Net Applications වෙතින් නිකුත්වන නවතම වාර්ථාවක් පවසන්නේ Windows XP භාවිතාවේ මද වර්ධනයක් ගෙවීගිය ජනවාරි මාසය හා සැසදීමේදී පෙබරවාරි වලදී දක්නට ලැබෙන බවයි. එනම් 2014 ජනවාරි මාසය වන විට XP වල භාවිතාව 29.30ක් ලෙසට වාර්ථා වූ මුත් පෙබරවාරි වන විට එය 29.53ක් ලෙසට දැක්වෙන ලෙසටයි. එලබෙන අප්‍රේල් 8 වන විට ආයතනික සහයෙන් ඉවත්වන XP සංස්කරනය වෙතින් භාවිතාකරන්නන් ඉවත්කර ගන්නට මයික්‍රසොෆ්ට් වෙතින් යෙදෙන මහත් වෑයම තවමත් එතරම් පල ලබා නැති බව හැගවෙන ආකාරයේ මෙම තොරතුරු පිලිබදව හදාරන්නන් විමතිය පල කොට සිටින බවටයි දැක්වෙන්නේ. මෙහෙයුම් පද්ධති කෙරෙහි භාවිතාකරන්නන්ගේ නිද්‍රාශීලී අවධානය පැහැදිලි කෙරෙන එම තොරතුරු සටහනේ පැවසෙන තොරතුරු වැඩි දුරටත් හෙලි කොට සිටින්නේ Windows 8 වෙතට නොමිලේ පැමින ඇති wondows 8.1 යාවත්කාලීනය සදහා ප්‍රතිචාර දැක්වීමද අවම මට්ටමක වන බවයි. එනම් windows 8.1 වෙතට පැමිනීමද 2014 ජනවාරියේ වාර්ථාවූ 3,92% ගනනය වීම පෙබරවාරි වනවිට ඉහල ගොස් ඇත්තේ 4,30% තරම් අඩුම ප්‍රථිශතයකින් වීමය. මීට අමතරව වින්ඩොස් 8 භාවිතාව ජනවාරි හා පෙබරවාරි අතර ගනනය වීම් පිලිවලින් 6.62% සිට 6.38% දක්වා අඩුවීමක් පෙනවන අතර වින්ඩෝස් 7 වල භාවිතාව පෙරකී දෙමාසය තුල වෙනස -.015%කින් වාර්ථා වනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...