Showing posts with label Smart Phone. Show all posts
Showing posts with label Smart Phone. Show all posts

2022-01-15

ANDROID සදහා සරල ආරක්ශක පියවර 3ක්.

ANDROID යනු බහුලතම මොබයිල් මෙහෙයුම් පද්ධති භාවිතාවයි. ඒ නිසාම එම මෙහෙයුම් පද්ධතිය සමග වන සරල සැකසුම් කිහිපයක් ඔස්සේ ඔබගේ සුරක්ෂිත බව තහවුරු කරගැනීම වැදගත් වනු ඇත. auto-sleep තේරීම සංක්‍රීයකර දුරකථනය මත ඔබගේ මෙහෙයුමක් නොලැබෙන විට ඉතා කෙටිකාලයකින් ඒ සදහා පිවිසෙන්නට සූදානම් කොට තැබීම වැදගත් වන්නේ ඔබගේ ඒ ප්‍රමාදය ඔස්සේ තවකෙකුට ඔබගේ දුරකථනය වෙතට පිවිසෙන්නට නොහැකි වන්නට එය හේතුවන බැවිනි.
  අනෙක් වැදගත් අංගයක් නම් "Notification Settings" ඔස්සේ පිවිස Silence your notifications ආකාරයට සැකසුම් තැබීමයි.ඒ ඔස්සේ අනෙකෙකුට ඔබගේ දුරකථනයෙන් එන notifications වෙතට අනවසරව පිවිසෙන්නට වන අවස්ථාව අහිමි වනු ඇති. එසේම fingerprint නැතිනම් face හැකියාවල් ඔස්සේ දුරකථනය ආරශිතව තැබීම වැදගත් වන්නේ තවකෙකුට දුරකථනය වෙතට අනවසර පිවිසීමක් වීමට අවස්ථාව නොතැබීමයි. අවසර පදයක් භාවිතාකරන්නේ නම් එය සංකීර්න මෙන්ම තවකෙකුට උපකල්පනයට අපහසු එකක් ව තැබීම වැදගත් වනු ඇති.
Pubudu Siriwansa
Parigankaya.Com


 

2021-06-08

ස්මාර්ට් මොබයිල් උපාංග ...


ස්මාර්ට් මොබයිල් උපාංග සදහා ඇත්තේ ඉහලම ඉල්ලුමකි. ඒ නිසාම එහි යම් තැනක් දිනා ගැනීම සදහා තරග කරන්නෝද බොහෝය. ඒසේ වෙන වට එකි නෙක තරග කරුවාගේ අනන්‍යතාවය ඉහලින් තබා ගැනීම සදහා යෝදා ගන්නා උපංක්‍රමද විවිධය. මෙයින් ඉහලින්ම වන්නේ තම උපාංගයේ නිමැවුම මෙන්ම අඩංගු තාක්ෂණයන් ඔස්සේ ඔවුන් තරග කිරීම බව සදහා උදාහරන බොහෝය. සමස්ථ නිමැවුම නැතිනම් උපාංගයේ හැඩය මෙන්ම වර්ණ පිලිබඳව දැඩි අවධානයක් තිබීම දැකිය හැක. ප්‍රීමියම් ලුක් එකක් ලෙසට මේ අංග වල සමස්ථය ගොනුකල හැක. එසේ පමනක් නොව උපාංගයේ බර මෙන්ම අතැගිලි අතරට දැනෙන ආකාරය විචාරය වනු පෙනේ. වැදගත්ම අංගයක් ලෙසට උපකරණයේ තිරයේ ප්‍රමානය, එහි පැහැදිලි බව ඉතා වැදගත් වේ.
දෙවන තලයේදී හොඳ මට්ටමක ප්‍රොසෙසරයක්, චිප් සෙට් එකක් සමග ‍රැම් බලයක්ද ස්ටෝර් හැකියාවක්ද කථා බහට ලක් වේ. උපකරණයේ කැමරාව තවත් ප්‍රදේශයකි. නිශ්චල මෙන්ම වීඩියෝවන් සදහා කැමරාව සූදානම් මට්ටම බොහෝ සේ උපාංග විචාරයේදී ප්‍රධාන තැනක් ගනී. වැඩි සුපැහදිලි කමක් සහිත මෙන්ම වර්ණ සංයුතිය, විෂය වස්තුවල ගැබුර හා පිලිවල මනව ග්‍රහනය කර ගැනීම අවධාණයට ලක්වන තවත් ප්‍රධාන දෑ කිහිපයකි.
මේ සියල්ල අතරින් සැබෑවටම අවධානයට ලක් කල යුත්තේ මිලඳී ගන්නාගේ අවශ්‍යතාවයේ සීමාවය. බොහෝ විට අප මුදල් ගෙවන්නේ අපගේ සැබෑ අවශ්‍යතවයන් සදහා නොව වෙළඳ පොල විසින් නිර්මාණය කර දෙන මෝස්තරයන් සදහා බවද අමතක නොකල යුතුය.
pubudu siriwansa

2015-01-20

Oneplus One දැන් නිදහසේ මිළඳීගත හැක...


