2014-04-30

Facebook පසුගියදා Moves fitness tracking app එකක් මිලදී ගැනීමක!!!!

  තොරතුරු තාක්ශන ලෝකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ දත්තය. හැකිතාක් එකතුවන දත්ත මතින් නිර්මානය කර ගන්නා තොරතුරු ඔවුනගේ ප්‍රථිපල වේ. ඔබගේ වෙබ් සැරිය , සමාජ ජාලා හැසිරීම් මෙන්ම මිලදී ගැනීම් යනෙන ස්ථාන පිලිබද නිරන්තරයෙන් අවදියෙන් සිටින්නට ඔවුන් කටයුතු කරනුයේ එබැවිනි. පසුගිය දා Facebook වෙතින් වාර්ථා වූවේ ඔවුන් ProtoGeo Oy හා එම ආයතනයේ දියුනු කිරීමක් වූ Moves fitness tracking app එකක් මිලදී ගැනීමට කටයුතු කල බවයි. මෙම aep මෘදුකාංගය සමග එය රදවා ඇති ජංගම උපකරනය ‍රැගෙන යන්නා ඇවිදින , දිවයන පමනක් නොව වාහනයක ගමන් ගන්නා දුරවල් හා ගතවන කාල වේලාවන් පමනක් නොව එවා සමග දවනු ලබන කැලරි ප්‍රමානය දක්වා හදාරන්නට හැකි බවටයි වාර්ථා වන්නේ. 
                  දැනට දැක් වෙන අදහස් වලට අනූව විස්තර වන්නේ මෙම දත්තයන් Facebok අඩවිය වෙතට ලබා ගැනීමට කටයුතු කරන අතර එය stand-alone application එකක් ලෙසට භාවිතාකරන්නා හට පමනක් සේවය ලබා දෙන අංගයක් වනු ඇති බවයි. මයික්‍රසොෆ්ට් ආයතනයද පසුගියදා වාර්ථා කලේ මේ ආකාරයේ fitness activity ඇප් මෘදුකාංගයක් දියුනු කරමින් සිටින බව වන අතර ආයතන වලට මෙම දත්ත සමග පහසුවෙන් සෞක්‍ය දත්ත අවකාශයට පිවිසෙන්නට ඉඩක් ලැබෙනු ඇති බවටයි අනාවැකි පලවන්නේ.

2014-04-29

Skype සදහා group video calls පහසුව එකතුවේ!!!!

  මයික්‍රසොෆ්ට් නිවේදනය කරන්නේ තම Skype සේවාව ඔස්සේ  paid Premium subscribers මට්ටමේ භාවිතාකරන්නන් සදහා පමනක් සීමාවී තිබූ group video calls පහසුව Windows desktop, Mac හා  Xbox One ආකාරයේ සියලුම භාවිතාකරන්නන් සදහා දැන් විවෘත බවයි. එම සේවාව සමග නොමිළේ පැවති one-on-one video calling හැකියාවට වඩාත් ආකර්ශනීය බවක් මෙම නොමිලේ ලැබිය හැකි සේවා ගොනුවට එක්වන නව අංගය ඔස්සේ භාවිතාකරන්නන් වෙතට ලැබෙනු ඇති බවටයි ආයතනය බලාපොරොත්තු වන්නේ. ආයතනය පවසන්නේ අනෙකුත් platforms සදහාද මෙම පහසුව ලගදීම ලබා දෙන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම  group video chat අංගය ඔස්සේ දැනට පුද්ගලයින් 10 දෙනෙකුට එකවර වීඩියෝ ආකාරයේ කථ බහක යෙදෙන්නට හැකිවන අතර මෙය තන තරගකාර සගයාගේ Google Hangouts සේවාව සදහා තරගයක් ලබා දෙන්නට සමත්වනු ඇති බවටයි විචාරනය වන්නේ.
            වින්ඩෝස් Phone 8.1 සදහා මෑතක දී  Cortana digital assistant  සමග පහසුවෙන් Skype එක විධානයක් යටතේ ක්‍රියාත්මක කර වන්නටත් phone ඔස්සේ එකව සිටින සගයෙකුට පහසුවෙන් Skype ඔස්සේ  Video කථාබහකට කැදවන්නටත් හැකියාව ලැබෙන නව අගයක් පිලිබදව පෙර සටහනක් මයික්‍රසොෆ්ට් විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

IE ගැටලුව සදහා ඇමරිකානු ආරක්ශක අංශ වෙතින්ද අනතුරු ඇගවේ!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම තම IE වල පවතින පෙර සැකසුම් දුර්වලතාවයක්(zero day exploit.) පිලිබදව මේ වන විට නිවේදනය කර ඇත. වඩාත් සාර්ථක ආසාධිත වීමක් සමග දුරස්ථව වෙසෙන  පහර දෙන්නෙකුට පරිගණකයක් සම්පූර්න ඇඩ්මිනිස්ටර් බලය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් මෘදුකාංග ස්ථාපනය කරන්නටත් ඒවා වෙනස් කරන්නටත් , සැකසුම් වෙනස් කරන්නට ආදී තීරනාත්මක ක්‍රියාකාරීත්වයකට පවා ඉඩ සැලසෙන බවටයි හදාරන්නන් පැහැදිලි කර සිටින්නේ. මේ වන විට තත්වය වෙත ප්‍රථිචාර දක්වන U.S. Homeland Security department පවසන්නේ එම ආයතනය වෙතින් මෙම ගැටලුව සදහා සාර්ථක පිලිසකරයක් නිකුත් වන තෙක් විකල්ප බ්‍රවුසර භාවිතවක් වඩාත් යෝග්‍ය බවටයි. පෞද්ගලික මෙන්ම ආයතනකික මට්ටමේ භාවිතාවන් ඉලක්කකර ගනිමින් නිකුත්කර එම නිවේදනය තුල Microsoft EMET සක්‍රියව තැබීම පිලිබදවද මතක් කර සිටින්නට ඔවුන් කටයුතු කර තිබෙනවා. තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය මේ සදහා පිලිසකර නිකුතුවක් පිලිබදව නිවේදනය කර නැති අතර පහර දෙන්නන් විසින් නිර්මානය කරන වෙනම ආකාරයේ අඩවීන් වෙතට භාවිතාකරන්නන් ‍රැගෙන යන්නට පොලබවා ලීම ඔස්සේ මෙම ආසාධනයට ගොදුරු කර ගැනීම සිදුවන බවටයි පැහැදිලි කර සිටින්නේ.

2014-04-28

IE සියලුම සංස්කරන සදහා අනතුරු ඇගවීමක්!!!!

  Microsoft ආයතනය තම Internet Explorer වල  දුර්වලතාවයක් ඔස්සේ දුරස්ථව පහරදෙන්නෙකුට ක්‍රියාත්මක වීමකට ඉඩ සලසන ඉඩ කඩක් පිලිබදව මේ වන විට අනතුරු අගවා සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ පොදුවේ සියලුම IE සංස්කරන සදහා විවෘත මෙම අනතුර මග හැරවන්නට IE 10 හා 11 සංස්කර Protected Mode  වල ක්‍රියාත්මක කිරීම වැදගත් වනු ඇති බවයි. ඊමේල් හෝ පනිවිඬ සේවාවක් ඔස්සේ පැමිනිය හැකි සබදතාවයක් අවදිකිරීම ඔස්සේ ආසාදිත වෙබ් අඩවියක් වෙතට ගොඩවීමෙන් පරිගණකය කරා මෙම ආසාධිත බව පැමිනිය හැකි වන අතර සැක සහිත වෙබ් අඩවි කරා නොපිවසීමටත් නන්නදුනන මූආශ්‍රයකින් පැමිනෙන ඊමේල විවෘත නොකිරීමටත් මෙන්ම පරිගණකයේ ආරක්ශක මෘදුකාංග නිවැරදිව යාවත්කාලිනව පවත්වා ගෙන යාමටත් කටයුතු කල යුතු බවටයි උපදෙස් ලැබෙමින් පවතින්නේ.

2014-04-26

Android app සමග අනවසරව Bitcoins Mining අවස්ථා කිහිපයක් හමුවේ!!!

