක් දැනුවත් කරන්නට ක්‍රියාත්මක වන තරමට එයට ඔබගේ ජීවිතයට සමීපවන්නට හැකිවීම සිත්ගන්නා සුලු වනු ඇත.
                                                                         මෙසේ ඔබගේ සහයට පැමිනීමේදී එයට අවශ්‍ය තොරතුරු ‍රැස්කර ගැනීම වැදගත්වේ. සියලුම පාහේ නිකුතූන් සමග මේ සදහා ඔබට අවශ්‍ය මට්ටමක් දක්වා එයට ඉඩ දෙන්නට හැකිවන සැකසුම් වලට යටත්වය එය ක්‍රියාත්මක වනු ඇත. මෑතකදී පැවතින් හමුවකට සහභාගී වෙමින් Microsoft ආයතනය වෙනුවෙන් අදහස් පලකල ඔවුනගේ Cortana  සමග කටයුතු කරන මහතෙකු පැහැදිලි කර සිටියේ අවශ්‍ය නම්  වෘතීය දිවිය සදහා එක් සංස්කරනයකුත් පෞද්ගලික දිවිය සදහා තවත් සංස්කරනයක් ලෙසට මෙම සේවාව යොදා ගැනීමතුල තොරතුරු වල සුරක්ශිත බවට පියවර ගත හැකි වන අතරම එම තොරතුරු අතර පෞද්ගලික තොරතුරු අදාල උපකරනයේ පමනක් ගබඩා වන අතර පොඳු කරුනු පමනක් අන්තර්ජාලය ඇසුරින් ලබා ගෙන එන ආකාරයට එම සේවය සැකසී ඇති නිසා අනවශ්‍ය ලෙසට පෞද්ගලික තොරතුරු  සර්වර ගතවීමේ අනතුරින් මිදිය හැකි බවටයි. තොරතුරු උපාංග සමග එන සේවා අතරින් වඩාත් අපූර්ව ලෙසට භාවිතාකරන්නාගේ ජීවිතය වෙතට සමීප විය හැකි , සහය විය හැකි, සේවාවක් ලෙසට සියලුම පාහේ ප්‍රධාන ආයතනයන් මෙම personal digital assistan වෙතට බලාපොරොත්තු තබා තිබීම දැකිය හැකිය.

2014-06-27

නොමිළේ ලබා ගත හැකි ආරක්ශක මෘදුකාංගයක්....

  අනාරක්ශිත තොරතුරු උපකරනයක් යනු තව දුරටත්  එම උපකරනය භාවිතාකරන්නාගේ පෞද්ගලික කාරනාවක්ම පමනක් නොවන බව වර්ථමාන පිලිගැනීමයි. විශේෂයෙන් ජාලගත වීම බහුල වෙමින් ඇති යුගයක මෙන්ම සැලකිය යුතු වේගයක් සහිත ජාල ගත වීමේ පහසුව බහුල වෙමින් ඇති යුගයක මෙම ප්‍රවනතාවය වඩාත් ඉස්මතුව පෙනෙමින් ඇති බවටයි හදාරන්නන් අවධාරනය කරන්නේ. එක් අතකින් තොරතුරු මෙසේ අවධාරනය වෙද්දී තවමත් තවත් දෙසකින් කුඩා පරිමානයකින් උවත් අකටයුතු ලෙසට සංක්‍රියකරන ලද ආරක්ශක මෘදුකාංග භාවිතාවටද අවධානය යොමුකරන්නට උත්සාහ කිරීම කොතරම් භ්‍යානක විසුලු සහගත කාරනාවක්ද යන්න තව දුරටත් පැහැහිලි කල යුතු නොවේ. මිළදී ගත යුතු ආරක්ශක මෘදුකාංග සංස්කරනයකට යා නොහැකි හැම විටම නොමිළේ ලබා ගත හැකි ආරක්ශක මෘදුකාංග සංස්කරනයකට පිවිසීම වඩාත්ම නුවනැති කටට්යුත්තක් වමු ඇති බවටයි හදාරන්නන්ගේ උපදෙස වන්නේ.
                       අඩු බලැති පරිගණකයේදී උවත් සැහෙන දුරකට හොඳින් ක්‍රියාත්මකවන නොමිළේ ලබාගත හැකි මෘදුකාංග අතර වඩාත් සාර්ථක ආරක්ශක මෘදුකාංගයක් ලෙසට සැලකෙන Avast ආරක්ශක මෘදුකාංගය වඩාත් දියුනු කල ආරක්ශක අංගයන් කිහිපයකින්ම සමන්විතව පැමින ඇති බවටයි නිවේදනය වන්නේ.AutoSandbox පහසුව සැලසහිත ගොනු සදහා වඩාත් සාර්ථව හඳුනා ගැනීමේ හැකියාව වැඩි දියුනු කරන ලද  cloud scanning පහසුව වෙගවත් යාවත්කාලීන නිකුත්කිරීමේ හැකියාව පමනක් නොව හානිකරයන් ඉවත්කිරීමේදී වැඩි දියුනු කරන ලද නව යාන්ත්‍රනය මෙහි ඇති කැපීපෙනෙන කාරනවලි කිහිපයක් ලෙසටයි දැක්විය හැක්කේ. මීට අමතරව web browser pluginsඔස්සේ වෙබ් සැරිය වඩාත් ආරක්ශා කර දීම  Do-Not-Track (DNT) පහසුව මෙන්ම  SafeZone ඔස්සේ අන්තර්ජාලය තුලදී වන ගනුදෙනු සදහා වඩාත් ආරක්ශිත අවකාශයක් නිර්මානය කරදීම පමනක් නොව පද්ධතිය හදිස්සි බිඳ වැටීමකදී භාවිතයට ගත හැකි Rescue disk භාවිතාකරන්නෙකුට පහසුවක් වනු ඇත. මෙම ආරක්ශක මෘදුකාංගයේ නවතම සංස්කරනයක් වන මෙහිදී හඳුනා ගෙන තිබූ දුර්වලතා කිහිපයක්ම නිවරදි කරන්නට කටයුතු කර ඇති බවටත් එම ආයතනය නිවේදනය කර සිටිනවා.(මෘදුකාංග ස්ථාපනයේදී අනවශ්‍ය අමතර මෘදුකාංග ස්ථාපනය වලකා ගැනීම සදහා කල්පනාකාරීව එහි පියවරයන් පසු කිරීම වැදගත් වනු ඇත. සමහර විට එම අනවශ්‍ය මෘදුකාංග කොටස් ස්වංක්‍රීයව ස්ථානයට හැකිවන සේ සැකසුම් වී එම පියවරයන් අතර වන බැවින් කල්පනා කාරීව සිට අනවශ්‍ය එකගවීම් (හරි ලකුනු වැනි) මග හරින්නට කටයුතු කල යුතුවේ.)

පැමිනෙන්නට නියමිත Android L

  Android L සංවර්ධකයන් අතට පත්වීමට නියමිත මීලග Android සංස්කරනය ලෙසට මේ වන විට නිවේදනය වී හමාරය. Google ආයතනය තම වාර්ෂිකව පවත්වනු ලබන  I/O වල 2014 හමුවේදී මේ බව නිවේදනය කරන්නට කටයුතු කර සිටියාය. මෙහිදී කථා බස් කෙරෙනු නවාංග අතර Android Wear මෙන්ම Android TV ද වනවා. Android L සමග Google ආයතනය තම ප්‍රකට මොබයිල් මෙහෙයුම් පද්ධතියේ අනාගතය දිශාකිහිපයකට චලනය කොට ඇති බවටයි විචාරනය වන්නේ. ඔවුන් යෝජනා කරන්නේ platform එකක් ලෙසට Android ඉදිරියට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බවයි. තවදුරටත් මෙහෙයුම් පද්ධතියක් හුදෙක් එක් උපාංගයකට සීමාව සිටීම අතාර්කික වීම ඔස්සේ සලකා බැලීමේදී Google TV හා  Google Wear සමග එය දෛනික ජීවිතය තුල වඩාත් ප්‍රායෝගික වපසරියක් හිමි කර ගන්නට උත්සාහ කරමින් සිටින බවටයි දැක්වෙන්නේ.
                    භාවිතාකරන්නන් සදහා වඩාත් සුව පහසු ආකර්ශනීය බවක් ගෙනෙමින්  Material Design සමග නව මෙහයුම් පද්ධතිය වඩාත් සුමට අත්දැකීමක් කරන්නට කටයුතු කොට තිබෙනවා. ආයතනය තම ඉදිරිපත්කිරීමේ පෙන්වා දුන්නේ භාවිතාවේදී වඩාත් චලනීය ස්වභාවයකින් එය භාවිතාකරන්නා වෙතට පැමිනීමට සූදනමින් සිටින බවකි. එසේම Cromebook වැනි හිතවත් උපාංගයක් ලග තිබෙන විටකදී එය ඔස්සේ භාවිතාකරන්නාගේ අනන්‍යතාවය හඳුනා ගන්නට කටයුතු කිරීමත් notifications වැනි දෑ එම උපකරන ඔස්සේද භාවිතකරන්නා වෙතට නිකුත්කරන්නට හැකිවීමත් එහිදී දැක්වුනු ආකර්ශනීය කාරනා වනවා. Android Auto සමග කටයුතු කිරීමේදී ඔබගේ අනන්‍යතාවය පහසුවෙන් එය සමග හුවමාරු කරගන්නටත් එහිදී ඔබගේ ප්‍රියතම සංගීත කාන්ඩ විස්තර , පැමිනෙන මෙන්ම යවන Text පනිවිඬ තොරතුරු ඇමතුම් යොමුකිරීම් ආදිය බොහෝ කරුනු වලදී නව මෙහෙයුම් පද්ධතිය වඩාත් නම්‍යව කටයුතු කරන්නට සූදානම් බවටයි දක්වූවේ. කෙටියෙන් පවසන්නේ නම් තවදුරටත් Desk Top මෙන්ම Mobile හා wearable වැනි පැරනි ආකාරයේ එකි නෙකාගෙන් වෙන්වූ අනන්‍යතාවයන් සහිත තොරතුරු භාවිතාව තවදුරටත් වලංගු නොවීමේ පනිවිඬය Android L තහවුරු කොට සිටිනවා.

Windows Phone 8.1(Skype) වෙතටත් Cortana පහසුව පැමිනේ!!!!

  Microsoft ආයතනය තම Skype සදහා නව සංස්කරනයක් iPhone සදහා නිකුත්කරනු ලැබුවේ මෙම මස මුල් භාගයේය. එසේම එම ආයතනය නිකුත්කරන නවතම නිවේදනයක් පවසන්නේ තම Windows Phone 8 හා 8.1 වෙතට නව දියුනු කිරීම් හා එකතුකිරීම් සහිතවූ යාවත්කාලීනයක් නිකුත්කරන්නට තමන් කටයුතු කල බවකි. මෙම Windows Phone 8.1 වෙතට  upgraded කර ගත් භාවිතාකරන්නෙකුට හමුවන නවංග අතර කැපී පෙනෙන  අංගයක් වන්නේ  Cortana පහසුවයි. ඒයත් සමග Voice ආකාරයට  digital assistan සමග ගනුදෙනු කරන ආකාරයට කටයුතු කරනු හැකිවනු ඇති බවටයි නිවේදනය වන්නේ. උදාහරනයක් ලෙසට භාවිතාකරන්නෙකුට  "Skype, get Dad on the screen" වැනි විධානයක් ඔස්සේ තම Skype ඇප් එකත් සමග ගනුදෙනු කරන්නට හැකිවනවා ඇත.
            මීට අමතරව මෙම නව යාවත්කාලීනයත් සමග  language suppor පහසුව භාෂා 19ක සිර 51 දක්වා ඉහල නංවන්නටද එම ආයතනය් කටයුතු කර ඇති බවටයි නිවේදනය වන්නේ. මීට අමතරව අවසාන වරට යවන ලද  messageය Edit කිරීමේ හැකියාවද දැක්වෙනවා. මෙය භාවිතාකරන්නන්  විසින් කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි අවශ්‍යතාවයක් ලෙසටයි දැක්වෙන්නේ. මෙම නව සංස්කරනය 2.19 ලෙසට වන අතර එය Windows Phone Store වලින් දැන් ලබාගත හැකි බවටත් නිවේදනය වනවා.

