2012-02-29

නන්නාදුනන දේශකයාගේ සටහන්...........

...........බෝහෝ විටම සෑම නව දත්ත උපකරනයක්ම ඔබ වෙත එන්නේ  නැවුම්  ඇසුරුම් සුවදක්,  නව හැඩයක්, හිමි කරගැනීම පිලිබද සමාජීය ආඩම්බරයක් පමනක්ම ‍රැගෙන නොවන බව ඔබ අවබෝදකර ගත යුතුයි. එම උපකරන සැලසුම් වන්නේ වඩාත් හුරුබුහුටි භාවිතාවක් ඔබගේ ජීවිතයට එක් කරන්නටයි. සාර්ථක සැලසුම් කරුවන් තම නව නිර්මානය අරබන්නේම අරකී භාවිතාව මූලුක කරගෙන බව අප වටහා ගත යුතුයි. පෙන්ටියම් 3  පරිගණකයකින්  ඇරබුනු ඔබේ දත්ත ජීවිතය මතට  භෞතිකව පැමින ඇති අයි 7  පරිගණකය පැමිනෙන්නේ විසල් දත්ත ක්‍රම විස්මයන් රාශියක් සමග ඔබගේ ජීවිතය වඩාත් පහසු කරවන්නට , අපූරු කරවන්නට බව අප වටහා ගත යුතුයි.මම ඔබට ආරාධනා කරනවා මේ විසල් දත්ත අවකාශයේ දිනෙන් දින ලියවෙන නැවුම් හැරවුම් ගැන මීට වඩා මදක් අවදිබවක් යොදවන ලෙසට.ඔබගේ පමාව දෙයාකාරයකින් සටහන් කරන්නට මා කැමතියි. එකක් නම් වඩාත් අපූරු දත්ත භාවිතාවකින් ජීවිතය රසවත් සුවපහසු කරගන්නට ඇති අවස්ථාවක් ඔබට මග හැරීම වන අතරම අනිත් දෙසින් මිනිස් වර්ගයා අතර සිදුවිය යුතු දත්ත ජීවිත පරිනාමය  බිදකින් හෝ පමා කරවන්නට ඔබත් සහය වීමයි...........

නිරෝගී පරිගණකයකට සහයකයෙක්......

නියමිතව යාවත්කාලීන  නොවූ  මෘදුකාංග පරිගණකය වෙතට  හානියකට ආරාධනා පතක්ද විය හැකිය. එහෙත් භාවිතාකරන්නැකුට තම පරිගණකයේ ධාවනය වන සියලුම මෘදුකාංග පිලිබදව නිරතුරු අවධානය යොමු කිරීමද අපහසු කාර්යයකි.
                               Secunia  වෙතින් හදුන්වාදී ඇති මෙම මෘදුකාංගය විසින් බොහොමයක් නිෂ්පාදකයින් ගේ මෘදුකාංග සදහා ක්‍රියාකාරී වෙමින් නිවැරදිව යාවත්කාලීන වී ඇත්දැයි සොයා බැලීම පමනක් නොව අවශ්‍ය විටකදී අදාල යාවත්කාලීනයන් පරිගණකය වෙත බාගත කොට අදාල මෘදුකාංග යාවත්කාලින කරන්නට කටයුතු කරන බවටයි  නිෂ්පාදකයින් පවසන්නේ. එම මෘදුකාංගයේ නවතම සංස්කරනයේ බීටා සංස්කරනය හා වැඩි විස්තර පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබා ගත හැකි වනු ඇත.
http://secunia.com/psi_30_beta_launch/

තම්බ්ඩ්‍රයිව් ප්‍රමානයේ පරිගණකය......

එය ප්‍රමානයෙන් තම්බ්ඩ්‍රයිව් එකක් වැනිය.එහෙත් එහි ප්‍රොසෙසරය 1.2GHz වන අතර 1GB  ප්‍රමානයක ‍රැම් මතකයකින් සමන්විත වනු ඇත. අධි පැහැදිලි වීඩියෝ පහසුව ඇතුලු  වයි-ෆයි හා බ්ලුටූත් පහසුවෙන් එය සමන්විත වනු ඇත.මෙම උපකරනයේ එක් අන්තයක් යු.එස්.බී පෝර්ට් එකකට සම්බන්දකොට ක්‍රියා කිරිමට උවමනා ශක්තිය ලබා දෙන අතර අනෙක් කෙරවල දර්ශන තිර උපාංගයකට සවි කල යුතුය. අමතර මයික්‍රෝ එස්ඩී ස්ලොටය  64GB දක්වා සහය වන අතර මයික්‍රෝ යු.එස්.බී කවුලුව තුලින් අමතර උපාංග සම්බන්ද කල හැකි වනු ඇත. භාවිතාකරන්නා විසින් අන්තර්ජාලය තුලින් මෙම උපාංගය සදහා ඇන්ඩ්‍රොයිඩ් 4.0 හෝ උබුන්‍ටු මෙහෙයුම් පද්ධතිය ලෙස ලබා ගත යුතු වන අතර එලබෙන මාසයේදී ඩොලර් 199ක මිලකට  වෙළදපොල වෙතට නිකුත් වීමට නියමිත බවටයි පැවසෙන්නේ

2012-02-28

දත්ත උපකරන ගමන් මගෙහි සෞදර්යාත්මක ඛංඩනයක් රස විදින්නට.....

මීට දස වසරකට පෙර අයි ෆෝන් හෝ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් , එක්ස් බොක්ස් යු ටියුබ් හෝ ෆ්ලිකර් වැන්නක් නොතිබුනහ. ඇත්තෙන්ම ඒවා නොතිබුනා පමනක්ම නොව එවැන්නක් ගැන සිතන්නට පවා අවකාශයක් නිර්මානය වී නොතිබුනි. කොටින්ම ඔබේ ඇස්පිල්ලමක කාලය දස වසරක් නම් මනස ව්‍යකූල කරවන තරමේ වෙනසක්  ඔබ මතට ගෙනවිත් ඇත.
                                                     ඔබගේ දෛනික ජීවිතයට අදාල නෙක උපකරන වල මතුපිට දර්ශන කවුලුවක් කරමින් බොහෝ දෑ පරිගණක සේ ඔබවෙත සේවය සලසන්නේ ඒවායේ සාම්රදායික කාර්යන්ද ඔබ වෙතට ඉ‍ටුකර දෙන ගමන්වීම නුදුරු අනාගතයේ සරල කාරනාවක් වනු ඇත.තවත් අතකින් පරිගණකය හා ඔබ අතර දුරස්ත බවක් නිර්මානය කරන්නට සමත්ව සිටින සංනිවේදන උපකරන කෙමින් ඔබගේ කට හඩට සිරුරේ චලනයන් හට ආදී ලෙස ඌනනය වෙමින් ස්වාභාවික ජීවිතය විනිවිද යන්නට සමත්වීමේ සලකුනු දැනටමත් පෙන්නුම් කරමින් ඇත.
                                                       හෙට දිනය පෘතුවි තලයට සාමාන්‍ය දිනයක් වනු ඇත. එහෙත් මිනිස් වර්ගයා මතට නම් තීර්නාත්මක හැරවුමක් සලකුනු කරනු ඇත.දත්ත උපකරන මිනිස් ජීවිත අතර පරතරය වඩාත් තීර්නාත්මක ලෙස සුලු කරවමින් සාම්ප්‍රධායික  ආකෘති කිහිපයකට සමුදීම හෙට දිනයේ  සිට ඇරබෙනු ඇත.පරිගණකයේ සීමා නැවත සලකුනුවීම මෘදුකාංග මෙන්ම දෘඩාංග ලෙසින්ද හෙට දිනයේ සිට සමාන්‍ය මිනිසා අතින් ඇරබෙනු ඇත.හදාරන්නන් පවසන්නේ  ඔබට නොදැනීම උවත් හෙටින් ඔබ ඇතුලු වන්නේ  ආකාර රාශියකින් වන වර්ධනාත්මක වෙනසකට බවයි. "සමහර විටක ඔබට ඒක දැනෙනවා ඇත්තේ වෙළදමය උප්පර වැට්ටියක් ලෙස වෙන්නට පුලුවන්. කිහියම් ආයතනයක ලාභය වැඩි කර ගන්නට ගන්නා සටකපට උපංක්‍රමයක් ලෙස වන්නට පුලුවන්.එය ඇත්තම නොවෙන බව තේරුම් ගන්නට හා දත්ත උපකරන ගමන් මගෙහි සෞදර්යාත්මක ඛංඩනයක් රස විදින්නට මා ඔබට ආරාධනා කරන්නේ ඒ නිසයි." ප්‍රසිද්ධ දේශනයක දී එක් විද්වතෙක් පවසා සිටියා.

එලබෙන වසරේ ගූගල්+ ඉදිරියෙන්ම?????

ඇමරිකන් ගූගල්+ භාවිතාකරන්නන්  අතර කරන ලද විමසුමකින් හෙලිවී ඇත්තේ ජනවරි මාසය තුලදී දිනකට සාමාන්‍ය භාවිතය විනාඩි 3.3 ක් පමන වන බවයි.එය පසුගිය දෙසැම්බර් මාසයේදී  විනාඩි 4.8 ක් ලෙසත්  නොවැම්බරයේ 5.1 ලෙස පැවතුනු බවටයි වාර්ථා පවසන්නේ. ෆේස්බුක් භාවිතාකරන්නන් සලකන විටදි ජනවාරි මාසයේ පැය 7.5 ක අගයක් ගත් බවයි කිය වෙන්නේ.
                                  පසුගිය ජූනි මාසයේ භාවිතයට මුදාහරින ලද ගූගල්+ සමාජ අඩවිය පසුගිය මාසය වන විට භාවිතාකරන්නන්  මිලියන 90 පමන  ‍රැස්කර ගන්නට සමත්ව ඇති බවට පැවසෙන අතර මේ වනවිට සමස්ථ ගූගල්+ භාවිතාකරන්නන්ගේ සංක්‍යාව  මිලියන 845 පමන වෙතැයි පවසා සිටිනවා.
                        දැන්වීම් ප්‍රදර්ශන වෙළද පොල තම ප්‍රධාම ඉලක්කයක් කර ගෙන ඇති සමාජ ජාලා තරගයේ මේ වන විට ඉදිරියෙන්ම සිටින්නේ ෆේස්බුක් ආයතනය වන අතර ගූගල් ආයතයේ එලබෙන වසර සදහා එම වෙලද පොල ඉලක්ක ඩෝලර්  බිලියන 3.68 ක වටිනා කමක් ඇති  සමස්ත වෙළද පොලෙන් සියයට  19.8 ලෙසට ප්‍රකාශ වන අතර ෆේස්බුක් සදහා එය ප්‍රථිශතයක් ලෙස 17.7 නොහොත් ඩොලර් බිලියන 3.29  ලෙස සටහන් වනවා.

වින්ඩෝස් 8 පාරිභෝගික පෙර සංස්කරනය හෙට සිට.....

බාසිලෝනා හි වේලාවෙන් පස්වරු 3.00 පමන නිල වශයෙන් නිකුත්වීමට නියමිත වින්ඩෝස් 8 වල පාරිභෝගිකයන් සදහා වන බීටා සංස්කරනය නිකුත්වන අවස්ථාවට  අදාලව සජීව මට්ටමේ අන්තර්ජාල ප්‍රචාරයවීමක් සිදු නොවනු ඇති බවයි මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ. මෙම නිල මොහොතට අනතුරුව වින්8 හි මෙම බීටා සංස්කරනය බාගත කිරීම් සදහා ඉඩ ලැබෙනු ඇති බවටයි බලපොරොත්තු පලවෙමින් ඇත්තේ.
                        මෙම බීට සංස්කරනය නිල නිකුත්කිරීමට සමගාමීව මයික්‍රසොෆ්ට් ආයතනයේ නවතම අංගයක් වන වින්ඩෝස් ස්ටෝර් හි ආරම්භයද සිදු වනු ඇති බවටයි පැවසෙනේ. වින්8 හි මෙම බීටා කාලය තුලදී මෙම වෙබ් ස්ටෝර් තුලින් මෙට්‍රෝ ආකාරයේ ඇප්ස් සදහාද නොමිලේ ලබාගත හැකි මට්ටමේ බීටා සංස්කරනයන් නිකුත්වනු ඇති බවටයි සදහන් වන්නේ.
                          එලබෙන සැප්තැම්බරයේ වින්ඩෝස් 8 හි අවසාන සංස්කරනය නිකුත්වනු ඇති බවට බාපොරොත්තු පලවන අතර  එතෙක් භාවිතාකල හැකිවන මෙම බීටා සංස්කරනයේ නිකුත්කරන පිටපත් ගනන සීමා නොකරනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.

2012-02-27

ෆකිස්ථානයත් අන්තර්ජාල වාරනයකට.....