  සාමාන්‍යය සමාජයේ කැඩපතක් බදු අන්තර්ජලය මතද සාමන්‍ය සමාජීය ස්වභාවයන් ක්‍රියාත්මක වීම ස්වාභාවික කාරනාවකි. Android app මතට ඒවායේ මුල් කාරනාවට අමතරව භාවිතාකරන්නාහට හානිකර ලෙසට ක්‍රියා ‍රැගත් අමතර මෘදු කොටස් පැමිනීම පිලිබදව චෝදනා පැමිනීම මෙවන විට බහුලව දක්නට ලැබෙන අතර ඒවා අතර භාවිතාකරන්නාගේ අවසරයෙන් තොරව ඔහුගේ දත්ත ලබා ගැනීම සුලබව වාර්ථා වනවා. එසේම අන්තර්ජාලය තුල බහුල වෙමින් ඇති තවත් අනවසර ක්‍රියාවක් වන්නේ භාවිතාකරන්නාගේ දැනුමකින් තොරව ඔහුගේ පරිගණකයේ හැකියාව Bitcoins නිර්මානය කර ගැනීම සදහා දුරස්ථව යොදා ගැනීමයි. පැමින ඇති අලුත්ම වාර්ථාවක් පවසන්නේ අන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ලෙසට පැමිනෙන CoinKrypt නම් wallpaper භාවිතාවට වඩාත් වර්නවත් බවක් ගෙනෙන මෘදු සහය සමග මෙම හානිකරය Android උපාංග කරා පැමිනෙන බවයි. දැනට හඳුනාගෙන ඇති එවැනි හානිකර ඇප්ස් Google Play store වෙතින් මේ වන විටත් ඉවත් කරන්නට කටයුතු කර ඇති අතර භාවිතා කරන්නන් වෙතට උපදෙස් ලැබෙන්නේ අපෙහැදිලි අනන්‍යතා සමග පැමිනෙන ඇප් භාවිතාවට නොපෙලබෙන ලෙසටත් භාවිතාවන ඇප් සමග වෙනත් බාගතවීම් සදහා අවස්ථාව ලබා ගන්නා සැකසුම් සදහා unchecked කිරීමට කලපනාකාරී වන ලෙසටත්ය.

2014-04-23

win 8 සදහා තවත් මෙගා යාවත්කාලීනයක් එලබෙන අගෝස්තුවේ!!

  Microsoft වෙතින් වින්ඩෝස් 8.1 වෙතට මෙගා ආකාරයේ යාවත්කාලීනයක් නිකුත්වී ගතව ගොස් ඇත්තේ කෙටි කාලයකි. Windows 8 නිකුතුවත් සමග මයික්‍රසොෆ්ට් සමාගම වෙනස් කල තම ක්‍රමවේද අතර වූ තම මෙහෙයුම් පද්ධතිය වෙතට වේගවත් මෙගා ආකාරයේ යාවත්කාලීන නිකුත් කිරීමේ ක්‍රියාවලියට අනූව එලබෙන අගෝස්තුවේ මීලග ප්‍රධාන ආකරයේ යාවත්කාලීනයක් පැමිනෙනු ඇති බවටයි මේ වන විට නිල නොවන ලෙසට පැවසෙන්නේ. හදාරන්නන් අනුමාන කරනුයේ දැනට මත් පලවී ඇති ආකාරයට වන Start Menuව නැවත පැමිනීම මෙන්ම Metro apps ඩෙස්ටොප් මත ධාවනය වීමේ හැකියාව මෙම යාවත්කාලීනය සමග පැමිනෙනු ඇති බවය. මෙම වසර තුල ඒවා පැමිනෙනු ඇති බවට Build 2014 වලදී ප්‍රකාශයට පත්ව තිබිනි.
                  2015 ට බලාපොරොත්තු වන Windows 9 වලදී smart phone හා Tablet තල දෙකෙහිම ධාවන වන නව මෙහෙයුම් පද්ධති මෘදුකාංගයක් පිලිබඳව මේ වන විට අනුමානය වෙමින් ඇති අතර ආයතනය තුල මේවන විට මෙම නව ආකාරයේ මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය වෙමින් පවතින බවටයි බලාපොරොත්තුව වන්නේ. එය ARM-powered devices වලට පමනක් සීමා වනු ඇති බවටයි වැඩි දුරටත් අනුමානය වෙමින් ඇත්තේ. Windows 8 සමග ඩෙස්ටොප් භාවිතාව අවුල්වීමත් ටැබ්ලට් හා ස්මාර්ට් දුරකථන අතර පරතරය සමනය කිරීම වැනි ඉලක්ක කිහිපයක් මෙම නිකුතුව තුලදී පැහැදිලි වනු ඇති බවටත් විචාරකයින් බලපොරොත්තුව පලකරනවා.

2014-04-22

Windows XP සදහා විකල්පයක් වෙමින් එන Ubuntu 10.04 LTE සංස්කරනය...

  Windows XP නිල සමු ගැනීම තොරතුරු භාවිතා ලොවට සැලකිය යුතු ගැටලුවක් නිර්මානය කලාය. විශේෂයෙන් ආයතනික මට්ටමේ භාවිතාව සදහා එය වැඩි පුරම දැනෙන සුලු විය. Windows 7  හෝ  windows 8 සදහා පිවිසෙන්නට විශාල අමතර වැයක් දැරිය යුතු දෘඩාංග මට්ටමේ උස්තල ගැන්වීමේ අවශ්‍ය බව මෙයට ප්‍රධාන හේතුවක් විය. Canonical ආයතනය තම ubuntu වල මීලග සංස්කරනය එනම් Ubuntu LTS සමග විකල්පයක් වන්නට කටයුතු කරන බවට නිවේදනය කරන ලද්දේ මේ අතරය. භාවිතාකරන්නාගේ මුහුනත් වල සිට වැඩි දියුනු කිරීම් සමග Office වැනි මෘදුකාංග සදහා සදහාද විකල්ප වලින් සමන්විතව පැමිනෙන මෙම සංස්කරනය මේ වන විට නිකුත්ව ඇති බවටයි වාර්ථා වන්නේ. 
                      French police force වෙතින් පැවසෙන්නේ 70000කින් සමන්විත තම පරිගණක ජාලය සදහා මෙම නව Ubuntu 14.04 LTS සංස්කරනය වෙතට මාරුවීම සමග භාවිතාවේද අපහසුවක් නැතිවම විශාල වැයක් නතර කර ගන්නට හැකිවූ බවකි. තාක්ශනික ගැටලු සහගත බවේද අඩුවීමක් පෙන්වන මෙම මාරුවීමක් සමග Windows XP භාවිතාකරමින් සිටින්නන්ට වඩාත් පහසු විකල්පයක්ව සිටින බවටයි පෙන්වාදෙන්නේ.
http://www.ubuntu.com/download/desktop/

Microsoft වෙතින් මීලගට එන්නේ නොමිළේ භාවිතාකල හැකි මෙහෙවුම් පද්ධතියකි....

  ලොව භාවිතාවන පරිගණක ඇසුරින් වැඩිම මෙහෙයුම් පද්ධති භාවිතාවකට හිමිකම් කියන windows වල මීලග හැරවුම කොයි දෙසටද යන්න හදාරන්නන්ගේ නිරන්තර අවදිමත්වීම් වලින් ප්‍රධාන එකකි. ඔවුනට එය ආයතනයක වෙළඳ භාන්ඩයකට වඩා තොරතුරු තාක්ශනයේ සාමාන්‍ය  ස්වභාවය හෙලිකර දෙන මාපකයකි. එම ආයතනය Windows 8 හඳුන්වා දෙමින් සාමන්‍ය භාවිතය Desktop භවිතාවෙන් Tablet දෙසට බවට පෙර නිගමනයකට එලබියාය. එහෙත් භාවිතාකරන්නන් දෙසින් වූ ප්‍රතිචාරය වූවේ ආයතනය ඉක්මන් වැඩි බවකි. ආයතනය එය පිලිගනිමින් පියවරක් පසුපසට ගෙන Keyboard , Mouse ප්‍රමුක භාවිතාව දෙසට Windows 8.1 update 1 සමග පැමිනියේය. Build 2014 සමග Start Menu වේ නැවත පැමිනීමද නිවේදනය කරන්නට ඔවුන් කටයුතු කලාය. එලබෙන කාලය තුලදී එම මෙනුව සමග තවත් මෙගා මට්ටමේ යාවත්කාලීනයක් පිලිබදව හදාරන්නන් අනාවැකි පලකරමින් සිටී.
                       මයික්‍රසොෆ්ට් සමාගම තමන් මෘදුකාංග සමාගමක් ලෙසට වූ ප්‍රධාන අර්ථය වෙනස් කරමින් භාන්ඩ හා සේවා ආයතනයක ලෙසටත් නැවත අර්ත නංවාගන්නට කටයුතු කලාය. අනාගතයේ තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සේවාවක් ලෙසට Cloud මූලික ස්වභාවයකට පත්වීම කෙමෙන් ඉගි පලකරන්නට පටන් ගනු ලැබුවේද මීට සමාන්තරවය. හදාරන්නන් යෝජනා කරමින් සිටින්නේ බොහෝ විට එම මෙහෙයුම් පද්ධතිය නොමිළේ ලබා දෙන එකක් වී අමතර පහසුකම් එයට එක් කර ගැනීමේදී මුදල් ගෙවන්නට සිදුවනු ඇති බවකි. තම තරගකාරී සමාගම් සැලකීමේදී ඔවුන් විසින් ලබා දෙමින් ඇති තරගය තුලදී එසේ කරන්නට බලකිරීමක් පෙනෙන්නට ඇති බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ.
                  මයික්‍රසොෆ්ට් ආයතනය තම නිෂ්පාදන සමග විටක ඉක්මන් වැඩි වීමක් මෙන්ම විටක ඔනෑවට වඩා පමාවීමක් පෙන්වීම තවත් හදාරන්නන්ගේ විවේචනය ලබා ගන්නා කරුනක්වී තිබේ. ඔවුන් මෙම තත්වය පැහැදිලි කරන්නේ Windows 8 සමග වැඩි චලනයක් ඉදිරියට තැබුවාය. තවත් විටකදී start menu ව නැවත ‍රැගෙන එන්නට ඔනෑවට වඩා වෙලාවක් ගනිමින් සිටී. ස්ටීව් ජොබස් සිදුවීම ආයතනයක් ලෙසට ඔවුනට හරිහැටි හදාරා ගන්නට නොහැකිව තිබේ යන්න එම විචාරකයන්ගේ එක් නිගමනයකි.

