2014-06-28

දත්ත උපාංගය සමග මෘදුලෙසට පැමිනෙන දත්ත සහයකාවිය!!!!

  ඔබගේ ජංගම දත්ත උපාංගයට ගත හැකි ස්වරූප බොහොමයකි. මේවා අතරින් වඩාත් ප්‍රායෝගික ඵලදායීම සේවයක් ගෙනෙන ස්වරූපයක් ලෙසට personal digital assistant පිලිගැනේ. ඔබ දෛනික ජීවිතයේ යනෙන, කියන කරන , සොයන බලන, මිලදී ගන්නා මෙකී නොකී වූ දහසක් දේ ගැන හොඳින්ම දන්නා උපකරනයක් ලෙසට එම ජංගම දත්ත උපාංගයට මෙම සේවයට පහසුවෙන් පිවිසිය හැකිවීම විමතියට කරුනකද නොවේ. මේ සිසාම ප්‍රධාන පෙලේ දත්ත සමාගම් තුනම තම සේවාවන් සමග personal digital assistantමෘදු සහයක්  ගෙනෙන්නට ක්‍රියා කර තිබෙනවා. උපකරනය තුලවන දත්ත මෙන්ම සම්බන්දවන ජාලයන් තුලවන තොරතුරු ඇසුරෙන් වාචිකව එය ඔබට ගෙනන සහය මහත් බවටයි ප්‍රායෝගිකව පිලිගැනෙන්නේ. මහ මග වාහනයක් පදවමින් සිටින ඔබට අවශ්‍ය මහමග තොරතුරු මැප් සේවාවක් ඇසුරින් වාචිකව ගෙන ඒම කාලය ඉතිරිකරවන පහසුවක් වන විට සබදතාවක් ඔස්සේ පැමිනෙන  Text පනිවිඬයක් කියවා දෙන්නට පමනක් නොව ආපසු එයට යැවිය යුතු පිලිතුර වාචිකව ලබා දෙන විට එය සටහන් කොට ගෙන යවන්නට තරම් එය බුද්ධිමත්ය. එසේම පෙර ලබා දී තිබූ සිහි කැදවුමක් පමනක් නොව ආයතනයේ සැන්දෑවේ පැවැත්වන සමාලෝචන හමුව ගැන ආයතනයේ පොඳුකාල සටහනෙන් උපුටා ගෙන මතක් කර දෙන්නට එය සමත්ය. විටක ඔබගේ සොහොයුරගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතන්නට මතක් කර දෙන්නට පමනක් නොව යැවිය යුතු පනිවිඬය තොරගන්නට පවා එය සහයට පැමිනෙන අතරම වාහනය පසුකරමින් සිටින නගරයේ දී දිවා ආහාරය සදහා ඔබගේ සිතැගි වලට අනූව සුදුසු ස්ථානයක් තොරා දෙන්නටද එය සමත්වනු ඇත. හදිස්සි අවස්ථවකදී ස්වංක්‍රීයව අදාල සහය සේවාවලට මෙන්ම සමීප සබදතාවයක් දැනුවත් කරන්නට ක්‍රියාත්මක වන තරමට එයට ඔබගේ ජීවිතයට සමීපවන්නට හැකිවීම සිත්ගන්නා සුලු වනු ඇත.
                                                                         මෙසේ ඔබගේ සහයට පැමිනීමේදී එයට අවශ්‍ය තොරතුරු ‍රැස්කර ගැනීම වැදගත්වේ. සියලුම පාහේ නිකුතූන් සමග මේ සදහා ඔබට අවශ්‍ය මට්ටමක් දක්වා එයට ඉඩ දෙන්නට හැකිවන සැකසුම් වලට යටත්වය එය ක්‍රියාත්මක වනු ඇත. මෑතකදී පැවතින් හමුවකට සහභාගී වෙමින් Microsoft ආයතනය වෙනුවෙන් අදහස් පලකල ඔවුනගේ Cortana  සමග කටයුතු කරන මහතෙකු පැහැදිලි කර සිටියේ අවශ්‍ය නම්  වෘතීය දිවිය සදහා එක් සංස්කරනයකුත් පෞද්ගලික දිවිය සදහා තවත් සංස්කරනයක් ලෙසට මෙම සේවාව යොදා ගැනීමතුල තොරතුරු වල සුරක්ශිත බවට පියවර ගත හැකි වන අතරම එම තොරතුරු අතර පෞද්ගලික තොරතුරු අදාල උපකරනයේ පමනක් ගබඩා වන අතර පොඳු කරුනු පමනක් අන්තර්ජාලය ඇසුරින් ලබා ගෙන එන ආකාරයට එම සේවය සැකසී ඇති නිසා අනවශ්‍ය ලෙසට පෞද්ගලික තොරතුරු  සර්වර ගතවීමේ අනතුරින් මිදිය හැකි බවටයි. තොරතුරු උපාංග සමග එන සේවා අතරින් වඩාත් අපූර්ව ලෙසට භාවිතාකරන්නාගේ ජීවිතය වෙතට සමීප විය හැකි , සහය විය හැකි, සේවාවක් ලෙසට සියලුම පාහේ ප්‍රධාන ආයතනයන් මෙම personal digital assistan වෙතට බලාපොරොත්තු තබා තිබීම දැකිය හැකිය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...