Showing posts with label google crome. Show all posts
Showing posts with label google crome. Show all posts

2022-07-29

Google වල Password Checkup

අවසර පද සොරා ගැනීම නිරන්තර අභියෝගයකි. අද වන විට බහුලව ඇති අමතර අවසර සැකසුම් එනම් Two-factor authentication වැන්නක් ගිනුම සදහා සක්‍රිය කර නැතිනම් තත්වය වඩාත් භ්‍යානක විය හැක. 2012 සිදුවූ online breaches එකකින්  LinkedIn වල තොරතුරු විශාල ප්‍රමානයක් ප්‍රසිද්ධවීම වැනි තත්වයකදී භාවිතාකරන්නන් බොහෝ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුවේ. LinkedIn පසුව වාර්ථා කලේ 6.5million තරම් usernames / passwords පැහැරගන්නන් විසින් අත්පත් කර ගත් බවයි. Google ආයතනය තම  Chrome සදහා tool එකක් 2019 හඳුන්වා දුන්නේ Password Checkup ලෙසට නම්කර වන අතර එය free add-on (Chrome) එකක් ලෙසට ඔබටද ලබා ගෙන එය ඔස්සේ ඔබගේ  usernames / passwords ද hackers විසින් පැහැරගෙන online කර ඇත්දැයි සොය අබලන්නට හැකි වනු ඇත. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට වන known databases එකෙහි 4billion usernames / passwords වන බවයි. ඔබ Google Chrome භාවිතකරන්නෙක් නම් මෙම Chrome extension එක ස්ථාපනය කර background වල run වීමට ඉඩ හැර  login details වල සුරක්ෂිත බව ගැන තහවුරුවක් ලබා ගන්නට හැකි වනු ඇත. ( https://passwords.google.com/intro )
Pubudu Siriwansa


 

2022-01-21

Google Chrome නව සංස්කරනය වෙත පිවිසීම වැදගත්.

Google පවසන්නේ 2BILLION Chrome users ලා තම Google Chrome වල නව යාවත්කාලීනය වෙතට ඉක්මනින්ම පිවිසීම වැදගත් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව updateය සමග හඳුනා ගෙන ඇති දුර්වලතා 26ක් සදහා පිලිසකර මෙම නව යාවත්කාලීනය ‍රැගෙන විත් ඇති බවයි. ඔවුන් පවසන්නේ ඉන් එකක් "critical" මට්ටමේ බවයි. Google පවසන්නේ මෙම Chrome වල නව version එක Chrome 97.0.4692.99 ලෙසට නම්ව තිබෙන බවයි. ස්වංක්‍රීයව යාවත්කාලීන සදහා සූදානම්ව තැබීම භාවිතාකරන්නන් සදහා හොඳම තේරීම ලෙසට මේ වන විට භාවිතාකරන්නන් සදහා වන උපදේශය ලෙසට සැලකෙන අතර එසේ නොවන අවස්ථාවලදී මැනුවල් ආකාරයට ඒ සදහා කටයුතු කිරීම වැදගත් වනවා. ඒ සදහා Settings Menu > Help > About Google Chrome වෙත පිවිස එහි වන current Chrome version පිලිබඳව බලා ගන්නය හැකි වන අතර එය Chrome 97.0.4692.99 හෝ ඊට අලුත් ඒකක් නම් ගැටලුවක් නොවන අතර එසේ නොවන්නේ නම් නව සංස්කරනය download කර install කිරීම වැදගත් වනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

2014-04-20

Chrome OS උපාංගය ස්මාර්ට්දුරකථන අසලට ගෙන ඒමෙන්ම පමනක් සංක්‍රිය වනු ඇත....