පකිස්තානයෙන් පලවන පුවතකින් කියවෙන්නේ ජාතික මට්ටමේ වෙබ් අඩවි පෙරනයක් හා සීමා කිරීමකට අදාල  ආරක්ශක පද්ධතියක් ක්‍රියාත්මක කිරීමකට සූදානම් වන බවයි. 2013 එරට මැතිවරනයක් පැවැත්වීමට නියමිත බවත් එහිදී අන්තර්ජාලය තීර්නාත්මක සාධකයක් වීමට බෙහෙවින් ඉඩ ඇති නිසා මෙවන් තීර්නයකට එලබෙන්නට ඇති බවටයි පැවසෙනේ.
           මෙම වාරනය ඩොමෙන් මට්ටම සිට  සබ් ෆොල්ඩර් ,ෆයිල්  පමනක් නොව ෆයිල් ටයිප් මට්ටම දක්වාම ක්‍රියාත්මක වනු ඇති බව්ටයි තොරතුරු පලවන්නේ.මෙම යාන්ත්‍රනය වෙබ් ලිපිනයන් මිලියන 50ක් දක්වා වලකන්නට ටත් මිලිතප්පර 1 ක කාලයක් තුල අදාල ක්‍රියාව අවසන් කරන්නට සමත් මට්ටමේ විය යුතු බවටත් තීර්නය වී ඇති බවටයි පැවසෙනේ.  

2012-02-26

දත්ත උපකරන අතර යක්ෂයාගේ සැරිසැරීම්ද වැඩිවෙමින්......

මැකා‍ෆි ආයතනය පවසනවා 2011 වසරේදී මුදා හැර ඇති මැල්වෙයාර් ප්‍රමානය මිලියන 75 ඉක්මවන බවයි. එම ආයතනය පවසන්නේ 2011 අවසාන කාර්තුවේදී මොබයිල් උපකරන ඉලක්ක කර නිකුත්වූ මැල්වෙයාර් ප්‍රමානය බෙහෙවින් ඉහල අගයක් ගනු දක්නට ලැබුනු බවයි.එම කාර්තුව තුල පීසී යන්ත්‍ර සදහා නිකුත්වූ මැල්වෙයාර් මෘදුකාංගවල අඩුවන් පෙන්නුම් කිරීමක් ගැනත් ඔවුන් සදහන් කරනවා. මොබයිල් මෙහෙයුම් පද්ධති අතරින් ඇන්ඩ්‍රොයිඩ්  සදහා ඉලක්ක කිරීම් වැඩි අගයක් ගත් බවටත් ඔවුන් පවසා සිටිනවා.
                                              මැල්වෙයාර් පතුරවන වෙබ් අඩවි ලෙසට හදුනා ගැනීම් පසුගිය වසරේ අවසාන කාර්තුව වන විට දිනකට  අඩවි 9300 ලෙසට හදුනා ගෙන ඇති බව පවසන එම ආයතනය එය ඊට පෙර වසරේ අවසාන කාර්තුවේදී සටහන් වූ 6500 සංක්‍යාව බෙහෙවින් ඉක්මවා ගොස් ඇති බවටයි පවසන්නේ.එම අඩවි නිර්මානය වීම ප්‍රාදේශීය ප්‍රතිශතයක් ලෙස ඇමරිකාවෙන් සියයට 73 ක් ලෙසත්යුරෝපයෙන් සියයට 17ක් ලෙසත් ආසියානු රටවල් වලින් සියයට 17 ලෙසත් ඔවුන් සදහන් කර සිටිනවා.

වින්ඩෝස් 8 සදහා අනුසංස්කරන තුනක්.....

වින්ඩෝස් 8 අනු සංස්කරන තුනකින් සමන් විත වනු ඇති බවටයි අනුමාන කෙරෙමින් පවතින්නේ.ඒ අනූව වින්ඩෝස් 8 අල්ටිමෙට් සංස්කරනය පරිගණක නිෂ්පාදකයින් සදහාත් හෝම් ප්‍රීමියම් සංස්කරනය සාමාන්‍ය භාවිතය සදහාත් වින්ඩෝස් 8 ප්‍රොෆෙෂනල් සංස්කරනය ව්‍යාපාරික තලය සදහාත් ඉලක්ක වෙනු ඇති බවටයි අනුමාන වෙමින් ඇත්තේ.  වින් 8 සමග පැමිනෙන්නට නියමිත වින්ඩෝස් ස්ටෝස් වෙතින් මෙට්‍රෝ ඇප්ස් මෙන්ම පැරනි ආකාරයේ සාම්ප්‍රධායික මෘදුකාංගද අලවි වනු ඇති බවට තොරතුරු පලවන අතර මෙම වින්ඩෝස් ස්ටෝර් සමග ගනුදෙනු කිරීමේ හැකියාවක් වින් 7 වෙත ලැබේවිද යන්න තවමත් ස්ථිරව ප්‍රකාශ වී නැති බවයි පැවසෙන්නේ.
                                          ඔෆීස් 2010 සමග මයික්‍රසොෆ්ට් ආයතනය හදුන්වා දුන් "කී කාර්ඩ්" ක්‍රමය  සාම්ප්‍රධායික අලවියට වඩා අඩුමිලකට තම මෘදුකාංග උස්තල ගැන්වීමකදී පාරිභෝගිකයන්ට සහය වනු ඇති බවට පවසන ආයතනය පරිගණක නිෂ්පාදකයින් පෙර ස්ථාපනය කොට නිකුත්කරන  ලද මෘදුකාංග උස්තල ගැන්වීමේ අවශ්‍යතාවයකදී ක්‍රෙඩිට් කාඩ් ප්‍රමානයේ ප්ලාස්ටින් පතක අදාල අවසර පදයන් සටහන් කර එවීමේ ක්‍රමවේදය ගැන වැඩි අවධානයක් දෙනු ඇති බවටයි පැවසෙන්නේ

2012-02-25

ෆේස්බුක් භාවිතා කරන්නන් අතර අමිත්‍රත්ව්ය වර්ධනයවීමක්.....

ඇමරිකානු ආයතනයක් දුරකථන මාර්යන් ඔස්සේ එරට වැඩිහිටි ෆේස්බුක් භාවිතාකරන්නන්  ඇසුරුන් කරනලද විමසුමකට අනූව පැවසෙන්නේ, සියයට 63 පමන තම ෆේස්බුක් ගිනුම් මිතුරන් මකා දැමීමේ අවස්ථාවන් සිදුකර ඇති බවත් සියයට 44 පමන තම පලකිරීම් සදහා ලැබී තිබූ මිතුරු ප්‍රතිචාර මකා දැමීම් අවස්ථා හා සියයට 37 පමන තම ඡායාරූපයන් ටැග් කර ඇති අවස්ථාවලදී  ඉන් ඉවත්කර ගැනීමට කටයුතු කොට ඇති බවයි.කාන්තා භාවිතා කරන්නන් අතරින්  සියයට 67 ක්ම තම මිතුරු සබදතා මකා දමන්නට කටයුතු කොට ඇති බවත් පිරිමි භාවිතාකරන්නන් අතරින් සියයට 58 ද මෙවැනි අවස්ථා පසු කර ඇති බවත්ය. තම ගිනුම් වල පෞද්ගලිකබව ආරක්ශා කර ගැනීමේ සැකසුම් වල ඉහලම මට්ටමක් භාවිතාකරන අතර පිරිමි භාවිතාකරන්නන් අතරින් මෙම ප්‍රතිශතය සියයට 58 පවතින බවය. තම ගනනයන් ඇසුරින් එලබ ඇති තීර්න  ලෙස ඔවුන් පවසන්නේ ෆේස්බුක් භාවිතා කරන්නන්  අතර අමිත්‍රත්ව්ය වර්ධනයවීමක් දක්නට ඇති බවයි. වැඩුදුරටත් ඔවුන් පවසන්නේ බොහෝදෙනා තම ප්‍රොෆයිලයන්ගේ නිරාවරන භාවය තම මිතුරන්ට පමනක් සීමා කරන්නට පෙලබෙමින් සිටින බවයි.

2012-02-24

‍ටුවිටර් ගිනුම් ප්‍රමානය මිලියන 500 ඉක්මවයි......

‍ටුවිටර් සමස්ත ගිනුම් හිමියන්ගේ සංක්‍යාව මිලියන 500 ඉක්මවූ බවටයි තොරතුරු පලවන්නේ.මයික්‍රො මට්ටමේ ජනංප්‍රිය බ්ලොග් සේවාවක් සපයන්නෙකු ලෙස මෙම සේවාව සැලකෙන අතර සමාන්‍යයෙන් සතියක කාලය තුල පලකිරීම් බිලියනය ඉක්මවන බවටයි පැවසෙන්නේ. පසුගිය සැප්තැම්බරයේ පලවූ සටහන් වලින් කියවුනේ ඒවන විට ක්‍රියාකාරී මට්ටමේ ගිනුම් මිලියන 100 ඉක්මවා ඇති බව වූ අතර මෙම නවතම ගනනය තුලදී එම ක්‍රියාකාරී ගිනුම් ප්‍රමානය පිලිබද සටන් නොවූ බවටයි සටහන් වන්නේ.

බොක්ස් වෙතින් ඇන්ඩ්‍රොයිඩ් භාවිතාකරන්නන්හට 50GB නොමිලේ.....

බොක්ස් වෙතින් ඇන්ඩ්‍රොයිඩ් භාවිතාකරන්නන් හට ගිගා බයිට 50ක "ඔන්ලයින් "ආකාරයේ දත්ත ගබඩා පහසුවක් මාර්තු මස 23 දක්වා නොමිලේ පිරිනමන්නට කටයුතු කරන බවටයි පැවසෙන්නේ. මෙම අඩවිය වෙත පිවිස ගිනුමක් ඇරබීමතුලින් මෙම පහසුකම ලැබෙන බවටත් පැවසෙනවා.කෙසේ වෙතත් දැනට බහුලව භාවිතාවන ඩ්‍රොප් බොක්ස් හෝ ස්කයිඩ්‍රයිව් මෙන් බොක්ස් වෙතින් ඩෙස්ටොප් සින්ක්. පහසුව නොලැබෙන බවටයි කියවෙන්නේ.එම නිසා ස්වංක්‍රීයව දත්ත ගොනු ඔබගේ ඩෙස්ටොප් ගොනු සමග යාවත්කාලීන නොවනු ඇති බවටත් ඒසදහා මාසිකව ඩොලර් 15ක බොක්ස් හි ඩෙස්ටොප් ඇප් එකක් ලබා ගත යුතු බවත් නොමිලේ ලැබෙන්ගිනුමක් තුල හුවමාරුවන ගොනුවක උපරිමය මෙගා බයිට් 25 දක්වා සීමා වන බවත් සටහන් වනවා. මේ පිලිබදව වැඩි විස්තර සදහා පහත දැක්වෙන ලිපිනය වෙත පිවිසෙන්න.

https://market.android.com/details?id=com.box.android&hl=en

වින්8 මීලග බීටා සංස්කරනය බදාදා(29) ......

බාසිලෝනා හිදී එලබෙන සදුදා ඇරබෙන්නට නියමිත ලොව ප්‍රධානතම දුරකතන ප්‍රදර්ශනයේදී ක්වාර්ඩ් කෝර් මට්ටමේ දුරකථන හා ටැබ් උපකරන මෙන්ම මයික්‍රොසොට් නවතම මෙහෙයුම් පද්ධතිය වන විඩෝස් 8 ප්‍රධානතම මාතෘකා වනු ඇති බවටයි කියවෙන්නේ. LG , NOKIA ආදී වූ ආයතන  බොහොමයක් මේ වන විටත් තම ඉදිරි නිශ්පාදනයන් ගැන තොරතුරු ඉදිරිපත් කරමින් සිටින බවටත් ඒ අතර වඩාත් බලසම්පන්න සංයුත්ත කැමරා හා දත්ත සැකසුම් හැකියාවන් ගැන තොරතුරු ඉහලින්ම තිබෙන බවටයි සටහන් වන්නේ.
                   තවදුරටත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ඩෙස්ටොප් පරිගණක මූලික නොවනු ඇති බවට නිවේදනය කර ඇති මයික්‍රසොෆ්ට් ආයතනය ටැබ්ලට උපකරන මූලික ඉලක්කය කොටගත් මීලග මෙහෙයුම් පද්දතිය වන වින්ඩෝස් 8 හි භාවිතාකරන්නන් සදහා වන පෙර දැක්මක් බදාදා(29) එලිදක්වනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.

බහුමාධ්‍ය පරිගණකය උපැස්යුවලක් බවට ඌනනයවීම.......