  OnePlus One දුරකථනය මෑතකදී බොහෝ දෙනගේ අවධනය දිනා ගත් නිකුතුවක් විය. අධිමිලැති ස්මාර්ට් දුරකථනයක පහසුකම් සාමන්‍ය මිලැතිව වෙළඳපොලට පැමිනීම එම වැඩි අවධානය දිනා ගැනීම පි‍ටුපස වූ ප්‍රධාන කාරනය විය. එහෙත් මෙම දුරකථනය වෙළඳ පොල තුල නිදහසේ ලබා ගන්නට අවස්ථාවක් නොමැති වූ අතර 'invite' මූලික අකාරයට එය සිදුවන ලදී. එහිදී සිදුවූවේ දුරකථනයක් මිලදි ගතයෙකුට තවත් දෙදෙනෙකුට ඒ සදහා ආරාධනා කරන්නට අවස්ථාව සලසා දීමෙන් වූ අතර විටක ප්‍රකට online වෙළඳ අඩවි වල පව අධික මිලකට එම ආරාධනා පත් අලවි වන තරමේ ඉල්ලුමක් ඒවා වෙතට විය. පලවන නවතම නිවේදයක් පවසනේ මෙම 20 වෙනිදායින් අනතුරුව පෙරකී ආකාරයේ ආරාධනාවකින් තොරව OnePlus දුරකථනය අවස්ථාවක් ලැබෙන බවයි. එසේම මෑතකදී පැමිනි තවත් පුවතක් පවසා සිටියේ මෙම දුරකථනයේ දෙවන සංස්කරනය Oneplus Two ලෙසට Snapdragon 810 ප්‍රොසෙසරයකින් හා 4GB  RAM හැකියාවකින් යුතුව අඟල් 5.5ක ප්‍රමානයකින් 2K display සහිතව පැමිනීමක් මෙම වසරේ පසුභාගයේදී නියමිතව ඇති බවකි.

2014-11-20

Samsung වෙතින් පූර්න නම්‍ය තිර දුරකතනය 2015 අග එනවා...

   Samsung ආයතන මේ වන විට ස්තීරවම පවසා සිටින්නේ 2015 අවසානය වන විට සම්පූර්නයෙන්ම නම්‍ය (flexible) displays සහිත දුරකථනය පැමිනෙන්නට නියමිත බවකි. මෙම ආයතනය මීට දෑ වසරකට පෙර මෙහි prototype දැක්මක් ඉදිරිපත්කර තිබුනද තවමත් වෙළඳ පොල වෙතට නිකුත්කර ඇත්තේ සුලු නම්‍ය බවක් සහිත තිර සමග එන දුරකථනයක් පමනී. අයතනයේ විධායකයෙකු පැහැදිලි කර සිටින්නේ එලබෙන වසර අවසානය වන විට තම ආයතනයට 30,000 - 40,000 [units per month] නිෂ්පාදනය හැකියාවකට යාමට හැකිවනු ඇති බවය. ලොව වෙලඳ පොල සමග සසදත්දී මෙම ප්‍රමානය ඉතා සුලු මට්ටමක වන අතර හදාරන්නන් යෝජන කරන්නේ ආයතනය වඩාත් සුපරික්ෂාකාරීව මෙම වෙළඳ පොල වෙතට පිවිසෙන්නට කටයුතු කරමින් සිටිනවා විය යුතු බවකි. එ එසේම තම ආයතනය මෙම AMOLED පැනලයේ නිෂ්පාදන වියදම අවම කරන්නට කටයුතු කරමින් සිටින බවටත් පැහැදිලි කරනු ලැබු බවටත් වාර්ථාවනවා.

2014-06-20

physical keyboards සමග එන BlackBerry ස්මාර්ට් දුරකථන දෙකක්...

  ආයතනයේ වාර්ෂික හමුවකදී BlackBerry CEO වරයා පැමිනෙන්නට නියමිත ස්මාර්ට් දුරකථන දෙකක් මාධ්‍ය වෙතට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම ඉදිරිපත්කිරීමේ විශේෂත්වය වන්නේ ඒවා සාම්ප්‍රධායික කීබෝඩ්ස් වලින් සමන්විතව තිබීමය. ගෙවී ගිය මෑතකාලය සැලකීමේදී BlackBerry ආයතනය ස්මාර්ට් දුරකථන වෙළඳ පොලතුල දැඩි අර්බුදයකට මුහුන දෙමින් ඇති අතර ඇන්ඩ්‍රොයිඩ් මූලික දුරකථන ‍රැල්ලට මෙන්ම iPhone ඉදිරියේ තම කීර්තිමත් අතීතය ‍රැක ගන්නට ප්‍රබල සටනක නිරත වන්නට සිදුව තිබෙනවා. ආයතනයේ CEO වරයා වන John Chen මහත එහිදී පවසා සිටියේ තවමත් භාවිතාකරන්නන් අතර ස්මාර්ට් දුරකථනය සමග පැමිනෙන physical keyboards සදහා කැමැත්තක් ඇති බවට තමන් විස්වාස කරන බවටයි.  BlackBerry Passport හා Classic ලෙසට නම්ව පැමිනෙන්නට නියමිත මෙම නිකුතූන් 2015ට පමන සැලසුම්ව ඇති බවටයි දැනට ප්‍රකාශ වන්නේ.

2014-04-17

ස්මාර්ට් දුරකථන සදහා එකම 'kill switch' භාවිතාවකට එකගවේ!!!!