  Google ආයතනය පවසන්නේ තම  "Easy Unlock" පහසුව ඔස්සේ භාවිතාකරන්නෙකුට තම Chrome OS උපාංගයක් පහසුවෙන් Unlock කර ගැනීම සදහා අවශ්‍ය වන්නේ තම ස්මාර්ට් දුරකථනය එ අසලට ගෙන ඒම පමනක් බවයි. තවමත් අත්හදා බැලීමේ මට්ටමේ නිකුතුවක් ලෙසට පැමින ඇති මෙම සංස්කරනය අනාගතයේදී.‍රැහැන් රහිත උපාංග අතර ඒවා unlocking කර ගැනීම සදහා පහසුවක් වනු ඇති බවයි හදාරන්නන් බලාපොරොත්තු පල කරන්නේ. මෙම අනාගත ක්‍රමවේද සදහා wireless connection  මෙන්ම geo-location data  භාවිතාවීමද සිදුවෙනු ඇති බවටයි ඔවුනගේ බලාපොරොත්තුව වැඩි දුරටත් පහැදිලි කර සිටින්නේ. Username හා Passward භාවිතාව වඩාත් අර්බුදකාරී වෙමින් පවතින සමයක මෙම විකල්ප භාවිතාව පහසුවෙන් භාවිතාකරන්නන්ගේ සිත් ගන්නට සමත්වනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.

2014-01-20

ගූගල් ක්‍රෝම් භාවිතාකරන්නන් වෙතට අනතුරු ඇගවේ!!!!

  මෘදු හානිකරයන් පතුරන්නන් අතට පත්ව ඇති Chrome extensions ඔස්සේ ගූගල් ක්‍රෝම් භාවිතාකරන්නන් වෙතට "ඇඩ්වෙයාර්" හා  "මැල්වෙයාර්" ආසාධිතයන් බවට පත්කරවන උත්සාහයක් මේ වන විට හෙලිව තිබෙනවා. ගූගල් ආයතනය තම වෙබ් බ්‍රවුසරය සදහා යාවත්කාලීන පැමිනීමේ දී හදුන්වාදී ඇති නව 'silent updates' ක්‍රමවේදය ඔස්සේ භාවිතාකරන්නන් වෙතට නොදැනීම යාවත්කාලීන පැමිනීමේ හැකියාව සමග මෙම තත්වය වඩාත් දරුනුව ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ. තම බ්‍රවුසරයවෙතට පැමිනෙන extensions යවත්කාලීනයන් භාවිතාකරන්නන් හට පැහැදිලිකර ගැනීමට නොහැකි වනවා පමනක් නොව ආරක්ශක මෘදුකාංග වලින් ගැලවී යාමේ හැකියාව සමග මෙම හනිකර බව පහසුවෙන් පැතිරීමට හැකි වන අතර අවසානයේ බ්‍රවුසර මෘදුකාංගය ඉවත්කිරීම හැරෙන්නට විකල්පයක් නොවන බවටයි දැක්වෙන්නේ.

2014-01-15

Google chrome නව සංස්කරනයක් නිකුත්වේ!!

  බහුල භාවිතාවක්ම පමනක් නොව නිවැරදිව යාවත්කාලීනව තබා ගත යුතු  වැදගත්ම මෘදුකාංගයක් ලෙසට  පරිගණකයේ බ්‍රවුසරය පිලි ගැනේ. වෙබ් අවකාශය ඔස්සෙ පැමිනෙන හානිකරයන්ගෙන් පරිගණකය සුරක්ෂිතව තබා ගන්නට එය සහය වනු ඇත. දෛනිකව භාවිතාවන බ්‍රවුසර අතරින් ගූගල් ක්‍රෝම් වෙතට හිමිවන්නේ වැඩි ප්‍රසාදයකි. වෙගවත් බව , සුරක්ෂිත බව හා වැඩි වෙබ් තාක්ශනයක් වෙතට සහය දැක්වීම එම ප්‍රසාදය ලබා ගන්නට ප්‍රධාන හේතූන් ලෙසටයි විචාරනය වන්නේ.හදුනා ගෙන තිබූ දුර්වලතා පිලිසකර කිරීම් මෙන්ම නවාංග කිහිපයක්ද සහිතව ගූගල් ක්‍රෝම් වල නව සංස්කරනය සමන්විතව පැමින ඇති බවටයි එම ආයතනය නිවේදනයකර සිටින්නේ.