දත්ත සැකසීමේ පහසුව, දත්ත ගබඩා පහසුව සමග ඇන්ඩ්‍රොයින් මට්ටමේ දුරකථනයක් ද සහිතව පමනක් නොව කැමරාවක් , මයික්‍රෆෝනයක් හා ස්පීකරයක්ද සමගින් ගූගල් ආයතනය උපැස් යුවලකට ඌනනය කරන ලද සුපිරි උපැස් යුවල අත් හදා බැලීමේ මට්ටමින් මෙම වසර තුල නිකුත්වනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.
                            1GHzප්‍රොසෙසරයකින් 256 MB තාවකාලික මතකයකින්  සමන්විතව 8GB ස්ථිර මතකධාරීතාවක්ද ‍රැගෙන එනු ඇතැයි පැවසෙන මෙම උපකරනයේ දර්ශන තල දෙක අර්ධ තිර හා අර්ධ විනිවිද පෙනෙන ආකාරයෙන් සකස් වෙනු ඇති බවටයි කිය වෙන්නේ

2012-02-23

pcAnywhere මෘදුකාංගය සමග පරිගණක 200,000 පමන අවදානමේ

හදාරන්නන් පවසන්නේ Symantec හි pcAnywhere මෘදුකාංගය නිසා ආසාදිත තත්වයට පත්ව ඇති පරිගණක ගනන ආසන්නව 200,000 විය හැකි බවයි.මේ අතරින් පරිගණක 5000 වත් ගනුදෙනු කටයුතු වලටයොදා ගන්නා මට්ටමේ විය හැකි වීම ගැන ඔවුන් කනස්සල්ල පල කරනවා.මෙම ආසාදනය  සමග එම පරිගනකවට දුරස්තව උපදෙස් දෙන්නටත් ඒවායේ දර්ශන තිරය දුරස්ව කියවන්නටත් හැකිවනු ඇති බවටයි පලවන්නේ.
                    ආයතන මෙම දුර්වලතාවය හදුනා ගත් විගස නිවේදනය කර සිටියේ එම මෘදුකාංගය පරිගණකවලින් සම්පූර්නයෙන් ඉවත් කර දමන ලෙස හෝ පූර්නව අඩපන කරදමන ලෙස වූ අතර පසුව හදුනා ගෙන තිබූ දුර්වලතා සදහා සැකසුම් යාවත්කාලීන නිකුත් කල මුත් අදාල මෘදුකාංගය පුර්ර්න ලෙස සුරක්ශිත බව ප්‍රකාශ නොකරන්නට වග බල ගන්න ලදී.
                   පසුව හදාරන්නන් කන්ඩයමක් විසින් ‍රැස්කල තොරතුරු ඇසුරින් කියා සිටියේ එම යාවත්කාලීනයන් ගෙන් තොරව ලොවපුරා එම මෘදුකාංගය තවමත් භාවිතාකරමින් සිටින්නන්ගේ සංක්‍යාව 200,000 වැඩි වන බවත් ඒවා ආසාදිතවීමේ ඉහලම සම්බාවිතාවක් ඇති බවයි.

ඇප්ස් භාවිතාකරන්නන්ගේ පෞද්ගලික දත්ත සුරක්ශිත කෙරේ........

මෑතකදී විවාදාත්මක කරුනක්වූ ඇප්ස් සමග සිදුවන භාවිතාකරන්නාගේ තොරතුරු ‍රැස්කිරීම සීමා කරන්නට ප්‍රධාන පෙලේ ආයතන වන ඇපල් , ගුගල් වැනී ආයතන කිහිපයක්ම කැලිෆොනියානු බලධාරීන් සමග එකගව ඇති බවටයි  පලවන පුවතක් පවසන්නේ. මෙම පෞද්ගලිකත්වය සු‍රැකීමේ එගගතාවය ලෝකයටම බලපාන පරිද්දෙන් ස්මර්ට් ෆෝන් හා ටබ් උපකරන සදහා ඇප්ස් භාවිතාවන් සදහා බලපානු ඇති බවටයි සටහන් වන්නේ. මූලිකව කැලිෆෝනියානු නීති පද්ධතිය යටතේ එකගවන ලද මෙම එකගතාවයට පදනම් වන කැලිෆෝනියානු නීතිය ලෙස කියවෙන්නේ කිසියම් ඇප් උපාංගයක් විසින් යම් පෞද්ගලික දත්තයන් ‍රැස්කරන්නේනම් එහි සීමාවන් හා එම දත්ත්යන් කුමක් සදහා යොදාගන්නේද යන්න  පැහැදිලිව සදහන් කලයුතු බවටයි . ඒ අනූව ඉදිරියේදී භාවිතාකරන්නෙකු යම් ඇප් භාවිතවකට එලබෙන විට අදාල දැනුවත් කිරීම් කිරීමට එම ආයතන බැදීසිටින බවටයි සටහන් වන්නේ.

ලිනක්ස් හා අඩෝබි ප්ලැෂ් සබදතාවය අවසාන අදියරේ ??????????

ලිනක්ස් භාවිතාකරනන් සදහා ඉදිරියේදී ප්ලෑෂ් ප්ලේයරය භාවිතය සදහා ඉතිරිවන එකම විකල්පය වන්නේ ගූගල් ක්‍රෝම් හි ප්ලගීනයක් ලෙස පමනක් වන බවයි පැවසෙන්නේ.ලිනක්ස් සදහා නිකුත්වන අවසාන ස්වධීන සංස්කරනය වන්නේ 11.2 වන අතර මෙම සංස්කරනය සදහා ඉදිරියට වසර පහක කාලයක් තුල යාවත්කාලීන නිකුත්කිරීමට නියමිත බවටයි පැවසෙන්නේ.අඩොබේ ආයතනය පවසන්නේ තමන් ගූගල් සමග එක්ව ක්‍රෝම් සදහා ස්ථීර ප්ලගීනයක් සදහා මේ දිනවල කටයුතු කරමින් සිටින බවයි.කෙසේ වෙතත් මොෂිල්ලා ආයතනය පසුගියදා ප්‍රකාශකොට සිටියේ ඉදිරියේදී ප්ලැෂ් සමග තමන්ගේ උනන්දුවක් නැති බවයි.  

ඔබ පොදු පරිගණක භාවිතාකරන්නෙක් නම්.......

ඔබ පෞද්ගලික පරිගණකයක් භාවිතාකරන්නෙක් නම් ඔබගේ ආරක්ශාව සදහා අදාල වන ආරක්ශකමෘදුකාංග ස්ථාපනය කරගැනීමේ අවස්ථාව ඔබටම ලැබෙනු ඇත. ඇන්ටි වෛරස් මෘදුකාංගයක් , ෆයර් වොලය අවදියෙන් තැබීම , ස්පෑම් ‍ෆිල්ටයක් ආදිය භාවිතය ඒ අතර මුක් තැනක් ගනී. හානිකර මෘදුකාංග වලින් ආරක්ශාවීම , අනවසර පිවිසීම් වලින් ආරක්ශාවීම , අනවශ්‍ය ඊමේලයන් මගහැරදීම මේවා තුලින් ලද හැකි සේවා ලෙසටයි ඔවුන් පවසන්නේ.
                        පුස්ථකාලයක , පාසැලක  හෝ එවැනි සේවා සපයන ආයතනයකදී නම් තත්වය මදක් බැරෑරුම් වනු ඇත. ඔබ භාවිතාකරන පරිගණකයන්ගේ සුරක්ශිත බව පිලිබද ගැටලු තිබිය හැකිවීම එයට හේතුවකි. සමහර විටක එවැනි ස්ථානයකදී ඔබගේ භාවිතාවන් ගැන ඔබටත් වඩා හොද අවබෝදයක් මීලගට ඔබ පරිහරනයකල පරිගණකය භාවිතාකරන්නා විසින් ලබා ගන්නට ඉඩ ඇත.සරලව ඔබගේ නොසැලකිල්ල මත තබා යන "බ්‍රවුසින් හිස්ට්‍රිය" වැන්නක සිට කී ලොග්ගර් වනි  ක්‍රමවේදයක් හරහා මෙම දත්තයන් වෙනකෙකු අතට පත්වීමේ අනතුරක් ඇත.
                                                   කාර්යක්ශම භාවිතාවක් තහවුරු කිරීම සදහා   බ්‍රවුසරය විසින් ඔබ ආගිය වෙබඩවි පිලිබදව තොරතුරු තබාගනී , තවත් විටක පහසු නැවත හමුවක් සදහා කුකීස් ආකාරයේ ‍රැදවීම් සිදුකරයි. පෞද්ගලික පරිගනක භාවිතාවකදීනම් මෙම පියවරවල් හොද සහයකයෙකු උවද  පොදු භාවිතාවකදීනම් ගැටලුකාරී වෙයි.මෙම තත්වය මග හැර ගැනීම සදහා නවීන බ්‍රවුසර් සංස්කරන වලදී නම් පහසුකම් සලසා ඇත. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සලදී නම් මෙනුව තුලින් "Start InPrivate Browsing" පහසුව අවදිකර ගැනීමත්, ෆයර් ෆොක්ස් තුලදී නම් මෙනුව තුලින් "Enter private browsing" අවදි කර ගැනීමත් ( මෙම බ්‍රවුසරයන් දෙක තුලදී නම් සාමන්‍ය භාවිතාවක සිට එම සුරක්ශිත භාවිතාවන් සදහා මාරුවීමට කෙටි මගක් ලෙස Ctrl+Shift+P අකුරු සංයුතිය භාවිතාකරන්න) ක්‍රෝම් සදහා නම්  Ctrl+Shift+N අකුරු සංයුතිය ඔස්සේත් එම අවදිකර ගැනීම කරගත හැකිවනු ඇත. එසේම ඔබේ භාවිතය අවසන් වූ පසු බ්‍රවුසරය වසා දැමිය යුත්තේ "බෑක්" යතුර ඔස්සේ අයෙකුට නැවත ඕබ භාවිතාවට පිවිසීමට අවස්ථාවක් ලැබිය හැකි නිසාය. එහෙත් අතපසු වීමක් නිසා එවැනි ආරක්ශිත භාවිතාවක් අවදි නොකරගනිමින් පොදු පරිගණකයක් ඔස්සේ අන්තර්ජාල භාවිතාවක නිරතවූ මොහොතක නම් අනිවාර්යෙන්ම අවසානයේ Ctrl+Shift+Del නම් යතුරු ගොනුව ඔස්සේ අතීත තොරතුරු ගොනුව මකාදැමීමට හැකිවනු ඇත.

flickr වෙත වෙනස්කම් කිහිපයක්.......

යාහූ ආයතනය යටතේ ක්‍රියාත්මක වන  ඡායාරූ හුවමාරුව සදහාම ප්‍රකට වෙබ් අඩවියක් වන flickr වෙතින් පැවසෙන්නේ ඡායාරූ නැරබීම සදහා මෙන්ම අඩවිය වෙත ඡායාරූ නැංවීමසදහා භාවිතාකරන්නා වෙත තිබු ඉන්ටර්ෆේස් එලබෙන කාලය තුලදී නවීකරනය වන ඇති බවයි. ආයතනය පවසන්නේ නව භාවිතාවන් වලදී භාවිතාකරන්නාට අවශ්‍ය අවස්ථාවන්හිදී හැරෙන්නට අඩු සවිස්තර සමග වැඩි ඡායාරූ ප්‍රමානයක් දකින්නට සැලැස්වීමත් අඩවිය වෙත ඡායාරූ නැංවීමේදී කෙලින්ම බ්‍රවුසරයේ සිට හැකිවීමත් ලැබෙනු ඇති බවයි.විචාරකයින් පවසන්නේ පසුගිය කාලය තුලදී ගූගල්+ හා ෆේස්බුක් වෙතින් මෙන්ම මොබයිල් අඩවි කිහිපයකින්ම ලැබුනු තරගකාරී බව මදකට හෝ සමනය කරගන්නට මෙම නව වෙනස්කම් උපකාරී වනු ඇති බවයි.

2012-02-22

වින්8 සමග භාවිතාකල හැකි භාෂා වපසරිය තවත් වැඩිවේ........

වින්ඩෝස් 8 ස්ථාපනයේදී භාෂා තොරා ගැනීමේ කවුලුවවඩාත් පුලුල් වීමට නියමිත බවටයි පැවසෙන්නේ. උදාහරන ලෙස  එක්සත් ජනපද භාවිතවන ඉංග්‍රීසි සංස්කරනය වෙනම තොරාගත හැකිවනු ඇති බවයි පැවසෙන්නේ. එපමනක් පමනක් නොව නව වින්8 සංස්කරනය සමග නව භාෂා ඉන්ටර්ෆේස් පැකයන්(LIPs) 13 කින් සමන්විත වීමට නියමිත බවයි කියවෙන්නේ. ඉන්දියානු , ඔස්ට්‍රේලියානු , අප්‍රිකානු  ආදී ලෙස මෙම නව සංස්කරනය වඩාත් ප්‍රාදේශීය භාවිතවන්ට පහසු කරවනු ඇති බවටයි වාර්ථා පවසන්නේ.
                                  එපමනක් නොව මෙහෙයුම් පද්දතිය තුලදී භාවිතාකරන උපාංග අනූවද භාෂා ‍තෝරා ගැනීමේ අවස්ථාව ලැබැනු ඇති බවටයි පවසන්නේ.එම ප්‍රකාශකයා පවසන්නේ වින්8 මෙහෙයුම් පද්ධතිය තීරනාත්මක ලෙස ප්‍රදේශීය භාෂා සදහා විවෘත වන බවත් යොදාගන්නා ඇප්ලිකේශනයන් විසින් සීමා නොකරන්නේනම් විවිධ  භාෂා භාවිතාකරන්නන් හට මෙතෙක් මෙහෙයුම් පද්ධතියකින් නොලැබුන තරමේ නිදහසකින් එය බාවිතාකිරීමෙ අවස්ථාව ‍රැගෙන එන්නට සූදානම් බවත්ය. ඔහු  වැඩි දුරටත් පවසා සිටියේ වින්ඩෝස් 7 භාෂා 95 සමග එකගව වැඩකරන බවයි.