2014-04-20

Chrome OS උපාංගය ස්මාර්ට්දුරකථන අසලට ගෙන ඒමෙන්ම පමනක් සංක්‍රිය වනු ඇත....

  Google ආයතනය පවසන්නේ තම  "Easy Unlock" පහසුව ඔස්සේ භාවිතාකරන්නෙකුට තම Chrome OS උපාංගයක් පහසුවෙන් Unlock කර ගැනීම සදහා අවශ්‍ය වන්නේ තම ස්මාර්ට් දුරකථනය එ අසලට ගෙන ඒම පමනක් බවයි. තවමත් අත්හදා බැලීමේ මට්ටමේ නිකුතුවක් ලෙසට පැමින ඇති මෙම සංස්කරනය අනාගතයේදී.‍රැහැන් රහිත උපාංග අතර ඒවා unlocking කර ගැනීම සදහා පහසුවක් වනු ඇති බවයි හදාරන්නන් බලාපොරොත්තු පල කරන්නේ. මෙම අනාගත ක්‍රමවේද සදහා wireless connection  මෙන්ම geo-location data  භාවිතාවීමද සිදුවෙනු ඇති බවටයි ඔවුනගේ බලාපොරොත්තුව වැඩි දුරටත් පහැදිලි කර සිටින්නේ. Username හා Passward භාවිතාව වඩාත් අර්බුදකාරී වෙමින් පවතින සමයක මෙම විකල්ප භාවිතාව පහසුවෙන් භාවිතාකරන්නන්ගේ සිත් ගන්නට සමත්වනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.

2014-04-19

win phone 8.1 ස්ක්‍රීනය App එකක ආධරයෙන් PC තිරය මතට....

   අද වන විට සාමාන්‍ය භාවිතාකරන්නෙකු දෛනික ජීවිතයේදී එක දත්ත උපකරනයකට වඩා භාවිතාකරනු දක්නට ලැබීම සුලබව සිදුවන්නෙකි. බොහෝ විට දිනයේ එකි නෙක අවස්ථවනට අනූව  දෘඩාංගමය පහසුව ලබා ගැනීම සදහා මෙම විවිධත්වය තම දත්ත ජීවිතයට කැදවා ගන්නට මෙම භාවිතාකරන්නන් පෙලබේ. උපංග හා සේවා නිපදවන්නන් විවිධ ලෙසට මෙම නම්‍යතාවය තම පාරිභෝගිකයන්ට ගෙනෙන්නට කටයුතු කරනු ඇයුරු වෙළඳ පොල දෙස විමසිල්ලෙන් බලන්නන් හට පහසුවෙන් හඳුනගන්නට හැකි වනු ඇත. මීලගට හමුවන මීලග ගැටලුව වන්නේ මෙම එකි නෙකට වෙනස් උපංග තුල සිදුවන භාවිතාවන් අවශ්‍ය විටකදී වෙනස් උපාංග සමග හමුවන්නට වන ගැටලුවයි.මේ සදහා දෘඩාංග මට්ටමේ මෙන්ම ක්ලවුඩ් මට්ටමේද වෙනස් විසදුම් ‍රැගෙන එන්නට ඔවුන් කටයුතු කටයුතු කරමින් සිටිනවා.
                   පසුගියදා මයික්‍රසොෆ්ට් සමාගම තම සංවර්ධකයින්ගේ හමුවේදී ඉදිරිපත්කල  ‘Project My Screen’ බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් අංගයක් වූවා. app එකක ආධාරයෙන් windows phone 8.1 වල තිරය භාවිතාකරන්නෙකුට තම PC තිරය මතට ගෙනෙන්නට හැකිවීම එහි දක්වනු ලැබුවා. එසේ ගෙනෙන්නට පමනක් නොව PC තිරය මත සිට එම Phone screen ය මෙහෙවමින් ක්‍රියාත්මක කරන්නටත් හැකිවීම එහිදී කැපී පෙනුනා. කෙටිකාලයකට පසුව හෝ මේ වන විට එම ඇප් මෘදුකාංගය මේ වන විට මුදා හරින්නට මයික්‍රසොෆ්ට් ආයතනය කටයුතු කොට තිබෙනවා. තවමත් USB සබදතාවයක් ඔස්සේ පමනක් ක්‍රියාත්මක වන මෙම සම්බන්ද වීමට ඉදිරියේ Wi-Fi හැකියාව ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර PC හිදී Modern screen වලට මෙන්ම සුපුරුදු desktop තිරය මතටත් මෙම පැමිනවීම කල හැකි වනවා. තවමත් ගැටලු කිහිපයක් සමග මෙම ක්‍රියාත්මක වීම ඉදිරියේදී විසදෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

2014-04-18

තොරතුරු ලොකයේ නව ප්‍රවනතා........

  තොරතුරු ජීවිතය නිශ්චිත උපාංග වලින් මිදී සමාන්‍ය ජීවිතය පැමිනීම තවදුරටත් ප්‍රබන්ධමය කාරනාවක් නොවීම සිදුවෙමින් තිබෙනවා. දැනට තොරතුරු ලෝකයේ ප්‍රධානතම කවුලුව වන තිරය තවදුරටත් දැනට පවතින ආකාරයේ සාම්ප්‍රධායික බවින් මිදෙන්නට අවශ්‍ය බවටයි නෙක ආකාරයෙන් ප්‍රකාශ වෙමින් ඇත්තේ. පසුගිය කාලයේ මයික්‍රසොෆ්ට් ආයතනය පර්යේක්ෂන මට්ටමින් තිරයේ ධාවනය වන පරිගණක ක්‍රීඩාවේ අමතර පරිසරය තිරයට පසුපසින් වන විසිත්ත කාබරයේ බිත්තිය මත හෝ වෙනත් ගෘහ උපකරන මතට ප්‍රක්ශේපනය කරන්නටත් ඒම පසුබිමේ ස්වභාවය සමග නම්‍යව එම ප්‍රක්ශේපනය  වෙනස් කරන්නටත් සාර්ථක අත්හදා බැලීමක් වාර්ථා කරනු ලැබුවා.
                    මතුවෙමින් තිබෙන නව ප්‍රවනතාවයන් වන්නේ තත්වය වඩාත් සංකීර්න වීමයි. නිශ්චිතව නිපදවෙන මිල අධික සාම්ප්‍රධායික තිරවලින් මිදී ඔබගේ නිදන කාබරයේ බිත්ති මතට ඔබගේ සමාජජාලා ගිනුමට ලැබෙන හිත මිතුරන්ගේ ප්‍රතිචාර සටහන් පැමිනීම , ආයතනයේ ප්‍රගතිය පිලිබදව අලුත්ම පොදු වාර්ථාව ආයතන අභ්‍යන්තර විශාල බිත්තිය මත කාටත් පහසුවෙන් දැක ගත හැකි ලෙසට ප්‍රක්ශේපනය වීම , මෑතකදී ඔබ කදුකරයට ගිය විනෝද චාරිකාවේදී ලබාගත් දර්ශන අතරින් වඩාත් සිත්ගත් රූ සටහන් දවසේ රාජකාරී නිමවී නිවසන පැමිනෙන විටදී වඩාත් තාත්විකව දක්නට ලැබීම වඩාත් සිත්ගන්නා සුලු වනු ඇත. ඇත්තෙන්ම සැබෑම තත්වය එතැනින්ද මදක් ඔබ්බට යමින් එම සටහන් සමග ඔබට අන්තර්ක්‍රියා කරන්නට හා එම සටහන් තුලවන වඩාත් වැදගත් අංගයන් විශාල කරමින් තවත් දෑ සමග සම්බන්ද කරමින් නරබන්නට මෙන්ම ටැබ්ලට් වැනි තිරයකට මාරු කරගන්නට මෙන්ම සමජ ජලා වැනි ගිනුම් අතර හුවමාරු කරගන්නටත් ඉඩ ලැබෙන තරමේ නම්‍ය භාවිතාවක් සමග එය පැමිනීම සැබවින්ම ඔබගේ සිත්ගන්නා සුලු වනු ඇත.
"තොරතුරු ලොකයේ නව ප්‍රවනතා" වලින් ගත් උපුටනයකි.

