Showing posts with label Apple. Show all posts
Showing posts with label Apple. Show all posts

2022-01-21

Critical security patches සදහා නම් iOS 15 මත සිටිය යුතුමය.

Apple පවසන්නේ iOS 15 වෙතට පිවිසීම ඉතා වැදගත් බවයි. ලොව පුරා භාවිතාවන millions ගනනක් වන iPhones භාවිතාකරන්නන් වෙතට නිකුත්වන මෙම නිවේදනයට අනූව ඔවුන් පවසන්නේ තවදුරටත් iOS 14 වෙතට කලින් කලට නිකුත්වන යාවත්කාලීන ලැබුනද critical security patches සදහා නම්  iOS 15 වෙට්නට පිවිස සිටීම වැදගත් වන බවයි. Apple ආයතනය තම iOS 15 සංස්කරනය පසුගිය September යේ නිකුත් කරන ලද අතර iOS 14.8.1 සදහා අවසන් යාවත්කාලීනය පසුගිය October නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. ලොවපුරා බිලියන ගනනක් වන iPhones භාවිතාව අතරින් සියයට 36ක් තවමත් iOS 14 භාවිතාකරමින් සිටින බවයි. පසුගිය December 2021වලදී iOS 15.2 නිකුත් කරන ලද අතර එම සංස්කරනය iPhone 6S සිට හා 7th generation iPod touch උපාග සදහා සූදානම් බවට පැහැදිලි කෙරුනා. ඔබ මෙම නව update එක වෙතට පිවිසෙන්නට නම් "General" > "Software Update" වෙතට පිවිසීමේදී උපකරනය නව සංස්කරනය සදහා සූදානම් නම් "Install Now" දිස්වන අතර ඒ ඔස්සේ ඉදිරියට යන්නට හැකි වනවා ඇත.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

2015-01-08

Apple Watch මාර්තුවේ පැමිනෙන ඉඩක්....

   ඇපල් වෙතින් පැමිනි Apple Watch නම් wearable deviceය ඒහා සමාන්තර උපාංග සමග සැසදීමේදී වෙනම අනන්‍යතාවයක් හිමිකර ගන්නට සමත්වනු ඇති බවට බොහෝ බලාපොරොත්තු විචාරකයින් වෙතීන් ලබා ගන්නට සමත්වූවාය. මෙහි වෙළඳ නිකුතුව පැමිනීම “early 2015” හෝ  “spring” සිදුවනු ඇති බවට විටින් විට අදහස් පලවුවද මේ වනතෙක්  ඒ පිලිබදව අවසන් නිශ්චිත කාලවකවානුවක් ප්නිල ලෙසට ප්‍රකාශයට පත්ව නැත. පලවන නවතම තොරතුරක් හෙලි කරන්නේ US වල Apple Stores සේවකයින් නව උපාංගය පිලිබදව පුහුනවක් සදහා මේ දින වල යොමුකර සිටින බවකි. February 9 සිට 16 දක්වා වන මෙම පුහුනු සැසිය සැලකීමේදී Apple ආයතනය බොහෝ විට March වලදී Apple Watch වෙළඳ නිකුතුව සිදු වනු ඇති බවට බලාපොරොත්තුවක් පලවෙමින් තිබෙනවා. එසේ මුත් Apple ආයතනය තම Apple Watch වල දියුනු කිරීම් කිහිපයක්ම සිදු කරමින් සිටින බවටද මේ වන විට තොරතුරු පලවෙමින් තිබෙනවා. ඒවා අතර එහි මෙහෙයුම් පද්ධතිය(OS) දියුනු කිරීම,  battery හා charging පද්ධතිවල දියුනු කිරීම් ආදී රාශියක් අංග වන බවටයි එම තොරතුරු පැහැදිලි කෙරෙන්නේ. දැනට මෙම නිකුතුවේ ආරම්භක මෝස්තරයන්ගේ මිළ $349 සිට ඉහලට වීමට නියමිතව තිබෙනවා.

2014-11-26

Apple Pay හඳුනා ගනිමු…

    Apple Pay පසුගිය දිනවල පැමිනි බෙහෙවින් කථාබහට ලක්වෙමින් ඇති Apple ආයතනය හදුන්වා දෙන වඩාත් සුරක්ෂිත payment system එකකි. එය iOS 8.1 යාවත්කාලීනයත් සමග පැමීනෙන සේවාවක් වන අතර දැනට US වලට භාවිතයට පැමින ඇති හා එලබෙන වසරේදී අනෙකුත් රටවලටද ක්‍රමයෙන් භාවිතාවට පැමිනෙන්නට නියමිත පහසුවකි. මෙය NFC ආකාරයට ක්‍රියාත්මක වන සේවාවක් වන අතර භාවිතාකරන්නාගේ Credit හෝ Dibet card ඔස්සේ තම ගෙවීම් පහසුවෙන් හා සුරක්ෂිතව කරන්නට සහය වන්නක් බවට පැහැදිලි කෙරේ. සරලව පැහැදිලි කෙරෙන්නේ Passbook app ස්ථාපනයෙන් අනතුරුව තම ගෙවීම් කාර්ඩ් පත් තොරතුරු ලබාදීමත් සමග පහසුවෙන් එය භාවිතාවට සූදානම් වන අතර ගෙවීම් කලයුතු ආයතනයක Credit Card Reader එකක් අසලට තම දුරකථනය ලංකිරීමත් දුරකථනයේ වන Apple’s Touch ID button වෙතට භාවිතාකරන්නගේ ඇගිලිතුඩ තබා අනන්‍යතවය තහවුරු කිරීමත් පමනක් වන අතර අමතර Pin වැනි තොරතුරු හුවමාරුවකින් තොරව එම ක්‍රියාවලිය සම්පූර්න කරන්නට හැකි වන බවටයි.
දුරකථනයේ චිප් පතෙහි අඩංගුවන එම කාර්ඩ් පත් පිලිබද තොරතුරු encrypted මට්ටමේ වන නිසා Hack වැනි අනතුරක් ඔස්සේ එම තොරතුරු අන්සතුවීම මෙන්ම දුරකථනය අස්ථාන ගතවීමකදී එම තොරතුරු බාහිරට ලබා ගැනීමේ හැකියාවකින් තොරවන අතර එවැනි අවස්ථාවකදී Find My iPhone වැනි ටූලයක් ඔස්සේ වෙනත් බ්‍රවුසරයක සිට දුරකථනය සම්පූර්නයෙන් Lock කර දමන්නය හැකිවීම ඔස්සේ වඩාත් සුරක්ෂිත බවක් ලැබේ. සිදුවන සැම ගනුදෙනුවක් ඔස්සේම Apple ආයතනයට ආදායමක් ඉපයෙන මුත් ආයතනය පවසන්නේ තම් Apple servers වල මිලදී ගැනීම් පිලිබදව වැනි කිසිදු තොරතුරක් ‍රැස් නොව්න ලෙසට මෙම ක්‍රමවේදය වන බවයි. Card පත් ගෙවීම් යුගයේ සිට Contactless ආකාරයට වන මෙම නව ගෙවීම් යුගය වඩාත් පහසු සුරක්ෂිත වනු ඇති බවටයි විචාරනය වන්නේ.
(පරිගණක පුවත් , විචාර ලිපි , නොමිලේ භාවිතාකල හැකි මෘදුකාංග තොරතුරු , තොරතුරු තාක්ෂණය ගැන වන  නිර්මාණශීලී සටහන් ඇතුලු බොහෝ දෑ එසැනින් මෙන්ම පහසුවෙන් එකම තැනකදී කියවන්නට දැන් www.itlk.us අඩවියේදී හැක.)
www.itlk.us

