2013-09-30

Word හා PowerPoint 2013 භාවිතාකරන්නන් සදහා Translator app එකක්

  මයික්‍රසොෆ්ට් ආයතනය අද පැවසුවේ Word හා PowerPoint 2013 භාවිතාකරන්නන් සදහා Translator app එකක්  තම  Office store ව වෙත අද මුදා හරින්නට නියමිත බවකි.දැනටමත මයික්‍රසොෆ්ට් ආයතනය  Bing Translator software ව වඩාත් පුලුල් තලයකදී භාවිතයට හැකිවන පරිදි දියුනු කරමින් ඇති අතර එහි app එකක වින්ඩෝස් 8 හා වින්ඩෝස් 8.1 සදහද සූදානම් කරමින් සිටින බවට මීට පෙර ප්‍රකාශ කොට තිබෙනවා. ආයතනය් පසවන්නේ මෙම මුදා හැරීම  International Translation Day සැමරීම සදාහාත් තමන් වෙතින් කෙරෙන කාර්යයක් ලෙසින්ද සැලකිය හැකි බවයි.
               දැනටමත් භාවිතාවෙමින් ඇති Bing Translator පහසුව ලොව පුරා රටවල් 187 භාවිතාකරන්නන් සදහ විවෘතව ඇති අතර ලොව පුරා වෙසන වින්ඩෝස් මෘදුකාංග සංවර්ධකයන්  80000 විසින් තම සංවර්ධක සදහා භාවිතවෙමින් සිටින වටයි වාර්ථා කරන්නේ.ආයතනය තම  universal translator ව පිලිබදව දැඩි අවධනයකින් කටයුතු කරමින් සිටින බවටයි පවසා සිටින්නෙ.

silicon transistors වෙනුවට පැමිනෙන්නට ඇති carbon nanotube transistors!!!!!!

  silicon transistors වෙනුවට විකල්පයක් පිලිබදව අවධානය කාලයක තිස්සේ හදාරන්නන්ගේ ඉලක්කයක්ව තිබිනි. පලවන නවතම වාර්ථාවක් පවසන්නේ carbon nanotubes සමග smartphones, laptops, tablets සහ supercomputers සදහා කොටස් නිපදවා ගන්නට හැකිවා පමනක් නොව වඩාත් කුඩා හා බලයෙන් වැඩි මට්ටමේ සහයක් ඒවා ඔස්සේ ලබාගන්නට හැකි බවටයි ඔවුන් පවසන්නේ. විප්ලවීය වෙනසක් ගෙනෙන්නට සමත් වෙතැයි අනාවැකි පලවෙමින් ඇති මෙම නව භාවිතාව අඩු බල භාවිතයක් සමග අඩුවෙන් නිපැදවෙන තාපය වැනි දැනට භාවිතාවන ට්‍රාන්සිස්ටරයට සාපේක්ෂව වැඩි ලාභදායී බවක් මෙම  carbon nanotubes සමග ලබා ගන්නට හැකිවනු ඇති බවටයි අනාවැකි පලවන්නේ.Stanford University යෙහි විද්වතුන්  පිරිසක් පවසා සිටින්නේ තමන් මේ වන විටත් carbon nanotube transistors පමනක් භාවිතාවන සම්පූර්න ක්‍රියාකාරීත්වයක් ඇති  පරිගණකයක් නිපදවා ඇති බවකි.
              20 වන ශත වර්ෂයේ බලගතුම සොයා ගැනීම බවට පිලිගැනෙන transistor නොපැමිනීයානම් තවමත් සර්වරයක් යනු මහල් තුනක ගොඩනැගිල්ලක ප්‍රමානය ගන්නා බවට කෙරෙන උපමාව ඔස්සේ එහි කාර්යක්ශමතාවය පිලිබද මනා වැටහීමක් ලබාගන්නට හැකි වන අතර වෙගවත් පරිගණක උපාංග දියුනුවත් සමග transistor වල හැකියා සීමාවට තාක්ශනය පැමින ඇති බව පසුගිය කාලයේ නිතර අසන්නට සිදුවනු ප්‍රකට පිලිගැනීමක්ව ඇත. එම සීමා ‍රැගෙන එන "Moore's Law" මගහරින්නට නම් සිලිකන් වෙනුවට වෙනත් විකල්ප භාවිතයක් පිලිබදව දැඩි අවදානයක් ඇතිව තිබිනි. 

injector traffic ඔස්සේ අයතාකාරයේ වෙළඳ දැන්වීම් පලකිරීම් ඉහලයමින් ඇත

  අලුත් හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ අයුතු ලෙස ක්‍රියාත්මක කරවන plug-ins ඔස්සේ ප්‍රධන පෙලේ වෙබ් අඩවි වල පවා legitimate මට්ටමේ වෙළඳ දැන්වීම් වෙනුවන අයුතු පලකරන්නන්ගේ පලකිරීම් තවමත් හොඳින්ම සිදුවෙමින් ඇති බවයි. මෙම  injector බොහෝ විට නොමිලේ නිකුත්කරන මෘදුකාංග සමග භාවිතාකරන්නා වෙතට එවන්නට ඔවුන් කටයුතු කරන බවටයි හදාරන්නන් පවසන්නේ.මෙලෙස බ්‍රවුසරයේ displays වෙනස් කිරීම තුල තමන්ට අවැසි ආකාරයේ දෑ පලකරන්නන් හට පෙරකී පුද්ගලයන්ට අවස්ථාව ලැබෙන බවටයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.ප්‍රධාන පෙලේ වෙබ් මූලික ආයතන තමන් මෙම  injector traffic ආකාරයේ භාවිතාවන්හට කිසිසේත් අසම්බන්ද බව පැවසුවද එම හැදෑරීමේ වාර්ථාවල දත්ත අතර සියුලුම පාහේ ප්‍රධාන ආයතන සම්බන්දයෙන් දත්ත ඇති බවටයි .

IBM වාර්ථාවක් බොහෝ ආයතනිකව වන නොසැලකිලිමත් බව පෙන්වයි....

  IBM වෙතින් නිකුත්වන ආරශක වාර්ථාවක් පවසන්නේ  පහරදෙන්නන් සමාජ ජාලා හා මොබයිල් භාවිතාවන් ඉලක්ක කිරීම වේගයෙන් වැඩි වෙමින් ඇති බවයි. වැඩි පිරිසක් ගැවසෙන සමාජජාලා ගිනුම් ඔස්සේ තම අරමුනු ඉ‍ටුකරගන්නට මාන බලන පහදෙන්නන්ගේ ප්‍රවනතාවය ඉහල යමින් පවතින බවටයි ඔවුන් පවසන්නේ. පහර දෙන්නන්කේ ක්‍රම උපායන් වඩාත් විදිමත් වීමේ වැඩි ප්‍රවනතාවයක් ගැන පවසන ඔවුන් සමාජ ජාලා ඔස්සේ කරනු ලබන පහරදීම් වඩාත් වියසනාත්මක වන්නේ වැඩි පිරිසකට එකවර ඉලක්කවීමේ හැකියාව නිසා බව පවසයි.
              මොබයිල් මට්ටමේ පහරදීම් සැලකිය යුතු මට්ටමකින් ඉහල යමින්පවතින බවට පවසන ඔවුන් මොබයිල් භාවිතාවල් සමග පැමිනෙන දුර්වලතා සැලකිමේදී ඒවා වාර්ථාවන්නේ අඩු ප්‍රතිශතයකින් බවට පවසා සිටී. සේවකයන් හට තම පෞද්ගලික දත්ත උපාංග කාර්යාල තුල භාවිතයට ඉඩ ලැබීම( "BYOD) තත්වය වඩාත් නරක කරන්නක් විය හැකි බවටයි දක්වා සිටින්නේ.එසේම පහර දෙන්නන් ආයතනික මට්ටමේ පහර දීම් වලදී DDoS වැනි පහර දීමක් ඔස්සේ එහි තොරතුරු තාක්ශන සේවකයන් අවධානය එ වෙත යොමුකර තමන්ගේ සැබෑ ඉලක්කගත පහදීම් සදහා අවස්ථවල ලබා ගන්න ආකාරය වැඩි යෙන් දක්ව්න ලැබෙන බවටයි පවසන්නේ. විටක බැංකුවක් වෙතට  DDoS ප්‍රහාරයක් අතරේ එහි භාවිතාකරන්නන් වෙත පහර දෙන්නන් පවසා සිටින්නේ අදාල බැංකුවෙ වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයකට යටත්ව ඇති බැවින් ඔවුනගේ ආරක්ශාව සදහා විකල්ප වෙබ් ලිපිනයක් ලබා දෙමින් එය භාවිතා කරන ලෙසට උපදෙස් දීම වන අතර එම වෙබ් ලිපිනය භාවිතාකරන්නාව ආසාධිත ප්‍රහාරයකට පහසුවෙන් හසුකර ගනී. බොහෝ විට ආයතනික මට්ටමේ ප්‍රහාරයන් පසු පස දුර්වල මට්ටමේ ආරක්ශක පියවර තිබෙන බව පවසන එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ ආයතන ප්‍රහාරයකින් පසුව තමන්ගේ ආයතනයේ ගරුත්වය ගැන කටයුතු කරනවාට වඩා වඩාත් ආරක්ශිත වටපිටාවක් ඔස්සේ තම තොරතුරු තාක්ශන කටයුතු කරගෙන යාම වැදගත් වනු ඇති බව පවසයි.

ගූගල් ක්‍රෝම් නව මුහුනතට භාවිතාකරන්නන්ගේ අකමැත්ත!!!!

  පලවන වාර්ථා පවසන්නේ ගූගල් ක්‍රෝම් වෙත ගූගල් ආයතනය ‍රැගෙන විත් ඇති නව වෙනස්කම් පිලිබදව සමහර බාවිතාකරන්නන් අතර එතරම් කැමැත්තක් නොවන බවයි. ගූගල් ආයතනය පසුගිය මාසයේ පවසා සිටියේ කලිකුත්වූ ක්‍රෝම් සංස්කරන භාවිතාකරන්නන්වෙතට නව වෙනස්කම් සහිත යාවත්කාලීනයක් ‍රැගෙන එන්නට තමන් කටයුතු කරන බවකි.Ctrl + T යතුරු ක්‍රියාකරවීම ඔස්සේ විවෘතකල හැකි මෙම නව  tab page භාවිතයේදී භවිතාකරන්නා වැඩියෙන්ම පිවිස ඇති වෙබ් පි‍ටු 8කට සම්බන්දයන් සහිත ටැබ් පි‍ටුවක් දිග හැරෙන මුත් භාවිතකරන්නන්ගේ වඩාත්ම චෝදනව වී ඇත්තේ වැඩි පුර mouse clicks යොදාගැනීමට සිදුවීමයි.
                     මෙම නව හදුන්වාදිම අපහසු වන භාවිතාකරන්නෙකුට "Chrome://flags" යන්නට ටයිප් කොට "omnibox" වෙත පිවිස  API setting වලදී Enable යන්නෙන් Disable වෙතට මාරුකිරීම ඔස්සේ පැරනි හුරුපුරුදු ගූගල් ක්‍රෝම් මුහුනත කරා යන්නට හැකි වනු ඇත.

ඇමරිකානු ගුවන් මගීන්හට ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයේ ලිහිලක්!!!!

  පලවන නවතම පුවතක් පවසන්නේ සාමන්‍යයෙන් ගුවන් ගමනක් ආරම්භයේදී හෝ අවසානයේදී එහි මගීන් හට තම  laptop හෝ  tablet භාවිතයට අවසර නොලැබීමේ රීතිය ලගදීම අවසන් වන්නට ඉඩ ඇති බවකි.ඇමරිකානු  Federal Aviation Administration  වෙතින් නිකුත්වන නිවේදනයකට අනූව පවසා සිටින්නේ ගුවන් මගියන් ඉහත කී උපකරන භාවිතයේ දී මෙතෙක් වූ එම රීතිය ලිහිල් කර දමන්නට තමන් කටයුතු කරන බවකි.මීට පෙර ඔවුන් පවසා සිටියේ Wi-Fi පහසුව ඇති ගුවන්යානා වලදී එම යාන ගමන් ආරම්භයේදී මෙන්ම අවසානයේදීද අන්තර්ජාල ගතවීම , ඊමෙල් හුවමාරුව සදහා අවසර ලැබිය යුතු බවකි. කෙසේ වෙතත් තවමත් එරට නීතිරීත්වලට අනූව cellphones ඔස්සේ දුරකතන ඇමතුම් ලබාගැනීම මෙන්ම text කිරීමේ තහනම තවමත් වලංගුව පවතිනවා.

2013-09-29

සියලු උපාංග සදහා universal cable charger එකක්!!!!