  භාවිතාවන සමස්ත ස්මාර්ට් උපාංග සැලකීමේදී ස්මාර්ට් දුරකථනයට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. එහිවන ජංගම ගතිය හා නම්‍ය භාවිතාවට සුදානම් බව මෙම වැඩි භාවිතාවට හේතුව විය හැක. එහි වන විශේෂත්වය එපමනක් නොවේ. වැඩියෙන්ම  සොර සතුරු බවට ගොදුරුවන උපාංගය ලෙසටද එය සැලකිය හැකිය. එහිදී භාවිතාකරන්නෙකු මුහුනදෙන  ගැටලූන් අතර මිලැති බවට අමතරව ඔහුගේ පෞද්ගලික තොරතුරු අන්සතුවීම වැදගත්ම ගැටලුවකි. භාවිතාකරන්නෙකුගේ දත්ත ජීවිතයේ වැඩියෙන්ම ඔහුව හැදෑරෙන උපකරනය ලෙසට පිලිගැනෙන ජංගම දුරකථනයක් අන්සතුවීම බහුලව සිදුවිය හැකි මෙන්ම වඩාත්ම අනතුරුදායක කාරනාවක් ලෙසට පිලිගැනේ.
                       අවශ්‍ය විටකදී දුරස්ථව භාවිතාකරන්නාගේ තොරතුරු ස්මාර්ට්දුරකථනයෙන් මකා දැමීමට හැකි වීම මේ සදහා එක් විසදුමක් ලෙසට පිලිගැනෙන්නෙකි. මේ සදහා නිෂ්පාදකයින් විවිධ ආකාරයේ තම විසදුම් ඉදිරිපත් කරමින් සිටිනු දැකිය හැකි විය. පලවන නවතම්වාර්ථා පවසන්නේ ප්‍රධාන පෙලේ සියලුම පාහේ ‍රැහැන් රහිත සබදතා සපයන්නන් හා ස්මාර්ට් දුරකථන නිපදවන්නන් මේ සදහා එක් විසදුමකට පැමින ඇති බවකි. එකම "Killer switch" භාවිතාවකට සියල්ලන් පැමිනෙන මෙම එකගතාවය  "Smartphone Anti-Theft Voluntary Commitment" වනවා. 2015දී සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම එකගතාවය සදහා Microsoft, Apple, Google, Samsung, Nokia. HTC. Motorola, Huawei,මෙන්ම  Asurion.  සේවා සපයන්නන් වන  AT&T, Verizon, Sprint හා T-Mobile සහය දවනු ඇති බවටයි වාර්ථා වන්නේ. තවමත් BlackBerry හා  LG  මෙහි කොටස් කරුවන් ලෙසට එක්ව නැති බවටයි වාර්ථා වන්නේ. උපකරනය සමග පැමිනෙන  හො බාගත කර ගත හැකි ආකාරයට පැමිනෙන මෙම anti-theft app භාවිතාවත් සමග උපකරනයේ හිමිකරුට අවශ්‍ය විටකදී දුරස්ථව දුරකථනය අක්‍රියකර දමන්නට සහය වන අතර පසුව අවශ්‍ය නම් නැවත සංක්‍රියකර ගැනීමේ හැකියාවෙන් යුත්ත බවටයි වාර්ථාවන්නේ.

2014-04-16

"Project Ara" 2015 ජනවාරි පැමිනේවි!!!!

  ගූගල් ආයතනය Smart Phones භාවිතයට නව පරිච්චේදයක් එක් කරමින් පසුගිය ෆෙබරවාරියේ මුලින්ම Modules ආකාරයට නිමැවෙන ස්මාර්ට් දුරකථනයක් පිලිබදව නිවේදනය කරනු ලැබුවා. භවිතාකරන්නාගේ අවශ්‍යතාවය පරිදි තම දුරකථනයේ අංගයක් උස්තල ගන්වන්නට හැකිවන ලෙසට නිමවෙන මෙම දුරකථනය පිලිබදව භාවිතාකරන්නන්ගේද වැඩි අවධානයක් දිනා ගෙන තිබුනු බවයි විචාරනය වෙමින් තිබුනේ. මේ වන විට ගූගල් ආයතනය නිවේදනය කර සිටින්නේ තම "Project Ara" නම් ඉහත කී වපෘතිය 2015 ජනවරි වන විට වෙළඳ පොල වෙතට නිකුත් කරන්නට තම සූදානම් වන බවයි. ඩොලර් 50කින් ඇරබෙන මෙම නිකුතුව එ සදහා වන  Ara developers conference සමග සිදුවනු ඇති බවටයි දැනට නිවේදනය වන්නේ. මෙම දුරකථනයන් Android හා  Eremenko මෙහෙයුම් පද්ධතිවලින් සමන්විතව පැමිනෙන්නට නියමිත අතර electro-permanent magnets ආකාරයට එම Modules එකි නෙකට සවිව නිකුත්වන අතර එම physical skeleton වසර පහක හෝ හයක කාලයක් හොඳින් පවතිනු ඇති බවටයි ආයතනය පවසන්නේ.  Third party developers සදහා මෙම Modules නිෂ්පාදනය කර ගැනීමට 3D මුද්‍රනය භාවිතාකිරීමට හැකිවනු ඇති බවටයි වැඩි දුරටත් ගූගල් ආයතනය පැහැදිලි කර සිටින්නේ.

2014-03-18

දුරකථනයේ SIM Card පතද Unlocked වනු ඇත..

  Smart Phone සමග භාවිතයට සුලබව පැමිනි යෙදුමක වූවේ Unlocked Phone යන්න. එහිදී තම දුරකථනය මිලදී ගත් විට එහි සේවාව හිමිව ඇති ආයතනයන් පිට දුරකථන සෙවා ආයතනයක සේවාව සදහා තම දුරකථනය සම්බන්ද කර ගැනීමේ හැකියාව ලැබිනි.  සරලව වෙනත් ආයතනයක SIM card පතක් හරහා දුරකථන සේවාව ලබා ගැනීමේ හැකියාව ලැබීමයි. Netherlands වලින් පලවන නවතම පුවතක් හෙලි කරන්නේ SIM cards සදහාද මෙම නිදහස ලැබිමේ හැකියාව මේ වන විට සලක බලමින් ඇති බවයි. භාවිතාකරන්නාට මහත් නිදහසක් ලැබෙන මෙම භාවිතාව තුලදි සිදුවන්නේ එක SIM cards පතක් හරහා දුරකථන සේවා සමාගම් කිහිපයකම සේවාවන් ලබා ගැනීමේ හැකියාව ලැබීමයි. නෛතිකව මෙසේ හැසිරවිය හැකි  agnostic SIM cards  ඇමරිකාව ඇතුලු බොහෝ රටවල තහනම් වන අතර ඉදිරියේදී ඔවුනටද මේ පිලිබදව සලකා බලන්නට සිදුවනු ඇති බවය. මේ අනූව දුරකථන නිෂ්පාදන සමාගමෙන්ම SIM cards සමගම පැමිනෙන දුරකථනය ඉදිරියේදී බලාපොරොත්තුවිය හැකි වනු ඇත.