2014-04-17

ස්මාර්ට් දුරකථන සදහා එකම 'kill switch' භාවිතාවකට එකගවේ!!!!

  භාවිතාවන සමස්ත ස්මාර්ට් උපාංග සැලකීමේදී ස්මාර්ට් දුරකථනයට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. එහිවන ජංගම ගතිය හා නම්‍ය භාවිතාවට සුදානම් බව මෙම වැඩි භාවිතාවට හේතුව විය හැක. එහි වන විශේෂත්වය එපමනක් නොවේ. වැඩියෙන්ම  සොර සතුරු බවට ගොදුරුවන උපාංගය ලෙසටද එය සැලකිය හැකිය. එහිදී භාවිතාකරන්නෙකු මුහුනදෙන  ගැටලූන් අතර මිලැති බවට අමතරව ඔහුගේ පෞද්ගලික තොරතුරු අන්සතුවීම වැදගත්ම ගැටලුවකි. භාවිතාකරන්නෙකුගේ දත්ත ජීවිතයේ වැඩියෙන්ම ඔහුව හැදෑරෙන උපකරනය ලෙසට පිලිගැනෙන ජංගම දුරකථනයක් අන්සතුවීම බහුලව සිදුවිය හැකි මෙන්ම වඩාත්ම අනතුරුදායක කාරනාවක් ලෙසට පිලිගැනේ.
                       අවශ්‍ය විටකදී දුරස්ථව භාවිතාකරන්නාගේ තොරතුරු ස්මාර්ට්දුරකථනයෙන් මකා දැමීමට හැකි වීම මේ සදහා එක් විසදුමක් ලෙසට පිලිගැනෙන්නෙකි. මේ සදහා නිෂ්පාදකයින් විවිධ ආකාරයේ තම විසදුම් ඉදිරිපත් කරමින් සිටිනු දැකිය හැකි විය. පලවන නවතම්වාර්ථා පවසන්නේ ප්‍රධාන පෙලේ සියලුම පාහේ ‍රැහැන් රහිත සබදතා සපයන්නන් හා ස්මාර්ට් දුරකථන නිපදවන්නන් මේ සදහා එක් විසදුමකට පැමින ඇති බවකි. එකම "Killer switch" භාවිතාවකට සියල්ලන් පැමිනෙන මෙම එකගතාවය  "Smartphone Anti-Theft Voluntary Commitment" වනවා. 2015දී සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම එකගතාවය සදහා Microsoft, Apple, Google, Samsung, Nokia. HTC. Motorola, Huawei,මෙන්ම  Asurion.  සේවා සපයන්නන් වන  AT&T, Verizon, Sprint හා T-Mobile සහය දවනු ඇති බවටයි වාර්ථා වන්නේ. තවමත් BlackBerry හා  LG  මෙහි කොටස් කරුවන් ලෙසට එක්ව නැති බවටයි වාර්ථා වන්නේ. උපකරනය සමග පැමිනෙන  හො බාගත කර ගත හැකි ආකාරයට පැමිනෙන මෙම anti-theft app භාවිතාවත් සමග උපකරනයේ හිමිකරුට අවශ්‍ය විටකදී දුරස්ථව දුරකථනය අක්‍රියකර දමන්නට සහය වන අතර පසුව අවශ්‍ය නම් නැවත සංක්‍රියකර ගැනීමේ හැකියාවෙන් යුත්ත බවටයි වාර්ථාවන්නේ.

2014-04-16

E-mail වලට අනවසර එබී බැලීම් චෝදනා සදහා ගූගල් විසඳුමක්!!!

  ගූගල් ආයතනය තම ඊමේල් සේවාව තුල හුවමාරුවන තොරතුරු දෙසට අනවසර එබී බැලීම් කරන බවට වන චෝදනව කාලාන්තරයක සිට පවතින්නකි. කොටින්ම එය වසර දහයකට පමන පෙර එම සේවාව ඇරබූ දා සිටම විටින් විට මතුවූවකි. ආයතනය පසුගියදා යම් භාවිතාකරන්නෙක් එම සේවාව වෙතට පිවිසෙන විට හමුවන  ආයතනය හා භාවිතකරන්නා අතරවන එගතා ගිවිසුමට මේ පිලිබදව පැහැදිලි කෙරෙන සටහනක්ද එකතු කරන්නට කටයුතු කොට තිබෙනවා. ඔවුන් පැහැදිලි කර සිටින්නේ එලෙස එම තොරතුරු දෙසට එබී බැලීම ඔස්සේ ඉලක්කක ගත දැන්වීම් ලබාදීම ඇතුලු , ස්පෑම් මෙන්ම හානිකරයන් හඳුනා ගැනීම දක්වා කාරනා රාශියක් ඉ‍ටුවන බවයි. ආයතනය දෙසින් පැවසෙන්නේ මෙම නව එකතුකිරීමත් සමග විටින් විට එම තොරතුරු දෙසට එබී බැලීම පිලිබදව මතුවන නෛතික ගැටලු පිලිබදව පැහැදිලි එකගතාවයක් ඇති වනු ඇති බවයි.

"Project Ara" 2015 ජනවාරි පැමිනේවි!!!!

  ගූගල් ආයතනය Smart Phones භාවිතයට නව පරිච්චේදයක් එක් කරමින් පසුගිය ෆෙබරවාරියේ මුලින්ම Modules ආකාරයට නිමැවෙන ස්මාර්ට් දුරකථනයක් පිලිබදව නිවේදනය කරනු ලැබුවා. භවිතාකරන්නාගේ අවශ්‍යතාවය පරිදි තම දුරකථනයේ අංගයක් උස්තල ගන්වන්නට හැකිවන ලෙසට නිමවෙන මෙම දුරකථනය පිලිබදව භාවිතාකරන්නන්ගේද වැඩි අවධානයක් දිනා ගෙන තිබුනු බවයි විචාරනය වෙමින් තිබුනේ. මේ වන විට ගූගල් ආයතනය නිවේදනය කර සිටින්නේ තම "Project Ara" නම් ඉහත කී වපෘතිය 2015 ජනවරි වන විට වෙළඳ පොල වෙතට නිකුත් කරන්නට තම සූදානම් වන බවයි. ඩොලර් 50කින් ඇරබෙන මෙම නිකුතුව එ සදහා වන  Ara developers conference සමග සිදුවනු ඇති බවටයි දැනට නිවේදනය වන්නේ. මෙම දුරකථනයන් Android හා  Eremenko මෙහෙයුම් පද්ධතිවලින් සමන්විතව පැමිනෙන්නට නියමිත අතර electro-permanent magnets ආකාරයට එම Modules එකි නෙකට සවිව නිකුත්වන අතර එම physical skeleton වසර පහක හෝ හයක කාලයක් හොඳින් පවතිනු ඇති බවටයි ආයතනය පවසන්නේ.  Third party developers සදහා මෙම Modules නිෂ්පාදනය කර ගැනීමට 3D මුද්‍රනය භාවිතාකිරීමට හැකිවනු ඇති බවටයි වැඩි දුරටත් ගූගල් ආයතනය පැහැදිලි කර සිටින්නේ.

2014-04-13

Android සුරකින්නට නව නව සේවාවක්!!!!

