2014-03-28

Microsoft Word 2010 සදහා හදුනාගෙන ඇති හානිකරයට Fix It පිලිසකරයක් දැනට...

  මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා නිවේදනය කර සිටියේ තම Microsoft Word 2010  වෙතට තවමත් හඳුනා නොගත් කන්ඩායමක් විසින් එහි වන දුර්වලතාවයක් ඔස්සේ කරන පහරදීම Word 2010 සමග වන සියලු Windows හා Mac ව්ල applications සදහා විවෘතව පවතින බවය. ආයතනය මෙය වැඩි දුරටත්  පැහැදිලි කරමින් පවසා සිටියේ remote code execution අකාරයේ වන මෙම පහරදීම විශේෂ ආකාරයට සකසන ලද Rich Text Format ගොනු ඔස්සේ හා එසේම සකසන ලද Microsoft Outlook සමග නිර්මානය කරන ලද Microsoft Word ඔස්සේ විවෘත වීමට අවශ්‍ය වන ආකාරයට එවනු ලබන(email viewer ලෙසට) ගොනු ඔස්සේ සිදුවන් බවයි. ආයතනය මේ වන විටත් මෙම දුර්වලතාවය සදහා  "Fix-It" ආකාරයේ පිලිසකරයක් නිකුත්කර ඇති අතර එය භාවිතාකරන්නා විසින් ලබා ගතයුතු ආකාරයේ වන අතර ස්තීර පිලිසකරයක් මේ වන විට නිම වෙමින් පවතින අතර එට ස්වංක්‍රීයව ස්ථාපනය වන ලෙසට ඉදිරියේදී නිකුත් කරන්නට කටයුතු ලරමින් සිටින බවයි. එසේම ආයතනය අවධාරනය කර සිටින්නේ මෙම හානිකරය WordPad සදහා අදාල නොවන බවයි.

Android හා iPhone සදහා Office Mobile දැන් නොමිළේය....

  මයික්‍රසොෆ්ට් සමාගම නිවේදනය කරන්නේ  Office Mobile  මේ වන විට  iPhone හා  Android smartphones සදහා නොමිලේ භාවිතාකරන්නට හැකිවන බවයි. එසේම ආයතනය ඉගිකර සිටින්නේ Office සම්පූර්න සංස්කරනය  මෙම  platforms සදහා පැමිනීම සූදානම් වෙමින් පවතින බවයි. මීට පෙර මෙම උපාංග සදහා Office නොමිලේ භාවිතාව සදහා Office 365 සදහා subscription අවශ්‍යව තිබුනද ආයතනය පැහැදිලි කරන්නේ  home use සදහා මේ වන විට එම දායක බව අනවශ්‍ය බවත් business purposes වලදී පමනක් එම දායකත්වය අවශ්‍ය වාන් බවත්ය. මෙම නව Office Mobile  සංස්කරනය Android tablets සදහා තවමත් සහයෝගය නොදක්වන අතර එයත් සමග  Word, Excel හා  PowerPoint ගොනු  creation, edit හා reading සදහා සහය වනු ඇති බවය. මීට අමතරව වන සංකීර්න බාවිතාවන් සදහා මෙම නිකුතුව එම උපාංග වෙතට සහය නොදක්වන අතර පැමිනෙන්නට නියමිත Office සම්පූර්න සංස්කරනය සමග ඒ සදහා අවස්ථව ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

මයික්‍රසොෆ්ට් නව CEO වරයා ආයතනයේ අනාගතය පිලිබදව මද විග්‍රහයක...

  තොරතුරු තාක්ශන භාවිතාව තව දුරටත් ඹොබයිල් හා ක්ලවුඩ් දෙසට චලනය වීම පෙර දිනයේ පැවති මෞඉක්‍රසොෆ්ට් මාධ්‍ය හමුවකදී එහි නව CEO වරයා නැවතවරක් තහවුරුකර සිටින්නට කටයුතු කරන ලදී. මයික්‍රසොෆ්ට් ආයතනය තම Office මෘදුකාංග ගොනුව වඩාත් පූර්න ලෙසට  iPad වෙතට ගෙන ඒම නිවේදනය කිරීම මූලික කර ගනිමින් පැවති මෙම හමුවේදී  තම  Enterprise Mobility Suite පිලිබදවද වැඩි දුරටත් තොරතුරු හෙලි කරන්නට කටයුතු කරනු ලැබුවා. වඩාත් වෙගයෙන් වැඩි වෙමින් ඇති භාවිතාකරන්නන පිරිසක් වැඩි උපාංග ප්‍රමානයක් ඔස්සේ පහසු වැඩි ඇප් භාවිතාවන් සමග ක්ලවුඩ් දෙසට වන්නට වන චලනය සදහා ආයතනයේ නව දැක්ම ප්‍රායෝගිකව දක්වමින්  ආයතනය පැහැදිලි කරනු ලැබුවේ එලබෙන නුදුරු දුනයකට නියමිත Build වලදී තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය තවදුරටත් එම නව ප්‍රවනතාවය දෙසට නැබුරුවීම ස්තීර කිරීම බවයි විචාරක අදහස වන්නේ.
                 නව CEO වරයාගේ තනතුරෙහි වන 52 දිනය බව මතක කරමින් තම දේශනය ඇරබූ අතර මයික්‍රසොෆ්ට් ආයතනයේ අනාගත ගමන් මග පිලිබදව පැහැදිලි කරන්නට වේලාව ගනු ලැබුවා. පැමිනෙන්නට නියමිත නව උපාංග පිලිබදවද බලාපොරොත්තු තබමින් හා ‍රැස්වන නව දත්ත සැකසෙන නව ආකාර ගැනද සදහන් කරන්නට එය අව්ස්ථාවක් කරගන්නා ආකාරය දක්නට ලැබුනා. කලකට ඉහතදී පරිගණකය වෙතට අන්තර්ජාලය අසම්බන්ද වීම ගැටලුවක් වෙමින් පැවති යුගය මෙන්ම එලබෙන යුගයෙදී ක්ලවුඩ් මූලික භාවිතාව පරිගණකයට අනිවාර්ය වීම මග හැරිය නොහැකි සාධකයක් බවට එහිදී අවධාරනය වූවා.

2014-03-24

Windows App Store ව app 150,000 සීමාව ඉක්මවයි

  යම් මෘදුකාංගයක ජනංප්‍රියත්වය හදුනාගන්නට එම මෘදුකාංගයට අදාල App Store වල වන App සංක්‍යාව ද සාධකයක් ලෙසට සැලකිය හැකි වනවා. 2012 ඔක්තෝබරයේ වින්ඩෝස් 8 හදුන්වා දුන් අතර 2013 ජූලි වන විට ඔවුනගේ ඇප්ස් ස්ටෝර්ව App 100000 සීමාව කරා පැමිනෙනු ලැබුවා. MetroScanner නම් තොරතුරු වෙබ් අඩවියක් මේ වන විට පවසන්නේ Windows app Store වෙත app 150,000 සීමාව ඉක්මවා යන්නට මේ වන විට හැකිව ඇති බවකි. මද පසුබෑමක් සමග උවත් මයික්‍රසොෆ්ට් වෙතට මෙම සීමාවට පැමිනීමේදී හුදු app සංක්‍යාව පමනක් නොව ඒවායේ ගුනාත්මක භාවයේදීද සටහනක් තබන්නට හැකිව ඇති බවටයි විචාරනය වන්නේ. එනම් Facebook( 8.1 Facebook app) , VLC media player,  වැනි බහුල භාවිතයක් ඇති භාවිතාවන්ගේද නිල app නියෝජනයන් ලබා ගන්නට හැකිවීම ඔවුන් සදහන් කරනවා.
           මෑතකදී මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනය කර සිටියේ App සංවර්ධකයින් සදහා අඩුම coding ප්‍රමානයක් සමග windows 8 හා Windows Phone සදහාද app ගෙනෙන්නට තමන් අවසර දෙන්නට කටයුතු කරමින් සිටින බවකි. මෙම නව ප්‍රවනතාවය ඔවුන්ගේ app store වෙතට වැඩි app නියෝජනයක් ලබාගන්නට සහය වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

Google වල WebP භාවිතාව you tube වෙතටත්!!!!

  Image භාවිතාව අන්තර්ජාලයේ සුලබ මෙන්ම මහත් ඉඩකඩක් ලබා ගන්නා භාවිතාවකි. Google ආයතනය දැනට භාවිතාවන JPEG, PNG හා GIF වැනි format සදහා විකල්ප ලෙසට නව Webp ලෙසට නම් කරමින් නව image format එකක් හදුන්වා දෙන්නට කටයුතු කරනු ලැබුවේ එයින් සිදුකර ගත හැකි දත්ත හුවමාරු ඉතුරුව සමග දිනකට ටෙරා බයිට දසගුනයක ඉතිරියක් ගෙනෙන බව පවසමිනි. මෙම නව හදුන්වාදීම සම්බන්ද යෙන් අනෙකුත් වෙබ් පහසුකම් සපයන ආයතනයක් එතරම් එකගතාවයක් නොදක්වන්නට කටයුතු කරන ආකාරයක්ද දක්නට ලැබුනා.  2010දී සංවර්ධනය කරන ලද මෙම හදුන්වාදීම පසුගිය වසරේදී Play store වෙතට ගෙනෙන්නට එම ආයතනය කටයුතු කරන ලද අතර මේ වන විට ඔවුනගේ ජනංප්‍රිය video streaming අඩවියක් වන You Tube වෙතට ගෙනෙන්නටද කටයුතු කරමින් සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම නව භාවිතාව YouTube video thumbnails සදහා භාවිතාව ඔස්සේ වෙබ් පි‍ටුවක page load time සදහා 10%ක ඉතිරියක් මූලික භාවිතාවේදීම දක්නට ලැබෙන බවකි.