වින් 8 වෙනස්වන බව පෙන්වන්නේ වෙනස් ආකාරයකට වීම තමයි එහි ඇති වෙනස....

...............වින්ඩෝස් 8 වෙනස්වන බව පෙන්වන්නේ වෙනස් ආකාරයකට වීම තමයි එහි ඇති වෙනස. මෙතෙක් අප අත්විදි මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති සියලම පාහේ ‍රැගෙන ආ වෙනස්කම් පරිගණකය තුලට යොමුවූ ඒවා බව අප අත්විද තිබෙනවා. වින් 7 ඒ ප්‍රවනතාවයේ තවමත් නොසැලී සිටිනු අපට දක්නට පුලුවන්. එහි වූ වර්නවත් බව වේගවත් බව මෙන්ම ඔරොත්තු දෙන බව වලංගු සාධකයක්ව තවමත් සිටිනවා. වින්8 සමග එම ආයතනය තම මීලග මෙහෙයුම් පද්ධතිය චලනය කරන්නට තැත් කරන්නේ පද්ධති භාවය දෙසටයි.සරලව කිව්වොත් සයිබර් අවකාශය දෙසටයි.තවත් විදිහකින් කිව්වොත් වින් 8 වලට අවශ්‍ය වෙලා තිබෙනවා තමන්ගේ සාම්ප්‍රධායික ඝන සිරුරෙන් මිදෙන්නට.භාවිතාකරන්නා මූලික කරගනිමින් ඔහුගේ දත්ත උපාංග අතර නිදහසේ සැරි සරන්නට උවමනාවෙලා තිබෙනවා.සමහර විටක වින්ඩෝස් 9,10 වැනි ඊලග මෙහෙයුම් පද්ධති භාවිතාකරන්නා ගේ නමින් පමනක් ලියාපදිංචිවන භාවිතාවන දෘඩ උපාංග මත තම අනන්‍යතා සහතිකය පවත්වා නොගන්නා ස්වරූපයේ මෘදුකාංගයක් වන්නට බෙහෙවින් ඉඩ තිබෙනවා.
                                                        මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා කියා සිටියා තම නව මෙහෙයුම් පද්ධතිය "ස්කයි ඩ්‍රයිව්" නොහොත් ඔවුන්ගේ ක්ලවුඩ් ආකාරයේ දත්ත ගොනු රදවන අවකාශය සමග සබදතාවය මෙහෙයුම් පද්ධතියේ මුල් ස්වභාවයක් ලෙසම පැමිනෙන්නෙට නියමිත බව.ඇපල්හි අයි ක්ලවුඩ් ස්වභාවයේ ඇප් එකක් ලෙස සුරක්ශිත දත්ත රදවනයක් සේ භාවිතාකරන්නාට සේවය සලසන්නට එයට හැකිවනු ඇති බවටයි ඔවුන් බලාපොරොත්තු පලකරන්නේ............
(නන්නාදුනන දේශකයෙකුගේ සටහන්)

ඇන්ඩ්‍රොයිඩ් හා උබුන්‍ටු එකම වහලක් යටට...........

එලබෙමින් ඇත්තේ පසු ඩෙස්ක් ටොප් යුගය බව සපත කරනවමින් පලවන නවතම පුවතකට අනූව කිය වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට සවිවන මොනිටරයක් හා යතුරු පුවරුවක් එක්ව භාවිතාකරන්නා වෙත උබුන්‍ටු ආකාරයේ ඩෙස්ක් ටොප් අත්දැකීමක් ‍රැගෙන එන දිනය එලබෙමින් ඇති බවය. දිනෙන් දින බලවත් වෙමින් සිටින  ස්මාර්ට් ෆෝන්ස් හා ටැබ්ලටයන්ගේ අනාගතය මත ඩෙස්ක්ටොප් සාම්ප්‍රධායික පරිගණකය ගිලී සැගවී යාම වැලකිය නොහැකි වනු ඇති බවයි ඔවුන් පවසමින් සිටින්නේ.
                     එකම කර්නලයක් මත ක්‍රියාත්මක වන ඇන්ඩ්‍රොයිඩ් හා උබුන්‍ටු වල ඒකාත්මීය බව නිසාම සැකසුම් වලසිට අවසරපද  මෙන්ම ලිපින පොත ආදි සියල්ල අපහසුවකින් තොරව මෙම මෙහෙයුම් පද්ධති දෙකටම ඉඩ සැලසෙනු ඇති බවටයි කරුනු කියවෙන්නේ.දුරකථන ඇමතුමක් සමගම  උබුන්‍ටු ඩෙස්ක් ටොප් අත්දැකීමක් එකවර ‍රැගෙන ඒම සදහා එකම ස්මාර්ට් දුරකථනයක් තුල දෙපසකින් ඇන්ඩ්‍රොයිඩ් හා උබුන්‍ටු ධාවනය වීම එලබෙන සතියට නියමිත ලෝක මට්ටමේ මොබයිල් දුරකතන නිශ්පාදකයින්ගේ හමුවකදී දැකගැනීමට හැකිවනු ඇති බවටයි කියවෙන්නේ.

2012-02-21

සැබෑ පෙම්වතා හෝ පෙම්වතියට වඩා ඔවුන්ගේ ඩිජිටල් ප්‍රතිරූපය ආකරශනීය කිරීම.......

...........ඩිජිටල් ආකාරයේ තොරතුරු සංනිවේදනය එහි වන සරල හා පහසු බව සමග අසීමිත ලෙස අප ජීවිත තුල ආධිපත්‍යයක් හිමිකරගනිමින් සිටින බවක් මෑත කාලයේ සිට නොයෙකුත් විද්වතුන් පැමිනිලි කරමින් සිටිනවා දක්නට හැකියි. ඔබ සිතනවාට වඩා සංකීර්නව තල කිහිපයක් ඔස්සේ ඔබ කරා මෙම ආධිපත්‍ය ගලා එන බවයි මා යොජනා කරන්නේ. ස්වභාවයෙන්ම සංනිවේදනයේ ලැදි බවත් අනිත් අතින් නොයෙකුත් කායික මානසික මෙන්ම සමාජීය දුර්වලතා ඉලක්ක කර ගත් වෙලද හිස විසින් සීමාන්තික ලෙස මිනිසුන්ගේ ජීවිත හිඩැස්කරා ඩිජිටල් විසදුම් මවමින් ආක්‍රමනශීලී පැමිනීමක් දැකිය හැකි බවටයි හදාරන්නන් පවසන්නේ. ඔබගේ සැබෑ පෙම්වතා හෝ පෙම්වතියට වඩා ඔවුන්ගේ ඩිජිටල් ප්‍රතිරූපය ආකරශනීය කිරීම එම වෙළද හිසේ ඉලක්කය වන බව අප අමතක නොකල යුතුයි. අනෙකුත් බොහෝ විෂයන් මත වෙලදපොල සටහන් වූවාට වඩා බැරෑරු ලෙස හා සමහර විට "මිනිස් බවට අකාරුනික" ලෙස ඩිජිටල් අවකාශය මත එය සටහන්වීමට ඉඩ ඇති බව මා යෝජනා කරන්නේ එහි ඇති මහත් නම්‍ය හා ආකර්ශනීය බව නිසාම බව කිවයුතුමයි..........
(නන්නාදුනන දේශකයාගේ සටහන්)

ඔවුන් ඔබගේ පෞද්ගලිකත්වය සුරකීම ප්‍රතිශතයක් ලෙස දැන ගන්නට.......

දෛනික සයිබර් ජීවිතය තුල ඔබ ගොඩවන වෙබ් අඩවි ප්‍රමානය බොහොමයක් විය හැකිය. ඒවා අතරින් බොහොමයක්, එම අඩවි හා ඔබ අතර මතුසබදතා සදහා ඔබගේ තොරතුරු ලබා ගන්න අවස්ථා ඔබ අත්විද ඇති. මෙම ආකාරයේ ඔබගේ තොරතුරු ලබා ගන්න වෙබ් අඩවිවලින් සමහර අවස්ථාවලදී තුන් වැන්නෙකු කරා ඔබේ තොරතුරු හුවමාරු වන බව හැගුනු අවස්ථාද තිබෙන්නට පුලුවන.පහත දැක්වෙන වෙබ් අඩවිය සලසන සේවාවක් ලෙස පැවසෙන්නේ එම වෙබ් අඩවි විසින් ඔබගේ පෞද්ගලිත්වය කොතරම් දුරට රකිමින් සිටිනවාද යන්න  සියයට ප්‍රතිශතයක් ලෙස දැක්වීම බවයි සටහන් වන්නේ. මෙම පහසුව ඇඩෝනයක් ලෙස ෆයර්ෆොක්ස් හා ක්‍රෝම් බ්‍රවුසරයන් සදහා ලබා ගත හැකි බවත් ඔවුන් පවසන්වා.
http://www.privacyscore.com/

ෆයර් ෆොක්ස් එලබෙන කාලය සදහා පුලුල් සැලැස්මකට.....

ෆයර්ෆොක්ස් ආයතනය සම්බන්දයෙන් පසුගියදාක පලවූ පුවතකට අනූව පැවසෙන්නේ එලබෙන වසර වෙනුවෙන් මේ වන විටත් සැලසුම් සැකසෙමින් පවතින බවයි.ලාබ නොලබන ආයතනයක් ආයතනයක් ලෙස  ඔවුන් ගේ අනාගත සැලසුම් වලදී ප්‍රධාන තැන ගන්නේ භාවිතාකරන්නාට වඩාත් සේවයක් සැලසීම බවටයි පවසන්නේ. මෙම වසර සදහා  ඇති සැලසුම් අතර අනවසර ලෙසින් වෙබ් අඩවි විසින් භාවිතාකරන්නාගේ හැසිරීම් හැදෑරීම පාලනය කිරීම , සමාජ ජලා භාවිතය පහසු කිරීම , වෙබ් අඩවි වෙත තොරතුරු ලබාදීමේදී පුද්ගලීක බව හා සීමාවන් පිලිබද සහය වීම ආදිය ප්‍රධාන තැනක් ගන්නා බවටයි පැවසෙන්නේ.
                                    මීට අමතරව බ්‍රවුසරයක් ලෙස ඉහලම මට්ටමක ක්‍රියාකාරිත්වයක් පෙන්වීම ඔවුන් දක්වනවා.ස්තාවර ක්‍රියාකාරීත්වයක් සමග අවම මතක භාවිතයක් සහතික කිරීම අරමුන බවයි පැවසෙන්නේ. එසේම භාවිතකරන්නා මූලික වෙබ් සැරියක් හා වෙබ් ඇප්ස් සදහා බ්‍රවුසර මූලික බවින් තොර අවකාශයක් නිර්මානය කිරීම දක්වා තම අරමුනු දිවෙනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ. එච්.ටී.එම්.එල් , සී.එස්.එස්  හා ජාවා ස්ක්‍රිප්ට් සදහා තම බ්‍රවුසරය තුල වඩා නම්‍ය අවකාශයක් ලබාදී ඒවායේ නව ප්‍රවනතා වලින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීමට උත්සාහ කිරීම 2012 සදහා වන ඉලක්ක අතර ඉහලින්ම පවතින බවත් ඔවුන් පවසනවා.
                                               2012 මුල් භාගයට නියමිත සැලසුම් අතර ක්‍රෝම් හා ෆයර් ෆොක්ස් අතර "බුක්මාර්ක්ස්" හා අවසරපද ‍රැගෙන ඒමේ පහසුව සලසන උපාංගයක් එක් කිරීම හා ඔබගේ විවිද දත්ත උපකරන අතර ඇඩෝනයන් සම සුසර තත්වයේ තබා ගැනීමට සහය වීම තුලින් බාවිතා කරන උපකරනය කුමක් වූවත් එම ටූලයන් සමග ඒකසේ කටයුතු කරගෙන යාමේ හැකියාව ඔබට ලබාදීම දක්වා සිටිනවා. වින්ඩෝස් 8 සමග සාර්තවක ක්‍රියාත්මක වන ලෙස එලබෙන සංස්කරනය නිමා වනු ඇති බවටයි පොරොන්දු පලකරමින් සිටින්නේ.

දත්ත මිනිසා ප්‍රාදේශීය සංස්කෘතීන් ඉක්මවා යාම........