  දත්ත උපාංග භාවිතාකරන්නන්ගේ ප්‍රමානය වේගයෙන් වැඩි වෙමින් ඇත. එක පුද්ගලයෙකු භවිතාකරන දත්ත උපාංග  ප්‍රමානයද වෙගයෙන් ඉහල යමින් ඇත. ඒ වන විට මතුවන ගැටලු අතර සහය උපාංග වල (accessories) විවිධත්වයයි.  ජංගම උපාංග සැලකීමේදී නිෂ්පාදකයා අනූව පමනක් නොව එකම නිෂ්පාදකයාගේම පවා විවිධ මෝස්තර අනූවද chargers වල විවිධත්වය භාවිතාකරන්නන්හට ගෙනෙන්නේ මහත් අපහසුතාවයකි. කලක්තිස්සේ European Union (EU) වල මෙම අපහසුතාවය තාවය පිලිබදව අවදානය යොමුකර සිටිය අතර පලවන නවතම පුවතක් පවසන්නේ සියලු නිෂ්පාදකයින් සදහා universal cable charger එකක් සදහා පැමිනීම අනිවාර්ය කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි. මෙම නව නීතිය mobile phones හා  tablet computer සඳහා වලංගුවනු ඇති බවටයි පැවසෙන්නේ. දැනටමත් microUSB ports භාවිතාකරමින් සිටින  Samsung, HTC හා Nokia සදහා  මේ බව ගැටලුවක් නොමැති වුවද apple ආයතනය එකග නොවන තත්වෞඅක් දක්නට ලැබෙන බවටයි පැවසෙන්නේ. කෙසේ වෙතත් තවමත් මෙම තීර්නය European Union (EU) Parliament තුල සම්මත වෙමින් නීතියක් බවට පත්ව නැති බවටයි දැක්වෙන්නේ.

LibreOffice නව සංස්කරනයක් නිකුත්වේ!!!!

  ලොව බහුලතම පරිගණක භාවිතාවක් වන office මෘදුකාංගය සදහා මයික්‍රසොෆ්ට් ආයතනයේ මෘදුකාංග නිකුතුව වැඩිම ආකර්ශනයක පවතින විසදුමකි.එහෙත් පෞද්ගලික මට්ටමේ මෙන්ම අඩු බ‍රැති භාවිතාවන් ඔබගේ අවශ්‍යතාවය වන විට එතරම් මිල අධික විසදුමකට ඔබ යොමුවීම අනිවාර්ය නොවනවා විය හැක. LibreOffice මෘදුකාංගය සියලුම  ප්‍රධාන මෙහෙයුම් පද්ධති සමග සහයෝගයෙන් ( Windows, Macintosh හා Linux)  කටයුතු කරන්නට සූදානම්ව පැමින ඇති අතර එහි වන  Writer, Calc, Impress, Draw, Math හා Base මෘදුඅංග සමග ඔබගේ බොහෝ  දත්ත සැකසුම් කටයුතු  හොඳුන් ඉ‍ටුකර දෙන්නට සූදානම්ව සිටින බවටයි ඔවුන් පවසන්නේ.
                    එහි වන Writer සමග ඔබගේ වදන් සැකසුම් කටයුතු කරගන්නට සහයවන්නට හැකි වන අතර Calc සමග සංක්‍යා මූලික කටයුතු වලදී සහයවන්නට සුදානම්ව සිටී.ඔබගේ  multimedia presentations කටයුතු සදහා Impress විසඳුමක් ගෙනෙන්නට සූදානම්ව සිටින අතර Draw සමග diagrams , sketches කටයුතු සදහා සහය වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.එසේම databas කටයුත්තකදී Base ඔබගේ සහයට පැමිනෙනට සූදානම් බවටත් ඔවුන් පවසනවා.තවත් බොහෝ පහසුකම් සමග පැමින ඇති මෙම මෘදුකාංගයේ භාවිතාකරන්නගේ මුහුනත් ආදියද පෙරකාලයේ මෙන් හැසිරවීමට අපහසු නොවන ලෙසට (භාවිතාකරන්නා මිත්‍ර) පැමින තිබීම නව භාවිතාවක් අත්හදා බලන්නට තීඑනය කරන ඔබට පහසුවක් වනු ඇත.
http://ftp5.gwdg.de/pub/tdf/libreoffice/stable/4.1.2/win/x86/LibreOffice_4.1.2_Win_x86.msi

බ්‍රිතාන්‍ය සෙවකයන්ට තම පෞද්ගලික පරිගණක උපකරන ඔස්සේ රාජකාරි කිරීමේ අවසරය!!!!!

  පරිගණක උපකරන භාවිතාව පිලිබදව කථිකාවන් අතර පෞද්ගලික මෙන්ම රාජ්‍ය ආයතනයන් වලදී එහි සේවකයන් තම පෞද්ගලික උපාංග භාවිතයට අවසර ලැබීම පිලිබදව කථිකාව බොහෝ කලක සිටක පවතින්නකි. මෙම මතවාදයට එරෙහිව පැවති ප්‍රධාන බාදකය වූවේ ආරක්ශාව පිලිබද ගැටලුවය. වර්ථාමානය වැඩි යෙන් කථා බහට ලක්ව ඇති  National Security Agency හි ක්‍රියාකාරීත්වය පිලිබදව මතවාද මෙන්ම වින්ඩෝස් 8 සමග පැමින ඇති ආරක්ශිත පරිගණක ආරම්භයට සහය වන සමහර සහයන් ඔස්සේ භාහිර පාර්ශවයකට එම පරිගණකය වෙත එබී බලන්නට හැකියාවක් ලැබීමේ අනතුර කැපී පෙනෙමින් තිබුනා.
                    වාර්තාවන අලුත්ම සටහනක් පවසන්නේ මේ වන විට බ්‍රිතාන්‍ය රජය නිල වශයෙන් හම සේවකයන්හට තමන්ගේ පෞද්ගලික smartphones මෙන්ම tablets තම කාර්යාල කටයුතු සදහහ යොදා ගැනීමට අවසර දී තිබෙන බවයි.  පුලුල් පරාසයක් තුලවන මෙහෙයුම් පද්ධති සදහා මෙම අවසරය වලංගුවන අතර එම මෙහෙයුම් පද්ධති අතර වින්ඩෝස් 7,8, RT ,PHONE 8 මෙන්ම Android 4.2, iOS 6, BlackBerry 10.1, OS X 10.8, Chrome OS 26හා Ubuntu 12.04 ලෙසට දැක්වෙනවා.මෙම අවසරය භාවිතාවේදී රජය උපාංග වෙත පනව ඇති කොන්දේසි අතර "walled garden" ලෙසට නම්වන අතර වැඩි දුරටත් පවසන්නේ එම උපකරන කාර්යාල්;අ භාවිතයට පෙර  factory settings වලට පමුනවාලීම අනිවාර්ය වනු ඇති බවකි.

ෆේස්බුක් දැන්වීම් වලදී භාවිහාකරන්නා වෙතට වැඩි අවධානයක්!!!!

  ෆේස්බුක් සමාගම තම අඩවිය තුලට පැමිනෙන්නන් සදහා වෙළඳ දැන්වීම් ගෙන ඒමේ ක්‍රමවේදයේ මද වෙනසක් වෙතට පිවිසෙමින් ඇති බවටයි පලවන නවතම තොරතුරු පවසන්නේ.වඩාත් භාවිතාකරන්නා දෙසට හැරෙමින් ආයතනය පවසන්නේ භාවිතාකරන්නාගේ කැමැත්ත මතද තම පි‍ටුව වෙත පැමිනෙන වෙළඳ දැන්වීම් පිලි බදව තීර්නය කරන්නට තමන් සූදානම් බවකි.භාවිතාකරන්නා යම් වෙළඳ දැන්වීමක් කෙරෙහි Likeකිරීමක් වැනි ධනාත්මක ප්‍රථිචාරයක් දැක්වන විට එවැනි දැන්වීම් වඩාත් ‍රැගෙන එන්නට මෙන්ම යම් විටක ඔවුන් යම් දැන්වීමකට Hide වැනි ප්‍රතිචාරයක් දක්වන විට එය හා එවැනි ආකාරයේ දැන්වීම් ඔහු වෙත යොමු නොකරන්නටත් මෙම නව වෙනස්කම් ඔස්සේ සිදුවනු ඇති බවටයි පවසන්නේ.ආයතනය වෙළදැන්වීම් කරුවන් සමගද වඩාත් සාර්ථක ක්‍රමෞපායන් සමග නිරන්තරයෙන් කටයුතු කරන මුත් මෙම නව වෙනස්කම් ඔස්සේ භාවිතාකරන්නා මතට යම්දුරක වැඩි සැලකීමක් යොමුකර ඇති බවටයි විචාරක මතය වන්නේ.

Kinect-based Windows PC නුදුරු අනාගතයේ පැමිනේවි!!!

  Kinect  යනු මයික්‍රසොෆ්ට් සමාගම  විසින් දියුනු කරනලද hand gestures ඔස්සේ දත්ත උපකරනයක් මෙහෙවීමට භාවිතාකල හැකි ඔවුනගේ තාක්ශනයයි.Xboxඔස්සේ දැනටමත් මෙම භාවිතාව සාමන්‍ය භාවිතාකරන්නන් සදහා නිකුත්ව ඇතත් බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වන්නේ ආයතනයේ වින්ඩෝස් භාවිතාවට සම්බන්දිතව එය නිකුත්වන තෙක්ය. මයික්‍රසොෆ්ට් සමාගම දැනටමත් තම  Windows developers වෙත Kinect  නිකුත්කර තිබුනද තවමත් වින්ඩෝස් පරිගණකය මෙහෙයවීම සදහා එය යොදා ගන්නා අකාරය  පැහැදිලි කර නැත.පලවන නවතම වාර්ථා පවසන්නේ ආයතනය මේ වන විට තම Cambridge වලදී තම Microsoft Research වල එක් ව්‍යාපෘතියක ලෙසට Kinect තාක්ශනය වින්ඩෝස් වෙත කැදවා ගැනිමට කටයුතු කරමින්සිටින බවකි.
       එම වාර්ථා පවසන්නේ  මෙම ව්‍යාපෘතිය ඔස්සේ මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් 7 හා 8 වෙත පුදලයෙකුට hand gestures ඔස්සේ අනකිරීම් රාශියක් පිලිබදව අත්හදා බැලීම් සිදුවෙමින් පවතින බවයි. උදාහරනයක ලෙස ඔවුන් දක්වා සිටින්නේ maximize a window වැනි අනකිරීමකට නැතිනම් Windows 8 search menu වැනි අනකිරීමකට භාවිතාකරන්නාගේ hand gestures භාවිතාකරන්නට මේ මගින් හැකිවනු ඇති බවයි. දැනට මත්  Leap වෙතින් මෙවැනි තාක්ශනයක් ඔස්සේ වින්ඩෝස් 8 මෙහෙයවීමේ හැකියාවක් හදුන්වාදී ඇති අතර නව ව්‍යාපෘතිය යටතේ නුදුරු අනාගතයේදී Kinect-based Windows PC නිකුත්වීම පිලිබදව බලාපොරොත්තු තැබිය හැකි වනු ඇත.

2013-09-28

IE දුර්වලතාවය හිතුවාට වඩා හානිකරයි!! --හදාරන්නන් පවසයි--

  පලවන නවතම වාර්ථා පවසන්නේ හදුනා ගෙන තිබූ internet explorer හි පෙර සැකසුම් දුර්වලතාවය (zero-day vulnerability)බලාපොරොත්තු වූවාට වඩා හානිකර ලෙසින් බලපාමින් තිබෙන බවකි. පසුගිය ජූලි මාසයේ සිටම මෙම දුර්වලතාවය ඔස්සේ ඉලක්ක ගතව පහර දෙමින් සිටින තායිවාන ආයතනයනයක් පිලිබදවද ඔවුන් තොරතුරු හෙලි කරමින් සිටිනවා.මයික්‍රසොෆ්ට් ආයතනය් සැප්තැම්බර 17 පවසා සිටියේ IE 8,9 සංස්කරන භාවිතාකරන්නන් කල්පනාකාරීවීම වැදගත් වනු ඇති බවයි.ඔවුන් "Fix it" මට්ටමේ සිසඳුමක්ද නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවා.තවමත් මෙම දුර්වලතාවය සදහා පිලිසකර යාවත්කාලීනයක් නිකුත් කරන්නට එම ආය්තනය කටයුතු කොට නොමැති වනවා.
  හදාරන්නන් පිරිසක පසුගියදා ප්‍රකාශ කොට සිටියේ අගෝස්තු  19 සිටම ජපන් ආයතනයක් වෙතද මෙම දුර්වලතාවය ඔස්සේ පහර එල්ල කරමින් සිටිනු තමන්ට හමුව ඇති බවයි.IE 8,9 සංස්කරන මූලිකව මෙම පහර දීම සදහා යොදා ගන්න නමුත් IEහි සියලුම සංස්කරන සදහා මෙම දුර්වලතාවය පොඳු බවත් හා පහර දෙන්නන් මෙම දුර්වලතාවය භාවිතයේදී වින්ඩෝස්XP හා වින්ඩෝස් 7 භාවිතාකරන්නට වඩාත් පෙලබෙමින් ඇති බවත්ය.තවත් හදාරන ආයතනය පවසා සිටින්නේ වින්ඩෝස් මූලික පරිගණක වලින් 70%ක්ම ආසාධිත මට්ටමේ පවතින බවයි.

Steve Jobs ගේ ලමා කාලයේ නිවස ඓතිහාසික ස්ථානයක් ලෙසට නම්වන ලකුනු!!!