Gmail දැන්සම්පූර්නයෙන් encrypted ආකාරයේය..

 Google ආයතනය පසු ගියදා ප්‍රකාශකර සිටියේ තම Gmail සේවාව මේ වන විට සම්පූර්නයෙන් encrypted HTTPS ආකාරයට ක්‍රියාත්මක වන බවයි. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ භාවිතාකරන්නා හා සර්වරයන් අතර පමනක් නොව Google අභ්‍යන්තරයේ දී පවා මෙම තොරතුරු ගමන් කිරීමේදී පවා සම්පූර්නයෙන් encrypted ආකාරයට සිදු වනු ඇති බවයි. පසුගිය කාලයේ  NSA හා සම්බන්දිතව කටයුතු කල අයෙක් හෙලිකර සිටියේ  NSA තොරතුරු ‍රැස් කිරීමේදී ආයතනයන්ගේ අභ්‍යන්තර සර්වරයන් අතර සිදුවන තොරතුරු හුවමාරුවන්ගේදී පවා මැදිහත් වීමේ හැකියාවෙන් යුත්ත බවකි.
              මේ අතර පසුගිය අගෝස්තුවේ හෙලිවූ කාරනාවක් වූවේ Google විසින් තම Gmail භාවිතාකරන්නන්ගේ ඊමේල් වෙතට අනවසර එබී බැලීම් ඔස්සේ ඒවායේ වන තොරතුරු ඔස්සේ ඔවුනගේ ගිනුම් අතරින් ඉලක්ක ගත වෙළඳ දැන්වීම් පලකිරීම් වලට තොරතුරු ලබා ගන්නා බවයි. ගූගල් ආයතනය මීට පිලිතුරු ලෙස පවසා සිටියේ එය සාමාන්‍ය වෙළඳමය හැසිරීමක් අපරාධමය ආකාරයේ හැසිරීමක් ලෙසට අර්ථ දක්වන්නට ඔවුන් කටයුතු කරන බවකි. Google ආයතනය මෙම හැම හැසිරිම පැහැදිලි කරමින් මීට පෙර පවසා සිටියේ තමන් භාවිතාකරන්නන්ගේ අනන්‍යතාව නොසලකමින් යාන්ත්‍රික ක්‍රම වේදයක් ඔස්සේ මෙම දැන්වීම් පලකිරීම් සිදුකරන බවකි.

2014-03-22

Microsoft නිකූත් පිලිබදව පෙර තොරතුරු අනවසර නිකුතූන් නිසා අයෙක් අත්වඩංගුවට පත්වේ....

  පසුගියදා මයික්‍රසොෆ්ට් සමාගමේ හිටපු වැඩසටහන් සම්පදකයෙක් අත්වඩංගුවට ගැනුනේ 2012 ඔක්තෝබරයේ windows 8 නිකුතුවට පෙර එහි code අනවසර පිටකිරීමකට සම්බදයෙනි. Alex Kibkalo නම් ඔහු FBI වෙතින් අත්වඩංගුවට ගැනුනේ  trade secrets අයතා භාවිතය පිලිබදව චෝදනාවක් සමගයි. එම තොරතුරු French tech blogger කෙනෙකු අතට පත්කිරීමක් පිලිබදව එම චෝදනාව සමන් විතව තිබුනා. එසේම ඔහු ආයතනයේ  Activation Server Software Development Kit මෘදුකාංග අනවසර පිටමංකිරීමක් පිලිබදවද චෝදනාවකට ලක්ව ඇති අතර ඒ සම්බන්දයෙන්ද යෝචදනා නැගෙන්නේ පෙර කී බ්ලොග්කරුවා වෙතටමයි. ආයතනයේ අභ්‍යන්තර සොයා බැලීම් වලට අනූව මීට පෙර Windows 7 වල code  අනවසරව පිටකිරීම් පිලිබදවද මේ වන විට තොරතුරු හෙලිවෙමින් පවතිනවා. එසේම හෙලිවන වැඩි දුරටත් තොරතුරු පවසන්නේ ඔහුගේ Microsoft සේවය පිලිබදව නිසි ඇගයීමක් නොවූ බවට චොදනාවක් සමග අතෘප්තිමත් සේවකයෙන් බවට ඔහු පත්ව සිටි බවටයි.

Intel වෙතින් ප්‍රොසෙසර් පෙලක නිකුතූන්ට සූදානමක්

  Intel ආයතනය නිකුත්කරන නවතම නිවේදනයකට අනූව කියවෙන්නේ තම ආයතනය  desktop PC වෙතින් සම්පූර්නයෙන් අවධානය ඉවත්කර නොමැති බවකි. එනම් තම ආයතනය ඉදිරියේදී  Core i7 ප්‍රොසෙසරයක් eight cores හා  16 threads හැකියාවන් ගෙන් යුතුව නිකුත්කරන්නට සැලසුම් කර ඇති බවකි. 2014 දේවන භාගයේ නිකුතුවට සැලසුම්ව ඇති මෙම ප්‍රොසෙසරය ආයතනයේ ශ්‍රේනි ගත කිරීම් වලට අනූව  Extreme Edition කාන්ඩයට අදාලව නිකුත්වන්නට නියමිත බවටයි  පැවසෙන්නේ. වැඩි දුරටත් තොරතුරු හෙලි නොවුනද මෙම නිකුතුව DDR4 මතක පත් සදහා සහය දක්වන මට්ටමේ ව්නු ඇති බවටයි නිවේදනය වන්නේ. මීට අමතරව Intel ආයතනයේ ඉදිරි සැලසුම් අතර unlocked ආකාරයේ  fourth generation Core processor නිකුතුවක් සදහාද 2014 මැද භාගයේ සැලසුම්ව ඇති බවට පවසන අතර "Devil's Canyon" එය නම්කරන අතර එය performance හා  overclocking හැකියාවන් ගෙන් සමන්විත වනු ඇති බවට පවසා සිටිනවා. මීට අමතරව 21 වසරකට පෙර සිදුවූ Pentium processor නිකුතුවේ සංවත්සර නිකුතුවක් පිල්;ඉබදව නිවේදනය කරන එම ආයතනය පවසන්නේ Anniversary Edition නිකුතුවක නිවේදනයක්ද කරමින් සිටිනවා. එහි core වල ක්‍රියාකාරීත්වය ස්වාධීනව ඉහල නැංවිමේ හැකියාව ඇතුලු දියුනු කිරීම් කිහිපයකින් සමන්විතව පැමිනෙන්නට සැලසුම් ඇති බවටයි පවසන්නේ.  මීටත් අමතරව එම ආයතනය පවසන්නේ හතරවන පරම්පරාවේ "Broadwell" ප්‍රොසෙසර නිකුතුවක් ගැනද නිවේදනය කරන එම ආයතනය එය  Iris Pro Graphics මට්ටමේ නිකුතුවක් ලෙසට නිවේදනය කරනවා.

2014-03-18

ඇමරිකානු රාජ්‍ය පරිගණක 10% ක් තවමත් XP භාවිතයේ...

  12 වියැති සේවයක් ලබා දුන් XP සදහා මයික්‍රසොෆ්ට් වෙතින් නිකුත්වන අවසාන යාවත්කාලීනයට තෙසතියක් ඉතිරිව ඇති මේ වන විටත් ඇමරිකානු රාජ්‍ය ආයතනයන්ගේ PC යන්ත්‍ර වලින් 10%ක් ධාවනය වන්නේ තවමත් XP මෙහෙයුම් පද්ධතිය බවටයි නවතම වාර්ථාවක් පවසන්නේ. එම වාර්ථා පැහැදිලි කරන්නේ මෙම පරිගණක අතර එරට classified military මෙන්ම  diplomatic networks මට්ටමේ ද පරිගණක වන බවයි. බොහෝ උසස් නිලධාරීන්ගේ බලාපොරොත්තුව වී තිබූ එලබෙන අප්‍රේල් 8 දායින් අවසන් වන XP වෙතට සහය දැක්වීමේ කාලය දිගුවනු ඇති බව සදහා තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය කිසිදු සටහනක් දී නොමැති වනවා. ATM යන්ත්‍ර වැනි ගැටලුකාරී විය හැකි උපකරන වල පවා තවමත් ධවනය වෙමින් ඇති XP පිලිබදව අනතුරු අගවමින් Avast ආයතනයද පසුගිය දා ප්‍රකාශ කර සිටියේ පහසු ඉලක්කයක් වීමේ හැකියාව පිලිබදව කල්පනා කාරීවීම වැදගත් වනු ඇති බවයි.

දුරකථනයේ SIM Card පතද Unlocked වනු ඇත..