සරල අවධානය යොමුකර ගන්නා හඩක් සමග ටීටාව පවසා සිටියේ ඉදිරි හෝරාව අවසනයේ ආරම්භක දේශනයට සුදානම්ව සිටිය යුතු බවයි.පාසැල් කාලය නිවෙස් ආදී යන්ගේ තොරතුරු හුවමාරු කරගනිමින් අප සිව්දෙන පසකින් පිහිටි විශාල තුරු ගොමුවක සෙවනේ ඉදිකර තිබූ රවුම් හැඩැති මේසයක් වටා අසුන් ගතිමු.ඉතා කුලුපග අයුරින් අප එකිනෙකා අදහස් හුවමාරු කර ගනිමුන් සිටින අතර තුර එක් වරම ඉන්දියානු මිතුරිය අපූරු සමාජ පරිනාමයක් දෙසට අප අවධානය යොමු කලාය."දන්නවද, මගේ සීයා නිතරම කියන කාරනයක් තමා මිනිහෙක් හදුනා ගන්න දවස් ගනනාවක් වත් යනවායි කියන එක.ඒක සමහර විට අපේ අතීතයෙන් පැවත ගෙන එනස්වභාවයක් වෙන්නට ඇති. ආගන්තුකයෙක් ඉදිරියේ මුලින්ම පරිස්සම් සහගතව හැසිරීම තමයි හරි කියලා එයා තාමත් කියන්නේ.ටීටාව සමාජ භාවිතාවට එන්නට පටන් ගත්කාලේ එයට විරුද්දව සටන් කරපු පරපුරේ කෙනෙක් එයා. අපේ ගෙදර ඔක්කෝම ඉන්න දවස් වල හැන්දෑවේ තේ එක අපි බොන්නේ ගෙවත්තේ තියෙන මෙසේ වටේ ඉදගෙන.දවසක් අපේ තාත්තා කිව්වා, සංස්කෘතිය , සම්ප්‍රධාය වගේ කඩතුරාවලින් වහගෙන අත් හැරිය යුතු ගොඩක් මිනිස් ස්වභාවයන් ‍රැක ගන්නට උත්සාහ කිරීම තේරුමක් නැති වැඩක් කියලා.එයා කියනවා ටීටාව සමග අපි පෘතුවි වැසියන් වීම වලක්වන්නට උත්සාහ නොකල යුතු බව.එදා එයා අපිට පැහැදිලි කරලා දුන්නා ටීටාව හරිම අපක්ශපාතී විදිහට විවිධ සංස්කෘතීන් හරහා යමින් මිනිසාගේ කායික හා මානසික යහපැවැත්ම පෘතුවි තලයේ යහ පැවැත්ම මුල්ම ප්‍රමිතිය ලෙස සලකමින් තම සයිබර් මිනිස් අවකාශය නිර්මානය කර ගෙන තියෙන ආකරය.සීයට කොයි තරම් තරහ ගියාද කියනව නම් එයා නැගිට්ටේ අපේ තේ මේසෙත් පෙරලා ගෙන...." අප සියල්ලන්ට සිනාව වලකා ගත නොහැකි විය.


(දත්ත මිනිසා..)

මයික්‍රසොෆ්ට් වෙතින් විස්ටා හා වින්7 වෙත පසු සේවාකාල දිගුවක්........

මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නිකුත්වන නිවේදනයකට අනූව පැවසෙන්නේ විඩෝස්7 හා විස්ටා සදහා සාමාන්‍ය පසු සේවා සහය කාලය වසර 5කින් දිගු කරන්නට තමන් තීර්නය කර ඇති බවයි.මයික්‍රසොෆ්ට් ආයතනය තම සාමාන්‍ය පාරිභෝගිකයන් සදහා ආරක්ශන හා වෙනත් සහයන් සදහා සාමාන්‍යයෙන් බැදී සිටින්නේ වසර පහක කාලයක් පමනක් වන අතර ආයතන සමග ඇති කර ගන්නා එකගතා පදනම මත වසර 10 පසු සේවා සැපයීම කරගෙන යාම මෙතෙක් පැවති ප්‍රථිපත්තිය බවයි කියවෙන්නේ.
                         මෙම දිගුව සිදු නොවුනානම් විස්ටා මෙහෙයුම් පද්ධතිය සදහා සාමාන්‍ය පාරිභෝගිකයන් සදහා වන පසු සේවා කාලය මෙම වසරේ අප්‍රේල් මස 10 වනවිට අවසන් වන්නට නියමිතව තිබූ මුත් එය 2017 අප්‍රේල් මස 11 දක්වා දිගු වන අතර වින් 7 සදහා 2015-01-13 සිට 20120-01-14 දක්වා පසුවේවා ලෙස ආරක්ශක හා වෙනත් යාවත්කාලීනයන් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවටයි පැවසෙන්නේ.

හයිබ්‍රයිඩ් මැල්වෙයාර් හානිකරබවෙ ඉහලින්ම සිටින බවට........

බිට්ඩිපෙන්ඩර් ආයතනය මෑතකාලීනව නිකුත්කල නිවේදන අතර "හයිබ්‍රිඩ් මැල්වෙයාර්" නොහොත් දෙමුහුන් ආකාරයේ හානිකර මෘදුකාංග ගැන වූ නිවේදනය බෙහෙවින් කථා බහට ලක්වෙමින් තිබෙනවා. සරල ලෙස ඔවුන් පවසන්නේ වෝර්ම් ආකාරයේ හානිකර මෘදුකාංග වල ඇති පැතිරීමේ හැකියාවත්  පරිගණක වයිරස වල ඇති හානිකර බවත් මේවතුලින් දැකිය හැකි බවයි.එම ආයතනය පවසනවා 40,000 වැඩි ප්‍රමානයක මෙ ආකාරයේ හානිකර මෘදුකාංග පිලිබද වාර්ථාවීම් තමන් සතු බවටයි.එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසාසිටියේ සමහර අවස්ථාවලදී මෙම හානිකර මෘදුකාංගවල හැසිරීම් ඒව නිපදවන ලද්දන්ට පවා පෙර නිගමනයකල නොහැකිවන තරමේ සංකීර්න බවකින් යුක්ත බවයි.බිට්ඩිපෙන්ඩර් ආයතන මේ ආකාරයේ හානිකර මෘදුකාංග ගැන වැඩිදුරටත් සොයා බලමින් සිටින බවටයි වැඩිදුරටත් පවසා සිටින්නේ.

2012-02-20

නොර්ටන් වෙතින් නොමිලේ දෙන අවසර පද සුරකින්නා...

ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් වන නොර්ටන් වෙතින් හදුන්වා දීඇති නොමිලේ ලබා ගතහැකි සේවාවක් ලෙස වෙබ් අඩවි වෙත ඇතුලුවීමේදී අවශයවන අවසර පදය හා රහස් පදය වැනිදෑ ආරක්ශිතව මතක තබා ගැනීමේ සේවාව හදුන්වා දෙනවා. ක්ලවුඩ් ආකාරයට ක්‍රියාත්මක වන මෙම සේවාව මේ වන විට බීටා මට්ටමෙන් ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ. ෆයර් ෆොක්ස් හා ක්‍රෝම් වලදීමෙන් බ්‍රවුසරයට සැබැදි ලෙස නොව ක්ලවුඩ් ආකාරයට සුරක්ශිතව තබා ගන්න මෙම දත්තයන් අදාල උපකරනයක් මත නො‍රැදෙන අතර කැමති දත්ත උපකරනයක් ඔස්සේ නැවත ලබා ගැනීමට හැකිවීම වඩාත් පහසුවක් වනු ඇති බවටයි පැවසෙන්නේ. ඔබ විසින් නිර්මානය කරගන්නා ගිනුමක් සමග  රහස් පදයක් යටතේ එය තැන්පත් වන අතර  පසුව දත්තයන් එකතුකිරීම සදහාද හොද සහයක් දක්වන බවයි සටහන් වන්නේ. ඔබේ බ්‍රවුසරය සමග එක්වන ටූල් බාරයක් සමග සුරක්ශිත ආකාරයේ සබදතාවයක් ඔසේ මෙම දත්ත එම වෙබ් අඩවිය හා හුවමාරු වන බවටයි වැඩිදුරටත්  කියවෙන්නේ.පහත ලිපිනය ඔස්සේ පිවිස මේ පිලිබද වැඩිදුර විස්තර ඔබටත් ලබා ගන්නට හැකි වනු ඇත.

https://identitysafe-beta.norton.com/

නොමිලේ ලබාගත හැකි මෘදු ආරක්ශක සහයක්.......

ඔබගේ ගමන් මල්ලේ අමතර දෑ අඩංගු කරනොගැනීමට ඔබ වගබලාගන්නට දැනුවත් වී සිටියද සමහර විටක නොමිලේ හෝ වෙනයම් කාරනාවක් නිසා ලැබෙන මෘදුකාංග පරිගණකය තුල ස්ථාපනය කර ගන්නට නම් මහත් කැමැත්තක් දක්වන බව නම් හැදෑරීම් මතම වටහාගෙන ඇත. පරිගණකය තුල අනවශ්‍ය මෘදුකාංග බහාලා ගැනීම ඔබ වෙත අනවශ්‍ය ප්‍රමාදවීම් වල සිට පද්ධති බිද වැටීම් දක්වා වූ කරදර ‍රැගැන එන්නක් විය හැකි බව හදාරන් පවසා සිටිනවා. එසේ මුත් අවශ්‍ය විටකදී මෘදුකාංග සහයක් නොපැතීමද ඔබගේ දුර්වලතාවයක් විය හැකිය.
                                                                පහත දැක්වෙන මෘදුකාංගය පිලිබදව එහි නිශ්පාදකයින් පවසන්නේ හොද විවිධත්වයක් සහිතව ඔබගේ පරිගණක ආරක්ශාව සලසා ගැනීමට සහය වන්නක් බවයි. පූර්න පද්ධති ය ලෙස , තොරාගත් කොටස් පමනක් ලෙස  හා ක්‍රියාකාරීමට්ටමේ ඇති හානිකර මෘදුකාංග හදුනාගැනීම ලෙස තෙයාකාර මෙම මෘදුකාංගය විසින් තම පිරික්සුම්  ක්‍රියාත්මක කරන බව පවසන මෙම මෘදුකාංගය වේගය අතින් ඉහල මට්ටමක බවත් පැවසෙනවා. පූර්න සංස්කරනය තුල ආකාර නමයක ආරක්ශක අංග පැවතුනද නොමිලේ නිකුත් වනසංස්කරනය තුල වඩාත් වැදගත්වන අංග දෙකක් වන දත්ත ගොනු හා ඊ මේලයන් ගැන පමනක් ආරක්ශාව සැලසෙන බවයි පැවසෙන්නේ. ස්ථපනයේදී සැලකිලිමත් වීම තුලින් මෙහි එන පහසුකම් බොහොමයක් ඔබගේ අවශ්‍යතාවයන් පරිදි සකසා ගැනීමට අවස්තාව සැලසෙනු ඇති අතර බ්‍රවුසරය මතට ලබා ගත හැකි ටූල් බාරය විසින් වෙබ් අඩවි පිලිබදව අනතුරු ඇගවීම් වැනි අමතර සේවාවන් මග හැරීමට අවශ්‍යනම්  ස්ථාපන අවස්තාවේදී  "කස්ටම් ඔප්ෂන්" ඔස්සේ ඉදිරියට යායුතු බවටයි පැවසෙන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස මෙම මෘදුකාංගය ඔබටත් ලබා ගත හැකිවනු ඇත.

http://www.pctools.com/free-antivirus/download/

බ්‍රෝඩ්බැන්ඩ් මිත්‍ර වින්ඩෝස් 8

මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන්නේ වින්ඩෝස් 8 හා බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත සබදතා ක්‍රමවේදය වින්7 වලට වඩා දියුනුකිරීම් රාශියක් සමග වන බවයි. "‍රැහැන් රහිත සබදතා සමග කටයුතුකරන ආකාරය නැවත ගොඩනගා තිබෙනවා" ඔවුන් පවසනවා.මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ්  ජාලයක් සමග සබන්ද වන ආකාරය වඩාත් සරල හා පාලනයකට යටත් කොට තිබෙනවා. භාවිතවන දත්ත  ප්‍රමනය හා ඒ සදහා වන වැය දක්වාම වින්8 සැලකිලි මත් වනු ඇති බවටයි පැවසෙන්නේ. වයි-ෆයි වලින් නොනැවතී මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ්  දක්වාම දියුනු කිරීම් මෙහෙයුම් පද්දතිය තුලටම සමන්විත කර අති බවත් ඔවුන් පවසනවා.බොහොමයක් බ්‍රෝඩ්බැන්ඩ් සේවා සපයන්නන් සදහා අවශ්‍ය වන ඩ්‍රයිවර්ස් පවා නව මෙහෙයුම් පද්දතිය සමග පැමිනෙන  නිසා භාවිතා කරන්නෙකුට අදාල උපකරනය සම්බන්ද කල සැනින් භාවිතය ඇරබිය හැකිවනු ඇති බවටයි පැවසෙන්නේ.ඔවුන් පවසන්නේ "කොටින්ම මෙතෙක් නිශ්පාදක හා සේවා ආයතනය විසින් ‍රැගෙන එන විවිධ සබදතා කවුලු වැනි අනවශ්‍ය සංකීර්නතා වින්8 සමග විසදෙනු ඇති බවයි.
                        එසේම දත්ත සබදතා කිහිපයක් භාවිතා කරන්නෙකු වන විට ස්වංක්‍රීයව ඔබගේ ප්‍රමුකත්වය මෙන්ම ස්වංක්‍රීයව දෙවන තෙවන තේරීම් වෙත යන්නට  නව මෙහෙයුම් පද්දතිය කටයුතු කරනු ඇති බවයි.වින් 7 දක්වාවූ දත්ත සබදතා දෙස කල ආගන්තුක බැල්ම වෙනස් කොට එම සබදතා මූලික මෙහෙයුම් පද්ධතියේම කොටසක් ලෙස වින්8 සමග සැපැමිනෙන්නට නියමිත බවටයි කියවෙන්නේ. එයට උදාහරනයක් ලෙස  ඔවුන් දක්වන්නේ ටාස්ක් මැනේජරය තුලින් ඔබගේ විවිධ ඇප්ලිකේෂනයන් සදහාවූ දත්ත වැයවීම් හදුනාගෙන දත්ත සබදතා වඩාත් කාර්යක්ශමව පවත්වාගෙන යන්නට නව මෙහෙයුම් පද්ධතිය සහය වනු ඇති බවයි.