   ඇන්ඩ්‍රොයිඩ් බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මට්ටමේ මෙහෙයුම් පද්ධතියක් වනවා සේම අනාරක්ශිත බවක් පිලිබදව හැගීමක් ‍රැගෙන එන භාවිතාවක් ලෙසටද පිලිගැනීමක් කෙමෙන් නිර්මානය වෙමින් තිබේ. එහි වන පහසු භාවිතාවට සහය වන විවෘත බවම මෙම අනාරක්ශිත බවටත් හේතුවෙමින් ඇති බවටයි හදාරන්නන්ගේ පිලිගැනීම වන්නේ. ගූගල් ආයතනය මේ සදහා නව විසදුමක් ඉදිරිපත්කරමින් පවසන්නේ Google play වෙතින් ලබා  ගන්නට හැකි වන on-device monitoring හදුන්වාදීමක් ඔස්සේ මෙම අනාරක්ශිත බවට විසදුමක් ‍රැගෙන එනු ඇති බවය. යම් app මෘදුකාංගයක් ස්ථාපනයට පෙර සේම ස්ථාපනයෙන් පසුවද හැසිරීම හදාරමින් භාවිතාකරන්නාගේ සුරක්ශිත බව තහවුරු කිරීම එහි ක්‍රියාකාරීත්වය වේ. නිෂ්පාදකයා හේ සේවා සපයන්නාගෙන් ස්වායන්තව ක්‍රියාත්මක වන මෙම මෘදුආරක්ශකයා Gingerbread (2.3) සංස්කරනයෙන් ඉහල සියලුම සංස්කරන සදහා සහය දක්වන බවටයි එම ආයතනය නිවේදනය කර සිටින්නේ. ආයතනය වෙඩි දුරටත් පවසන්නේ සියලුම ආකාරයේ හානිකරයන් පිලිබදව මෙම අරක්ශකයා ප්‍රතිචාර නොදක්වන නමුත් verify applications service ඔස්සේ යම් app මෘදුකාංගයක් ස්ථපනයට පෙර මෙන්ම භාවිතාවේදීද අනවශ්‍ය ආකාරයේ හැසිරිමක් පිලිබදව අවධානයෙන් සිටිමින් භාවිතාකරන්නා සුරකින්නට එය සමත්වනු ඇති බවය.

Windows 8.1 Update ස්ථාපනය සමහර පරිගණක සදහා තවමත් ගැටලු සහිතයි!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම තම වින්ඩෝස් 8.1 සදහා නව Update ගොනුවක් නිකුත්කරමින් පවසා සිටියේ මෙම නව යාවත්කාලීනය ලබා නොගන්නා පරිගනක සදහා ඉදිරි යාවත්කාලීනයන් ලබා ගන්නා නොහැකි වනු ඇති බවයි. සමහර භාවිතාකරන්නන් වෙතින් නැගුනු පැමිනිල්ලක් වූවේ එම නව යාවත්කාලීනය තම පරිගණක වෙතට ස්ථාපනයට උත්සාහ කිරීමේදී අසාර්ථක වූ බවයි. මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය මෙම ගැටලුව ඉලක්ක කරගනිමින්ම පිලිසකර යාවත්කාලීන දෙකක් නිකුත්කරන්නට කටයුතු කොට තිබෙනවා. තවමත් ගැටලුව පවතින පරිගණක සදහා ආයතනය ඉදිරියේදී වඩාත් සවිස්තරාත්මක සටහනක් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවට නිවේදනය වී තිබෙනවා. නිල ලෙසට අනුමත නොවුනද පලපුරුදු භාවිතාකරන්නන් සදහා අනුගමනය කල හැකි පියවර කිහිපයකින් යුතු පියවරක් ඔස්සේ මෙම ගැටලුව නිරා කරනය කර ගත හැකි බවට පවසන හදාරන්නන් පිරිසක් පහත දැක්වෙන ක්‍රියාමාර්ගය දක්වා සිටිනවා.
  • Run CMD as administrator (Go to start screen, all apps, search CMD, right-click and select run as administrator)
  • Enter: dism /online /remove-package /packagename:Package_for_KB2919355~31bf3856ad364e35~amd64~~6.3.1.14
  • When step 2 has completed, enter: dism /online /cleanup-image /startcomponentcleanup
  • Retry the update!

2014-04-12

"Heartbleed" ගැටලුව හමුවේ සුරක්ෂිතයි සියලු ප්‍රධන ආයතන පවසයි!!

   මෑත ගෙවී ගිය කාලයතුලදී වෙබ් ආශ්‍රිතව කටයුතු කරන බොහේ දෙනෙකුගේ අවධානය යොමුවූ කාරනාවක් වූවේ "Heartbleed" ලෙසට නම් වූ නැතිනම් භාවිතාකරන්නන් හා සර්වරයන් අතර තොරතුරු හුවමාරුවේදී ඒවා වඩාත් සුරක්ෂිත කරනු පිනිස භාවිතාවූ OpenSSL cryptographic software  වල තිබූ යම් දුරවලතාවයක් ඔස්සේ පහර දෙන්නෙකුට එම සබදතා ඔස්සේ ගලායන තොරතුරු වලට අනවසර පිවිසීමක් කරන්නට හැකිවීම පිලිබද ගැටලුවයි. ප්‍රධාන පෙලේ වෙබ් ආශ්‍රිත සේවා ආයතම මේ වන විට නිවේදනය කර සිටින්නේ තම භාවිතාකරන්නන් ඉහතකී දුරවලතාවය ඔස්සේ අනතුරට පත්වීමේ අවකාශයන් මේ වන විට නොමැති බවයි. ඔවුන් පැහැදිලි කර සිටියේ එම දුර්වලතාවය ඔස්සේ තම් සේවාවන් අශ්‍රිතව අනතුරක් එල්ලවී නැති බවත් සිදුකරන ලද යාවත්කාලීනයන් නිසා ඉදිරියේදී එම දුර්වලතාවය ඔස්සේ පහර දෙන්නෙකුට පිවිසීමක් කරන්නට නොහැකි වනු ඇති බවත්ය.
                  මයික්‍රසොෆ්ට් ආයතනයද නිවේදනය කර සිටින්නේ තම online ආකාරයේ කිසිදු සේවාවක් මෙම හානිකරයේ ඉලක්කය බවට පත්ව  නැති බවත් තම වෙබ් ආශ්‍රිත සේවාවන්  වන Microsoft Account, Microsoft Azure, Office 365, Yammer හා Skype වැනි සියල්ලම තම පිරික්සුමට ලක්කොට ඇති බවත්ය. එසේම ඔවුන් වැඩි දුරටත් මතක කර දෙන්නේ භාවිතාකරනන් තම password කලකට වරක් අලුත්කිරීමත් වඩාත් සංකිර්න Password භාවිතයට පෙලබීමත් මෙන්ම එකම password ගිනුම් කිහිපයක් සදහා යොද ගැනීමෙන් වලකින ලෙසත්ය.

නව යාවත්කාලීනය සමග වින්ඩොස් 8 සමබර භාවිතාවකට....

