හදාරන්නන් අතර පැමිනෙන්නට නියමිත Apple හි iWatch සදහා යොමුව ඇත්තේ දැඩි අවධානයකි. එහි නිමැවුම, මිල ගනන් මෙන්ම සංස්කරන කොපමනකින් පැමිනේද වැනි බොහෝ කරුනු කාරනා දෙසට ඔවුන් විමසිල්ලෙන් සිටිති. නොනිල එනම් නිල ලෙසට තහවුරු නොවුනු මුත් පිලිගත හැකිමට්ටමේ තොරතුරු පවසන්නේ මෙම උපාංග ප්‍රධාන ලෙසින් සංස්කරන දෙකකින් පැමිනෙන්නට නියමිත බවකි. අත්හදා බැලීමේ මට්ටමින් තිබෙන අවකාශයන්ගෙන් හෙලිවන තොරතුරු ලෙසට පැවසෙන මෙම හෙලිවීම් පවසන්නේ මෙම උපාංග "Sport" මෙන්ම "Designer" ලෙසට නම්වන සංස්කරන ලෙසට පැමිනෙනු ඇති බවකි. මෙම Sport මෝස්තරයේදී නිමැවුම වඩාත් ඔරොත්තු දෙන ආකාරයට හතැරැස් හැඩැතිව පැමිනෙන අතර Designer සංස්කරනය රවුම් හැඩැති සිත්ගන්නා සුලු පෙනුමකින් යුතුව පැමිනෙන්නට නියමිත බවටයි හෙලි වෙමින් ඇත්තේ. 8GB දත්ත ගබඩා හැකියාවක්ද සමග පැමිනෙන්නට නියමිත මෙම නිකුතූන් සමග අදාල භාවිතාවට වඩාත් අවශ්‍ය සංවේදක ඔස්සේ භාවිතාකරන්නාට වඩාත් ඵලදායී ලෙසට වනු ඇති බවට තොරතුරු හෙලි වනවා. උදාහරනයක් ලෙසට Sports සංස්කරනය blood pressure, heart rate, body temp වැනි තොරතුරු ලබාදෙන සංවේදකවලින් සමන්විතවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මෙම නිකුතූන් නිල ලෙසට නිවේදනයවීම මෙම වසරේ ඉදිරිකාලයට නියමිතව ඇති අතර ඒවා තොරාගත හැකි ආකාර කිහිපයකින් වන Screen හා sizes වලින් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුව වනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Showing posts with label iWatch. Show all posts
Showing posts with label iWatch. Show all posts
2014-06-23
2014-06-21
iWatch පිලිබදව තව තොරතුරු හෙලි වෙමින් ඇත....
කාලයක සිට අවධානය දිනාගෙන තිබූ iWatch නිකුතුව ඔක්තොබරය වන විට සිදුවීමට ඉඩ ඇති බවට මේ වන විට තොරතුරු පලව ඇති අතර මීට අමතරව නව තොරතුරු ක්‍රමයෙන් මාධ්‍ය වෙතට හෙලි වෙමින් තිබෙනවා. පලවන නවතම නිල නොවන තොරතුරු පවසන්නේ මෙය එක් සංස්කරනයකට වඩා සිදුවිමට ඉඩ ඇති බවයි. "slightly rectangular" හැඩයෙන් මෙන්ම 2.5-inch display එකකින් සමන්විතව පැමිනෙන්නට නියමිත එය විවිධ සංස්කරන යටතේ විවිද ප්‍රමානයේ display මෙන්ම තොරාගත හැකි sensors රාශියක් සමග සැකසෙන බවටයි දැක්වෙන්නේ. Samsung Gear සමග තරගකාරී නිපැවුමක් ලෙසට පැමිනෙන්නට නියමිත එය එහිදීට වඩා වැඩි ක්‍රියාකාරීත්වයන් රැගෙන එම තුලින්ද වෙළඳ පොල තුල ස්ථාවරවීමට සැලසුම් වෙමින් ඇති බවටයි හෙලි වන්නේ. ඉහත පැවසෙන sensors දහය සමග භාවිතකරන්නාගේ හදවත් ස්පන්දනය blood pressure monitoring ඇතුලු ඔහුගේ සෞක්‍ය ජීවිතය විමසෙන පහසුකම් වඩාත් සිත්ගන්නා සුලුවනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.
2014-02-18
i Watch සමග භවිතාකරන්නන්ගේ health ගැන වැඩි අවධානයක් වේවි!!!!
මෙම වසරේ තොරතුරු ලෝකයේ වඩාත්ම ආකර්ශනීය බලපොරොත්‍ටුවක්ව ඇත්තේ iWatch නිකුතුවයි. සියලුම පාහේ පරිගණක උපාංග නිපදවන්නන් අතර wearable technology සදහා වැඩි අවධානයක් යොමුව ඇති අතර ඇපල් ආයතනයේ ප්‍රධා විධායකය ගෙවුනු වසර අවසානයේ තම සේවක මහතුන් වෙතට නිකුත්කල e-Mail සටහන තුලද 2014 තම ආයතනයෙන් නිකුත්වන තීරනාත්මක wearable technology අඩංගු උපාංග පිලිබදව පැහැදිලිව ඉගියක් තිබෙන බවටයි විචාරකයින් සදහන් කලේ.