2012-02-19

ෆේස්බුක් වෙත අනවසර පිවිසීමකට අට මසක සිර දඩුවමක්......

පසුගියදාක එක්සත් රාජධානි අධිකරනයක් මගින් එරට සිසුවෙකුට අට මසක සිරදඩුවමකට යටත් කරනු ලැබුවේ ෆේස්බුක් වෙබ් අඩවිය වෙත අනවසර පිවිසුමකට බවයි වාර්ථාවන්නේ.26 හැවිරිදි ඔහු තම පෞද්ගලික පරිගණකය ඔස්සේ ෆේස්බුක් හි අභ්‍යන්තර ජාලය දක්වා තම අනවසර පිවිසුම  දියත්කර ඇති බවටයි පැවසෙන්නේ.
                                  අධිකරනය වෙත එම පුද්ගලයා දක්වා ඇත්තේ තමා කිසිදු දත්ත ගොනුවක් අපහරනය නොකල බවත් තම අරමුන වූයේ එම පද්ධතිය තුල වූ දුර්වලතාවය දැක්වීම පමනක් බවය.එසේම මේ වන විට තම දැක්වීම සමග ෆේස්බුක් ආයතනය එම දුර්වලතාවය නිවැරදි කරගෙන ඇති බවත්ය.තමා ඒ බව යාහූ මත කල පලකිරීමකින් පවා දක්වා සිටිය බවත්ය. අධිකරනය අවසානයේ තීර්නය කර ඇත්තේ ඔහු හානිකර හැසිරීමක යෙදී සිටියෙකු බවත් ඒ සදහා අදාල දඩුවමට යටත් විය යුතු බවත්ය.

ෆේස්බුක් ප්‍රකට ගිනුම් සදහා අනන්‍යතා තහවුරු අවස්ථාවක්

ෆේස්බුක් ආයතනය පසුගියදාක ප්‍රකාශකර සිටියේ තම අඩවියේ නියෝජනය වන ප්‍රකට පුද්ගලයින් සදහා "ගිනුම් තහවුරුවක්" ක්‍රියාත්මක බවයි. වැඩි පිරිසකගේ අවධානය දිනාගෙන ඇති ප්‍රකට පුද්ගලියින්ගේ සැබෑ අනන්‍යතාවය තහවුරුකිරීමේ අවස්ථාවක් ලබා දීම තුලින්, එම පුද්ගලයින් අනුගමනයට කැමැත්තක් දක්වන්නන් හට හොද සහයක් සැලසෙනු ඇති බවටයි එම ආයතනය පවසන්නේ. මේ සදහා ඔවුන් වෙත ඔවුන්ගේ රාජ්‍ය ආයතන විසින් නිකුත්කොට ඇති පුද්ගල හැදුනුම් පතෙහි පිටපතක් ඉදිරිපත්කලයුතු වන අතර අනන්‍යතා තහවුරුවෙන් පසුව එම පිටපත් මකා දමන බවටයි පැවසෙන්නේ.වැඩිදුරටත් පැවසෙන්නේ තම අනන්‍යතා තහවුරුවෙන් පසුව අදාල අයට තම ටයිම් ලයිනය මත තම සැබෑ නාමයට අමතරව සංකේත නාමවලින් පෙනී සිටීමේ අවස්ථාව ලැබෙන බවයි.

2012-02-18

ගූගල් ස්වංධාවන කාරය නෙවාඩා හි ප්‍රසිද්ධ මාවත් වල අත්හදා බැලීම්වලට ඉඩ ........

ගූගල් ආයතනය පවසන්වා මේ වනවිත තම රියදුරන් රහිත කාරය පිලිබද අත්හදා බලීම සැතපුම් 140,000 සම්පූර්න කර ඇති බව. ඔවුන් පවසන්නේ තම ස්වංධාවක කාරය එක් විටකදී පමනක් අනතුරකට ලක්වූමුත් එම අවස්ථාව පවා පදිකයාගේ වරදක් වූ බවත් එම අවස්ථාවේ කාරය ස්වංධාවක තත්වයේ නොව රියදුරෙකුගේ පාලනය යටතේ පැවති බවත්ය.ගුවන් යානයක "බ්ලැක් බොක්ස්" දත්ත ‍රැස්කරන්නකට සමාන උපකරනයකින් සමන්විත මෙම වාහනය  ස්වංක්‍රීය අනාගතය පිලිබද තවත් තීර්නාත්මක හැරවුමක් වනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.
                            පලවන නවතම පුවතක් පවසන්නේ නෙවාඩා බලධාරීන් මෙම ස්වංධාවක රථයට අත්හදාබැලීමේ තත්වය යටතේ තම ප්‍රසිද්ධ මාවත් යොදාගැනීමේ අවස්ථාව ලබාදී ඇති බවයි. ඒ අනූව රත්පැහැ අංක තහඩු යටතේ අවශ්‍ය අවස්ථාවක වාහනයේ පාලනය සියතට ගැනීමට සූදානම් රියදුරෙකුද සමහ තවත් එක් සහයකයෙකු සමග ධාවනය වනු ඇති බවටයි කියවෙන්නේ.එම ප්‍රාන්ත බලධාරීන් හට තෘප්තිමත් මට්ටමක අත්හාදා බැලීම් පැමිනිය හොත් සාමන්‍ය භාවිතය සදහා මෙම නිශ්පාදන නිකුත්වන්නට හැකි වන අතර එම ප්‍රාන්තයේ රෙගුලාසි අනූව සෑම විටම නාමික රියදුරෙකු යටතේ  ධාවනය විය යුතු අතර වහනයේ සැසිරීමේ පූර්න වගකීම ඔහු විසින් දැරිය යුතු වනු ඇති බවටයි පැවසෙන්නේ.

තොරතුරු තාක්ශනය ජීවිතය පාලනය කරන්නට තැත් දරනවා සේ හැගෙනවාද?

..............තොරතුරු තාක්ශනය ජීවිතය විනිවිද යමින් ඔබව පාලනය කරන්නට තැත් දරනවා සේ හැගෙනවාද? ඒක හරියට ඔබගේ සේවකයා ඔබව ඉක්මවා යන්නට තැත් දරනවා වගේ දෙයක්. ඔබගේ මනස තුල නැතිනම් සේවකයා හා ඔබ අතර පැහැදිලි සීමාවක් ඔබට බැරිවෙනවා ඔහුගේ සීමාව ගැන ඔහුව දැනුවත් කරන්නට. තවත් අතකින් ඔබ දුර්වල නම් ඔහුගේ ආක්‍රමනය වඩාත් ශක්තිමත් වනවා.හොදයි, අපි හිතමු බොහෝ දත්ත සංනිවේදන උපකරන අප අතරට විත් අපේ පුද්ගල සබදතා අතර මැද සිට ගන්නාවිට නොදැනුවත්වම අප වෙතට ගෙනෙන සහනයක් තිබෙනවා. ඒ තමා අපේ සැබෑ ස්වරූපයට  සංශෝදනයන් සදහා ලැබෙන අවකාශය. ඇත්තට ඒක හරි පහසුයි සැබෑ මුහුනට මුහුනට හමුවීමකට වඩා. අනිත් අතින් තොරතුරු උපකරන අතරින් තහවුරු වන සබදතාවල තිබෙන පුද්ගලත්වයන් හරිම සීමාකාරීයි.අවසානයේ සිදුවන සැබෑ පුද්ගල හමුවෙන් පසුව එම සබදතා විෂය ගොඩ නැගෙන්නක් වෙනුවට කඩා වැටෙන්නක් වීම බොහෝ විට දැකිය හැකිවනවා. දත්ත උපකරන කියන්නේ හොද සේවකයෙක්. නමුත් වැදගත්ම කාරනාව වන්නේ හොද ස්වාමීත්වයක් නැති තැනකින් සාර්තක සේවකත්වයක් බලාපොරොත්තුවීම තේරුමක් නැති දෙයක්..............
(නන්නාදුනන දේශකයෙකුගේ සටහන්.........)

වින්8 සමග නව ලොගෝවක්....

මෙම මස අවසානය වන විට මයික්‍රොසොෆ්ට් ආයතනයේ නව මෙහෙයුම් පද්ධතිය වන වින් 8 හි භාවිතාකරන්නන් සදහා වන පෙර සංස්කරනයක් නිකුත්කිරීමට නියමිත බවටයි තොරතුරු පලවන්නේ. මෙතෙක් ගලා ආ සම්ප්‍රධායට වෙනසක් ‍රැගෙන එමින්  නව සංස්කරනය ජංගම ස්වභාවයේ උපකරන වෙත වැඩි හිතවත් කමක් සහිත වනු ඇති බවට දැනටමත් කරුනු පලවී ඇති අතර සාමාන්‍ය ඩෙස්ටොප් පරිගනක යන්ත්‍ර වෙතද සාර්තක මෙහෙයුම් පද්ධතියක් වනු ඇති බවටයි මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ.
                                                  ARM-based උපකරන මත භාවිතයේදී ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සමග ඔෆ්ෆීස් 15 සංස්කරනයක්ද  (භාහිර ඇප්ස් භාවිතය සදහා ඉඩ නොදෙනු ඇත) පැමිනෙන්නට නියමිත අතර ශක්ති වැය අවම කිරීම සදහා ඇප්ස් වල ක්‍රියාකාරීත්වය සියුම්  කොට ඇති බවත් දක්වා සිටිනවා. මේ සමගම නව ලෝගෝවක් මෙම බීටා සංස්කරනය සමග එලිදකින්නට නියමිත බවට පැවසෙන අතර තනි නිල් පැහැය මෙන්ම මෙට්‍රො ස්වභාවය ඉස්මතුකොට පෙන්වන ආකරයෙන් සරල නිමැවුමක් සහිත වනු ඇති බවටයි පෙන්නුම් කෙරෙන්නේ.

2012-02-17

මාධ්‍ය සැබැදියාවන් ‍රැගත් නව ඇප්ස් 12 ටයිම් ලයිනය වෙත...

ෆේස්බුක් ආයතනය පවසා සිටිනවා ටයිම් ලයිනය වෙත නව ඇප්ස් 12 අලුතින් එකතු කරන්නට තමන් කටයුතු කර ඇති බවක්. ෆේස්බුක් ප්‍රකාශකයෙකු පවසා සිටින්නේ ටයිම් ලයිනය වෙත ඇප්ස් එකතුකිරීම සමග භාවිතාකරන්නන්ගේ වැඩි ප්‍රබෝධයක් දකින්නට ලැබුනු බවයි. මෙම නව ඇප්ස් මාධ්‍ය හා සම්බන්ද  ක්‍රියාකාරකම් ටයිම් ලයිනය වෙත ගෙන එන්නට නියමිත අතර පිලිගත් මට්ටමේ මාධ්‍ය කිහිපයක්ම ටයිම් ලයිනය වෙත කැදවන්නට සමත්වනු ඇති බවටයි පැවසෙන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස මේ පිලිබද වැඩි විස්තර ඔබටත් ලබා ගත හැකි වනු ඇත.

https://www.facebook.com/notes/facebook-media/the-latest-wave-of-media-apps-to-add-to-timeline/328535253848637

මාර්තු 8 අන්තර්ජාලය තාවකාලික විසංදි කිරීමකට...