  මයික්‍රසොෆ්ට් සමාගම වින් 8 හදුන්වාදීමේදී  තම ප්‍රධන මෙහෙයුම් පද්ධතිය සදහා ගැටලු දෙකක් නිර්මානය කරගත්තාය. එකක් දැඩි අසංවේදී ආකාරයට KeyBoard , Mouse භාවිතාකරන්නන් ගෙන් මෙහෙයුම් පද්ධතිය ඉවතට ගමන් කරවීම හා වින්8 සමග ඇප් එකක් ලෙසට පැමින තිබූ වින් 7 වලට සමාන මුහුනත කෙරෙහි භාවිතාකරන්නන්ගේ අවධානය නියමිත ලෙසට ලබා ගන්නට  ක්‍රියා නොකිරීමය. ස්පර්ශක තිර මූලික පැමිනෙමින් පවතින නව භාවිතාව ගැන අධිතක්සේරුවකට පැමිනීමේ වරද කෙමෙන් සමනය කර ගන්නට වින්ඩෝස් 8 සදහා නිකුත්වූ මෙගා ආකාරයේ යාවත්කාලීන සංස්කරනය වූ වින්ඩෝස් 8.1 වලදී ක්‍රියාකිරීම ඇරබූ එම සමාගම මෑතකදී නිකුත්වූ දෙවන යාවත්කාලීන ගොනුව වූ වින්ඩෝස් 8.1 Update 1 වලදී  KeyBoard , Mouse ප්‍රමුක භාවිතාව සමස්ථ  මෙහෙයුම් පද්ධතිය සදහාම වඩාත් හොඳින් විවෘත කර තිබිනි.
                        ඹොඩර්න් ඇප් සදහා වූ සම්පූර්න තිර අවකාශයට Mouse, Keyboard මිත්‍ර බව ගෙනෙමින් සුපුරුදු Taskbar ගෙනෙන්නට ඔවුන් ක්‍රියාකර  ඇති අතර තිරය ඉහලින් ලබා ගත හැකි බාරය ඔස්සේ Close හා Minmiize හකියාවන් නැවත ගෙනවිත් තිබේ. එසේම පැරනි ඩෙස්ක්ටොප් මුහුනතෙහි ටාස්ක්බාර් එක වෙතට මොඩර්න් ඇප් වල ලින්ක් ලබා ගැනීමේ හැකියාවත් සමග K & M භාවිතකරන්නෙකුට පහසුවෙන් Modern app එකක් ක්‍රියාකරවීමේ හැකියාවත් ගෙන විත් ඇත. එසේම මොඩර්න් ඇප් ස්ක්‍රීනය මත සිට පහසුවෙන් sleep , shout down , Restart වැනි  පහසුකම්ද ගෙනෙන්නට ඔවුන් ක්‍රියාකර සිටින අතර Modern screen වල සිට  all app තිරය වෙතට පිවිසීමේ හැකියාවද වඩාත් පහසු කිරීම කර ඇත.
                  සමස්තයක් ලෙසට වින්ඩෝස් 8 වෙතට පැමින ඇති නව යාවත්කාලීනය සමග මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 8 මුල්ම නිකුතුවත් සමග සිදුවූ K & M භාවිතාකරන්නන්ගෙන් ඉවතට ගමන් කිරීම සමනය කරන්නට ක්‍රියාත්මකව ඇති බව විචාරනය වෙමින් ඇති අතර ස්පර්ශක තිර මූලික වැඩි වෙමින් ඇති අනාගත භාවිතාවට මෙන්ම තවමත් බහුල වශයෙන් ඇති keyboard , mouse භවිතාකරන්නන් සදහාද අපහසුවක් නොදැනෙන සමබර මට්ටමකට ගෙනෙන්නට කටයුතු කර ඇත.

2014-04-08

Windows 8 සදහා නිල සහය කාලය 2016 ජනවාරි 12 දක්වාය....

   දොලොස් වසරක සේවාව අවසන් කරමින් XP මෙහෙයුම් පද්ධතිය අද දිනයේ තම සේවා කාලය නිල ලෙස අවසන් කොට ඇත. එසේම මයික්‍රසොෆ්ට් ආයතනය win 8 සදහා නව අනු සංස්කරනයක් නිකුත්කර ඇත. අද දින සිට ක්‍රමයෙන් සාමන්‍ය update සමග පැමිනෙන්නට නියමිත මෙම සංස්කරනය win 8 හා win 8.1 සදහා ආයතනය විසින් නිර්දේශ කර සිටී. මෙම නිර්දේශයන් වඩාත් වැදගත් වනු ඇත්තේ දැනට මත් මයික්‍රසොෆ්ට් ආයතනය දැනටමත් නිවේදනය කර ඇති පරිදි win 8 සදහා සහය දැක්වීම 2016 ජනවාරි 12 වන විට අවසන් කරන්නට නියමිත ඇති නිසාය.එසේම මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනය කර සිටින්නේ win 8.1 සදහා සහය දැක්වෙන කාලයද 2018 ජනවාරි 9 අවසන් වීමට නියමිත බවකි.

"තොරතුරු ලෝකයේ නව ප්‍රවනතා" වැඩසටහන

  තොරතුරු විෂය යනු තව දුරටත් හුදු තාක්ශනික විෂයක්ම පමනක් නොවේ.එය ලොව පුරා විසිරුනු අධ්‍යාපනික මෙන්ම ව්‍යාපාරික ආයතනයන් සියගනනක මිනිසුන් දහස් ගනනකගේ බුද්ධිමය දායකත්වය සමග නිරන්තරයෙන් වැඩෙමින් පවතින අපූර්ව විෂයකි.මෙම අපූර්වත්වය තාක්ශනික අර්ථය ඔස්සේ පමනක් තවදුරටත් අර්ථ ගැන්විය නොහැකි වනු ඇත. සමාජිය , ආර්ථික මෙන්ම දෙශපාලනික වැනි නෙක අරුත් ඔස්සේද එය විමසිය යුතු බවට මේ වන විට පිලි ගැනෙමින් පවතින්නකි. මොහොතින් මොහොත වඩ වඩාත් අපූර්ව ආකාරයට මිනිස් ජීවිතයේ බොහොමයක් නිමේශයන් විනිවිද යමින් පවතින මෙම අපූර්ව විෂය මිනිස් වර්ගයාගේ නව සංස්කෘතික උදාවක් පිලිබදව ඉගිපලකරමින් සිටී.
             "තොරතුරු ලෝකයේ නව ප්‍රවනතා" වැඩසටහන යනු මෙකී අපූර්ව අත්දැකීම ඔබ සමග  බෙදා හදාගන්නට ගන්නා උත්සාහයකි. මිහිතින් මොහොත තොරතුරු ලෝකයේ නිමැවෙන නව ප්‍රගමනයන්ගේ සංධිස්තාන විමසමින් ඒවා වෙතට සුහඳ පිවිසුමකට ගන්නා උත්සාහයක් ලෙසට එය අර්ථ දැක්විය හැක. එම නෙක සිදුවීම් වල තාක්ශනික අර්ථපමනක් නොව ගෙනෙන්නට තැක්කරන සංස්කෘතික වටිනාකම් පිලිබදවද කථා බස් කරමින් තොරතුරු විෂයේ හෙට දවස දෙසට එල්ලකරන  නිරීක්ශන පහන් දහරාවක් වන්නටයි එම උත්සාහයේ අරමුන වන්නේ.
                    පෘතුවි තලය මතට කෙටිකාලීන සංචාරකයින් ලෙසට සැපැමින ඇති අප ඔබ මොබ ඇවිඳින විටදී හඳුනාගන්නා නෙක අපූර්වදෑ පිලිබදව සටහනක් තබා යාම වගකීමක් සේම යුතුකමකි. මූලද්‍රව්‍යකින් වරනගා ගන්නා සරල ද්විතීක ස්වභාවය මත නිර්මානය වන විසල් අවකාශයක ගොඩ නැගෙන තොරතුරු විෂය නම් හමුවීම මාලත් එවන් අපූර්ව අත්දැකීමකි.  එම විෂය තම යුග පසුකරන්නේ සාමාන්‍ය විෂයන් මෙන් වසර සියගනනින් නොව දශකයන්ටත් අඩු කාල පරාසයන් තුලදීය. එහි පැමිනීම අනෙකුත් විෂයන්ගේ ඉබි ගමනට විදුලි වේගයක් එක්කර ඇති අයුරු අපූරුය. එවන් අපූර්ව අත්දැකීමක් ජීවිතය තුල සගවා ගෙන ආපසු යන්නට වීම කල හැකි වරදකැයි මම සිතමි. ඒ නිසාම ගොඩ නගන මේ අපූර්ව අත්දෑකීමට එක් වන්නට යැයි ගෞරවයෙන් ආරාධනා කරමි.

2014-04-07

XP නිල සමුගැනීමට සූදානම් වෙයි!!!!