2013-12-23

ඉදිරියේදී Chrome Web Storeව ඔස්සේ Toolbars ලබා නොදෙනු ඇත...

  Tool Bars පරිගණකය වෙත පැමිනීම ක්‍රම කිහිපයක් ඔස්සේ සිදුවන්නට පුලුවන. කෙසේ පැමිනියද බොහෝ විට ඒවා පරිගණකයේ වේගය මෙන්ම අනවශ්‍ය අඩවීන් වෙතට භාවිතාකරන්නාව කැදවයන්නට පෙලබීම බොහෝ දෙනාගේ පොදු අත්දැකිමකි. තවත් විටක පැහැදිලි සේවාවක් ලබා දෙන්නට පැමිනෙන  toolbars වල දුර්වලතා ඔස්සේ පහර දෙන්නන් පරිගණක වෙත අනවශය අත පෙවීම් කරන්නට පෙලබෙන අවස්ථාවන්ද දැකිය හැක.පසුගිය දිනව නිවේදනයක් නිකුත්කරමින්  ගූගල් ආයතනය පවසා සිටියේ තම  Chrome Web Store  ඔස්සේ ඉදිරියේදී toolbars බාගතකරදීම අවසන් කරන්නට තමන් තීර්නය කර ඇති බවකි. ඔවුන් පැවසුවේ එම සේවාවන් මින් ඉදිරියට extensions ලෙසට ලබා දීම ඔස්සේ භාවිතා කරන්නන් හට අවශ්‍ය අංගයන් වෙනවෙනම ලබා ගන්නට හැකිවනු ඇති බවයි. කෙසේ වෙතත් ආයතනය වැඩි දුරටත් පැහැදිලි කර සිටියේ දැනට භාවිතාවෙමින් ඇති දෑ සදහා 2014 ජූනි මාසය දක්වා කල් ලබා දෙන්නට තමන් කටයුතු කරන බවත් එම කාලය තුල එම සේවා ලබාදෙන මෘදුකාංග නිර්මාන කරුවන්ට තම සේවා නව කොන්දේසි වලට ගැලපෙන ලෙසට සකස්කර ගන්නට කාලය ලබා දෙන බවත්ය.

2013-12-18

Cromebook 11 chargers නැවත කැදවේ.දැනට අලවිව ඇති උපාංග වලට නව උපාංග !!!!

  මේ වන විට HP මෙන්ම Google ආයතන විසින් Cromebook 11 සමග පැමිනි Charger වල දක්නට ලැබුන අධික රත්වීම හා melt වීමේ පැමිනිලි නිසාම ඒවා වෙළඳ පොලෙන් ආපසු කැදවන්නට තීර්නය කොට ඇති බවටයි සටහන් වන්නේ.දැනට ඒවා මිලදී ගෙන භාවිතාකරන්නන් සදහා උපදෙස් දෙමින් පවසා සිටින්නේ  විකල්ප ලෙස micro-USB chargers භාවිතයට ගන්නා ලෙසයි. ඇමරිකානු පාරිභෝගිකයන්ගේ සුබ සෙත පිලිබදව ක්‍රියාත්මක වන ආයතනයක් තම වෙබ් අඩවියේ පල කොට සිටියේ මේ පිලිබදව තමන් වෙත මෙම දුර්වලතාවය පිලිබදව සඳහන්  තොරතුරු 145000ක් පමන ලැබී ඇති බවකි. Google ආයතනය පවසන්නේ හානියට පත්ව ඇති chargers සදහා ආයතනයෙන් නිකුත්වන නව chargers සදහා HP ආයතනය නොව ගූගල් ආයතනය අමතන්නට කටයුතු කරන ලෙසයි. දැනට ලැබී ඇති තොරතුරු අනූව මෙම දුර්වලතාවය සමග සිදුව ඇති වැඩිම අලාබය pillow වකට හානි සිදුවීමක් බවයි. ඉදිරියට මෙම උපාංග අලවිය පිලිබදව තවමත් නිස්චිත අදහසක් මෙම ආයතන දෙක වෙතින්ම නිකුත්ව නැති නමුත් බොහෝ විට දැනට අලවියව ඇති එම උපාංග සියල්ල සදහා නව උපාංග නිකුතුවෙන් පසුව යලිත් ඇරබීම සිදුවන්නට ඉඩ ඇති බවටයි විස්වාසය වන්නේ.

