Showing posts with label Bitcoine. Show all posts
Showing posts with label Bitcoine. Show all posts

2014-04-26

Android app සමග අනවසරව Bitcoins Mining අවස්ථා කිහිපයක් හමුවේ!!!

  සාමාන්‍යය සමාජයේ කැඩපතක් බදු අන්තර්ජලය මතද සාමන්‍ය සමාජීය ස්වභාවයන් ක්‍රියාත්මක වීම ස්වාභාවික කාරනාවකි. Android app මතට ඒවායේ මුල් කාරනාවට අමතරව භාවිතාකරන්නාහට හානිකර ලෙසට ක්‍රියා ‍රැගත් අමතර මෘදු කොටස් පැමිනීම පිලිබදව චෝදනා පැමිනීම මෙවන විට බහුලව දක්නට ලැබෙන අතර ඒවා අතර භාවිතාකරන්නාගේ අවසරයෙන් තොරව ඔහුගේ දත්ත ලබා ගැනීම සුලබව වාර්ථා වනවා. එසේම අන්තර්ජාලය තුල බහුල වෙමින් ඇති තවත් අනවසර ක්‍රියාවක් වන්නේ භාවිතාකරන්නාගේ දැනුමකින් තොරව ඔහුගේ පරිගණකයේ හැකියාව Bitcoins නිර්මානය කර ගැනීම සදහා දුරස්ථව යොදා ගැනීමයි. පැමින ඇති අලුත්ම වාර්ථාවක් පවසන්නේ අන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ලෙසට පැමිනෙන CoinKrypt නම් wallpaper භාවිතාවට වඩාත් වර්නවත් බවක් ගෙනෙන මෘදු සහය සමග මෙම හානිකරය Android උපාංග කරා පැමිනෙන බවයි. දැනට හඳුනාගෙන ඇති එවැනි හානිකර ඇප්ස් Google Play store වෙතින් මේ වන විටත් ඉවත් කරන්නට කටයුතු කර ඇති අතර භාවිතා කරන්නන් වෙතට උපදෙස් ලැබෙන්නේ අපෙහැදිලි අනන්‍යතා සමග පැමිනෙන ඇප් භාවිතාවට නොපෙලබෙන ලෙසටත් භාවිතාවන ඇප් සමග වෙනත් බාගතවීම් සදහා අවස්ථාව ලබා ගන්නා සැකසුම් සදහා unchecked කිරීමට කලපනාකාරී වන ලෙසටත්ය.

2014-03-03

Bitcoin සිල්ලර භාවිතාවට ගෙනෙන BitTag

  Bitcoin යනු මහත්සේ කථා බහට ලක්වෙමින් මුත් කෙමෙන් භාවිතාවට පැමිනෙමින් ඇති Digital ආකාරයේ මුදල් භාවිතාවකි.  ප්‍රතික්ශේප වීම් මෙන්ම පිලිගැනීම් ආකාරයේ නෙක ප්‍රථිචාර මැද වුවත් එය සාමන්‍ය දෛනික භාවිතාවට පැමිනෙන්නට වන බාදක සදහා විසදුම් ලබමින් සිටින බවටයි වාර්ථා වෙන්නේ. මෙම භාවිතාවෙන වන ක්ශනික වටිනාකම් ඉහල පහල යෑම් සදහා පෑහෙන ආකාරයේ විසදුමක් ‍රැගෙන විත් ඇති BitTag සමග එය පහසුවෙන් සිල්ලර මට්ටමේ වෙළඳ අවකාශයට පිවිසෙමින් ඇති බවටයි සටහන් වන්නේ. OLED දර්ශකයකින් සමන්විතව පැමින ඇති මෙම උපකරනය ඔස්සේ එය සම්බන්ද කොට ඇති භාන්ඩයේ වටිනාකම දැක ගැනීම සදහා මිළඳීගන්න විසින් එය සෙලවීමක් කල විට bitcoin QR code මගින් දැක්වන සටහන මිලදී ගන්නා විසින් Smart phone එක ඔස්සේ scan කල යුතු වනවා. තවමත් ඩොලර් 65ක් තරම් ඉහල මිලකට පැමින තිබුනද මෙම Tag භාවිතාව ආයතනයට ඇති ඉන්ටර්නෙට් සබදතාවය සමග Blutooth අකරයට සම්බදව ඇතිව ක්‍රියාත්මක වනවා. iPad app එකක සමග ක්‍රියාත්මක වන මෙම භාවිතාව සදහා අන්තර්ජාල සබදතාව අහිමිවිම භාහිර දත්ත උපකරනයක් මගින් අනවශ්‍ය මැදිහත්වීමට ඇති හැකියාව වැනි ගැටලු කිහිපයක් සමග මෙන්ම එම Tag උපාංගයේ මිළ වැනි හේතු සමග උවත් අනාගත භාවිතාවක පෙර සලකුනු පෙනවමින් සිටින බවටයි වාර්ථා වන්නේ,

2014-02-11

Bitcoins වල වටිනාකම් Bing ඔස්සේ පහසුවෙන් දැනගන්නට හැකිය!!!!