2014-03-03

Samsung වෙතින් premium මට්ටමේ S5 දුරකථනයක්!!!!

  Samsung ආයතනය පසුගියදා තම  Galaxy S5  නිවේදනය කරන්නට කටයුතු කල අතර එය දුරකථන ලෝලයන් අතර එතරම් ආකර්ශනිය බවක් දිනාගන්නට අසමත්වූවා. බාහිර වෙබ් අඩවියක් වාර්ථා කරන්නේ එම අඩවිය මේ වන විට Galaxy s5 වල premium මට්ටමේ දුරකථනයක් සංවර්ධනය කරමින් සිටින බවයි. නොනිල එම ආරන්චිමාර්ග පවසන්නේ එය  eight-core Exynos processor හා 2K resolution සහිත  AMOLED display සහිතව ලෝහ ආවරනයකින් සමන්විතව පැමිනෙනු ඇති බවයි. “Project F” නම් ව්‍යාපෘතියක් යටතේ සංවර්ධනය වන මෙම දුරක්ථනය Galaxy S හා Galaxy Note අතරවන අවකාශය සපුරන දිගුකාලීන භාවිතයකට ගැලපෙන උසස් නිමාවක් ‍රැගෙන එන්නක් බවටයි වාර්ථා වන්නේ. මෙම ව්‍යාපෘතියද S  හා Note නිකූතුන් නිර්මානයට දායකවූ කන්ඩායමම විසින් නිමවමින් සිටින බවටයි  සටහන් වන්නේ. වැඩි දුරටත් සදහන් වන්නේ metal ආකාරයේ බඳක් සහිතව s හා Galaxy Note ආකාරයේ විශාල ප්‍රමානයෙන් උපාංග නිකුතුවකට වන අපහසුව ද හේතුවක් ව ඇති නිසා මෙම premium  මට්ටමේ S5 දුරකථනය සීමිත ප්‍රමානයකින් නිකුත්වන්නට නියමිත බවකි.

2014-02-28

Boeing වෙතින් එන "self-destructive" දුරකථනය.....

  Boeing ආයතනය පවසන්නේ තමන්ගේ  'Black' නම් 'self-destruct' දුරකථනය තොරතුරු සු‍රැකීම අතින් වඩාත්ම විස්වාසනීය වනු ඇති බවය. Android මෙහෙයුම් පද්ධතියක් සමග එන මෙම දුරකථනය මොනයම් ආකාරයකට හෝ විවෘත කරන්නට තැත් දරන විටම එහිවන දත්ත හා මෘදුකාංග වැඩසටහන් ස්වංක්‍රීයව විනාශ වන ලෙසට සකසා ඇති වැඩසටහන් ඔස්සේ ස්වංක්‍රීයව විනාශ වෙමින් අදාල දුරකථනයේ සියලු තොරතුරු සු‍රැකීමට කටයුතු කරනු ඇති බවය. රාජ්‍ය මට්ටමේ රහස් තොරතුරු පිලිබදව කටයුතු කරන්නන් ඉලක්ක කරගනිමින් නිමවන ලද මෙම දුරකථනය encrypting calls වැනි පහසූන් ඔස්සේ සාමන්‍ය භාවිතාව තුලදීද තොරතුරු සු‍රැකීමට කටයුතු කරනු ඇති බවත් පෙන්වා දෙනවා.
        සාමන්‍ය iPhone එකකට වඩා මදක් විශාල මෙම දුරකථනය සමග Sim පත් දෙකක් ඔස්සේ සබදතා භාවිතයට හැකිවන අතර biometric sensors හා satellites සබඳතා මෙන්ම solar power ක්‍රියාකාරීත්වයටද සහය දක්වන ලෙසට නිමව ඇති බවට පැවසෙනවා. WCDMA, GSM සහ LTE සදහා මෙන්ම  WiFi හා Bluetooth සදහාද සහය දක්වනු ඇති බවට පැවසෙන අතර මාස 36ක දියුනු කිරීම් කාලයකින් අනතුරුව මේ වන විට නිකුත් කරන්නට සූදානම්ව ඇති බවටයි නිවේදනය වන්නේ.

අතැති මුදලකට smart phone එකක් හදාගමු.-Google ව්‍යාපෘතියකි-

  Project Ara යනු Google වල ව්‍යාපෘතියකි. එය ඉලක්ක වන්නේ තවමත් ලොව පුරා වෙසෙන smart මට්ටමේ දුරක්ථනයක් භාවිතා නොකරන මුත් බලාපොරොත්තුවෙන් සිටින අනාගත භාවිතාකරන්නන් සදහා පහසුවෙන් බලසම්පන්න දුරකථනයක් අත්පත් කර ගැනීම සදහා සහය වීමටය. එය ක්‍රියාත්මක වන්නේ මුලින්ම ප්‍රාථමික මට්ටමේ දුරකථනයක් ඩොලර් 50ක් වැනි සුලු මුදලකට ලබා ගන්නට හැකිවීම හා අනතුරුව ඔහුට හැකි ආකාරයට වඩාත් බල සම්පන්න Camera වක් නැතිනම් වැඩි processor බලයක් එයට සම්බන්ද කිරීමේ හැකියාවක් එහි තිබීමය. modules ආකාරයට අමතර හැකියාවන් එකතුකර ගන්නට අවශ්‍ය ආකෘතියක් ලෙසට නිමවන මෙම ජංගම දුරකථනය මූලිකව මෝස්තර  තුනකින් නිම වන්නට සැලසුම් වන අතර එහි පලමු වන්න basic smartphone එකක් ලෙසට ද අනෙක mainstream device එකක් ලෙසට හා phablet එකක් ලෙසටය.
                       මෙහි නිර්මානකරුවන් පවසන්නේ දුරකථනයේ screen වල සිට processor නැතිනම් battery එක දක්වා කොටස් දුරකථනය ක්‍රියාත්මක වෙමින් තිබෙන විටකදී පවා පහසුවෙන් වෙනස් කරන්නට හැකිවන modules ලෙසට පැමිනෙන අතර භාවිතාකරන්නන් අතර ජනංප්‍රිය වීමට එය ප්‍රධාන හේතුවක් වනු ඇති බවය. Google ආයතනය දැනට සැලසුම් කර ඇති ආකාරයට එලබෙන අප්‍රේල් 15-16 පැවැත්වෙන Ara Developers Conference වලදී මෙම නිකුතුවේ පලමු සංස්කරනයක් පැමිනෙන සංවර්ධනය කරන්නන් වෙතට ඉදිරිපත් කරන්නට නියමිත අතර 2015 පලමු කාර්තුවේ පමන වෙළඳ පොලට පැමිනීමේ හැකියාවක් වනවා.