  තොරතුරු විෂය මත ඇවිද යමින් එය වෙත අපූරත්වයන් කැදවූ මිනිසුන් බොහොමයකි.ඒවා බොහොමයක්ම තාක්ශනික කාරනා වූවාය. කැපී පෙනෙන තවත් මිනිසෙකු නිර්මානශීලීත්වය  නැතිනම් දැක්මක පෙර‍ටු කොටගෙන මෙම විෂය මතට ගොඩවිය.හෙතෙම එම විශයමත වෙනම අන්‍යතාවයක් නිර්මානය කලාය.මිනිස් වර්ගයා මත අපූර්ව තොරතුරු මෙවලම් සම්ප්‍රධායක් නිර්මානය කොට අසාධාරන හදිසි කැදවීමක ඔස්සේ ආපසු යන්නට ගියාය.
                      California පිහිටි තම නිවාසයේ ගැරේජයේ තම හිතවතෙකු සමග ඔහුගේ තොරතුරු විෂය මත වන සක්මන ඇරබුවේ ඔහු නමින් Steve Jobs වූ අතර මිතුරා  Steve Wozniak විය.Steve සමුගෙන ගොස් දෑවසරක් පිරෙමින් ඇති අතර ඔහුගේ සමු ගැනීමත් සමග එම නිවස නරබන්නන්ගේ ආකරශනීය ස්ථානයක් බවට පත්වන්නට විය. එහිආගිය බොහෝ දෙනාගේ අදහසක් වූවේ එම නිවේස ඓතිහාසික වටිනා කමක් ඇති ස්ථානයක් බවට පත්විය යුතු බවකි.මේ වන්විට බලධාරීන් මෙම ස්ථානය ඓතිහාසික වටිනා කමක් ඇති ස්ථානයක් බවට පත්කරන්නට සලකා බලමින් සිටින බවටයි වාර්ථා පවසන්නේ. බලධරීන්ගේ අවසාන අදහස කුමක් වුවද වාර්ථාකරුවන් පවසන්නේ දැනටමත් බොහෝ එහි යන එන සංචාරකයි අතර එම ස්තානය ඓතිහාසික ස්ථානයක් බවට පත්ව ඇති බවකි.

Avast හි මීලග පෙර සංස්කරනයක් නිකුත්වේ(2014 RC1 Build 9.0.2003)

 මෘදුකාංගයක නව සංස්කරනය නිකුත්වීම යනු සමහරුන් විස්වාස කරන පරිදි හුදු වෙළඳ හෝ වෙනයම් පරිභාහිර කාරනාවක්ම ලෙසට හැම විටම නොසැලකිය යුතුය.විශේෂයෙන් ආරක්ශක මෘදුකාංගයකදී මෙම තත්වය වඩාත් වැදගත්වේ.ලොව පුරා නිරන්තරෙන් හානිකරයන් බිහිවෙමින් තිබේ. භාවිතාකරන්නාගේ ආරක්ශාව තහවුරු කරන්නට නම් එම ආරක්ශක මෘදුකාංග සමාගම්ද නිටන්තරයෙන් කටයුතු කරන්නට සිදුවේ. ඔවුන් සතු දැනට පවතින මෘදුකාංග ‍රැගෙන එන තාක්ශනික රටා ඉක්මවන නව හානිකරයන් බිහිවෙද්දී වඩාත් නවීනතම සංස්කරන වලට යන්නට ඔවුන සිදුවීම මෙම නව සංස්කරන පැමිනීමේලා එක හේතුවක්ද වේ. Avast ආයතනය මෙලෙස  භාවිතාකරන්නන් අතර විස්වාශය දිනගත් ආරක්ශක මෘදුකාංග සමාගමක් වන අතර ඔවුනගේ Avast Free සංකරන ලොව පුරා පරිගණක දහස් ගනනක භාවිතාවන ආරක්ශක මෘදුකාංගයක් ලෙසට පිලි ගැනේ.
  ඔවුනගේ මීලගට නිකුත්වීමට නියමිත නව සංස්කරනයක බීටාවක් මේ වන විට Free Antivirus 2014 Beta 1 ලෙසට නිකුත්ව ඇති අතර  එහි පැමින ඇති නවාංග අතර DeepScreen technology සදහන් වේ. එය්දැනට භාවිතාවන AutoSandbox තාක්ශනයේ දියුනු කරන ලද යාන්ත්‍රනයක් ලෙසට පැවසේ.වැඩි දියුනු කරන ලද streaming update ඔස්සේ අන්තිම තප්පරය දක්වාම ඔබගේ ආරක්ශක මෘදුකාංගය සූදානම්ව තැබීමට වගබලා ගන්නා බවට ඔවුන්පොරොන්දුවේ.එසේම මෙමනව සංස්කරනයත් සමග පැමිනෙන SafeZone සමග බෑංකු කටයුතු වැනි අති ආරක්ශක කටයුත්තකදී ඔබගේ සහට එන අංගයක් ලෙසට හැදින්වේ.තවත් නවාංග කිහිපයක් සමග පෙර සංස්කරන වලදී හදුනා ගත් දුරවලතා කිහිපයක්ම සකසා පැමින ඇති මෙම සංස්කරනය බීට සංස්කරනයක් බැවින් ස්තීර සංස්කරනයන් නොවන මුත් හදාරන්නන් සදහා මෙන්ම අත්හදා බලන්නට ප්‍රිය කරන්නන් සදහ වඩාත් යෝග්‍ය වනු ඇති බව අමතක නොකල යුතුය.

මොබයිල් සබඳතා තාක්ශනය බ්‍රෝඩ්බෑන්ඩ් සමග සමවීම නොහොත් 4G පැමිනීම

  හතරවන පරම්පරාවේ  මොබයිල් සබදතාවය 4G නමින් කෙමෙන් භාවිතයට පිවිසෙමින් ඇත. LTE ලෙසටද නම් කෙරෙමින් පිවිසෙමින් ඇති මෙම නව පරම්පරාවේ මොබයිල් සබදතාවය ලෝකයේ දියුනු නගරවල කෙමෙන් භාවිතය වැඩි වෙමින් පවතින්නක් ලෙසට පිලිගැනෙනවා. උපරිම download වේගය තප්පරයට මෙගා බිට් 40ක් ලෙසට වුවත් සාමන්‍ය අගය තප්පරයට මෙගා බිට් 8-10 අතර වන බවටයි ගනනය වන්නේ. upload වේගය සැලකීමේදී තප්පරයට මෙගා බිට් 15ක උපරිමයක් ගත හැකි වුවද සාමන්‍ය අගය තප්පරයට මෙගා බයිට 5-6ක් ලෙසටත් ගනනය වනවා.මෙම දත්ත්යන් 3G සමග සැලකීමේදී තෙගුනයක වේගයක් බවයි දැක්වෙන්නේ.එසේම latency නොහොත් සබදතා වේගය 3G හා සැසදීමේදී සියයට 30 සිට 40 දක්වා අඩුවීමක් මෙම නවතාක්ශනය සමග පැමින ඇති බවටයි සදහන් වන්නේ.එය මිලිතප්පර 100 සිට මිලි තප්පර 60 හෝ 70 අතර අගයක් ගන්නවා ඇත.
                                             3G තාක්ශනය හා සැසදීමේදී වඩාත් වේගවත් මෙන්ම ස්ථාවර සබදතාවය ‍රැගෙන එන මෙම තාක්ශනය packet-switching දත්ත හුවමාරු තාක්ශනය ඔස්සේ ක්‍රියාත්මක වන බැවින් දත්ත හුවමාරුව් සදහා යොදා ගැනීමට වඩාත් හිතැති බවයි පිලිගැනීම වන්නේ. වරක් Nokia ආයතනය ක්‍රම උපායන් ඔස්සේ තප්පරයට මෙගා බිට් 163 දක්වා ඉහල නංවනට හැකියාව ප්‍රදර්ශනය කල අතර හදාරන්නන් පවසන්නේ අනාගත භාවිතාවට මෙම 4G LTE වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි. 3G වලදීමෙන් හඬ හා දත්ත හුවමාරුව සදහා යොදගන්නට හැකි මුත් 4G දත්ත හුවමාරුව සදහා යොදා ගන්න තාක්ශනයක් බැවින් හඬ හුවමාරුවද දත්ත ගොනු ආකාරයට සිදු කිරීමට හෝ හඬ හුවමාරුව සදහා 3G තාක්ශනය භාවිතාකරන්නට සිදුවනු ඇති බවටයි පිලි ගැනෙන්නේ.මෙම තාක්ශනය දෙකම එකවර භාවිතාකිරිඅමේ අපහසුව ද මෙහිතී සැලකිල්ලට ගනිමින් තිබෙනවා.මෙගා බයිට් 500ක ගොනුවක් සදහා විනාඩි පහක කාලයක් තරම් වේගයක් ම් ගන්නා මෙම තාක්ශනය සදහා භාවිතාකරන්නා හට වන වැය ද අධික වනු ඇති.බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවයක වෙගය ‍රැගෙන එන මෙම නව පරම්පරාවේ මොබයිල් සබදතා තාක්ශනය ලෝකයේ අනාගත දත්ත හුවමාරු අවශ්‍ය තාවය සදහා විසඳුමක් ‍රැගෙන එනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

"Free Unix!" අදහස 30 වන වසර සමරයි!!!!


 තොරතුරු ලෝකයට නව පනක් ගෙනෙන ඓතිහාසික සිදුවිමක් 1983 සැප්තැම්බර් 27දා සිදුවුනි. මෙදින  Richard Stallman විසින් "Free Unix!" සංකල්පය ගෙන ආ බවටයි සදහන් වන්නේ. නිදහස් මෘදුකාංග පිලිබද කථිකාව අරබමින් ඔහු පවසා සිටියේ ඔනෑම කෙනෙකුට නිදහසේ භාවිතා කල හැකි මෘදුකාංගය නිර්මානය කිරීම තමන් අරබන්නට බලාපොරොත්තුවන බවකි.ඒම ඇරබුම ඔස්සේ පියවර තැබූ Linus Torvalds විසින් 1991දී පෞද්ගලික පරිගණක සදහා  වන මෙහෙයුම් පද්ධතියක් වන  Linux නිර්මානය කල බවටයි සටහන් වන්නේ.Torvalds විසින් ගොඩනගන ලද kernel නැතිනම් මෙහෙයුම් පද්ධතියේ පදනම ඔස්සේ ගොඩ නැගුනු බොහෝ සංස්කරන අද වන විට ලොවපුරා විශාල පරිගණක ප්‍රමානයක ධාවනය වෙමින් ඇති බවටයි පිලි ගැනෙන්නේ. Linux Foundation  දල ලෙස පවසන්නේ 2005 සිට සැලකීමේදී 10,000 කට අදික පෞද්ගලික මෘදුකාංග සංවර්ධයන් මෙම Linux Kernel එක ඔස්සේ ගොඩ නැගුනු සංස්කරනයන් නිර්මානය කරමින්සිටින බවකි.

lightning ඔස්සේ ශක්ති ආරෝපනය ලබා ගන්නා ස්මාර්ට් දුරකථන!!!!

  විදුලි අකුනක ඔස්සේ උපකරන වෙත විද්‍යුතය ලබාගන්නට හැකිද යන්න 18 වන ශතවර්ෂයේ Benjamin Franklin's ගේ සිට ඇරබුන මතවාදයකි. පලවන නවතම පුවතක් පවසන්නේ Nokia ආයතනය මෙම ආකාරයට වන විදුලි සැරක ඔස්සේ ස්මාර්ට් දුරකථනයක් නැවත විද්‍යුත් රෝපනය කරන්නට හැකිදයන්න පිලිබදව මේ දිනවල පර්යේක්ෂනය කරමින් සිටින බවටයි .එම ආයතනය University of Southampton  සමග එක්ව කරනු ලබන මෙම අත්හදා බැලීම ඔස්සේ 200,000 volts විදුලි සැරයක් නිපදවා එය  transformer ඔස්සේ charging circuit එකක වෙතට යොමුකරන අතර අවසානයේ Nokia Lumia 925 ස්මාර්ට් දුරකථනයකට එම ශක්තිය ලබා ගන්නට හැකිවන ලෙසට යොමු කිරීම සිදුකරන බවටය් වාර්ථා පවසන්නේ.තවමත් ප්‍රාතමික මට්ටමක පවතින මෙම අත්හදා බැලීම් ඔස්සේ අනාගතයේ දියුනු මට්ටමේ මෙවැනි තාක්ශනයක් කාරා යන්නට හැකි වනු ඇති බවට ඔවුන් විවාසය පලකර සිටිනවා.

වින්ඩෝස් 7 වෙත XP වලටමෙන් දීග කාලීන සහය දැක්වීමක් නැත..

