2013-09-24

Android පස්වන "උපන්දිනය" සමරන වගයි!!!!

  එය වසර 5කට පමන පෙර දිනයක වූවාය. එය HTC G1 ලෙසට නම් කෙරුනු  QWERTY keyboard එකක හා  navigation. Back, home හා menu බටනයන්ගෙන් සමන්විත තරමින් කුඩා ස්පර්ශක මිත්‍ර ස්ක්‍රීනයක්ද සමග පැමින තිබූ  ප්‍රථම  Android ජංගම දුරකථනය විය.වර්ෂය 2008 විය. අද බිලියනය ඉක්මවන භාවිතාවක් ඇති වඩාත්ම ජනංප්‍රිය ජංගම මෙහෙයුම් පද්ධතිය බවට පත්ව ඇත. තම සමාන්තර තරගකරුවන් වූ Apple මෙන්ම Microsoft ඉක්මවා සිටින අතර තම මීලග සංස්කරනය ලෙසට Android 4.4 KitKat පැමිනෙන්නට නියමිත බවට නිවේදනය වී ඇත. එදා පලමු නිකුතුවේ තිරය 320x480 වූ අතර 528 MHzක මයික්‍රප්‍රොසෙසරයකින් හා 192 MB ‍රැම් බලයක් සහිතව පැමිනිනු මෙම නිකුතුවේ මෙහෙයුම් පද්ධතිය මුල් සංස්කරනයසැබවින්ම නිර්මනය වී තිබුනේ ඩිජිටල් කැමරාව සදහා වන බවටයි  වාර්ථා වන්නේ.
        භාවිතය අධික නිසාම වැඩිම හානිකරයන් ප්‍රමානයකද ඉලක්කය වී ඇති මෙම මෙහෙයුම් පද්ධතිය ප්‍රනීත ආහාර හා බැදුනු නාමයන්ගෙන් නම්කිරීම සිරිතක්ව පවතී.  Android 4.0 Ice Cream Sandwich ,4.1 Jelly Bean වැනි ලෙසට ඒවා නම්විය.ලොවපුරා භාවිතාවන ජංගම දුරකථන වලින් සියයට 40කට ආසන්නව තවමත් Jelly Bean මෙහෙයුම පද්ධතිය භාවිතාවන අතර සියයට 30 කට ආසන්නව Gingerbrea ලෙසට නම් වන ජනංප්‍රිය Android සංස්කරන භාවිතාවන බවටයි ගනනය වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...