2014-06-20

physical keyboards සමග එන BlackBerry ස්මාර්ට් දුරකථන දෙකක්...

  ආයතනයේ වාර්ෂික හමුවකදී BlackBerry CEO වරයා පැමිනෙන්නට නියමිත ස්මාර්ට් දුරකථන දෙකක් මාධ්‍ය වෙතට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම ඉදිරිපත්කිරීමේ විශේෂත්වය වන්නේ ඒවා සාම්ප්‍රධායික කීබෝඩ්ස් වලින් සමන්විතව තිබීමය. ගෙවී ගිය මෑතකාලය සැලකීමේදී BlackBerry ආයතනය ස්මාර්ට් දුරකථන වෙළඳ පොලතුල දැඩි අර්බුදයකට මුහුන දෙමින් ඇති අතර ඇන්ඩ්‍රොයිඩ් මූලික දුරකථන ‍රැල්ලට මෙන්ම iPhone ඉදිරියේ තම කීර්තිමත් අතීතය ‍රැක ගන්නට ප්‍රබල සටනක නිරත වන්නට සිදුව තිබෙනවා. ආයතනයේ CEO වරයා වන John Chen මහත එහිදී පවසා සිටියේ තවමත් භාවිතාකරන්නන් අතර ස්මාර්ට් දුරකථනය සමග පැමිනෙන physical keyboards සදහා කැමැත්තක් ඇති බවට තමන් විස්වාස කරන බවටයි.  BlackBerry Passport හා Classic ලෙසට නම්ව පැමිනෙන්නට නියමිත මෙම නිකුතූන් 2015ට පමන සැලසුම්ව ඇති බවටයි දැනට ප්‍රකාශ වන්නේ.

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...