2014-06-26

Google ‍රැගෙන ආ නව ද්‍රශ්‍ය භාෂාව..( 'Material Design')

  දෘශ්‍ය භාෂාවට තොරතුරු අවකාශයතුල හිමිවන වපසරිය වඩාත් පුලුල්ය. වර්න, හැඩතල , ගැබුර වැනි යොදාගැනීම් වලට අමතරව එන චලනය ඒ බවට වඩාත් අර්ථ නංවන සුලුය. Google ආයතනය තම I/O 2014 තුලදී කල කැදවාගෙන ඒම් අතර design language එකක ලෙසට හඳුනා ගත හැකි  'Material Design' යෙදුම කැපී පෙනිනි. තොරතුරු භාවිතාවේ භාවිතාකරන්නන්ගේ කවුලුව වෙතට නව නම්‍ය අපූරු හැසිරීමක් එය එක් කොට ඇති බවට  ඔවුන් එහිදී පෙන්වා දෙනු ලැබීය.තම ප්‍රධාන භාවිතාවන් කිහිපයක් වන Calendar, Gmail, Maps වැනි භාවිතාවන් සමග මෙම නව UI කලාව වඩාත් පැහැදිලි , පිරිසුදු , නම්‍ය රටාවක් ගෙනෙන බවයි ඔවුන් වැඩි දුරටත් පොරොන්දු පලකොට සිටියේ. එහිදී පැවසුනේ Google හි මෙම නව ද්‍රශ්‍ය භාෂාව තම Google Crome මෙහෙයවුම් පද්ධතිය ඇතුලු සියලු අංගයන් සමග ඉදිරියේ මිශ්‍රවීමට නියමිත බවයි.

Android Auto සමග වඩාත් නම්‍ය ආරක්ශිත දත්ත භාවිතයක් ඔබේ රථයටත් සහතික වෙයි...

  ඔබගේ කාරයේ වන infotainment system සමග වඩාත් සාර්ථක සහජීවනයකට Android උපාංග සූදානම් කරවමින් Google ආයතනය තම Android Auto හඳුන්වා දෙන්නට ගෙවී ගිය දිනයේ පැවති Gogle I/O 2014දී කටයුතු කරන ලදී. වඩාත් පහසුවෙන් ඔබගේ Androud උපාංගය සමග එය sync වෙමින් පහසු Text හැකියාවක් , සංගීත කාංඩයකට සවන් දීමට අවස්ථාවක් , ගූගල් මැප් වැන්නක් භාවිතට හැකියාවක් එය ‍රැගෙන එන බවටයි ඔවුන් පෙන්වා දෙන්නට කටයුතු කරනු ලැබුවේ. එහිදී කැපීපෙනෙන කරනක් වූවේ මහමගදී අවශ්‍ය ආරක්ශාවට මුල් තැන දෙමින් එම ක්‍රියාකාරකම් වලදී interactive voice හැකියාවය. යැවිය යුතු මෙන්ම පැමිනි Text කියාවා දීම , ගූගල් මැප් සමග Voice ආකාරයට කටයුතු කිරීමේ හැකියාව එහිදී වඩාත් ඉස්මතුව පෙනිනි. දැනට මත මෙම නව භාවිතාව සමග කටයුතු කරන්නට වාහන නිෂ්පාදකින් ප්‍රමානයක් එකගව ඇති බවත් මෙම වසර අවසානය වන විට ඒවා වෙළඳ පොලට පැමිනෙන්නට  නියමිත බවටත් එහිදී නිවේදනය විය.

Android TV පැමිනෙයි. එය TV තිරය වඩාත් උත්කර්ෂවත් කරන බව දක්වයි!!!

  Android TV පිලිබදව කථා බහ පැවති දීර්ය කාලය අවසන් කරමින් ඊයේ පැවති Goohle I/O වලදී Google ආයතනය තම  Android TV භාවිතාව නිල ලෙසට ප්‍රකාශ කරන්නට කටයුතු කලාය. ඔවුන් එහිදී පෙන්වා දුන්නේ Android TV යනු තවත් new platform එකක නොවන අතර එය ස්මාර්ට් දුරකථනය හා ටැබ්ලට් උපකරනය ලෙසටම තිරයක ලෙසට දත්ත ජීවිතය වෙතට පැමිනෙන සහයකයෙකු බවට පත්කරවමිනි. ඔවුන් පැහැදිලි කර සිටියේ Android TV app සමග Android ware උපාංගයක් සමග , ස්මාර්ට් දුරකථනයක් සමග මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලටයක් සමග පුලුල් තිරයක අවශ්‍යතාවය ඉ‍ටුකර දෙන්නට මෙම පැමිනීම සහය වනු ඇති අතර පෙර කී උපාංග දුරස්ථ පාලකයක් මෙන් ක්‍රියාත්මක වනු ඇති බවකි.  live TV මෙන්ම on demand ලෙසට පමනක් නොව third-party apps වන  Netflix  නැතිනම් Plex වැනි භාවිතාවන්ට එය හොඳ සහයක් වනු ඇති බවකි. එය voice සෙයුම් විධාන ඔස්සේ audio හා video ප්‍රථිපල ගෙනෙන්නට කටයුතු කරන අතර සිනමා පටයක් දිනා ඇති සම්මාන නැතිනම් එහි වන නලු නිලියක පිලිබද තොරතුරු පහසුවෙන් දැකගන්නට සූදානම්ව එය පැමින ඇති බවට නිවේදනය කරන්නට ඔවුන් කටයුතු කර තිබිනි. Gaming වලට දක්වන සහය ඔස්සේ multiplayer games ඔස්සේ උපකරන දෙකක් සමග සහභාගී වීමේ හැකියාව මෙන්ම සහය දක්වන  Android උපාංගවලින්  stream content  සමග පුලුල් තිරයකදී අත්දැකීම් බෙදා ගැනීමේ හැකියාවද පෙන්වා දෙන්නට Google ආයතනය කටයුතු කර සිටියාය.

2014-06-25

Gom Player 2.2.62

  මෘදුකාංග භාවිතයේදී නිතරම වඩාත්ම නවීනතම සංස්කරනය තම දත්ත උපාංගයේ තිබීම මෙන්ම අවශ්‍ය විටකදී එකම මෘදුකාංගයක් ඔස්සේ වැඩිම පහසුකම් ලබාදෙන සංස්කරන ‍තෝරා ගනිමින් අඩු මෘදුකාංග ප්‍රමානයක් පවත්ගෙන යාමද වැදගත් වනු ඇත. එම මෘදුකාංග සමග එන ඒවා යාවත්කාලීන වීමේ යාන්ත්‍රන මෙන්ම එම මෘදුකාංගයේ සේවය වඩාත් නිවරදිව ලබා දීමේ අරමුනින් මෙන්ම විටක වෙනත් අරමුනු වලින් පෙරකී ප්‍රධාන මෘදුකාංගය අක්‍රියව තිබෙන විටකදී පවා සමහර මෘදුකාංග කොටස් භාවිතාකරන්නා නොදැනුවත්වම සංක්‍රියවීම මෙන්ම සංකීර්නව සැලකීමේ සම්හර අවස්ථාවලදී පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ වන පොදු පහසුකම් තම මෘදුකාංග සදහා පමනක් අත්පත් කර ගන්නට තැත්කරන වැනි අපහසුකාරී අවස්ථා හදාරන්නන් පෙන්වා දෙමින් තිබෙනවා. media player භාවිතාවේදී මෙවැනි දුර්වලතා ඔස්සේ පරිගණක තාක්ශනවේදියෙකුගේ පිහිට පත්තන්නට වන අවස්ථා සාමන්‍ය බාවිතාකරන්නන් අතර සුලබව දකින්නට හැකි බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. එසේම එකම media playerයක් ඔස්සේ සියලු පහසුකම් ලබන්නට අපහසුවීමද සත්‍ය මුත් හැකිතාක් වැඩි පහසුවක් දෙන මෘදුකාංගයක් ඔස්සේ භාවිතයේ යෙදීම  පහසුවක් වන්නේ භාවිතාකරන්නා හට පමනක් නොව දත්ත උපංගයටද වේ.
                              GOM Media Player යනු මේ ආකාරයේ වැඩි දෙනාගේ අවධානය දිනාගත් වැඩි පහසූන් ප්‍රමානයක් ‍රැගෙන එන නොමිළේ භාවිතාකල හැකි මෘදුකාංගයකි. එහි built-in ආකාරයට එන බොහොමයක්  video හා  audio formats සමග කටයුතු කිරීමේ හැකියාව , පහසුවෙන් භාවිතාකරන්නාට අවශ්‍ය පරිදි සකසා ගැනීමේ හැකියාව මෙන්ම Codec Finder service වැනි හැකියාවන් ඔස්සේ ලොව පුරා මිලියන ගනනක් භාවිතාකරන්නන් අතර ජනංප්‍රිය සේවාවක් ලබා දෙන මෘදුකාංගයක් ලෙසට පිලිගැනේ. පහත දැක්වෙන සබදතාවය ඔස්සේ මෙම මෘදුකාංගයේ නවතම් සංස්කරනය ඔබටත් ලබ ගන්නට හැකිවන අතර හඳුනාගෙන තිබූ දුර්වලතා සකසා තිබීම මෙන්ම දියුනු කිරීම් කිහිපයක් මෙන්ම නවාංග කිහිපයකින් මෙම සංස්කරනය සමන්විත බවටයි නිවේදනය වන්නේ.

http://player.gomlab.com/eng/

Cloud storage ඔස්සේ දත්ත භාවිතාව පහසුකර ගනිමු!!

  අප පසුකරමින් සිටින්නේ වැඩි සයිබර් අවකාශ භාවිතාවක් සිදුවන මෙන්ම එක් උපාංගයකට වඩා දෛනික ජීවිතයේදී භාවිතාකරන යුගයක්ය. තම දෘඩ තැටිය මත අවශ්‍ය දත්ත රදවා තැබීමෙන් පමනක් තව දුරටත් සැහීමකට පත්වනට නොහැකි වන්නේ වෘතිකව මෙන්ම පෞද්ගලිකව භාවිතාවන දත්ත ප්‍රමානය වේගයෙන් ඉහල යාමත් විවිධ දත්ත උපකරන ඔස්සේ විවිධ අවස්ථාවන් වලදී ඒවා භාවිතයට අවශ්‍ය වීමත් සමගය. මේ අවශ්‍යතාවයට විසදූම් ලෙසට පැමිනි එක් තොරා ගැනීමක් වූවේ විවිධ ආයතන විසින් ක්ලවුඩ් ආකරයට නැතිනම් දත්ත උපාංගයට බාහිරින් වන සර්වරයක අවසර පද හා තවත් ආරක්ශක උපංක්‍රම භාවිතාකරමින් තම දත්ත රදවා තබා පසුව වන අවශ්‍යතාවයකදී පහසුවෙන් ඔනෑම තැනක සිට ඔනෑම උපකරනයක් ඔස්සේ ඒවා ලබා ගන්නට හැකිවීමය. Microsoft , Google , Apple වැනි ආයතන පමනක් නොව තවත් ආයතනයන් රාශියක් මෙම සේවාව සැලසීමට පිවිසි අතර නොමිළේ ලැබෙන සීමිත ඉඩ ප්‍රමානයක සිට මුදල්ගෙවා ලබා ගන්නා වැඩි ඉඩ ප්‍රමානයක් දක්වා මෙම පහසුව යටතේ ලබා ගන්නට ඔවුනට හැකිවිය. මයික්‍රසොෆ්ට් සමාගම තම මෙහෙයුම් පද්ධතියේ භාවිතාවේදී පවා වෙනත් උපකරනයකින් එම මෙහෙයුම් පද්ධතිය යටතේ පිවිසෙන පහසුවෙන් තම මුල් සැකසුම් හා ගොනු භාවිතාකරන්නා වෙතට ගෙන එන්නට හැකිවන පහසුව දක්වා අද වන විට මෙමක්‍රම වේදය ආශ්‍රිත සේවා දියුනු කර තිබෙනු දැකිය හැකිය. සරලව වෙනදා මෙන් බ‍රැති ගොනුවක් ඊමේලයක් ඔස්සේ නැතිනම් skype වැනි ගිනුමක් ඔස්සේ යවනවාට වඩා භාවිතාකරන්නෙකුට ඉහත කී ආයතනයන් විසින් ලබා දෙන සේවාවකට සම්බන්දවී එහි රදවා තම පනිවිඩය තුල අදාල සබැදියාව යැවීම තුලින්ම පමනක් හැකිවීම මහත් පහසුවක් වනවා ඇත.
                  Microsoft සමාගම පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ "One Drive" ලෙසට නම් වන ඉහත දැක්වූ සේවාව ඔස්සේ භාවිතාකරන්නෙකුට නොමිළේ ලබ දුන් ඉඩකඩ වැඩි කරන්නට මෙන්ම මිළගෙවිය යුතු ඉඩකඩ සදහා ගෙවිය යුතු මිළ ගනන් අඩු කරන්නට තීර්නය කර ඇති බවකි. ඒ අනූව එම සේවාවේ ගිනුමක් ලබාගන්න ඔනෑම අයෙකුට නොමිළේ 15GB ඉඩ කඩක්ද Office 365 සදහා ලැබෙන ඉඩ 1TB දක්වා මෙන්ම මිලදී ගන්නා අමතර One Drive අවකාශය සදහා අයකිරීම 70% දක්වා පහත දමා ඇති බවත්ය.

Google ආයතනයද Domain" අලවියට පිවිසේ!!!!