2014-02-26

Galaxy S5 නිවේදනය වේ. අප්‍රේල් 11 සිට වෙළඳ පොලට!!!!

  මාස කිහිපයක් තිස්සේ පැතිරයමින් තිබූ නොනිල තොරතුරු හමාරකරමින් Samsung ආයතනය මේ වන විට තම මීලග දුරකථනය එනම්  Galaxy S5 නිලලෙසට මීට දින කිහිපයකට පෙරදී නිවේදනය කරන ලදී. එය  5.1" ප්‍රමානයේ AMOLED screen එකකින් සමන්විතව පැමින තිබූ අතර එය 1920x1080 resolution මට්ටමේ බලැතිව ඇති බවට සදහන් වුවා. එසේම  quad core Snapdragon 801 processor - 2.5 GHz- සමග 2GB ‍රැම් බලයක් , 150Mbps LTE සබදතා හැකියාවක් , 16MP camera( fastest auto-focus) වැනි අංග වලින් සමන්විතව තිබුනා.
                                                      Samsung ආයතනයේ දියුනු කිරීමක් වන TouchWiz UI සමග වන Android 4.4.2 සමග එම ආයතනයේම KNOX security system සමග පැමින තිබීම භාවිතාකරන්නා වෙතට පහසුවක් වනු ඇති බවටයි සදහන් වූවේ.මෙම නිකුතුව සමග හදුන්වාදෙන Ultra Power Saving Mode  සමග දුරකථනයේ බල භාවිතය අවම කරමින් අවශ්‍ය විටකදී display එක black & white ආකායට පැමින වීමේ හැකියාව හා අනවශ්‍ය  features නතර කිරීම ඔස්සේ  low battery මට්ටමේ දී පවා stand by ලෙසට 24 hours සිටීමෙ හැකියාව මෙම නිකුතුව සමග වන කැපී පෙනෙන ලක්ෂන වූවා. එසේම අඩි තුනක ජල මට්ටමක පැය තුනක් අනතුරු රහිතව තිබෙන්නට වන හැකියාව සමග වන water හා dust රෝධීබව භාවිතාකරන්නෙකුගේ සිත්ගන්නා සුලු කාරනා වනවා. මීට අමතරව දිගුකාලයක් බලාපොරොත්තුවෙන් සිටි  fingerprint scanning  හැකියාව මෙන්ම heart-rate monitor හැකියාව සමග මෙම දුරකථනය වර්ණ කිහිපයකින්ම එලබෙන අප්‍රේල් 11 සිට රවල් 150ක වෙළඳ පොලට නිකුත්වන්නට නියමිත බවටයි නිවේදනය වූවේ.

2014-02-20

Nokia ආයතනයෙන් smart phone සදහා location tracing උපාංගයක් Treasure Tag නමින්

 2013 කාලයේ පැතිර ගිය නොනිල නිවේදනයකින් පැවසුනේ Nokia ආයතනය smart phone සදහා  location tracing උපාංගයක් Treasure Tag නමින් නිපදවමින් සිටින බවකි. Nokia ආයතනය මේ වන විට තම නව  tracking product නිකුතුව පලමුව Windows Phone Lumia smartphones සදහා නිකුතුවට සූදානම් බවකි. එම ආයතනය පැහැදිලි කරන්නේ කුඩා matchbox-sized ප්‍රමානයේ මෙම උපාංගය NFC හෝ Bluetooth ඔස්සේ දුරකථනය සමග සම්බන්දවන්නට හැකිවන අතර භාවිතාකරන්නා එම උපාංග දෙකම සහිතව බැහැරවන්නේ නම් එය හඬ නගන්නට පටන් ගන්නා බවය. එසේම යම් ආකාරයකින් එම හඬ නැගීම  මග හැරුන හොත් Lumia සදහා වන  Windows Phone app එකක් සමග map සහයෙන් එය නැවත සොයා ගන්නට සහය වනු ඇති බවකි. මෙම Treasure Tags හතරක් එක Lumia දුරකථනයක් සමග සම්බන්ද කරන්නට හැකි අතර වැන හතරකින් තොරා ගෙන දෛනික ජීවිතයට වඩාත් අදාල වාහනයේ යතුර සමග නැතිනම් බැගය සමග වැනි ඒවා සමග සම්බන්ද කර තැබිය හැකි වනු ඇති බවටයි පැවසෙන්නේ. nokia ආයතනය පවසන්නේ මෙම සහය සදහා  Lumia Black update සහිත විය යුතු අතර බාහිර app සහය ඔස්සේ iOS හා Android  උපාංග වෙතට සම්බන්ද වීමට හැකිවනු ඇති බවයි. මෙම උපාංගය එල බෙන අප්‍රේල් වලදී ඩොලර් 29.9 කට වෙළඳ පොල වෙතට නිකුත්කරන්නට සැලසුම්ව ඇති බවටයි වැඩි දුරටත් සදහන් වුනේ.