  සමහර විටක යම් යම් හේතූන් නිසාම ඔබ වින්ඩෝස් XP වල යාවත්කාලීන ලැබීම මෙහෙයුම් පද්ධතියේ සැකසුම් ඔස්සේ අවහිර කර ඇති භාවිතාකරන්නෙකු වීමටද හැක. එහෙත් හදාරන්නන් යෝජනා කරන්නේ වින්ඩෝස් XP වලින් සමු ගන්නට කලය හොදටෝම පැමින ඇති බවකි. නමුත් වැඩි දුරටත් ඔබ විස්වාස කරනවා විය හැක්කේ හෙට දිනය පෙර කී භාවිතානොකිරීම ඔස්සේ අවැදගත්වීම ඔබට අදාල බව විය හැකියි. හදාරන්නන් නැවත වරක් ඔබව ප්‍රතික්ශේප කරන්නට පෙලබෙන්නේ සැලකිය යුතු භාවිතාවක් සමග වින්ඩෝස් XP සදහා වගකීම අදාල ආයතනය අත්හැර දැමීම නිසාම පහර දෙන්නන්ගේ වැඩි අවධානයක් තම හානිකරයන් සමග XP වෙතට යොමුවීම සිදුවනු ඇති බවය. හුදකලා පරිගණකයක් ඔස්සේ ඔබගේ XP භාවිතාව පවතින්නේනම් තරමක් දුරට සැහැල්ලුවක් ලබා ගත හැකි වුවද Pen Drive වැනි අමතර උපාංග ඔස්සේ හානිය පැමිනීමේ සම්භාවිතාව අමතක නොකලයුතු බවකි.
                                                වෘතීය මට්ටමේ හෝ මූල්‍ය භාවිතා මට්ටමේ භාවිතාකරන්නෙකු නම් ක්ශනිකව වඩාත් නවීන විවෘත හෝ මිලදී ගන්නා ආකාරයේ මෙහෙයුම් පද්ධතියකට පියවර නගන්නට කාලය පැමින ඇත. ඒ සදහා හේතූන් බොහෝය. සාමන්‍ය මට්ටමින් සැලකීමේදී  XP නිර්මානය වන්නේ දශකයකට ඉහත කාලයකදීය. මෙහෙයුම් පද්ධතිය හා භාවිතාකරන්නා හමුවන මුහුනත නැතිනම් වෝල්පේපරය පැරනි වීම විටක නොසැලකිය හැකි හේතූන් වූවද මේ වන විට එය ඇතුලතින්ම නව බාවිතාවන් සමග දැරිය නොහැකි තරම් පැරනි ගොඩ නැගීමක් වී ඇත. ආරක්ශිත අංග වලදී මෙන්ම ක්‍රියාකාරකම් අංග වලදීද මෙම දුරවලකම ඔනෑවටත් වඩා නිරාවරනය වෙමින් ඇත. හුදකලා භාවිතය ප්‍රථම ලෙස සැල කෙන ගොඩ නැගීමක් XP නිර්මානයේ පදනමම වී තිබේ.  ස්මාර්ට් දුරකථන දුලබ ,  ලැප් ටොප් පරිගණකය අධි මිලැති භාවිතාවක්ව තිබූ එම යුගයේ සිට එක අයෙකු අවමව දත්ත උපාංග දෙකක් වත් භාවිතාකරන භාවිතාකරන්නාගේ අනන්‍යතාවය තව දුරටත් තව දුරටත් උපකරනය මත නොව දුර බැහැර සර්වරයකට භාරවන දවස ඇරබුන සිදුවූ දත්ත උපකරනයේ සිට අවශ්‍යතාවය හා අවස්ථාව අනූව උපකරනයෙන් උපකරනය මාරුවන නමුත් අකංඩව තම අනන්‍යතාවය ‍රැකගත හැකි උපකරන භාවිතාවන ලෝකයයක අප සිටින්නෙමු. 
               කෙසේවත් සමුගත නොහැකි භාවිතාවක ඔබත් තවමත් XP සමග සිටින්නේ නම් මද හෝ අස්වැසිල්ලක් වෙනු වෙන් තවදුරටත් සහය දෙන ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනය හා නිවැරදිව යාවත්කාලීන කරමින් නිරන්තරයෙන් අවධානයෙන් සිටීම මෙන්ම බ්‍රවුසර භාවිතාවේදීද ලබා ගත හැකි නවතම සංස්කරනයන් භවිතාකල හැකි බ්‍රවුසර මෘදුකාංගයක් ස්ථාපනය කර ගැනීමත් ස්ථාපනය කරගෙන ඇති අමතර මෘදුකාංග හැකි උපරිමයෙන් අවම  මට්ටමක පවත්වාගෙන යාමත් හදාරන්නන්ගේ උපදෙස් ලෙසට දැක්වෙනවා.
             XP වල නිල සමු ගැනීමෙන් අනතුරුව එය නිදහස් මෘදුකාංගයක් වීම , භාවිතාකරන්නන් හට නිදහසේ භාවිතාකිරීම හැකිවීම ආදී විවිධ අදහස් උදහස් පලවෙමින් තිබුනද මේ වන විට පලව ඇති තොරතුරු හෙලි කරන්නේ එය නැවත ස්ථාපනයකින් පසුවද සංක්‍රීයකර ගැනීමට අවශ්‍යවීම ඇතුලු මෘදුකාංගයේ නිල අයිතිය මයික්‍රසොෆ්ට් ආයතනයෙන් ඉවත්වන්නට ඉඩක් නැති බවකි.

2014-04-05

Google වෙතින් wireless cell phone සේවාවක්!!!

  පලවන නවතම තොරතුරක් හෙලිකර සිටින්නේ Google ආයතනය විසින් තමන්ගේම wireless cell phone සේවාවක් කෙරෙහි අවධානය යොමුකරමින් සිටින බවකි. බොහෝ විට අලුත් අවකාශයන් වෙතට තම ව්‍යාපාරික ක්‍රියාකරීත්වයන් මුදා හරින්නට කැමැත්තක් දක්වන ආයතනයක් ලෙසට ගැනෙන මෙම  ආයතනය Android වෙතට දැක්වූ අවධානය මහත් ප්‍රසාදයක් ලබමින් වෙගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින්නකි. එසේම Google වෙතින් එන super-fast Google Fiber  අන්තර්ජාල සේවාව ක්‍රමයෙන් ‍තෝරා ගත් නගරයෙන් නගරයට මහත් ආකර්ශනීය බවක් සමග පැතිරෙමින් ඇත්තක් ලෙසට සැලකෙනවා. පැමිනෙතැයි බලාපොරොත්තුවන මෙම සේවාව දැනට එම ක්ශේත්‍රයේ ප්‍රමුකයන් වන AT&T, Sprint, T-Mobile, Verizon සේවාවන් සදහා හොඳ තරගයක් ලබා දෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ. දැනට පැතිරෙන තොරතුරු වැඩි දුරටත් හෙලි කරන්නේ පදනම් මට්ටමේ සිට එම සේවාව ගොඩ නැගීම වෙනුවට මිලදී ගන්නා පවතින සේවාවන් අඩු මිල යටතේ නැවත අලවිකිරීම ඔවුනගේ උපංක්‍රමය විය හැකි බවකි. එය දැනට පවතින අනෙකුත් සේවාවන් සේම ඇමතුම් පහසුකමට අමතරව Text යැවීම මෙන්ම Internet භාවිතාවට සහයදීම සිදුකරනු ඇතිබවටත් නිවේදනය වනවා. සමහර විටක මෙම පිට්යවර ඔවුනගේ  Nexus-branded දුරකථන සදහා වැඩි අවධානයක් දිනා ගැනීම සදහාද  විය හැකි  බවටයි විචාරනය වන්නේ.

2014-04-03

Build 2014 හි Day 1 අවසන්වූයේ කැපී පෙනෙන සටහන් කිහිපයක්ම සමගිනි.

  මයික්‍රසොෆ්ට් ආයතනය තම අනන්‍යතාවයට නැවත සටහනක් ගෙනෙමින් Build 2014 පලමු දිනය අවසන් කරන්නට යෙදුනා. ආයතනයේ නව දැක්ම වූ උපාංග හා සේවාවන් ( tools and services) දෙසට මෙන්ම ක්ලවුඩ් හා මොබයිල්(mobile, cloud computing) දෙසට වන චලනය පිලිබදව කැපී පෙනෙන සටහන් කිහිපයක් තබන්නට මෙදින සමත්වනු ලැබුවා. ඒවා අතර "Universal Windows apps" හඳුන්වාදීම  එනම් Windows, Windows Phone හා  XBox One සඳහා එකම app මෘදුකාංගයක් නිර්මානය කිරීමේ අවස්ථාව app සංවර්ධකයින්ට ඉඩ ලබා දෙන Visual Studio 2013 නව යාවත්කාලීනයන් සමග පහදාදෙන්නට කටයුතු කිරීම , අඟල් 9ට අඩු Windows උපාංග වෙතට තම මෙහෙයුම් පද්ධතිය එවායේ OEM වෙතට නොමිලේ ලබා දෙන්නට(Phone 8.1 or Windows 8.1)  තීරනය කිරීම , windows 8 සමග පැන නැගුනු Start Memu අහිමි කිරීමේ ගැටලුව විසදමින් එය නැවත windows 8.1 Update 1 සමග නැවත පැමිනීම නිවේදනය වූවා.

2014-04-02

Build 2014 ඇරබේ. win. Phone 8.1 හා Win.8.1 update 1 නිවේදනය වේ!!!!