  වර්ථමාන ලෝකයේදී ප්‍රාදේශීය මට්ටමේ ව්‍යාපාරයක් වුවද තම වෙබ් අඩවියක් ඔස්සේ "online" ආකාරයට නියෝජනයක් ලැබීම වැදගත් වනු ඇත්තේ භාවිතාකරන්නන්ද බොහෝ විට තම අවශ්‍යතාවයන් සදහා online ආකාරයට විසඳුම් සෙවීමට පෙලබීම වෙගයෙන් වැඩි වෙමින් ඇති නිසාය. Google අයතනය මෑතක දී කල සොයා බැලීම් වාර්ථාවක් හෙලිකර සිටින්නේ ව්‍යාපාර වලින් 55%ක් තවමත් තවමත් online අනන්‍යතාවයක් ලබා ගන්නට කටයුතු කොට නොමැති බවකි. මේ අනූව අලුත්ම වාර්ථා වලට අනූව ගූගල් ආයතනයද "Domain" වෙලඳ පොල වෙතට පිවිසෙන්නට කටයුතු කරමින් සිටින බවයි දැක්වෙන්නේ. ඒ අනූව ගූගල් සේවාවක් ලෙසටද top-level domains සොයා බලන්නට , මිළඳී ගන්නට , හුවමාරු කරන්නට අවස්ථාව සැලසෙන බවට නිවේදනය වනවා. ගූගල් හිම සේවාවක් වන Google My Business සමග බද්ධව මෙම සේවාව ලබාගන්නට හැකිවනු ඇති බවට නිවේදනය වනවා. 

Google හි 2014 I/O සදහා ඉතිරිව ඇත්තේ තව හෝරා කිහිපයකි!!!!

  Google හි ප්‍රකට වාර්ෂික හමුවේ 2014 I/O සදහා ඉතිරව ඇත්තේ හෝරා කිහිපයක් පමනී. මෙම හමුවේදී සිදුවන්නට නියමිත බොහෝ දෑ අතර ඔවුනගේ බහුලතම භාවිතාවක් දිනා ගෙන ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන Andrid වල මීලග සංස්කරනයේ නිකුතුව සිදුවන්නට නියමිත බවටයි බලපොරොත්තු පලවෙමින් ඇත්තේ. මෙම නිකුතුව සදහා යෙදෙන නාමය පිලිබදව තවමත් තොරතුරක් නිකුත් නොවුනද සුපුරුදු ලෙසට dessert-themed පෙලෙහි තවත් නාමයක් වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. දැනටමත් මෙම Android 5.0 හි ස්ක්‍රීන ඡාරාරූ දෙකක් යම් අතපසු වීමක් ඔස්සේ අන්තර්ජාලය වෙතට නිකුතුව තිබීමක් සටහන් වන අතර ඒවා හැදෑරීමෙන් තහවුරුව ඇත්තේ නව Android සංස්කරනය සමග තීර්නාත්මක ලෙසට UI වල වෙනසක් ‍රැගෙන එන්නට එම ආයතනය කටයුතු කරනු ඇති බවකි. එම ඡායා සටහන් වලට අනුව නව icons දෙකක් ප්‍රධාන ස්ක්‍රීනය මතින් හදුනා ගන්නා අතර "L" ලෙසට දැක් වෙන icon එක ඔස්සේ වැදගත්ම  notifications වෙතට පිවිසීමේ හැකියාව ඒ අතර කැපී පෙනෙනවා. ක්‍රෝම් බ්‍රවුසරයේ නව පෙනුමැති පැමිනීම මීට අමතරව හඳුනා ගන්නා අතර ෆ්ලැට් ආකාරයේ නව  Google account login කවුලුව ගැනද සදහන් වනවා. මීට අමතරව Android ware පිලිබදව ඇතුලු තව බොහෝ දේ පිලිබදව නිල ලෙසට තව හොරා කිහිපයකින් ඇරබෙන හමුව ඔස්සේ නිල ලෙසටම දැන ගැනීමට හැකිවනු ඇත.

2014-06-24

හෝරාවක වීඩියෝවක් විනාඩි හයකට ගොනුකර දෙන තාක්ශනයක්!!!!

  ප්‍රාතමික අවධියන්හි මිනිසාගේ දිනය පාලනය වූවේ ඉර නැගීම හා ඉර බෑසීම අතරේ වූ අතර එය මේ වන විට ඔරලෝසුවක් මාර්ගයෙන් තප්පර  දක්වා පෙර කී දිනය බෙදා ගනිමින් කටයුතු කරන්නට පටන්ගෙන තිබීම මිනිස් වර්ගයාගේ කථාන්දරයේ වන පැහැදිලි සටහනකි. එහෙත් පෙර දශක දෙක තුනක් එපිටට කල්පනා කරද්දී මිනිස් දෙපැයකට තිබූ වටිනාකම මේ වන විට බරපතල කාරනාවක්ව තිබේ. එකල වන විට සිනමා පටයක් නැතිනම් වෙනත් වීඩියෝමය අත්දැකීමක් සදහා දෙපැයක් ගතකරන්නට හැකිවූ මුත් නූතන දිවිය තුල එය ප්‍රශ්නාර්තයක්ව නෙක විසදුම් සොයමින් තිබේ. ඊට විසදුම් ලෙසට එක් තාක්ශනය සමග පෙරමෙන් එම ටෙලි නාට්‍යය ඒ විකාශනය වන නිශ්චිත මොහොතේදීම නරබන්නට වීම සංශෝදනය වෙමින් පසුව නැරබීමේ හැකියාව පැමින තිබේ. තවත් විටක පහසුවෙන් ඒ මොහොතේ තමන් සතුව ඇති දත්ත උපකරනයට හුවමාරු කර ගනිමින් නරබන්නට හැකියාව මේ වන විට පැමින තිබේ.
             Skimo TV ඔස්සේ පැමිනෙන්නේද තවත් මෙවැනි පහසුකමක් ගෙනෙන තාක්ශනයකි. එය ඔස්සේ  හෝරාවක් දිගැති වීඩියෝවක් විනාඩි ගනනකට පහසුවෙන් සංස්කරනය කර ගැනීමට (video summarization) හැකිවන බවටයි පැහැදිලි කර දෙන්නේ. එම යාන්ත්‍රනය තුලදී වීඩියෝවේ වන වැදගත්ම කොටස් හඳුනාගෙන ඒවා පහසුවෙන් සාරාංශගත කරදීම සිදුවන බවටයි වැඩි දුරටත්  ඔවුන් පැහැදිලි කර සිටින්නේ.උදාහරනයක ලෙසට පැයක වීඩියෝ වැඩසටහනක් විනාඩි හයක වැනි කෙටිසීමාවකට ගෙන ඒමේ හැකියව පෙන්වා දෙනවා. මෙම යාන්ත්‍රනය තුලදී හුදු තැනින් තැනින් වන තොරා ගැනීම් නොව වැදගත්ම සිදුවීම් සීරුවෙන් තොරා ගනිමින් මුල් අර්තයට මෙන්ම සමස්ත අර්ථයට අවම හානියක් වන ලෙසට මෙම ගොනුවීම සිදුවෙන බවටයි ප්‍රකාශ වන්නේ.

Google Glass බ්‍රිතාන්‍ය වෙතටද පැමිනේ!!

  Google Glass තොරතුරු ලෝකය සාම්ප්‍රධායික භාවිතාවෙන් ඉවතට චලනය වීම පිලිබදව සංකේතාත්මක පිලිගැනීමකි. එසේම එය තොරතුරු ලෝකයේ හෙට දවස විමසන්නට පෙර ගමන් කරුවෙකි. තවමත් බීටා මට්ටමින් ඇති එම උපාංගයේ අත් දැකීමට කැමති අයවලුන් සදහා ඇමරිකාවේදී මේ වන විටත් අත්හදා බැලීමේ මට්ටමින් නිකුත් කොට ඇති අතර ආරම්භයත් සමග මිශ්‍ර ප්‍රථිචාර එය වෙතට පැමිනෙනු දැකිය හැකි විය. වරක සිනමා හලකට Google Glass පැලඳ පැමිනි අයෙකු ඉන් ඉවත් කරන්නට කටයුතු කල අතර පසුව එම බලධාරීන් තමන් අතින් වූවේ අත් වැ‍රැද්දක් බවට පිලිගනු ලැබින. තවත් වරක රථවාහන පොලිස් නිලධාරියෙකු විසින් එය පැලඳි කාන්තාවකට දඩ කොලයක් ලබා දෙන්නටද කටයුතු කොට තිබිනි. මේ වන විට Google ආයතනය පවසන්නේ තම Google Glass බීටා නිකුතුව සමග එක්වන්නට බ්‍රිතාන්‍යයේ වෙසෙන උනන් දුවක් දක්වන්නටද හැකි බවකි. ඇමරිකාන නිකුතුවේදී එහි මිලගනන් වූවේ ඩොලර් 1500ක් වුවද දල ලෙසට සැලකීමේදී බ්‍රිතාන්‍ය නිකුතුවේදී එම මුදල ආසන්නව ඇමරිකානු ඩොලර් 1700කට මිලව පැමින ඇති අතර එරට පිහිටි Google Play Store වලදී දැන් ලබා ගත හැකි බවටයි නිවේදනය වන්නේ. එසේම එය වෙතට පැමින ඇති නව app කිහිපයක් පිලිබදවද නිවේදනය වන අතර ඉන් එකක් ඔස්සේ  breaking news alerts ලබා ගැනීමේ හැකියාව විස්තර කෙරෙනවා.

'network-on-a-chip' ආකාරයට ක්‍රියාත්මක වන 36 core ප්‍රොසෙසරයක මූලාකෘතියක්....

  MIT පර්යේක්ශකයන් පවසා සිටින්නේ තමන් 36 core ප්‍රොසෙසරයක මූලාකෘතියක් ඉදිරිපත්කරන බවත් එය දැනට භාවිතාවන චිප් පතක දත්ත හුවමාරුවන ක්‍රමයට වෙනස්ව 'network-on-a-chip' ආකාරයට ක්‍රියාත්මකවන ඒකක් වනු ඇති බවත්ය.ඔවුන් පැහැදිලි කරන්නේ එය දැනට භාවිතාවන චිප් පතක bus layouts  වලට වඩා වෙගය අතින් හා කාර්යක්ශමතාවය අතින් ඉදිරියෙන් සිටිනු ඇති බවත්ය. දැනට පවතින චිප් පතක වන single wire ක්‍රම වේදය ඔස්සේ දත්ත හුවමාරුවේදී වැඩි වන චිප් පත් සදහා දත්ත ලබා ගන්නට ගතවන කාලය එවා processing වලට ගතවන කාලයට වඩා වැඩි වීමේ ගැටලුවට මෙම නව ඉදිරිපත්කිරීම විසදුමක් වන බවයි
         මෙම නව 'network-on-a-chip' ඉදිරිපත් කිරීම තුල වන Core සංවිධානය වන්නේ  tiled grid layout ක්‍රමයට නිසා වඩාත් නිදහසේ දත්ත ගලා යන්නට හැකිවීම මෙන්ම Core වල දත්ත යොදා ගැනීමේදී එකකදී වන දත්ත භාවිතය අවසන් කොට ප්‍රධාන මතකයට යෑමට පෙර තවකෙක යොදා ගැනීම නිසා මතුවිය හැකි ව්‍යාකූල බව මග හරවා ගන්නට shadow network ක්‍රම වේදයක් හදුන්වාදී ඇති අතර සාම්ප්‍රධායික ලෙසට ක්‍රියාත්මක වීමේ මතුවන එම ගැටලුව විසදෙන බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.open-source hardware descriptor code ලෙසට ලොවට නිකුත්කිරීම ඔස්සේ ඔනෑම නිෂ්පාදකයෙකුට වැඩි දියුනු කිරීම් ඔස්සේ භාවිතයට ඉඩ සැලසෙන මෙම නිමැවුම සමග එන පරිගණකයක් පිලිබද බලාපොරොත්තුවට තවත් මද කාලයක් බලාසිටින්නට සිදුවෙනු ඇති බවටයි දැක්වෙන්නේ.

2014-06-23

මීලග වින්ඩෝස් අනු නිකුතුවක් අගෝස්තුවේදී?

  Windows 8 සදහා මීලග සිදුවීම කුමක්ද යන්න අවධානය යොමුව ඇති තවත් ප්‍රධාන කාරනාවකි. Windows 8.1 update 1 නිකුතුව  වර්ථමාන අවසන් සංස්කරනය ලෙසට පැමින ඇති අතර windows 8 භාවිතාකරන්නන් සදහා තව දුරටත් යාවත්කාලීන ලබා ගන්නට නම් ඉදිරි සීමිත කාලයක් තුලදී මෙම නවතම සංස්කරනය වෙතට තම මෙහෙයුම්පද්ධති නංවාගත යුතු බවට මේ වන විටත් වින්ඩෝස් 8 හා 8.1 භාවිතාකරන්නන් වෙතට මේ වන් විටත් නිවේදනය කර අවසන්ය. නිකුත්වන නොනිල තොරතුරු වලට අනූව පැවසෙන්නේ වින්ඩෝස් 8.2 සංස්කරනය අගෝතුවලදී පැමිනීමට ඇති ඉඩකඩ බොහෝ බවයි. එම සංස්කරනය අලුතින්ම ස්ථාපනයට යාමේදී 3GB ගොනුවක් වනු ඇති බවටද තොරතුරු හෙලි වෙමින් ඇති මුත් විචාරනය වන්නේ එය සත්‍යයක් නොවිය හැකි බවකි. update 3 වලින් පසුව windows phone වලටද පැමිනීම සිදුවනු ඇති බවට අනුමානනය වෙමින් පවතිනවා. 2015 දෙවන හෝ තෙවන කාර්තුවේදී Windows 9 පැමිනීමක් බලාපොරොත්තුවන අතර පෙරකී update 3 සදහා ප්‍රධාන සංස්කරන නාමයන් නොපැමිනෙනු ඇති බවටත් තොරතුරු පලවනවා.

national roaming ඔස්සේ කොතැනකදී උවත් දුරකථන සබදතාවය සජීවීව පවතිනු ඇත!!!!