පි‍ටුපස ද්විත්ව කැමරා සහිතව එන HTC මීලග නිකුතුව!!!!

  පි‍ටුපස ද්විත්ව කැමරා සහිත වීමෙන් ස්මාර්ට් දුරකථනයක් ගෙනෙන නවාංගය කුමක්ද යන්න තවමත් නොවිසදුනු ගැටලුවකි. සමහර විටක වඩාත් සුපැහැදිලි ඡායාරුවක් ගන්නට එය සහය වනවා වන්නට පුලුවන නැතිනම් අසිරිමත් මොහොතක් නිශ්චල රුවක් ලෙසට ඩැහැගන්නට වඩාත් නවීන නව ක්‍රම වේදයක් ගෙනෙනවා ඒය ගෙනෙනවා විය හැක. තවත් සමහර විටක කැමරා කාඡයක් ලෙසට වරදවා වටහා ගත් වෙනත් උපාංගයක්ද විය හැක. 
                            HTC වෙතින් මීලගට නිකුත්වන්නට නියමිත smart phone වල නොනිල තොරතුරු මේ වන විට අන්තර්ජාලයට පැමින තිබෙනවා. high end මට්ටමේ  Snapdragon ප්‍රොසෙසරයකින් සමන්විතව පැමිනෙතැයි බලාපොරොත්තුවන මෙම දුරකථනය පිලිබදව නිල නිවේදනය ඉදිරි මාසයේදී සිදුවනු ඇති බවට බලාපොරොත්තුවනවා. තවමත් පැහැදිලි නිල නාමයක් පිලිබදව තොරතුරක් නොමැති HTC ONE වලට පසුව වන මෙම නිකුතුව සදහා වන සංකේත නාමය M8 වනු ඇති බවට කියවෙන අතර එය මීට පෙර වූ HTC ONE වලට වඩා විශාල screen එකකින් සහිතව පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන වනවා.

2014-02-19

Fingerprint sensor සමග එන Samsung වල Galaxy s5

  Samsung ආයතනය තම මීලග smart phone නිකුතුව වන Galaxy s5 සමග  fingerprint sensor අංගයක පැමිනීමක් පිලිබදව නොනිල අරංචියක් පසුගිය දිනවල පැතිරෙමින් තිබුනු අතර මේ වන විට ඒ පිලිබදව වැඩි දුර තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. ඒ වනූව Samsung ආයතනය තම  fingerprint sensor අංගය එම දුරකථනයේ  home button වෙතට embedded ආකාරයෙන් එවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. එය Apple වල iPhone 5s අල ආකාරය ගනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. භාවිතාකරන්නා තම ඇගිල්ල මෙම sensor මත ඉහල සිට පහලට චලනය කිරීම තුල එම හඳුන ගැනීම සිදුවීමට නියමිත අතර moist හෝ wet ආකාරයේ ඇගිලිතුඩු සමග එය ක්‍රියා නොකරන අතර එවිට  error නිවේදනයක් නිකුත් වෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙය real-time ආකාරයේ ක්‍රියාවලියක් ලෙසටත් ඔවුන් පැහැදිලි කර සිටිනවා.
                     මීට අමතරව දුරකථනය සමග වන භාවිතාකරන්නගේ අනන්‍යතාවය අවශ්‍ය කරන වෙනත් app සදහාද මෙම අංගය භාවිතාවට ඉඩ සැලසෙන අතර මෙසේ fingerprints අටක් දක්වා ඒයට මතක තබා ගැනීමේ හැකියාව පවතිනු ඇති බවටයි වාර්ථා වන්නේ. දුරකථනය සමන්විතව පැමිනෙන  Personal Folder හෝ Private Mode අවදිකරවා ගැනීමට PIN අංකය හෝ මෙම fingerprint භාවිතාකරන්නට හැකිවන අයුරින් පැමිනීම සිදුවනු ඇති බවටයි වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ. මෙම ආකාරයේ  fingerprint sensor භාවිතාව මේ වන විටත් Apple හා HTC සමග නිකුත්ව ඇති අතර එතරම් කැපීපෙනෙන ආකර්ශයක් භාවිතාකරන්නන් වෙතින් දිනා ගෙන නොමැති බවට දැක්නට ලැබෙන අතර එලබෙන  ෆෙබරවාරි 23ට නියමිත මෙම Samsung නිකුතුවත් සමග එන sensor භාවිතාව ගෙනෙන වෙනස පිලිබදව විචාරක අවධානය යොමුව තිබෙනවා.

2014-02-17

Nokia සමග Android මුසුවීම Nokia X නමින් එලබෙන සතියේ නිවේදනය වීමේ ඉඩක්????

 Nokiaආයතනය විසින්ද Android මූලික දුරකථනයක් නිකුත් කිරීමේ තොරතුර වඩාත් සනාත කරමින් මේ වන විට Nokia X හි වෙළඳ ප්‍රවර්ධනය සදහා යොදා ගන්නට සැලසුම්ව ඇති බවට විස්වාස කල හැකි image එකක් අන්තර්ජාල වෙතට පැමින  ඇති බවට වාර්ථා වෙනවා. මෙම සටහන අනූව Nokia X  හි logo වද දක්නට ලැබෙනවා. දැනට පලවී ඇති තොරතුරු පවසන්නේ මෙම Android දුරකථනය සදහා වෙනම UI එකක් භාවිතාවන්නට සැලසුම් ව ඇති අතර ඒය Google Play වැනි අමතර සර්වරයන් සදහා සම්බන්ද නොවන්නට නියමිතව ඇති බවටයි වාර්ථා වන්නේ. අඟල් හතරක ස්ක්‍රීනයක් සමග පැමිනෙන එය 1GHz Qualcomm Snapdragon ප්‍රොසෙසරයක්( dual-core)  සමග මෙගා බයිට 512ක ‍රැම් පතක් සමග පැමිනෙන්නට නියමිත බවටයි සැලවන්නේ. budget-priced smartphone එකක් ලෙසට සැලකෙනමෙම නිකුතුව පිලිබදව නිල නිවේදනය එලබෙන සතියට නියමිත සමුවකශී සිදුවනු ඇති බවට මේ වන විට බලාපොරොත්තු පල වෙමින් තිබෙනවා.