  මයික්‍රසොෆ්ට් වෙතින් පලවන තොරතුරු වලට අනූව කියවෙන්නේ ඔවුනට වින්ඩෝස් 7 සදහා XP ආකාරයට දීර්ග කාලීන සහය දැක්වීමක් සිදුකරන්නට බලාපොරොත්තු වන බවකි. XP සදහා වසර 12ක දීර්ග සහය දැක්වීමක් නිමා කරමින් 2014 වසරේ අප්‍රේල් 8 දා වන විට තම නිල සහය දැක්වීම අවසන් කරන්නට මෙ වන විට තිර්ර්නය වී තිබෙනවා.එහිදී පලවූ අදහස් වලට අනූව මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් XP සදහා මෙතරම් දිගු කාලයක් සහය දැක්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වින්ඩෝස් විස්ටා වල අසාර්ථ වීම බවයි දක්වා සිටින්නේ. භාවිතාකරන්නන් අතර වූ බලාපොරොත්තුවක් වූවේ වින්ඩෝස් 8 වලට භාවිතාකරන්නන් පිවිසීම දුර්වල මට්ටමක පැවතීම නිසා මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් 7 සදහා දීර්ගකාලයක් සහය ලබාදෙනු ඇති බව වූ මුත් ආයතනය පවසා සිටින්නේ එලබෙන ඔක්තෝබරයේ වින්ඩෝස් 8.1 පැමිනීමෙන් පසු තම නව මෙහෙයුම් පද්ධතිය වෙත පිවිසෙන්නට භාවිතාකරන්නන් තුලවූ පැකිලීම බොහෝ දුරකට සමනය වනු ඇති බවකි. ආයතනය පවසා සිටින්නේ වින්ඩෝස් 8.1 සමග වඩාත් දියුනු කිරීම් රාශියක් පැමිනෙන බවත් ආයතනික මට්ටමේ භාවිතාවන් සදහාද එම නව සංස්කරනය වඩාත් ගැලපෙනු ඇති බවත්ය.වින්ඩෝස් 7 2009 නොවැම්බරයේ මයික්‍රසොෆ්ට් විසින් නිල ලෙස නිකුත්කල අතර ඒය සදහා ආයතනය නිල ලෙස සහය දැක්වීම 2015 ජමවාරි 15වන විට අවසන් වන්නට නියමිතව තිබෙනවා.

2013-09-27

ඇපල් හදුනා ගත් iOS7 දුර්වලතාවය පිලිසකර කෙරේ!!!!

  ඇපල් ආයතනය තම මොබයිල් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරනය වන iOS7 නිකුත්වී දින අටක් පසුවෙමින් තිබේ.නිකුත්කර දින කිහිපයක් ගත වෙත්ම අයෙකු විසින් හෙලි කොට සිටියේ නවත මෙහෙයුම් පද්ධතියේ lock screen ඔස්සේ අනවසරව පිවිසෙන්නට හැකි දුර්වලතාවයක් තමන් හඳුනාගත් බවය. ඔහු පවසා සිටියේ එම දුර්වලතාවය ඔස්සේ සමහර app වලින් පෞද්ගලික තොරතුරු සොරා ගන්නට හැකි වන බවයි.ඇපල් ආයතනය මෙම සිදුවීම තහවුරු කරමින් ප්‍රකාශකර සිටියේ පිලිසකර යාවත්කාලීනයක් හැකි ඉක්මනින් නිකුත් කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. අද apple ආයතනය් ප්‍රකාශ කර සිටියේ එම දුර්වලතාවය ඉලක්ක කර ගනිමින් iOS 7.0.2 ලෙසට වන  යාවත්කාලීනය නිකුත්කර ඇති බවයි. එම යාවත්කාලීනය  iPhone, iPad හා  iPod Touch devices සදහා අදාල වනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ. මෙම යාවත්කාලීනය සමග එම දුර්වලතාවය පිලිසකර වනවා සමග  password ඇතුලු කිරිම සදහා යොද ගන්නට හැකි  keyboard යක්ද නැවත ‍රැගෙන විත් ඇති බවටයි නිවේදනය වන්නේ.ආයතනය දෙසින් පැවසෙන තවත් පුවතකට අනූව කිය වෙන්නේ මීටත් වඩා දියුනුකල පිලිසකර යවත්කාලීනයක්  ආයතනය තුල මේ වන විට අත්හදා බැලෙමින් ඇති බවත් එය බොහෝ විට මීලග  iPad  නිකුතුවක සමග එලබෙන ඔක්තෝබරයේ නිකුත්වන්නට ඉඩ ඇති බවකි.

මයික්‍රසොෆ්ට් වෙතින් ක්ලවුඩ් මූලික game streaming සේවාවක්

  පලවන නිල නොවන වාර්ථාවක් පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය ඔන්ලයින් ආකාරයේ ක්ලවුඩ් මූලික game streaming  සේවාවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. එම පුවත වැඩිදුරටත් පවසන්නේ high end ආකාරයේ Xbox games අඩු හැකියාවැති දෘඩාංග සමග පහසුවෙන් ක්‍රියාත්මක වන්නට හැකිවන ආකාරයක් එම සේවාව සමග භාවිතාකරන්නන් හට ලැබෙනු ඇති බවයි.ආයතනයේ අභ්‍යන්තරව පැවති හමුවකදී මේ පිලිබදව කරුනු හෙලිකර සිටි බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ. එම කරුනු පැහැදිලි කිරීමේදී Halo 4 ක්‍රීඩාව streamed ආකාරයට උපාංග අතර ධාවනය කරන ලද අතර එම උපාංග අතර Windows Phone ද වූ බවටයි හෙලි වන්නේ.එම දැක්මේදී වාර්ථා වූ පරිදි එම ක්ලවුඩ් මූලික අත්හදා බැලීමේදී උපාංග අතරවූ  latencyය 45ns තරම් අඩු අගයක වූ බවටයි වාර්ථාවන්නේ.කෙසේ මුත් තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය මෙම a game streaming service පිලිබදව කිසිදු නිල සටහනක් නිකුත්කර නැති අතර නුදුරු දිනයක එය සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

AVG නව සංස්කරනයක් නිකුත්වේ......

  ආරක්ශක මෘදුකාංගය වර්ථමාන පරිගණක භාවිතයේදී මෙහෙයුම් පද්ධතිය තරමටම වැදගත් අවශ්‍යතාවයකි.සාමන්‍ය මට්ටමේ පරිගණක භාවිතාවක් ඇති ඔබ සදහා හොඳ මට්ටමක නොමිළේ ලැබෙන ආරක්ශක මෘදුකාංග සංස්කරනයක් සෑහෙන බව හදාරන්නන්ගේ මතයයි. මිලදී ගන්නා සංස්කරනයක් සමග එන සමහර ආරක්ශක අංගයන් ගෙන් තොරව වුවත් භාවිතාකරන්නන් අතර ප්‍රසාදය දිනා ගත් නොමිලේ ලැබෙන මෘදුකාංග අතර  AVG හොඳ පිලිගැනීමක් දක්නට හැක. මේ වන විට AVG ආයතනය තම නොමිළේ ලබා දෙන ආරක්ශක මෘදුකාංග සංස්කරනයේ නව සංස්කරනයක් නිකුත් කොට තිබෙනවා.
             එම ආයතනය පවසන්නේ නව සංස්කරනයත් සමග වැඩි දියුනු කල  privacy protection පහසුව හා New File Shredder සමග සංවේධී ගොනුවක් මැකීමේදී නැවත recover කිරීම වඩාත් අපහසු වන සේ කරන ලද දියුනු කිරීම් මෙන්ම ක්ලවුඩ් සමග ක්‍රියාත්මක වන නව යාන්ත්‍රනය ඔස්සේ වඩාත් ආරක්ශාකාරීව භාවිතාකරන්නාගේ පෞද්ගලිකත්වය මෙන්ම පරිගණකයේ ආරක්ශාව ‍රැගෙන එන බවටයි ඔවුන් පවසන්නේ.
http://download.avgfree.com/filedir/inst/avg_free_stb_all_2014_4142_free.exe
http://download.avgfree.com/filedir/inst/avg_free_x86_all_2014_4142a6696.exe
http://download.avgfree.com/filedir/inst/avg_free_x64_all_2014_4142a6696.exe

ගූගල් තම 15 වන වසර සමරයි!!!

  ගූගල් ආයතනය තම 15 වන වසර පසුකරමින් සිටින ලොව ප්‍රබලතම තොරතුරු තාක්ශනය හ සැබැදි ආයතනයක් ලෙසට පිලිගැනෙන්නකි.තොරතුරු සෙවුම් යන්තර තාක්ශනයේ නියමුවා ලෙසින් පිලිගැනෙන මෙම ආයතනය තම සැමරුම සමග පවසා සිටියේ පසුගිය මාස කිහිපය තුලදී තමන් වඩාත් කාර්යක්ශමව සෙවුම් යාන්ත්‍රනය දි‍ටුනු කරන්නට කටයුතු කරමින් සිටින බවයි.භවිතාකරන්නාගේ අවශ්‍යතාවය වඩාත් නිවැරදිව හදුනා ගනිමින් ක්ශනිව ඔහුගේ ප්‍රථිපල ‍රැගෙන ඒම තමන්ගේ අරමුන වන බවටයි ඔවුන් පවසන්නේ.විශේෂයෙන් භාවිතාකරන්නන්ගේ දිගු හා සංකීර්න සෙවුම් සදහා වඩාත් සාර්ර්ථකව ප්‍රථිපල ගෙන ඒම සදහ තමන් කටයුතු කරමින් සිටින බවටත් පවසනවා.
                     තම Knowledge Graph ඔස්සේ භාවිතාකරන්නන්ගේ ස්වභාවික භාෂා හැසිරවීම් හදුනා ගනිමින් හා සැසදුම් ආදිය  "compare butter with olive oil," හෝ "compare Earth vs. Neptune" වැනි විමසීමකට වඩාත් සාර්ථව විසදුම් ගෙනෙන්නට තමන්ට හැකිවනු අති බවටයි පවසන්නේ.තමන්ගේ ඉදිරි සැලසුම් අතර  intelligence features මෙන්ම  නව  comparison engine එකක් පිලිබදව ඔවුන් තොරතුරු පවසා සිටිනවා.

iOS7 භාවිතාකරන්නන් අතර වෙගවත්වම වැලඳ ගැනීමක් ලබමින්සිටී........

  තොරතුරු හදාරන ආයතනය පවසන්නේ iOS7 භාවිතාවට පිවිසීම iOS6 වලට සාපේක්ශව සැලකීමේදී ඉහල මට්ටමක පවතින බවයි.ඔවුනෙය සංක්‍යාත්මකව පවසන්නේ 14%ක වෙගවත් බවක් දක්නට ලැබෙන බවයි. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙවන විට iOS7 භාවිතාව ඇපල් හි මොබයිල් උපාංග භාවිතාකරන්නන්ගෙන් 58.3% දක්වා ඉහල අගයක පවතින බවයි. මෙම තත්වය iOS 6,5 වැනි සංස්කරන සමග සමාන කාල පරාස සැසදීමේදී ඉදිරියෙන් සිටින බවකි.ඇපල් ආයතනයේ නවතම මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන iOS7 මෙහෙයුම් පද්ධතිය පසුගියදා නිල ලෙස එම ආයතනය විසින් නිකුත්කරන්නට යෙදුනු අතර තවත් ආයතනය පවසන්නේ මේ වන විට ලොව පුරා මිලියන 200ක් පමන iOS උපාංග භාවිතාකරන්නන් අතර එය භාවිතා වෙමින් පවතින බවකි.ඔවුන්පවසන්නේ iOS7 වෙත පැමිනීමේ වේගය ඉතිහාසයේ සටහන් වන වේගවත්ම software upgrade කිරීම වන බවය.මෙම නව මෙහෙයුම් පද්ධතිය iPhone 4, iPhone 4S හා  iPhone 5; iPad 2, menma තෙවන හා හතරවන පරම්පරාවේ iPads (Retina screens),හා iPad Mini සදහ නොමිලේ ස්ථාපනය කරගන්නට මේ වන විට ඇපල් ආයතනය පහසුකම් ලබාදී තිබෙනවා.

BBM network හා windows ද ඉදිරියේදී මිත්‍රව කටයුතු කරනු ඇත....

  අප පසුකරමින් සිටින්නේ මෘදුකාංග මෙන්ම දෘඩාංග ද එකට යාවන්නට අවශ්‍ය වන යුගයකය.මෘදුකාංග සැලසුම් කරුවන් මෙන්ම දෘඩාංග සැලසුම් කරුවන්ද තම නිපැයුම් තම ආයතනයේ පමනක් නොව වෙළඳ පොලෙහි වන සමාන්තර තාක්ශනයන් සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන්නට හැකි වන ලෙසට නිපදවීම කෙරෙහි වැඩි යෙන් අවධානය යොමු කරමින් සිටී.
                  ආයතනිකව වෙනස් කම් කිහිපයක් සදහාද පිවිසෙමින් ඇති IBM ආයතනයද පසුගියදා එමනව ප්‍රවනතාවයට  එකග වෙමින් පවසා සිටියේ තම BlackBerry 10 දුර කථන භාවිතාකරන්නන් සදහා තම Windows notebook හෝ desktop පරිගණක සමගද BBM network හරහා එනු ලබන messages කියවන්නට මෙන්ම පිලිතුරු සපයන්නට හැකිවන ආකාරයේ පහසුවක් ලබාදෙන ව්‍යාපෘතියක් තමන් තමන් නිර්මානය කරමින් සිටින බවකි. ඔවුන් පවසන්නේ තමන් හදුන්වා දෙන මෙම  Windows app ඔස්සේ වින්ඩෝස් 7 භාවිතාකරන් නන් හට photo attachment එකක වුවද පහසුවෙන් යවන්නට හැකි වනු ඇති බවකි.මෙවැනි පහසුව ඉදිරියේදී Mac සදහාද නිර්මානය කරන්නට තමන් බලාපොරොත්තුවන බවට ඉගියක්ද කරන්නට ඔවුන් එහිදී කට යුතු කල මුත් ඒ පිලිබදව දින වකවානු පිලිබදව කිසිදු සටහන් නොකරන ලදී.