  Smart Phone සමග භාවිතයට සුලබව පැමිනි යෙදුමක වූවේ Unlocked Phone යන්න. එහිදී තම දුරකථනය මිලදී ගත් විට එහි සේවාව හිමිව ඇති ආයතනයන් පිට දුරකථන සෙවා ආයතනයක සේවාව සදහා තම දුරකථනය සම්බන්ද කර ගැනීමේ හැකියාව ලැබිනි.  සරලව වෙනත් ආයතනයක SIM card පතක් හරහා දුරකථන සේවාව ලබා ගැනීමේ හැකියාව ලැබීමයි. Netherlands වලින් පලවන නවතම පුවතක් හෙලි කරන්නේ SIM cards සදහාද මෙම නිදහස ලැබිමේ හැකියාව මේ වන විට සලක බලමින් ඇති බවයි. භාවිතාකරන්නාට මහත් නිදහසක් ලැබෙන මෙම භාවිතාව තුලදි සිදුවන්නේ එක SIM cards පතක් හරහා දුරකථන සේවා සමාගම් කිහිපයකම සේවාවන් ලබා ගැනීමේ හැකියාව ලැබීමයි. නෛතිකව මෙසේ හැසිරවිය හැකි  agnostic SIM cards  ඇමරිකාව ඇතුලු බොහෝ රටවල තහනම් වන අතර ඉදිරියේදී ඔවුනටද මේ පිලිබදව සලකා බලන්නට සිදුවනු ඇති බවය. මේ අනූව දුරකථන නිෂ්පාදන සමාගමෙන්ම SIM cards සමගම පැමිනෙන දුරකථනය ඉදිරියේදී බලාපොරොත්තුවිය හැකි වනු ඇත.

iPhone 6 පිලිබදව නොනිල තොරතුරු කිහිපයක් හෙලිවේ!!!!

  කෙමෙන් iPhone 6 සංස්කරනය පිලිබදව තොරතුරු නොනිල මට්ටමෙන් හෙලි වෙමින් පවතිනවා. Apple ආයතනයේ ඉදිරි නිකුතූන් පිලිබදව සාර්ථක අනාවැකි පලකිරීම පිලිබදව අවධානයක් ලබා සිටින Dickson වෙතින් පලවන නවතම තොරතුරු හෙලි කරන්නේ නව් දුරකථනය අඟල් .22 ක් එනම් 5.5mm ඝනත්වයකින් යුතුව "ultra-retina" ස්ක්‍රීනයකින් යුතුව එනම්  iPhone 5S' සමග පැමිනි 326 ppi වලට වඩා වැඩි 389 ppi  හැකියාවක් සමග පැමි නෙන්නට නියමිත බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ Apple ආයතනය නව දියුනු කරන ලද  pixel technology එකක් සමග පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වන මෙම දුරකථනය 2.6Ghz වේගයක් සහිත A8 ප්‍රොසෙසරයකින්ද සමන්විත වනු ඇති බවටයි බලපොරොත්තුවන්නේ. කෙසේ වෙතත් Apple වෙතින් නිල ලෙසට iPhone 6 පිලිබදව නිල නිවේදනය වීමක් සදහා තවත් කාලය ගතවනු ඇති බවටයි හදාරන්නන් බලාපොරොත්තු වෙමින් ඇත්තේ.

2014-03-13

තම විසිපස් වන විය සමරන ලෝක ව්‍යාප්ත ජාලය නොහොත් WORLD WIDE WEB.

   ඒ 1989 වසරේ මාර්තු 12 වනදා වූවාය. Berners-Lee විසින් පලකල ලිපියක් "Information Management: A Proposal" ලෙසට නම්කර තිබූ අතර එහි තිබූ අදහස වූවේ web browsers නම් වැඩසටහනක් ඔස්සේ World Wide Web භාවිතාකරන ආකාරය පිලිබදවයි. සරල පදනමක ගොනැගෙන සංකීර්න භාවිතාවක්ව එම සංකල්පය අදවන විට සමහර ලේඛකයන්ගේ සටහන් තුලදී හදුන්වන්නේ "අන්තර්ජාලයෙන් තොර ලෝකය" මොවැනි විය හැකිද වැනි අරුතකිනි. එතරම්ම එය සාමන්‍ය ජීවිතය වෙතට පැමින අහවරය. ලොව දසත සර්වරයන් මත වන අපමන තොරතුරු එකි නෙක යාවෙමින් පාසැල් දරුවෙකුගේ නැනස පාදන්නට මෙන්ම තීරනාත්මක කාරනාවක් විසදාගන්නට අවශ්‍ය කරුනු සපයා දෙමින් විද්වතෙකුට සහය වීම දක්වා වන අතර මැද දහසකුත් එකක් දෛනික ජීවිතයේ බොහෝ කාරනා සමග බැදී ඇති මෙම WWW හි විකේන්ද්‍රීය ස්වභාවය හා විවෘත බව වඩාත් නම්‍ය සුවපහසු භාවිතාවක් ‍රැගෙන එන්නට පදනම වී ඇහි බවටයි පිලි ගැනෙන්නේ. අද වන විට ලොව පුරා  බිලියන 2.7ක පිරිසක් මෙම වෙබ් අවකාශය භාවිතාකරමින් සිටී. මුල් අර්තයෙන් සීමිත හදාරන්නන් පිරිසක් එකිනෙකා පහසුවෙන් යාවීම ඉලක්ක කරගෙන පැමිනි මෙම භාවිතාව අද වන විට වෙළඳ පමනක් නොව දේශපාලනික , ආගමික මෙන්ම සමාජීය කාරනාවලදී පවා දැනෙන සුලු මට්ටම බලපෑමක් කරන්නට සමත් තැනකට මෙම විෂය වැඩී ඇත. මේ වන විට එය වෙබ් පි‍ටු ට්‍රිලියන 60කින් සමන්විත බලවත් අවකාශයක්ව සිටී.

නොමිළේ බෙදා හැරෙන පරිගණක තොරතුරු ගොනුවක පලමු කලාපය දැන් ලබා ගත හැක......

එය හුදු වෙළඳමය කරුනක්ම නොවේ. ඉන් ඔබ්බට ගිය අපූරත්වයක්ද එය සතුය. විටක අමානුශිකම මුහුනු වරක් දක්වා චලනය විය හැකි වෙළඳ ස්වභාවය මග හැරීම ඉන් අදහස් නොවේ. දශක කිහිපයක් ඔස්සේ හැදී වැඩී මිනිස් නිර්මානශීලී බවේ දිදුලන සංකේතයක් බඳු තොරතුරු විෂය සමග තවත් අපූරුතම මිනිස් කලාවක් වන ප්‍රකාශන කලාව එකට හමුවන මායිමකට වන්නට වන තොරතුරු ගොනුවකට උත්සාහ කරන්නට ලැබීමම සිත ප්‍රබෝධමත් කරවන අත්දැකීමකි.
              සරලව පහදන්නේ නම් "Windows" යනු මයික්‍රසොෆ්ට් ආයතනය සතු වෙළඳ භාන්ඩයක් වුවද මදක් දුරට ගොස් බලන විට මිනිස් අප අත්පත් කරගත් තීරනාත්මකව මිනිස් ගමන් මගට මැදිහත් වන ගොඩ නැගීමකි. එය සංගීත කාන්ඩයක් අසන ආකාරයේ සිට ඉතා තීර්නාත්මක ගනනයක් ක්ශනිකව කරදීම දක්වා බොහෝ දුරට දිවෙන්නෙකි. මිනිස් දිවිය තීර්නාත්මක්ව වෙනස් කල මැදිහත්වීමක්ය. එය හැගීම්බර  වචන රටාවක් ඔස්සේ පහදන්නේ නම් සුවදවත් , නෙත්කලු කුසුම සුපිපුනේ ඔබගේ ගෙවත්තේ වුවද රස විඳින්නෙකුට එදෙස බලන විට ගෙවත්ත වටා ඇති කම්බි වැට ඉක්මවා යන්නට හැකිවීම වැනි අත්දැකීමකි.
                          මෙම විෂයන් සමග ගැබුරින් වන දේශපාලනික , ආර්ථික ආධිපත්‍යයන්  අමතකකර  දැමෙන්නට තරම් හැගීම් බර නොවිය යුතු මුත් ජාතියක් ලෙසට එවා අත්පත්කර ගන්නටනම් වෛරී ගෝත්‍රික ප්‍රතික්ශේප කිරීම් වලින් පමනක් නොහැකි වනු ඇත. ගෞරවනීය මෙන්ම විවෘත බුද්ධියකින් ඒවා වෙතට සමීපව හදාරමින් එම විෂයන් ඉදිරියට තල්ලුකල හැකි හෙට දවසක් සදහා සූදානම් වීමෙන් පමනක් එය කල හැකිවෙනු ඇති බව මම සිතමි.
https://drive.google.com/file/d/0B3GVZV_G6GcvQW9sZ041QnJFZGM/edit?usp=sharing

2014-03-11

1TB දක්වා අවකාශයක් ‍රැගෙන එන Archival Disc නිවේදනය වේ....