Smart Phone සදහා security app එකක් අවශ්‍යමද????

 සාමන්‍ය භාවිතාවේදී පිලි ගැනෙන කාරනාවක් වන්නේ ඔබ Windows මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්නේ නම් Antivirus මෘදුකාංගයක් භාවිතාකිරීම අත්‍ය අවශ්‍ය වීමයි. ප්‍රධාන මෙහෙයුම් පද්ධති අතර බහුල භාවිතාවෙන් අඩු Apple නැතිනම් open source ආකාරයේ මෙහෙයුම් පද්ධති භාවිතාවේදී එම අත්‍යාවශ්‍යකම මදක් අඩුවන්නේ තව්ත් හේතුන්න් සමග උවත් ප්‍රධාන ලෙසට ඒඅවට ඇති අඩු භාවිතාව තුල Malware සටහන් කරුවන්නේ අඩු අවධානයක් එම මෙහෙයුම් පද්ධතිවල ලැබෙන නිසාය. smart phone භාවිතාවේදී තත්වය වෙනස් වන්නේ ඔබ Android සමග වන දුරකථනයක් භාවිතයේදී Security app එකක් භාවිතාකිරීම අවශ්‍ය වීම windows හෝ  Apple ආකාරයේ Smart Phone එකක් භාවිතයට වඩා ඉහලින් පැවතීමය. එහිදීද ලොව Smart Phone භාවිතාවේදී ඩැඩි ප්‍රථිශතයක් Android සදහා ලැබී තිබීම වැදගත් වන අතරම Windows හෝ Apple වල App ලබා ගැනීම සදහා ඇති app store වලට app නිර්මාන කරුවෙතු තම App මෘදුකාංගයක් ලබා දීමේදී ඒම් ආයතනය දෙසින් දැඩි කොන්දේසි වලට යටත් කොට තිබීම හා අනිවාර්යයෙන් ඔවුනුගේ විමසා බැලීමට යටත්ව ඒවා ලබ ගැනීම සිදුවන බැවිනි. Android app සදහා ලැබී ඇති මෙම නිදහස ඔස්සේ යහපත් නිර්මාන කරුවන් ගේ මෙන්ම හානිකර ක්‍රියකාරීත්වයන්ගෙන් යුත් App ඔවුනගේ app store වෙතට දැඩි පිරික්සීමකින් තොරව ලබා දෙන්නට හැකිවීම තවත් ප්‍රධාන හේතුවක් ලෙසට පිලිගැනේ. F secure වෙතින් නිකුත්වූ වාර්ථාවක් පැවසුවේ 2013 වසරේ අවසාන කාර්තුව සැලකීමේදී හමුවූ Mobile Malware වලින් 97%ක්ම Android ඉලක්ක කරගෙන නිපදවා තිබූ ඒවා ලෙසට සටහන් වීම මේ බව සදහා හොඳම උදාහරනයකි. මීට අමතරව පෙරකී Mobile OS දෙකෙහිම භාහිර App ධාවනයේදී SandBox නැතිනම් සැබෑ මෘදු පරිසරය තුලදී වෙනුවට ව්‍යාජව නිර්මානය වන මෘදු පරිසරයක් තුල ඒවා ධාවනය වන්නට සැලැස්වීම නිසා දුරකථනයේ සැබෑ මෘදුපරිසරයට ඉන් සිදුවිය හැකි හානිය අවමව තබාගන්නට හැකිවීමද වැදගත්වේ.
       සමස්තයක් ලෙසට සැලකීමේ දිනෙන් දින වැදගත් තීරනාත්මක මට්ටමේ මෘදු ක්‍රියාකාරීත්වයෙන් යුත් භාවිතාවන් සමග තම තොරතුරු දිවියට Smart Phone භාවිතය මැදිකර ගන්නා වර්ථමානයේ මේ කිනමාකාරයේ මෙහෙයුම් පද්ධතියක් සමග වුවත් Security app එකක් භාවිතාකිරීම වැදගත් වන අතරම ඒ සදහා මෙකී සියලුම app store වල Security app නොමිළේ මෙන්ම මිළඳී ගත යුතු මට්ටමේ ඒවා තිබීම සහයක් වනු ඇත.

Lumia 1520 වලට Skirt එකක්ද විය හැක...