එලබෙන මාර්තු මස 8 වන දින පිලිබදව යලිත් පුවතක් මැවෙමින් පවතිනු දැකිය හැකියි. එහි සදහන් වන්නේ  "ඩී.එන්.එස් චේන්ජර්" නම් ට්‍රෝජනය යලි සංක්‍රිය වෙමින් භාවිතකරන්නන්ගේ ඩී.එන්.එස් සැකසුම් වෙනස් කරමින් හානිකර වෙබ් අඩවිකරා ‍රැගෙන යාමේ අවදානම සලකමින් ඇමරිකාමු එෆ්.බී.අයි ආයතනය එදිනට තාවකාලික ඩී.එන්.එස් සර්වර්ස් විසංදිකිරීමකට සැලසුම් කරන බවකුයි. එම පියවර තුලදී අන්තර්ජාල භාවිතාකරන්නන් මිලියන කිහිපයක් අන්තර්ජාලය සමග තාවකාලික විසංදිවීමකට ලක්වනු ඇති බවටයි කියවෙන්නේ.

ක්‍රෝම් සමග අවසර පද නිර්මාපකයෙක්......

ගූගල් ක්‍රෝම් භාවිතාකරමින් සිටින ඔබට යම් වෙබ් පි‍ටුවකදී ඔබ වෙනුවෙන් ගිනුමක් සදා ගන්නට අවශ්‍යවූ විටකදී සුරක්ශිත අවසර පදයක් සකසා ගැනීමට සහයවන්නට ක්‍රෝම් බ්‍රවුසරය සූදානම් වමින් සිටින බවටයි පුවතක් පවසන්නේ. අදාල ගිනුම නිර්මානය කරගන්නට අවශ්‍ය ෆෝරමය සහිත පි‍ටුව තුලදී  අවසර පදය ලබාදීම සදහා ඇති කවුලුව මත ක්‍රෝම් විසින් යතුරක සලකුනක් පෙන්වමින් අසා සිටින්නේ ඔබ වෙනුවෙන් අවසර පදයන් නිර්මානය කරන්නට අවශ්‍යද යන්න වන අවස්ථාවේදී එම යතුර සලකුන සක්‍රිය කරමින් කැමැත්ත පල කලහොත් සාර්තක මට්ටමක විවිධත්වයකින් යුත් අවසර පදයක් නිර්මානය කර දෙන බවත් එම අවසර පදය අදාල අඩවියේ අවසර පද සදහා බලාපොරොත්තු වන තත්වයන් සපුරා නැති හෝ භාවිතකරන්නාගේ කැමැත්ත මත වෙනස් කරන්නට ලබා දෙන අවස්ථාවකින් අනතුරුව ස්තිර කල හැකිවන බවටයි පැවසෙන්නේ. අනතුරුව එම අවසර පදය සුරක්ශිත කොට මතක තබා ගන්න බවටයි කිය වෙන්නේ. ඒ සදහා සුරක්ශිතාංගයක් ක්‍රෝම් සමග හදුන්වා දී ඇති බවයි සටහන් වන්නේ. සරලව පවසන්නේ ඔබ බ්‍රවුසරයට අතුලුවූ විට බ්‍රවුසරය විසින් ඉදිරි කටයුතු වලදී ඔබව නියෝජනය වනු ඇති බවයි.
                                  ඒසේ මුත් ස්වංක්‍රීය පිරවුමකට අවසර පද සදහා ඉඩ නොදෙන අවස්ථාවක , පහරදීමක් සමග ක්‍රෝම් බ්‍රවුසරය ආක්‍රමනයකට යටත් වුව හොත් පාස්වර්ඩ් අන්සතුවීමේ අවස්ථාවකදී මෙන්ම වෙනත් බ්‍රවුසරයකින් එම අඩවි වලට පිවිසෙන්නට තත්කිරීමේ ආදීවූ අවස්ථාවලදී මෙම භාවිතය ගැටලුකාරී විය හැකි බවටයි පැවසෙන්නේ.

2012-02-16

සැබැදියාවේ මුහුනත වඩාත් සරල කරවමින් Kinect පැමිනෙමින් සිටී.....

එලබෙමින් ඇත්තේ චලන සංවේදී ලබාදීම් උපකරන විසින් දත්ත උපකරන පාලනය කරන යුගය බවට ස්ථීර වෙමින් ඇත. මයික්‍රසොෆ්ට් ආයතනය මෑතකදී පවසා සිටියේ මුලින්ම විනෝදාංස්වාදන උපකරනයක් සමග හදුන්වාදුන් මෙම චලන සංවේදී ලබාදීම් තාක්ශනය සාමාන්‍ය පරිගණක භාවිතාවන් සදහාද සූදානම් බවකි. ඒබව තහවුරු කරමින් නිකුත්වූ නවතම නිවේදනයකට අනූව මයික්‍රසොෆ්ට් "මීඩියා සෙන්ටර්"   භාවිතාකිරීම පහසු කරමින් බීටා මට්ටමේ නිකුතුවක් "චලන සංවේදී ලබාදීම්"  උපාංග සදහා මේ වන විටත් නිකුත් කොට ඇති බවකි.
     මෙම නව භාවිතාවත් සමග ඔබගේ මීඩියා සෙන්ටර් ප්‍රධාන මුහුනත මත සිට අංග චලනයන් හා කටහඩ භාවිතයෙන් ඔබගේ පරිගණකය වෙත උපදෙස් දීමේ හැකියාව උදා වනු ඇත.

නිර්මානය වෙමින් පවතින ඩිජිටල් ජීවන ආකෘතියක්

මිනිසා ස්වභාවයෙන්ම සංනිවේදනයෙහිලා ලැදි කොටසකි. පෘතුවිය මත මිනිස් කථාන්දරය ඇරබුනුදා පටන් ඔවුන්ගේ තරාතිරම , දුර බැහැර හා කාලය එක් පසක සිටද අනෙක් පසින් සංනිවේදනයෙහිලා වූ ලැදියාවද මහත් තරගයක්ව පැවතී තිබිනි. මිනිස් මනසට ඉහලින් සිටිමින් ඔවුන් පාලනයකල විවිධ අදෘශ්‍ය බලපරාක්‍රමයන් සතුවූ එක් බලයක්ද වූවේ දුර හා කාලය අතාර්කික කිරීමේ හැකියාව වූ බව සාහිත්‍ය පවසා සිටිනු දැකිය හැකිය.
                                               "ඩිජිටල් ජීවිතය" කාලන්තරයක් තිස්සේ දෙවිවරුන්ට පමනක් හිමියැයි විස්වාසකල තීරනත්මක හැකියවාක් මිනිසා පාමුලට ‍රැගෙන විත ඇත. ඔබගේ තරාතිරම , දුර පරතරය හා කාලය තවදුරටත් අතාර්කික බව එය පැහැදිලිබව පවසාලමින් සිටී. යතුරු පුවරුවක් මත ආයාසයෙන් ‍රැස්කරන අකුරු ගොනුවක සිට කට හඩ සිරුරේ චලනයක් වැනි සරල තලයක එකගතාවයක් ඔස්සේ ඔබ හා දත්ත උපකරනය අතර  පරතරය සැහැල්ලු කර දමන්නට අද හැකිව තිබේ.
                                                                            හදාරන්නන් පවසන්නේ එක් දිනයක් තුලදී පනිවිඩ ‍රැගත් වචන ගොනු බිලියන 12 ලොවපුරා හුවමාරු වෙමින් පවතින බවයි. පෞද්ගලික දත්ත උපකරන භාවිතය එලබෙන වසර වන විට දෙගුන වනු ඇති බවට අනුමාන කරනු දැකිය හැකිය. දත්ත උපකරන භාවිතයෙන් තොර ජීවිතයක් ගැන සමහරෙකුට සිතිය නොහැකි බවට තවත් අයෙකු පවසමින් සිටී. සමහර ජනකොටස් අතර දත්ත උපකරන භාවිතය ඇබ්බැහියක් බවට පත්විමේ ප්‍රවනතාවය සියයට හයේ සිට දහය දක්වා බවට පලවන වාර්ථා පවසයි. ඔබ නොදැනුවත්වම ඔබ වටා නිර්මානය වෙමින් පවතින ඩිජිටල් ජීවන ආකෘතියක් ගැන ඔවුන් පවසමින් සිටී.වෙළද බව මුසුවූ තාක්ශනය විසින් හසුරවන මිනිසා වෙනුවන නිර්මානශීලීව මිනිසා විසින් මෙහෙවන ඩිජිටල් ජීවිත ආකෘතියක් ගැන වියතුන්ගේ අවදානය යොමුව ඇති බවට එම වාර්ථා වැඩිදුරටත් පවසයි.

2012-02-13

"නොගියොත් කොහොමද ආපහු එන්නේ...." (අනන්තය තෙක් පෙනෙන.....)

සීතල පිනි කැට ගැවසගත් දෙපස තනතීරුව මැදින්වූ මාවත ඔස්සේ මද උදා කිරන අතරින් පියවර මනින්නට මුලින්ම මා පෙලබවූයේ මා ආදරනීය ටිබෙටියානු මිතුරා වුවාය.ඒ උදා සක්මනෙහිදී ඉද හිටක නිරුවත් දෙපතුල සිපගන්නා සීතල පිනි කැට මුලු සිරුරම ප්‍රබෝධමත් කරවයි."ඒක හරියට දවසට ඇතුලුවන දොර‍ටුව සම්පූර්න කරනව වගේ අත්දැකීමක්" ඔහු දවසේ උදැසනට මෙන්ම සැන්දෑවට මහත්සේ ඇලයුම් කලාය.
                              එක් දිනක් උදෑසන මගේ කුටිය අභියසට පැමිනි ටිබෙටියානු මිතුරා ඈත තුරුමුදුනතකටවී උදෑසනක ප්‍රබෝධයෙන් පිරුනු කන්කලු ස්වරයකින් හඩ නගන අලංකාර සියොතෙකු පෙන්වා මට මෙසේ කීවාය "දන්නවද අරය මොනවද කියන්නේ කියලා.එයා කියනවා, බිනිබිදු සේලය එහෙම එලලා උදෑසන සක්මනට මාවත ලෑස්තියි කියලා.තව ටිකකින් හිරු කුමාරයා එයාගේ බලපරාක්‍රමයේ ශක්තියෙන් පිනිබිදු සේළය අකුලලා දමන්නට ඉස්සලා අපි දෙන්නට යන්න කියලා".
                                   තවත් එක් දිනකදී අප දෙදෙනා මද පරතරයක් සහිතව නොහඩවම පියවර මනිමින් සිටියෙමු. තනගොල්ලට ඔබ්බෙන් වූ තුරුගොමුවක් පාමුල වැටී සිටි කුඩා කුරුල්ලෙකු දු‍ටු මසිත මහත් කම්පාවට පත්විය. තවමත්  උනුසුම සම්පූර්නයෙන්ම පහව නොගිය එම සිරුර දෙස මද අපහසුතාවයක් සමග බල සිටින මා දෙස බලා සිටි ඔහු "ආපහු නොගියොත් කොහොමද නැවත එන්නේ,සමහර විටක තවත් මේවගේ උදැසනක ඔය ගොමුවේ අත්තක් උඩට වෙලා අපිදෙන්නට අලුත් කුරුලු ගීතයක් අරගෙන එයා නැවත ඒවී. එතකන් සතුටින් ඉන්න යාලුවා" කියමින් එම සිරුර අසලවූ තුරු පාමුලක පස් අතර සගවාලුවාය.

2012-02-11

ඉරානය තුල අන්තර්ජාල තහනමක්......

ඉරාන රජය අන්තර්ජාල භාවිතය අගපනකොට ඇති බවටයි පලවන්නේ .HTTPS  ආකාරයේ ඇතුලු සියලු සුරක්ශිත දත්ත සබදතාවයන් මේතුලදී අනවසර වන අතර ඒ තුලදී ගූගල් ෆේස්බුක් ඇතිලු ප්‍රධාන තලයේ සියලුම පාහේ සේවාවන්  අඩපන වන බවටයි කියවන්නේ.කෙසේ වෙතත් තවත් පුවතකට අනූව ඉරාන රජය මෙම පුවත ප්‍රතික්ෂේපකොට ඇති බවටයි පැවසෙන්නේ.
                                                   ඉරාන අන්තර්ජාල සේවාව චීන ආකාරයේ "ෆයර් වෝල්"  පෙරනයකට යටත් කොට ඇති බවට කියවෙන අතර වාර්ථා පවසන්නේ එරට සමාජ නොසන්සුන්තාවයන් පාලනය සදහා ඉතත පියවරට යන්නට ඇති බවට සැලකෙන බවත් 2009 වසරේ එරට සිදුවූ සමාජ කාරනාව තවමත් හදුන්වන නාමයක්ලෙස “Twitter Revolutions” යන්න භාවිතාවන බවයි.

ගූගල් වෙතින් නිවසට විනෝදාස්වාදන උපාංගයක්...