2014-09-19

Apple Watch වෙතටද නීතිමය විමසීම් ඇරබේ.....

   Apple Watch වෙතට ක්‍රමයෙන් අභියෝග පැමිනීම මෙම වන විට ඇරබී තිබෙනවා. වෙනත් භාවිතාවක් ‍රැගත් උපාංගයක් පැමින ඇති බවට එක්තරා පිලිගැනීමක් ලෙසට සලකන්නට සහිතක පතක් වැනි මෙම පැමිනීම් ඇමරිකානු කා බ්‍රිතාන්‍ය නීති අංශයන් ගෙන් වනවා. එක් ගැටලුවකදී විමසා තිබුනේ නව Apple Watch සමග පැමිනෙන  Health app වල ‍රැස්වන භාවිතාකරන්නාගේ තොරතුරු සමග කටයුතු කිරීමේ ඔහුගේ තොරතුරු වලට ලැබෙන ආරක්ශාව පිලිබඳව ගැටලුවයි. දෙවනි විමසීමට හේතුපාදකව තිබුනේ Google වල Smart Glas වලදී මෙන්ම Apple Watch පැලඳ මහමග වාහන ධාවනයේදී රියදුරාගේ අවධානය ඒ වෙතට යොමුවීමක දී මතුවිය හැකි අනතුරු දායක බව පිලිබදව වූවා.
           පසුගියදා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් Apple හි CEO වරයා ප්‍රකාශ කර සිටියේ තම ආයතනය පලමු Smart Phoneය නිකුත්කිරීමට වඩා වාඩාත් අපූරු භාවිතාවක් ගෙනෙන Smart Phone එකක ගෙනෙන්නට කටයුතු කල සේම මෙහිදීද පලමුවෙන් Smart Warch එකක ගෙනෙනවාට වඩා වෙනස්ම ආකාරයේ භාවිතාවක් ගෙනෙන හඳුන්වා දීමකට කටයුතු කල බවයි. ඔහු එහිදී පැහැදිලි කර සිටියේ තම ආයතනයේ කවදත් ස්වභාවය වූවේ යමක් පලමුවෙන්ම ගෙනෙනවාට වඩා එය වඩාත් නැවුම් අත්දැකීමක් සමග භාවිතාකරන්නා අතට පැමින වීම බවයි. එහිදී Steve Jobs පිලිබදව සදහන් කරමින් එතුම්,ආ පවසා සිටියේ තම ආයතනයේ අදටත් පදනම් DNA අනුව ඔහු බවයි.

2014-09-10

Appple වෙතින් නව නිකුතූන් පැමිනීම ඊයේ සිදුවූවා......

  ගෙවී ගිය දිනයේදී ඇපල් ආයතනය තම නිෂ්පාදන දෙකක් නිවේදනය කරන්නට කටයුතු කරනු ලැබුවා. ඉන් එකක් තොරතුරු භාවිතාවට නව මුහුනුවරක් ගෙනෙනු ලැබූ  iPhone නිකුතු පෙලෙහි නව නිකුතුවක් වූ  iPhone 6 වන අතර අනෙක වන්නේ මහත් කාලයක් තිස්සේ කථා බහට ලක්වෙමින් තිබූ Apple වෙතින් පැමිනෙතැයි බලාපොරොත්තුවූ wearable device එක වූ  Apple Watch පැමිනීමයි. iPhone නිකුතුව දෙයාකරව පැමින තිබූ අතර iPhone 6 හා iPhone6 Plus ලෙසට ඒවා දැක්වූවා. LTE සහය සමග පැමිනෙන මෙම නිකුතූන් 64-bit Apple A8 chip වලින් සමන්විතව තිබෙන අතර 20nm තාක්ශනයේ සහයෙන් නිපදවී ඇති මෙවා සමග 25% CPU power දියුනු කිරීමක් හා 50%ක GPU power දියුනුවක් වන බවටයි නිවේදනය වූවේ.  NFC payments හැකියාව, onboard barometer හැකියාව වැනි බොහෝ අංගයන් ගෙන් සමන්විතව පැමිනෙනමෙම නිකුතූන් ඩොලර් 199ක සිට ඉහලට මිලැතිව මෙම වසර අවසානයේ සිට වෙළඳ පොලට පැමිනෙනු ඇති බවටයි පැවසුනේ.
           මෙම දිනයේ වඩාත් සිත් ගන්නා සුලු සිදුවීම වූවේ බොහෝ කලක් තිස්සේ විවිධ නොනිල තොරතුරු පලවෙමින් තිබූ Apple Watch නිකුතුවද නිවේදනය වීමයි. සාමන්‍ය ආකාරයට smart phoneයේ සහයක යෙක් වෙමින් පමනක් පැමිනෙන smart watch නිකුතූන් ගෙන් වෙනස් මගක් ගනිමින් පැමින ඇති මෙම නිකුතුව සමග පහසු charger හැකියාවේ සිට උපාංගය මෙහෙයවන ආකාරය දක්වා බොහෝ වෙනස් කම් ‍රැගෙන විත් ඇති බවටයි නිවේදනය වූවේ.මෙහි පසුපස වන sensors සමග භාවිතාකරන්නාගේ  heart rate කියවීමේ හැකියාව සමග හැකියාවන් කිහිපයක් ඇති අතර Accelerometers මෙන්ම GPS   සමග පැමිනෙන දත්ත වඩාත් කාර්යක්ශමව යොදා ගන්නට සහය වන app වලින්ද සමන්විතව එය පැමින ඇති බවටයි සටහන් වූවේ. Siri සහය Maps සහය සංයුත්තව පැමින ඇති මෙම නිකුතුව සමග new messaging service එකක් වන අතර එය සමග පහසුවෙන් අනෙකුත් watch භාවිතාකරන්නන් සමග පහසුවෙන් තොරතුරු හුවමාරු කර ගත හැකි බවටයි නිවේදනය වූවේ. $349 සිට ඉහලට වන මිල සමග 2015 මුල් භාගයේ සිට වෙළඳ පොලට පැමිනෙන මෙම නිකුතුව භාවිතාකරන්නා වෙතට නව අත්දැකීම් රාශියකින් සමන්විත බවට නිවේදනය වනවා.