  ජංගම දුරකථන සේවාව සැලකීමේදී සාමන්‍ය දෛනික ජීවිතය සදහා අමතක කල නොහැකිම අංගයක් බවට පත්වෙමින් තිබේ. පස්වන පරම්පරාවේ  සබදතා වැනි වැඩි වේගයක් යටතේ ක්‍රියාත්මක වන වැඩි පහසුකම් ගෙනෙන තාක්ශනයන් ගැන මෙන්ම දුරකථන ඇමතුම් වලට අමතරව තවත් බොහෝ දේ ලබාදෙන දුරකථන ගැන කථා කරන මුත් බොහෝ විට මග හැරෙන සරල කාරනයක් වන්නේ භාවිතාකරන්නෙකු තමන්ගේ දුරකථනය සදහා සේවා පහසුකම් ලබා ගත් සමාගමේ සේවාව ආවරනය වන කලාපයෙන් බැහැරවීමේදී භාවිතාකරන්නා අසරනවීම වලක්වා ගැනීමේ හැකියාවයි. ලාබලබන ආයතනයන් ලෙසට තම සේවාව පවත්වාගෙන යාමේදී කිසිදු සමාගමකට තම සේවය ලබා දෙන රටේ ඔනෑම ප්‍රදේශයක් කරා තම සේවාව ලබා දෙන්නට නොහැකි වනවා සේම භාවිතාකරන්නෙකුට තම ජංගම දුරකථනය ඔස්සේ අවශ්‍ය ඔනෑම තැනක සිට ඇමතුමක් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාවද සාධාරන කාරනාවකි. බ්‍රිතාන්‍ය රජය මෙම ගැටලුව සදහා ගෙනෙන්නට තැත්කරන යෝජනාවක් වන්නේ සේවා දායකයා කවරෙක් වුවත් පහසුවෙන් භාවිතාකරන්නා හට තම සබදතා සජීවීව තබාගන්නට හැකිවන ලෙසට එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සේවා දායකයෙකු ගේ සේඅවාවකට පහසුවෙන් සම්බන්දවීමේ හැකියාව ලබා දියයුතු බවකි. මෙම national roaming හැකියාව හැකියාව පිලිබදව මේ වන විට එම සමාගම් හා රජය අතර කථා බහ ගොඩ නැගෙමින් පවතින අතර සුබවාදී මට්ටමක පවතින මෙම සාකච්චා ඔස්සේ නුදුරේදීම  මෙම භාවිතාව පැමිනීම පිලිබදව බලාපොරොත්තුපලවෙමින් තිබේ.

Apple හි iWatch පැමිනීම "Sport" හා "Designer" ලෙසට මෝස්තර දෙකකිනි.....

 හදාරන්නන් අතර පැමිනෙන්නට නියමිත Apple හි iWatch සදහා යොමුව ඇත්තේ දැඩි අවධානයකි. එහි නිමැවුම, මිල ගනන් මෙන්ම සංස්කරන කොපමනකින් පැමිනේද වැනි බොහෝ කරුනු කාරනා දෙසට ඔවුන් විමසිල්ලෙන් සිටිති. නොනිල එනම් නිල ලෙසට තහවුරු නොවුනු මුත් පිලිගත හැකිමට්ටමේ තොරතුරු පවසන්නේ මෙම උපාංග ප්‍රධාන ලෙසින් සංස්කරන දෙකකින් පැමිනෙන්නට නියමිත බවකි. අත්හදා බැලීමේ මට්ටමින් තිබෙන අවකාශයන්ගෙන් හෙලිවන තොරතුරු ලෙසට පැවසෙන මෙම හෙලිවීම් පවසන්නේ  මෙම උපාංග "Sport" මෙන්ම "Designer" ලෙසට නම්වන සංස්කරන ලෙසට පැමිනෙනු ඇති බවකි. මෙම Sport මෝස්තරයේදී නිමැවුම වඩාත් ඔරොත්තු දෙන ආකාරයට හතැ‍රැස් හැඩැතිව පැමිනෙන අතර Designer සංස්කරනය රවුම් හැඩැති සිත්ගන්නා සුලු පෙනුමකින් යුතුව පැමිනෙන්නට නියමිත බවටයි හෙලි වෙමින් ඇත්තේ. 8GB දත්ත ගබඩා හැකියාවක්ද සමග පැමිනෙන්නට නියමිත මෙම නිකුතූන් සමග අදාල භාවිතාවට වඩාත් අවශ්‍ය සංවේදක ඔස්සේ භාවිතාකරන්නාට වඩාත් ඵලදායී ලෙසට වනු ඇති බවට තොරතුරු හෙලි වනවා. උදාහරනයක් ලෙසට Sports සංස්කරනය blood pressure, heart rate, body temp වැනි තොරතුරු ලබාදෙන සංවේදකවලින් සමන්විතවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මෙම නිකුතූන් නිල ලෙසට නිවේදනයවීම මෙම වසරේ ඉදිරිකාලයට නියමිතව ඇති අතර ඒවා තොරාගත හැකි ආකාර කිහිපයකින් වන Screen හා sizes වලින් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුව වනවා.

නිකුත් වන්නට නියමිත "පරිගණක පුවත්" සඟරාවෙන් උපුටා ගැනීමකි.

  පිරිසුදු හුස්ම පොද මිහිපිට වෙසෙන සියලු මිනිසුන් ගේ කිසිසේත් මග හැරිය නොහැකි අවශ්‍යතාවයකි. දත්ත ලෝකයද ක්‍රමයෙන් මිනිසුන් මතට සුපෝඛභෝගී පහසුවකි යන ස්ථරයේ සිට අත්‍යාවශ්‍ය  දෛනික භාවිතාවකි යන තැන දක්වා චලනය වෙමින් ඇත. එය වෘතිමය ජීවිතය වේවා , සමාජ ජීවිතය තුල වේවා , සෞක්‍ය ජීවිතය තුල වේවා යනාදී ලෙසින් මෙකී නොකී සියලුම අවකශයන් තුලදී වේගයෙන් යතාර්තයක් වෙමින් පවතින පරිසරයක අප ජීවත් වෙමින් සිටින්නෙමු.
           දත්ත ලෝකය භාවිතාව පිරිසිදු , නිවැරදි භාවිතාවක් ලෙසට ‍රැක ගැනීමේ වටිනාකම වඩාත් දිලිසෙමින් කැපී පෙනෙන්නට පටන් ගන්නේ එතැනිනි. ඔබගේ වෘතිය කුමක් වූවත් ශ්‍රමික මට්ටමේ නොවන්නේ නම් කාර්යාලය වෙනුවට නිවසේ සකස් කරගත් කුඩා ඉඩක වන දත්ත සබදතාවයන් ඔස්සේ නිපිරිහෙලා එම රාජකාරී ඉ‍ටුකරන්නට හැකිවීම අදවන විට සුලු කාරනාවකි. ඔබගේ සිරුරට සම්බන්දවන දෛනික උපාංග ඔස්සේ පැමිනෙන සංවේදක ඔස්සේ නිරන්තරයෙන් ඔබගේ සෞක්‍ය ජීවිතය ගැන අවධානයෙන් සිටින්නට එයට අදවන විට හැකිව තිබේ. දෛනික ජීවිතයේදී ඔබගේ සිරුරේ පමනක් නොව මානසික මට්ටම පිලිබදවද හදාරමින් පවුලේ වෛද්‍යවරයා වෙතට කරුනු වාර්ථා කරමින් ඒවා තුල සැකලිය යුතු මට්ටමකදී පමනක් ඔබගේ අවධානය යොමු කරවන්නට සූදානම් තාක්ශනයන් ඔබගේ ජීවිතය තුලට මේ වන විට ලබා ගතව හැකිය. ප්‍රධාන කාර්යාලය ලොව කිනම් තැනක වූවත් කාර්යාලීය කටයුතු නිවසේ සිට Text ආකාරයට පමනක් නොව ශ්‍රව්‍ය දෘශ්‍ය ලෙසට ඉ‍ටු කරන්නට අවශ්‍ය හැකියාව එය ඔබගේ දෙපතුල වෙතටම ගෙනවිත් ඇති බව නොරහසකි. සමාජ ජීවිතයද එලෙසය. ඔබ කල්පනාකාරීව කටයුතු කරන්නේ නම් තවදුරටත් ඔබගේ සමාජ ජීවිතය අසැල් වැසි වැනි භෞතික සීමාවකට කොට කරගන්නට අවශ්‍ය නැත. මෙලෙස ගෙනපෑ හැරිය හැකි කාරනා බොහොමකි. නමුත් මේ සියල්ල අතර තුල වැදගත් කාරනවක් නිතරම ඔබගෙන් එය බලාපොරොත්තුවේ.
                             එහි ඇති වේගවත් , පහසු බව සමගම යහපතට මෙන්ම අයහපතට එම අවකාශය කෙනෙකුට භාවිතාකරන්නට හැකිවීමේ අනතුර හැකිතාක් පාලනය කරගෙන සිටීමේ අවශ්‍යතාවයයි ඒ. විටක සමාජ ජාලාවක ව්‍යාජ ප්‍රොෆයිලයක් නිර්මානය කිරීම අහිංසක කටයුත්තක් ලෙසට ඔබ සලකනවා විය හැක. එවිට භවිතාකරන්නන් අතරට මෙන්ම ඒවා පවත්වාගෙන යන ආයතනන අතරද එම කටයුත්ත අපහසුවක් වීම අප තේරුම් ගත යුතුය. ලාබ ලැබිමේ අරමුනින් පවත්වාගෙන යන එම පාලන අධිකාරීන් එවිට මීට එරෙහිව ගන්නා තීර්න අතර ඉහලින්ම වන්නේ ලබා දිය හැකි පහසූන් වෙනුවට ආරක්ශිත බවට වැඩි අවධානයක් ලබා දීමයි. ඒවා පවත්වාගෙන යාමට සහය වන දැන්වීම් වැනි පහසුකම් එම අඩවි වෙතින් ලබා ගන්නා සේවාවන් ක්‍රමයෙන් අඩුවන විට වඩාත් ආක්‍රමනශීලී යාන්තරනවලට යොමුවන්නට එම ආයතන කටයුතු කරන ආකාරය දැකිය හැකි වනු ඇත.
                  මෑතකදී ඉහලට මතුව ආ මතවාදයක් වූවේ ආසාධිත පරිගණකයන් අන්තර්ජාලයට සම්බන්දවීම එම භවිතාකරන්නාගේ පෞද්ගලික කාරනාවකට වඩා සැලකිය යුතු  ලෙසට සමස්ත අන්තර්ජාලයටම බලපාන බවයි. එහිදී ඔවුන් යෝජනා කර සිටියේ ISP මට්ටමින් අදාල ආසාධ්ත පරිගණකයේ භාවිතාකරන්නා දැනුවත් කිරීමේ සිට ඔහුව අන්තර්ජාලයෙන් සීමා කර දැමීම දක්වා පියවරයන් ගැනීම අනිවාර්ය වීම අත්‍යවශ්‍ය බවයි.
Pubudu Siriwansa

Bing නැවත පෙරට ගෙන ඒමේ සැලසුමක් දියත් වෙමින් ඇත...