බිල් ගේට්ස් මහතා Ctrl+Alt+Del යතුරු මුසුව සිදුවූ වරදක් ලෙසට පවසයි

  පසුගිය කාලයේ  Harvard හි පැවති Q&A වැඩසටහනකට සහභාගීව් වෙමින් සිටි බිල් ගේට්ස් මහතාහට යොමුඑඌ ගැටලු අතර කාගේත් සිත්ගත් ගැටලුවක් වූවේ පරිගණකය භාවිතේදී Ctrl+Alt+Del ලෙසින් වන යතුරු තුනක භාවිතාවක් හදුන්වා නොදී එක් යතුරක් සමග එම භාවිතාව හදුන්වා දෙන්නට කටයුතු නොකලේ කුමක් නිසාඅද යන්නන්යි. සභාව තුල හුන් බොහෝ දෙනාට සිනාවක් කැදවමින් බිල්ගේට්ස් මගත පවසා සිටියේ එය මයික්‍රසොෆ්ට් වෙතින් සිදුවූ වරදක් බවයි. එතුමා වැඩි දුරටත් පවසා සිටියේ IBM වෙතින් පැමිනි ගැටලුවක ලෙසට එය තමන් දකින්නට කැමති බවකි. වැඑඩි දුරටත් කරුනු පැහැදිලි කරමින් පැවසුවේ IBM වල යතුරු පුවරුව නිර්මනය කරනු ලැබූ පුද්ගලයා හට මේ සදහා තනි යතුරක් නිර්මානය කරන්නට අවශ්‍ය නොවූ බවයි. බිල් ගේට්ස් මහත පසුගිය කාලය තුලදී මයික්‍රසොෆ්ට් ආයතනය තුල සිදුවූ වරදීම් කිහිපයක් ගැනම ප්‍රසිද්ධියේ කථා කරන්නට පෙලබී තිබිනි.ඒ අතර මයික්‍රසොෆ්ට් ආයතනය ස්මාර්ට් දුරකථන නිපදවීමට තිර්ර්නය කිරීම ගැනද වන සටහනක් විය. 

2013-09-26

මයික්‍රසොෆ්ට් Surface mini ලබන වසරේ පැමිනේවි.....

  මයික්‍රසොෆ්ට් දෙවන පරම් පරාවේ Surface උපකරනය මේ වන විට නිල ලෙස නිකුත් කොට හමාරය. එසේම මයික්‍රසොෆ්ට් ආයතනය නිල වශයෙන් පලමු පරම්පරාවේ Surface උපකරන අලවිය මේ වන විට අවසන් කොට ඇති බවටයි පවසා සිටින්නේ. එසේම මේ වන විටත් මයික්‍රසොෆ්ට් ආයතනය ප්‍රමානයෙන් කුඩා Surface  උපකරනයක් පැමිනෙන බවට තහවුරු කර ඇත.මෑතකදී පලවූ වාර්ථාවක් පවසා සිටියේ එය බොහෝ විට මෙම වසරේ දෙසැම්බරයේ පමන වන විට නිල ලෙස ප්‍රකාශ කරන්නට නියමිත බවකි.එම වාර්ථා වැඩි දුරටත් පවස සිටින්නේ මෙම Surface mini  උපකරනය දැනට වෙළඳ පොලෙහි පවතින  iPad Mini හා Google Nexus 7 ඉලක්ක කරගමින් නිෂ්පාදනය වනු ඇති ඇති බවයි. 3G හා 4G සබදතාවයන් සහිතව පැමිනෙන්නට ඉඩ ඇති මෙම උපකරනය Qualcomm Snapdragon 800 ප්‍රොසෙසරයකින් සමන්විතව අඩු බල වැයක් හා දිගු කාලීන බැටරි බලයක් සදහා හිතැතිව පැමිනෙනු ඇති බවටයි සටහන් වන්නේ.අඟල් 7-5 ප්‍රමානයේ තිරයක සහිත පැමිනෙනු ඇතැයි බලාපොරොත්තුවන මෙහි නිෂ්පාදනය 2014 වසරේ පලමු කාර්තුව තුල ඇරබෙනු ඇති බවටයි වැඩි දුරටත් බලාපොරොත්තුව වන්නේ.බොහෝ විට ඩොලර් 249 අවට මිලකට මිල කෙරෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම උපාංගය මයික්‍රසොෆ්ට් වෙතින් පැමිනෙන වඩාත්ම ආකර්ශනීය Tablet  නිකුතුව වනු ඇති බවටයි විචාරය වන්නේ.

හෙට දවසේ මිනිසා ගැන කෙරෙන කාල්පනීය සටහනකි......

   මද වෙහෙසකර වුවත් ප්‍රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. "ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය. මෙතැනදී ඔබට ලැබෙනුයේ අතීත දැනුම පමනකි. ඊට අමතරව සුලු අනාගත නිර්මාණශීලීත්වයකට උත්සාහ ගන්නවා ඇත. මෙහිදී ඔබට ලැබෙන සමහර තීර්නාත්මක බුද්ධිකාරනා නිර්මානය කල සමහර මිනිසුන් තම ජීවිතකාලය තුල කවරදාකවත් උසස් අධ්‍යාපන ආයතන තබා ද්විතීක අධ්‍යාපනය ආයතනයකට පවා ගොඩ නොවුවන් බව මා ඔබට මතක්කරදෙන්නේ ඔවුනට අපහාස කරන්නට හෝ ඔබේ මේ පිවිසුම අවතක්සේරු කරනු සදහා නොවේ. දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට  පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු  අත්ත‍ටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ  පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි.   ස්තුතියි....  මම බීටාව. 
              (දත්ත මිනිසා)
  

නම්‍ය තිර සහිත ස්මාර්ට් දුරකථනය එලබෙන ඔක්තෝබරයේ... Samsung පවසයි.

   Samsung ආයතනය පවසා සිටින්නේ නම්‍ය තිරයක සහිත ස්මාර්ට් දුරකථනය එල බෙන ඔක්තෝබරයේ වෙළඳ පොලට පැමිනෙන්නට නියමිත බවයි. ආයතනයේ නවතම නිෂ්පාදන කිහිපයක නිල නිකුතුව වෙනුවෙන් පැවති හමුවකදී මේ බව ඔවුන් ප්‍රකාශකර සිටී. නිශ්චිත දිනයක හෝ මිල ගනනක් පිලිබදව සඳහනක් නොමැතිව කරනලද මෙම සඳහන තොරතුරු ලෝකය බොහෝ කලක් බලසිටි සිහිනයක යතාර්තයක් වීමක් බවටයි තොරතුරු තාක්ශන ලෝලයන් පවසන්නේ.ස්ක්‍රීනය ප්ලාස්ටික් ආකාරයට තනා ඇති මෙම දුරකතන ස්ක්‍රීනය සමග එය නවමින් දිග හරිමින් භාවිතාකිරීමේ හැකියාව ඇති බවට පෙන්වා දෙන ලදී.youm ලෙසට නම් කරසිටින මෙම තාක්ශනය සහිත උපාංගය සමග දත්ත උපාංග ලෝකයේ භාවිතාවට නව මානයක් එකතුවනු ඇති බවටයි විචාරකයින් පවසන්නේ.

Security Essentials ගෙනෙන්නේ මූලික මට්ටමේ ආරක්ශාවක් බව මයික්‍රසොෆ්ට් සමාගම පිලිගනී!!!

  මයික්‍රසොෆ්ට් සමාගම නොමිළේ ලබා දෙන ආරක්ශක මෘදුකාංගය වන Security Essentials පසුගිය කාලයේ ආරක්ශක මෘදුකාංග ප්‍රමතීන් විමසන ලොව පිලිගත් අත්හදා බැලීම් කිහිපයකදීම අසාර්ථකවනු දක්නට ලැබින. මේ වන විට මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තම ආරක්ශක මෘදුකාංගය ඉහල මට්ටමේ හානිකර  හඳුනා ගැනීමේදී දුර්වලව පවතින බවයි. 2009දී වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සදහා මුලුන්ම හදුන්වා දුන් මෙම ආරක්ශක මෘදුකාංගය පිලිබදව එවකට පැවසුවේ වෛරස හා මැල්වෙයාර් සදහා සැහෙන මට්ටමේ ආරක්ශාවක් ගෙනෙන්නට තම මෘදුකාංගයට හැකි වෙනු ඇති බවයි.ඉන් පසුව වින්ඩෝස් 8 වලදී වින්ඩෝස් ඩිෆෙන්ඩර් සමග මුසුකර තම ආරක්ශක මෘදුකාංගය මෙහෙයුම් පද්ධතිය සමගම භවිතාකරන්නන් වෙත එවන්නට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කරන ලදී.මෑතකදී ආයතනය පවසා සිටියේ තම මෘදුකාංගය  "baseline"  මට්ටමේ එකක බැවින් වඩාත් සාර්ථක  ආරක්ශක මෘදුකාංගයක් ස්ථපනය කිරීම භාවිත්කාරන්නන් වඩාත් සියුම් හානිකට යන් ගෙන් වැලකීමේදී වැදගත් වනු ඇති බවකි.

අන්තර්ජාල භාවිතයේදී අනවශ්‍ය කරදර මග හරිමු!!!!!

  වෙබ් අවකාශය මිනිසුන් වෙත ගෙනෙන්නේ මහත් පහසුවකි.භාවිතාකරන්නන්ගේ කාලය මෙන්ම වැය අවමකරමින්  ඔවුන්ගේ දෛනික කටයුතු බොහොමයක් අදවන විට අන්තර්ජාලය ඔස්සේ ඉ‍ටුකරගැනීමේ හැකියාව ලැබි ඇත.එහෙත් සාමන්‍ය ලෝකයේදී මෙන්ම මෙහිදීද ඔවුන්ව මුලා කරන්නන් නැතිවාම නොවේ.බහුල බාවිතාවන් තුලදී හමුවන එවන් සුලබ වියහැකි අපහසුතාවයන් කිහිපයක් මෙසේ දැක්විය හැක.
     වෙබ් අඩවියක් ඔස්සේ මිලදී ගැනීමක් හෝ වෙනයම් කටයුත්තක අතර මැදදී ‘Yes, please feel free to fill my inbox with marketing emails’ වැන්නකට එකගවීම කලබලකාරී වන ඔබ අතින් නොදැනීම සිදුවිය හැකි අතපසු වීමකි. ප්‍රථිපලය වන්නේ ඔබගේ ඊමේල ගිනුම වෙත අතොරක් නැතිව පැමිනෙන්නට ගන්නා අනවශ්‍ය ඊමේල් වීම විය හැක.තවත් විටකදී යම් මෘදුකාංගයක free versions ලබාගන්නට කටයුතු කරන අතර පොලබවාගැනීම ඔස්සේ සුලු ප්‍රමාදයකින් ඔබව මිලදී ගන්නා සංස්කරනයක් වෙතට පමුනවා ගන්නට ඔවුන් කටයුතු කල හැක. විමසිලිමත්ව කටයුතු නොකරන ඔබට වන්නේ එම මෘදුකාංගයේ මිලදී ගන්නා සංස්කරනයක කෙටි trial කාලයකට යටත්ව එම මෘදුකාංගය ලබා ගැනීම වේ.එසේම සමහර ප්‍රකට මෘදුකාංග වල පවා නොමිළේ ලබාදෙන සංස්කරනය වෙතට පිවිසීම අපහසුවෙන සේ නිර්මානය කර ඇති අතර කලබලකාරී භාවිතාකරන්නන් පෙර ආකාරයේ අත්හදාබැලීමේ කාලයකට යටත්ව මිලදී ගත යුතු සංස්කරනයක් ලබා ගේ කෙටිකලකින් අපහසුතාවයට පත්වනු දැකිය හැකිය. තවත් විටකදී එලෙස download පි‍ටුවකට පිවිසීමේදී අදාල බටනයට අමතරව සමාන තවත් බටනයන් දක්වමින් ඔබට අනවශ්‍ය බාගතකිරීම් වලට නොදැනීම පොලබවා ගැනීම දැකිය හැකිය. එවැනි අවස්ථා වලදී හුරු පුරුදු අයෙකු පවා දෙවරක් නොව තෙවරක් විමසීමකින් තොරව ප්‍රතිචාර දැක්වුව හොත් අනවශ්‍ය බාගත කිරීමකට පෙලබිමක් සිදුවනු ඇත.
                      නොමිලේ ලැබෙන පමනක් නොව කලාතුරකින් මිලදී සංස්කරන සමග පවා එම මෘදුකාංග ස්ථාපනයේදී අනවශ්‍ය Toolbars ආදී කොටස් ඔබගේ පරිගණකය මත ස්ථාපනයට ඔබ පොලබවා ගන්නා ආකාරය සකස්වී පැමිනිය හැක. ස්ථපනයේදී ඔබ පසුකරන පියවරවල් පිලිබදව නොසැලකිලිමත්වීම එයට ප්‍රධාන හේතුවක් වේ. බොහෝ විට බ්‍රවුසරය ඉලක්ක කරගමින් පැමිනෙන මෙම මෘදු කොටස් ඔස්සේ පසුකාලීනව අපහසුතාවයට පත්වන භාවිතාකරන්නන් බහුලව දැකිය හැකිය.මෘදුකාංගයක් ස්ථාපනයේදී පසුකරන පියවරවල් තුලදී එම අමතර මෘදු කොටස් ස්ථාපනයට ඔබ එකග බව හගවන පෙර සැකසුම් සහිත අවස්ථා හඳුනාගෙන ඒඅවා මග හැරීම ඔබට ඉමහත් පහසුවක් වනු ඇත.