2014-09-01

Apple6 සමග NFC ආකාරයේ new payment service එකක්!!!

  දින කිහිපයකට පෙර Apple ආයතනය මාධ්‍ය හමුවක් කැදවමින් පවසා සිටියේ iPhone6 මෙන්ම iWatch නිවේදනය කිරීම නුදුරේදීම සිදුවන්නට නියමිත බවකි. නව උපාංග සංස්කරන සමග පැමිනෙන්නට නියමිත නව අංගයන් පිලිබඳව විවිධ අදහස් පලවෙමින් පවතින අතර iPhone6 සමග NFC සහයය ඔස්සේ new payment service එකක පිලිබදව තොරතුරු හෙලි වෙමින් තිබේ. American Express මෙන්ම Cupertino company වැනි ආයතනයන් වෙතින් දැනට මත් එකගතාවය පලවෙමින් ඇති මෙම නව සේවාව ඔස්සේ භාවිතාකරන්නෙකුට තම නයවර පත වෙනුවට පහසුවෙන් භාවිතාවක් ගෙනෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ. Phoneය වෙතටම සම්බන්දව පැමිනෙනමෙම NFC හැකියාව ඔස්සේ  POS terminalයක් වෙතට ලංකිරීමෙන් පමනක් තම ගෙවීම් සිදුකරන්නට හැකිවනු ඇති බවට විස්තර කෙරෙනවා. මෙම payment platform ය භාවිතාකරන්නන් අතර වඩාත් ප්‍රචලිතවනු ඇති බවට අනාවැකි පලවෙමින් තිබෙනුද දක්නට ලැබෙනවා. එලබෙන Tuesday වටල සැලසුම්ව ඇති ඇපල් මාධ්‍ය හමුවේදී මේ පිලිබදව වැඩි දුර තොරතුරු නිවේදනය වනු ඇත.

2014-07-08

Apple තම iOS 8 හා OS X 10.10 සදහා තෙවන බීටාව නිකුත්කරයි!!!!

 සාර්තක මෙහෙයුම් පද්ධතියක් සදහා පෙර සංස්කරන කිහිපයක් පසුකරන්නට සිදුවීම සාමාන්‍ය  කරනාවකි. ඇපල් ආයතනය ඊයේ නිවේදනය කර සිටියේ තම මීලග මෙහෙයුම් පද්ධති සංස්කරන  දෙක සදහා වන තෙවන බීටා සංස්කරන නිකුත්කරන බවකි. ඒ අනූව  iOS 8 හා  OS X 10.10 සදහා නිකුත්වන beta 3 සංස්කරන App Store වෙතින් දැන් ලබා ගත හැකි බවට නිවේදනය වනවා. මෙම සංස්කරනය ස්තාපනයේදී භාවිතාකරන්නෙකු තම ප්‍රධාන පරිගණක ඒ සදහා යොදා ගැනීම නොගැලපෙන කටයුත්තක් මෙන්ම අනතුරුදායක පියවරක් ලෙසට පිලිගැනෙන්නේ එය නිකුත්වන්නේ සීමිත කාලයක් සදහා වන අතර ආයතනය පූර්න විස්වාසයක් තබන සංස්කරනයක් ලෙසට එය නොපිලිගන්නා බැවිනි.
                              Apple ආයතනය පසුගිය WWDC වලදී හඳුන්වා දුන් පරිදි නව සංස්කරනය සමග 'dark mode' අංගය මෙන්ම multi-monitor සහය සංක්‍රියව ඇති අතර multi-monitor සහය සමග පහසුවෙන් වෙන වෙනම monitor වල adjust හැකියාව දියුනු කර තිබෙනවා. එසේම  iOS 8 beta 3 සමග wi-fi calling හැකියාව පැමින තිබෙනවා. ඇපල් ආයතනය මෙම සංස්කරන දෙකෙහි අවසාන සංස්කරන මෙම වසර අවසානය වන විට නිකුත් කරන්නට සැලසුම්ව ඇති අතර එයත් සමග Apple වල mobile හා desktop යන platforms දෙක සදහා නවාංග කිහිපයක් ‍රැගෙන එනු ඇති බවට බලපොරොත්තු ලබා දී තිබෙනවා.

2014-06-23

Apple හි iWatch පැමිනීම "Sport" හා "Designer" ලෙසට මෝස්තර දෙකකිනි.....

 හදාරන්නන් අතර පැමිනෙන්නට නියමිත Apple හි iWatch සදහා යොමුව ඇත්තේ දැඩි අවධානයකි. එහි නිමැවුම, මිල ගනන් මෙන්ම සංස්කරන කොපමනකින් පැමිනේද වැනි බොහෝ කරුනු කාරනා දෙසට ඔවුන් විමසිල්ලෙන් සිටිති. නොනිල එනම් නිල ලෙසට තහවුරු නොවුනු මුත් පිලිගත හැකිමට්ටමේ තොරතුරු පවසන්නේ මෙම උපාංග ප්‍රධාන ලෙසින් සංස්කරන දෙකකින් පැමිනෙන්නට නියමිත බවකි. අත්හදා බැලීමේ මට්ටමින් තිබෙන අවකාශයන්ගෙන් හෙලිවන තොරතුරු ලෙසට පැවසෙන මෙම හෙලිවීම් පවසන්නේ  මෙම උපාංග "Sport" මෙන්ම "Designer" ලෙසට නම්වන සංස්කරන ලෙසට පැමිනෙනු ඇති බවකි. මෙම Sport මෝස්තරයේදී නිමැවුම වඩාත් ඔරොත්තු දෙන ආකාරයට හතැ‍රැස් හැඩැතිව පැමිනෙන අතර Designer සංස්කරනය රවුම් හැඩැති සිත්ගන්නා සුලු පෙනුමකින් යුතුව පැමිනෙන්නට නියමිත බවටයි හෙලි වෙමින් ඇත්තේ. 8GB දත්ත ගබඩා හැකියාවක්ද සමග පැමිනෙන්නට නියමිත මෙම නිකුතූන් සමග අදාල භාවිතාවට වඩාත් අවශ්‍ය සංවේදක ඔස්සේ භාවිතාකරන්නාට වඩාත් ඵලදායී ලෙසට වනු ඇති බවට තොරතුරු හෙලි වනවා. උදාහරනයක් ලෙසට Sports සංස්කරනය blood pressure, heart rate, body temp වැනි තොරතුරු ලබාදෙන සංවේදකවලින් සමන්විතවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මෙම නිකුතූන් නිල ලෙසට නිවේදනයවීම මෙම වසරේ ඉදිරිකාලයට නියමිතව ඇති අතර ඒවා තොරාගත හැකි ආකාර කිහිපයකින් වන Screen හා sizes වලින් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුව වනවා.