  සෙයුම් යාන්ත්‍රනයන් යනු ලොව නෙක දෙසින් පලවන නෙක ආකාරයේ තොරතුරු සදහා ලොව කොතැනක සිට උවද එබී බලන්නට පහසුව සලසන ඩිජිටල් කවුලුව වන්නේය. Text ආකාරයටම පමනක් නොව Image , Voice ලෙසට පවා ලොව නෙක දෙස් වල පිහිටවා ඇති සර්වරයන්ගේ රඳවා ඇති තොරතුරු වෙතට පහසුවෙන් සමීප වන්නට ඒවා ලබාදෙන්නේ ඉමහත් පහසුවකි. වඩාත් වේගයෙන් වඩාත් නිවැරදි තොරතුරු වැඩිම ප්‍රමානයක් තම භාවිතාකරන්නා වෙතට ගෙන දෙන්නට ඒවා නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.
               Google සෙයුම් යන්ත්‍ර ලෝකය තුල වර්ථමානයේ බලවතා ලෙසට සැලකෙයි. කලකට ඉහතදී මයික්‍රසොෆ්ට් හිමිත්වය දරන Bing සෙයුම් යාන්ත්‍රනය ලොව වැඩිම ජනංප්‍රියතාවය ලබා සිටි යාන්තරනය ලෙස සැලකුනද මේ වන විට එය දෙවැනි තැන දරන එකක බවට පත්ව ඇත. එහෙත් හදාරන්නන්ට අනූව එක්සත්ජන පදය තුල සැලකීමේදී වඩාත් සාර්ථක සෙයුම් යාන්ත්‍රනය ලෙසට භාවිතාවන මෙහි අනාගතයේදි යලිත් ලොව සාර්ථකම සෙයුම් යන්ත්‍රය බවට පත්වීමේ සැලසුමකට මයික්‍රසොෆ්ට් ආයතනය පිවිසෙමින් ඇති බවටයි හෙලි වෙමින් ඇත්තේ. විශාල ලාබයක් උපදවන ව්‍යාපාරයක් ලෙසට සැලකෙන සෙයුම් යන්ත්‍ර වෙලඳ පොලෙහි වඩාත් ස්ථාවර වන්නට බලාපොරොත්තුවෙන් දියත්වන නව වැඩ පිලිවල යටතේ ලොව නෙක දෙස විසර ඇති හඳුනාගත් වෙළඳ අවකාශ 75ක් ඉලක්ක කරගනිමින් එම ආයතනය මෙම සැලසුම් සකස් කර ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ.

2014-06-22

Heartbleed තවමත් සම්පූර්නයෙන් අවසන් නොවුනු අනතුරකි!!!!

  දෙමසකට මදක් පෙර කාලයකදී  OpenSSL software  වල වන දුර්වලතාවයක් ඔස්සේ වෙබ් අඩවි දස දහස් ගනනක දත්ත හුවමාරූන් අනතුරකට විවෘතව ඇති බවට අනතුරු ඇගවිම් සිදුවෙන ලදී. දත්ත හුවමාරූන් සබදතාවල ආරක්ශිත බව තහවුරුවේ සදහා භාවිතාවූ මෙම සේවාව තුලවූ දුර්වලතාවය සැලවීමෙන් අනතුරුව බොහොමයක්  සර්වරයන් යාවත්කාලීන කරන්නට එම ආයතනයන් ක්‍රියාකිරීමත් සමග තත්වය ප්‍රධාන මාතෘකා අතරින් ගිලිහෙන ලදී. කෙසේ මුත් මෑතකදී හෙලිවූ තොරතුරක් පවසා සිටියේ ලොව පුරා වන සර්වරයන් 300000 පමන තවමත් යාවත්කාලීන නොවී අනතුරු ඇගවූ OpenSSL සංස්කරන භාවිතාකරමින් සිටින බවකි. ඒවා පැහැදිලිවම Heartbleed හානිකරයට නිරවරනයව පවතින බවට වූ එම පුවතත් සමග නැවතත් අවධානය එම අනතුර වෙතට මේ වන යලි යොමුව ඇති බවටයි හෙලි වන්නේ.
               සර්වරයන්ගේ බහුලව භාවිතාවන port 443 පිලිබදව මුලින් කරන ලද පිරික්සීම් වලදී පද්ධති 600000 පමන අනතුරට නිරාවරනය වී ඇති බවට හඳුනා ගෙන තිබූ අතර මුල් වාර්ථා වලින් මසක් පසුවූ කාලයේදී කරන ලද පිරික්සුම් වලදී එය 300000 ලෙසට වූ වාර්ථාවක් නිකුත් වෙනු ලැබුවා. නවතම port 443 පිරීක්සුම් වලදී අනාවරනය වී ඇත්තේ තවමත් පද්ධති 9000 පමන අනතුරු දායක තත්වයක වන බවය. server administrators වරුන් වෙතට වන චෝදනාවිතව පලවන් එම වාර්ථාව ඒවා patch කිරීමට උනන්දුවීමේ වැදගත්කම දක්වා සිටිනවා. 

Online ක්‍රීඩා ප්‍රේක්ශකාගාරයකි එය...

  ප්‍රේක්ශකාගාරය යනු නෙක ආකාරයේ ක්‍රීඩා වලදී වැදගත්ම ස්ථානයකි. ක්‍රීඩා කරන්නන් මෙන්ම ඒවානැරබීමද ලොව පිලිගත් බොහෝ දෙනෙකුගේ සිත්ගත් අංගයක්ව භාවිතාවේ. පාපන්දු මෙන්ම ක්‍රිකට වැනි ක්‍රීඩා ආශ්‍රිතව විටක නරබන්නන්ගේ ස්වභාවයන් උමතුවක් ලෙසට දිස්වෙන අවස්ථා කලාතුරකින් මුත් දක්නට ලැබේ. සෑබෑ භෞතික ලොකයේ මෙන්ම මේ වන විට තොරතුරු ලෝකයේද ක්‍රීඩා සදහා ඇත්තේ මහත් උනන්දුවකි. ලොවපුරා විසිරී ඇති විශාල ප්‍රමානයක් පරිගණක භාවිතා කරන්නන් මේ සදහා යොමුව ඇති අතර මෘදුකාංග නිර්මාන කරුවන් අතර සැලකීමේදී විශාල ඉපයීමක් ‍රැගෙන ඒන ව්‍යාපාරයක් ලෙසට එය පිලිගැනේ. මෙම ක්‍රීඩකයන් හුදකලාව තම පරිගණකයේ සීමාව තුලදී මෙන්ම online ආකාරයට තවත් ක්‍රීඩකයින් සමගද මෙසේ තරග වැදීම සිදුකරයි.
                             twitch යනු ස්ට්‍රීම් ආකාරයට gamersලා සදහා broadcast පහසුව ලබා දෙන වෙබ් අඩවියකි. සාමන්‍ය ක්‍රීඩා නැරබීමකදීට වඩා හුදකලා ආකාරයට සිදුවන පරිගණක ක්‍රීඩාවකදී එම ක්‍රීඩාව සිදුවන අයුරු මෙන්ම ක්‍රීඩකයා හැසිරෙන ආකාරය මෙම නාලිකාව ඔස්සේ බාහිර ප්‍රේක්ශකයන්ට දැකීමට හැකිවීම එහිදී සිදුවෙයි. මේ සදහා කැමතිවන ක්‍රීඩකයින් ස්ථාපනය කරගන්නා මෘදුකාංගයක් හරහා මෙම සේවාවට තම සහභාගීත්වය දිය හැකි අතර Play station 4 හෝ xbox one සමග නම් Built into ආකාරයට පැමිනීම සිදුවේ.e sports නාලිකා අතර මහත් ජනංප්‍රිය නාලිකාවක ලෙසට මෙය පිලිගන්නා අතර මාසිකව මිලියන 45කට අධික පිරිසක් යනෙන channels 900000කට වඩා ක්‍රියාත්මක වන මෙහිදී පැමිනෙන්නෙකු මිනිත්තු 106ක කාලයක් සාමන්‍යයෙන් ගත කරන අඩවියක් ලෙසටයි දැක්වෙන්නේ.
             සාමාන්‍ය පරිගණක ක්‍රීඩා ප්‍රියකරන්නන් මෙන්ම ක්‍රීඩකයන් සදහාද පිලිගත් මට්ටමේ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශයන් මෙන්ම උපංක්‍රම හදාරා ගැනීමට මෙම වෙබ් සේවාව විශාල සහයක් ලබා දෙන අතර විටක භාවිතාවන පිලිගන්නා මට්ටමේ නොවන භාෂා විලාසයන් ගැන අනතුරු ඇගවීම් සමහර වීඩියෝවන් සමග දක්වනු  දක්නට ලැබේ. පරිගණක ක්‍රීඩා ප්‍රියකරන්නන්ගේ you tube නාලිකාව ලෙසට නම් වෙන මෙහි අනගත හිමීත්වය Googal සමාගම ලබා ගැනීම කෙරෙහි අවධානය  යොමුව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. එක්සත් ජනපදය සැලකීමේදී ස්ට්‍රීමිං ආකාරයේ භාවිතාවෙන් 44%ක් දිනා ගෙන ඇති මෙම නාලිකාව වෙතට වයස 18-24 අතර තරුනුන කොටස්වල ඇති උනන්දුව නිසාම දැන්වීම් වලින් ලැබිය හැකි විශාල ලාබය මේ සදහා හේතුවක් කොට සලකන අතර එවන් අවධානයක් you tube ඔස්සේ ලබා ගන්නට ගතවන කාලය හා වැය සැලකීමේ මෙම මිලදී ගැනීමක් පිලිබදව Google වල අවධානය යොමුව තිබීම සාමන්‍ය කරුනක් බවටයි හදාරන්නන්ගේ මතය වන්නේ.(www.twitch.tv)

දත්ත ලෝකය අවධානයෙන් පිවිසිය යුතු අපිරිමිත පහසුවකි.

  තොරතුරු ලෝකය තුලදී සිදුවන  අපරාධ පිලිබදව කාතුලත් ඇත්තේ මහත් අවධානයකි. විටක අයෙක් තොරතුරු ලෝකය මත විස්වාසය තබන්නට පවා මෙම ගැටලු සහගත බව තීර්නාත්මක සාධකයක් කර ගන්නායුරු බොහෝ විටක දැකිය හැකිය. මුල් ස්වභාවයෙන් සැලකීමේදී මෙහි ඇති අනතුරු සහිත බව කීප ආකාරයකට පැහැදිලි කරගත හැක. තොරතුරු ලෝකය ඇසුර තවමත් ආගන්තුකව පවතින යතාර්තය තුල භාවිතාකරන්නාගෙන් ගිලිහී යාහැකි අවස්ථා ඔස්සේ ඔහු වෙතට එම අපරාධයන් පැමිනීම සැලකිය හැක. සරලව යම් අඩවියකට නැතිනම් තම පරිගණකයෙන් බැහැර වන විට තමන් විසින් අවසර පද යොදා ආරක්ශා කරගෙන ඇති අනන්‍යතාවයයෙන් බැහැර වන්නට ඔවුනට අමතක වීම සරලතම මට්ටමේ ගැටලුවකි. තවත් විටකදී ඒ සදහා යොදා ගන්නා අවසර පද ඉතාම සරල මට්ටමේ වීම නිසාම පහසුවෙන් අයෙකුට  ඒ වෙතට පිවිසෙන්නට හැකිවීම බහුල අත්දැකීමක් බව හදාරන්නන් වෙතින් නිතර පැවසෙන යෝජනාවකි.
                            මේ වන විට පරිගණක වල බොහෝ විට ආරක්ශක මෘදුකාංග ස්ථාපිතව තිබෙනු දැකිය හැකිය. එනමුත් බොහෝ විට ඒවා සංක්‍රියව තබා ගන්නට මෙන්ම විටක අනාරක්ශිත බව හමුවේ එම මෘදුකාංග විසින් වලකාලන ගොනු ස්ථාපනයට භාවිතාකරන්නාගේ කැමැත්තමත අවසර ලබා ගැනීම මෙන්ම තමන් යෙදෙන භාවිතාවට සරිලන තරමේ ආරක්ශාවක් ලබාගැනීමට කටයුතු කරනවා වෙනුවට මූලික මට්ටමේ ආරක්ශක මෘදුකාංගය ඉස්ථාපනය කිරීමෙන් පමනක් තමන් වෙත අවශ්‍ය ආරක්ශාව ලැබෙනු ඇති බවට විස්වාස කිරීම දැකිය හැක. වේගයෙන් දත්ත ලෝකය තම භාවිතාකරන්නන් වෙතට ගෙනෙන විවිධ ආකාරයේ සේවාවන් සංකීර්නවනවා සේම පැමිනෙන අනතුරුද සංකීර්න වීම ස්වභාවික වන අතර ඒවා සදහා නිකුතුවන විවිධ අංගයන්ගෙන් සමන්විත ආරක්ශක මෘදුකාංග බන්ඩලයන් තුල ඒ ඒවා සදහා වන නෙක ආකාරයේ ආරක්ශක පියවරයන් වීම තේරුම් ගැනීම වැදගත් වනු ඇත. Firewall නැතිනම් Spam Filters වැනි ප්‍රධාන හානිකරයන් හදුනා ගැනීමේ යාන්ත්‍රනයට අමතරව පැමිනෙන අංගයන් පිලිබදව දැනුවත් වෙමින් ඒවා නිසි පරිදි ක්‍රියාත්මකව තැබීම තුල පමනක් භාවිතාකරන්නා බලපොරොත්තුවන ආරක්ශාව ලැබෙන බව තේරුම් ගැනීම වැදගත්ය.
                  පසුගිය කාලයේ නිකුත්වූ වාර්ථා පැවසූ කාරනාවක් වූවේ සමහර දත්ත උපකරන නිෂ්පාදනාගාර වලින් පැමිනෙන විටදීම ඒවා හානිකරයන් ගෙන් සමන්විතව තිබීම දක්නට හැකි බවකි. විශේෂයෙන් මිලෙන් අඩු අනුකරන උපාංග සමග මේ බව බහුලව දැකිය හැකි බවට ඔවුන් පවසා සිටියේ. ජනංප්‍රිය මට්ටමේ උපාංගයන් හා සමානව පෙනුමින් වූවත් පෙලබවන සුලුමට්ටමේ ව්‍යාජ උපකරන ඉතා අඩු මිලකට පැමිනීමේදී කල්පනාකාරී වීම වැදගත් බව ඔවුන් එහිදී පැහැදිලි කොට සිටින්නට කටයුතු කර තිබිනි. තවත් විටකදී මෘදුකාංග සදහාද මේ බව පොදුවනු දැකිය හැකිය. නොමිලේ හා අඩු මිලැති ආකාරයට එන සමහර මෘදුකාංග සමගද මෙම අනතුරු සහිත බව පැමිනිය හැක. තවත් විටක ප්‍රධාන මෘදුකාංගයට අමතරව එය ස්ථාපනයේදී ස්වංක්‍රීයව ස්ථාපනය වන්නට හැකිවන ලෙසට සැකසුම්ව පැමිනෙන අමතර මෘදුකාංග මුල් ස්වභාවයෙන් අනතුරු සහිත නොවූවද ඒවායේ වන දුර්වලතාවයන් ඔස්සේ එම උපකරන වෙතට අන්තර්ජාලය ඔස්සේ හානිකරයන් පැමිනීම දැකිය හැකිය. ස්ථාපනයට පෙර එම මෘදුකාංග සමග පැමින ඇති මූලික තොරතුරුවත් විමසා බලන්නට මෙන්ම සැක සහිත විටකදී වෙනත් භාවිතාකරන්නන් විසින් ඒවා පිලිබදව දක්වා ඇති අදහස් එම වෙබ් අඩවි වලට පිවිස විමසා බලන්නටත් කටයුතු කිරීම එම හදාරන්නන් විසින් යෝජනා කරන කාරනයකි.
                           සමාජ ජාලා වැනි සමාජීය ස්වභාවයක් ඇති අඩවි වලට පිවිසීමේදී හමුවන පොලබවන සුලු ව්‍යාජ ප්‍රොෆයිල ඔස්සේ භාවිතාකරන්නා නොමග යවමින් ඔහුබේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නටත් ඒවා උපයෝගීකර ගනිමින් තොරතුරු අපරාධ වලට පිවිසෙන්නටත් කටයුතු කිරීම් බහුලව දැකිය හැකිය. විශේෂයෙන්ම භාවිතාකරන්නාගේ දුර්වලතා ඔස්සේ ඔහුගේ තොරතුරු වලට පිවිසෙන්නට ඇති ඉඩකඩ පිලිබදව කල්පනාකාරී වනවා සේම උවමනාවට වඩා කල්පනාකරී වන්නට ගොස් එවැනි අඩවි ඔස්සේ භාවිතාකරන්නෙකුට ගෙනෙන පහසුකම් අහිමිකර ගැනීමද සිදුවනු බහුලව දැකිය හැකිය.
Pubudu Siriwansa
(නිකුත්වන්නට නියමිත පරිගනක පුවත් සඟරාවේන් උපුටා ගත්තකි.)

