2014-06-28

ආරක්ශිත පරිගණකය ඉමහත් සහනයකි..

  ආරක්ශිත පරිගණකය ඉමහත් සහනයකි. එය ඔබගේ තොරතුරු දිවියට ප්‍රබෝදයක් ගෙනෙනු ඇත. පලමු කොට නිරෝගී මට්ටමක ඇති ඔබගේ පරිගණකය එහි වන උපරිම ප්‍රොසෙසර් හැකියාව , මතක හැකියාව සමග ඔබගේ කටයුත්ත සදහා ලබ දෙන්නට කටයුතු කරනු ඇත. බොහෝ විට හානිකරයක් එම දත්ත උපාංගයේ ක්‍රියාත්මක වන විට එම උපකරනයේ උපරිම ක්‍රියාත්මක වීමට ඉඩ නොලැබෙන්නේ දෘශ්‍යව හෝ අදෘශ්‍යව එම හානිකරයේ ක්‍රියාත්මක බව සදහා ඉඩකඩක් ලබා ගන්න නිසාවෙනි. තවත් විටක එය පරිගණකය සම්පූර්නයෙන් අඩපන කොට දමන්නට තරම් සැහැසිවන් අවස්ථා ද නැතුවාම නොවේ. තවත් විටක කිසියම් ආකාරයක ගොනු වර්ග සදහා පමනක් ක්‍රියාත්මක වෙමින් ඒවා විවෘතවීම වැලකීමේ සිට මකා දැමීම දක්වා වූ විවිධ ආකාරයේ අපහසුතා ගෙනෙන්නට කටයුතු කරන අවස්ථාද දැකිය හැක.
                                 තවත් විටක ආසාධිත පරිගණකය භෞතිකව ඔබගේ උවද එහි ක්‍රියාකාරීත්වයේ හැකියාවෙන් වැඩි ප්‍රථිශතයක් ජාලගත වීම ඔස්සේ බොහෝ දුරක වෙසෙන සයිබර් අපරාධකරුවෙකුගේ පාලනයට යටත්ව තිබෙන්නට පුලුවන. එම අපරාධකරු විසින් කිසියම් ආකාරයකට ඔබගේ පරිගණකය මත තැන්පත්කරන හානිකරයක් ඔස්සේ මෙම මෙහෙයවීමේ හැකියාව අත්පත්කර ගනිනු දැකිය හැක. ආසාධ්ත වෙබ් අඩවි ඔස්සේ , ආසධිත දත්ත ගොනු ඔස්සේ,ආසාධිත පෙන් ඩ්‍රටිව් වැනි උපාංග ඔස්සේද මෙම හානිකර බව ඔබගේ උපාංගයට පිවිසෙන්නට අවස්ථාව ඇත. මෑතකදී පලවූ වාර්ථාවක් පැවසුනේ චීන කිසියම් කර්මාන්තශාලවාක් ඔස්සේ පැමිනෙන උපාංග වර්ගයක් නිෂ්පාදනාගාර මට්ටමේ සිටම ආසාධන සමග පැමිනෙන බව තහවුරුව ඇති බවකි. කල්පනා කාරීවිය යුත්තේ එබැවිනි. පෙරකී ආකාරයේ ආසාධනය කිරීමක් ඔස්සේ එම අපරාධකරු තමන්ගේ අවශ්‍යතාවයක් සදහා ඔබගේ පරිගණක හැකියාව යොදා ගන්නා අවස්ථා තිබේ. මෑතකදී වාර්ථාවූවේ "Bit Coines" නිර්මානය කරගැනීමට අවශ්‍ය පරිගණක හැකියාව මෙසේ ආසාධිතකරන ලද පරිගණක ඔස්සේ ලබා ගනිමින් සිටින අපරාධ අවස්ථා හමුවූ බවකි. තවත් විටක වෙනත් සර්වරයක් නැතිනම් පරිගණකයන් සදහා ප්‍රහාරත්මකව ක්‍රියාත්මක වන්නටද මෙම හැකියාවන් යොදා ගැනීම් බහුලය.
                                   තවත් විටකදී පෙරකී ආකරයේ එකක වත් නොව ඔබගේ දත්ත උපකරනය ඔස්සේ සිදුකරන වැදගත් තොරතුරු භාවිතාවන් පිලිබදව රහස් තොරතුරු ලබා ගන්නට හා ඒවා අපරාධකරුවන් අතට පත්කරන්නට ක්‍රියාකරන ආසාධිතභාවයන් බහුලය. ඔබගේ නයවර පතේ තොරතුරු , වැදගත් ගිනුම් වල තොරතුරු , පරිගණක්යේ තැන්පත්ව ඇති පෞද්ගලික හෝ රාජකාරී මට්ටමේ තොරතුරු ඔබට රහසින් මෙම මෘදුකාංග ඔස්සේ බාහිර සිටින අපරාධකරුවෙකුට අත්පත් වන අවස්ථා මේ අතර වේ. එපමනකුදු නොව ඔබගේ පරිගණකයට සම්බන්දව ඇති කැමරා , මයික්‍රෆෝනයන් වැනි උපකරන අනවසරව ක්‍රියාත්මක කරවා ඒවා  ඔස්සේ ලබා ගන්නා තොරතුරු පසුව ඔබට එරෙහිව භාවිතාකරන ලද අවස්ථාද බහුලය. සමහර විටක ඔබට දැනෙන නොදැනෙන මට්ටමකින් මෙම හානිකරයන් ක්‍රියාත්මක වෙමින් සාමන්‍යයෙන් නොහැගෙන ලෙසට එම නීතිවිරෝධී අවශ්‍යතා ඉ‍ටුකරගන්නට හැකිවන ලෙසට මෙම හානිකර මෘදුකාංග නිමවී තිබෙනුද හැකි බැවින් වඩාත්සංවෙදී නොවන පරිගණක භාවිතාවක ඔබ යෙදෙන්නේනම් කල්පනාකාරී වීම වැදගත්වේ. තවත් සංකීර්න අවස්ථාවලදී ඉහතකී අවස්ථවලින් කිහිපයක් ම ගෙනෙන ආකාරයට ආසාධිතවීමේ හැකියාවටද ඔබ විවෘතව ඇත. උදාහරනයක ලෙසට වැදගත් මට්ටමේ තොරතුරු ඔබගේ පරිගණකයේ නොමැතිනම් පරිගණකය අක්‍රියකර එය යතා තත්වයට පත්කරන්නට නම් මුදලක් ඉල්ලා සිටින අවස්ථා පසුගිය කාලයේ වාර්ථාවිය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...