2014-06-21

iWatch පිලිබදව තව තොරතුරු හෙලි වෙමින් ඇත....

  කාලයක සිට අවධානය දිනාගෙන තිබූ iWatch නිකුතුව ඔක්තොබරය වන විට සිදුවීමට ඉඩ ඇති බවට මේ වන විට තොරතුරු පලව ඇති අතර මීට අමතරව නව තොරතුරු ක්‍රමයෙන් මාධ්‍ය වෙතට හෙලි වෙමින් තිබෙනවා. පලවන නවතම නිල නොවන තොරතුරු පවසන්නේ මෙය එක් සංස්කරනයකට වඩා සිදුවිමට ඉඩ ඇති බවයි. "slightly rectangular" හැඩයෙන් මෙන්ම  2.5-inch display එකකින් සමන්විතව පැමිනෙන්නට නියමිත එය විවිධ සංස්කරන යටතේ විවිද ප්‍රමානයේ display මෙන්ම තොරාගත හැකි sensors රාශියක් සමග සැකසෙන බවටයි දැක්වෙන්නේ.  Samsung Gear සමග තරගකාරී නිපැවුමක් ලෙසට පැමිනෙන්නට නියමිත එය එහිදීට වඩා වැඩි ක්‍රියාකාරීත්වයන් ‍රැගෙන එම තුලින්ද වෙළඳ පොල තුල ස්ථාවරවීමට සැලසුම් වෙමින් ඇති බවටයි හෙලි වන්නේ. ඉහත පැවසෙන sensors දහය සමග භාවිතකරන්නාගේ හදවත් ස්පන්දනය blood pressure monitoring ඇතුලු ඔහුගේ සෞක්‍ය ජීවිතය විමසෙන පහසුකම් වඩාත් සිත්ගන්නා සුලුවනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.

2014-06-20

iwatch පැමිනීම ඔක්තොබරයේ සිදුවේවි...

  ඇපල් ඇතින් පැමිනෙන්නට නියමිත iWatch පිලිබදව මෑත කාලාන්තරයක සිට කථාබහට ලක් වෙමින් තිබේ. පලවන නවතම තොරතුරු හෙලි කරසිටින්නේ 2.5 inchක දර්ශන මුහුනතක් සමග wireless charging පහසුව මෙන්ම touch friendly නිමැවුමකින් එය මෙම වසරේ ඔක්තෝබරය වන විට නිකුත්වන්නට සැලසුම් වෙමින් ඇති බවකි. තායිවාන Quanta Computer ආයතනයේදී ජූලිමාසය වන විට නිෂ්පාදනය ඇරබීමට සැලසුම්ව ඇති මෙහි පලමු වසර සදහා මිලියන 50ක් නිකුත්කරන්නට බලාපොරොත්තුවන බවකි. LG වෙතින් නිමවන screenය මද හැඩැති බවකින් හා සංවේදක කිහිපයකින් සමන්විතව පැමිනෙන මෙම උපකරනය සමග භාවිතාකරන්නාගේ pulse මිනිය හැකි සංවේදකයකින්ද සම්න්විත වනු ඇති බවටයි  නිවේදනය වන්නේ.
      iOS සංස්කරනයකින් ක්‍රියාත්මක වන මෙය  iPhones හා  iPads සමග සහයෝගයෙන් කටයුතු කරන්නට සූදානම්ව පැමිනෙන අතර පෙර නිකුත්ව ඇති ස්මාර්ට් watch සමග සැලකීමේදී වඩාත් අපූරු අත්දැකීමක් මෙන්ම භාවිතාකරන්නන්ගේ වැඩි අවධානයක් දිනා ගන්නා නිකුතුවක් වීමේ බලාපොරොත්තුව ආයතනය දෙසින් මේ වන විටත් පලව ඇති බවයි දැක්වෙන්නේ.

2014-06-02

Apple හි WWDC 2014 ඇරබීමට සූදානම්. iPhone සදහා නව intelligent case එකක් නිකුතුවට තව සමාගමක් සූදානමින්!!!

  ලොව තොරතුරු තක්ශනය හා කටයුතු කරන ප්‍රධානතම ආයතනයක් ලෙසට ගැනෙන Apple ආයතනයේ 2014 වාර්ෂික සංවර්ධකයන්ගේ හමුව මේ වන විට ඇර බෙන්නට ඇත්තේ සුලු කාලයක් පමනී. මෙවර  Apple හි  WWDC 2014 හමුව දෙසට හදාරන්නන්ගේ දැඩි අවධානයක් යොමුව ඇති අතර ඔවුන්ගේ වැඩි බලාපොරොත්තුවක් තබා ඇත්තේ මෘදුකාංගමය වෙනස්කම් අතින් මෙම මෙවර හමුව වඩාත් කැපී පෙනෙනු ඇති බවයි. බොහෝ නව යාවත්කාලීන ප්‍රමානයක් සමග Apple ආයතනය OS X සමග මෙන්ම iOS තුලට වඩාත් සිත්ගන්නා සුලු වෙනස් කම් රාශියක් ‍රැගෙන එනු ඇති බවටයි අනාවැකි පල වෙමින් ඇත්තේ. 
                  නොනිල ලෙසට දැනට පලවන තොරතුරු හෙලිකර සිටින්නේ Mac OS X සදහා නව flat ආකාරයේ පෙනුමක් පැමිනෙන්නට නියමිත අතර නව OS X හා iOS අතර පෙනුමෙහි වඩාත් සමාන බවක් ගන්නා බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා. එහිදී OS X සදහ නව  dock, Control Centre හා notifications pane එකක් පැමිනීම බලාපොරොත්තු වෙනවා.මේ අතර යූක්ක්‍රේනය මූලික සමාගමක් විසින් i phone සදහා  intelligent case එකක් නිකුතුවට සුදානම් බවට ප්‍රකාශවන අතර එහිදී දුරකථනය වෙතට ඇමතුමක් හෝ Text පනිවිඬයක් පැමිනෙන්නට පෙරම ඒ පිලිබදව භාවිතාකරන්නා වෙතට දැනුම්දීමක් සිදුවන ආකාරයට එය ක්‍රියාත්මක බවටයි සදහන් කරන්නේ. මෙම දුරකථන කවරයේ පි‍ටුපස මුහුනත ඔස්සේ සිදුවන මෙම icon lights දැල්වීමෙන් කෙරෙන දැනුම් දීම සදහා දුරකථනය තම ජාලය සමග වන සබදතාවය ඔස්සේ වන excess energy වලින් මෙම ක්‍රියාත්මක වීමට හැකිවන ලෙසට එය නිමා ඇති බවටයි එම ආයතනය පවසන්නේ. තවමත් මෙම  පහසුව iPhone 5, 5S හා 5C සදහා පමනක් සූදානම්ව පැමිනෙන්නට නියමිත මුත් ඉදිරියේදී වැඩි පහසුකම් සමග වැඩි සංස්කරන ප්‍රමානයක් සමග ක්‍රියාත්මක වන්නට සූදානම්ව නිකුත්කරන්නට බලාපොරොත්තුවන බවටයි එම ආයතනය පවසන්නේ.