  Sony හා Panasonic එකව නිවේදනය කර සිටින්නේ තම Archival Disc format ඔස්සේ භාවිතාකරන්නෙකුට ටෙරා බයිට එකක දත්ත ‍රැදවීම් පහසුවකට යා හැකි වනු ඇති බවයි. මීලග පරම් පරාවේ disc format එකක ලෙසට නිවේදනය කරන මෙම හදුන්වාදීම 2013 july මාසයේ මුලිනම නිවේදනය කරනු ලැබුවේ නිශ්චිත නාමයකින් තොරවය. video හා games සදහා වඩාත් උචිතවන  ලෙසට නිමවන DVD හෝ Blu-ray මෙන් නොව Archival Disc වැඩි කාලයක් දත්ත රඳවා තැබීම සදහා වඩාත් උචිතව නිර්මානය කර ඇති බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. Sony ආයතනය වැඩි දුරටත් පවසන්නේ පාරිසරික සාධක වන දුහුවිලි , තෙතමනය රෝධී මෙන්ම උෂ්නත්වය සදහා වඩාත් ඔරොත්තුදෙන මෙන්ම පැමිනෙන නව ගොනු රටා සමග පහසුවෙන් ක්‍රියාත්මක වන ලෙසට මෙම නව නිකුතුව නිර්මානය වී ඇති බවයි. 2015 වන විට වෙළඳ පොලට පැමිනෙන්නට නියමිත මෙම නිකුතුව 300GB ලෙස්ට සැලසුම්ව ඇති අතර එය 500MB ලෙසට හා අවසානයේ 1TB දක්වා දියුනු කරන්නට නියමිතව ඇති බවයි.

iOS 7.1 නවාංග කිහිපයක්ද සහිතව නිකුත්වේ!!!!

  Apple ආයතනය තම iOS 7 මෙහෙයුම් පද්ධතිය සදහා ප්‍රධාන යාවත්කාලීනය iOS 7.1 නමින් අද නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවා. හදුනාගෙන තිබූ දුර්වලතා කිහිපයකට පිලිසකර සමග UI සදහා දියුනු කිරීම් කිහිපයක් ප්‍රමුක කාරනා කිහිපයක් සහිත මෙම නිකුතුව පසුගිය නොවැම්බරයේ දී සංවර්ධකයන්ට නිකුත්කරන ලද අතර iOS 7 සමග වූ දුර්වලතා සැකසීම සදහා සෑහෙන කාලයක් වැයකරන ලද නිකුතුවක් ලෙසටයි සැලකෙන්නේ. මෙම  නිකුතුව සමග නව shutdown slider පහසුව වේගවත් animations දියුනු කිරීම් මෙන්ම app ක්‍රියාත්මක වීමේදී වැඩි වේගයක් සමග වෙගවත්කල  multitasking හැකියාවක් පිලිබදව නිවේදනය කර සිටිනවා.
                      CarPlay සමග iPhone භාවිතාකරන්නෙකුට තම Car එකෙහි dashboard display සමග සම්බන්දව කටයුතු කිරීමේ හැකියාව ලැබෙන අතර දැනට ‍තෝරාගත් මොස්තර කිහිපයක් සමග කටයුතු කරනු ඇති බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ.එසේම carplay සමග Siri පහසුවද සමන්විතව පැමිනෙනු ඇති බවටයි පවසන්නේ. එය වඩාත් පැහැදිලි කරන ඔවුන් ගෝශාකාරී පරිසරයකදී වුවත් භාවිතාකරන්නාගේ කටහඬ හදුනා ගැනීම් අපහසු වන විට manually control වෙතට පහසුවෙන් පිවිසීමේ හැකියාව වඩාත් දියුනු කර ඇති අතර natural-sounding voices සදහාද දියුනු කිරීම් වන බවටයි නිවේදනය කරන්නේ.
                            මීට අමතරව Music හා  Calendar apps වලට  ගෙනවිත් ඇති දියුනු කිරීම් මෙන්ම  now playing screen වල සිටම ගීත මිලදී ගැනීමේ හැකියාවත් ගෙනවිත් ඇති අතර පසුගිය කාලය මුලුල්ලේ සිටම home screen වල වූ crashes තත්වය පිලිසකර කිරීම් සදහන් වනවා.  iOS 8 සදහා සංවර්ධකයන් සදහා නිවේදනය වීම එලබෙන ජූනි වල සිදුවෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

2014-03-10

Windows phone 8.1 වල Wi-Fi හැකියාව ගැන තොරතුරු හෙලි වෙයි...

  Windows phone 8.1 වල SDK සංස්කරනයක් සංවර්ධකයන් වෙතට මුලින්ම නිකුත් වනු ලැබුවේ පසුගිය පෙබරවාරි වලදීය. අනතුරුව නොයෙකුත් ආකාරයේ තොරතුරු අන්තර්ජාලය වෙතට පැමිනීමට පටන්ගත් අතර පැමින ඇති නවතම තොරතුරක් පවසන්නේ එහි Wi-Fi හැකියාව පිලිබදවය. එයින් පැහැදිලි වන්නේ නව සංස්කරනය සමග භාවිතාකරන්නෙකුට Wi-Fi හැකියාව පැයකට , පැය හතරකට හෝ දිනයක් දක්වා කාල පරාසයක් පහසුවෙන් තාවකාලිකව නතර කර දමන්නට හැකියාව් ලැබෙන්නේ manual ආකාරයට අමතරවය. එසේම භාවිතාකරන්නන් නිතරම පිවිසෙන Wi-Fi ජාලවල අවසර පද ස්වංක්‍රීයව මතක තබා ගැනීමේ හැකියාව ලැබෙන අතර නැවත වරක් එම ජාලාවන් හමුවන විටදී ස්වංක්‍රීයව ඒව හදුන අගෙන ඒවාවෙතට පිවිසීමේ හැකියාව වන බවටයි පැවසෙන්නේ. මීට අමතරව භාවිතාකරන්නෙකුට තමන් භාවිතාකරමින්සිටින Wi-Fi ජාලයන් පිලිබදව තොරතුරු අනෙකුත් හිතවතුන් සමග  Outlook.com, Skype හෝ Facebook වල සබදතා ඔස්සේ බෙදා හදා ගැනීමේ පහසුව පවතින අතර එම දුරකථන  මෙම hotspots හදුනා ගනිමින් පහසුවෙන් ඒවාට පිවිසීමේ හැකියාව භාවිතාකරන්නා වෙතට ගෙන එන බවටයි දැක්වෙන්නේ. තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය තම Windows phone 8.1 නිල ලෙසට නිවේදනය කර නැති අතර එලබෙන අප්‍රේල්වලදී එය සිදුවෙනු ඇති බවටයි බලාපොරොතුව වන්නේ.

2014-03-07

IE 9 හා 10 සදහා ස්තීර යවත්කාලීන නිකුත්වන්නට නියමිතය...

  පසුගිය පෙබරවාරි මැද භාගයේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හා 10 වල හදුනාගත් දුර්වලතාවය සදහා මෙම මස සුපුරුදු මාසික යාවත්කාලීනය සමග ස්තීර පිලිසකරයක් නිකුත්වන බවටයි මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ. මෙවර යවත්කාලීන ගොනුව සමග Windows, IE හා  Silverlight වල හඳුනාගෙන ඇති දුර්වලතා සදහාද යාවත්කාලීනයන් පැමිනෙන බවටයි සදහන් වන්නේ. පෙරකී බ්‍රවුසර දෙකෙහි දුර්වලතාවය සදහා මයික්‍රසොෆ්ට් ආයතනය මීට පෙර "Fix it"  ආකාරයේ පිලිසකරයක් නිකුත්කරන ලද අතර එය භාවිතාකරන්නා විසින් ලබාගත යුතු ආකාරයේ එකක් වූවා. ආයතනය පවසන්නේ මෙවර නිකුත්වන පිලිසකරය ස්ථීර හා යාවත්කාලීන විවෘතව තබන පරිගණක සදහා ස්වංක්‍රීයව පැමිනෙන ආකාරයේ පිලිසකරයක් වන බවයි. මෙවර යාවත්කලීන ගොනුව ආරක්ශක යාවත්කාලීනයන් පහකින් සමන්විත වන අතර එයින් දෙකක් "Critical" ආකාරයේ වනු ඇති බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ. ඉන් එකක් Silverlight media player සදහා වන අතර අනෙක් යවත්කාලීන දෙක "Important" මට්ටමේ වන බවයි පැවසෙන්නේ. Windows XP සදහා නිකුත්වන අවසාන යවත්කාලීනද මෙම ගොනුව වන අතර එලබෙන අප්‍රේල් 8 එම මෙහෙයුම් පද්ධතිය සදහා සහය දැක්වීම මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙසට අවසන් වන්නට නියමිතව පවතිනවා.

2014-03-06

Facebook ආයතනය drones ඔස්සේ අන්තර්ජාල පහසුව ලබාදීමේ සැලසුමක....