Android Ware පලමු නිකුතුව Samsung වෙතින් 2014 Google I/O වලදී....

  මස කිහිපයකට ප්‍රථම Google වෙතින් මොබයිල් මෙහෙයුම් පද්ධතියක් වන Android Ware හඳුන්වා දෙනු ලැබීය. වඩාත් කාර්යක්ශම wearables භාවිතාවකට එය සහයවනු ඇති බවටයි ගූගල් ආයතනය එම ඉදිරිපත්කිරීමත් සමග පවසා සිටියේ. පලවන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ එලබෙන Google I/O හමුවේදී මෙම මෙහෙයුම් පද්ධතිය සමග එන පලමු නිකුතුව Samsung වෙතින් Android Wear smartwatches ලෙසට සිදුවීමට නියමිතව ඇති බවකි. වැඩි දුරටත් පැහැදිලි වන්නේ උපාග දෙකක් ලෙසට පැමිනෙන මෙම නිකුතුවේදී එකක් Qualcomm processor  සහිතව එකක්ද අනෙක Samsung වල Chipපතකින්ද සමන්විතව පැමිනෙන්නට නියමිත බවකි.
                  Samsung ආයතනය නිකුත් කරන Wearable නිකුතූන් කිහිපයක්ම පසුගිය වසරේදීද සිදුවූ අතර ඒවායේදී වැඩි මනක් භාවිතාවූවේ Android වූ මුත් ඔවුන්ගේම මෙහෙයුම් පද්ධති නිකුතුවක්වූ OS Tizen පැමිනි නිකුතූන්ද විය. කෙසේ වෙතත් 2014 ජූනි 25ට නියමිතව ඇති මෙම Googel හමුවේදී පැමිනෙන්නට නියමිත මෙම නව නිකුතුව සමග Warable උපාංග සදහා නව යුගයක් පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

2014-06-21

Surface Pro 3 වෙළඳ පොලට නිකුත්වීම ඇරබේ!!!!

  මයික්‍රසොෆ්ට් ආයතනය තම මෙහෙයුම් පද්ධතිය පමනක් වීමේ සංකල්පය වින්ඩෝස් 8 සමගින් බැහැර විය. වින්ඩෝස් 8 වල දී Surface නමින් hybrid devices ආකාරයේ දත්ත උපාංග පෙලක් හඳුනවාදීමට කටයුතු කල අතර එහි වූ Pro සංස්කරනය ඔස්සේ PC භාවිතාව ගෙන දෙන්නට උත්සාහකර තිබිනි. මයික්‍රසොෆ්ට් cloud first mobile first සංකල්පය යටතේ අනාගත පරිගණක භාවිතාව ජංගම ක්ලවුඩ් මූලික ස්වභාවයක් ගැනීම දෙසට වඩ වඩාත් චලනය කරමින් සිටින අතර තුල පසුගිය කාලය තුලදී එම Pro උපාංග සදහා නව සංස්කරනයක් නිකුත්කරන්නටද සූදානම් බවට නිවේදනය කෙරෙනි.
   පලවන නවතම තොරතුරු පවසන්නේ Pro 3 නිකුතුව retail store වෙතට පැමිනීම ඇමරිකාව හා කැනඩාව තුල මේ වන විට ඇරබී ඇති බවකි. නිව්යෝක් වල පැවති හඳුන්වාදිමෙන් මසකට අනතුරුව සිදුවන මෙම පැමිනීම core i5 වලට පමනක් සීමා වන අතර එලබෙන අගෝතුවේදී Core i3 හා  Core i7 සංස්කරන පැමිනීම සිදුවනු ඇති බවටයි නිවේදනය වන්නේ. ඩොලර් 799 සිට ඩොලර් 1299 දක්වා වන මෝස්තර කිහිපයක් යටතේ පැමිනෙන මෙම මිලගනන් තුලදී විවිධ තොරතුරු ගබඩා හැකියාවන් සමග වනු ඇති බවටයි නිවේදනය වන්නේ.

"Embedded Tech" උපකරන තොරතුරු ජීවිතය වඩාත් වෙනස් කරාවි!!!!

  තොරතුරු ලෝකයේ දෘඩාංග තලයන් මෙන්ම මෘදුකාංග තලයන් නිරන්තරයෙන් එකි නෙකා ඉදිරියට මෙහෙයවමින් භාවිතාකරන්නන් වෙතට වඩාත් සුවපහසු තොරතුරු භාවිතා අත්දැකීමක් ගෙන ඒම නිරන්තරයෙන් දකින්නට පුලුවන්. steve jobs ප්‍රමූක ඇපල් ආයතනය මේ ස්වභාවයෙන් හොදින් හඳුනාගනිමින් තොරතුරු ලෝකයට නව මාවත් විවර කරන්නට සමත්වීම තොරතුරු ලෝකයේ ඉතිහාසය තුල මේ තරම් තදින් සටහන් වන්නට එය හේතුවක් වන්නට ඇත. මයික්‍රසොෆ්ට් ආයතනයද තම වින්ඩෝස් 8 හඳුන්වාදීමත් සමග දෘඩාංග නිෂ්පාදනයටද පිවිසෙමින් පවසා සිටියේ වින්ඩෝස් 8 දෘඩාංග මට්ටමේ සිට භාවිතාකරන්නාගේ මුහුනත දක්වාම වෙනසක් ගෙනෙන්න්ට සමත්වනු ඇති බවයි. 
              තොරතුරු ලෝකයේ නව ප්‍රවනතාවයන් ප්‍රධාන ලෙසට ගලාගෙන යන්නේ බරපතල පරිගණක උපාංග වල සිට පලඳින ආකාරයේ ඒවා දෙසට වීම මතුපිටට පැමිනෙමින් ඇති අතර  බලාපොරොත්තු තලයේ කැපී පෙනෙන ප්‍රවනතාවයක් "Embedded Tech" වෙතට යොමු වෙමින් තිබෙනවා. කෙලින්ම සිරුර මත ඇලවෙන උපකරන ඔස්සේ ඔබගේ දත්ත අවශ්‍යතාවයන් සැපිරෙන දිනය ඉදිරි වසර 20 තුලදී පැමිනෙනු ඇති බවටයි හදාරන්නන්ගේ අනාවැකිය වන්නේ. දත්ත භාවිතය සිරුර මතටම සවිවීම මිනිස් වර්ගයාගේ පෞද්ගලික, සෞක්‍ය, වෘතීය මෙන්ම සමාජීය වැනි මෙකී නොකී සියලුම ආකාරයෙන් දැනෙනු සුලු වෙනසක් ගෙනෙනු ඇති බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ.

iWatch පිලිබදව තව තොරතුරු හෙලි වෙමින් ඇත....

  කාලයක සිට අවධානය දිනාගෙන තිබූ iWatch නිකුතුව ඔක්තොබරය වන විට සිදුවීමට ඉඩ ඇති බවට මේ වන විට තොරතුරු පලව ඇති අතර මීට අමතරව නව තොරතුරු ක්‍රමයෙන් මාධ්‍ය වෙතට හෙලි වෙමින් තිබෙනවා. පලවන නවතම නිල නොවන තොරතුරු පවසන්නේ මෙය එක් සංස්කරනයකට වඩා සිදුවිමට ඉඩ ඇති බවයි. "slightly rectangular" හැඩයෙන් මෙන්ම  2.5-inch display එකකින් සමන්විතව පැමිනෙන්නට නියමිත එය විවිධ සංස්කරන යටතේ විවිද ප්‍රමානයේ display මෙන්ම තොරාගත හැකි sensors රාශියක් සමග සැකසෙන බවටයි දැක්වෙන්නේ.  Samsung Gear සමග තරගකාරී නිපැවුමක් ලෙසට පැමිනෙන්නට නියමිත එය එහිදීට වඩා වැඩි ක්‍රියාකාරීත්වයන් ‍රැගෙන එම තුලින්ද වෙළඳ පොල තුල ස්ථාවරවීමට සැලසුම් වෙමින් ඇති බවටයි හෙලි වන්නේ. ඉහත පැවසෙන sensors දහය සමග භාවිතකරන්නාගේ හදවත් ස්පන්දනය blood pressure monitoring ඇතුලු ඔහුගේ සෞක්‍ය ජීවිතය විමසෙන පහසුකම් වඩාත් සිත්ගන්නා සුලුවනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.

Skype නව desktop සංස්කරනයක් පැමිනේවි!!!!

  මයික්‍රසොෆ්ට් ආයතනය තම "Skype" සේවාවේ windows හා Mac ඩෙස්ටොප් UI වෙතට නව මුහුනුවරක් අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බව හා තොරා ගත් සීමිත පිරිසක් වෙතට එහි පෙර සංස්කරනයක් නිකුත්කර ඇති බවට පසුගිය කාලය පුරා තොරතුරු පැතිරෙමින් තිබූ අතර මේ වන විට ආයතනය එම තොරතුර සනාත කොට සිටිනවා. ඒ අනුව Skype වල පැරනි මුහුනත ප්‍රමුක සංස්කරනය භාවිතයෙන් අත්හරිමින් නව සංස්කරනයක් හදුන්වා දීම ඉදිරි කාලය තුලදී ක්‍රමයෙන් සිදු වෙනු ඇති බවයි. "great new experiences for Skype" ලෙසට දක්වමින් මෙම සේවාව නව මෘදුකාංග සංස්කරනය යටතේ වඩාත් භාවිතාකරන්නා හට සිත්ගන්නා සුලු පෙනුමක පමනක් නොව ක්‍රියාකාරීත්වයක්ද ‍රැගෙන එනු ඇති බවටයි නිවේදනය කර සිටින්නේ.

2014-06-20

Google තම Android ware ගැන කථා කරයි..