2014-05-05

iOS 7 වල email attachments සදහා unencrypted තත්වයේ ගැටලුවක් හදුනා ගැනේ!!!!

   ඇපල්හි iOS 7 mobile operating system වෙතින් හදුනා ගන්නා නවතම දුර්වලතාවයක් ඔස්සේ එම උපාංගයකින් යවන email attachments වල unencrypted තත්වයේ පවතින බවකි. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ iOS 7's වල 'Data Protection' අංගය සංක්‍රීයව පවතින අවස්ථාවල් වලදී පවා මෙම තත්වය පවතින බවකි. Germany ආයතනයක හදාරන්නෙකු හදුන ගෙන ඇති මෙම දුර්වලතාව නිසා බාහිර පාර්ශවයකට එම ඇමනුම් වලට අනවසර එබී බැලීමකට අවස්ථාව ඇති බවටයි තහවුරු කෙරෙන්නේ.  iPhone 5s හා  iPad 2 වැනි සංස්කරන වලට කල අත්හදා බැලීම් වලද මෙම දුරවලතාවය දක්නට ලැබූ බවට ඔවුන් වාර්ථා කරන අතර ඇපල් ආයතනය වෙතට මේ පිලිබහ්ඩව දැනුවත්කිරිම්ම් කල බවට වාර්ථාවනවා. මෙම මෙහෙයුම් පද්ධතිය වෙතට නිකුත්වූ iOS 7.1.1 යාවත්කාලීන සමගද මෙම ගැටලුව නොවිසදී පවතින බවට වාර්ථා වන අතර ඇපල් ආයතනය ගැටලුව හදුනා ගනිමින් සිටින බවටත් ඉදිරියේදී යාවත්කාලීනයක් නිකුත් කිරීමට කටයුතු කරන බවටත් වාර්ථාවනවා.


2014-03-18

iPhone 6 පිලිබදව නොනිල තොරතුරු කිහිපයක් හෙලිවේ!!!!

  කෙමෙන් iPhone 6 සංස්කරනය පිලිබදව තොරතුරු නොනිල මට්ටමෙන් හෙලි වෙමින් පවතිනවා. Apple ආයතනයේ ඉදිරි නිකුතූන් පිලිබදව සාර්ථක අනාවැකි පලකිරීම පිලිබදව අවධානයක් ලබා සිටින Dickson වෙතින් පලවන නවතම තොරතුරු හෙලි කරන්නේ නව් දුරකථනය අඟල් .22 ක් එනම් 5.5mm ඝනත්වයකින් යුතුව "ultra-retina" ස්ක්‍රීනයකින් යුතුව එනම්  iPhone 5S' සමග පැමිනි 326 ppi වලට වඩා වැඩි 389 ppi  හැකියාවක් සමග පැමි නෙන්නට නියමිත බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ Apple ආයතනය නව දියුනු කරන ලද  pixel technology එකක් සමග පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වන මෙම දුරකථනය 2.6Ghz වේගයක් සහිත A8 ප්‍රොසෙසරයකින්ද සමන්විත වනු ඇති බවටයි බලපොරොත්තුවන්නේ. කෙසේ වෙතත් Apple වෙතින් නිල ලෙසට iPhone 6 පිලිබදව නිල නිවේදනය වීමක් සදහා තවත් කාලය ගතවනු ඇති බවටයි හදාරන්නන් බලාපොරොත්තු වෙමින් ඇත්තේ.

2014-03-11

iOS 7.1 නවාංග කිහිපයක්ද සහිතව නිකුත්වේ!!!!

  Apple ආයතනය තම iOS 7 මෙහෙයුම් පද්ධතිය සදහා ප්‍රධාන යාවත්කාලීනය iOS 7.1 නමින් අද නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවා. හදුනාගෙන තිබූ දුර්වලතා කිහිපයකට පිලිසකර සමග UI සදහා දියුනු කිරීම් කිහිපයක් ප්‍රමුක කාරනා කිහිපයක් සහිත මෙම නිකුතුව පසුගිය නොවැම්බරයේ දී සංවර්ධකයන්ට නිකුත්කරන ලද අතර iOS 7 සමග වූ දුර්වලතා සැකසීම සදහා සෑහෙන කාලයක් වැයකරන ලද නිකුතුවක් ලෙසටයි සැලකෙන්නේ. මෙම  නිකුතුව සමග නව shutdown slider පහසුව වේගවත් animations දියුනු කිරීම් මෙන්ම app ක්‍රියාත්මක වීමේදී වැඩි වේගයක් සමග වෙගවත්කල  multitasking හැකියාවක් පිලිබදව නිවේදනය කර සිටිනවා.
                      CarPlay සමග iPhone භාවිතාකරන්නෙකුට තම Car එකෙහි dashboard display සමග සම්බන්දව කටයුතු කිරීමේ හැකියාව ලැබෙන අතර දැනට ‍තෝරාගත් මොස්තර කිහිපයක් සමග කටයුතු කරනු ඇති බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ.එසේම carplay සමග Siri පහසුවද සමන්විතව පැමිනෙනු ඇති බවටයි පවසන්නේ. එය වඩාත් පැහැදිලි කරන ඔවුන් ගෝශාකාරී පරිසරයකදී වුවත් භාවිතාකරන්නාගේ කටහඬ හදුනා ගැනීම් අපහසු වන විට manually control වෙතට පහසුවෙන් පිවිසීමේ හැකියාව වඩාත් දියුනු කර ඇති අතර natural-sounding voices සදහාද දියුනු කිරීම් වන බවටයි නිවේදනය කරන්නේ.
                            මීට අමතරව Music හා  Calendar apps වලට  ගෙනවිත් ඇති දියුනු කිරීම් මෙන්ම  now playing screen වල සිටම ගීත මිලදී ගැනීමේ හැකියාවත් ගෙනවිත් ඇති අතර පසුගිය කාලය මුලුල්ලේ සිටම home screen වල වූ crashes තත්වය පිලිසකර කිරීම් සදහන් වනවා.  iOS 8 සදහා සංවර්ධකයන් සදහා නිවේදනය වීම එලබෙන ජූනි වල සිදුවෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