  Facebook නිර්මාතෘ  Mark Zuckerberg මහතා Mobile World Congress 2014 අමතමින් පවසා සිටියේ තවමත් ලොව බිලියන ගනනක් වන අන්තර්ජාල භාවිතාව නොලැබ ඇති පිරිස් වෙතට එම හැකියාව ‍රැගෙන යන්නට තම ආයතනයේ අවධානය යොමුව ඇති බවකි. පලවන නවතම පුවතක් පවසන්නේ Feacebook  ආයතනය  Titan Aerospace නම් solar-powered drones ඇතුලු එවැනි තාක්ශනයන් දියුනු කරමින් සිටින ආයතනයක් මිලදී ගැනීමක් පිලිබදව කරුනු හදාරමින් සිටින බවකි. අන්තර්ජාල භාවිතාවේදී වැඩිම ඉඩකඩක් ලබාගන්නා භාවිතාවකට අයිතිය පවසන ලොව විශාලතම සමාජජාලාව වන ෆේස්බුක් ආයතනය internet.org නම් ලොව පුරාවට අන්තර්ජාල භාවිතය පැතිරවීම මූලිකව ක්‍රියාත්මක වන  සංවිධානයේ ක්‍රියාකාරී ප්‍රමුකයෙකුද වේ.  මෙම solar-powered drones  යනු සූර්ය බලශක්තිය සමග වසර 5ක් එක දිගටම පියසර කිරීමේ හැකියාවෙන් යුක්ත බවටයි වාර්ථා වන්නේ. එම වාර්ථා වැඩි දුරටත් පවසන්නේ අප්‍රිකාව මූලිකව මෙවැනි උපාංග 11000ක් භාවිතයෙන් වන ව්‍යාපෘතියකට මේ වන විට සැලසුම් වෙමින් පවතින බවකි. මෙම drones උපකරන satellite ආකාරයේ ක්‍රියාකාරකමක් අඩු මුදලකින් හා පහසුවකින් පෘතුවියේ සිට අඩු උසකින් සිටින ලබා දෙන්නට හැකිවන අයුරින් නිමව ඇති බවයි. මෙහිදී ඔවුන් භාවිතාකරන්නට බලපොරොත්තුවන Solara 50 හා 60 මෝස්තර සමග මුහුදු මට්ටමේ සිට 20Km උසක සිටිමින් මෙම පහසුව ලබා දෙන්නට හැකිවනු ඇති බවට හා දහවල හිරු බලයෙන් හා රාත්‍රියේදී ‍රැස්කර ගන්නා බැටරි බලයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවෙන් යුක්තබවටයි පැවසෙන්නේ.

Android phones සමග පෙර ස්ථාපිතව පැමිනෙන හානිකරයන් හදුන ගැනේ!!!!

  හදාරන්නන් පිරිසක නිකුත්කරන නව වාර්ථාවකට අනූව නිෂ්පදනාගාර මට්ටමේදීම හානිකරයන් ස්ථාපිතව පැමිනෙන Android phones පිලිබදව අනතුරු අගවා සිටිනවා. ඔවුන් පවසන්නේ ව්ය්‍යාජ Netflix සංස්කරනයක් ස්ථාපිතව පැමිනෙන මෙම දුරකථන ඔස්සේ භාවිතාකරන්නාගේ තොරතුරු Russia  පිරිසකට යොමුවන  බවක් තමන් හඳුනා ගෙන ඇති බවයි. iOS හා Android වලදී මෙම හානිකරයන් හැසිරීම හැදෑරූ ඔවුන් පවසන්නේ iOS වලදී අදාල app භාවිතාව හානිකර ලෙසට හැසිරෙන්නට තැත්කලද නැවත නැවත් සිදුවන හදුනගැනීම් හා අදාල app වල හැසිරීම හදාරමින් අදාල ගොනු යොමුවන  ස්ථානයන් පිලිබදව අවදියෙන් සිටින යාන්ත්‍රනයන් ඔස්සේ එම තත්වය පාලනයක් සිදු වුනද Android ඔස්සේ වැඩි නිදහසක් සමග මෙසේ භාවිතාකරන්නාගේ තොරතුරු අනවසරව යොමුවීම සිදුවන බවය.
         පසුගිය කාලයේදීද China නිෂ්පාදනාගාරවලදී මෙලෙස හානිකරයන් ඇතුලුවීමේ අනතුර හදුනා ගැනීමක් සිදුවූ අතර අඩු සැලකිලි මට්ටමක සිදුවන නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී එසේ හානිකරයන් ඇතුලුවීමක් සිදුවනු ඇති බවටයි අනුමානය වූවේ. හදාරන්නන් අනතුරු අගවමින් පවසන්නේ බාහිර app soresවලින් app ලබා නොගන්නටත් , app ස්ථාපනයේදී එය විසින් දුරකථනයේ අනෙකුත් තොරතුරු භාවිතාවට අවසර ඉල්ලීම් ගැන කලපනාකාරී වන ලෙසත් , අදාල app මෘදුකාංගය ක්‍රියාත්මක වීමේදීද කලපනාකාරීව සිටීමත් වැදගත් වනු ඇති බවත්ය.

Win 8 සදහා වන VLC app නිකුතුව මාර්තු 10 සිට

  Windows 8 සදහා වන VLC app සංස්කරනයේ නිකුතුව පිලිබදව බලපොරොත්තුව දිගුකාලීන එකකි. වසරකට ආසන්නව පැවති එම බලාපොරොත්තුව සපල කරමින් එම කන්ඩායම නිකුත්කරන නිවේදනයකින් පැවසෙන්නේ මෙම නිකුතුව නුදුරේදීම පැමිනෙනු ඇති බවයි. මේ වන විට මෙම නිකුතුව Microsoft's certification process  වෙතින් අනු මැතිය ලබා ඇති අතර අවසන් මට්ටමේ ඇති සැකසුම් කිහිපයක් සිදුවෙමින් පවතින බවටත් ඔවුන් පවසා සිටිනවා. මෙම සස්කරනය video subtitles සදහා සහය දැක්වීම ,  Snap view මෙන්ම streaming සදහා සහය දැක්වීම මෙන්ම බාහිර උපාංග එනම් Flash drives හා  USB hard drives වෙතට සහය දැක්වීම ආදි අංගවලින් සමන්විතව පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුව වන අතර එලබෙන මාර්තු මස 10 වන දා සිට Windows Store වෙතින් බාගත කර ගැනුමට හැකිවනු ඇති බවටයි නිවේදනය වන්නේ.

Windows 8.1 සදහා එන පලමු මෙගා යාවත්කාලීන ගොනුවේ නිල නාමය Feature Pack වේවි.

  Windows 8.1 සදහා පැමිනෙන්නට නියමිත නවතම යාවත්කාලින ගොනුව පිලිබදව ලොලයන්ගෙන් ඇත්තේ නොමද අවධානයකි. එය පැමිනෙන දින වකවානු , එහි නිල නාමය පමනක් නොව එහි අඩංගුව පැමිනෙන දෑ පිලිබදව නොනිල මට්ටමින් නෙකෙ තොරතුරු පලවෙමින් ඇත. පසුගිය සතියේ පලවූවේ එහි RTM version ගොනුව අවසන්ව ඇති බවකි. මේ වන විට අන්තර්ජාලය වෙතට පැමින ඇති නවතම තොරතුරු හෙලිකරන්නේ එය නිල ලෙසට Feature Pack නමින් නම් වන්නට නියමිත බවකි. මෙම නව යාවත්කාලීනය සමග Windows 8.1 වෙතට ගෙනෙන්නට නියමිත KEYBOARD හා MOUSE භාවිතාකරන්නන් වෙනුවෙන් ප්‍රධාන නවාංග නිසාම මෙම නාමය එයට ලැබී ඇති බවටයි හැගෙමින් ඇත්තේ. එසේම මෙම යාවත්කාලීනය සමග internet explorer සදහා ප්‍රධාන නව සංස්කරනයක් නොපැමිනෙන අතර  පැමිනෙන නව අනු සංස්කරනය IE 11.0.7 ලෙසට නම්ව තිබෙනු ඇති බවටයි මේ වන විට නිකුත්ව ඇති නොනිල තොරතුරු හෙලිකර සිටින්නේ.
                 මීට අමතරව පසුගිය දිනවල කථා බහට ලක්වූ Windows 8.1 with Bing සංස්කරනයක් පිලිබදව මේ වන විට තොරතුරු පලවෙමින් ඇති අතර ඒවායින් පැවසෙන්නේ මෙම සංස්කරනය අඩු මිලැති උපාංග සදහා OEM සංස්කරනයක් වන අතර එහි ප්‍රධාන බ්‍රවුසරය IE වෙනස්කල නොහැකිවන සේ සමන්විතව පැමිනෙන්නට නියමිත බවකි.

2014-03-05

Meetup වෙබ් අඩවිය ප්‍රහාරයක. එහි CEO ප්‍රහාරකයින්ට අවනත නොවීමේ ස්ථාවරයක

  Meetup යනු  local groups සදහා තම අනන්‍යතාවය ප්‍රචාරය කර ගන්නට මෙන්ම පැමිනෙන්නට නියමිත ඉදිරි gatherings ආදියෙහි තොරතුරු ප්‍රචාරය කරගන්නට සහය ලබා දෙන සමාජජාලා ආකාරයේ වෙබ් අඩවියකි. පසුගිය දින කිහිපයේදීම මෙම අඩවිය වෙතට එල්ලව ඇති denial of service attacks ආකාරයේ ප්‍රහාරයන් නිසා අඩවිය භාවිතාවේ විවිධ අපහසුතා ඇති වෙමින් තිබුනා. මේ වා පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් එහි CEO වරයා පවසා සිටින්නේ තමන් වෙතට පැමිනුන e mail පනිවිඩක් ඔස්සේ පැවසුනේ වෙන් අඩවිය සමග වන competitor කෙනෙකු විසින් ඔහු වෙතට භරදෙන ලද කොන්ත්‍රාතුවක් නිසා මෙම පහරදීම සිදුවන බවටත්, ඉදිරියේ තවත් ප්‍රහාර කිහිපයක් සැලසුම්ව ඇති බවත් ඒවා අත්හැර දමන්නට නම් ඩොලර් 300 ගෙවීමක් එම පහර දෙන්නා වෙතට කරන ලෙසත්ය. CEO වරයා පවසා සිටින්නේ තමන් සයිබර් අපරාධ කරුවන් සමග එකගතාවයකට යාම ප්‍රතික්ශේප කරන බවටත් අඩවිය යතාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය. එසේම මෙම ගෙවීමෙන් අනතුරුව තවත් ගෙවීම් සදහා පොලබවන්නට එම පහර දෙන්නන්හට ඇති ඉඩකඩ පැහැදිලි කරමින් ඔහු පවසන්නේ බොහෝ භාවිතාකරන්නන් පිරිසකට සේවය සලසන මෙම අඩවිය දැනට අත්විදිමින් පවතින අපහසුතාවය ඉක්මනින් යතාතත්වයට ගෙනෙන්නට හැකිවනු ඇති බවයි.