  ඔබගේ දත්ත ජීවිතය වඩාත් උත්කෂවත් කරන්නට නිෂ්පාදකයින් අතර ඇත්තේ ඉමහත් තරගයකි. වේගවත් , පහසු මෙන්ම වඩාත් ප්‍රායෝගික ලෙසට තොරතුරු ලෝකය වෙතට පිවිසීමේ දොර‍ටුව තමන් සතු බව සනාත කරන්නට ඔවුන් නිරන්තරයෙන් මෘදුකාංග ආකාරයට මෙන්ම මෘදුකාංග ආකාරයට තරග වදිමින් සිටිනු දැකිය හැකිය. Android Ware එම තරගට මැතකදී එක්වූ නවතම සගයෙකි. ගූගල් ආයතනය ලගදී නිකුත්කල වීඩියෝවක් ඔස්සේ තම ඉදිරිපත්කිරීම ගැන විස්තර කරමින් පවසන්නේ ස්මාර්ට් දුරකථනයකට වඩා තම Android Ware සමග එන ස්මාර්ට් ඔරලෝසුව භාවිතාකරන්නා වෙතට හැම අතින්ම ඉදිරියෙන් බව. තොරතුරු අවශ්‍යතාවයකදී භාවිතාකරන්නෙකු තම ස්මාර්ට් දුරකතනය වෙතට පිවිසීමග හා එය හැසිරවීමට ගන්නා කාලය සැලකීමේදී Android Ware සමග භාවිතාකරන්නෙකුට වාචිකව එය මෙහෙයවීමේ හැකියාව , ශ්‍රව්‍ය ආකාරයට එයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව , ඇප් අයිකනයන් රාශියක් ඇති දුරකථන උහුනත මෙන් නොව වෙන් වෙන්ව ඇප්ලිකේෂනයන් සදහාවන මුහුනත් සමග කටයුතු කිරීමේ හැකියාව ආදිය සමග මෙන්ම Notifications සමග පහසුවෙන් කටයුතු කිරීමේ හැකියාවත් දක්ව සිටිනවා. මීට අමතරව වන බොහෝ පහසුකම් සමග පැමිනෙන Android Ware පිලිබදව වැඩි දුර තොරතුරු Google I/O 2014 වලදී හෙලිවෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

iwatch පැමිනීම ඔක්තොබරයේ සිදුවේවි...

  ඇපල් ඇතින් පැමිනෙන්නට නියමිත iWatch පිලිබදව මෑත කාලාන්තරයක සිට කථාබහට ලක් වෙමින් තිබේ. පලවන නවතම තොරතුරු හෙලි කරසිටින්නේ 2.5 inchක දර්ශන මුහුනතක් සමග wireless charging පහසුව මෙන්ම touch friendly නිමැවුමකින් එය මෙම වසරේ ඔක්තෝබරය වන විට නිකුත්වන්නට සැලසුම් වෙමින් ඇති බවකි. තායිවාන Quanta Computer ආයතනයේදී ජූලිමාසය වන විට නිෂ්පාදනය ඇරබීමට සැලසුම්ව ඇති මෙහි පලමු වසර සදහා මිලියන 50ක් නිකුත්කරන්නට බලාපොරොත්තුවන බවකි. LG වෙතින් නිමවන screenය මද හැඩැති බවකින් හා සංවේදක කිහිපයකින් සමන්විතව පැමිනෙන මෙම උපකරනය සමග භාවිතාකරන්නාගේ pulse මිනිය හැකි සංවේදකයකින්ද සම්න්විත වනු ඇති බවටයි  නිවේදනය වන්නේ.
      iOS සංස්කරනයකින් ක්‍රියාත්මක වන මෙය  iPhones හා  iPads සමග සහයෝගයෙන් කටයුතු කරන්නට සූදානම්ව පැමිනෙන අතර පෙර නිකුත්ව ඇති ස්මාර්ට් watch සමග සැලකීමේදී වඩාත් අපූරු අත්දැකීමක් මෙන්ම භාවිතාකරන්නන්ගේ වැඩි අවධානයක් දිනා ගන්නා නිකුතුවක් වීමේ බලාපොරොත්තුව ආයතනය දෙසින් මේ වන විටත් පලව ඇති බවයි දැක්වෙන්නේ.

physical keyboards සමග එන BlackBerry ස්මාර්ට් දුරකථන දෙකක්...

  ආයතනයේ වාර්ෂික හමුවකදී BlackBerry CEO වරයා පැමිනෙන්නට නියමිත ස්මාර්ට් දුරකථන දෙකක් මාධ්‍ය වෙතට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම ඉදිරිපත්කිරීමේ විශේෂත්වය වන්නේ ඒවා සාම්ප්‍රධායික කීබෝඩ්ස් වලින් සමන්විතව තිබීමය. ගෙවී ගිය මෑතකාලය සැලකීමේදී BlackBerry ආයතනය ස්මාර්ට් දුරකථන වෙළඳ පොලතුල දැඩි අර්බුදයකට මුහුන දෙමින් ඇති අතර ඇන්ඩ්‍රොයිඩ් මූලික දුරකථන ‍රැල්ලට මෙන්ම iPhone ඉදිරියේ තම කීර්තිමත් අතීතය ‍රැක ගන්නට ප්‍රබල සටනක නිරත වන්නට සිදුව තිබෙනවා. ආයතනයේ CEO වරයා වන John Chen මහත එහිදී පවසා සිටියේ තවමත් භාවිතාකරන්නන් අතර ස්මාර්ට් දුරකථනය සමග පැමිනෙන physical keyboards සදහා කැමැත්තක් ඇති බවට තමන් විස්වාස කරන බවටයි.  BlackBerry Passport හා Classic ලෙසට නම්ව පැමිනෙන්නට නියමිත මෙම නිකුතූන් 2015ට පමන සැලසුම්ව ඇති බවටයි දැනට ප්‍රකාශ වන්නේ.

2014-06-19

ජංගම දුරකථනය charge කර දෙන ට්‍රවුසරයක(trousers) පැමිනීම

  එලබෙන අනාගතයේ වයර්ලස් ආකාරයට ඔබගේ ජංගම දුරකථනය charge කර දෙන ට්‍රවුසරයක(trousers) පැමිනීම මේ වන විට Micrasoft ප්‍රමුකව අවධානය යොමු වෙමින් ඇති කාරනාවක් ලෙසට සඳහන් වනවා. බ්‍රිතාන්‍ය සැලසුම් කරුවෙකු වන  Adrien Sauvage සමග එම ආයතනය මේ වන විට එහි මුල් සැලසුම් පිලිබදව සලකා බලමින් ඇති බවටයි වාර්ථා වන්නේ. පලවන නවතම වාර්ථා පවසන්නේ මෙහි පලමු නිකුතුවක් එලබෙන London fashion show වලදී ඉදිරිපත්වීමට නියමිත බවයි. ඉදිරි පස pocket‍ටුවක රදවනු ලබන DC-50 wireless charging plate ඔස්සේ මෙම බලගැන්වීම සිදුවන පරිද්දෙන් මෙය නිර්මානය වී ඇති අතර එම උපාංග සහය දක්වන උපකරනයක් මෙම pocket‍ටුව තුල රදෑවූ විට ස්වංක්‍රීයව charge කිරීම ඇරබෙනු ඇති බවයි. එම DC-50 charging plate වෙතට බලය ලබා දීම(recharged) සදහා standard microUSB කෙබලයක් ආශ්‍රිතව කල හැකි වන ලෙසට සැකසෙනු ඇති බවයි. මොස්තර කලාව හා තොරතුරු තාක්ශනය එකි නෙක මුසුවීමේ මෙම නව ප්‍රවනතාවය වඩාත් ධනාත්මක ලෙසට දකින විචාරකයින් පවසන්නේ එල බෙන අනාගතයේ තොරතුරු ලෝකය වඩවඩාත් දෛනික ජීවිතය මතට තුනීවීම පිලිබද තවත් අපූර්ව පෙර නිමිත්තක් බවයි.

XP තවමත් සැලකිය යුතු භාවිතාවක. Bitdefender පවසයි.

  Windows XP වෙතට Microsoft සමාගම නිල ලෙසට සමුදී දෙමසක් ගත වෙමින් තිබුනද හදාරන්නන් පවසන්නේ තවමත් සුලු හා මධ්‍ය පරිමානයේ ව්‍යාපාර තුල XP භාවිතය 19% ක තරම් ඉහල අගයක තිබෙන බව නව හෑදෑරීම් වාර්ථා වලින් හෙලි වෙමින් ඇති බවයි. 2001 දී සිදුවූ නිකුතුවක් වන XP සදහා සමු දෙන විටත් තිබූ අධික භාවිතාව සලකමින් සතියකට පසුවත් හඳුනා ගෙන තිබූ දුර්වලතාවයක් සදහා පිලිසකර යාවත්කාලීන නිකුතුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. Bitdefender වෙතින් නිකුත් වන මෙම වාර්ථාවට අනූව එම පෙර සැකසුම් දුර්වලතාවය (zero-day vulnerability) ඉලක්ක කොට ගෙන කල පිලිසකර නිකුතුව තවදුරටත් XP භාවිතාවට බලාපොරොත්තුවක් බවට පත්ව ඇති මුත් මයික්‍රසොෆ්ට් වෙතින් ඉදිරියේදී එවැනි බලාපොරොත්තුවක් තැබිය නොහැකි බවටයි නිවේදනය වන්නේ. පසුගිය දිනවල ජනංප්‍රිය පුවතක් වූ XP වල registry මත කරන Tweak කිරීමක් ඔස්සේ තව දුරටත් XP වෙතට යාවත්කාලීන ලබා ගන්නට හැකිවන බවට වූ මතයද ඔවුන් එහිදී සදහන් කර සිටිනවා. කෙසේ වෙතත් මයික්‍රසොෆ්ට් වෙති පලවූ නිවේදනයක් පැහැදිලි කොට තිබුනේ මෙම පියවර අනතුරුදායක විය හැකි බවයි. එම ආයතනය මෙම හැදෑරීම සදහා ලොව පුරා ආයතන 5000ක් යොද ගෙන තිබූ අතර ඉන් 18.7% කම XP භාවිතාවෙමින් ඇති බවට හදුනාගත් අතර 53.4%ක 7 Professional සංස්කරනය භාවිතාවෙමින් ඇති බවට හදුනාගෙන තිබුනා. මෙම සංස්කරනය සදහා 2020 දක්වා මයික්‍රසොෆ්ට් වෙතින් යාවත්කාලීන ලැබීමට නියමිත අතර ඉතා සුලු ආයතන සංක්‍යාවක් පමනක් Windows 8.1 භාවිතාවට පැමින ඇති බවට හෙලිකර ගෙන තිබෙනවා. Bitdefende ආයතනය තම ආරක්ශක මෘදුකාංග ඔස්සෙ windows XP වෙතට සහය දැක්වීම 2016 දක්වා සිදුකරන්නට නියමිත බවටයි මේ වන විට නිවේදනය වන්නේ.

2014-06-17

පරිසර හිතැති ප්‍රතිචක්‍රීය කල හැකි පරිපත පුවරු....

  ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගැටලුව කෙමෙන් තීව්‍ර වෙමින් පවතින්නකි. වේගයෙන් වැඩි වෙමින් ඇති නව මෝස්තරයන්ගේ උපාංග පැමිනීම මෙන්ම එක් පුද්ගලයෙකු උපකරන  එකකට වඩා භාවිතාවට පිවිසීම මෙන්ම පුද්ගල මැදිහත්වීමෙන් තොර අන්‍යඔන්‍යව කටයුතු කරන තොරතුරු සබදතා භාවිතාවන් සමග වෙගයෙන් දෙගුන තෙගුන වීමට නියමිත උපාංග සමග මෙම ගැටලුව තවදුරටත් කිසිසේත්ම පරිසරයට දරා ගත නොහැකිවීමේ අවධානම මේ වන විට හදාරන්නන්ගේ දැඩි කථා බහකට ලක්ව තිබේ.  බ්‍රිත්‍යාන ආයතනයන් කිහිපයක් එකව පවසන්නේ තමන් මෙම ගැටලුවට තරමක විසදුමක් ගෙනෙන්නට  කටයුතු කරමින් සිටින බවකි. එනම් මෙම ඉලෙක්ට්‍රොනික කසල ගැටලුවේ ප්‍රධාන සාධකය වන පරිපත පුවරු සදහා 90%ක්ම ප්‍රථිචක්ක්‍රීය කල හැකි පුවරු විසදුමක් සදහා තමන් සූදානම් බවකි. Re USE ලෙසට නම් වන මෙම තාක්ශනික විසදුම ඔස්සේ නිපද වන පුවරුවක් පහසුවෙන් දැඩි උනුසුම් ජලය ඔස්සේ එහි මතුපිට ගල්වා ඇති ආරක්ශිත ආවරනය ඉවත්වීමත් සමග ප්‍රතිචක්‍රීය හිතැති thermoplastic කොටස නිරාවරනය කර ගත හැකි බවටයි එහි නිපැයුම් කරුවන් පහදා දෙන්නේ. තවමත් ප්‍රධාන පෙලේ නිපැවුම් කරුවන්ගේ අවධානයට යොමු නොවී තිබුනද මෙම තාක්ශනය නුදුරු අනාගතයේදීම භාවිතවට පැමිනීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවටයි වාර්ථා වන්නේ.

windows 7 සමග IE11 භාවිතාවේදී අප්‍රේල් යාවත්කාලීනය අනිවාර්යය..