වින්ඩෝස් 8.1 සමග එන්නට නියමිත Photo Loop....

  එලබෙන ඔක්තෝබර 18 සාමන්‍යභාවිතයට නිකුත්වීමට නියමිත වින්ඩෝස්8.1 හි සංස්කරනය මේ වන විට සමහර මෙඋදුකාංග සංවර්ධකයන්ට මෙන්ම OEM වෙතට නිකුත්ව තිබෙනවා. හෙලිවන නවතම වාර්ථා පවසන්නේ නව සංස්කරනය නවාංග කිහිපයක්ද සමග පැමිනෙන්නට නියමිත බවයි. ඒවා අතර Photo Loop නම් අංගයක් ගැන කරුනු හෙලිවෙමින් පවතිනවා. එම කරුනු වලට අනූව පැවසෙන්නේ ටැබ්ලටයේ කැමරාවපෙර සංස්කිරීමකින් අනතුරුව ඡායාරූ පෙලක්ම ලබා ගන්නට කටයුතු කරන අතර භාවිතාකරන්නාහට පසුව එහි app එක වෙත ගොස් තමන්ට වඩාත් ගැලපෙන ඡායාරුව ‍තෝරා ගැනීමේ අවස්ථාව ලැබෙනු ඇති බවයි. මෙම පහසුව සදහා විශේෂ කැමරා දෘඩාංග පහසුවක් අවශ්‍ය වන අතර දැනට හෙලි නොවී ඇති මයික්‍රසොසොෆ්ට් වින්ඩෝස් 8.1 නිෂ්පාදන සමගැය පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.මීට අමතරව Finance app  සමග පහසුවෙන් තම stock trades කටයුතු කරගන්නට හැකිවීම ඇතුලු නවාංග කිහිපයක්(The Food and Drink app) වනු ඇති බවටත් පැවසෙනවා. 

VLC ප්ලේයරයේ නව අවසාන සංස්කරනයක්...

 ප්‍රකට භාවිතාවක් ඇති ප්ලේයරයක් ලෙසට සැලකෙන VLC ප්ලේයරයේ නව අවසාන සංස්කරනයක් මේ වන විට නිකුත්ව ඇති බවටයි වාර්ථාවන්නේ. බොහොමයක් audio හා  video වල formats ප්‍රමානයකට සහය දක්වන මෙම ප්ලේයරය ඔස්සේ IPv4 හා  IPv6 ඔස්සේ වන stream සදහාද සහය දක්වනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ. මෙම ප්ලේයරය භාවිතාකරන්නාගේ සිතැගි පරිදි වෙනස් කරගත හැකි ආකාරයේ  toolbars හා Skins සමග පැමිනීම බොහෝ භවිතාකරන්නන්ගේ ප්‍රසාදයට පත්ව ඇති අතර හානිවූ දත්ත ගොනු ධාවනයට මෙන්ම  zipp ආකාරයේ ගොනු ධාවනයට සහය දක්වනවා. නව සංස්කරනය හදුනා ගෙනතිබූ දුර්වලතා දහස් ගනනක් පිලිසකරකර ඇති ස්වෙච්ඡා සෙවය කරන්නන් 140කගේ සහභාගීත්වයෙන් නිකුත්ව ඇති බවටයි නිවේදය වන්නේ.
http://get.videolan.org/vlc/2.1.0/win32/vlc-2.1.0-win32.exe
http://get.videolan.org/vlc/2.1.0/win32/vlc-2.1.0-win32.7z   (|Portable|)
http://get.videolan.org:81/vlc/2.1.0/vlc-2.1.0.tar.xz  (|Mac|)

NOKIYA වෙතින් නව උපාංග 6ක්!! Dell යලිත් ARM tablet වෙළඳ පොලට!!

  මයික්‍රසොෆ්ට් හා අත්වැල් බඳගත් NOKIYA ආයතනය  එලබෙන ඔක්තෝබර 22දා තම  Nokia World press event සමග නව උපකරන 6ක් පිලිබදව ප්‍රකාශයට පත්කරනු ඇති බවටයි වාර්ථාවන්නේ. එලබෙන 2014 ප්‍රතම කාර්තුවේ වෙළඳ පොලට නිකුත්වෙතැයි බලාපොරොත්තුවන මෙම ඉදිරිපත් කිරීම් වෙනුවෙන් එම ආයතන ය තම උපරිම ධාරිතාවයෙන් කටයුතු කරමින් සිටින බවටයි පැවසෙන්නේ. දැනටමත් නිඅල් නොවන ලෙසට පලවී ඇති තොරතුරු වලට අනුව ඔවුනගේ  6-inch Lumia 1520 සමග උපාංග ලොකයේ එකි නෙකට වෙනස් පුලුල් අවකාශයක පැතිරුනු උපකරන පෙලකින් මෙම ඉදිරිපත්කිරීම සමන්විත වන්නට ඉඩ ඇති බවටයි පිලිගැනෙන්නේ.
  මේ අතර Dell  ආයතනය එලබෙන සතියේදී තම හමුවකදී ARM-based Windows table උපකරනයක් නිකුත්කරන්නට බොහෝ දුරට ඉඩ ඇති බවටයි අලුත්ම වාර්ථාවක් පවසන්නේ. ඊයේ වන විට මයික්‍රසොෆ්ට් ARM tablet වෙළඳ පොලතුල එකම නිෂ්පාදකයා වනු ඇති බවට වූ අනාවැකිය යලිත් වෙනස් වනු ඇති බවටයි විචාරනය වන්නේ.අඟල් 10.8 මට්ටමේ මෙම උපකරනය Qualcomm ප්‍රොසෙසරයකින් හා 2GB ‍රැම් මතකයකින් සමන් විත වනු ඇති බවටත් හා 64 මෙගා බයිට ස්තීර මතකයකින් මෙන්ම 4G LTE ස්තීරව සවිවූ රිසීවරයකින්ද සම්න්විත වනු ඇති බවටයි හෙලිව ඇති තොරතුරු පවසන්නේ.

2013-09-25

Windows RT වෙළඳ පොලතුල මයික්‍රසොෆ්ට් පමනක් තනිවේ.......

  මයික්‍රසොෆ්ට් සමගමේ වින්ඩෝස් 8 හි ARM-based සංස්කරනය වූ Windows RT මහත් අර්බුදකාරී තත්වයකට මුහුන දෙමින් සිටින බවටයි පෙනෙන්නට ඇත්තේ. එක් දෙසකින් පරිගණක භාවිතයේ අනාගත ගමන් මගේ අනාගතය ලෙසට ටැබ්ලට් උපාංගය පිලිගැනෙමින් ඇති අතර ඉදිරි වසරවලදී දෘඩාංග ආයතන බොහොමයක නිෂ්පාදන සැලසුම් PC මට්ටමමෙන් ඉවතට සැලසුම් වෙමින් පවතින අතරදී පවා මයික්‍රසොෆ්ට් වෙතින් එදෙසට තැබූ මෘදුකාංගමය පියවර Windows RT මෙන්ම Surface ලෙසට වන දෘඩාංග පියවර වෙළඳ පොලතුල අතාර්කික වීම හදාරන්නන්ගේ විමතියට කරුනක වී ඇත.කෙසේ වෙතත් මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය තම ARM දෙසට වන ගමන් මග මත නොසැලී සිටින බව සහතික කරමින් ඒවායේ දේවන සංස්කරනද වෙළඳ පොල වෙත නිකුත්කරන්නට කටයුතු කරන ලදී.
                                2012දී මයික්‍රසොෆ්ට් සමාගම තම Windows RT හඳුන්වාදෙන විට ඔවුන් සමග එම උපාංග වෙළඳ පොල වෙතට තවත් සමාගම් පහක් පමන පිවිසි අතර මේ වන විට ඉන් අවසාන සමාගම වන DELL සමාගමද එම වෙළ්ඳ පොලෙන් ඉවත්වන්නට කටයුතු කර තිබෙනවා. ඒ අනූව මේ වන විට එම වෙළඳ පොල තුල සිටින එකම සමාගම වන්නේ මයික්‍රසොෆ්ට් සමාගම පමනක් බවට පත්ව තිබෙනවා.පසුගිය කාලයේ Nokia ආයතනය සමග මයික්‍රසොෆ්ට් සමාගම එකගතාවයකට පිවිසි අතර ඉදිරියේදී මයික්‍රසොෆ්ට් දෘඩාංග නිෂ්පාදනයේ වැඩි වගකීමක් ඒ වෙත පැවරෙනු ඇති බවටයි විචාරකයින්ගේ මතය වෙමින් ඇත්තේ.

ව්‍යාජ වෙළඳ දැන්වීමක් ඔස්සේ iOS7 හිමියන් කිහිපදෙනුකු ආනතුරට.........

  පැතිර යමින් පවතින ව්‍යාජ වෙළඳ දැන්වීමක් පවසන්නේ ඔබගේ ඔබගේ ඇපල් ස්මාර්ට් දුරකථනය වෙත iOS7 මෙහෙයුම් පද්ධතිය වෙත පැමිනෙන විට පැමිනෙන්නට නියමිත නවාංගයක ගැනය. එනම් යම් අවස්ථාවකදී ඔබගේ ඇපල් දුරකතනයට ජලය කාන්දුවීමෙන් වියහැකි හානිය එම නවාංගය විසින් වලකාලනු ඇති බවය. එනම් එහි තිරය හා ස්ටාර්ට් බටනය ඔස්සේ ඒබව හඳුනා ගනිමින් දුරකථනය තුල බල සැපයුම වහා අක්‍රියකරමින් ජලය කාන්දුව විසින් ගෙනෙන්නට හැකි  හානිය වලකන නිසා වෙන් යනුවෙනි. පලවන වාර්ථා පවසන්නේ ලොවපුරා භාවිතාකරන්නන් කිහිපදෙනෙකු විසින් මෙම බව අත්හදා බලන්නට ගොස් තමන්ගේ ඇපල් ස්මාර්ට් දුරකථනය අවසාවන්ත ලෙස හානිකරගන්නට පොලබවමින් තිබූ බවකි.හදාරන්නන් පවසන්නේ මෙවැනි නව අංගයක් පිලිබදව මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු විස්වාසයට පෙලබෙනවා වෙනු වට භාවිතාකරන්නන් එම උපාංග නිෂ්පාදකයින්ගේ නිල වෙබ් අඩවි ආදිය විමසමින් කටයුතු කිරීම වඩාත් යහපත් වනු ඇති බවකි.

Google Earth නව සංස්කරනයක් පැමිනේ!!!!!

  තොරතුරු ලෝකයේ විස්මිතබව ‍රැගෙන එන තවත් අත්දැකීමක් ලෙසට Google Earth දැක්වේ. පෘතුවිතලය මත මත වන satellite imagery, maps, terrain, 3D buildings ආදීවූ නෙක විසිතුරු අත්දැකීම් පහසුවෙන් පහසුවෙන් තිරයමතට ගෙනෙන්නට එය සමත්ව තිබෙනවා. ගැබුරු මුහුදු පත්ලේ සිට විසල් විශ්වය දක්වා වන බොහෝ ඈත ඔබව කැදවාගෙන යන්නට සහයවන මෙම ගූගල් සේවවේ නවතම සංස්කරනයක් මේවන විට නිකුත්ව තිබෙනවා. ගූගල් පවසන්නේ මෙම නව සංස්කරනය සමග අතීතය කරා යන්නටද නව සංස්කරනය සමග හැකිවනු ඇති බවය. විසල් සයුර පිලිබදවද වඩාත් පුලුල් දැකීමක් සමග පැමින ඇති නව සංස්කරනය සමග ඔබගේම පෞද්ගලික සංචාරයක් සැලසුම් කරගන්නටත් එය හඬ මුසුවක සමග වඩාත් රසවත්කර ගන්නටත් මෙන්ම අනෙකුත් සගයන් සමග එය පහසුවෙන් බෙද හදාගන්නටත් මේ වන විට හැකිව ඇති බවටයි පැවසෙන්නේ.
http://dl.google.com/earth/client/advanced/current/GoogleEarthWin.exe

මයික්‍රසොෆ්ට් SkyDrive වලද මේ මොහොතේ ප්‍රමාදයක්!!!!!