IE11 සමග එන "Reading View" සදහා වෙනම Font එකකුත්

  Microsoft සමාගම පවසන්නේ Windows 8.1 සමග නිකුත්වූ internet explorer 11 සමග පැමිනුන නවාංගයක් වූ  Reading View සදහා භාවිතාකරන්නාගේ පහසු දෘශ්‍ය බව ලබාදෙන්නට නව Font එකක්ද නිර්මානය කල බවයි. Sitka ලෙසට නම් කර ඇති මෙම නව Font සමග වෙබ් පි‍ටුවක් කියවීමේදී භවිතාකරන්නාට වැඩි දෘශ්‍ය බවක් මෙන්ම වෙබ් පි‍ටුව හැසිර වීමේදීද වැඩි නම්‍ය බවක් ගෙනෙන්නට තමන් කටයුතු කර ඇති බවත් පවසා සිටිනවා. "scientific legibility" හැදෑරීම් ඔස්සේ නිර්මානය කල මෙම Font ඔස්සේ ලිපියක අන්තර්ගතය මෙන්ම මාතෘකාව වඩාත් කැපී පෙනෙන ආකාරයට භාවිතාකරන්නා වෙතට ගෙනෙන්නට සමත්ව ඇති බවයි ඔවුන්පැහැදිලි කරන්නේ. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ වෙබ් පි‍ටු නිර්මානයේදී වඩාත් නම්‍යව මෙම ReadingView පහසුව ලබාගන්නට අවශ්‍ය Code නිකුත්කර ඇති අතර ඒවා යෙදීමෙන් මෙම වෙබ් පි‍ටුව වඩාත් පහසුවෙන් භාවිතාකරන්නගේ කියවීම ලබාගන්නට internet explorer 11 සමග පහසුවනු ඇති බවයි.

2014-03-03

Google සමස්ථ ආයතනයක් ලෙසටද චලනය වෙමින් සිටී....

  Google තොරතුරු ලෝකය මත විසල් අනන්‍යතාවයකි. නෙක ආකරය ගත් සේවාවන් රාශියක් වෙබ් අවකාශයට ගෙනෙන වෙළඳ නාමයකි. සෙයුම් යාන්තරනයකි , ඊමේල් සේවාවකි , මොබයිල් මෙහෙයුම් පද්ධතියක් ගෙනෙන්නෙකි , බ්ලොග් අවකාශ සේවාවක් ලබාදෙන්නෙකි , තොරතුරු භාවිතාව සාම්ප්‍රධායික රාමුවෙන් ඔබ්බට ගෙනයන්නට සමත් දත්ත උපාංග නිෂ්පාදනයට එලබ සිටිනෙකි. මෙකී නොකී නෙක ආකාරයේ සේවාවන් හා උපකරන රාශියකින් ලොව දත්ත භාවිතාවේ ප්‍රමුකතම නමක් දිනා ගත් ආයතනයකි. මේ සියලු සේවාවන් සැලකීමේදී ඒවාවට වන විකල්පද බොහෝය. Google+ සමජ ජාලාව සැලකීමේදී විකල්ප සමාජ ජාලා ඇතුවා මෙන්ම ඊමේල් සේවාව සැලකීමෙදීද විකල්ප ඇත. හදාරන්නන් යෝජනා කරන්නේ මේ සියල්ල අතරින් Google සෙයුම් යන්ත්‍රය සැලකීමේදී එයට ඇති විකල්ප සේවාවන්ට අහලකටවත් පැමිනිය නොහැකි ස්ථාවරයක් , දායකත්වයක් ලොවට ලබා දෙමින් සිටින බවයි. වෙබ් භාවිතාවේ මූලිකතම අවශ්‍යතාවයක් සලසන සෙයුම් යන්ත්‍ර භාවිතාවේ මෙම යෝධයාගේ මොහොතක නොපැමිනීම සමස්ථයටම දැනෙන්නක් වීම මේ වන විට බිහිවෙමින් පවතින්නකි.
                             සෙයුම් යාන්ත්‍රනය සමග ක්‍රියාත්මක වෙමින් ලාබ ලබා දෙන යාන්ත්‍රනය දැන්වීම් පලකිරීමය. Google වල ක්‍රියාත්මක වන මෙම යාන්ත්‍රනය උපයන ධනය නොවන්නට එහි අත්හදා බැලීමේ මට්ටමින් පැවතෙන බොහෝ අංශ මේ වන විටත් වසා දමා අවසානය. බොහෝ ආයතනයන් මිලදී ගනිමින් තම මූලික සෙයුම් යාන්ත්‍රනයට අඩු වැඩි ලෙසට සම්බන්දව ඒවායේ තාක්ශනයන් දියුනු කිරීම ඔවුනගේ ප්‍රධානතම චලනයකි. විටක මොබයිල් ආයතනයක් වන් විට තව විටක කෘතීම බුද්ධිය(AI) සම්බන්ද තාක්ශනික ආයතනයක් මිලදී ගනී. තවත් විටක project x වැනි ව්‍යාපෘති ඔස්සේ විද්‍යා ප්‍රබන්ධ හා සැබෑ ලෝකය යාවන උපාංග පිලිබදව අත්හදා බැලීම් වලට පිවිසෙන්නට ඔවුන් කටයුතු කරයි.
                                                                             හදාරන්නන් පවසන්නේ අනාගත Google ආයතනය වෙබ් ආශ්‍රිත සේවාවන් රාශියක් ලබාදෙන ආයතනයක් වීම දෙසට ගමන් කරන බවයි. Google Glass , Google car , Robots මේවායින් සමහරකි. සමහරුන් අර්ථ දක්වන්නේ ඔවුන් සතු සෙයුම් යන්ත්‍ර දත්ත භාවිතාව හුදු වෙබ්  සෙයුම් යන්තරයක් ලෙසට පමනක් නොව දෛනික ජීවිතයේ වැදගත් වන උපංග ඔස්සේ භාවිතාකරන්නන් වෙතට ගෙන එන්නට එම ආයතනය කටයුතු කරමින් සිටින බවකි.

බ්‍රවුසර යුද්දේ අලුත්ම තත්වේ!!!!

  පලවන නවතම වාර්ථා පවසන්නේ internet explora 11 යනු  දෙවන ස්ථානයේ ලොව වැඩිම භාවිතාවක් ඇති බ්‍රවුසරය බවට ගනනය වෙමින් ඇති බවකි. මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය ඔක්තෝබරයේ එය මුලින්ම හදුනවාදුන්නේ Windows 8.1 සමග වන අතර පසුව නොවැම්බරය වන විට Windows 7 සදහාද හදුන්වාදෙන්නට කටයුතු කරනු ලැබුවා. හදුන්වාදීමෙන් පස් මසක් ගත වෙද්දී ලොව දෙවන වඩිම භාවිතාවක් ලබන බ්‍රවුසරය බවට මෙම සංස්කරනය ගනනය වී ඇත්තේ  Net Applications විසින් වෙබ් අඩවි 40000ක් මතට සිදුවූ unique visitors මිලියන 160ක් ඇසුරෙන් බවටයි වාර්ථා වන්නේ. කෙසේ වෙතත් තවමත් වැඩිම භාවිතාවක් ලබන බ්‍රවුසරය ලෙසට ගනනය වන්නේ XP, Vista, 7 and 8/8.1 පද්ධති සදහා සහය දක්වන IE8 බවටයි ගනය වන්නේ. ෆෙබරවාරි මාසය ඇසුඑර්න් මෙම ගනය සිදුවී ඇති අතර එහිදී IE8 සදහා 21.78%ක් ලෙසට වාර්ථා වනවා.IE11 සදහා 12.80% එම ගනනය වීම් වාර්ථා වනවා.
          Google's Chrome 32  බ්‍රවුසරය 9.86% ක්  වාර්ථා කරමින් තෙවන තැනටද මෑතකදී නිකුත්වූ Chrome 33 3.70% ක් වාර්ථා කරගන්නට කරගන්නට සමත්වූ බවටයි සටහන් වන්නේ. IE9 හා IE10 තෙවන හා හතරවන මට්ටමට සටහන් වන්නේ පිලිවලින් 8.80% හා 8.04% ක භාවිතාවක් අත්කරගනිමින් වන අතර Firefox වල 27 හා 26 සංස්කරන පිලිවලින් 7.90% හා 5.78%ක් ලබා ඇති බවටයි වාර්ථාවන්නේ. සමස්තයක් ලෙසට සැලකීමේදී IE 59.19 ක් ද , Firefox  17.68ක්ද , Crome 16.84ක්ද , Safari 5.67 ක් ද , Opera 1.23 ලෙසට ප්‍රතිශතයක් ලෙසට ලොව බ්‍රවුසර භාවිතාව ලබමින් ඇති බවටයි මේ වන විට වාර්ථාවන්නේ.