2014-03-01

Android ද නැතිනම් iOS ද යන්න විමසන්නට සහය සටහනක්

 වෙළඳ පොල තුලදී ස්මාර්ට් මට්ටමේ දුරකථනයක් තොරාගන්නට යාමේදී හමුව ගැටලු අතර iOS ද නැතිනම් Android ද යන්න සුලබව හමුවන ගැටලුවකි. මිළ පිලිබදව සාධකය නොසලකමින් උපාංගයේ භාවිතාවන මෙහෙයුම් පද්ධතිය පිලිබදව විමසන විටදී වැදගත්විය හැකි කාරනා කිහිපයක් සලකා බලන්නට මෙම සටහනේදී උත්සාහ කරමු. 2007දී iPhone සමග හදුනවා දුන් iOS මෙහෙයුම් පද්ධතිය  මේ වන විට Apple ආයතනයේ iPod , iPhone , iPad පමනක් නොව Apple TV සමගද භාවිතයට පැමින ඇත. දෘශ්‍යව මෙන්ම ක්‍රියාකාරකම් අතින්ද වන දියුනු කිරීම් රාශියක් සමග සිත්ගනා සුලු iOS 7 සංස්කරනය මේ වන විට භාවිතාවේ ඇති නවතම සංස්කරනය වේ.
                       Linux මත පදනම්ව නිර්මානය වන Android මෙහෙයුම් පද්ධතිය Google යටතේ සංවර්ධනය වෙමින් ලොව වැඩිම භාවිතයක් ලබන මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට ඇති අතර නොමිලේ භාවිතාකල හැකි වඩාත් විවෘත ආකාරයේ මොබයිල් මෙහෙයුම් පද්ධතියක්ව එය පැමින ඇත. Android 4.4 නැතිනම්  Kit-Kat එහි නවතම සංස්කරනය නම් වන අතර Samsung , HTC වැනි මොබයිල් දුරකථන සමාගම් බොහොමයක් තම නිෂ්පාදන සදහ මෙම මෙහෙයුම් පද්ධතිය යොදා ගනිමින් සිටී.
                       සාමන්‍ය භාවිතාවේදී iOS සරල පහසු භාවිතාවකට සූදානම් මෙහෙයුම් පද්ධතියක් ලෙසට පිලිගැනෙන අතර වැඩි තාක්ශනික දැනුමකින් තොර භාවිතා කරන්නන් සදහා උවත් අපහසුවකින් තොරව භාවිතාකිරීමේ හැකියාව එහි කැපී පෙනෙන ලක්ෂනයකි. Android සැලකීමේදී සාමාන්‍ය මට්ටමේ භාවිතාකරන්නන් සදහාද මිත්‍රබව  නොවඩුව පැවතුනද සමහර සැකසුම් සදහා වඩාත් දැනුමැති භාවිතාකරන්නෙකු අවශ්‍යවීම දැකිය හැකි බව පිලිගැනීමකි. මෙම මෙහෙයුම් පද්ධතීන් දෙක සදහාම මූලික මෙහෙයුම් පද්ධතිය සමග එන පහසුකම් වලට අමතරව හැකියවන් එකතුකර ගැනීමේදී අදාල app store වෙතට පිවිසෙන්නට වන අතර ඒවායේදී මිලදී ගත යුතු හා නොමිළේ වන app ලබා ගැනීම ඔස්සේ දුරකථනයේ මෘදු හැකියාව වඩාත් දියුනු කර ගැනීමෙ අහැකියාව භාවිතාකරන්නා හට ලැබේ. සමස්තයක් ලෙසට සැලකිමේදී මෙම මෙහෙයුම් පද්ධති දෙකම icon මූලිකව ක්‍රියාත්මක වන touch මිත්‍ර මුහුනතකින් සමන්විතව පැමින ඇත. මෙම මොබයිල් මෙහෙයුම් පද්ධති දෙක සමගම මූලික මට්ටමේ භාවිතාවන් පැමින ඇති අතර සමහර විටක පමනක් ඒ දෙකෙහි වෙනස් ආකාරයේ පහසුකම් හැකිය. screencast වැනි පහසුවක් සදහා Android වලදී USB කේබලය පමනක් සෑහුනද iOS වලදී Adaptors දෘඩාංගයක් අවශ්‍යවීම වැනි සමහර අවශ්‍යතාවයන් සදහා වෙනස්කම් දැකිය හැකිය. තවත් විටක iOS වලදී offline ආකාරයේ Command ලබාදෙන්නට හැකි වුනද Android වලදී අන්තර්ජාල සබදතාවය අවශ්‍යවීම දැකිය හැකිය. තවද Kit-Kat වලදී Hangouts වැනි භාවිතාව්කදී Google ගිනුම් සමගද ක්‍රියාත්මක වීමේදී අනවශ්‍ය ප්‍රමානයට පෞද්ගලික තොරතුරු හෙලිවන බවට වන චෝදනාව වන නමුත් iOS වලදී එවැන්නක් සිදුනොවන ප්‍රාථමික ආකාරයේ Messaging හැකියාවක් ලැබ්නු ඇත. smartphone භාවිතාවේදී Email සදහා වැඩි අවධානයක් ඇති අතර මෙම මෙහෙයුම් පද්ධති දෙක තුලම කැපී පෙනෙන ආකාරයේ වෙනස්කම් දක්නට නොවුනද iOS වලදී auto-fill හැකියාව වැඩි පහසුවක් ගෙනෙනු දැකිය හැකිය එසේම එහි වන  unified mailbox සමග වඩාත් පහසු ඉමේල් භවිතාවක් ලැබෙනු ඇත
        ආරක්ශිත බව සැලකීමේදී Android වල වන open බව හානිකරන්නන්ගේ වැඩි අවධානයක් ලබන්නට අවස්ථාවක් වී ඇති අතර  බාහිර app ස්ථාපනයට iOS වල වන අපහසු වාතාවරනය වැඩි ආරක්ශක බවක් ගෙනෙනු දැකිය හැක. සරලව පිලිගැනීම වන Android සදහා security app එකක අත්‍යවශ්‍ය බව iOS සදහා එතරම් තදින්ම නොවීමට පෙර කී හේතූන්වල අමතරව Android වල බහුල භාවිතාවද හේතුවකි. Apple ආයතනය තම app store වලට පැමිනෙන app සදහා තරමක දැඩි පිරිස්සුමකින් අනතුරුව අවසර ලබාදෙන මුත් පිලිගැනීම වන්නේ Android වලදී එතරම්ම සැලකිලි මත් නොවන බවකි. මෙහෙයුම් පද්ධති දෙක සදහාම මේ වන විට උපාංග අස්ථානගත වීමකදී ඒවා නැවත සොයා ගන්නට සහයවන app පහසුවක් ලැබී ඇත.
          දෘඩාංග මට්ටම සැලකීමේදී iOS වල වැඩි සහයක් ලැබෙන්නේ අභ්‍යන්තර කොටස් එකිනෙක වඩාත් සුමටව ක්‍රියත්මක වන සේ නීමවා තිබීම ලෙසට සැලකෙන අතර Android වලදී විවිධා නිෂ්පාදකයන් ඔස්සේ පැමිනෙන විට සමහර විටකදී ඔවුනගේ අභිමතය අනූව මුල් මෙහෙයුම් පද්ධතිය සංස්කරනයවීම වැනි තත්වයන් ඔස්සේ මෙහෙයුම් පද්ධතියේ ඒකමිතික බව සැලකීමේදී iOS ඉදිරියෙන් සිටිනු දැකිය හැකිය. උදාහරනයක් ලෙසට iOS සදහා එන නව සංස්කරනයක් පෙර දුරකථන සදහාද පහසුවෙන් වලංගුවන අතර Android වලදී විවිධ නිෂ්පාදකයින්ගේ අතර මැදිවීම්ද අවශ්‍ය නිසා කල්ගතවනු දැකිය හැකිය. මේ බව පැහැදිලි කෙරෙන හොඳම උදාහරනය වන්නේ මේ වන විට iOS උපාංග අතරින් සියයට 80ක් එහි නවතම සංස්කරනය භාවිතාවන මුත් Android සැලකීමේදී තවමත් එම උපාංගවලින් සියයට 5ක් පමනක් එහි නවතම සංස්කරනය වන Kit-Kat භාවිතාකරමින් සිටීමය.