  මයික්‍රසොෆ්හි SkyDrive  භාවිතාකරන්නන් මේ මොහොත වන විටත් ප්‍රමාදයක් අත්විඳිමින් සිටින බවටයි වාර්ථාවන්නේ. SkyDrive  වෙත ගොනු තැන්පත් කිරීමට උත්සාහකිරීමේදී මෙන්ම එහි වන ගුනු භාවිතයට උත්සාහ කිරීමේදීද මෙම අපහසුව අත්විඳුන්නට සිදුවෙමින් පවතින බවටයි එම වාර්ථා පවසන්නේ.දැනට පැය කිහිපයක සිට අත්විඳුවින් ඇති මෙම තත්වය ගැන තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය කිසිදු නිල නිවේදයක් කර නොමැත. පසුගිය අගෝස්තු මසයේදීද මයික්‍රසොෆ්ට් සේවාවන් වන SkyDrive, Outlook.com  වල මෙවැනි ආකාරයේ දුර්වලතාවයක් අත්විඳුන්නට සිදු වන ලදී.එහිදී දින කිහිපයක් ගත වීමෙන් අනතුරුව එම දුර්වලතාවය පාලනය කරන්නට මයික්‍රසොෆ්ට් ආයතනයට ගතවන ලදී. Surface 2 භාවිතයට පැමිනෙන්නන් සදහා 200GB අවකාශයක්  SkyDrive වෙතින් නොමිළේ ලැබීම මෙන්ම 200GB දක්වා Skydrive අවකාශයක් වසරක් සදහා ඩොලර් 100ක මුදලකට ලබා දීම වැනි නව හඳුන්වාදීම් කිහිපයක් මේ දින සිදුවෙමින් පැවතීම සමහර විටක මෙම අත්විඳීමට හේතුව වන්නට ඉඩ ඇති බවටයි උපකල්පනය වන්නේ.

සඳුදා සිදුවූ ප්‍රමාදය ගැන ගූගල් කනගා‍ටුව පලකරයි!!!!!

  ගෙවී ගිය සඳුදා දිනයේ ගීමේල් භාවිතාකරන සමහරුන් වෙත අත්විඳින්නට සිදුවූ ප්‍රමාදයන් ගැන ගූගල් ආයතනය තම කනගා‍ටුව ප්‍රකාශ කර සිටිනවා. මෙදින ජීමේල් භාවිතාකරන්නන් වෙත තම ඊමේලයන් ලැබීමේදී සාමන්‍යය වේගයට වඩා ප්‍රමාදවීමත් සමහරවිටක එම ඊමේලයන් සමග තිබූ  attachments නොපැමිනීමත් වැනි කාරනා සලකමින් ඔවුන් මෙම නිවේදනය නිකුත්කර තිබෙනවා.පැය 11කට ආසන්න කාලයක් පැවති මෙම දුර්වලතාවය පිලිබදව හේතු දක්වමින් ඔවුන් පවසන්නේ කලාතුරකින් සිදුවිය හැකි ආකාරයේ එකිනෙකට අසම්බන්දිත  network මට්ටමේ දුර්වලතා දෙකක් මෙයට හේතුවූ බවකි. තම භාවිතාකරන්නන් ගෙන් 1.5%  දෙපැයකට වඩා ප්‍රමාදයක් අත්විදුන්නට සිදුවූ බවත් 29% වන ප්‍රමානයක භාවිතාකරන්නන් හට තප්පර 2.5ක ප්‍රමාදයක් අත්විශින්නට සිදුවූ බවත් ඔවුන් පවසා සිටිනවා.එසේම ආයතනය වැඩි දුරටත් පවසාසිටින්නේ ඉදිරියේදී මේවැනි දුර්වලතාවයක් ඇති නොවන්නට අවශ්‍ය පියවර තමන් මේ වන විටත් ගෙන ඇති බවකි.

2013-09-24

Android පස්වන "උපන්දිනය" සමරන වගයි!!!!

  එය වසර 5කට පමන පෙර දිනයක වූවාය. එය HTC G1 ලෙසට නම් කෙරුනු  QWERTY keyboard එකක හා  navigation. Back, home හා menu බටනයන්ගෙන් සමන්විත තරමින් කුඩා ස්පර්ශක මිත්‍ර ස්ක්‍රීනයක්ද සමග පැමින තිබූ  ප්‍රථම  Android ජංගම දුරකථනය විය.වර්ෂය 2008 විය. අද බිලියනය ඉක්මවන භාවිතාවක් ඇති වඩාත්ම ජනංප්‍රිය ජංගම මෙහෙයුම් පද්ධතිය බවට පත්ව ඇත. තම සමාන්තර තරගකරුවන් වූ Apple මෙන්ම Microsoft ඉක්මවා සිටින අතර තම මීලග සංස්කරනය ලෙසට Android 4.4 KitKat පැමිනෙන්නට නියමිත බවට නිවේදනය වී ඇත. එදා පලමු නිකුතුවේ තිරය 320x480 වූ අතර 528 MHzක මයික්‍රප්‍රොසෙසරයකින් හා 192 MB ‍රැම් බලයක් සහිතව පැමිනිනු මෙම නිකුතුවේ මෙහෙයුම් පද්ධතිය මුල් සංස්කරනයසැබවින්ම නිර්මනය වී තිබුනේ ඩිජිටල් කැමරාව සදහා වන බවටයි  වාර්ථා වන්නේ.
        භාවිතය අධික නිසාම වැඩිම හානිකරයන් ප්‍රමානයකද ඉලක්කය වී ඇති මෙම මෙහෙයුම් පද්ධතිය ප්‍රනීත ආහාර හා බැදුනු නාමයන්ගෙන් නම්කිරීම සිරිතක්ව පවතී.  Android 4.0 Ice Cream Sandwich ,4.1 Jelly Bean වැනි ලෙසට ඒවා නම්විය.ලොවපුරා භාවිතාවන ජංගම දුරකථන වලින් සියයට 40කට ආසන්නව තවමත් Jelly Bean මෙහෙයුම පද්ධතිය භාවිතාවන අතර සියයට 30 කට ආසන්නව Gingerbrea ලෙසට නම් වන ජනංප්‍රිය Android සංස්කරන භාවිතාවන බවටයි ගනනය වන්නේ.

වඩාත් නිදහස් විසිත්තකාබර multimedia අත්දැකීමකට SteamOS ......

  Valve ආයතනය පවසා සිටින්නේ තමන් විසින් විසිත්ත කාබරයේ රූපවාහිනිය වැනි විශාල තිරයන් ඔස්සේ වීඩියෝ ක්‍රිඩා ප්‍රමුක රසවින්දනයක් ‍රැගෙන ඒම මුල්කොට ගනිමින් බිර්මානය වන  Linux-based  මෙහෙවුම් පද්ධතියක් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවකි. graphics processing අතින් වැඩි අවධානයක් සහිතවන් නිර්මානය කොට ඇති මෙම නව මෙහෙයුම් පද්ධතිය multimedia භාවිතාවන් සදහා වඩාත්  උචිතව පැමිනෙනු ඇති බවටයි පවසන්නේ. නොමිලේ ලබාගත හැකි ලෙසට පැමිනෙන මෙම මෙහෙයුම් පද්ධතිය නිකුත්වන දිනයක් පිලිබදව  තවමත් සදහන් කොට නොමැති අතර මීට අමතරව  SteamOS boxes නිකුතුවක් පිලිබදවද සදහන් කොට සිටිනවා. ‍රැහැන් රහිත ආකාරයට පරිගනකයේ සිට රූපවාහිනිය දක්වා පරිගණක ක්‍රිඩාවක් ලබාදීමට හැකි වන ලෙසටද නිමවන මෙම උපකරනයන්ද සමග වඩාත් අපූර්ව multimedia අත්දැකීමක් ලබාගන්නට භාවිතාකරන්නාවෙත සහයවන දෘඩාංග පෙලක්ද සමග 2014 වසරේදී නිකුත්වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.

මයික්‍රසොෆ්ට් තම Surface 2 උපකරනය නිකුත් කරයි!!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම මේ වන විට තම tablet  වල දෙවන පරම්පරාවේ නිකුතුව  සිදුකොට තිබෙනවා. ARM-powered ප්‍රොසෙසරය සමග එන Surface 2  ලෙසට නම්වන මෙම පරිගණකය පසුගියදා New York වලදී සිදුවූ බවටයි වාර්ථාවෙන්නේ. 366x768 resolution වලින්  සමන්විත අඟල් 10.6 ක ස්ක්‍රීනයක් සමග එන මෙම උපකරනය 1.7GHz quad-core Tegra 4  ප්‍රොසෙසරයකින් සමන්විත බවටයි පවසා සිටින්නේ. USB 3.0 පොර්ට් එකකකින් සම්න්විතව පැමින ඇති මෙම උපකරනය බැටරියේ එක බල ගැන්වුමකින් පැය 10 - 12 ත් අටත භාවිතකාලයක් ලබා ගන්නට හැකි වනු ඇති බවටයි වාර්ථා වන්නේ. ආයතනය පවසන්නේ පෙර සංස්කරනය හා සැසදීමේදී හතර ගුනයක් දක්වා වේගවත් බවක් ‍රැගෙන විත ඇති මෙම Tablet උපකරනය වඩාත් ඉහල මට්ටමේ apps සමග ක්‍රියාකාරීත්වයට සූදානම්ව ඇති බවටයි ප්‍රකාශ වන්නේ.
                          මයික්‍රසො‍ෆ්‍රාට් සමාගම තම  Surface 1 සදහා ඩොලර් 100ක පමන මිල අඩු කිරීමක් හදුන්වා දෙන්නට කටයුතු කල මුත් ඔවුනගේ නව Surface 2 උපකරනය ඩොලර් 449(32GB) හා ඩොලර් 559(64GB) ලෙසට මිල කොට ඇති අතර  නව උපකරනය මිලදී ගන්නන් හට SkyDrive වලින් 200GB ක අවකාශයක් දෑවසරක් සදහා නොමිලේ ලැබෙන අතර ජාත්‍යන්තර මට්ටමේ Skype දුරකථන ඇමතුම් සදහ hotspot සමග දෑවසරක නොමිළේ භාවිතාවක් ලැබෙනු ඇති. මෙම නව  Surface 2 උපකරන ඔක්තෝබර 22 සිට වෙළඳ පොල වෙත නිකුත්ව තිබෙනවා.

2013-09-23

මයික්‍රසොෆ්ට් වෙතින් එන Cortana ලෙසට නම්වන digital assistant !!!

  ඇපල් ආයතනය මෙන්ම ගූගල් ආයතනයද භාවිතාකරන්නගේ "කටහඬ" මෙහෙයුමට ප්‍රථිචාර දක්වන තාක්ශන යාන්ත්‍රනයන් මේ වන විටත් තම සේවාවන් හෝ නිෂ්පාදනයන් සමග ඉදිරිපත් කොට තිබේ. Aple වෙතින් එන Siri මෙන්ම ගූගල් සමග එන Google Now ඒවාවේ. මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තමන්ද මෙවැනි digital assistant තාක්ශනයක් තමන්ගේ ප්‍රධාන සේවා හා භාන්ඩ සමග මුසුකරන්නට කටයුතුකරමින් සිටින බවකි. "Cortana" ලෙසට නම් වන මෙම අංගය ඉදිරියේදී තම Windows OS හා new Xbox One සමග ප්‍රමුකව පැමිනෙන්නට සැලසුම්ව වෙති බවකි.ආයතනය පවසන්නේ මෙම වසර අවසාන වන්නට පෙර මෙම පහසුව  Windows Phone 8  සමග අත්හදා බැලිමේ මට්ටමින් පැමිනෙන්නට නියමිත බවකි. භාෂා 44ක් සදහා සහය දක්වන මට්ටමින් දැනට සැලසුම් ව ඇති මෙම සේවාව ඇමරිකාව තුලදී මුලදී අත්හදා බැලෙන්නට නියමිත අතර 2014 වසර අවසානය වන විට අනෙකුත් රටවලටද එය මුදා හැරෙනු ඇති බවටයි පවසා සිටින්නේ. 

සෙයුම් යෙදුම යතුරු කරන්නට පටන් ගන්නාවාත් සමගම ප්‍රථිපල ගෙනෙන නව Bing.....

  මයික්‍රසොෆ්ට් ආයතනය ගෙවී ගිය සතියේ තම Bing සෙයුම් යන්ත්‍රය වෙතට නව Logo වක් හදුන්වාශෙන්නට කටයුතු කරන ලදී.එසේම නව සැකසුමක් තම Bing පි‍ටුවට ‍රැගෙන එන්නටද කටයුතු කරන ලදී. එසේම තම සෙවුම් යන්ත්‍රය වෙතට  Page Zero නමින් නවාංගයක් ‍රැගෙන එන්නටද කටයුතු කරමින් සිටින බවට මේ වන විට කටයුතු කරමින් සිටින බවට පවසා සිටිනවා.ඔවුන් පවසන්නේ භාවිතාකරන්නා වඩාත් නිවැරදිව තේරුම් ගනිමින් ක්ශනිකව ඔහුගේ සෙයුම් ඉලක්ක වන places හෝ  things පිලිබදව වඩාත් සංවේදීයව හා වේගවත්ව ප්‍රථිපල ලබා දෙන්නට මෙම නව ක්‍රම වේදය සහය වනු ඇති බවය." භාවිහාකරන්නා තම සෙයුම් යෙදුම යතුරුකරන්නට පටන් ගන්නා විටම නිවැරදිව ඔහුව හදුනාගෙන ප්‍රථිපල ගෙන එන්නට තම Bing algorithms හා Satori database සහයවීම සමග ස්පර්ශක මිත්‍ර නව මුහුනත සමග එන හදුන්වාදීම සමත්වනු ඇති බවයි. මයික්‍රසොෆ්ට් සමාගම තම නව අංගයේ පෙර දැක්මක් මේ වන විටත් මුදාහැර ඇති අතර ඉදිරියේදි ක්‍රමයෙන් සාමන්‍ය භාවිතාවට නිකුත්කරන්නට නියමිත බවටයි පවස සිටින්නේ.