  Microsoft සමාගම නිවේදනය කර සිටියේ තම වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය ස,අග Internet Explorer 11 (IE11) භාවිතාකරන්නන් සදහා ඉදිරි යාවත්කාලීන නොකඩව ලබා ගන්නට නම්  April update ලබා ගෙන තිබීම අනිවාර්ය වනු ඇති බවකි. මෙය Microsoft ආයතනය මීට පෙර නිවේදනය කල පරිදි windows 8 සදහා ඉදිරි යාවත්කාලීන ලබා ගන්නට නම් june 10 සිට මාසයක් තුල Windows 8.1 වෙතට යාවත්කාලීන වීම අනිවාර්ය වීමට සමාන කාරනාවක් ලෙසටයි දැක්වෙන්නේ. එසේ යාවත්කාලීන නොවීම තුල අහිමිවන යාවත්කාලීන අතර security මෙන්ම  non-security updates ද වනු ඇති බවටයි නිවේදනය කෙරෙන්නේ. මේ අනූව windows 7 සදහා අප්‍රේල් මාසයේ නිකුත්වූ  MS14-018  යාවත්කාලීනය ලබා ගැනීම ඉන් පසුව වන සියලු ආකාරයේ යාවත්කාලින සදහා තීරනාත්මක වනු ඇති බවටයි නිවේදනය වන්නේ.
               පහදෙන්නන්ගේ බහුල ඉලක්කයක් වන බ්‍රවුසර මෘදුකාංගය නිතරම වඩාත් යාවත්කාලීනව තබා ගැනීම වැදගත් වන අතර එසේ කිරීම බ්‍රවුසර මෘදුකාංගය ඔස්සේ මෙන්ම වෙබ් අඩවි ඔස්සේ පරිගණකය වෙතට පැමිනිය හැකි මෘදු අනතුරු වලකා ගැනිම සදහා ඉතා වැදගත්වනු ඇති බවටයි පිලි ගැනෙන්නේ.

2014-06-10

තොරතුරු තාක්ශනය හා අපි....

  තොරතුරු තාක්ශනය කියන්නේ තවත් එක් තාක්ශනයක් අපේ ජීවිත වටා තියෙන කියලා කෙනෙක් කියන එකට අපට විරුද්ද වෙන්න බැහැ තමයි. හැබැයි අමතක කරන්න එපා අප වටා තියෙන බොහෝ තාක්ශනයන් එක්ක සැලකීමේදී තොරතුරු අවකාශය අපේ ජීවිතවල විශාල වපසරියක ක්‍රියාත්මක වීමේ හැකියාව ‍රැගෙන විත් තියෙන බව. ඒක ඔබගේ වෘතීය ජීවිතය ඉක්මවා ගිහින් බොහෝ දුරක් පැමින තියෙන බව අපට පිලිගන්නට වෙනවා. ඔබගේ විනෝද ජීවිතය සමාජ ජීවිතය විතරක් නෙමේ සෞකය ජීවිතයත් සමග බොහෝ සමීපව කටයුතු කරන්නට ඒකට අවශ්‍ය වෙලා තියෙනවා විතරක් නෙමේ ඒසේ හැකිබවට ඔප්පු කරමින්ද සිටිනවා. මම හිතනවා මේ ලංකාවේදී කෙනෙකුට අපහාස කරන්නට නැතිනම් කාන්තාවකගේ ඇදුමක් හුලගට යන්තම් එහෙමෙහෙ වෙනකන් බලා ඉදල ගන්න ඡායාරුවක් පල කරන්න වගේ නැතිනම් ලෝකයේ බහුල භාවිතාවක් වගේම බහුල ප්‍රයෝජන ගැනීමක් තියෙන සමාජ ජාලා වගේ ඒවා අඩු වටිනාකම් තියෙන ඒවාට පාවිච්චිකරලා පස්සේ බැන බැන ඉන්නවට වඩා දේවල් වලට වඩා බොහෝම අඩුවෙන් පාවිච්චි වෙන්නේ මේ තාක්ශනයේ වරදකට වඩා ලාංකික ජීවිත වල වරදක් නිසා කියලා. ගනනින් දෙදහස් පන්සීය තුන්දාහ වගේ ගනන් කිව්වට... 

2014-06-04

ආසාධිත පරිගණක පාලනය සදහා ISP වෙත අවධාරනය කෙරේ!!!

  ආසාධිත පරිගණකයක් ජාල ගතවීම අදාල පරිගණකය පිලිබදව ගැටලුවක් පමනක්ම නොවේය යන්න පිලිගැනීමකි. එය ඔස්සේ එම ආසාධනය විවිධ වූ ආකාරයට අනෙකුත් පරිගණක කරා ගමන් කිරීම ඉන් අනතුරුව ඇරබෙන්නට ඇත්තේ මහත් ඉඩ කඩකි. විටක දැනුවත්ව හෝ තවත් විටක ඔවුන් නොදැනුවත්ව එසේම විටක එම හිමි කරුවන්ගේ නොසැලකිල්ල  ඔස්සේ පහසුවෙන් එම පරිගණකය සම්බන්ද වන අනෙකුත් පරිගණක කරා එම ආසාධනයන් පැතිරීම තවදුරටත් සාමන්‍ය ලෙසට නොසලකා හැරිය හැකි කටයුත්තක් නොවේය යන්න හදාරන්නන්ගේ යෝජනාවක් වෙමින් තිබෙනවා. එහිදී ඔවුන් යෝජනා කර සිටින්නේ ISP වරුන් හරහා එම ආසාධිත පරිගණක සීමිත අන්තර්ජාල භාවිතාවකට සීමා කර අදාල ISP සමග සම්බන්දවී එම ආසාධිත බවින් ගැල වෙන්නට කටයුතු කරන්නට පෙලබවීම අත්‍යවශ්‍ය වෙමින් ඇති බවකි. බහුල වෙමින් ඇති botnets ඔස්සේ ලොව පුරා විශාල පරිගණක සංක්‍යාවක් ආසාධනය වී ඇති අතර එවා ඔස්සේ මෙම සයිබර් අපරාධ කරුවන්ට පහසුවෙන් තවත් පරිගණක ගොදුරුකර ගන්නට අවස්ථාව ලැබීම පාලනය කිරීම සදහා මෙවන් පියවරක අවශ්‍යතාවය ඔවුන් අවදාරනය කර සිටිනවා.

2014-06-02

Apple හි WWDC 2014 ඇරබීමට සූදානම්. iPhone සදහා නව intelligent case එකක් නිකුතුවට තව සමාගමක් සූදානමින්!!!

  ලොව තොරතුරු තක්ශනය හා කටයුතු කරන ප්‍රධානතම ආයතනයක් ලෙසට ගැනෙන Apple ආයතනයේ 2014 වාර්ෂික සංවර්ධකයන්ගේ හමුව මේ වන විට ඇර බෙන්නට ඇත්තේ සුලු කාලයක් පමනී. මෙවර  Apple හි  WWDC 2014 හමුව දෙසට හදාරන්නන්ගේ දැඩි අවධානයක් යොමුව ඇති අතර ඔවුන්ගේ වැඩි බලාපොරොත්තුවක් තබා ඇත්තේ මෘදුකාංගමය වෙනස්කම් අතින් මෙම මෙවර හමුව වඩාත් කැපී පෙනෙනු ඇති බවයි. බොහෝ නව යාවත්කාලීන ප්‍රමානයක් සමග Apple ආයතනය OS X සමග මෙන්ම iOS තුලට වඩාත් සිත්ගන්නා සුලු වෙනස් කම් රාශියක් ‍රැගෙන එනු ඇති බවටයි අනාවැකි පල වෙමින් ඇත්තේ. 
                  නොනිල ලෙසට දැනට පලවන තොරතුරු හෙලිකර සිටින්නේ Mac OS X සදහා නව flat ආකාරයේ පෙනුමක් පැමිනෙන්නට නියමිත අතර නව OS X හා iOS අතර පෙනුමෙහි වඩාත් සමාන බවක් ගන්නා බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා. එහිදී OS X සදහ නව  dock, Control Centre හා notifications pane එකක් පැමිනීම බලාපොරොත්තු වෙනවා.මේ අතර යූක්ක්‍රේනය මූලික සමාගමක් විසින් i phone සදහා  intelligent case එකක් නිකුතුවට සුදානම් බවට ප්‍රකාශවන අතර එහිදී දුරකථනය වෙතට ඇමතුමක් හෝ Text පනිවිඬයක් පැමිනෙන්නට පෙරම ඒ පිලිබදව භාවිතාකරන්නා වෙතට දැනුම්දීමක් සිදුවන ආකාරයට එය ක්‍රියාත්මක බවටයි සදහන් කරන්නේ. මෙම දුරකථන කවරයේ පි‍ටුපස මුහුනත ඔස්සේ සිදුවන මෙම icon lights දැල්වීමෙන් කෙරෙන දැනුම් දීම සදහා දුරකථනය තම ජාලය සමග වන සබදතාවය ඔස්සේ වන excess energy වලින් මෙම ක්‍රියාත්මක වීමට හැකිවන ලෙසට එය නිමා ඇති බවටයි එම ආයතනය පවසන්නේ. තවමත් මෙම  පහසුව iPhone 5, 5S හා 5C සදහා පමනක් සූදානම්ව පැමිනෙන්නට නියමිත මුත් ඉදිරියේදී වැඩි පහසුකම් සමග වැඩි සංස්කරන ප්‍රමානයක් සමග ක්‍රියාත්මක වන්නට සූදානම්ව නිකුත්කරන්නට බලාපොරොත්තුවන බවටයි එම ආයතනය පවසන්නේ.

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(7)

  ලොකු ස්වාමීන්වහන්සේ ඒ ප්‍රදේශයට පමනක් නොවේ සබදතා ඇති සියල්ලන්ටම ජීවිතයේ වැදගත්ම අවස්ථාවලදී සහයට එන  සර්වරයක් වගේ.. ප්‍රථම ගමනින් පසු වරක් සරසවි මිතුරෙකු සමග සුහද කථා බහකදී මාහට කියවූවේ අහම්බෙනි.  නිදහස් මනසක් ඇත්තෙක්වු ඔහු එයට සිනාසුනේ වත් එකගවුවේවත් නැත. තොරතුරු සකසන්නට හා සංනිවේදනයට තවමත් සිලිකන් මූලික ප්‍රාථමික තාක්ශනයක් භාවිතාකරන අපිට ඒක විහිලුවක් වගේ දැනුනට ද්වාකාර අර්ථ සහිත බිට්‍ටුවක් මත සීමිත සංනිවේදනයක් මත යැපෙන අපිට සිහිනයක් වගේ දැනුනට දියුනු කරන මනසකට තවත් මනසක් සමග පහසුවෙන් සම්බන්ද වන්න වගේම එක් නිමේශයකින් අපමන තොරතුරු සංක්‍යාවක් යවන්න පුලුවන් බව මම ඔහු වෙතට යෝජනා කර සිටියෙමි. සමහර විට... තවමත් තම මධ්‍යස්ත බව ‍රැකෙන ආකාරයට ඔහු පිලිතුරු දුන්නාය. කොහොමටත් ඔබගේ ඉලග නිවාඩුවට යොදාගෙන තියෙන ආශ්‍රම ගමනින් පසුව ලොකයේ කෙහේ හිටියත් මාව අමතන්න අමතක කරන්න එපා.. කියමින් ඔහුකල සමු ගැනීම ආශ්‍රමය වෙතට නැවත ඉක්මනින් පැමිනෙන්නට කවදත් වන සියුම් බැදීම වඩාත් දැඩි කලාය.. 
           ක්‍රමානුකූල ස්වවාභාවික වර්ධනය ඔස්සේ හෝ කිසියම් බාහිර සහයක් ඔස්සේ දියුනුවුනු මිනිස් මනස සතු අපමන ශක්ති හැකියා වෙන් ඉතාම අල්ප ප්‍රමානයක් පමනක් අප දෛනික ජීවිත්යේ භාවිතාකරමින් සිටින බව වසර ගනනාවක් තිස්සේ විද්වතුන් යෝජනා කරමින් සිටින බව හා ඒ මතයන් ඔවුන් ගෙනෙන්නේ හුදු හිතලූන් මතම නොව බොහෝ ආකාරයට ඔප්පු වී ඇති  සාධක මත බවට වරක් ඔහු කල ප්‍රසිද්ධ සටහනක් මගේ මතකයට නැගේ. විද්‍යාත්මකව පමනක් නොව සංස්කෘතිකව මෙන්ම ආගමිකව පලව ඇති කාරනා බොහොමයක් ඔස්සේ එහිදී තම මතය ඔප්පු කරන්නට ඔහු උත්සාහ කර තිබිනි.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...