   මේ වන විට පැවතෙමින් ඇති හමුවක් ඔස්සේ මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙසට Windows 8.1 වල update 1 නිවේදනය කර සිටිනවා.  එසේම බලාපොරොත්තුවූ පරිදි Windows phone 8.1 සංස්කරනයද නිවේදනය කර සිටිනවා. Windows 8.1 Update 1 වලදී පෙර සංස්කරන දෙකටම වඩ වඩාත් Keyboard , Mouse හිතැති අංග වලින් සමන්විතව එය පැමින ඇති බවටයි නිවේදනය වූවේ.  නව දෘඩාංග නිෂ්පාදකයින් දෙදෙනෙකු හදුන්වාදෙමින් ඇරබූ හදුන්වාදීමේදී notifications වලට පැමිනෙන නව  Action Center ස්ක්‍රීනයේ ඉහල සිට swiping කිරීමක් ඔස්සේ අවදිකර ගන්නා ආකාරයේ සිට පැහැදිලි කරන්නට කටයුතු කරනු ලැබුවා. මෙම නව Action Center ඔස්සේ නව ඊමේල් පිලිබදව තොරතුරු මෙන්ම ෆේස්බුක් නව පලකිරීම් පිලිබදව තොරතුරු හෙලිකරන්නටද කටයුතු කරනු ලැබුවා. එසේම භාවිතාකරන්නාට කැමති පරිදි Start screen backgrounds වලට  own photos එකතුකරන ආකාරයද පැහැදිලි කරනු ලැබුවා.
             එසේම Windows phone 8.1 සමග පැමින ඇති වඩාත් ආකර්ශනීය අංගය වන  Cortana voice command digital assistant පිලිබදවද තොරතුරු පැහැදිලි කරනු ලැබුව අතර වඩාත් මෙහෙයුම් පද්ධතිය තුලට එබෙමින් බාවිතාකරන්නාට අවශ්‍ය තොරතුරු වඩාත් නම්‍ය ලෙසට ගෙනෙන්නට මෙන්ම වඩාත් බුද්ධිමට්ටමෙන් ඉහල සහයක් ලබ දෙන්නට සමත්වන අයුරු පෙන්වා දෙන්නට කටයුතු කරනු ලැබුවා. මීට අමතරව new calendar view මෙන්ම නව නව App ලිස්ට් වන ආකාරයද පෙනවා දෙන්නට කටයුතු කරනු ලැබුවා. එසේම නව දුරකථන මෙහෙයුම් පද්ධතිය සමග public Wi-Fi hotspot වලට සම්බන්ද වන නව ආකාරය ගැනත් wordflow virtual keyboard ඔස්සේ "Shape Writing" නම් ක්ශනික සටහන් තබන අයුරුත් පැමින ඇති Internet Explorer 11 පිලිබදව තොරතුරුත් හදුනවා දෙන්නට කටයුතු කරනු ලැබුවා. මෙම Windows phone සංස්කරනය දැනට භාවිතාවන දුරකථන වෙතට ඉදිරි මාස කිහිපය තුලදීත් නව දුරකථන අප්‍රේල් අවසානයේ හෝ මැයි ආරම්භයේත් පැමිනෙන්නට නියමිත බවටයි නිවේදනය වූවේ.

2014-04-01

XP සමුගන්නට සතියකි. භවිතාව(Pcs) 27,69% කි.

  වසර 12ක සේවයකින් පසුව Windows XP මෙහෙයුම් පද්ධතිය නිල ලෙසට සමුගැනීමට ඉතිරිව ඇත්තේ තව සතියක කාල සීමාවකි. මෙම නිකුතුවෙන් අනතුරුව මේ වන විට Microsoft ආයතනය මෙහෙයුම් පද්ධති තුනක් පමන නිකුත්කරන්නට කටයුතු කල අතර Vista මෙහෙයුම් පද්ධතිය අසාර්ථක වූ මුත් ඉන් අනතුරුව පැමිනි වින්ඩෝස් 7 මෙන්ම මෑතම නිකුතුව වන වින්ඩෝස් 8 කෙමෙන් භාවිතයට පිවිසෙමින් තිබෙයි. ඒ අතර වාරයේ Windows XP භාවිතයෙන් භවිතාකරන්නන් ඉවත්කර ගැනීම සදහා එම ආයතනය නෙක ආකාරයේ ක්‍රමවේද හදුන්වාදුන් මුත් ආසන්නම වාර්ථාවක් පවසන්නේ තවමත් ලොව පුරා Pcs වලින් 27.69%ක්ම windows XP භාවිතාවෙමින් ඇති බවකි.  Net Applications ආයතනය වෙබ් අඩවි වෙත පැමිනීම් දස දහස් ගනනක් ඇසුරින් කරන ලද මෙම ගනනයන් පවසන්නේ තවමත් ලොව දෙවන වැඩිම භාවිතාවක් ඇති මෙහෙයුම් පද්ධතිය බවට වින් XP සිටින බවයි. එම වාර්ථා පවසන්නේ මේ වන විට ලොව වැඩිම භාවිතාවක් (Pcs අතරින්) ලබන මෙහෙයුම් පද්ධතිය වන්නේ  වින්ඩෝස් 7 වන අතර එය සංක්‍යාත්මකව 48.77% ලෙසට වන බවයි.
                   XP භාවිතාවේ අනතුරුදායක බව පැහැදිලි කරමින් මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ හානිකරයන් ලියන්නන්ගෙ වැඩි අවධානයක් ලබා ගන්නට මෙම දිනයෙන් පසුව ඇති ඉඩ සැලකීමේදී කලපනාකාරීවීම වැදගත් බවයි. සමහර විටක දැනටමත් මයික්‍රසොෆ්ට් නිල යාවත්කාලීනයන් ගෙන් තොරව භාවිතාකරන්නෙකුට වුවද එම නව ප්‍රවනතාවය සමග වැඩි අනතුරුදායකබවක් වන බවටයි හදාරන්නන්ගේ මතයද වන්නේ. 

දස වස සමරන Gmail සේවාව

  ඒ 2004 වර්ෂයේ අප්‍රේල් පලමු වෙනිදා වුවාය. ඒ වන විට නොමිලේ භාවිතාකල හැකි ඊමේල සේවාවන් දෙකක් විය. එනම් Yahoo හා Hotmail සේවාවන් දෙකයි. Google ආයතනය 1GB අවකාශයක් සමග හඳුන්වා දුන් Gmail සේවාව බොහෝ දෙනාගෙ අවධානය දිනා ගන්නට සමත්විය. හදාරන්නන් පසුකාලීනව මෙම  නව පැමිනීම විග්‍රහ කරන්නට යාමේදී එය ගෙන ආ වෙනස හඳුන්වන්නට "conversations" යන වදන යොදා ගැනීමේන්ම එය ඇතිකල වෙනස පිලිබදව යම් අදහසක් අපට ලබා ගන්නට හැකි වනු ඇත. දස වසක් ඇවෑමෙන් අද සලකන විට Gmail යනු ලොව ඊමේල් සේවාවන් අතරින් වැඩිම භාවිතාවක් ලබා ගත් සේවාව බවට පත්ව ඇත.
       Paul Buchheit විසින් තම පුද්ගලික ව්‍යාපෘතියක ලෙසට අරබන ලද මෙය පසුව Gmail team විසින් JavaScript මූලිකව ගොඩ නගන්නට මූලිකව කටයුතු කල බවට වාර්ථා වන අතර පසුව එවකට භාවිතාවෙ නොතිබුනු නවාංග රාශියක් HTML වැනි දියුනු කිරීම් සමග ගෙනෙන්නට කටයුතු කරන ලදී. ඉතා කුඩා ‍තෝරා ගත් අත්හදා බලන්නන් කන්ඩායමක් සමග ඇරබි එහි භාවිතාව කෙටි කලකින් කොතරම් ජනංප්‍රිය වීද යත් එහි Gmail invite codes නැතිනම් එම සේවාවට එක්වන ලෙසට ආයතනයෙන් නිකුත්කල ඇරයුම් පත් e Bay වැනි තැන් වල අලවියට තැබීම වැනි සිදුවීම් පවා සිදුවිය. අවසානයේ 2007 වසරේදී මෙම සේවාව සාමන්‍ය භාවිතාවට විවෘත වූ අතර වර්තමානය වන විට "Sponsored Links" වැනි දේ සදහා ඔවුන් ඊමේල වෙතට අනවසර එබී බැලීම් කරන බවට වන චෝදනා වැනි කාරනා සමගද ලොව වැඩිම භාවිතාවක් ලබන ඊමේල් සේවාව ලෙසට කැපී පෙනෙන සේවාවාක් සිටින අතරම ඔවුනගේ නව සංස්කරනයන් සමග අනෙකුත් ආශ්‍රිත සේවාවන් සමග ඒකා බද්ධ කරමින් ඊමේල් භාවිතාව වෙතට වඩාත් නම්‍ය ස්වරූපයක් ගෙන දෙමින් සිටී

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...