Bitcoin සිල්ලර භාවිතාවට ගෙනෙන BitTag

  Bitcoin යනු මහත්සේ කථා බහට ලක්වෙමින් මුත් කෙමෙන් භාවිතාවට පැමිනෙමින් ඇති Digital ආකාරයේ මුදල් භාවිතාවකි.  ප්‍රතික්ශේප වීම් මෙන්ම පිලිගැනීම් ආකාරයේ නෙක ප්‍රථිචාර මැද වුවත් එය සාමන්‍ය දෛනික භාවිතාවට පැමිනෙන්නට වන බාදක සදහා විසදුම් ලබමින් සිටින බවටයි වාර්ථා වෙන්නේ. මෙම භාවිතාවෙන වන ක්ශනික වටිනාකම් ඉහල පහල යෑම් සදහා පෑහෙන ආකාරයේ විසදුමක් ‍රැගෙන විත් ඇති BitTag සමග එය පහසුවෙන් සිල්ලර මට්ටමේ වෙළඳ අවකාශයට පිවිසෙමින් ඇති බවටයි සටහන් වන්නේ. OLED දර්ශකයකින් සමන්විතව පැමින ඇති මෙම උපකරනය ඔස්සේ එය සම්බන්ද කොට ඇති භාන්ඩයේ වටිනාකම දැක ගැනීම සදහා මිළඳීගන්න විසින් එය සෙලවීමක් කල විට bitcoin QR code මගින් දැක්වන සටහන මිලදී ගන්නා විසින් Smart phone එක ඔස්සේ scan කල යුතු වනවා. තවමත් ඩොලර් 65ක් තරම් ඉහල මිලකට පැමින තිබුනද මෙම Tag භාවිතාව ආයතනයට ඇති ඉන්ටර්නෙට් සබදතාවය සමග Blutooth අකරයට සම්බදව ඇතිව ක්‍රියාත්මක වනවා. iPad app එකක සමග ක්‍රියාත්මක වන මෙම භාවිතාව සදහා අන්තර්ජාල සබදතාව අහිමිවිම භාහිර දත්ත උපකරනයක් මගින් අනවශ්‍ය මැදිහත්වීමට ඇති හැකියාව වැනි ගැටලු කිහිපයක් සමග මෙන්ම එම Tag උපාංගයේ මිළ වැනි හේතු සමග උවත් අනාගත භාවිතාවක පෙර සලකුනු පෙනවමින් සිටින බවටයි වාර්ථා වන්නේ,

Samsung වෙතින් premium මට්ටමේ S5 දුරකථනයක්!!!!

  Samsung ආයතනය පසුගියදා තම  Galaxy S5  නිවේදනය කරන්නට කටයුතු කල අතර එය දුරකථන ලෝලයන් අතර එතරම් ආකර්ශනිය බවක් දිනාගන්නට අසමත්වූවා. බාහිර වෙබ් අඩවියක් වාර්ථා කරන්නේ එම අඩවිය මේ වන විට Galaxy s5 වල premium මට්ටමේ දුරකථනයක් සංවර්ධනය කරමින් සිටින බවයි. නොනිල එම ආරන්චිමාර්ග පවසන්නේ එය  eight-core Exynos processor හා 2K resolution සහිත  AMOLED display සහිතව ලෝහ ආවරනයකින් සමන්විතව පැමිනෙනු ඇති බවයි. “Project F” නම් ව්‍යාපෘතියක් යටතේ සංවර්ධනය වන මෙම දුරක්ථනය Galaxy S හා Galaxy Note අතරවන අවකාශය සපුරන දිගුකාලීන භාවිතයකට ගැලපෙන උසස් නිමාවක් ‍රැගෙන එන්නක් බවටයි වාර්ථා වන්නේ. මෙම ව්‍යාපෘතියද S  හා Note නිකූතුන් නිර්මානයට දායකවූ කන්ඩායමම විසින් නිමවමින් සිටින බවටයි  සටහන් වන්නේ. වැඩි දුරටත් සදහන් වන්නේ metal ආකාරයේ බඳක් සහිතව s හා Galaxy Note ආකාරයේ විශාල ප්‍රමානයෙන් උපාංග නිකුතුවකට වන අපහසුව ද හේතුවක් ව ඇති නිසා මෙම premium  මට්ටමේ S5 දුරකථනය සීමිත ප්‍රමානයකින් නිකුත්වන්නට නියමිත බවකි.

2014-03-02

XP භාවිතාව පෙබරවාරියේ මදක් ඉහලට...

  Net Applications වෙතින් නිකුත්වන නවතම වාර්ථාවක් පවසන්නේ Windows XP භාවිතාවේ මද වර්ධනයක් ගෙවීගිය ජනවාරි මාසය හා සැසදීමේදී පෙබරවාරි වලදී දක්නට ලැබෙන බවයි. එනම් 2014 ජනවාරි මාසය වන විට XP වල භාවිතාව 29.30ක් ලෙසට වාර්ථා වූ මුත් පෙබරවාරි වන විට එය 29.53ක් ලෙසට දැක්වෙන ලෙසටයි. එලබෙන අප්‍රේල් 8 වන විට ආයතනික සහයෙන් ඉවත්වන XP සංස්කරනය වෙතින් භාවිතාකරන්නන් ඉවත්කර ගන්නට මයික්‍රසොෆ්ට් වෙතින් යෙදෙන මහත් වෑයම තවමත් එතරම් පල ලබා නැති බව හැගවෙන ආකාරයේ මෙම තොරතුරු පිලිබදව හදාරන්නන් විමතිය පල කොට සිටින බවටයි දැක්වෙන්නේ. මෙහෙයුම් පද්ධති කෙරෙහි භාවිතාකරන්නන්ගේ නිද්‍රාශීලී අවධානය පැහැදිලි කෙරෙන එම තොරතුරු සටහනේ පැවසෙන තොරතුරු වැඩි දුරටත් හෙලි කොට සිටින්නේ Windows 8 වෙතට නොමිලේ පැමින ඇති wondows 8.1 යාවත්කාලීනය සදහා ප්‍රතිචාර දැක්වීමද අවම මට්ටමක වන බවයි. එනම් windows 8.1 වෙතට පැමිනීමද 2014 ජනවාරියේ වාර්ථාවූ 3,92%  ගනනය වීම පෙබරවාරි වනවිට ඉහල ගොස් ඇත්තේ 4,30% තරම් අඩුම ප්‍රථිශතයකින් වීමය. මීට අමතරව වින්ඩොස් 8 භාවිතාව ජනවාරි හා පෙබරවාරි අතර ගනනය වීම් පිලිවලින් 6.62% සිට 6.38% දක්වා අඩුවීමක් පෙනවන අතර වින්ඩෝස් 7 වල භාවිතාව පෙරකී දෙමාසය තුල වෙනස -.015%කින් වාර්ථා වනවා.

Windows phone 8.1 නොනිල තොරතුරු බිදක්....

  පැමිනෙන්නට නියමිත Windows phone 8.1 මෙහෙයුම් පද්ධතියේ start screen ය භාවිතාකරන්නාගේ සිතැගි පරිදි වෙනස්කර ගැනීමේ පහ්සුකම් කිහිපයක්න්ම යුතුව පැමිනෙන්නට ඉඩ ඇති බවට විටින් විට පැතිර ගිය තොරතුරු වඩාත් සනාත කරමින් මේ වන විට එහි නොනිල screenshots අන්තර්ජාලය වෙතට පැමින තිබෙනවා. එම ඡායා සටහන් වලට අනූව පෙනෙන්නේ desktop wallpaper ආකාරයට Start Screen යේ background එක වෙතට මෙම බාවිතාකරන්නාගේ සිතැගි ඡායා සටහනක් ගෙනෙන්නට හැකිවන බවයි. එසේම එම ඡායා සටහන් transparent කරමින් Live Tiles වලට පසුපසින් දකින්නට ලැබෙන සේ සැකසීමේ හැකියාවත් වන බවටයි එම ඡායා සටහන් දක්වන්නේ. හදාරන්නන් මත පලකරන්නේ මෙම අංගය Windows phone 8.1 හි පෙර සංස්කරනය (RTM) සමග නොව අවසන් සංස්කරනය සමග පැමිනෙන්නට ඉඩ ඇති බවකි. කෙසේ වෙතත් මයික්‍රසොෆ්ට් ආයතනය මෙතෙක් Windows 8.1 පිලිබදව කිසිදු තොරතුරක් හෙලිකර නොමැති අතර එලබෙන  2014 BUILD conference  වලදී පලමුවරට නිවේදනය සිදු කරනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.