2013-09-21

ASUS හා Acer අතර යාවීමක් ලගදීම!!!!


  තොරතුරු ලෝකය තුල මෑතකදී සිට වැඩියෙන් දිස්වන ප්‍රවනතාවයන් අතර ප්‍රකට මට්ටමේ ආයතන එකිනෙකා එක්වීම් දකින්නට පුලුවන. මයික්‍රසොෆ්ට් ආයතනය නොකියා ආයතනය අතාර් ඇතිවූ එකගතාවය මෙන්ම වෙස්ටර්න් ඩිජිටල් විසින්  Hitachi ආයතනය මිලදී ගැනීම ඒවා අතරින් කැපී පෙනෙන සිදුවීම් ලෙසට සටහන් වනවා. පැතිරෙමින් ඇති නවතම තොරතුරක් පවසන්නේ ප්‍රකර්ට පෙලේ ආයතනය දෙකක් වන  ASUS හා  Acer අතරද එවැනි එකගතාවයක් ඇතිවීමේ වැඩි ඉඩකඩක් නිර්මානය වෙමින් පවතින බවය.පරිගණක දෘඩාංග නිෂ්පාදනයේලා පිලිගත් කීර්තිනාමයන් හිමි මෙම දෙයාතනයන් එක්වීම පිලිබදව ඉගියක් ලැබී ඇත්තේ ASUS chairman වරයාගෙන බවටයි වාර්ථා පවසන්නේ.තොරතුරු ලෝකයේ දෘඩාංග නිෂ්පාදනයේ මෙන්ම මෘදුකාංග නිෂ්පාදනයේද ඩෙස්ටොප් පසුබිමේ සිට මොබයිල් ආකාරයේ භාවිතව දෙසට වේගයෙන් වෙමින් ඇති පරිවර්තනය සමග තම අනන්‍යතා තහවුරුකර ගැනීමට නම් අවශ්‍යවන ශක්තිය සදහා බොහෝ ආයතනයන් තම ස්ථවරයන් වෙනසකට සූදානම් වීම බහුලව දැකිය හැකි බවයි විචාරකයින් පවසන්නේ.

2013-09-20

Internet Explorer 11 බ්‍රවුසරය 30%ක වැඩි වේගයක් සමග පැමිනෙනු ඇත....

  මයික්‍රසොෆ්ට් සමාගම තම සෙයුම් යන්ත්‍රයේ මීලග සංස්කරනය වන Internet Explorer 11 හි පෙර සංස්කරනයක් windows 7 සදහා නිකුත් කොට තිබෙනවා.ඒ සමග මයික්‍රසොෆ්ට් සමාගම තම නව සෙයුම් යන්ත්‍රයේ නව සංස්කරනය පිලිබදව තොරතුරු කිහිපයක්ද හෙලි කොට තිබෙනවා.ඔවුන් පවසා සිටින්නේ තම නව සෙයුම් යන්ත්‍ර සංස්කරනය windows 7 සමග අනෙකුත් බ්‍රවුසරයන්ට වඩා 30% කින් වේගවත්ව ක්‍රියාත්මක වන බවයි. එසේම තම පෙර සංස්කරනය වන Internet Explorer 10 ට වඩා 9ම ගුනයක වේගයකින් වෙබ් පි‍ටුවක් ලබාගන්නට හැකි වනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ. මෙම නව ප්‍රවනතාවය පි‍ටුපස ඇති තාක්ශනික පසුබිම internal JavaScript engine එකක බවටයි වැඩි දුරටත් හෙලි කර සිටියේ. එසේම පවතින වෙබ් ප්‍රමිතීන් සමග වඩාත් හොඳින් ක්‍රියාකරනවා සේම new web standards සමගද හොඳින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය තාක්ශනික දියුනු කිරීම් මෙම නව බ්‍රවුසරය සමග වන බවටයි දක්වා සිටින්නේ. keyboard, mouse, pen හා touch සමගද එකසේ හොඳින් ක්‍රියාත්මක වීමට හැකිවන සේ නව සංස්කරනය දියුනු කර ඇති බවයි වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ. කෙසේ වෙතත් තවමත්  Internet Explorer 11 හි වින්ඩෝස් 7 සදහා වන අවසන් සංස්කරනයක් නිකුත් කරන්නට නියමිතව නොමැති මුත් එම බෙන ඔක්තෝබර 18 වැඩ්නි දාට යෙදී ඇති වින්ඩෝස් 8.1 නිකුතුව සමග  Internet Explorer 11 පැමිනෙන්නට නියමිත බවටයි දැක්වෙන්නේ.

Steve Ballmer යනු සාර්ථක CEO කෙනෙකු බව......

  මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රධන විධායකයාගේ සමු ගැනීමට දින නියමව ඇති අතර තවමත් ඒ සදහා ස්ථීර නාම යෝජනවක් නැති බවයි පෙනෙන්නට ඇත්තේ. සමුගැනිමට නියමිත CEO වන Steve Ballmer ගේ සේවය  පිලිබදව නෙක ආකාරයෙන් විචාරනය වෙමින් පවතින අතර සමහරුන් ගේ මතය වන්නේ මෙතෙක් ඔවුන් දු‍ටු නරකතම CEO ලෙසට Steve Ballmer නම් කරන්නට හැකි බවයි.මෙම දිනවල මයික්‍රසොෆ්ට් ආයතනයේ වාර්ෂික ප්‍රධාන පෙලේ හමුවක් පැවතෙමින් ඇති අතර එහිදීද මේ පිලිබදව අදහස් පලවෙමින් තිබෙනවා.
                          එහිදී ඉදිරිපත්වුනු එක් සටහනක්  පැහැදිලිව සනාත කර සිටියේ Steve Ballmer ගේ CEO තනතුර ආයතනය දෙසට අවාසි සහගත ලෙස දක්නට නොහැකි බවයි. ගෙවුනු කාලය තුල මයික්‍රසොෆ්ට් ආයතනයේ මෙන්ම සමාන්තර අනෙකුත් ආයතනයන් සැලකීමේදී මයික්‍රසොෆ්ට් ආයතනය සැලකිය යුතු මට්ටමක වන බවටයි එයින් පැහැදිලිව තිබුනේ. සමන්තර ආයතන හයක ආර්ථික වාර්තා සමග මයික්‍රසොෆ්ට් ආයතනය හොඳ තරගකාරී මට්ටමක වන බවටයි එයින් පැවසී තිබුනේ. පසුගිය වසර සැලකීමේදී මයික්‍රසොෆ්ට් ආයතනය ඇපල් ආයතනයට පමනක් දෙවනි වන ආදායම් තත්වයක් උපයා ඇති බවටයි Steve Ballmer එම හමුවේදී පවසා තිබුනේ.එතුමා වැඩි දුරටත් පවසා තිබුනේ තම ආයතනය මේ වන විට මොබයිල් වෙළඳ පොල වෙත පිවිසීමේ අභියෝගය සමග වන බවයි.
                                 සමස්තයක් ලෙසට පෙනෙන්නට ඇත්තේ Steve Ballmer විසින් ආයතනය වෙතට ගෙනවිත් ඇති නව යෝජනාවන් ඔස්සේ ආයතනයේ ඉදිරි ගමන යනු ඇති බවට කිසිදු තර්කයක් නොමැති බවත් ආයතනය හමුවේ ඇති අභියෝගය වන්නේ ඔහුගේ දැක්ම හොඳින් හදුනා ගෙන එය ඉදිරියට ගෙනයන්නට සමත් සුදුස්සෙකු තොරා ගැනීම බවයි.

iOS 7 වල දුර්වලතාවයක් හදුනා ගැනේ. පිලිසකර හැකි ඉක්මනින් ඇපල් පවසයි!!

  ඇපල් වෙතින් ඔවුනගේ නවතම මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන iOS 7 මේවන විට නිකුත්ව ඇති අතර නව මෙහෙයුම් පද්ධතියේ lock screen ඔස්සේ අනවසරව පිවිසීමට හැකියාවක් ලබාදෙන දුර්වලතාවයක් මේ වන විට හදුනා ගෙන ඇති බවත් හා ඒ සදහා පිලිසකර යාවත්කාලීනයක් ඉක්මනින් නිකුත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවත් පවසා සිටිනවා. එම දුර්වලතාවය ඔස්සේ දුරකථනය Lock ස්ක්‍රීනය සමග තිබුනද එහි Control Center  වෙත පිවිසීමට හැකි වන බවටයි එම දුර්වලතාවය හදුනාගත් 36 වියැති තාක්ශන ලෝලියා ප්‍රකාශකර සිටින්නේ.ඔහු වැඩිදුරටත් පවසා තිබුනේ මෙම දුර්වලතාවය ඔස්සේ දුරකථනයේ clock feature හා photo appවෙත පිවිස කැමති ආකාරයක වෙනස්කම් ලබාදෙන්නට තමන්ට හැකිවූ බවයි.වඩාත්ම අනතුරුදායක තත්වය ලෙසට ඔහු පලකර සිටින්නේ ඉහත දැක්වෙන දුර්වලතා ඔස්සේ එහි හිමිකරුගේ email හෝ social networking ගිනුම් වෙත පිවිසීමට හැකියාව බවයි අවධාරනය වන්නේ.

මයික්‍රසොෆ්ට් සදහා common app platform එකක් සැකසෙනු ඇත..

  මයික්‍රසොෆ්ට් ආයතනය තම මෙහෙයුම් පද්ධති අතර එකම interface style එකක් ගෙන එන්නට වින්ඩෝස් 8 සමග කටයුතු කොට තිබුනා. එය ඔවුනගේ Windows, Windows Phone හා  Xbox මෙහෙයුම් පද්ධති සංස්කරන සමග දක්නට ලැබුනා.පලවන නවතම වාර්ථා පවසන්නේ එම ආයතන තමන්ගේ සියලු මෙහෙයුම් පද්ධති සදහා පොදු app ecosystem එකක අවශ්‍යතාවය දෙසට මේ වන විට වැඩියෙන් අවදානය යොමුකරමින් සිටින බවකි. ආයතනය ලගදීම මෙම common app platform එකක සදහා කටයුතු අරබන්නට සූදනම් වන බවයි හෙලිවී තිබෙන්නේ.ආයතනය තුල වෙන වෙනම ක්‍රියාත්මක වෙමින් තිබූ කොටස් එකම තලයකට ගෙනෙමින් එක් ආයතනයක් ලෙසට එක් පොදු ඉලක්කයක් සදහා තම තම කොටස්වල කටයුතු කිරීමේ නව වැඩ පිලිවල යටතේ මෙම කටයුත්ත වඩාත් පහසුවනු ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ.පොදු එකම developer APIs සමග සියලු උපාංග වලට පොදු apps ගෙන එන්නට ගන්නා උත්සාහය භාවිතාකරන්නන් දෙසින් සැලකීමේදී ඉමහත් පහසුවක් වනු ඇති බවටයි විචාරනය වන්නේ.ආයතනය මෙහිදී පවසා ඇත්තේ වෙන වෙනම උපාංග ඔස්සේ ඒවාට ආවේනික වූ පහසු හැසිරීම් භාවිතාකරන්නාට ගෙනෙන ගමන්ම ඒවා අතර පහසුවෙන් පොදු පරිහරනයක් ගෙන ඒම තම අරමුනව ඇති බවයි.

cloud-based භාවිතාවට සාර්තක ප්‍රතිචාර - Office 365 Home Premium-

  පසුගිය ජනවාරියේ මයික්‍රසොෆ්ට් ආයතනය තම ප්‍රකට Office හි  cloud-based ආකාරයේ භාවිතාවක් හදුන්වා දෙන්නට කටයුතු කරන ලද අතර වාර්ශිකව ඩොලර් 99කට එම සේවාව ලබාගන්නට භාවිතාකරන්නෙකුට හැකිවන ලෙසට නිකුත්ව තිබිනි. පසුගියදා මයික්‍රසොෆ්ට් ආයතනයේ වාර්ෂික සමාලෝචනයකදී හෙලිවූ තොරතුරු පවසා සිටියේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය අතරවන කාලයතුලදී එම  Office 365 Home Premium සේවාව සදහා පැමිනි භාවිතාකරන්නන් සංක්‍යාව මිලියන එක ඉක්මවා තිබෙන බවයි. එම සංක්‍යා සැලකීමේදී එම මෘදුකාංගයේ alone software සංස්කරනයට වඩා වැඩි ජනංප්‍රියතාවයක් ඉක්මනින් එක් කරගන්නට හැකිවෙමින් ටිබෙන බවටයි විචාරකයින් පවසන්නේ.
            පසුගිය කලයේදී ආයතන බොහොමයක සේම මයික්‍රසොෆ්ට් ආයතනයද තම සේවාවන් සදහ  cloud-based සංස්කරන හදූන්වාදීමට වැඩි උනන්දුවක් දක්වන්නට කටයුතු කරන ලද අතර හෙලි වෙමින් පවතින සංක්‍යාලේඛන පවසන්නේ එම ප්‍රවනතාවයන් හොඳින් වර්ධනය වෙමින් ඇති බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...