  Nokia ආයතනයේ  Lumia 1520 ස්මාර්ට් දුරකථනය වින්ඩෝස් ෆෝන් මෙහෙයුම් පද්ධතිය සමග වෙළඳපොලට පැමිනි සාර්ථකම නිපැයුමක් ලෙසට පිලිගැනෙනවා. අඟල් 6 ප්‍රමානයේ මෙම දුරකථනයට හුදු ස්මාර්ට් දුරකථනයක් ලෙසට පමනක් නොව සොඳුරු කාන්තාවකට තම ගත සරසන  skirt එකක ලෙසටද භාවිතාවීම හැකියාව පැවතින බව එය මුලින්ම සැලසුම් කල සැලසුම් කරුවන් හට සිහිනයකින් වත් සිතන්නට ඉඩක් නොතිබෙන්නට ඇත. Nokia ආයතනය Fyodor Golan නම් මොස්තර සැලසුම් කරුවන්ස් සමග එක්ව Lumiya 1520 දුරකථන 35ක් භාවිතාකරමින් නිර්මානය කරන මෙම Skirt විලාසිතාව London පැවත්වීමට නියමිත Fashion Week  සදහා ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවටයි නිවේදනය වන්නේ. මෙම දුරකථනය සතු  GPS features ඔස්සේ නිර්මානය වන එය විවිද කෝනවටට සෙලවීමේදී විවිධ වර්න ගැනීමේ හැකියාවක් සමග 3D මුද්‍රන හැකියාව හා Python සහ C# පරිගණක භාෂා ඔස්සේ සංවර්ධනය කරන ලද වැඩ සටහනක් මෙම විලාසිතාව වැර්ණ්වත් කර ගැනීමට යොදා ගෙන ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ. කෙසේ වෙතත් මෙම ඇඳුම් නිර්මානය එයට ඉදිරිපත් වන බොහෝ විලාසිතාවන් ලෙසටම අලවිය සඳහා ඉදිරිපත් නොකරන්නට නියමිතව ඇති බවටත් එම නිවේදනය පවසනවා.

2014-02-14

LG වෙතින් එන G Pro 2 නව smart දුරකථනය

  Smartphone ලෝකය මහත්සේ වේගවත්ව වෙනස් වන්නකි. විටක නව තාක්ශනික අංගයක පැමිනීමකි. තවත් විටක විශාලතම තිරයක් නැතිනම් නවතම හැඩයක් පැමිනීමකි. පැමිනීම කුමක් වූවත් ඒවයේ පැමිනීමේ වේගවත් බවත් එකිනෙකින් වෙනස් වීමේ වේගවත් බවත් භාවිතකරන්නා නිරන්තරයෙන් අවදිව තබන්නට සමත් බවක් නම් පැහැදිව පෙන්වමින් සිටී. නවතම නිකුතුවක් වන්නේ LG ආයතනය නිවේදනය කර සිටින G Pro 2 දුරකථනයයි.Android KitKat 4.4  සමග එන මෙම දුරකථනය අඟල් 5.9ක ස්ක්‍රීනයකින් සමන්විතවන අතර වඩාත් සිහින් කැමරාව සමග ඉදිරි මුහුනතින් සියයට 77ක් තම ස්ක්‍රීනය සදහා ලබා ගන්නට සමත්ව තිබෙනවා. ear-piercing ආකාරයේ watt එකක speaker system සමග පෙර භාවිතාවන්ට වඩා 33% ක වැඩි හඩක් ගෙනෙන්නට සමත්ව තිබෙනවා. 2.26GHZ quad-core Snapdragon ප්‍රොසෙසරය සමග 3 GB RAM , මෙන්ම 13- megapixel කැමරාව සමග පැමිනෙන අතර එය 16හෝ 32 GB ලෙසට තොරා ගැනීමේ අවස්ථාව සමග වනවා. 2014 සදහා smartphone වලට නව ප්‍රමිතියක් ගෙනෙන්නට ක්‍රියාකර ඇති මෙම නිකුතුව සමග වන වඩාත් නවාංගයන් අතර “Knock Code” ලෙසට වන දියුනුකල ආරක්ශක තාක්ශනය වනවා. භාවිතාකරන්නෙකුට තම දුරකථනය unlock  කර ගැනීම සදහා pin number හෝ  pass code වෙනුවට series of taps යොදාගන්නට දියුනු කර ඇති algorithm හා  advanced hardware සමග හැකිව තිබෙනවා. එම පහසුව සමග Display එක on/off මොන මට්ටමක වූවත් තිරයමත ඔනෑම තැනකට යොදන දෙකේ සිට අට දක්වා වන knock pattern සමග එය අවදිකරවා ගැනීමේ හැකි වනවා. මෙම නව නිකුතුව එලබෙන පෙබරවාරි අවසානයේ දකුනු කොරියාවේදී නිකුත්වනු ඇති බවටයි දැනට බලාපොරොත්තුව වන්නේ

2014-02-07

Android ධාවනය වන Apple දුරකථනයක්????

  Samsung ආයතනය ලොව ප්‍රධානතම smart phone නිපදවන්නා බවට පත්වෙමින් සිටියද Apple ආයතනය තම අනන්‍යතාවයස් සමග තවමත් තම වෙළඳ පොල තුල හොඳින් ලාබ ලාබ ලබමින් සිටින සමාගමක් ලෙසටයි පිලි ගැන්නෙන්නේ. එනමුත් Apple ආයතනයේ සමනිර්මාතෲ වරයෙකු වන Steve Wozniak මහතා පවසා සිටින්නේ තම ආයතනය වෙතින්ද Android දුරකථන වෙළඳ පොල වෙතට පිවිසීමක් කලයුතු බවකි. ඔහු පවසන්නේ එසේ නොකිරීම තම ආයතනයට පවතින අවස්ථාවක් අහිමිකර ගැනීමක් වන බවයි. ඇපල් ආකාරයේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වෙතට භාවිතාකරන්නන් කැමත්ත ගැන ඔහු විස්වාසය පලකරමින් ඔහු එහිදී අදහස් දක්වන්නට කටයුතු කල බවයි වාර්ථා වන්නේ. එහිදී ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පවස සිටියේ ස්ටීව් ජොබ්ස්ද එදා සෝනි  Vaio notebooks මත තම මෙහෙයුම් පද්ධතිය ධාවනය වනවාට කැමැත්තෙන් සිටීම සිහිපත්කරමින් තම මෙහෙයුම් පද්ධති පිටස්තර ආයතනයක දෘඩාංග මත ධවනය වීම වාගේම බාහිර මෙහෙයුම් පද්ධතියක් තම දෘඩාංග මත ධාවනය වීම ගැටලුවක් නොවන බවට අදහස් පලකරමින් සිටියා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...