2014-03-01

Android ද නැතිනම් iOS ද යන්න විමසන්නට සහය සටහනක්

 වෙළඳ පොල තුලදී ස්මාර්ට් මට්ටමේ දුරකථනයක් තොරාගන්නට යාමේදී හමුව ගැටලු අතර iOS ද නැතිනම් Android ද යන්න සුලබව හමුවන ගැටලුවකි. මිළ පිලිබදව සාධකය නොසලකමින් උපාංගයේ භාවිතාවන මෙහෙයුම් පද්ධතිය පිලිබදව විමසන විටදී වැදගත්විය හැකි කාරනා කිහිපයක් සලකා බලන්නට මෙම සටහනේදී උත්සාහ කරමු. 2007දී iPhone සමග හදුනවා දුන් iOS මෙහෙයුම් පද්ධතිය  මේ වන විට Apple ආයතනයේ iPod , iPhone , iPad පමනක් නොව Apple TV සමගද භාවිතයට පැමින ඇත. දෘශ්‍යව මෙන්ම ක්‍රියාකාරකම් අතින්ද වන දියුනු කිරීම් රාශියක් සමග සිත්ගනා සුලු iOS 7 සංස්කරනය මේ වන විට භාවිතාවේ ඇති නවතම සංස්කරනය වේ.
                       Linux මත පදනම්ව නිර්මානය වන Android මෙහෙයුම් පද්ධතිය Google යටතේ සංවර්ධනය වෙමින් ලොව වැඩිම භාවිතයක් ලබන මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට ඇති අතර නොමිලේ භාවිතාකල හැකි වඩාත් විවෘත ආකාරයේ මොබයිල් මෙහෙයුම් පද්ධතියක්ව එය පැමින ඇත. Android 4.4 නැතිනම්  Kit-Kat එහි නවතම සංස්කරනය නම් වන අතර Samsung , HTC වැනි මොබයිල් දුරකථන සමාගම් බොහොමයක් තම නිෂ්පාදන සදහ මෙම මෙහෙයුම් පද්ධතිය යොදා ගනිමින් සිටී.
                       සාමන්‍ය භාවිතාවේදී iOS සරල පහසු භාවිතාවකට සූදානම් මෙහෙයුම් පද්ධතියක් ලෙසට පිලිගැනෙන අතර වැඩි තාක්ශනික දැනුමකින් තොර භාවිතා කරන්නන් සදහා උවත් අපහසුවකින් තොරව භාවිතාකිරීමේ හැකියාව එහි කැපී පෙනෙන ලක්ෂනයකි. Android සැලකීමේදී සාමාන්‍ය මට්ටමේ භාවිතාකරන්නන් සදහාද මිත්‍රබව  නොවඩුව පැවතුනද සමහර සැකසුම් සදහා වඩාත් දැනුමැති භාවිතාකරන්නෙකු අවශ්‍යවීම දැකිය හැකි බව පිලිගැනීමකි. මෙම මෙහෙයුම් පද්ධතීන් දෙක සදහාම මූලික මෙහෙයුම් පද්ධතිය සමග එන පහසුකම් වලට අමතරව හැකියවන් එකතුකර ගැනීමේදී අදාල app store වෙතට පිවිසෙන්නට වන අතර ඒවායේදී මිලදී ගත යුතු හා නොමිළේ වන app ලබා ගැනීම ඔස්සේ දුරකථනයේ මෘදු හැකියාව වඩාත් දියුනු කර ගැනීමෙ අහැකියාව භාවිතාකරන්නා හට ලැබේ. සමස්තයක් ලෙසට සැලකිමේදී මෙම මෙහෙයුම් පද්ධති දෙකම icon මූලිකව ක්‍රියාත්මක වන touch මිත්‍ර මුහුනතකින් සමන්විතව පැමින ඇත. මෙම මොබයිල් මෙහෙයුම් පද්ධති දෙක සමගම මූලික මට්ටමේ භාවිතාවන් පැමින ඇති අතර සමහර විටක පමනක් ඒ දෙකෙහි වෙනස් ආකාරයේ පහසුකම් හැකිය. screencast වැනි පහසුවක් සදහා Android වලදී USB කේබලය පමනක් සෑහුනද iOS වලදී Adaptors දෘඩාංගයක් අවශ්‍යවීම වැනි සමහර අවශ්‍යතාවයන් සදහා වෙනස්කම් දැකිය හැකිය. තවත් විටක iOS වලදී offline ආකාරයේ Command ලබාදෙන්නට හැකි වුනද Android වලදී අන්තර්ජාල සබදතාවය අවශ්‍යවීම දැකිය හැකිය. තවද Kit-Kat වලදී Hangouts වැනි භාවිතාව්කදී Google ගිනුම් සමගද ක්‍රියාත්මක වීමේදී අනවශ්‍ය ප්‍රමානයට පෞද්ගලික තොරතුරු හෙලිවන බවට වන චෝදනාව වන නමුත් iOS වලදී එවැන්නක් සිදුනොවන ප්‍රාථමික ආකාරයේ Messaging හැකියාවක් ලැබ්නු ඇත. smartphone භාවිතාවේදී Email සදහා වැඩි අවධානයක් ඇති අතර මෙම මෙහෙයුම් පද්ධති දෙක තුලම කැපී පෙනෙන ආකාරයේ වෙනස්කම් දක්නට නොවුනද iOS වලදී auto-fill හැකියාව වැඩි පහසුවක් ගෙනෙනු දැකිය හැකිය එසේම එහි වන  unified mailbox සමග වඩාත් පහසු ඉමේල් භවිතාවක් ලැබෙනු ඇත
        ආරක්ශිත බව සැලකීමේදී Android වල වන open බව හානිකරන්නන්ගේ වැඩි අවධානයක් ලබන්නට අවස්ථාවක් වී ඇති අතර  බාහිර app ස්ථාපනයට iOS වල වන අපහසු වාතාවරනය වැඩි ආරක්ශක බවක් ගෙනෙනු දැකිය හැක. සරලව පිලිගැනීම වන Android සදහා security app එකක අත්‍යවශ්‍ය බව iOS සදහා එතරම් තදින්ම නොවීමට පෙර කී හේතූන්වල අමතරව Android වල බහුල භාවිතාවද හේතුවකි. Apple ආයතනය තම app store වලට පැමිනෙන app සදහා තරමක දැඩි පිරිස්සුමකින් අනතුරුව අවසර ලබාදෙන මුත් පිලිගැනීම වන්නේ Android වලදී එතරම්ම සැලකිලි මත් නොවන බවකි. මෙහෙයුම් පද්ධති දෙක සදහාම මේ වන විට උපාංග අස්ථානගත වීමකදී ඒවා නැවත සොයා ගන්නට සහයවන app පහසුවක් ලැබී ඇත.
          දෘඩාංග මට්ටම සැලකීමේදී iOS වල වැඩි සහයක් ලැබෙන්නේ අභ්‍යන්තර කොටස් එකිනෙක වඩාත් සුමටව ක්‍රියත්මක වන සේ නීමවා තිබීම ලෙසට සැලකෙන අතර Android වලදී විවිධා නිෂ්පාදකයන් ඔස්සේ පැමිනෙන විට සමහර විටකදී ඔවුනගේ අභිමතය අනූව මුල් මෙහෙයුම් පද්ධතිය සංස්කරනයවීම වැනි තත්වයන් ඔස්සේ මෙහෙයුම් පද්ධතියේ ඒකමිතික බව සැලකීමේදී iOS ඉදිරියෙන් සිටිනු දැකිය හැකිය. උදාහරනයක් ලෙසට iOS සදහා එන නව සංස්කරනයක් පෙර දුරකථන සදහාද පහසුවෙන් වලංගුවන අතර Android වලදී විවිධ නිෂ්පාදකයින්ගේ අතර මැදිවීම්ද අවශ්‍ය නිසා කල්ගතවනු දැකිය හැකිය. මේ බව පැහැදිලි කෙරෙන හොඳම උදාහරනය වන්නේ මේ වන විට iOS උපාංග අතරින් සියයට 80ක් එහි නවතම සංස්කරනය භාවිතාවන මුත් Android සැලකීමේදී තවමත් එම උපාංගවලින් සියයට 5ක් පමනක් එහි නවතම සංස්කරනය වන Kit-Kat භාවිතාකරමින් සිටීමය.

Google Now දැන් Play Store වල ඔබේ "Ok Google" විධානය බලාපොරොත්තුවෙන්

  Google Now පහසුව මුලින්ම පැමිනියේ Android 4.4 KitKat සමගNexus 5 සදහා පමනක් වුවද මේ වන විට එම පහසුව Google Play Store ඔස්සේ අනෙකුත් සහය දක්වන උපාංග සදහාද විවෘතව ඇති බවටයි දැක්වෙන්නේ. භාවිතාකරන්නන් අතර ප්‍රසාදයට පත් අංගයක් ලෙසට voice ආකාරයේ සෙයුමකට “Ok Google” ලෙසට වන සරල යෙදුමකින් අරබන්නට සහය වන මෙම අංගය ඔස්සේ home screen මත දිවෙන කුඩා සරල ස්පර්ශක චලනයකින් weather, sports scores, trafficමෙන්ම reminder cards වැනි පෙර සකස්කර ගත් බොහොමයක් පහසූන් අත්විඳින්නට හැකිවනු ඇත. මෙම පැමිනුම සමග wallpapers වැනි අමතර අංග කිහිපයක්ම වන අතර built-in home screen වෙනස් කරගන්නට පවා දුරකථනය සහය දක්වන්නේනම් හැකිවනු ඇත.
https://play.google.com/store/apps/details?id=com.google.android.launcher

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...