2014-02-18

i Watch සමග භවිතාකරන්නන්ගේ health ගැන වැඩි අවධානයක් වේවි!!!!

  මෙම වසරේ තොරතුරු ලෝකයේ වඩාත්ම ආකර්ශනීය බලපොරොත්‍ටුවක්ව ඇත්තේ iWatch නිකුතුවයි. සියලුම පාහේ පරිගණක උපාංග නිපදවන්නන් අතර wearable technology සදහා වැඩි අවධානයක් යොමුව ඇති අතර ඇපල් ආයතනයේ ප්‍රධා විධායකය ගෙවුනු වසර අවසානයේ තම සේවක මහතුන් වෙතට නිකුත්කල e-Mail සටහන තුලද 2014 තම ආයතනයෙන් නිකුත්වන තීරනාත්මක wearable technology අඩංගු උපාංග පිලිබදව පැහැදිලිව ඉගියක් තිබෙන බවටයි විචාරකයින් සදහන් කලේ.
                පලවන නවතම තොරතුරු පවසන්නේ Apple ආයතනය මෙම Wearable technology සදහා heart attack පෙර නිගමනය කල හැකි ආකාරයේ තාක්ශනයක් මුසුකරන්නට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි. audio division ප්‍රමුකව සිදුවෙමින් ඇති මෙම දියුනු කිරීම් වලදී wrist ඔස්සේ සිදුවන blood vessels වල හඬ හදුනා ගැනීම ඔස්සේ මෙම තාක්ශනය දියුනු කරමින් සිටින බවයි. iOS 9 සමගද වැඩි දියුනුකල සෞක්‍ය වෙතට වැඩි අවධානයක් ලබා දෙන නව app කිහිපයක්ම පැමිනෙන්නට සූදානම් බවට වූ ඉගියද මෙ බවට තවත් සාක්ශියකි. Apple ආයතනය iPhone 5s තුලට M7 motion co-processor ඇතුලුකිරීමත් සමග භාවිතාකරන්නන්ගේ චලනයන් පිලිබදව වඩාත් තොරතුරු ‍රැස් කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවට බලාපොරොත්තුවන අතර Apple's engineering team වෙතට මෙම ක්ශේත්‍රයේ විද්වත්මට්ටමේ හදාරන්නන් කිහිපදෙනෙක්ම කැදවා තිබීමද මේ පිලිබදව වැඩි අනාවැකි පැමිනීමට හේතුවක්ව තිබෙනවා.හදාරන්නන් බලාපොරොත්තුවන්නේ මෙම වසර අවසානයේ iWatch පැමිනීම සිදුවනු ඇති බවයි.

2014-02-07

Android ධාවනය වන Apple දුරකථනයක්????

  Samsung ආයතනය ලොව ප්‍රධානතම smart phone නිපදවන්නා බවට පත්වෙමින් සිටියද Apple ආයතනය තම අනන්‍යතාවයස් සමග තවමත් තම වෙළඳ පොල තුල හොඳින් ලාබ ලාබ ලබමින් සිටින සමාගමක් ලෙසටයි පිලි ගැන්නෙන්නේ. එනමුත් Apple ආයතනයේ සමනිර්මාතෲ වරයෙකු වන Steve Wozniak මහතා පවසා සිටින්නේ තම ආයතනය වෙතින්ද Android දුරකථන වෙළඳ පොල වෙතට පිවිසීමක් කලයුතු බවකි. ඔහු පවසන්නේ එසේ නොකිරීම තම ආයතනයට පවතින අවස්ථාවක් අහිමිකර ගැනීමක් වන බවයි. ඇපල් ආකාරයේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වෙතට භාවිතාකරන්නන් කැමත්ත ගැන ඔහු විස්වාසය පලකරමින් ඔහු එහිදී අදහස් දක්වන්නට කටයුතු කල බවයි වාර්ථා වන්නේ. එහිදී ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පවස සිටියේ ස්ටීව් ජොබ්ස්ද එදා සෝනි  Vaio notebooks මත තම මෙහෙයුම් පද්ධතිය ධාවනය වනවාට කැමැත්තෙන් සිටීම සිහිපත්කරමින් තම මෙහෙයුම් පද්ධති පිටස්තර ආයතනයක දෘඩාංග මත ධවනය වීම වාගේම බාහිර මෙහෙයුම් පද්ධතියක් තම දෘඩාංග මත ධාවනය වීම ගැටලුවක් නොවන බවට අදහස් පලකරමින් සිටියා.