පලවන නවතම තොරතුරු පවසන්නේ Apple ආයතනය මෙම Wearable technology සදහා heart attack පෙර නිගමනය කල හැකි ආකාරයේ තාක්ශනයක් මුසුකරන්නට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි. audio division ප්‍රමුකව සිදුවෙමින් ඇති මෙම දියුනු කිරීම් වලදී wrist ඔස්සේ සිදුවන blood vessels වල හඬ හදුනා ගැනීම ඔස්සේ මෙම තාක්ශනය දියුනු කරමින් සිටින බවයි. iOS 9 සමගද වැඩි දියුනුකල සෞක්‍ය වෙතට වැඩි අවධානයක් ලබා දෙන නව app කිහිපයක්ම පැමිනෙන්නට සූදානම් බවට වූ ඉගියද මෙ බවට තවත් සාක්ශියකි. Apple ආයතනය iPhone 5s තුලට M7 motion co-processor ඇතුලුකිරීමත් සමග භාවිතාකරන්නන්ගේ චලනයන් පිලිබදව වඩාත් තොරතුරු රැස් කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවට බලාපොරොත්තුවන අතර Apple's engineering team වෙතට මෙම ක්ශේත්‍රයේ විද්වත්මට්ටමේ හදාරන්නන් කිහිපදෙනෙක්ම කැදවා තිබීමද මේ පිලිබදව වැඩි අනාවැකි පැමිනීමට හේතුවක්ව තිබෙනවා.හදාරන්නන් බලාපොරොත්තුවන්නේ මෙම වසර අවසානයේ iWatch පැමිනීම සිදුවනු ඇති බවයි.
2014-01-26
ඇපල් ඇතින් විස්මිත iWatch එකක් පැමිනේවිද????
සියලුම පාහේ ප්‍රධාන දත්ත උපාංග සමාගම් ස්මාර්ට් මට්ටමේ අත් ඔරලෝසුවක් නිපදවීම පිලිබදව පසුගියකාලයේ සිට දැඩි අවධානයෙන් කථා කරනු දැකිය හැකි විය. ඉන් සමහර ආයතනයන් දැනටමත් තම නිෂ්පදයක් වෙළ්ඳ පොලට ඒවන්නට කටයුතු කර ඇති අතර තවත් ආයතනයන් ඒ සදහා කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. මේ තර ඇපල් ආයතනයද "iWatch" නමින් තම ස්මාර්ට් මට්ටමේ අත් ඔරලෝසුව පිලිබදව සංකල්පයක් ඉදිරිපත්කර තිබූ මුත් තවමත් අවසාන නිෂ්පාදනයක් පිලිබදව හෝඩුවාවක් ලබාදී නැත. ඇපල් ආයතනය්යේ CEO වරයා 2013 වසර අවසාන ලිපිය සේවක මහතුන්ට යවමින්ද 2014 පුදුම කරවන සුලු තම නිකුත්කිරීම් පෙලකට සූදානම් වන ලෙසට දන්වා සිටින ලදී.
ඇපල් ආයතනයට සම්බන්දිත නිර්මන කරුවෙකු iWatch සදහා නිර්මාන සටහනක් නිර්මානය කරන්නට කටයුතු කර ඇති අතර එය ඇලුමේනියම් හා වීඳුරු සැකසුමක් සහිත බවටයි දක්වා සිටින ලද්දේ. ඔහු තම නිර්මානය සමග Music app , phone call , lock screen , home screen මෙන්ම ෆ්itness app ආදිය නිරූපනය වන සේ තම නිර්මානය කර තිබෙනු පෙනෙන්නට වූ අතර සමහර විටක ඇපල් ආයතනය තුල සංවර්ධනය වෙමින් තිබෙන සැබෑ iWatch නිපැයුමට එය කිට්‍ටු එකක විය හැකි බවටද විචාරකයින් සැක කරනු දැකිය හැකි විය. icone භාවිතවේදී iphone වලට සමාන ආකාරයට එය නිර්මානය කරන්නට කටයුතු කොට තිබූ අතර Siri ආදී එම ආයතනය ආවේනික පහසුකම් අවදිකරන්නට අවශ්‍ය icon එහි දක්වා තිබිනි. සිදුවිය නොහැක්කක් ලෙසට සමහර විචාරකයින් කරුනු දක්වන මෙම නිමැවුම් පිලිබදව තවත් සමහර විචාරකයින් කියන්නේ ඇපල් සමාගම මුල් ස්වභාවයෙන්ම සුදුවිය නොහැකි යැයි පිලිගෙන තිබූ අපූරු දෑ ලොවට ගෙනෙන්නට නිර්මානය වූ සමාගමක් බවයි.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...