2013-12-02

වෙබ් බ්‍රවුසර තරගය........

  Internet Explorer 11 වෙබ් බ්‍රවුසරය නිල නිකුතුව සිදුවූවේ පසුගිය ඔක්තෝබරයේය.එය windows 8.1 මෙගා යාවත්කාලීනයට සමාන්තරව සිදුවිය.එයට ඔක්තෝබරයේ ලොව වෙබ් බ්‍රවුසර භාවිතාවෙන් හිමිකර ගන්නට හැකිවූවේ සියයට 1.49ක භාවිතාවකි. නොවැම්බරය වන විට එයට ලොව වෙබ් බ්‍රවුසර භාවිතාවෙන් සියයට 3.27 ක භාවිතාවක් දිනා ගන්නට හැකිව ඇති බවටයි පලවන නවතම වාර්ථා පවසන්නේ.Internet explora 8 තවමත් බහුල භාවිතාවක් ලබන වෙබ් බ්‍රවුසරයේ ස්ථාවරය ‍රැක ගනිමින් සිටින්නේ 21.76%ක භාවිතාවක් ලබමින් වන අතර 17.50% ක භාවිත ස්ථාවරයක් සහිතව IE 10 දෙවන ස්ථානයේ පසුවනවා. ෆයර්ෆොක්ස් 25 සංස්කරනය 10.43% භාවිතාවක් ලබමින් තෙවන ස්තානයේ ‍රැදෙන්නට හැකිව ඇති අතර IE9 9.25% භාවිතයක් ලබමින් හතරවන ස්ථාවරයේ සිටිනවා.එම වාර්ථාවට අනූව Chrome 31 බ්‍රවුසර සංස්කරනය 6.77 % භාවිතාවක් ලබමින් පස්වන තැන සිටින බවයි.
                                  සමස්තයක් ලෙස IE සංස්කරන 58.36% ක භාවිතාවක් සමග ප්‍රථමස්ථානයේ වන බවට වාර්ථාවන අතර Firefox  සංස්කරන 18.54ක් ලබමින් දෙවන තැනත් ක්‍රෝම් සංස්කරන 15.44 ක් සමග තෙවන තැන හිමිකරගෙන ඇති බවට වාර්ථා පවසනවා.

2013-11-13

Google Chrome නව සංස්කරනයක් නිකුත්වේ!!!

  පරිගණකයක ස්ථාපනයවී ඇති මෘදුකාංග අතර browser මෘදුකාංගයට හිමි වන්නේ ඉහලම තැනකි.වඩාත් වේගවත් හා සුරක්ශිත වෙබ් සැරියකට හොඳින් දියුනු කල බ්‍රවුසරයක් භාවිතාකිරීම වැද ගත්වේ. search, chat, email, shop, bank, read වැනි දෛනික කටයුතුවලදී වඩාත් සහය ලබාදෙන බ්‍රවුසරයක් වන Google Chrome  වල නව සංස්කරනයක් නිකුත්ව ඇති බවටයි නිවේදනය වන්නේ. නව ජාවා (javascript engine (V8) ) සහයක් සමග එන මෙම බ්‍රවුසරය AJAX applications  සමග කටයුතු කිරීමේදී වැඩි සාර්ථකත්වයක් පෙන්වන බවටයි දැක්වෙන්නේ.මිට අමතරව automatic full-page translation පහසුව මෙන්ම දහස් ගනනක් වන apps, extensions හා themes සමග වඩාත් අපූර්ව වෙබ් අත්දැකීමකට මෙම නව සංස්කරනය භාවිතාකරන්නාට සහය වනු ඇති බවටයි එම ආයතනය ප්‍රකාශ කර සිටින්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...