2014-02-03

iPod සමුගැනීම ඇරබෙමින් ඇත

  Apple ආයතනය තම iPod හදුන්වාදීමේදී සිට සැලකීමේදී එම උපකරන මිලියන 400ක් පමන මේ වන විට අලවි කොට ඇති බවටයි ගනනය වන්නේ. වසර 2001දී සිදුවූ හදුන්වා දීමෙන් අනතුරුව මාසිකව මිලියන ගනනක් භාවිතාකරන්නන් අතට පත්වෙමින් ඔවුනගේ ඔවුන්ගේ ජීවිතයේ වෙනස්තම අත්දැකීමක් ‍රැගෙන එන්නට ක්‍රියාකල උපාංගයක් ලෙසට පිලිගැනෙන එය තොරතුරු ලෝකයට මෙන්ම සංගීත රසස්වාදනය ප්‍රියකරන අය වෙතටද අපූර වෙනසක් ගෙන ආ උපාංගයක් ලෙසටයි මෑත අතීතය තුල සටහන් ව ඇත්තේ. පලවන නවතම වාර්ථා පවසන්නේ ක්‍රමයෙන් iPod වෙලඳ පොල මියැකෙමින් පවතින බවයි. 2013 අවසාන කාර්තුව සැලකිමේදී පෙර වසරේ සමාන කලයට සාපේක්ශව 50% අලවිය පහත වැටීමක් සිදුව ඇති බවට වාර්ථාවන අතර ස්මාර්ට් දුරකථනා ආදී උපකරනවල භාවිතය බහුලවීම මීට ප්‍රධාන හේතුවක් වෙමින් ඇති බවටයි හදාරන්නන් පවසන්නේ.
              ස්ටීව් ජොබ්ස් විසින් නිර්මානය කරනලද තාක්ශනිකව ඉදිරියට පොලාපැනීමත් මටසිලු‍ටු  ආකර්ශනීය නිමාවත් එක්තැන්වූ නිමැවුම් පෙලක ඇරබුමක්වූ එය ගෙනෙන ලද වෙනස  වෙළඳ නාමයක් ලෙසට මිනිසුන් හමුවේ බරපතල සටහනක් තබන්නට පටන් ගත් අතර තොරතුරු තාක්ශනය කෙරෙහි අදත් පවතින ප්‍රබෝධයේ පෙර ගමන් කරුවෙකු ලෙසට හදාරන්නන් පිලිගන්නා ලද නිකුතුවක් ලෙසට එය ඉතිහාසයතුල සටහන් වනු ඇත.

2014-01-28

solar panal සහිත dual display ඇපල් Macbook පරිගණකය

  solar panal සහිත dual display ඇපල් Macbook පරිගණකය තවම ඇත්තේ සංකල්ප මට්ටමේ බවටයි වාර්ථා වෙන්නේ. දැනටමත් patent හිමිත්වය ලබා ගෙන ඇති මෙම පරිගනකයේ අභ්‍යන්තර display මුහුනත සාමන්‍ය ආකාරයට ක්‍රියාත්මක වන අතර පිටත මුහුනත සොලර් පැනලය සහිතව නිර්මානය වන අතර අවශ්‍ය නම් එය ටැබ්ලට් මුහුනතක් ලෙසටද භාවිතාකරන්නට හැකි වනු ඇති බවටයි සටහන් වන්නේ. එය ස්පර්ශක මිත්‍ර තිරයක් ලෙසට ක්‍රියා කරනු ඇත. බල කාර්යක්ශමතාවය සැලකීමේදී ඉදිරියෙන් සිටින මෙම සංකල්පය සතුව පවතින තාක්ශනික දියුනුකිරීම් කිහිපයකම අවශ්‍යතාවය ඔස්සේ සැලකීමේදී මෑතකාලීනව බලා පොරොත්තු විය නොහැකි බවට සැලකෙන මුත් බොහෝ පරිගණක නිෂ්පාදන ආයතනයන්ගේ අවධානය ලබා ගන්නා මට්ටමක පවතින නිර්මාණයක් ලෙසටයි විචාරක මතය වන්නේ.

2014-01-26

ඇපල් ඇතින් විස්මිත iWatch එකක් පැමිනේවිද????

  සියලුම පාහේ ප්‍රධාන දත්ත උපාංග සමාගම් ස්මාර්ට් මට්ටමේ අත් ඔරලෝසුවක් නිපදවීම පිලිබදව පසුගියකාලයේ සිට දැඩි අවධානයෙන් කථා කරනු දැකිය හැකි විය. ඉන් සමහර ආයතනයන් දැනටමත් තම නිෂ්පදයක් වෙළ්ඳ පොලට ඒවන්නට කටයුතු කර ඇති අතර තවත් ආයතනයන් ඒ සදහා කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. මේ තර ඇපල් ආයතනයද "iWatch" නමින් තම ස්මාර්ට් මට්ටමේ අත් ඔරලෝසුව පිලිබදව සංකල්පයක් ඉදිරිපත්කර තිබූ මුත් තවමත් අවසාන නිෂ්පාදනයක් පිලිබදව හෝඩුවාවක් ලබාදී නැත. ඇපල් ආයතනය්යේ CEO වරයා 2013 වසර අවසාන ලිපිය සේවක මහතුන්ට යවමින්ද 2014 පුදුම කරවන සුලු තම නිකුත්කිරීම් පෙලකට සූදානම් වන ලෙසට දන්වා සිටින ලදී.
        ඇපල් ආයතනයට සම්බන්දිත නිර්මන කරුවෙකු iWatch සදහා නිර්මාන සටහනක් නිර්මානය කරන්නට කටයුතු කර ඇති අතර එය ඇලුමේනියම් හා වීඳුරු සැකසුමක් සහිත බවටයි දක්වා සිටින ලද්දේ. ඔහු තම නිර්මානය සමග Music app , phone call , lock screen , home screen මෙන්ම ෆ්itness app ආදිය නිරූපනය වන සේ තම නිර්මානය කර තිබෙනු පෙනෙන්නට වූ අතර සමහර විටක ඇපල් ආයතනය තුල සංවර්ධනය වෙමින් තිබෙන සැබෑ iWatch නිපැයුමට එය කිට්‍ටු එකක විය හැකි බවටද විචාරකයින් සැක කරනු දැකිය හැකි විය. icone  භාවිතවේදී iphone වලට සමාන ආකාරයට එය නිර්මානය කරන්නට කටයුතු කොට තිබූ අතර Siri ආදී එම ආයතනය ආවේනික පහසුකම් අවදිකරන්නට අවශ්‍ය icon එහි දක්වා තිබිනි. සිදුවිය නොහැක්කක් ලෙසට සමහර විචාරකයින් කරුනු දක්වන මෙම නිමැවුම් පිලිබදව තවත් සමහර විචාරකයින් කියන්නේ ඇපල් සමාගම මුල් ස්වභාවයෙන්ම සුදුවිය නොහැකි යැයි පිලිගෙන තිබූ අපූරු දෑ ලොවට ගෙනෙන්නට නිර්මානය වූ සමාගමක් බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...