 Bitcoins භාවිතයට පැමිනෙන්නට ඇති තවත් අපූර්ව ඩිජිටල් භාවිතාවකි. විටක එය ගැටලු සහිත ප්‍රතික්ෂේප කිරීම් වලට මෙන්ම සාදරයෙන් පිලි ගැනීම් වලට ලක්වෙමින් කෙමෙන් virtual මෙන්ම real ලෝකය තුල ඉදිරියට පැමිනෙමින් තිබෙන්නෙකි. අද මයික්‍රසොෆ්ට් සමාගම නිවේදනයකර සිටින්නේ Bing ඔස්සේ ලොව රටවල් 50කට අධික මිදල් භාවිතාවන්ට සාපේක්ශව Bitcoins වල වටිනාකම් දැනගැනීමේ හැකියාව ලබාදී ඇති බවකි. ඔවුන් Bitcoins වල digital wallet සදහා Coinbase ලෙසට භාවිතාකිරීමද සිදුකොට තිබෙනවා. එම වටිනාකම් දැක්වීම් අතර U.S. dollars, U.K. pounds, euros ආදී ප්‍රධාන පෙලේ මුදල් භාවිතාවන්ද ඇති අතර තවම මයික්‍රසොෆ්ට් ආයතනය තම Microsoft Store වැනි අඩවි වලින් කරන මිලදී ගැනීම් සදහා Bitcoins භාවිතය විවෘත බවට නිවේදය කර නොමැත. මේ පිලිබදව මයික්‍රසොෆ්ට් වෙතින් සිදුවූ විමසීමක් සදහා ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා සිට ඇත්තේ තවමත් ආයතනය මෙම භාවිතාව පිලිබදව කරුනු හදාරමින් ඇති බවකි. තවත් අවස්ථාවකදී මයික්‍රසොෆ්ට් සම නිර්මාතෘ Bill Gates මහතා පවසා සිටින්නේ ඉදිරි වසර  පහ තුල digital currency භාවිතයට පැමිනීම සිදුවිය යුත්තක් බවත් ඒවා ඉන්දියානු  සහ සමහර අප්‍රිකානු රටවල භාවිතයට පැමිනීම බලපොරොත්තු විය හැකි බවත්ය.  එසේම එම මහතා සදහන් කරන්නේ හුවමාරුව සදහා එහි ඇති පහසු බව එවැනි රටවල්දී වඩාත් ප්‍රායෝගික වනු ඇති බවකි.

2014-01-24

Bitcoin ගූගල් ගනුදෙනු සදහා යොදා ගැනීමේ සූදානමක්!!

  Bitcoin නම් ඩිජිටල් ආකාරයේ මුදල් භාවිතාව වෙතට විවිධ පිරිස් විවිධ ආකාරයේ ප්‍රථිචාර දක්වමින් සිටිනු දැකිය හැකිය. ඒවා අතරින් අලුතින්ම සටහන් වන පුවතක් පවසන්නේ ගූගල් ආයතනය තම online ගනු දෙනු සදහා Bitcoin යොදා ගැනීම පිලිබදව අවධානය යොමු කර ඇති බවටයි. මෙ වන විට ඔවුන් තම Google Wallet හා අනෙකුත් මුදල් හුවමාරු සදහා මෙම මුදල් ක්‍රමයේ ස්වභාවය කොතරම් දුරට ගැල පෙන්නේද යන්න විමසා බලමින් සිටින බවටයි එම වාර්ථා පවසා සිටින්නේ. තවමත් නිල ලෙසට නිවේදනය වී නොමැති මෙම පියවර ලොව භාවිතාවට Bitcoin පැමිනීමට සදහා වල ප්‍රධානතම පිලිගැනීමක් බවට පත්වීම අනිවාර්ය බවටයි විචාරක මතය වන්නේ.

2013-11-18

ප්‍රථම bitcoine සදහාම වන මව්පුවරු නිපදවෙමින් ඇත...

  ASRock සමාගම නිවේදනය කොට සිටින්නේ ලොව ප්‍රථම  bitcoine නිර්මාණය කර ගැනීම සදහාම නිපදවෙන මව් පුවරුව වෙළන්ද පොල වෙත නිකුත් කරන්නට තමන් සූදානම් වෙමින් සිටින බවකි.මෙම Bitcoin currency  භාවිතය මේ වන විට ජර්මනිය වැනි රටවල නෛතිකවී ඇති අතර ඉදිරියේදී වෙනත් රටවලද අවධානයට ලක්වීමේ වැඩි ප්‍රවනතාවයක් සහිත කාරනවක් වනු ඇති බවටයි හදාරන්නන්ගේ මතය වන්නේ.වැඩි කාලයක් ක්‍රියාත්මක වෙමින් වැඩි ප්‍රොසේසර් බලයක් ඔසේ වඩාත් සංකීර්න ගනිතමය ක්‍රියාකරකම් ඔස්සේ ඔනෑම අයෙකුට නිපදවාගන්නට හැකි වනු ඇති බවට පැව්සෙන මෙම bicoine නිපදවාගන්නට අනාගතයේ වැඩි වැඩියෙන් භාවිතාකරන්නන් යොමුවනු ඇති බවට වන අනවැකි ඔස්සේ මෙම නිපදවීම වෙළඳ පොලට එවන්නට එම ආයතනය කටයුතු කරමින් සිටිනවා.මෙම මව් පුවරුව graphics cards හයක් දක්වා භාවිතාකරන්නට හැකි ලෙසට නිපද වෙන අතර අමතර 4-pin power connectors  දෙකක්ද සහිතව පැමිනෙන බවටයි සටහන් වන්නේ. සංස්කරන දෙකකින් H81 Pro BTC හා  H61 Pro BTC පැමිනෙන්නට නියමිත මෙම මව්පුවරු පිලිබදව මිල ගනන් හෝ නිකුත්වන දින වකවානු මේ වන තෙක් ප්‍රකාශයට පත්කොට නැත.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...