පලවන පුවතකට අනූව පැවසෙන්නේ ගූගල් වෙතින් විනෝදාස්වදන උපාංගයක් එලි දැක්වීමේ කටයුත්තක් මෑතකදීම සිදුවන්නට නියමිත බවයි. ඇපල් ටීවී ආකාරයේ වුවත් මුල් පියවරරේදී  ස්ට්‍රීම් ආකාරයේ සංගීතය විසුරවාලන උපකරනයක් ලෙසින් සහ නිවසේ අනිකුත් ඉලෙක්ට්‍රොනික උපකරන සමග වයිෆයි , බ්ලූටූත් ආකාරයේ සබදතාවයක් ඇතිව නුකුත්වන්නට නියමිත මෙම උපකරනය ගූගල් ආයතනය මෑතකදී හදුන්වා දුන් "ගූගල් ඔන්ලයින් මියුසික් සර්විස්" හා සබැදුනු උපාංගයක් වනු ඇති බවටයි පැවසෙන්නේ. මෙම වසරතුල මෙම උපාංගය වෙලද පොලට නිකුත්වන්නට නියමිත බවටයි සැඩිදුරටත් සටහන් වන්නේ.
                          පසුකාලීනව මෘදුකාංගමය යාවත්කාලීනයක් සමග වීඩියෝවන් හැසිරීමෙන්  හැකියාවෙන්ද සමන්විත  වන්නට නියමිතව ඇති මෙම උපකරනය ගූගල් ආයතනය් පසුගිය වසරේ පවසා සිටි  Android@Home project හා සම්බන්දිත පියවරක් ලෙසටයි හැදින් වෙන්නේ.

2012-02-09

Avast 7 සමග.......

Avast හි මීලග සංස්කරනය සමග සාම්රධායික යාවත්කාලීනයන යන්ට අමතර streaming  ආකාරයේ යාවත්කාලීනයන් ලබාදීමට කටයුතු කරන බවටයි නිවේදනය වන්නේ. මෙම වසර අවසාන භාගයේ නිකුත් වෙනු ඇතැයි බලා පොරොත්තු වන එම සංස්කරනය සමග වඩාත් ඉක්මනින් හා වේගයෙන් හානිකර මෘදුකාංග පාලනය කිරීමෙහි ලා මෙම පියවර සාර්ථක සහයක් දෙනු ඇති බවටයි එම ආයතනය පවසන්නේ. මීට අමතරව  වැඩි දියුනු කල සෑන්ඩ්බොක්ස් තාක්ශනය, බ්‍රවුසරයන් සදහා වැඩි සුරක්ශිත බවක්, දුරස්ථ සහය සමග තම නිවසේ හෝ මිතුරන්ට සහය වීමට වැඩි අවස්ථාවක් හා දත්ත ගොනු හුවමරුවේදී වැඩි පාලනයක් ආදීවූ  කාරනා කිහිපයක්ම මෙම නව සංස්කරනය සමග සමන්විත වනු ඇති බවටයි පලවන්නේ.

SSL සහතික විමසිමේ ක්‍රියාවලිය ක්‍රෝම් වෙතින් ඉවතට..

ගූගල් ක්‍රෝම් වෙතින් පැවසෙන්නේ, වැඩි සුරක්ශිත අන්තර්ජාල සබදතාවක් සදහා මෙතෙන් ක්‍රියාත්මකවූ SSL සහතිකය විමසීමේ ක්‍රියාවලිය තම වෙබ් බ්‍රවුසරයේ මීලග සංස්කරනවලින් ඉවත් කරන්නට තීර්නය කල බවකි. ඔවුන් පවසන්නේ අදාල ආයතනවල සර්වරයන්ගේ ප්‍රමාදයන් හා ඒවායේ විස්වාසනීය භාවය බොහෝ සෙයින් අඩුවීම මෙම තීර්න වලට බලපා ඇති බවයි.

වින්8 පෙර සංස්කරනයක් ෆෙබරවාරී 29.....

පලවන නවතම පුවතකින් කියවෙන්නේ මයික්‍රසොෆ්ට් ආයතනයේ මීලග මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස්8 හි "කන්සියුමර් ප්‍රීවිව්" සංස්කරනය ( Consumer Preview  ) ෆෙබරවාරි මස 29 බොහෝ දුරට ඉඩ ඇති බවකි. එදිනට බාසිලෝනාවේදී පැවැත්වීමට නියමිත Mobile World Congress trade show නම් සිදුවීමට සමගාමීව මෙම නිකුතුව සිදු වෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.  බොහෝ දුරට එදිනසිට වින්ඩෝස් 8 හි පෙර සංස්කරනයක් භාවිතකරන්නන්හට බාගත කර ගැනීමේ අවස්ථාව උදාවනු ඇති බවටයි කිය වෙන්නේ.
                           පරිගණක මෙහෙයුම් පද්ධතියක හැකියා වපසරියේ විප්ලවීය වෙනසක් ‍රැගෙන එනු ඇති බවට දැනටමත් ඉගි පලකොට ඇති මෙම නව මෙහෙයුම් පද්ධතිය ස්පර්ශක තිර භාවිතය මූලික, ජංගම උපකරන සමග වඩාත් හොදින් ගැලපෙන ,අන්තර්ජාලය සමග ස්වභාවයෙන්ම ක්‍රියාත්මක මෙහෙයුම් පද්ධතියක් වනු ඇති බවටයි කිය වෙන්නේ.

2012-02-08

ජීවිතයම දත්ත ගොනුවක් වීමේ අපූරත්වය ගැන කෙරෙන වචනමය චිත්‍රනයයි දත්ත මිනිසා".........

පලමුව එය භාවිතාකරන උපකරනය මත පදනම් විය. ඒ වූ කලී මෙහි ප්‍රාතමිකම යුගය විය. එය පොලවට ගැටගසා තිබෙන උපකරනයක්ව පැවතීම තත්වය වඩාත් ප්‍රාතමික කරන්නක් විය. වරක් ප්‍රකට විද්‍යාප්‍රබන්දකරුවෙකු එහි පරිනාමය විස්තරකලේ මෙලෙසය " ඔවු, ඒක හරිම අපූරු පරිනාමයක්. හරිම වෙගවත් එකක් උනා වාගේම ඩාවින් මහත්තයා හිටියානම් මොනාවා කියාවිදැයි සිතා ගන්නට බැරිවේවි. ගලක් වලාකුලක් වීම, හරිම පුදුමාකාරයි". කාලයාත් සමග මෙම ගල මදින් මද සැහැල්ලු වන්නට විය. එක්තර සීමාවකදී අවශ්‍යතාවයේ සුලග එය ජංගම උපකරනයක් බවට පත්කලේය. එසේවූ මුත් එය උපකරනයෙන් ස්වායන්ත වන්නට දශකයකට වඩා කාලය ගනු ලැබිනි. අවසානයේ එය සිදුවිය තමන්ගේ පෞද්ගලික වාහනයේ පැති වීදුරුවේ සිට මුලුතැන්ගෙයි ආහාර සකස්කරන්නට උපයෝගී කරගන්නා මේසයේ මතුපිට තලය දක්වා එය නිදහස් විනි.ඇත්තෙන්ම එය එතැනින් නතර නොවිනි. එදිනෙදා ජීවිතය අවට තිබූ බොහෝ ඝන දැ දත්ත ගොනු බවට පත්කලේය............
..........................."2010 වැනි කාලවල් වන විටත් මිනිසුන් ඇතිතරම් යාන්ත්‍රික වෙලා සිටියේ.ඒකාලයේ සිදුවීම් ගැන ටිකක් සංවේදීව හදාරනකොට හැගෙන දෙයක් තමයි දියුනු යැයි සම්මත මිනිස් කොටස් නොදැනුවත්වම තමන්ගේ තක්කඩි කම් හැරෙන්නට අනිත් සියල්ලම යාන්ත්‍රික කරගෙනයි සිටියේ. සංගීතය චිත්‍ර කලාව පමනක්නොව වේදිකාව ආදී සියල්ලෙන්ම මිනිස්වභාවය මියයමිනුයි පැවතුනේ.කටපාඩම් කරගත් සූත්‍ර පාථ ආදිය නැවත දෙසන්නන් විද්‍යාව හා තාක්ශනික විෂයන් පාලනය කරන මාහා විද්වතුන් බවට පත්වී තිබුනු අතර මහත්මිල අධික උපකරන අත්පත්කරගැනීම තුලින් පමනක් , තමන් අතිනවීන තාක්ශනය විදින්නෙකු යැයි විස්වාස කරන තාක්ශනය භාවිතා කරන්නන්ගෙන් සමාජය පිරී තිබුනා..." ඓතිහාසික දේශනයෙන් කෙටිකලකට පසුව එම මහාචාර්යවරයා හදිසියේ මියයාම තවමත් නොවිසිදුනු ගැටලුවක්ව තිබුනා.ආගමික නායකයින් කලාකරුවන් පමනක් නොව තොරතුරු තාක්ශනික විද්වතුන්ගේ විමසිලි බවේ ඇස් ඇරවන්නට සමත්වූ එම දේශනය පෘතුවිය මත මිනිස්වර්ගයාගේ මග වෙනස් කරන්නට තරම් බලපෑමක් කල අල්පයක්වු ඓතිහාසික දේශන අතර එකක් ලෙස එම දේශනය සදාතනික වනු ඇත..........
 
(එලබෙන දිනයක සෑබෑවක් විය හැකි "ජීවිතයම දත්ත ගොනුවක්" වීමේ අපූරත්වය ගැන කෙරෙන වචනමය චිත්‍රනයයි "දත්ත මිනිසා".........)
 

ක්‍රෝම් බ්‍රවුසරය ඇන්ඩ්‍රොයිඩ් උපකරන වෙත පැමිනීම ආරම්භවී ඇති බවටයි....

ක්‍රෝම් බ්‍රවුසරය ඇන්ඩ්‍රොයිඩ් උපකරන වෙත පැමිනීම ආරම්භවී ඇති බවටයි පැවසෙන්නේ. එහි ආරභක පියවරක් ලෙස ඇන්ඩ්‍රොයිඩ් 4.0 ධාවනය වන  උපකරන සදහා  ක්‍රෝම් බ්‍රවුසරයේ බීටා සංස්කරනයක් නිකුත්වී ඇති බවටයි සටහන් වන්නේ. ඇන්ඩ්‍රොයිඩ් වෙත පැමිනෙන ක්‍රෝම් සමග භවිතාකරන්නාගේ අනෙකුත් පරිගණක භාවිතාවන් සමග පොදුවේ භාවිතාකල හැකි ටැබ් ආදී පහසුකම් කිහිපයකින්ද සමන්විත වන බවටයි සටහන් වන්නේ. බුක් මාර්ක් ගොනු ආදිය සදහාද පොදු භාවිතාවක් ලබා ගන්නට හැකිවනුන් ඇති බවටයි පැවසෙන්නේ.
                 ගූගල් ආයතනය පවසන්නේ පදනමේ සිටම ජංගම උපකරන ඉලක්ක කොට ගෙන නිර්මනය වී ඇති මෙම නව බ්‍රවුසරය කුඩා දර්ශන මුහුනත් සදහාම නිර්මානය වී ඇති බවත් වේගය අතින්ද හොද තත්වයක පවතින බවටත් ය. කෙසේ වෙතත් ඇන්ඩ්‍රොයිඩ් අනෙකුත් සංස්කරන සදහා ක්‍රෝම් සංස්කරනයක් නිකුත්වීම පිලිබදව කිසිදු සටහනක් එහි නොතිබූ බවටයි සටහන් වුනේ.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස වැඩි විස්තර මෙන්ම එම මෘදුකාංගය බාගත කිරීම් සදහා ඔබටත් අවස්ථාව ඇත.

https://market.android.com/details?id=com.android.chrome

2012-02-07

ගූගල් ආයතනය ස්වංවාරනයකට සූදානම්ලු......

මීට මද කලකට පෙර ඉන්දියාවෙන් නිකුත්වූ පුවතකින් පැවසුනේ ගූගල් හා ෆේස්බුක් ඇතුලු වෙබ් අඩවි 19 වෙත එරට අධිකරනය විසින් තම රටෙහි ආගමික හා සදාචාරයට හානිවන අඩංගූන් එම වෙබ් අඩවි වලින් ඉවත් කරන්නට කටයුතු කරන ලෙස දැනුම් දෙනු ලැබූ බවයි. ගූගල් ආයතනය එම තීර්නයට එකග වන්නට කටයුතු කරන බවටත් සමහර වෙබ් අඩවි විසින් ඉහල අධිකරනය වෙත යොමුවන්නට ඉඩ ඇති බවටත් අද පලවන පුවතකින් පැවසෙනවා. එපමනක් නොව ‍ටුවිටර් ආයතනය පසු ගියදාක පවසා සිටිය ලෙසින් ගූගල් ආයතනයද රටවල් අනූව පහසුවෙන් තම බ්ලොගර් පහසුකම ලබන්නන් විසින් පලකරනු ලබන දෑ දර්ශනයවීම පාලනය කරනු ලබන්නට හැකිවන ආකාරයේ ක්‍රමවේදයක් දියත් කරන්නට කටයුතු කරන බවටත් පවසා සිටියා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...